IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දකුණු පළාතේ පළමු සුහුරු පන්තිය බොනවිස්ටා විද්‍යාලයට

(සිරංගිකා ලොකුකරවිට)

වැසී යාමට ආසන්නව තිබූ බොනවිස්ටා විද්‍යාලය ‘ළඟම පාසල හොඳම පාසල‘ වැඩසටහන යටතේ වැඩිදියුණු කර දකුණු පළාතේ ප්‍රථම සුහුරු පන්තිකාමර එහි ආරම්භ කර ඇත.

බොනවිස්ටා පාසල ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා තෝරාගන්නා විට එහි සිටියේ සිසු සිසුවියන් 27 දෙනකු පමණි. පාසල වැසීයාමේ අවදානමකට මුහුණ දී තිබූ අතර මේ වනවිට සිසු සිසුවියන් 400ට ආසන්න පිරිසක් පාසලේ ඉගෙනුම ලබති.

එහි උසස් පෙළ විද්‍යා ගණිත පන්ති ද මෙම වසරේ දී ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා පවසයි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ, එඩ්වින් ආරියදාස, ඒ.ටී.ආරියරත්න වැනි විද්වතුන් සේම මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතා ද අධ්‍යාපනය ලබා ඇත්තේ බොනවිස්ටා විදුහලේ ය.

1847 වර්ෂයේ දී මිෂනාරී පාසලක් ලෙස ආරම්භ ආරම්භ කළ මේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ ඉංග්‍රීසි බසින් වුව ද පසු කාලයේ දී සිසු සිසුවියන් නගරයේ ජනප්‍රිය පාසල් වෙත ඇදී යාමත් සමග බොනවිස්ටා විද්‍යාලයේ ගොඩනැගිලි පවා ගරා වැටී විනාශ වී තිබිණි.

විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා පාසල පිළිබඳ මෙසේ කීවේය.

‘‘මේ විද්‍යාලයේ ගොඩනැගිලි ගරා වැටී වල්බිහි වී තිබුණා. මා පාසලේ විදුහල්පතිධූරය භාරගන්නා විට මෙහි සිටියේ සිසු සිසුවියන් 27 දෙනකු පමණයි. ඉන් පසු ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය යටතේ මේ පාසල අපි වැඩිදියුණු කළා. දැන් දරුවන් 400ක් ඉගෙනුම ලබනවා. උසස් පෙළ විද්‍යා හා ගණිත පන්ති සඳහා ද දරුවන් බඳවාගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට සුහුරු පන්තිකාමර ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. දැන් පාසල දිනෙන් දින දියුණුව කරා යනවා. නව ගුරුවරු පැමිණියා. දරුවන් ද ඉතා උනන්දුවෙන් පාසල් එනවා. දැන් මේ පාසලටත් දරුවන් ඇතුලත් කරගැනීම සඳහා විශාල තරඟයක් ඇති වී තිබෙනවා.  2017 වර්ෂයට හයවැනි ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්වයෙන් අයදුම්පත්‍ර 600ට වඩා අපිට ලැබුණා. ඉන් සීමාසහිත දරුවන් පිරිසක් පමණයි තෝරාගත හැකි වූයේ. අපේ ඉලක්කය මෙය ශ්‍රී ලංකාවේ හොඳම ආදර්ශවත් පාසල බවට පත්කරන්න.“

පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පන්ති පවත්වාගෙන යයි. සියලුම දරුවෝ බාල දක්ෂයෝය. බාලදක්ෂ නිල ඇඳුම ද ඇතුළුව දරුවන් සතියේ දින පහේ දී පාසලට පැමිණෙන්නේ විවිධ ආකාරයේ ඇඳුම් පහකින් සැරසීගෙනය. සිකුරාදා ඔවුන් අඳින්නේ ක්‍රීඩා ඇඳුමයි. සුදු පැහැති පාසල් නිල ඇඳුමට අමතරව විද්‍යාලයීය වර්ණවලට අදාලව සැකසුණු ජාත්‍යන්තර නිල ඇඳුම නමින් ඇඳුමක් ද තිබේ. සියලුම දරුවන්ට දිවා ආහාරය පාසලෙන් නොමිළයේ ම සැපයෙන අතර සෑම දිනකම සවස 2.30 දක්වා පන්ති පැවැත්වෙයි.

සියලු දරුවෝ පාසල් අපනික කටයුතුවලට අමතරව විෂය භාහිර ක්‍රියාකාරකම්වලට ද ක්‍රීඩාවල ද සහභාගී වීම අනිවාර්යයි.

‘‘මම ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. ඒ වගේ ම එහි නියෝජ්‍ය විදුල්පතිවරයා ලෙස අවුරුදු 12ක් සේවය කළා. මේ පාසලේ ලාංඡනය හා කොඩිය පවා මහින්ද විද්‍යාලයේ ආකාරයෙන් ම සැකසී තිබෙනවා. විදුහලේ දියුණුවට මා එම පාසලේ ලබාගත් අත්දැකීම විශාල පිටිවහලක් කරගත්තා. “ යැයි විදුහල්පතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි.වික්‍රමසිරි මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පේගම මහත්මිය, දකුණු පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතා සහ වත්මන් අධ්‍යක්ෂ සුසිල් ප්‍රේමනාත් මහතා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත සිරිවර්ධන මහතා ඇතුළු සියලු දෙනාගේ සහයෝගය මේ පාසලේ දියුණුව සඳහා මහත් රුකුලක් වූ බවයි.

එමෙන් ම ආදි ශිෂ්‍ය සංගමයෙන් හා පාසල් සංවර්ධන සමිතියෙන් ලැබෙන දායකත්වය ද මෙහි දී විදුහල්පතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.



අදහස් (5)

දකුණු පළාතේ පළමු සුහුරු පන්තිය බොනවිස්ටා විද්‍යාලයට

saman Sunday, 16 July 2017 12:11 PM

රටක් දියුණු වෙන්නේ හරි... විනාශ වෙන්නේ හරි රටක රාජ්‍ය නායකයාගේ ක්‍රියාකලාපය නිසා වගේම පාසලකත් දියුණුව හෝ පරිහානිය රඳා පවතින්නේ මූලිකවම විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය මතයි.

:       0       109

Sanath Sunday, 16 July 2017 12:59 PM

ඒ කතාව නම් නියමයි...

:       0       20

chamap Sunday, 16 July 2017 02:31 PM

මේක ඇත්තටම හොඳ වැඩක් සර්...

:       0       18

Pradeep Liyanage Monday, 17 July 2017 03:22 AM

සමන්ගේ කතාව හරියටම හරි. රටේ අනිකුත් පාසල්වල විදුහල්පතිවරුන්ටත් මෙය හොද ආදර්ශයක්. ගුරුවරියන්ට සහ පාසල් දැරියන්ට ලිංගික අතවර කරන, පාසලට ළමයින් ඇතුලත් කර ගැනීමේ අවස්ථාවේ සිට නොයෙකුත් අවස්ථාවල දෙමව්පියන්ගෙන් මුදල් ගසා කන විදුහල්පතිවරුන් අතර මෙතුමා ජීවමාන දෙවිකෙනෙකි.

:       0       17

SAMEERA MADURANGA Monday, 17 July 2017 01:47 PM

ඉතාමත් අනර්ඝ ක්‍රියාවක්, විදුහල්පතිතුමා ඇතුළු මේ කටයුත්තට උපකාර කල සියලුම දෙනාට ආචාරය පුදකර සිටිනවා. ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතට සතුටක් දැනුනු ප්‍රවෘත්තියක්...

:       0       12

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 46 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 105 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 411 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1048 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1533 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2106 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site