IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දකුණේ යටගිය ගැමි කී‍්‍රඩා මඟුල් පරක්කුව

කලක් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දකුණු පළාතේ (රුහුණුපුරවරයේ) මහජනයා අතර ඉතා ජනප‍්‍රියවූ ‘මගුල් පරක්කු’ යන වදන අද නැත්තටම නැති තරමට අභාවයට ගොස් ඇත.

 

පාසල් ළමයින්ගෙන් පටන් වයස්ගත අය දක්වාම මේ සම්බන්ධව විමසුවද මේ ගැන සුළුවෙන් හෝ කරුණක් දැන සිටියේ අතලොස්සක් පමණි. ඒ අයත් දැන සිටියේ නමින් පමණි. ඊට එහා කිසිදෙයක් ඔවුන් මේ සම්බන්ධව නොදනී. මේ සම්බන්ධව විස්තරාත්මකව දන්නා කෙනකු පසුගිය වසරදහයක් තුළ සෙව්වද මේ දක්වාම සොයා ගැනීමට මාහට නොහැකිවිය. නම පමණක් දැන සිටියේ දෙදෙනෙක් පමණි. එයින් එක් අයෙක් විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකි. ඔවුන් දෙදෙනාද අද ජීවතුන් අතර නොමැත.

2008 වසරේ දකුණේ ප‍්‍රධාන නගරයක්වන මාතර, ජාතික මට්ටමෙන් මහා පරිමාණයෙන් ප‍්‍රදර්ශනයක් පැවත්විණි. මෙම ප‍්‍රදර්ශනය වෙනත් ප‍්‍රදර්ශනවලට වඩා වෙනස් වුයේ එහි දී සාමාන්‍ය ජනතාවට පොදුවේ දැකගැනීමට නොහැකි භාණ්ඩ රාශියක් එහි තිබුණ බැවින්ය. (කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් අත්පත්කරගත් ‘සබ්මැරින්’ වැනි භාණ්ඩ) එම ප‍්‍රදර්ශනයේදී කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන ගිය කුටියේ ප‍්‍රදර්ශනයට තබන ලද භාණ්ඩ අතර, මගුල් පරක්කු තිබීම දැක මම ඉතා සතුටට පත්වූයෙමි. එම කුටිය භාරව සිටි මහත්මයාගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ ‘මේක ක‍්‍රීඩා භාණ්ඩයක්. මේකටයි කියලා විශේෂ නමක් නෑ, එහෙම තියෙනවාද දන්නෙත් නෑ’ ‘යනුවෙනි.

එහි දී මෙම භාණ්ඩය ප‍්‍රමාණ කීපයකින් තිබුණ අතර ප‍්‍රමාණ අනුව රුපියල් 500 සිට 1500 දක්වා මිලකර තිබුණි. ඔහුගෙන් මෙම ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාණ්ඩ විසඳන හැටි ගැන විමසූ විට ඔහු පැවසුවේ අපි කරන්නේ මේක නිෂ්පාදන කරන අයට (නිෂ්පාදනය කර තිබුණේ ලී වලින්ය) අලෙවිය සඳහා උපකාරයක්, උදව්වක් හැටියට ප‍්‍රදර්ශනය කරනවා මිස මේක විසඳන ක‍්‍රමය අප දන්නේ නෑ, කොටින්ම කියනවනම් මා මෙතෙක්  ඕක ඇල්ලූවෙත්නෑ’’ යනුවෙන් අවංකව ප‍්‍රකාශ කළේය. එම මොහොතේ එම කුටියේ සිටි කිසිකෙනකු මෙම භාණ්ඩයේ නම හෝ එය විසඳන හෝ ක‍්‍රීඩාකරන ක‍්‍රමය ගැන දැන සිටියේ නැත.
ඇත්ත වශයෙන්ම ඔවුන් පමණක් නොව දකුණේ (ලංකාවේ වෙනත් ප‍්‍රදේශය මේ සම්බන්ධව දන්නා නොදන්නා ගැන මම නොදනිමි) මෙම ප‍්‍රහේලිකා භාණ්ඩ විසඳන හෝ ක‍්‍රීඩාකරන ක‍්‍රමය ගැන දන්නා කෙනෙකු සොයාගැනීමට නොහැකිවිය.

මා කුඩාකල සිටම තේරවිලි වලට සහ ගණිගැටළු වලට ඉතා කැමත්තක් දැක්වූ හෙයින් අපගේ ආච්චි (මවගේ මව) ‘උම්මු සයිදා’ මහත්මීය විසින් මාහට මගුල් පරක්කු ක‍්‍රීඩාභාණ්ඩයක් (ඉතාමත්ම පැරණි) 1962 දී ලබාදුන්නද එය විසඳන ක‍්‍රමය කියා දුන්නේ 1978 දීය. විසඳන ක‍්‍රමය තරමක් සංකීර්ණ බැවින් මා එදා එය කඩදාසි කොලයක සටහන්කර ගතිමි (සටහන් කරගත් එම කොලය සහ එම භාණ්ඩය අදටත් මම සිහිවටනයක් ලෙස ආරක්ෂා කරගෙන සිටිමි) 
ආච්චි 1993 දී මියගියාය. මෙම ක‍්‍රීඩා භාණ්ඩය තවදුරටත් අභාවයට යෑමට ඉඩ දියයුතු නොවන බැවින් මෙවැනි ලිපියක් ලියන්නට එදාසිට සිතුවද අවස්ථාවක් නොලැබුණි. මා මිය යෑමට පෙර මෙය මහජනතාව දැනුවත් කළයුතු බැවින් මෙම ලිපිය ලිවීමට අදහස් කරමි. මෙම ක‍්‍රීඩා භාණ්ඩය නොයකුත් ප‍්‍රමාණයේ තිබුනද අල්ලේ තබාගෙන පහසුවෙන් හැසිරවිය හැකි පරිදි කුඩාවට සාදනලද මෙම භාණ්ඩයට සියලූදෙනා ප‍්‍රිය කළහ.

ලෝකයේ නොයෙකුත් රට වල අනාදිමත් කලක සිට මහජනයා අතර විනෝදාංශයක් හැටියට ප‍්‍රහේලිකා ක‍්‍රීඩා තිබී ඇත. මෙය අතරට ප‍්‍රහේලිකා භාණ්ඩ, ප‍්‍රහේලිකා ගණිත ගැටලූ, ප‍්‍රහේලිකා රූප හෝ චිත‍්‍ර සහ ප‍්‍රහේලිකා කතා ඇතුළත් වේ. විශේෂයෙන් ම මෙය රුසියාව, ඉන්දියාව සහ අරාබි රටවල බහුලව තිබී ඇත.

මෙම ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාණ්ඩ රජ පවුල්වල සහ ප‍්‍රභූ පවුල්වල විනෝදාංශ ක‍්‍රීඩාවක් හැටියට තිබී ඇති බවට වාර්තාවේ. එම රට වල පවත්වන ලද විශේෂ උත්සව සමයේ දී මෙයද  තරගයක් හැටියට ඉදිරිපත්කොට, එය විසඳූ ජයග‍්‍රාකයාට මුදල් තෑගි පවා ප‍්‍රදානයකර ඇති බවට වාර්තාවේ.

මෙලෙස ප‍්‍රචලිතවූ ප‍්‍රහේලිකා ක‍්‍රීඩා අතර ප‍්‍රහේලිකා ක‍්‍රීඩා  භාණ්ඩ මුල්තැන ගනී, මෙම ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාණ්ඩ ලොවපුරා රට රටවල් වල නොයෙකුත් මාදිලියෙන් දහස් ගණනින් තිබුණද 1875 දී මුළු ලොවම මවිතයට පත්කළ ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාණ්ඩ හැටියට රුසියාවේ සොයාගන්නාලද ‘‘ෆෝටීන් ෆිෆ්ටීන්’ නම් කළ හැකි පැත්තක් සෙ.මි. පහක් හෝ අටක ප‍්‍රමාණයෙන් යුත් සමචතුරශ‍්‍ර පැතලි තැටියක හැඩයකින් යුත් මෙම ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාණ්ඩයේ පේළියකට කුඩා සමචතුරශ‍්‍ර කැට හතරක් බැගින් පේළි තුනකට කැට12 ක්ද, හතරවන පේළියේ කැට තුනක් සහිතව කුඩා කැට 15 කින් යුත්තේය. මෙම කැට 15 ම එකේ සිට 15 දක්වා අංක කර ඇත. අංක පිළිවලට නොමැති අවස්ථාවක එහි අවසාන තීරුවේ ඇති හිස් ඉඩ (කැටයක ප‍්‍රමාණයේ) ප‍්‍රයෝජනයට ගෙන කුඩා කැට එහාට මෙහාට හසුරුවා (එසේ කිරීමේ දී කුඩාකැට ගැලවී නොයන විධියට මෙය සකස්කර ඇත) අංක ටික පිළිවෙලට සකස් කිරීම මෙම ප‍්‍රහේලිකාවයි. මෙම ප‍්‍රහේලිකාව විසඳීමට නිශ්චිත ක‍්‍රමයක් නැතත් දෙතුන් වතාවක් උත්සාහ කරන විට විසඳීමට හැකිය. මෙම ක‍්‍රීඩා භාණ්ඩ මෑතකදී ලංකාවේ පවා වෙළෙඳපොලේ දක්නට තිබුණි. එහෙත් එය අංක වෙනුවට රූප සහිත විය. එනම් තනි රූපයක් කැබැලි 15කට හෝ 9කට වෙන්කර ඇත. අවුල් වී ඇති එම කැබැලි අදාළ ස්ථානයට ස්ථාන ගතකොට ප‍්‍රධාන රූපය ලබාගත යුතුය. මෙම ක‍්‍රීඩාභාණ්ඩ කුඩා ළමයින් අතර ඉතාම ජනප‍්‍රිය විය. (රූප අංක 01)
ඉන්පසු ජනප‍්‍රියවූයේ 1960 දී පමණ ප‍්‍රචලිතවූ කුඩා කැබැලි 5 කින් යුත් ‘බේ‍්‍රන් ටුවිස්ට’ නමැති භාණ්ඩ වෙයි. එම කැබැලි 5 ප‍්‍රයෝජනයට ගෙන  නොයෙකුත් රූප සකස් කිරීමට හැක. එයින් ඉංග‍්‍රීසි ‘ටී’’ අක්ෂර(T) සෑදීම තරමක් අපහසුබැවින් එය ‘‘ටී’’ ප‍්‍රහේලිකාව යනුවෙන් ජනප‍්‍රිය විය. මෙම ප‍්‍රහේලිකාව සමහර වෙළෙඳ ආයතන මගින් (ලිප්ටන්) තමන්ගේ වෙළෙඳභාණ්ඩ සමග නොමිලේ බෙදාහරින ලදී. එම කැබැලි පහ ප‍්‍රයෝජනයට ගෙන රූප 70 කට වඩා සෑදිය හැකිවීම එහි ඇති විශේෂයකි. තමන්ගේ බුද්ධිඵලය (IQ) මට්ටම අනුව, ලබාදී ඇති මෙම කැබැලි 5 ප‍්‍රයෝජනයට ගෙන සෑදියහැකි රූප සංඛ්‍යාව ද වැඩි වේ. තම තමන්ගේ බුද්ධිඵලය (IQ) මට්ටම දැනගැනීමට මෙය සුදුසු මිණුම්දණ්ඩක් ලෙස ගතහැකිය. ළමයින්ගේ බුද්ධි වර්ධනයට ඉතාමත්ම උචිත ප‍්‍රහේළිකා ක‍්‍රීඩා භාණ්ඩයක් වේ. (රූප අංක 02) 
මීට අමතරව අප රටේද ගම්බද ප‍්‍රදේශවල කොස්කොළ, ඉරට, පැපොල් බට සහ කුරුම්බැට්ටි යොදා සාදන ලද ‘‘ගැටය’’ යන ප‍්‍රහේලිකා ක‍්‍රීඩාභාණ්ඩ ද දැන් අභාවයට ගොස්ය. ඉරටට හෝ කොස් පත‍්‍රයට හානියක් නොවන පරිදි වෙන්කළ යුතුය. මෙයද 1960 දශකයේ ගම්බද වල ජනප‍්‍රියවූ වක්ය. විශේෂ දිනවල ගමේ උගත් කෙනෙක් මෙය මහජනයාට පෙන්වා සතුටුවේ. මෙය එවෙලේම සාදාගන්නා ප‍්‍රහේලිකා භාණ්ඩයකි. ගමේ අවට පරිසරයෙන් ඉතා පහසුවෙන් සොයා ගතහැකි භාණ්ඩ වලින් (කොස්කොළ, ඉරට, පැපොල් බට සහ කුරුම්බැට්ටි* සෑදියහැකි මෙයද බුද්ධි වර්ධනයට උචිත ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාණ්ඩයක් ලෙස සැලකිය හැකිය. (රූප අංක 03)

දකුණේ ගම්බද ප‍්‍රදේශවල ප‍්‍රචලිත වූ තවත් ක‍්‍රීඩා භාණ්ඩයෙකි ‘‘පයන්න’’ ප‍්‍රහේලිකාව. සිහින් යකඩකම්බි කූරුවලින් සාදන ලද මෙය ලංකාවේ සෑම තැනම තිබුනද අද අභාවයට ගොස් ඇත. අද බොහෝ අය මෙම ක‍්‍රීඩාභාණ්ඩයේ නම පවා නොදනී. කැබැලි තුනකින් යුතු මෙම ක‍්‍රීඩා භාණ්ඩයේ ඇති බෝකොළ හැඩයෙන් යුත් කැබැල්ල ඉවතට ගැනීම මෙහි ඇති ප‍්‍රහේලිකාවයි. ‘‘ප’’ අක්ෂර හැඩයෙන් යුත් කැබැල්ලක්ද ඇතිහෙයින් මෙය ‘‘පයන්න’’ ප‍්‍රහේලිකාව ලෙස හැඳින් විය. මෙයද 1950 දශකයේ ප‍්‍රචලිතවූ ක‍්‍රීඩා භාණ්ඩයෙකි. මෙය දකුණේ සමහර පන්සලවලදී පවා තිබී ඇති බවට වාර්තාවේ. (රූප අංක 04)
ප‍්‍රහේලිකා රූප ගැන බලනවිට එයින් පේළියට තිත් තුන බැගින් පේළි තුනට ඇති තිත් නවය එක ඉරකින් යාකිරීමේ රූපප‍්‍රහේලිකාව, ලොවප‍්‍රකට වූවෙකි. මෙයද අදටත් පාසල් ළමයින් අතර ප‍්‍රචලිතය. පියෙක් තමන් සතු‘ඛ’හැඩයෙන් යුත් ඉඩම එකම ප‍්‍රමාණය සහ එකම හැඩයෙන් තමන්ගේ ළමයින් සතරදෙනකුට බෙදාදීම ප‍්‍රහේලිකාව තව එකකි. මෙවැනි රූප ප‍්‍රහේලිකා රාශියක් ඇත.

ප‍්‍රහේලිකා කතා අතර කොටියා, බැටළුවා සහ තණකොළමිටිය සුප‍්‍රකට එකකි. මෙම ප‍්‍රහේලිකා කතාව අද අන්තර්ජාලයේ පරිගණක ක‍්‍රීඩා හැටියට ජනප‍්‍රිය වී ඇත. මෙහිදී කොටියා, බැටළුවා, සහ තණකොළමිටිය ගෙඟන් එගොඩහට ගෙනයායුතුය. එක් අවස්ථාවට ඔරුවේ පැටවිය හැක්කේ එයින් එකක් පමණි. එසේ පැටවීමේ දී ඉතිරිවන භාණ්ඩ කෙරෙහි සැලකිලිමත් වියයුතුය මන්ද අපි කොටියා තෝරාගතහොත් ඉතිරිවෙන්නේ බැටළුවා සහ තණකොළමිටිය බැවින් බැටළුවා තණකොළමිටිය කාදමයි. ඒවාගේම තණකොළමිටිය තෝරාගතහොත් ඉතිරිවෙන්නේ කොටියා සහ බැටළුවා බැවින් කොටියා බැටළුවා, කාදමයි. මෙලෙස කල්පනාකර කෙසේ හෝ මෙම කොටියා, බැටළුවා, සහ තණකොළමිටිය එගොඩහට ගෙනයායුතුය. ළමයින් අතර ඉතා ජනප‍්‍රිය වූ මෙම ප‍්‍රහේලිකා කතා ළමයින්ගේ බුද්ධි වර්ධනයටද රුකුලක් වේ. මෙය ලංකාවේ පමණක් නොව ලොවපුරාම ජනප‍්‍රිය වී ඇත.

ප‍්‍රහේලිකා චිත‍්‍ර ගැන බලන විට එකම චිත‍්‍රයේ සැඟවී ඇති රූප සොයාගැනීම, ලබාදී ඇති රූපය වෙනත් කෝණයකින් බලනවිට වෙනත් රූපයක් මෙන් පෙනීම මෙන් නොයකුත් චිත‍්‍ර ප‍්‍රහේලිකා ඇත. මෙය අදටත් පාසල් ළමයින් අතර (විහේෂයෙන් ගැහැණු ළමයි) මෙවැනි ප‍්‍රහේලිකා චිත‍්‍ර රාශියක් තමන්ගේ කොපිපොත භාවිත කර සෙල්ලම් කරයි. මෙවැනි චිත‍්‍ර  ඕනෑතරම් අන්තර්ජාලයෙන්ද දැන් ලබාගතහැකිය.

මෙලෙස ආදීකාලයේ සිට මහජනයා අතර තිබුණ මෙවැනි ප‍්‍රහේලිකා භාණ්ඩ, ප‍්‍රහේලිකා ගණිත ගැටලූ ප‍්‍රහේලිකා රූප හෝ චිත‍්‍ර සහ ප‍්‍රහේලිකා කතා අදවනවිට ටිකෙන් ටික නැතිවී ගොස් ඇත. මෙම ප‍්‍රහේලිකා භාණ්ඩ භාවිතය වෙනත් රටවල් වාගේ මෙන් නොව ලංකාවේ රජපවුල්වල පවා එතරම් දුරට භාවිතයේ නොතිබුණේ ලංකාවේ රජපවුල්වල අනාදිමත් කලක සිට නිතර නිතර යුද්ධය හා ප‍්‍රශ්න තිබුණ හෙයිනි. රටතුළ රාජධානීන් අතර හෝ එකම රාජධානි තුළ රජකම වෙනුවෙන් සහෝදරයන් අතර සහ විදේශිකයින් නිසා එක දිගට ප‍්‍රශ්න ඇතිවූ නිසා රජපවුල්වල සන්සුන් භාවයක් නොතිබුණ හෙයින් රජ පවුල්වල ප‍්‍රහේලිකා භාණ්ඩ, ප‍්‍රහේලිකා ගණිත ගැටලූ ප‍්‍රහේලිකා රූප හෝ චිත‍්‍ර සහ ප‍්‍රහේලිකා කතා වලට එතරම් තැනක් ලබාදී නොතිබුණි.

එහෙත් ලංකාවේ ප‍්‍රභූ පවුල්වල සහ වලව්වල විනෝදාංශයක් හැටියට මෙවැනි දේ භාවිතයේ තිබූ බවට වාර්තාවේ. මෙම විනෝදාංශයේ ප‍්‍රහේලිකා භාණ්ඩ, ප‍්‍රහේලිකා ගණිත ගැටලූ ප‍්‍රහේලිකා රූප හෝ චිත‍්‍ර සහ ප‍්‍රහේලිකා කතා තිබුනද එයින් ප‍්‍රහේලිකා භාණ්ඩ ඉතා ජනප‍්‍රිය විය. එම ප‍්‍රහේලිකා භාණ්ඩ අතර මගුලපරක්කු ප‍්‍රහේලිකා භාණ්ඩ ඉතා සිත්ගන්නාසුලූ ලොකු කුඩා සැමෝම තෘප්පිතමත් කරන ආසකරන  ඕනෑම කෙනෙකුට සාදාගත හැකි හෝ ඉතා සුළු මුදලකට ලබාගතහැකි භාණ්ඩයෙකි. මෙය තවදුරටත් අභාවයට යෑමට ඉඩ නොදී එය නැවතත් ප‍්‍රචලිත කළ යුතුය. මෙය පමණක් නොව ගැමි පරිසරය තුළ පවතින මෙවැනි දේ සොයාබලා හෙලිදරව් කළ යුතු අතර එය අපගේ ඉදිරි පරම්පරාවටද ලබාදිය යුතුය. එයින් මුල්පියවර හැටියට මම මෙය ඉදිරිපත් කරමි.
මගුල් පරක්කු ක‍්‍රීඩාභාණ්ඩ පිළිබඳව වසර ගණනාවක්ම මවිසින් සොයාබැලූවද මේ ගැන වැඩිවිස්තර ලබා ගැනීමට නොහැකිවිය. අද සමාජය විශේෂයෙන් පාසල් ළමයි කිසි කෙනෙක් මෙය නොදනී. අද ළමයි පරිගණක ක‍්‍රීඩාවටල යොමුවනවා මිසක් මෙවැනි ක‍්‍රීඩාවලට කැමැත්තක් නොදක්වති. එහෙත් අපි මෙය ආරක්ෂාකළ යුතුය. මන්ද පරිගනක ක‍්‍රීඩාවලින් ආස්වාදයක් ලැබුණද හොඳ විනෝදාංශයක් වූවද එයින් බුද්ධිඵලය වර්ධනය නොවේ. එහෙත් මෙම ක‍්‍රීඩාභාණ්ඩවලින් ළමයින්ගේ බුද්ධිඵලය මට්ටම වර්ධනයවේ.

මගුල්පරක්කු ප‍්‍රහේලිකා ක‍්‍රීඩා භාන්ඩ යනු ලී වලින් සාදන ලද 3 1/2 - 6 1/2 ප‍්‍රමාණයකින් යුත් හතරස් හැඩයකින් යුත් භාණ්ඩයෙකි. මෙය සාමාන්‍ය ප‍්‍රමාණවේ. එහෙත් ප‍්‍රමාණ කීපයකින්ම ඇත. මෙහි 1’’ ප‍්‍රමාණයේ සමචතුරශ‍්‍ර කැබලි දෙකක්ද 1’’-2’’ ප‍්‍රමාණයේ හතරැුස් කැබලි අටක්ද 2’’ං2’’ ප‍්‍රමාණයේ හතරැස් කැබැල්ලක්ද සහිත කැබලි 11ක් ඇත. (රූප අංක 08)

මෙම කැබලි සියල්ලම රූපයේ පෙන්වා දී ඇති පරිදි යම්කිසි රටාවට ලෑලි තැටියක තබා ඇත. කුඩා කැබලි බිමවැටීම වැළැක්වීමට එම ලෑලි තැටියේ වටේට ආවරණ පටියක්ද සවිකර ඇත. මෙම තැටියේ පහළ කොටසේ ආවරණ පටියෙන් 2’’ ප‍්‍රමාණයේ ඉඩක් ඉවත්කොට ඇත. මෙම තැටියේ යම්කිසි ආකාරයට තබා ඇති කැබැලි එහාට මෙහාට හසුරුවා ඉහළ තීරුවේ ඇති 2’’- 2’’ ප‍්‍රමාණයේ හතරැස් කැබැල්ල (ලොකු කැබැල්ල) පහල ආවරණ පටියෙන් ඉවත්කරන ලද ප‍්‍රදේශයෙන් ඉවතට ගතයුතුය. මෙම භාණ්ඩයේ ප‍්‍රහේලිකාව මෙයයි. මෙහිදී කුඩා කැබලි එහාට මෙහාට හසුරුවීමේදී එය ලෑල්ලෙන් ඉවතට ගැනීම තහනම්ය. (රූප අංක 8/1)

මෙම මගුල්පරක්කු යන ක‍්‍රීඩාභාණ්ඩයේ නම සෑදුනේ කෙසේදැයි ගමේසිටි ඉතා වයස්ගත අය කීපදෙනෙකුගෙන්ම විමසූවිට ඔවුන් පැවසුවේ ” ඒ කාලේ මගුල් ගෙවල්වල කෑම ප‍්‍රමාද වන විට පැමිණ සිටින අය කෑම ලැස්ති කරනතෙක් විනෝදයක් හැටියට සෙල්ලම් කරන්න මෙම භාණ්ඩය දෙන නිසා මෙය මගුල් පරක්කු හැටියට නම සෑදී ඇත.’’ යනුවෙන් පවසයි.

එහෙත් මා සිතන්නේ ඊටත් වඩා ගැඹුරු අදහසක් ඇති බවයි. එනම් මෙම ප‍්‍රහේලිකාව විසඳන ක‍්‍රමය මෙම නමේ රහසිගතව අන්තර්ගතව ඇති බවයි. මගුල් යන වචනයට මංගල යනුවෙන්ද සමාන පදයක් ඇත. මෙම මංගල යන වචනයේ ඇති අක්ෂර හතර උඩයට  හරවා පෙනෙන හැඩයට මෙම භාණ්ඩයේ ඇති කුඩා කැබලි හසුරුවා මෙය විසඳිය හැකි බැවින්. මගුල් පරක්කු යන මෙම ප‍්‍රහේලිකාව විසඳන රහස් වන බවයි. එනම් මුල්වටය ..... ලෙසද දෙවන වටයේ 0 ලෙසද තෙවැනි වටයේ ..... ලෙසද අවසාන වටයේ ...... ලෙසද වට සතරකින් හසුරුවනවිට මෙම ප‍්‍රහේලිකාව විසඳේ. මෙම හේතුවෙන් මෙම ප‍්‍රහේලිකාව නයින් සීරෝ ටූ සික්ස් (9026) යනුවෙන්ද ආමන්ත‍්‍රන කෙරේ. එනම් එම ඉලක්කම් සතර හැඩයට හසුරුවා මෙය විසඳාගත හැක.

මුලින්ම කුඩාකැට රූප අංක 8/2 හි පෙන්වා දී ඇති පරිදි සකස් කළයුතුය.

ඉන් පසු පළමුවැනි වටය පටන්ගතයුතුය. එනම් .... හෝ..... හැඩයට කුඩාකැට හසුරුවන්න (රූප අංක 8/3 පෙන්වාදී ඇති පරිදි)

ඊතලයෙන් පෙන්වා දී ඇත්තේ කුඩා කැට හසුරුවන මාර්ගය මිසක් කුඩා කැට අදින දිසාව නොවන බව සලකන්න.
පළමුවටය අවසන් වූ පසු කුඩා කැට රූප අංක 8/4 පරිදි පිහිටේ.

ඉන්පසු දෙවැනි වටය එනම් 0 හෝ 0 හැඩයට කුඩාකැට හසුරුවන්න (රූප අංක 8/5 පෙන්වාදී ඇති පරිදි)

ඊතලයෙන් පෙන්වාදී ඇත්තේ කුඩා කැට හසුරුවන මාර්ගය මිසක් කුඩා කැට අදින දිසාව නොවන බව සලකන්න.

දෙවැනි වටය අවසන් වූ පසු කුඩා කැට රූප අංක 8/6 පරිදි පිහිටේ.

ඉන්පසු තෙවනි වටය එනම් ..... හෝ .... හැඩයට කුඩා කැට හසුරුවන්න (රූප අංක 8/7 පෙන්වා දී ඇති පරිදි)

ඊතලයෙන් පෙන්වා දී ඇත්තේ කුඩා කැට හසුරුවන මාර්ගය මිසක් කුඩා කැට අදින දිසාව නොවන බව සලකන්න.
තෙවැනිවටය අවසන් වූ පසු කුඩා කැට රූප අංක 8/8 පරිදි පිහිටයි.

ඉන්පසු සිව්වැනි වටය එනම් ..... හෝ ..... හැඩයට කුඩාකැට හසුරුවන්න (රූප අංක 8/9 පෙන්වාදී ඇති පරිදි)

ඊතලයෙන් පෙන්වාදී ඇත්තේ කුඩා කැට හසුරුවන මාර්ගය මිසක් විනා කැට අදින දිසාව නොවන බව සලකන්න.

සිව්වැනිවටය එනම් අවසන් අවසන් වූ පසු කුඩා කැට රූප අංක 8/10 පරිදි පිහිටේ එහි ඇති ලොකුකැටය දැන් එළියට ගත හැකිවේ.

 

දීඝාලී අප්වාන්

 



අදහස් (14)

දකුණේ යටගිය ගැමි කී‍්‍රඩා මඟුල් පරක්කුව

බන්දුල Tuesday, 09 April 2013 09:20 AM

රසවත් ලිපියක්. මෙවැනි අභාවයට යන ක්‍රීඩා පිලිබදව දැනුම්වත් කලාට ගොඩක් ස්තුතියි.(නදී)

:       0       0

අසෝක Tuesday, 09 April 2013 09:25 AM

මා ගාව මඟුල් පරක්කුවක් තියෙනවා. ඒත් තාම විසදන්න බැරිවුනා. මෙම ලිපියෙ කියල තියන විදියට උත්සහකලා ඒත් හරි ගියේනෑ. (නදී)

:       0       0

සමන් Thursday, 11 April 2013 01:05 PM

මීට අවු.20කට කලින් මම ඕක ඇදලා තියෙනවා. අපේ අම්මලාගේ මහ ගෙදර තිබූණා එකක්. සීයා තමයි අදින්න කියලා දුන්නේ. හැබැයි ඕකට අපේ සීයා කියපු නම නම් මතක නැහැ. ඔය තියෙන ලොකු සමචතුරශ්‍රයට සීයා කිවුවේ "මනමාලී" කියලා, ඒක එලියට ගන්නකොට කිවුවේ "මනමාලිව ගෙයින් එළියට ගන්නවා(කැන්දාගෙන යන්න)" කියලයි. ඒ අර්ථයෙනුත් ඕකට "මඟුල් පරක්කුව" කියනවද දන්නේ නැහැ. මොකද ඒ කාලේ වුණත් පිරිමියෙකුට "මනමාලියක් කැන්දාගෙන එන එක" සැහෙන අමාරු කාර්යයක් තමයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 17 April 2013 03:56 PM

මමත් මෙහෙම එකක් දැකලා තියෙනවා. අදයි නම දැනගත්තේ (නි)

:       0       0

අශෝක ධර්මසිරි Wednesday, 10 April 2013 12:18 PM

චාමර, මට ඕක අදින හැටි කියල දෙන්නකෝ? (නදී)

:       0       0

කොඩිකාර Monday, 15 April 2013 12:57 PM

මගුල් පරක්කුව මම භාවිතා කළ කෙනෙක්. ඒ මිට වසර 3 කට පමණ පෙර පරලෝ සැපත් පිළියන්දල අබේසිංහ මුදලාලි මහතා ළග තිබිලා. (නි)

:       0       0

ගාමිණී Monday, 08 April 2013 10:27 PM

දෙමව්පියන්ට හොරෙන් කොල්ලෝ, කෙල්ලෝ පැනලා යන කාලේ මොනවද මේ මඟුල් පරක්කු කතා! (නදී)

:       0       0

ජයවර්ධන Tuesday, 07 May 2013 01:03 PM

මගුල් පරක්කුව කියන්නේ "මනමාලි ගෙනියන්න ආපුවම අලුත් නෑයන්ට කෑම දෙන්න යන්න පරක්කු වෙලා බත ඉදිලා නැති හින්දා,කපටි නැන්දම්මා කරපු වැඩේ තමා ඔය තේරවිල්ල නෑයන්ට ඉදිරිපත් කරපු එක.ඕකට නම ඇවිල්ලා තියෙන්නේ එහෙමයි මගුල් පරක්කුව කියලා.අම්මා තාත්තා ,සහෝදරයෝ සේවකයෝ ආදී අයගෙන් බේරාගෙන මනමාලිව එලියට ගන්න එක තමා කරන්න තියෙන්නේ . හොදට පුරුදු කාරයෙක්ට නම් විනාඩි දෙකෙන් විසදන්න පුළුවන්. (නි)

:       0       0

වසන්ත Friday, 12 April 2013 07:35 PM

මේක හදන හැටි කියනවද? (නි)

:       0       0

චාමර Tuesday, 09 April 2013 07:32 PM

මට ඕක හොදට අදින්න පුළුවන්.(නදී)

:       0       0

හේරත් Wednesday, 10 April 2013 09:24 AM

හොඳ දෙයක් බොහොම ස්තුතියි.(නදී)

:       0       0

සිසිර Wednesday, 10 April 2013 08:23 PM

ඔබට ඕන තරම් මගුල් පරක්කු ලොකු හා කුඩා වර්ග වලින් අපි ලබාදෙන්නෙමු. ක්‍රීඩා කරන ආකාරයද කියා දෙනු ලැබේ . ටෙලි - 0727365687.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 12 April 2013 10:27 PM

ඉතාම වැදගත් ලිපියක්. ඉදිරිපත් කරන්න ගොඩක් කල් අරන් මහන්සිවෙලා තියෙනවා. ඔබතුමා නියම ලේඛකයෙක් . ස්තුතියි ඔබට.(නදී)

:       0       0

හසිතා පෙරේරා Thursday, 15 April 2021 03:14 AM

ඉතා වටිනා ලිපියක්. අපේ දරුවන්ට ඉතා වැදගත් කරුණු රාශියක් තියෙනවා. මෙකෙ පින්තූර පේන්නෙ නෑ. ඒවා කොහොමද ගන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 69 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5775 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 836 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1424 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 126 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site