IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දැක්මක් නැතිකමේ සාපය

අතිශය විනාශකාරී ආර්ථික අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට බලකරද්දී මෙරට රාජපක්ෂ පෙළපත මේ වන විට දරුණුතම අභියෝගයට මුහුණ දෙමින් සිටියි. වර්තමාන තත්ත්වය රාජපක්ෂවරුන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීමකි. ඔවුන් සියල්ලන්ටම දේශපාලනයෙන් ඉවත්ව යනු කීම හැරෙන්න ජනතාවට ඔවුන්ට කියන්නට වෙනත් දෙයක් නැත. බලකාමයත්, අදක්ෂතාවත් ඊට හේතුවී ඇතැයි ද ඔවුන්ට දැන් ආණ්ඩු කළ නොහැකි යැයි ද කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝතී සරවනමුත්තු කියා සිටියේය.

ජනාධිපති ධුරයේ සිටි අවුරුදු දෙකහමාරක කාලය තුළ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයේ අසීමිත බලතල අත්පත් කරගෙන, තමාටත් තමාගේ පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව තිබූ සියලු අපරාධ විමර්ශන නවතා දැමුවේය. එහෙත් ඔහු එසේ කරන මොහොතේම, නඩු පැවරීමෙන් ඔහුට ඇති මුක්තිය ඉවත්ව යන බව විචාරකයෝ කියති. ගෝඨා ගෙදර යනු කියා ජනතාව හඬ නගති. එහෙත් ඔහුට ගෙදර යා නොහැක්කේ ඔහුට විරුද්ධව නඩු ඇති බැවිනි’ යි ඇඩ්වොකාටා ආයතනයේ අධ්‍යක්ෂ මුර්ටාසා ජැෆර්නි කියා සිටියේය. ඔහු එසේ කළ විගස ඔහු තවදුරටත් රාජ්‍ය නායකයා වන්නේ නැත. ඔහුට ඇති  සියලු ආරක්ෂා ඉවත යයි.

විරෝධතා රැලි වළක්වනු පිණිස රාජපක්ෂ මහතා ගෙන ආ හදිසි තත්ත්වය ශ්‍රී ලාංකිකයෝ එක හෙළා ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දැක්වූවෝය. ගෝඨා ගෙදර යනු කියා යළි යළිත් හඬ නගා ඉල්ලා අස්වී ඔහු ද්විත්ව පුරවැසිභාවය දැරූ ඇමෙරිකා එක්සත් ජනපදයට යන ලෙස ඔවුහු බල කළහ.

ඉහළ යන ආහාර මිල සහ ඉන්ධන මිල සමග ජනතාවගේ කෝපය ඇවිළී යද්දී ශ්‍රී ලංකාවේ කැබිනට් ඇමැතිවරුත් මහ බැංකු අධිපතිවරයාත් ඉල්ලා අස් වූහ. රජය හා එක්ව හවුලේ කටයුතු කරන ලෙස ජනාධිපති රාජපක්ෂ සියලු පක්ෂවලින් ඉල්ලා සිටියේය. එහෙත් රටේ ආර්ථික අර්බුදය උග්‍ර වෙත්ම පාරට බට විරෝධතාකරුවෝ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන තුරු නොනවතින්නෙමුයි කියා සිටියහ. දැඩි පීඩාවට පත්ව කෝපයෙන් ඇළලී ගිය ජනයා බොහෝ විට එක් පුද්ගලයකු ඉලක්ක කරගත් පුවරු අතැතිව සටන් පාඨ හඬ නැගුවෝය.

ගෝඨා ගෙදර යනු ගෝඨා ගෙදර යනු ඔවුහු මොර දුන්නෝය.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටෙත්ම ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන උදෙසා මිල ගෙවා ගත නොහැකි විය. කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම ඊට එක් හේතුවක් වුවද බොහෝ අය පවසන්නේ ජනාධිපතිවරයාගේ කළමනාකරණයේ අවුල් සහගත බව නිසා මෙම අර්බුදය සිදුවූ බවයි. රාජපක්ෂ මහතා 2019 බලයට පත්වූ පසු හඳුන්වා දුන් බදු කපා හැරීමේ සහ ආනයන සීමා කරන ප්‍රතිපත්ති, අර්බුදය අත්සන්න කිරීමට හේතුවූ බව විශේෂඥයෝ පවසති. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අකැමැති වීම ද ඊට හේතු විය. වර්තමාන තත්ත්වය උදෙසා මීට පෙර පැවැති ආණ්ඩුවලට රාජපක්ෂ මහතා දොස් නැගුවද, මේ සම්බන්ධ පූර්ණ වගකීම භාරගෙන සැණින් ඔහු ඉල්ලා අස්විය යුතු බව බොහෝ අය කියති.

මේ අතර කොළඹ සිටිනා යුරෝපා සංගමයේ නියෝජිතයකු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකීය බලධාරින්ට බල කොට කියා සිටියේ සියලුම පුරවැසියන්ට නිදහසේ ඒකරාශීවී නිදහසේ සාමකාමීව විසිර යාමට ඇති අයිතිය ඇතුළු ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරැකිය යුතු බවයි.

මේ අතර රටේ විදේශ විනිමය සංචිත 2020 ජනවාරි මාසයේ පටන් සියයට 70 කින් පහළ බැස ඩොලර් බිලියන 2.3 ක් බවට පසුගිය පෙබරවාරියේ පත් වූයේ ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 4 ක් පමණ ණය ගෙවීමට තිබියදීය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින සංචිත ප්‍රමාණවත් වන්නේ යාම්තමින් මාසයක කාලයකට ආනයන භාණ්ඩ ලබා ගැනීම සඳහාය. විදේශ සංචිත හිඟය නිසා ආහාර, ඖෂධ හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දෑ ආනයනය කර ගත නොහැකිව අසීරුවට පත්වනු නියතය. මෙම අභියෝග නිසා විදුලිබල උත්පාදනය කපා හැර පැය කිහිපයකට පමණක් විදුලිය දීමට සිදුවනු ඇත. ඉන්ධන පිරවුම් හල්වල දිගු පෝලිම් අඩු නොවනු ඇත.

මුද්‍රණ ද්‍රව්‍ය හිඟය නිසා පුවත්පත් හා මුද්‍රණ කර්මාන්තයට ද මේ වන විට පහර වැදෙමින් පවතී. කඩදාසි හිඟය නිසා පාසල් විභාග ද කල් දැමීමට සිදුවේ.

ගෝඨාභය රාජපක්ෂ 2019 බලයට ආවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමිනි. ඔහු සිදු කළ බදු කපා හැරීම් නිසා බදු ආදායම් රුපියල් බිලියන ගණනාවක් රජයට අහිමි විය. ණය බරෙන් මිරිකෙමින් තිබූ ආර්ථිකයට එම තත්ත්වය තවත් පීඩනයක් ඇති කෙරිණි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රතිශතය කෝවිඩ් වසංගතයට පෙරම දැඩි අස්ථාවර භාවයකට එළඹ තිබිණි.

2019 දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 94 ක්ව පැවැති රාජ්‍ය ණය 2021 දී සියයට 119 ක් දක්වා වැඩි වූයේය.

ඉන්දියාව, චීනය හා ජාත්‍යන්තර අරමුදල පිහිටට පැමිණේද?

ඉන්දියාවේ සහ චිනයේ සහයෝගය ලබා ගැනීමට ද රජය පෙළඹුණේය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය උදෙසා ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට උත්සාහ කළ බව පසුගියදා වාර්තා විය. ඊට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඩො. බිලියනයක ණයක් ලබාගැනීම උදෙසා නවදිල්ලිය සමග ගිවිසුමකට එළඹුණේය. ඊට අමතරව ඩො.මි. 400 හුවමාරු ණයක් ඉන්දියාවෙන් ලැබිණි. මෙම වසර මුල දී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම උදෙසා ඩො. මිලියන 500ක තවත් ණයක් ඉන්දියාවෙන් ලැබිණි.

මේ අතර මූල්‍ය අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කර දෙන ලෙස ශ්‍රී ලංකාව, චීනයෙන් ඉල්ලා සිටියේය. තවත් ඩො.බි. 2.5 ක ණයක් ලබා ගැනීම සඳහා චීනය සමග සාකච්ඡා පැවැත්විණි. මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කළ ද මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ දක්වා ප්‍රතිලාභ නොලැබෙන යෝධ යටිතල පහසුකම් උදෙසා ඔහුගේ සොයුරා වැඩි වැඩියෙන් ණය ලබා ගෙන තිබිය දී ගෝඨාභය රාජපක්ෂ බදු කපා හැරදා තවත් ණය ගනිමින් සිටී. ඉදිරියේ දී ගෙවීමට ඇති බොහෝ ණය පැහැර හැරීමත් සිදුවිය හැකි බවට විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.

 

රසායනික පොහොර තහනම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පනවනු ලැබූ රසායනික පොහොර තහනම රටේ ආහාර සුරක්ෂිත භාවයට තර්ජන එල්ලකොට ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ බවට සැකයකින් තොරව ඔප්පු වූයේය. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඈතට දිවෙන අහිතකර ප්‍රතිඵල රසායනික පොහොර තහනමින් ඇතිවිය. කළ වරද නිසා රට වැසියා ආහාර උදෙසා අධික මිල ගෙවමින් ඉන්නා අතර එම වරදම කරන ලෙස නැවත නැවත ඉල්ලා සිටී.

ආහාර සුරක්ෂිතභාවයට හානි කරමින් සිදු කරන ලද මෙම විනාශයට පූර්ණ වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතුය. තමා ජාතික ආරක්ෂාව තහවුරු කළ බවට ජනාධිපතිවරයා පුරසාරම් දෙඩුව ද ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක් වූ ආහාර සුරක්ෂිතභාවය ගැන මූලික දැනුමක් ඔහුට නොමැති බව සාමාන්‍ය දැනුමක් ඇති කාට වුව වැටහේ.

 

දේශපාලන පලිගැනීම්වලට ගොදුරු වූවන් පිළිබඳ සොයාබලන කොමිසම අපරාධකරුවන් නිදහස් කිරීම

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සභාපතිත්වයෙන් හා අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක සහ රාජපක්ෂ හිතවාදී හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන අයගෙන් මෙම කොමිසම සමන්විත විය. අබේරත්න කොමිසම, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු හා රාජපක්ෂ ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග සහ හමුදාවේ සිටි මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු සමීපතමයන් වරදින් නිදොස් කොට නිදහස් කිරීම උදෙසා නිර්දේශ දීමේ කොමිසමක් ලෙස ක්‍රියා කළේය.

නිශ්ශංක සේනාධිපති, ඈත මුහුදේ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කිරීම උදෙසා ආයුධ සැපයූ ඇවන්ට් ගාර්ඩ් ආරක්ෂක සේවාවේ මෙහෙයුම් කළ බවට චෝදනා ලබා තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ඇමෙරිකාවේ, ශ්‍රී ලංකා තානාපති ධුරය දැරූ ඔහුගේ පළමු ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරිය ඇ.ඩො. 300000 ක් අවභාවිතා කළ බවට ඔහුට අපරාධ චෝදනා එල්ලවී තිබිණි. එම චෝදනාවලට අදාළ විමර්ශන මෙහෙය වූයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩගේ මූලිකත්වයෙනි. ඔහුට එරෙහි චෝදනා ඉවත ලිය යුතු බවට කොමිසම නිර්දේශ කිරීම උත්ප්‍රාසයට කාරණයකි. දැන් ඔහු ඇමරිකානු අධිකරණයේ එම චෝදනාවලටම වැරදිකරුවකු බවට පත්වී ඇත.

 

දඬුවම් විඳින මිනීමරුවන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම

ජනාධිපතිවරයාගේ දේශපාලන හිතවතුන්ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ලැබී තිබේ. සිල්වාට 2016 දී මරණ දඬුවම නියම වූයේ තවත් සිව් දෙනකු සමග එක්වී භාරත ලක්ෂ්මන් මරා දැමීම සම්බන්ධයෙනි. ප්‍රේමලාල් ජයසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත හිටපු ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන්, රත්නපුර මහාධිකරණයෙන් ඔවුන්ට පැනවූ මරණ දඬුවම් ශුන්‍ය කරන ලෙස ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කරන ලදුව ඔවුන් එම දඬුවම්වලින් නිදහස් කරනු ලැබිණි.

 

දේශප්‍රේමියෝ ජාතික සම්පත් විකුණා දමති

ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දමන ආණ්ඩුවලට විකල්පයක් ලෙස රාජපක්ෂවරුන් බලයට පැමිණි බවත් දැන් ඒ දේම කරමින් කොළඹ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට අමතරව ගාලු වරායට අයත් ඉඩම් අවුරුදු 35 ක බද්දට දීමට යන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ කියා තිබේ. දැනට පොලිසිය භාරයේ ඇති යාබද ඉඩම්ද 99 අවුරුදු බද්දට දීමට යන බව ඔහු කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔහුගේ ජනාධිපතිත්වය යටතේ ජාතික සම්පත් විකුණා නොදමන බවට ප්‍රතිඥා දෙනලදී. ජාතික සම්පත් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි දේශපාලකයන් ගෙන් ඒවා ආරක්ෂා කර ගන්නට ජනතාවට පාරට බසින්නට සිදුවීම මහත් අවාසනාවකි.

 

මුදල් අච්චු ගැසීමේ න්‍යාය වැරදි වග සනාථ වීම

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අච්චු ගැසීම සහ දේශීය මුදලට, විදේශ විනිමය වෙළෙඳ පොළේ පවතින අගය හා සම්බන්ධතාවක් නැති බව අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේය. පාසල් සමයේ ආර්ථික විද්‍යාව හැදෑරූ ශිෂ්‍යයකු ලෙසත් අනතුරුව අාර්ථික විද්‍යාව උදෙසා ආචාර්ය උපාධියක් ලබා ගත් අයෙකු ලෙසත්, පමණට වඩා මුදල් අච්චු ගැසූවිට එහි වටිනාකම ගිලිහී යන බවට කබ්රාල්ට එරෙහිව තර්ක කරන්නට මම කැමැත්තෙමි. එසේ වන්නේ ආර්ථිකයේ නියමිත ප්‍රතිඵල ලබා ගත හැකි මට්ටම ඉක්මවා මුදල් සැපයුම වැඩි කළ විට ආර්ථිකයේ උද්ධමනය වැඩිවීම නිසාය.

 

රාජපක්ෂ කල්ලියේ බලය ගිලිහීයාම

පසුගිය මාසය දක්වා තුනෙන් දෙකේ බහුතරය හිමිකරගෙන තිබූ පාලක සභාගය දැන් පැවැත්ම උදෙසා සටනක යෙදී සිටී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලග්‍රහණය දැන් ගිලිහී යමින් පවතී. පසුගියදා පාලක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු බහුතරය, මන්ත්‍රීවරු 41 දෙනෙකු ඉවත්ව යාමත් සමග ගිලිහී ගියේය.

 

සන්නද්ධ හමුදා හා පොලිසියට පණිවිඩයක්

අවුරුදු 36 ක ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කිරීමෙන් ලත් අත්දැකීම්වල පසුබිම යටතේ සන්නද්ධ හමුදාවලට හා පොලිසියට උපදේශයක් දීමට මම කැමැත්තෙමි. නීත්‍යනුකූල නොවන උපදෙස් ඔබට ඔබේ ඉහළ නිලධාරින්ගේ ධුරාවලියෙන් නිකුත් කළ විට ඒවා ක්‍රියාත්මක නොකර සිටීමට ඔබට අයිතියක් ඇත.

(විශ්‍රාමික මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරාගේ ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයකි)

 

(*** පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ)



අදහස් (2)

දැක්මක් නැතිකමේ සාපය

pakeer Thursday, 21 April 2022 11:28 AM

කරුමය නම් ,තවමත් සැලකිය යුතු පිරිසක් පවතින ක්‍රමය සහ පාලනය කරන්නවුන් හරි යැයි පවසන අතරම කිසි වෙකුටත් දැක්මක් පිලිබඳ කිසිඳු තැකීමක් නැති කමත්ය .සැවොම කියනුයේ ඔවුන්ට දුන්නොත් ඔවුන් කරන්න දන්නවා කියන එක පමණි .ජාතික දැක්මක් සමඟ සැලකිය යුතු ආකල්පමය වෙනසක් අපට අවශ්‍යව ඇත .එය පුද්ගල වෙනසකින් කල නොහැක.අපි සැවොම අපි අතින් විය යුතු සමාජ මෙහෙවර නීතියෙහි පිහිට මනුෂ්‍යත්වයේ පිහිට කිරීමට කිසිවෙකුත් උත්සාහ ගන්නේ නැත

:       0       4

Dr. A. Farook Saturday, 23 April 2022 04:21 AM

කටින් බතල හිටවනවා. හමුදාවේ වැඩකරන කාලේ මෙයත් එක්ක වැඩකළා. පොර ටෝක්ස් විතරයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2854 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12034 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 931 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1005 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site