IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


තේ බරපතළ අනතුරක

ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂිකාර්මික භෝග වර්ග තුනකි. තේ, රබර්, පොල් එම වර්ග තුනය. එදා පටන්ම අපේ ආර්ථිකයේ ශක්තිය වෙනුවෙන් සානුබල සැපයූ ප්‍රධානම අංශ තුනක් වන්නේ මේවාය. ඒ අනුව අපේ ආර්ථිකයේ පදනම බවට මෙම අංශ තුන පත්වූවා යැයි කීවොත් එය නිවැරැදිය. ඒ වගේම මෙරට ජනයාගෙන් සෑහෙන පිරිසකට ජීවනෝපාය සපයා දීමට ද මේ අංශ තුන සමත් වූ බව පැහැදිලිය. මේ අතරින් තේ වගාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ වගේම ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට ද තේ වගාව හේතු වූ බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවේ. 

රට විදේශ විනිමය උපයා දුන් ප්‍රධානම මාර්ගයක් වූ තේ කර්මාන්තය අද වනවිට බරපතළ අර්බුදයකය. මීට වසර විසි පහකට තිහකට පෙර ලෝකයේ වැඩියෙන්ම තේ නිෂ්පාදනය කළ රට ලංකාවය. එහෙත් ක්‍රමයෙන් ලංකාවේ තේ නිෂ්පාදනය අඩුවී තිබේ. එසේ අඩුවෙමින් පැමිණි ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් තේ නිෂ්පාදනය අතින් පස් වැනි තැනට ලංකාව මේ වනවිට පත්ව තිබේ. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන අංශයක් රැකගැනීමට, දියුණු කිරීමට දක්වා තිබෙන උනන්දුවේ තරම එයින් පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළෙමි. විෂයභාර ඇමැතිවරයා ප්‍රකාශ කළේ පස්වැනි තැනට නොව හතරවැනි තැනට ලංකාව පත්ව ඇති බවය. එය නම්බුවක් දැයි අපි නොදනිමු. වත්මන් ලෝකයේ වැඩියෙන්ම තේ නිපදවන රට බවට චීනය ඉදිරියට පැමිණ තිබේ. වියට්නාමය, දකුණු ඉන්දියාව, කෙන්යාව යන රටවල් තේ නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාව පසුකර ඉදිරියට ගොසිනි. මේ තත්ත්වය යටතේ ලංකාවේ ආර්ථිකයට බරපතළ තර්ජනයක් එල්ලවන බව පැහැදිලිය. ලංකාවේ ජනගහනයෙන් මිලියන හතරක් එනම් ලක්‍ෂ 40ක් ඍජුව හා වක්‍රව ජීවත් වන්නේ තේ කර්මාන්තයෙනි. ලංකාවේ තේ වතුවලින් සියයට 72ක් කුඩා තේවතුය. දුප්පත් මිනිසුන්, මධ්‍යම පන්තිය ජීවත් වන්නේ එම වතුවලිනි. ඒ වගේම කම්කරුවන් විශාල සංඛ්‍යාවක් එදිනෙදා වැටුප් ලබාගෙන ජීවත් වූ කර්මාන්තයක් වශයෙන් ද තේ කර්මාන්තය හඳුන්වා දෙන්නට පුළුවන. මේවා කෙසේ වුවත් පසුගිය වසර කීපයේ තේ නිෂ්පාදනය පහළ ගොසිනි. ඩොලරයේ අගය ඉහළ යාම අපනයන ආදායම් වැඩිවීමට හේතුවක් වූව ද තේ කර්මාන්තයේදී එවන් තත්ත්වයක් දක්නට නැත. ඩොලරයේ අගය ඉහළයාමට සාපේක්‍ෂව තේ කර්මාන්තයෙන් ලබන ආදායමද අඩුවී තිබේ. ඩොලරයේ අගය රුපියලට සාපේක්‍ෂව විශාල වශයෙන් ඉහළ ගියද එයට සරිලන පරිදි තේ අපනයන ආදායම් විශාල වශයෙන් වැඩි වී නැත. මේ අනුව බලන විට තේ කර්මාන්තයේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී අවසන්ය.

මේ අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් තේ කර්මාන්තශාලා වැසෙන තත්ත්වයකට පත්ව තිබේ. මේ වනවිට තේ කර්මාන්ත ශාලා 25කට වැඩි ගණනක් වසා දමා තිබේ. තේ කර්මාන්තය මුහුණ දී තිබෙන තත්ත්වය එයින්ම වටහා ගන්නට පුළුවන. මේ අංශය කෙරෙහි දේශපාලනඥයන්ගේ අවධානය වහා යොමුවිය යුතුය. තේ කර්මාන්තය සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ අවධානය බෙහෙවින්ම අඩුවී තිබේ. තේ මණ්ඩලයේ පමණක් රුපියල් බිලියන අටක තැන්පතුවක් තිබේ. එසේ තිබියදීත් තේ කර්මාන්තය අර්බුදයට ගමන් කිරීම බරපතළ කාරණාවකි. ඒ වගේම තේ කර්මාන්තයට සහනයක් නොදෙන්නේ ද මෙතරම් විශාල මුදලක් තබාගෙනය. තේ කර්මාන්තයට මෙසේ සලකන්නේ ඇයි දැයි අපට තිබෙන ප්‍රශ්නයයි.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා තිබේ. ශ්‍රී ලංකාවේ තේවලින් සියයට 19ක් මිලදී ගන්නේ ඉරානයයි. තේ කිලෝ මිලියන 27ත් 30ත් අතර ගණනක් මේ අනුව ඉරානය මිලදී ගෙන ඇත. එහෙත් ඇමෙරිකාව පනවා තිබෙන සම්බාධක හේතුවෙන් තේ අලෙවි කිරීමට වෙනත් රටක් සොයා ගැනීමට අපට සිදුවනු ඇත. මේ කාරණය සම්බන්ධයෙන් තේ මණ්ඩලය සහ ආණ්ඩුව කොතරම් දුරට අවධානය යොමුකර තිබේදැයි අප නඟන ප්‍රශ්නයයි. ලබන වසරේදී මේ අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද? මේවා අපට තිබෙන බරපතළම ප්‍රශ්නයි.

සියයට 2.5ක ආර්ථික සේවා බද්දක් තිබුණි. මෙය එක්වරම සියයට පහ දක්වා සියයට සියයකින් වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගත්තේය. එම බද්ද දැන් තේ කර්මාන්ත හිමියන්ට දැඩි බලපෑමක් කර තිබේ. මේ තත්ත්වය තේ කර්මාන්තය තවත් අඩාලවීමට හේතු වී තිබේ.

පවත්නා අභියෝගවලට මුහුණ දෙමින් තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කර්මාන්තකරුවෝ අපොහොසත්ව සිටිති. ඔවුහු නිරන්තරයෙන්ම පාඩු ලබති. මෙයට විකල්පයක් වශයෙන් තේවලට සීනි මිශ්‍ර කිරීමට කර්මාන්තකරුවන් යොමුවී සිටීම කනගාටුදායක තත්ත්වයකි. මෙසේ සීනි මිශ්‍ර කරන්නේ තේ කළුවීමට සහ බර වැඩිවීමටය. ​ෙෆරස්පොස්පේට් මිශ්‍ර කරන්නේ ද මේ උදෙසාය. මේ ක්‍රියාවලියට කර්මාන්ත හිමියන් දැඩිව යොමුවී සිටින ආකාරයක් හඳුනාගන්නට පුළුවන. මේ නිසා අවංකව තේ නිපදවන අයට තරගයට මුහුණදීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබේ. ඒ වගේම මෙවන් ක්‍රියා හේතුවෙන් ගුණාත්මක තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන බවද පැහැදිලිය. තේ කර්මාන්තයේ තවත් අර්බුදය නිර්මාණය කරන මෙකී සාධක සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේද?

තේවලට සීනි මිශ්‍ර කරන තේ කර්මාන්තශාලා වැටලීම පසුගිය කාලයේ කෙරුණි. මෑත කාලයේ එසේ වැටලූ කර්මාන්ත ශාලා ගණන සියයකට වැඩිය. තේ මණ්ඩලය මේ කටයුත්ත කළේ විශේෂ කාර්ය බලකාය ද සමඟය. වරදට හසු වූ කම්හල්වල නිෂ්පාදන අත්හිටුවීමට විෂයභාර ඇමැතිවරයා නියෝග කොට තිබුණි. එයින් මාස කීපයකට පසුව නැවත නියෝගයක් නිකුත් කර ඇත්තේ වැඩ ආරම්භ කරන ලෙස දන්වමිනි. රස පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන මේවායේ පරීක්ෂණ කෙරෙන අතර එම වාර්තා ඉදිරිපත් වන්නේ උක්ත කාරණයම යැයි කිව නොහැකි බව හඟවමිනි. ඒවා කෙරෙන්නේ වෙනත් ගනුදෙනු වලටය. මේ නිසා අධිකරණය හමුවට යාමක් සිදු වන්නේ නැත. ඒ නඩුව පරාජය වන බව පෙන්වමිනි. එසේ නම් කළ යුත්තේ මේ සම්බන්ධයෙන් පවත්නා නීති පද්ධතිය වෙනස් කිරීමය. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පූර්ණ සහාය දීමට ද අප සූදානම්ය. වැරැදි කරන අයගේ බලපත්‍ර වසර කීපයකට හෝ අත්හිටුවීමට සහ දඩයකට ඒ අය යටත් කිරීමට පුළුවන. එසේ නොමැතිව දිගින් දිගටම මේ තත්ත්වය පැවතියොත් තේ කර්මාන්තශාලා බරපතළ අබුර්දයකට ලක්වීම වැළැක්විය නොහැක.

තේ කර්මාන්තයේ දැනට පවත්නා නීතිරිති අනුව අලෙවි ආදායෙමන් සියයට 68ක් තේ වතුහිමියන්ට ගෙවිය යුතුය. එසේ නොවූ පසු කර්මාන්තශාලා වියදමට ඉතිරි වන්නේ සියයට 32 කි. ආර්ථික සේවා බද්ද, කම්කරු වැටුප් වැඩි වීම්, විදුලි බිල් වැඩි වීම්, තෙල් මිල වැඩි වීම් යනාදියෙන් මතු වී ඇති ප්‍රශ්න සමඟ සියයට 32ක ආදායමකින් තේ කර්මාන්තශාලා පවත්වා ගෙන යාම බෙහෙවින් අසීරු කාර්යයක් වී තිබේ. ලාබ ප්‍රතිශතය අඩු වී අලාභ ලබන තැනට තේ කර්මාන්තශාලා තල්ලු වී අවසන්ය. මෙවන් ගැටලු මතු වූ විට රාජපක්ෂ ආණ්ඩු කාලයේ නිසි පියවර ගත්තේය. යම් පැමිණිල්ලක් ලැබුණු පසු මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු අංශ කැඳවූවේය.

තේ කිලෝවක මිල රුපියල් 65ට අඩු වූ අවස්ථාවක අපි ඒ පිළිබඳව පැමිණිලි කළෙමු. එවිට අදාළ අංශ කැඳවා සාකච්ඡා කර ආණ්ඩුව ඒ වෙනුවෙන් සහනාධාරයක් දුන්නේය. කිලෝවක මිල රුපියල් 80 ඉක්ම වූ පසු එම සහනාධාරය ඉවත් කරන බවද කියා සිටියේය. ඒ වගේම පොෙ‌හාර සහනාධාරය ද දුන්නේය. තේ කර්මාන්තයේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම බැංකු සමඟ සාකච්ඡා කර ණය වෙනුවෙන් පොලිය පමණක් ගෙවා මාස හයක් කල් දුන්නේය. විදුලිය බිලෙන් සියයට පනහක් අඩු කළේය.

​ෙම් සියල්ල කළේ තේ කර්මාන්තය රැක ගැනීමටය. වෙනත් අාපදා අවස්ථාවලදී සහනාධාර ලබාදීමට ද පියවර ගත් බව අමතක නොකළ යුතුය. මේ ආකාරයට තේ කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ කාලයක් තිබුණි. අද එවන් තත්ත්වයක් නැත.

අාණ්ඩුව නිසි බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි අවධානයෙන් කටයුතු නොකළහොත් තේ කර්මාන්තයේ අනාගතය බෙහෙවින්ම ඛේදජනකය. ලංකාවේ තේ වගාව වසර 150ක් පැරැණිය. සමාගම්වලට ලබා දී මේ වතු නැවත වගා කළ නොහැක. ඔවුන් ලාභ ලබනවා මිස තේ නැවත වගාවට යොමුවක් නැත. මේ කටයුතු කෙරෙන්නේ නැති නම් සමාගම්වල වසර 50 අහෝසි කළ යුතුය. නැති නම් සමාගම් සතු වතු අක්කර දෙක හෝ පහ බැගින් බදු දී​ෙම් ක්‍රමයක් ඇති කළ යුතුය. එවිට තේ නැවත වගාවට ඔවුන් යොමු වනු ඇත. තේ නැවත වගා නොකර අනාගතයේ ප්‍රශ්නවලට මුහුණ දීමට හැකි වන්නේ නැත.

පසුගිය වසර දහයේදී චීනය සියයට 109 කින් තේ නිෂ්පාදනය වැඩි කර තිබේ. තේ නිෂ්පාදනය කරන රටවල් අතරින් ලංකාව හැරුණු විට අනෙක් රටවල් තේ නිෂ්පාදනය සමස්තයක් ලෙස සියයට 49කින් වැඩි කර තිබේ. චීනය තේ බිව්වේ අපෙන්ය. ඔවුන් මේ වනවිට තේ නිෂ්පාදනයටත් ඇතුළු වී ඉදිරියට පැමිණ අවසන්ය. කෙන්යාව ද ඉන්දියාව ද එසේමය. එහෙත් සුද්දන් මුලින්ම තේ වගා කළ රටේ තේ වගාව ආරක්ෂා කරගැනීමට නොහැකි වී තිබේ. නැවත වගාවට විශාල වතුහිමියන් යොමු නොවීම මෙහි බරපතළම තත්ත්වයයි. මෙකී සාධකවල ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ තේ කර්මාන්තය බරපතළ අර්බුදයකය.

සාමාන්‍යයෙන් මාස තුන හතරකට වරක් තේ වගාවට පොහොර යෙදිය යුතුය. ඒ නිසා පොහොර සහනාධාරය තවත් වැඩි කිරීමේ වුවමනාව තිබේ. එහෙත් එවැන්නකට ආණ්ඩු යොමුවක් නැත.

තේ මණ්ඩලය සතුව බිලියන අටක මුදලක් ඇති බව පෙර කීවෙමු. මේ මුදල ඇත්තේ තේ ප්‍රවර්ධනයට බව බලධාරීන්ගේ අදහසය. මේ මුදල් යොදා කර ඇති තේ ප්‍රවර්ධනය කුමක් දැයි විමසිය යුතුය. කුමන රටක මේ ප්‍රවර්ධනය කර තේ අලෙවිය ඉහළ නංවා ගත්තා දැයි නොදනිමු. රුපියල් බිලියන අටකින් සහනාධාරත් දෙන්නේනැති නම් තේ මණ්ඩලය කරන්නේ කුමක්ද? එය තිබෙන ප්‍රශ්නයයි. තේ කර්මාන්තය ආරක්ෂා කරනවා ද නැති කරනවා ද යන ප්‍රශ්නය ද මේ අවස්ථාවේ මතු කළ යුතුය.

ලෝකයේ වැඩියෙන්ම මිලදී ගන්නේ පහත රට තේය. රුපියල් 663ට තිබූ එම තේ කිලෝවක මිල මේ වනවිට රුපියල් 522 දක්වා අඩු වී තිබේ. ලංකාවේ තේ වතුවලින් සියයට පනහක් පමණ පාළුය. එ් අලුතෙන් පැළ නොසිටු වීම නිසාය. අලුතෙන් පැළ සිටුවන්නේ කුඩා තේ වතු හිමියන් පමණි. මහා වතුවල එය කෙරෙන්නේ නැත. ඒ නිසා රජයේ අවධානය වහාම මේ කෙරෙහි යොමු විය යුතුය. තේ නැවත වගාකිරීමේ ක්‍රමයක් ආරම්භ කර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කළ යුතුය.

තේ නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2005 දී පැවැතියේ සියයට 1.2 කි. අද මේ අගය දශම 7 කි. විශාල වශයෙන් විදේශ විනිමය උපයා දුන් වගාවක් මේ තත්ත්වයට පත් වීම කනගාටුවට කරුණකි. 

අඩුම අගය වාර්තා කර ඇත්තේ 2015, 2016, 2017 යන වසර තුනේදීය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු තේ කර්මාන්තයට මේ ඉරණම අත් වී තිබේ. තියෙන ප්‍රශ්නය එයයි.

තේ කර්මාන්තයට සමගාමීව රබර් කර්මාන්තය ද අර්බුදයකය. රබර් ආදායම ද විශාල වශයෙන් අඩු වී තිබේ. ඒ වගේම රබර් පොල් නිෂ්පාදන වියදම් වැඩි වී තිබේ. මේ ආකාරයට අපේ සුළු අපනයන භෝග ආදායම අඩු වී තිබේ. කෘෂිකාර්මික ආදායම නැතිව ආර්ථිකය ඉදිරියට ගෙන යාම අපහසුය. අද ඩොලරයේ අගය පාලනය කරගැනීමට නොහැකි වී තිබෙන්නේ අපනයන ආදායම අඩු වීම නිසාය. අපනයන ආදායම් ලබා ගත හැකි භෝග වැවෙන පසක් ඇති රටේ එම කටයුතු නිසි පරිදි නොකෙරේ නම් අපනයන ආදායම් ලබාගන්නේ කොතැනින්ද? විදේශ ආයෝජන ලැබෙන්නේ ද නැත. මේ පසුබිම යටතේ ඩොලරයේ අගය වැඩි වීම මෙරට ආර්ථිකයට ඉදිරියේ දී දැඩි බලපෑමක් කරනු ඇත.

තේවලට සහතික මිලක් දීමට ආණ්ඩුව කතා කළ ද එවැන්නක් සැකසීමට අපොහොසත් වුණි. එහෙත් එදා සහනාධාර ක්‍රම හරහා තේ කර්මාන්තය රැකගැනිණ. ​තේ කර්මාන්තයට ණය දී ඇති මූල්‍ය ආයතනවලින් ​මේ වනවිට තේ කර්මාන්තකරුවන්ට දැඩි පීඩන එල්ල කරමින් සිටී. තේ තැරැව්කාර සමාගම් තේ කර්මාන්තශාලාවලට අත්තිකාරම් මුදලක් ලබා දුනි. පසුගිය කාලයේ දළු අඩු වීම නිසා මේ මුදල් ද කපා හැරියේය. මේ නිසා ද තේ කම්හල් බරපතළ අර්බුදයකට ලක් වුණි.

රජයේ අවධානය නිසි පරිදි යොමු නොවීමෙන් තේ කර්මාන්තය අර්බුදයට ලක්ව ඇති බව පැහැදිලිය.

 



අදහස් (4)

තේ බරපතළ අනතුරක

Mahesh Tuesday, 23 October 2018 09:19 AM

රටේ සියලුම අංශ කඩා වැටෙන විශාල අර්බුදයක් ඇත

:       0       0

Manoj Anandagoda Wednesday, 24 October 2018 01:31 PM

මේ ලිපියෙන් කියවෙන්නේ කර්මාන්තශාලා හිමියන් විඳින අපහසුතාවයන් පමණි. කුඩා තේවතු හිමියන්ගේ කම්කරු ප්‍රශ්නය නිසා නැවත තේ වගා කිරීමත්, පවත්වාගෙන යාමත් අපහසු වී ඇත. කම්කරු හිඟය, ඔවුන් වැඩ කරන කාල සීමාව සහ ප්‍රමාණය ගෙවන මුදලට ප්‍රමාණවත් නොවීම, සෘජු සහ වක්‍ර සහනාධාර ක්‍රම ප්‍රමාණවත් නොවීම, ස්වභාවික හේතු යන ආදී කරුණු නිසා වගාකරුවන් කලකිරීමට පත්ව තේ වගාවෙන් ඉවත්ව යමින් පවතී. කම්කරුවන් සෘජුව වගාකරුවන් වෙත ලබාදී වැඩ කරන නියමිත කාල සීමාවන් හා ගෙවිය යුතු වැටුප් සීමාවන් නීතිගත කරන්නේ නම් බොහෝ ගැටළු විසඳෙනු ඇත. නිෂ්පාදන වියදම් අඩුකර ගැනීමෙන් ලාභ ලැබිය හැකි වේ. නැවත තේ වගා කිරීමට‍ සහනාධාර ලබා දෙන ආකාරයද, ස්වභාවික හේතු නිසා වගාවන්ට සිදුවන හානියට සහනාධාර ලබාදීම වඩා ප්‍රායෝගික විය යුතුය...

:       0       1

laksman Thursday, 25 October 2018 02:14 AM

මන්ත්‍රීතුමාගේ කථාව හරි. නමුත් පසුගිය රජය කාගේ අමුදලු මිල රුපියල් 60 වැඩිවුනේ නැහැ . සහනාධාර ලැබුණෙත් නැහැ..අපේ තේ කොළ වල තත්ත්වය නම් ඉතා බාල කරන බව ඇත්තක් කියා මගේ හිතවත් අයෙක් කීනිසා පිලිගන්නවා. මාගේ හිතවතා ඕස්ට්‍රේලියාවෙදි ලංකා තේ මිලට ගත්තලු ඒවා බොන්න තබා කට ලඟටවත් ගන්න බැරි තරම් අප්‍රියලු. එවැනි තත්ත්වයක් යටතේ අපේ තේ ජනප්‍රිය වන්නේ කෙසේද? මෙයට කුණුකසල තේ රට යැවීමද තේ ප්‍රති අපනයනයද හේතු වෙනවා ඇති. එ්නිසා ඉක්මන් තීරණයක් ගෙන ක්‍රියාත්මක නොවුනොත් තේ කර්මාන්තයනම් නැතිවෙන බව විශ්වාසයි.

:       0       3

ජයසෙකර Thursday, 25 October 2018 08:41 AM

මන්ත්‍රීතුමා කොහෙද හිටියේ ලංකාව 4වැනි ස්ථානයට වැටුනේ 2005 දි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 136 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 138 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1006 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 193 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 469 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1117 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site