මේ රජයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ වී කිලෝවක් සඳහා රුපියල් 50.00ක සහතික මිලක් නියම කරනු ලබන බවයි. රටේ ලක්ෂයකට අධික වී ගොවීන්ට මෙම යෝජනාව ඉතා දැඩි ප්‍රීතියට හේතුවන්නට ඇත. එහෙත් රජය ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාවට නැංවීමේදී ගොවියාගේ බලාපොරොත්තු සුන්වී සහල් වල මිල ඉහළ යාම සිදුවී ඇත. මේ මහ කන්නයේ වී අස්වැන්න සාර්ථක වුවත් සහල් මිල කැපී පෙනෙන ආකාරයට අඩු වීමක් නැත. සහල් මිල ඉහළයාම පාරිභෝගිකයාට බරක් වී ඇත. වී ගොවියාට සහනයක් ලැබී නැත.
රජය පොරොන්දු වූ ආකාරයට වී කිලෝවකට රුපියල් 50.00 බැගින් අලෙවි කර ගැනීමට බොහොමයක් ගොවීන්ට නොහැකි වී ඇති බව වාර්තාවේ. එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නේ වී කිලෝ 200කි. එම ප්‍රමාණය පොදුවේ ගොවියෙකුගේ වී අස්වැන්නෙන් සියයට .5කි.
රජය නියම කර ඇති පරිදි සම්බා වී කිලෝවකට රුපියල් 50.00ක්ද, නාඩු වී කිලෝවකට රුපියල් 45.00ක්ද වශයෙන් මිල නියම කර ඇත.
එහෙත් මෙම මිල ගණන් වලට වී විකුණාගත හැකි වූයේ ගොවීන් කී දෙකෙටද යන ගැටලූව ඇතිවේ. එහෙත් වී අලෙවි කර ගැනීමට නොහැකිවීම එක් හේතුවක් වී ඇත්තේ වී වල අඩංගු තෙත බර ඉහළයාම බව ගොවීහූ ප්‍රකාශ කරති. අලෙවි කිරීමේදී වී වල තෙත බර සියයට 14ක් ඉවත් කළ යුතුවේ. ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ගොවීන් සතු නොවේ.
රජයේ අනුග්‍රහයෙන් වී මිලදී ගන්නා සමුපකාර හෝ වී අලෙවි මණ්ඩලය සතුවද තෙත ඉවත් කිරීමේ යන්ත්‍ර නොමැත. ඒ පහසුකම ඇත්තේ පෞද්ගලික අංශයටය. එබැවින් සමුපකාරයට හෝ වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට වී රැුගෙන එන ගොවියාට, හිස් අතින් නිවසට යනවා වෙනුවට අතර මැදියකුට අඩු මිලකට වී අලෙවි කිරීමට සිදුවේ. එසේ අලෙවි කරනු ලබන්නේ වී කිලෝව රුපියල් 20.00ත් 30.00ත් අතර මිලකටය.
වී වල තෙත ඉවත් කිරීමට ගොවියාටද පහසුකම් නැත. වී විකුණා මුදල් ලබා ගැනීම ගොවියාගේ ප්‍රධාන අරමුණයි. හේතුව ගෙවීමට ඇති ණය බරයි. රජය වී සඳහා සහතික මිලක් නියම කරනු ලැබූවත් එම මිලට වී අලෙවි කර ගැනීමට ගොවියාට අවස්ථාව අහිමි වේ. සහතික මිල මුවාවෙන් අඩු මිලට පෞද්ගලික අංශයට වී ටික අලෙවි කර වීමට රජය අනියම් ක්‍රියාමාර්ගයක යෙදි සිටින බව ජනතාවගේ අදහස වී ඇත.
ගොවියා අඩු මුදලකට වී අලෙවි කළත් පාරිභෝගිකයා සහල් මිලදී ගන්නේ ඉහළ මිලකටය.
අද වෙළඳ පොළේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 89.00කි. නාඩු සහල් කිලෝවක මිල රුපියල් 86.00කි. පසුගිය සති කීපය තුළ කොළඹ නගරයේ සම්බා කිලෝවක මිල රුපියල් 90.00ක් වී තිබිණි. යාපනයේ සහල් කිලෝවක මිල රුපියල් 120.00ක් විය.
වී කිලෝ ග්‍රෑම් 100ක් සහල් කිරීමෙන් ලබාගත හැක්කේ කිලෝ ග්‍රෑම් 65කි. සරලව සඳහන් කළහොත් සහල් කිලෝවක් ලබාගැනීම සඳහා වී කිලෝ 1 1/2ක් පෑහිය යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 33.29කි. මීට අමතරව ස්වභාව ධර්මයෙන් සිදුවන වගා පාළුවීමේ පාඩුවද ගොවියාටය. මහන්සියට සරිලන ආදායමක් නොලැබුණු විට ජීවත්වීම සඳහා රන් භාණ්ඩ උගස් තැබීමට රාජ්‍ය ණය ලබා ගැනීමට ගොවියාට සිදුවෙයි.
අයහපත් කාලගුණය වී වගාවට හානි කිරීමෙන් සිදුවන අලාභයත් ගොවියාටය. එය ඉතා විශාල වශයෙනි. උදාහරණයක් වශයෙන් 2012/2013 මහ කන්නයේදී නැගෙනහිර පළාතෙන් වැඩි වගා හානියක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ හේතුව නිසා 2011/12 මහ කන්නයේ අස්වැන්න හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 4,444 සිට 4,281 දක්වා පහළ බැස ඇත. 2012 දෙසැම්බර් හා 2013 ජනවාරි මසදී පැවැති අධික වර්ෂාපතනය හා ගංවතුර තර්ජනය නිසාද වගා හානි සිදුවීමට හේතුවී ඇත.
ස්වභාවික හේතූන් මත ගොවිතැන පාඩු වූ විට අසරණ ගොවියාට ජීවත් වන්නට සිදුවන්නේ රාජ්‍ය ණය ගැනීමෙනි. එම රාජ්‍ය ණය ගෙවන්නට සිදුවන්නේ ද වී අස්වැන්න අලෙවි කිරීමෙන්මය.
අස්වැන්න යහපත් වන විට සියලූ වියදම් පියවා ගැනීමට ගොවියාට හැකිවේ. ඒ සඳහා වී වලට ඉහළ මිලක් ගොවියාට ලැබිය යුතුවේ. එහෙත් රජය සහතික මිලක් නියම කර ඇතත් එම මිලට වී අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ඉල්ලන අඩුමිලට වී ටික අලෙවිකර නිවසට යාමට ගොවියාට සිදුවී ඇත.
ණය බර අඩු කර ගැනීමටත්, ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටත් අමතරව, වී ගබඩා කර තැබීමේ පහසුකමත් බොහොමයක් ගොවීන් සතු නොවේ.
එබැවින් වී, මුදල් කර ගැනීමට කිලෝවක් 20.00ත් 30.00ත් අතර මිලකට අලෙවි කිරීමට සිදුවී ඇත. ඒ පෞද්ගලික අංශයටය.
සහල් මිල ඉහළ යාම පිළිබඳව රජයේ ඉහළ පෙළේ සාකච්ඡුාවකදී දේශපාලන ප්‍රධානියෙක් සඳහන් කර ඇත්තේ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දමා ඇති නිසා සහල්වල ඉහළයාම ගැටලූවක් නොවන බවයි. එහෙත් අද වන විට වී ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙපාර්ශවයම දැඩි අසීරුවකට පත්වී සිටින අතර, වී මිලදීගෙන සහල් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රධානීන් තිදෙනෙක් එන්න එන්නම පෝෂණය වීම පමණක් සිදුවන බව කියති.
ගොවියාට වී සඳහා රජයෙන් සහතික මිලක් නියම කළත්, පෞද්ගලික අංශයේ මහා පරිමාණ වී ව්‍යාපාරිකයන් තිදෙනෙක් මුළු රටේම සහල් මිල පාලනය කරනු ලබන බව වී ගොවියෝ ප්‍රකාශ කරති.
සහතික මිලක් රජයෙන් නියම කළත්, එම සහතික මිලට වී අලෙවි කර ගැනීමට ගොවියාට හැකියාවක් නැත. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව ග්‍රාමීය ගෘහ ඒකකයකට මාසික වියදම වශයෙන් රුපියල් 21440ක් අවශ්‍ය වී ඇත. මේ රටේ වී ගොවියාට මෙම සාමාන්‍ය ආදායමවත් සිය වී වගාවෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. පවුලේ ද්‍රරිද්‍රතාවය දිනෙන් දිනම අගාධයට ඇද වැටෙමින් පවතී. එයට හේතුවී ඇත්තේ මාස ගණනාවක් පුරා සිය දහදිය, මහන්සිය, කාලය යොදවා ලබා ගන්නා ලද වී අස්වැන්නට නිසි මිලක් ලබා ගැනීමට නොහැකිවීමයි.
දේශපාලනඥයන් සිය පෞද්ගලික වාසියට වී සඳහා සහතික මිලක් නියම කර ඇති බවට පුරාජේරු කතා කියති. එහෙත් මේ රටේ වී ගොවියන් කී දෙනෙකුට මේ නියම කරන ලද සහතික මිලට වී අලෙවි කර ගැනීමට හැකි වූවාදැයි කිසිදු දේශපාලනඥයෙක් පසුවිපරමක් කර නැත. අදටත් දේශපාලනඥයන් කරනු ලබන එකම කාර්ය පුරාජේරු කතා කීම පමණි. දේශපාලනඥයන් මේ පුරාජේරු කතා කියන්නේ සිය ප්‍රධාන ආහාරය ලෙස බත් අනුභව කරන රටේ බහුතර ජනතාවටය.
සහල් මිල අඩුවීම සමස්ත ජනතාවටය. එහෙත් සහල් සපයන ගොවි ජනතාවට සහතික කළ මිලට වී අලෙවි කර ගැනීම දුෂ්කර වී ඇත.
වී සහතික මිලට ගන්නා අවස්ථාවලදීත් මුදල් ලබාගැනීම අසීරු වී ඇති බව ගොවියෝ ප්‍රකාශ කරති.
වී මිලදී ගත් අවස්ථාවල ඒ සඳහා මුදල් ලබා දෙන්නේ දින ගණනාවක් ප්‍රමාද වීමෙන් පසුව බවට චෝදනා ඇත.
වී සඳහා රජය සහතික මිලක් නියම කළත් එම මිලට වී අලෙවි කර ගැනීමට ගොවීන්ට අවස්ථාවක් සැලසී නැහැ. රජයේ වී සහතික මිල සම්බා කිලෝවකට රුපියල් 45ක් වුවත්, ගොවියාට වී අලෙවි කිරීමට සිදු වී ඇත්තේ රුපියල් 20.00ත් 30.00ත් අතර මිලකට. පෞද්ගලික වී වෙළෙන්දන් කුණු කොල්ලයට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සිදු කරමින් සිටිනවා. පෞද්ගලික වී වෙළෙන්දන් ඉතා විශාල වශයෙන් වී කොල්ලකෑම සිදු කරනවා.
|
ඒ ගණනට වී ගන්න බිලියන පහක් ඕනෑවී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක
වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේදී මුදල් ගෙවීමේ සුළු ප්‍රමාදයක් තිබෙනවා. එයට හේතුව මණ්ඩලය වී මිලදී ගන්නා ප්‍රමාණය අනුව භාණ්ඩාගාරය මුදල් ගෙවීමයි. දිනයක් දෙකක් ප්‍රමාද වූවත් මුදල් ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙනවා.
|
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවමත් නොලැබුණු වී කිලෝවේ සහතික මිල
යසිරු Thursday, 09 April 2015 05:37 PM
ඒ මිනිසුන්ට සහතික මිලක් ලැබුනා නම් මෙදා අවුරුදු ජයවෙයි (නි)
ජානක Thursday, 09 April 2015 05:37 PM
කවුරු කුමක් කිවුවද යහපාලන වෙනස තුළින් දින 100 සපිරෙන මෙම මොහොත වන විට ගොවියා අධි සංවර්ධනයකට ලක්වී අහිංසක පාරිභෝගික ජනතාව වෙනුවෙන් තම අතිරික්තය පරිත්‍යාග කිරීමකුයි මේකෙන් පෙනෙන්නෙ. මං ගොයම් පාගලා දැනුයි ගෙදර ආවේ. අපි පාරම්පරික ගොවියො. මට මේ දවස්වල ඒ බව හොඳටම දැනිලයි තියෙන්නෙ (නි)
ලංකාරත්න Thursday, 09 April 2015 10:34 AM
පොරොන්දු වලට කලින් ගිවිසුම් ක්‍රියාත්මක කරන්න ඕනනේ . පොඩ්ඩක් ඉවසල ඉම්මු .(බ)
ඒකනායක Tuesday, 14 April 2015 04:59 PM
වී වලට සහතික මිල පමණක් නොවේ, අතුරු අයවැයේ තවත් පොරොන්දු ගොඩක් තිබුනා. ඒ එකක්වත් හරියට ක්‍රියාත්මක නැහැ. බැංකුවේ උගස් කළ රන් භාණ්ඩ සඳහා පොලිය කපා හරිනවා කිවුවා. නමුත් සතයක් අඩුකරලා නැහැ. ඡන්දය දුන් අපි කවුද? (නි)