IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තිස් වසරක භීම සමය උදාකළ කළු ජූලිය

 30-page-3-s2-3    

 

ලෝකයේ විවිධ රට රාජ්‍යවල විහිද පැතිර සිටින ගෝලීය ද්‍රවිඩ ජනතාව උදෙසා කිසියම් නියාමනයක් (Regulater) ගොඩනැගිය හැකි යැයි උතුරු හා දකුණු ඉන්දියාවට පෙනී ගියේ ලංකාවේ ප්‍රභාකරන් විසින් සිය කොටි සංවිධානය නමැති අමු පිටි ගුලියෙන් විවිධ රොටි වර්ග පුලුස්සන විටය. ඒ හැම රොටියකින්ම දෙමළ ජනතාවගේ මානසික කුසගින්න නිවුණු අතර, උතුරු හා දකුණු ඉන්දීය දේශපාලනයටද විවිධ දේශපාලන ව්‍යාපෘති සඳහා ලිප් ඉදිවිණි.
ඒ අනුව දෙමළ කාගේත් අදටත් පැතුම වන ඊළම අඹ වල්ලක් ලෙසත්, එම පොකුර නෙළා ගැනීමට කවුරුත් සමගියෙන් කටයුතු කළ යුතු බවත් පැහැදිලි විය. අඹ වල්ල එකම වුවද, එහි විවිධ ගෙඩි විවිධ ස්වරූපයෙන් ඇති බව මුලදීවත් නොසිතිණි. එබැවින් දෙමළ කොටි අතුරු සංවිධාන, විවිධ ශක්තීන්ගෙන් උස් මිටිකම් දැරීය. 


දකුණේ දේශපාලනය බෞද්ධ පදනමකින් පිරී තිබුණත්, මාන්නය, කුහකකම හරහා ඔද්දල් වී නොතිබුණා නොවේ. බුද්ධාගම ගැන පම්පෝරි ගැසුවද ක්‍රියාව හා පැවැත්ම අතින් “වටු කුරුල්ලෙකුගේ” තත්ත්වයකින් වත් ආදර්ශමත් නොවීය. 


පසුකාලයකදී මහ සටනක් වූ ඊළාම් යුද්ධයට මෙම සමාජ වාතාවරණය, පශ්චාත් පරීක්ෂණ වාර්තාවක් ලෙස පෙනී යන අතර, ඒ වන විට ක්‍රමයෙන් නමුත් ශීඝ්‍රයෙන් පැසෙමින් ආ “දේශානුරාගයේ රා මුට්ටිය” ගහේදීම උතුරන්නට පටන් ගත්තේය. අද වන විට ISIS සටන් කරුවන් පිළිබඳ ලෝකයේ පවතින සැකමුසු සංවේදී තත්ත්වය 1983 වන විට කොටි සංවිධානය සම්බන්ධයෙන්ද පැවතිණි. එබැවින් කොයි මොහොතේ මොන කාරණයක් මත හෝ “ගැටුමක්” ඇරඹෙන නියාව නොපෙනෙන නමුත් දැනෙන කාරණයක් විය. 


1983 ජූලි 29 වැනිදා සිකුරාදා දිනයකි. අගනුවර තත්ත්වය දශක තුනකට වඩා පැරැණි බැවින් අද තරුණ වයසේ පසුවන අයට මෙය ප්‍රබන්ධයක් වන තරමට කටු සටහනකි. පිටකොටුවේ (වර්තමාන) බස් නැවතුම්පොළ එදා තැන තැන “ටකරන් මඩු” ගාලකි. තදාසන්න ප්‍රදේශයක “පොළක්” මෙන් පිටකොටුව දිස්විය. 

30-page-3-s2-2


පෙරවරු 8.15ට පමණ පිටකොටුවේ වීදියක වෙඩි පහරින් මැරී සිටි තරුණයකු හා වැඩිහිටියෙකුගේ සිරුරු ඇස ගැටීමෙන් “කොළඹට කොටි ඇවිත්” යන රාවය හා ප්‍රතිරාවය පළවෙනි හරස් වීදියේ සිට පස්වෙනි හරස් වීදිය දක්වාම ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. තවත් විනාඩි ගණනක් ඇතුළතදී සාමාන්‍ය දෙමළ මිනිසකුව විදුලි පහන් කණුවක එල්ලූ කලබලකාරයෝ පිරිසක් ඊට යටින් ගිනි ගන්නා ටයරයක් දමා ඔහුව පණ පිටින් දැවී අඟුරු වෙන්නට සැලැස්වීය. 


(යුද හමුදා කාර්යාලයේ ලොග් පොතට අනුව, එදා කොළඹට හදිසි තත්ත්වයක් හා ආධාර ඉල්ලීමක් ගැන මුලින්ම වාර්තා වන්නේ පිටකොටුවේ පොලිස් සන්නිවේදන මධ්‍යස්ථානයෙනි) 


අද වන විට ඉක්මනින්ම එන්නේ බැටන් පොලු හා කඳුළු ගෑස් වාහන වුවද එදින අප්‍රමාදව පිටකොටුව පස්වැනි හරස්වීදිය සමීපයට යුද්ධ ටැංකි පැමිණියේය. මහා ව්‍යසනයක ආරම්භය සනිටුහන් වී තිබිණ. 


කල් ඇතුවම වාර්තාවී තිබුණේ යුද ටැංකියකින් පහළට බහින නිලධාරියෙකුට තමන්ගේම තුවක්කුවෙන් වෙඩි වැදී මියගිය හමුදා සෙබළකු ගැනය. ස්වයංක්‍රීයව සූදානම් වන රයිෆලයකින් ඔහු සන්නද්ධව සිටි අතර එය පත්තුවීමෙන් බෙල්ලෙන් ඇතුළු වූ උණ්ඩය හිස් කබලින් පිට වී ඔහු උන් තැන්හිදීම මිය ගොස් තිබුණේය. 


“හමුදාවට කොටි ගහලාෟ” යැයි ආරංචි පැතිර ගියේය. සෙබළාව රෝහලට ගෙන යන විට සාත්තු සේවිකාවෝද, හෙදියෝද “කොළඹට කොටි ඇවිත් මිනී මරනෝෟ” කියමින් එය දෙගුණ තෙගුණ කළෝය.


පොලිසිය - හමුදාව ඒකාබද්ධ මෙහෙයුමකින් පිටකොටුව හරස් වීදිවල ගිනිගත් ගොඩනැගිලිවලට පැමිණි අතර (වර්තමානයේ නැති) පිටකොටුව (බෝ - ගස) අසල තිබුණු ‘ලීලා ස්ටෝර්ස්’ ව්‍යාපාරික ස්ථානයද ගිනි ගනිමින් තිබුණේය. (ලීලා ස්ටෝර්ස් බුද්ධාගම ඇදහූ දෙමළ ව්‍යාපාරිකයෙකුට අයිතිව තිබූ අතර එය කොටි මධ්‍යස්ථානයක් යැයි ජනතාව මුළා වූහ)


පස්වැනි හරස් වීදියේ ගොඩනැගිලිවලින් කොම්පැනි වීදියට (කොළඹ 02) වෙඩි තබන පිරිසක් ගැන වාර්තා කරමින් පිටකොටුව පොලීසිය හමුදාවෙන් ආධාර ඉල්ලීය. ඒ නිසා වැඩි දුරක් නොවුණත්, හමුදා උසස් නිලධාරීන් කිහිපදෙනෙකු හෙලිකොප්ටර් මගින්ම එවා තිබිණි. හමුදාවේ ගුවන් ප්‍රහාරවලින් පිටකොටුව ගෑස්පහ හන්දියේ රතිඤ්ඤා ගබඩාවක් කොටු වීමෙන් ඇති වුණු පිපිරීම් ශබ්දය ‘හොලිවුඞ් සිනමා දර්ශනයක’ ජවනිකා සිහිපත් කරමින් දැවැන්ත භීතියක් දැනවීය. 

30-page-3-s2-4

 


ගුවන් හමුදාවේ ‘බෙල් ජෙට්’ වර්ගයේ රේන්ජර් (Ranger) හෙලිකොප්ටරයක් හැකිතාක් පහළින් ගමන් කර කොටුවේ කඩසාප්පුවලට වෙඩි තැබීය. මේ නිසා, ඇවිළෙමින් තිබූ ගිනි ගොඩවල් තව තවත් දහනය වුණු අතර, අළු - දූවිලිවලින් පළාතම පිරී ගියේය. කෙසේ වුවත්, පහළින් ගමන් ගැනීම නිසා හෙලිකොප්ටරයට වන  හානිය ගැන නොතකා, එම හදිසි මෙහෙයුම, කුඩා වුවත් ධාරිතාවය අතින් වැඩි ජනගහනයක් විසූ ජම්පටා වීදිය, වේල්ල වීදිය, මුහුදු වීදිය දක්වාම ආවරණය කෙරිණි.


හදිසියේම තාවකාලික කෘතිම සටන් විරාමයක් දිස්විය. සහකාර පොලිස් අධිකාරි රොනී ගුණසිංහ ශබ්දවාහිනියකින් කථා කරමින්, ගොඩනැගිලි ඇතුළේ සැඟවී සිටින අයට දෑත් හිසේ තබාගෙන එළියට එන ලෙස දැන්වීය. වෙඩි නොතබමින් සීරුවෙන් ගුවන් තලයේ පාවෙමින් තිබූ හෙලිකොප්ටර් යානාව පහළ කලාපය සෝදිසි කළ අතර, තවත් නිලධාරීන් පිරිස් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ භිරාන්තව සිටි ලේකම්වරුන්ට කෑම සැපයීය.


(“හදිසි සටන් විරාමය” සිදුවුණේ ගුවන් හමුදාවේ පතරොම් හා පුපුරණ ද්‍රව්‍ය අවසාන වූ නිසාය.) පාරම්පරික රන් කර්මාන්තයේ යෙදුණු 4000ක් පමණ වෙළෙඳුන් හෙට්ටිවීදියේ සිටි අතර ඒවායින් බොහොමයක් අතර නීත්‍යානුකූල නොවන විනිමය කටයුතුද සිදුවිය. මෙම ද්‍රවිඩ බළකොටුවේ මාන්නය හා හිතුවක්කාර වෙළඳාම ගැන සිංහල වෙළඳුන්ගේ තිබුණු අමනාපයද කෝලාහලය හමුවේ පණ පෙවෙමින් තිබී ඇත. 


එබැවින් හෙට්ටිවීදිය දෙසට ඇදෙන යුද හමුදාව හා රන් වෙළෙඳුන්ගේ හමුව කලබලවලින් ත්‍රාසජනක විය. කඩසාප්පු මංකොල්ල කෑම, ගිනි තැබීම,  මිනී මරා ගැනීම් ආදී සිදුවීම් සටනට එකතු වන්නට විය. නමුත් ඒ හැමදේම ලියැවුණේ දෙමළ ජනතාවගේ පව් පොතේ කොටි නායකයින්ගේ ගිණුමිනි. 
වේල්ල වීදිය කොටසේ දෙමළ නේවාසිකාගාරයක් වූ ‘සිටි මිෂන්’ හි සියලු නේවාසිකයින් එළියට ඇද දැමිණි. එහි රථවාහනද ගිනි තැබිණි.


රුපියල් 100 නෝට්ටුවටත් ඉහළ ලංසුවක් ලැබී තිබුණු ඒ යුගයේ, දස ලක්ෂපතියෙකු වූ කොටහේනේ ජනප්‍රිය බීඩි මුදලාලි සංගරසිවම්ට මුහුණ දෙන්නට සිදුවුණු ඛේදවාචකය සානුකම්පිතය. මුදලාලිගේ රියදුරා සිංහල ජාතිකයෙකි. කලබලකරුවන් - දාමරිකයින් අතරට ආ සංගරසිවම් පර්ජෝ 504 රථය නවතා, රියදුරාව එළියට ඇද ගත්තේය. පසුව ඔහුට මැරෙන තුරුම පොලුවලින් ගැසීය. අනතුරුව මුදලාලිගේ මැණික් ඇල්ලූ විශාල රත්රන් මුද්ද ඇඟිල්ල පිටින්ම කපාගෙන ගිනි ගෙන දැවෙන කාර් රථය තුළට ඔහුවද දැමීය. (පසු කාලයකදී සංගරසිවම්ගේ ඝාතකයා සොයා ගත්තේ ඔහුගේ මුද්ද පළඳාගෙන සිටි පිටකොටුවේම පුද්ගලයෙකුගෙනි.) 

30-page-3-s2-5

 


වීදිවල ඇවිද රැකියාව කළ තවත් අහිංසක දෙමළ තරුණයෙකුව අල්ලාගත් දාමරිකයින් මිහිදු මාවතේ සීමාසහිත ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර (දවස නිවස) ආයතනය ඉදිරිපිට දී පොලුවලින් ගසා මරා තවත් අයෙකු විසින් අවුළුවන ලද ටයර් සෑයකට අමු - අමුවේම දැමිණි. අහිංසකයා විලාප තියද්දීම ක්‍රමයෙන් කරවිය. තවත් බෝගසක් ඉදිරිපිට දීම සිදුවුණු මේ “ආනන්තරීය පාප කර්මය” පසුදා මුළු සිංහල ජාතියම සියතින් ගෙළ වැලලාගත් කතාව වන බව කිසිවකු සිතුවේ නැත. 


ඇමෙරිකාවේ “ඇසෝෂියේටඞ් ප්‍රෙස්” ප්‍රවෘත්ති ඒජන්සියේ පුවත්-ඡායා වාර්තාකරු අසුරු සැණින් එහි පැමිණ දැවෙමින් පැවති මළ සිරුරේ දර්ශන අඩුවක් නැතිව කැමරාගත කෙරිණි. “රේඩියෝ - ඡායාරූපයක්” ලෙස ලොව පුරා මෙම ඡායාරූප ගමන් ගත් අතර, “ලංකාවේ ක්‍රෑර සිංහල ජාතිය අහිංසක දෙමළ ජනතාවට කරන වධහිංසා” නමැති සිරස්තලය යටතේ පසුදින සියගණනක් වූ විදේශ රටවල මෙය වාර්තා විණි.


පොලීසිය ඒ වන විට පාවිච්චි කරමින් සිටි (විශාල ‘පෙලට්’ නමයක් අඩංගු) ීඨ පතරොම් සමූහ කණ්ඩායම් සමග සටන් කිරීමට එතරම් ඵලදායක නොවන වර්ගයකි. නමුත් දිනකින් - දෙකකින් “පෙලට් 96ක්” අඩංගු නො. 04 පතරොම් පාවිච්චියට ලැබිණි. 


කොළඹ 11 මල්වත්ත පාර ඉදිරියෙන් වරායට එදිරිව “හන්ටර්ස් ආයතනය” අසබඩ තිබුණු “මන්සූර් ගොඩනැගිල්ලද”, පිටකොටුව බෝධිය අසල පිහිටි “වීර හෝටලයද” කොටියන් වාසය කරන තැන් යැයි කාගේත් සැකය වීමෙන් සිංහල දාමරිකයින් එම ගොඩනැගිලි වැටලූහ. කොළඹ “ගෑස් පොළ” ආරක්ෂාවට යොදවා සිටියේ නිල් පාට නිල ඇඳුමින් සැරසුණු නාවික හමුදා නිලධාරීන්ය.


ගිනි ගෙන කඩාවැටුණු ගොඩනැගිලි යටින් නිල් ඇඳුමින් යුත් තුවාලකරුවන් මතුවුණු විට, දාමරිකයින් “කොටි නාවික හමුදාවට ගහලා” යැයි සෙනඟ අවුස්සන්ටද කෑ ගැසුවෝය. කෑගසමින් පැරැණි නගර ශාලාව දෙසටද කඩා පැන්නෝය. සහකාර පොලිස් අධිකාරී රොනී ගුණසිංහ ඇතුළු ඔහුගේ කණ්ඩායම ඕල්කට් මාවත ඔස්සේ කැරලි මර්දනය භාරව සිටියෝය. ඔහුගේ සහායට යුදහමුදා කමාන්ඩෝ ඒකකයේ 31 හැවිරිදි මේජර් පර්සි ප්‍රනාන්දු හා ශ්‍රීනාත් ප්‍රනාන්දු ද විය. මේජර් සාලිය දුම්රිය ස්ථානය දෙසින් පැමිණෙමින් සිටියේය. (ඔවුන්ගේ ප්‍රහාර වලින් සිංහල අයද 5 දෙනෙකු මියගොස් තිබිණි.)


වාහනවලින් ඉන්ධන ඇදීම වැනි කටයුතු වරින් වර සිදුවූවත්, එදින ප.ව. 2.00 වන විට තත්ත්වය පොලීසිය විසින් පාලනය කළ අතර ප.ව. 5.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක විණි. දස දහසක් පමණ පිරිසක් මෙසේ කලබලයෙන් හැසිරුණු අතර, ඔවුන් යන - එන මං නැතිව පිටකොටුව බස් නැවතුමේ සිටි අතරමං වූ අයටද අඩන්තේට්ටම් කළහ. කෙසේ වෙතත් පිටකොටුව පොලීසියේ 106ක් වූ නිලධාරීන්ගේ ඝනපූරණයට අනුව කලබලකාරීන්ට තිබූ අවස්ථාවල ප්‍රයෝජන වැඩිය.කොස්ගස් හන්දියේ දාමරිකයින් කණ්ඩායමක් එකතුව ග්‍රෑන්ඞ්පාස්හි තිරුපති මුදලාලිව කුදලාගෙන ගොස් සිව්මහල් ගොඩනැගිල්ලකින් බිමට තල්ලු කළෝය. එහිම ඒ ගොඩනැගිල්ලේ සිටි හාල් මුදලාලි කෙනෙකු වූ “පොන්නයියා” මග එන පිරිස දැක පණ එපා කියමින් පලා ගියත්, ඔහුද ග්‍රහණයට හසු වී ම්ලේච්ඡ ලෙස මස් කර තිබිණි. (පසුව පැවති පොලිස් පරීක්ෂණවලදී තිරුපති මුදලාලිව ඝාතනය කිරීමට ඔහුගේම පුතාද හවුල් බවත්, පොන්නයියා මුදලාලි වේයන්ගොඩ වංචාවකට අවශ්‍යව සිටි විත්තිකරුවකු බවත් හෙළිවිණි)


උතුරු කොළඹදී මව හා දියණිය එකිනෙකා ඉදිරිපිටදී දූෂණය කරන ලදී. (මේ දෙදෙනා අදත් ජීවතුන් අතර සිටිති) මේ අතරතුර කොටි කොළඹට පැමිණ ඇති බැවින් සියලුම පොලිස් ස්ථාන සීරුවෙන් සිටිය යුතු බවත්, පොලිස් රථ වාහන කිසිම තැනකට පිටත් නොකළ යුතු බවටත්, පොලිස් පණිවිඩ නිකුත් කෙරිණි. (මේවාද කොල්ලකරුවන්ගේම උපක්‍රම වූ අතර ඒ නිසා පොලිසියෙන් නිදහස්ව කඩසාප්පු කොල්ලකෑම ජයට කෙරිණි) දෙහිවල පොලීසියේ තිබුණේ එක ජීප් රථයක් හා පොලිස් නිලධාරීන් 35 දෙනෙකි. “අන්න කොටි ගහනවා “දැනටමත් දෙසීයක් මැරිලා” යැයි එක් නිලධාරියෙක් කේන්තියෙන් කියා තිබිණැයි ප්‍රවෘත්ති පත්‍රවල පසුදින වාර්තා විණි.


සුනාමි ඛේදවාචකය - අරනායක නාය යෑම - ශාලාව හමුදා කඳවුරේ පිපිරීම ලෙස “1983 කොටි කලබල” සිද්ධිය ද ලංකා ඉතිහාසයේ පළමු වතාවට මුහුණ දෙන්නට සිදුවූ අද්දැකීම්ය. ඒ නිසා කලින් පිළියෙල කළ “සූදානම් මෙහෙයුම්” හෝ “විකල්ප ආරක්ෂක ක්‍රියාමාර්ග” කිසිවක් ආණ්ඩුව සන්තක නොවීය. ජනතාවටවත් නොවීය. කලබලයට පත් ඇතැම් මිනිසුන් හිස් ලූ ලූ අත දිවගියේ පොල්ලක් නැතිනම් මිටියක් වැනි ගෘහස්ථ ආයුධයක් අතැතිවය. 
මේ සියල්ල උපේක්ෂාවෙන් නොහොත් නිරපේක්ෂව බලා සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා,        “ඔයිට වඩා උන්ට මොකුත් කොරන්ට බෑ. ඕක ඔතනිං ඉවරයි.” කීය. ඉන් පසු සති අන්තයේ එක - දිගට දින දෙකක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. 

31_PAGE_07_T


විශේෂයෙන් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් කලින් කොළඹ බි්‍රතාන්‍ය කොමසාරිස් කාර්යාලයේ සේවය කළ නිසා ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීම අතින් විශේෂ කුසලතා පරිපූර්ණ පුද්ගලයෙකු විය. 


ඒ ආශිර්වාදයෙන් ලොව පුරා විහිදුණු මාධ්‍ය ජාලයේ දේශීය ඒජන්තවරුන් ඔහුගේ මිත්‍රයන් වූහ. ඉනුත් වැඩිහරියක් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින්ය.
සුදු කළු භේදය, සුළු ජන වාර්ගිකයින් උදෙසා වන මානව හා දේශපාලන හිමිකම් උල්ලංඝනය වැනි කරුණු පවා පටලවාගෙන මේ “කලබල ගොන්න”, ලංකාවේ අඩු ජන වාර්ගික දෙමළ ප්‍රජාවට වැඩි ජනවාර්ගික “සිංහල ආණ්ඩුව” විසින් කරන ලද අපරාධයක් ලෙස හඳුන්වා තිබිණි. ඒ යටතේ ඊට එරෙහිව “දෙමළ ජාතිකයින්ගේ නිදහස සඳහා සංවිධානයන් හා අතුරු සංවිධානයන් ඇති බවත්, ඒ සැමට ජාත්‍යන්තර සැමගේම අවධානය පොදුවේ යොමුවිය යුතු බවත්, අවධාරණය කෙරිණි.


සිද්ධි සමූහය මගින් “සිංහල ජනතාව” විත්තිකරුවන් කර තිබුණත්, ශ්‍රී.ල.නි.ප. රජයේ සී. කුමාරසූරියර්ගේ ප්‍රවෘත්තිය අනුව අලුත් අර්ථකථනයක් ද ලැබී තිබුණි.


හෙතෙම යාපනයේ වඩුක්කොඩෙයි වාසියෙකු වුවද, වැඩිතරමක් වාසය කළේ කොළඹය. වැල්ලවත්ත නොහොත් “දෙමළවත්ත” කොළඹ නගර සීමාවට අයත් අවසාන තැපැල් කාර්යාලය පිහිටි ස්ථානයයි. එය පිටරැටියන් දැන සිටියේ වැඩි වශයෙන් “බීච් ගාඞ්න්” නමිනි. 


සී. කුමාරසූරියර් ශ්‍රීලනිප ආණ්ඩුව යටතේ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා විය. වාසස්ථානය රාමක්‍රිෂ්ණ පාරේ, බ්‍රයිටන් හෝටලය සමීපයෙනි. 


පාර්ලිමේන්තුවේදී ඔහුගේ සුරතල් නාමය වූයේ “ශ්‍රී ලංකා”ය. ඔහුගේ ශ්‍රීලනිප ගැති භාවයත්, එක රටක පැවැත්ම ගැන ඔහු තුළ තිබුණු පක්ෂපාතී මානසිකත්වයත්, තරගකාරී අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂවලටත්, (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ) හිසරදයක් විය. මෙය ඉන් නොනැවතී කොටි සංවිධානයටත්, අතුරු සංවිධානවලටත් කාන්දු වී තිබුණේය. 


වැල්ලවත්ත සිංහල මිනිසුන්ට මේ කුමාරසූරියර් මැතිතුමාගේ නිවෙස පොදු නිවහනක් විය. යන - එන අතරවාරයේදී වතුර ටිකක් බොන්නට උවමනා වුණත්, මිනිසුන් ගියේ එහිය.


මේ අතර දාමරිකයින් පිරිසක් කුමාරසූරියර් “නැති වෙලාවක” එහි ගියෝය. ගේට්ටුව ඉබි-යතුරු දමා තිබුණෙන් ඒවා කඩාගෙන නිවසට ගොඩවූහ. නමුත්, ඇමතිවරයා ඒ වන විටම වහාම එහි පැමිණියේය.


“තමුසෙද ශ්‍රීලංකා කියන්නේ?” දාමරිකයින් ඔහුගෙන් ඇසුවද කිසි පිළිතුරක් නොලැබිණි.


“අධික ලෙස බීමත්ව සිටි පිරිස අතරින් ආ එක හැඩිදැඩි බඩ තඩි බේබද්දෙකු “සොරාගත්” විස්කි බෝතලයෙන් අන්තිම උගුරද ඇද, “සේරම ඉවරයි” කියන නියාවෙන් බෝතලය උඩු-යටිකුරු කර පෙන්වීය. ඉන් පසු ළඟ තිබුණු කණුවකට ගසා එය කුඩු කරගෙන බිඳුණු පැත්ත කුමාරසූරියර්ගේ බඩට තබා තද කළේය.


“ශ්‍රීලංකාගේ ලේවල පාට රතුද කියා බලමුද?” කියමින් ඔහු බිඳුණු බෝතලය ටික ටික තද කරමින් මැසිවිලි නැගීය. 


වාසනාවකට මෙන් ඒ අවස්ථාවේදීම වැල්ලවත්ත පොලීසියේ කාර්යභාර නිලධාරී දයා ජයසේකර කඩා පැන්නේය. ලේ ගලන තුවාල සහිතව සිටි කුමාරසූරියර් මහතාව ළඟම පිහිටි වැල්ලවත්ත දෙමළ රෝහලකට රැගෙන ගියේය. 


කුමාරසූරියර්ව භාරගත නොහැකි බව කී නිසා දෙවනුව ඔහුව කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළු කෙරිණි.


මේ සිද්ධියම වෙනත් අතකට දඟ කැවී 26 වැනිදා වන විට ඉන්දීය පුවත්පත්වල පළවුණේ “සිංහල ත්‍රස්තවාදීන් විසින් තුවාල කළ තැපැල් ඇමැති කුමාරසූරියර් මියයයි” ලෙසටය. 


යාපනයේ උපත ලැබුවද (සිය විශ්‍රාම කාලයේ වුවත්) තම උපන්ගමේ පදිංචියට යෑමේ අදහස පවා අත්හළ හෙතෙම පසුව ඔස්ටේ්‍රලියාවේ පදිංචි විය. 
නොහොබිනා හා අනවශ්‍ය ඉක්මනකින් කොටි සංවිධානය පැනනැංගේ ඇයිදැයි පැවති රජයට ප්‍රශ්නයක් වූ නිසා ඒ ගැන සොයා බැලීමට පොලිස්පති ටෙරන්ස් පෙරේරාට පැවරිණි. සියලුම ද්‍රවිඩ සංවිධාන මාක්ස්වාදී අන්තර්ජාතික දේශපාලනයේ කොටස්කරුවන් නිසා ඔවුන් හා කොටි අතර සහජීවනයක් ඇද්ද යන්න පළමුව ආ විචිකිච්ඡාවයි. 


ඒ අනුව තරමක ගවේෂණයකින් පසු ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කෙරිනි. 


පුවත්පත්වල කටයුතු විශේෂ බලධාරියෙකු යටතට පත්විය. 


කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත තරමටම ජනප්‍රිය වූ ‘ඇත්ත’ පත්‍රයද තහනම් කෙරිණි. දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ කසුකුසුව කල් ඇතුවම ආණ්ඩුවේම ඇමතිවරයෙකු වූ ආනන්ද තිස්ස ද අල්විස් හරහා ආරංචි වී තිබීමෙන්, ඊට ලක්වී සිටි සියලු චරිත රටින් පලා ගියහ. 


නමුත් කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගමට කිසිදු අපහසුතාවක් නොවීය.


පොලිසියේ නිර්දේශ අනුව කොටි හා වමේ පක්ෂ එකතුව ආණ්ඩුව පෙරළන්නට සූදානම් වන බව, ජනාධිපතිතුමාට වාර්තා වී තිබිණි.


මෙසේ අන්තර්ජාතික අවධානයද, දේශීය පොදු රටවැසියාට කොටි සංවිධානය හා අනෙකුත් ඊළමට ධනාත්මක පක්ෂ අතර ද්‍රවීකරණයක් සඳහා ඉඩකඩ සපයා ගැනීමට “83 කළු සිකුරාදා මෙහෙයුම” ඔවුන්ට සාර්ථක ක්‍රියාන්විතයක් විය.සිංහල ජාතිය එයින් ලබාගත්තේ අවස්ථාවාදී කොල්ලයක් සම්බන්ධ කළු පැල්ලමක වරමකි. 


යක්ෂයාගේ හා මෝඩයාගේ එම වරමින් දශක ගණනාවක් ඡන්දදායක ජනතාව පිට පිටම දුක් වින්දේ - මේ සියල්ලටම වගකිව යුතු - පසික්කාඩු අමන පාලකයින් කතිරයේ බලයෙන් ගොනුන් තෝරන “ජහඃමනයා”යෟ


“සිංහල ජාතිය අන්තනෝමතික කෲර මතවාදයන් නමැති මඩ ගොහොරුවේ එරී සිටින තාක්, අපට සාධාරණ සමාජයක් ගැන බලාපොරොත්තු තබාගත නොහැකිය.”  ප්‍රභාකරන්-

m

මෙම ලේඛකයා, EROS, EPRLF, PLOTE, TELO, ENDLF හා EPDP ආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුධමය හා දේශපාලන ක්‍රියාන්විතයන්හි ආශ්‍රය නිරීක්ෂකයෙකි. විශේෂයෙන් EROS සංවිධානයේ EDF (ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ) සුභසාධන හා මූලෝත්පාදන විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් නායක ශංකර් රාජි සමග ජාත්‍යන්තර මෙහෙයුම්වල ද ක්‍රියාත්මක වූවෙකි. 
ඊශ්‍රායෙලයේ මධ්‍යම ඔත්තු සංවිධානය වන මොසාඞ් (MOSAD)) හා ෂින්බෙත් (SHINBETH)  මෙහෙයුම්වල දේශීය නිරීක්ෂකයෙකු ලෙසද (ජ.වි.පෙ. ග්‍රහණයකර ගැනීමේ සන්දියේ පටන්) ක්‍රියාත්මක වූවාට පරිබාහිරව, එජාපයේ නිල පුවත්පත වන “සියරට” පත්‍රයේ ද (ජේ.ආර්. ජයවර්ධන යුගයේ) කතුවරයෙකු ලෙසද, ජනරාල් රන්ජන් විජේරත්න පදනමේ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කළ හෙතෙම, ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේද (ආර්.පී. හේරත් සංස්කරණය), JR: The Mafia Type Free Thinker කෘතියෙහි ද කර්තෘවරයා වෙයි.



අදහස් (0)

තිස් වසරක භීම සමය උදාකළ කළු ජූලිය

ශ්‍රිමන්ත Tuesday, 02 August 2016 05:28 AM

ලිපිය හොදය ඒත් අසම්පුර්නයි . මොකද අවසානයේ වමේ පක්ෂ මෙයට සම්බන්ද නැති බව රජයට පිළිගන්න සිදුවුණා කොමියුනිස්ට් පක්ෂයේ කිසිවෙක් පලා ගියේ නැහැ . කේ පී සිල්වා, ඩිව්, රත්නවීර , පණ්ඩිත සියලුදෙනා අත්අඩංගුවට ගත්ත . ජේ වී පී ය සැගවුණ. සරත් මුත්තෙට්ටුවේගම මන්ත්‍රී නිසා කළු ජූලියට එරෙහිව පාර්ලිමේන්තුවේ තනියම සටන් කළා. අවසානයේ සියලු දෙන නිදහස් කළා.(හේ)

:       0       0

මොහාන් Thursday, 04 August 2016 12:52 PM

කළු ජුලියේ ආරම්බය 1983 කොටි ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 13 මියයාම. මෙයාල මේ මොනවාද කියන්නේ?(රේ)

:       0       0

අරවින්ද Monday, 01 August 2016 01:03 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ටෙනිසන් Friday, 05 August 2016 10:18 PM

මොහාන්, ඔබ හරි

:       0       0

කුමාර් Tuesday, 02 August 2016 03:18 PM

සරත් කළු ජූලිය නිසා තමයි දෙමල මිනිස්සු එල්ටිටියට සහයෝගය දෙන්න පටන් ගත්තේ ! එල්ටිටිය පහත දෙමල කුලයට අයත් කට්ටියක් විසින් ආරම්බ කරපු නිසාත් උසස් කුලයේ කට්ටිය එය මුලදී ප්‍රතික්ෂේප කළා !! නමුත් අන්තිමට වුණේ දෙමල මිනිස්සු එකක් වුණ එකයි ! (අ)

:       0       0

අසාද් Sunday, 07 August 2016 07:34 AM

මෙම ලිපියෙන් දැක්වෙන්නේ කලුජුලිය නිසා එල් ටි ටිඉය සවිබල ගැන්වුණු විදිහ.සාමාන්‍ය ජනතාව එල් ටි ටි එක පිළිගන්න පටන් ගත්තේ මේ සිද්ධිය නිසා.(හේ)

:       0       0

සරත් Monday, 01 August 2016 03:21 PM

කළු ජුලියමද යුද්ධය ඇති කලේ ? ඊ(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 18 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 378 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 987 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1478 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site