ගෑස් ළිප් පුපුරා යාමෙන් සිදුවන අනතුරු තවමත් නිම වී නැත. ලිට්රෝ ගෑස් සමාගම කෙතරම් සහතික දුන්නත් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළත් ගෑස් සම්බන්ධ හදිසි අනතුරු හමාර නොවීම බලවත් ප්‍රශ්නයකි. මේ නිසා නිවසක ගෑස් ළිප සමඟ කටයුතු කරන ගෘහණියන්ට බලවත් භීතියෙන් හා සැකයෙන් මුළුතැන්ගෙයි කටයුතු කරන්නට සිදුව තිබේ.
ගෑස් ලිප් පිපිරීම නිසා මරණ ද වාර්තා වූ අතර නිවාස, කඩවල්වල ගිනි ගැනීම් රැසක් ද සිදුව තිබේ. මෙවන් අනතුරුවලින් තුවාල ලැබූවෝ විශාල පිරිසකි. ගෑස් සම්බන්ධයෙන් දැනට මාස දෙක තුනක සිට හටගෙන තිබෙන මෙකී අනපේක්ෂිත තත්ත්වය තවමත් පාලනය කරගන්නට නොහැකිවීම නිසා ලිට්රෝ සමාගමටත් එය පාලනය කරන රජයටත් එල්ල වන චෝදනා බරපතළය.
ගම් හා නගර දෙකෙහිම අද බහුලව භාවිත කෙරෙන බලශක්තිය බවට ගෑස් පත්ව තිබේ. මහබැංකු සංඛ්‍යාලේඛන අනුව වසරකට මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් හාරලක්ෂ විසිදහසක් (4,20,000) ක් අවශ්‍ය වන අතර මාසිකව නම් ගෑස් මෙට්‍රික් ටොන් තිස්දහසක් (30,000) ක් පමණ වුවමනා කෙරේ. මෙම ගෑස් මැදපෙරදිග, ඕමානය ඇතුළු රටවලින් ආනයනය කෙරෙන අතර ලංකාවේ ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක මෙහි අලෙවිකරුවෝය.
අතීතයේ කොළඹ ජල කර්මාන්ත සහ ගෑස් සමාගම කළ කාර්යය දැන් මෙකී සමාගම්වලට පැවරී ඇත. දැනට රට තුළ හටගෙන තිබෙන ගෑස් පිපිරීම් සමඟ ගෑස් හිඟයක් ද පවතී. තවමත් බොහෝ ප්‍රදේශවල ගෑස් සඳහා වන පෝලිම් දක්නට ඇත. වරු ගණන් පෝලිම්වල සිට ලබාගන්නා ගෑස් සිලින්ඩර නිවසේ ගෑස් ළිපට සවිකළ විට එය අනපේක්ෂිත ලෙස පුපුරා යන්නේ නම් ජනතාව මේ අවනඩුව කාට කියන්නේද යන්න ප්‍රශ්නයකි.
ගෑස් සමාගම කුමක් ප්‍රකාශ කළද ගෑස්වල ප්‍රමිතියේ හෝ සිලින්ඩරය ආශ්‍රිත සෙසු උපාංගවල ප්‍රමිතියේ කුමක් හෝ දෝෂයක් නිසා මෙකී අනතුරුදායක තත්ත්වය හටගෙන තිබෙන බව නොරහසකි. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ මූලික නිර්දේශයක් වූයේ ගෑස් සංයුතියේ ප්‍රමිතිය මෙන්ම උපාංගවල ප්‍රමිතිය ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කර නිර්දේශ කළ පසු අදාළ අලෙවි කටයුතු කළ යුතු බවයි. අවශ්‍ය කටයුතු නිසි ලෙස සිදු කර ගෑස් සිලින්ඩරයේ විශේෂ රතු මුද්‍රාවක් තබා ප්‍රමිතිගත ගෑස් අලෙවි කරන ලෙස ද එම කමිටුව නිර්දේශ කර තිබුණි.
අනතුරුව ගෑස් සමාගම ප්‍රකාශ කළේ ගෑස් සංයුතියේ කළ වෙනස්කම් නිවැරදි කළ බවත් ගෑස් අලෙවියට පෙර කළ යුතු ජල පරීක්ෂණය ඇතුළු පූර්ව පරීක්ෂණ සියල්ල වඩාත් විධිමත් ලෙස සිදු කරන බවත්ය. එලෙස දෝෂ නිවැරදි කර වෙළෙඳපොළට රතු මුද්‍රාව තබා නිකුත් කළ ගෑස් සිලින්ඩර භාවිත කරන්නට පටන්ගත් විට ඒවා නිසා ද ගෑස් ළිප් පුපුරා යන්නට පටන් ගත්තේය. මෙය හතරබීරි කතාවක් බවට පත්වන්නේ එතැන් සිටය. මේ නිසා අසරණ වී සිටින පාරිභෝගිකයන් මේ පැමිණිල්ල ගැන කියන්නට කෙනකු නොමැතිව කරන්නේ ආණ්ඩුවට පස්පඩංගුවේ බැණ වැදීමයි. ගෑස් හිඟය හා ගෑස් ළිප් පුපුරා යාම, විදුලිය කප්පාදුව ආදී බලශක්ති ක්ෂේත්‍රයේ හටගෙන තිබෙන අර්බුද නිමක් නැත.
ගෑස් ප්‍රශ්නය ගත් කල මෙයට අදාළව ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන ගණනාවකි. ගෑස් සමාගම්, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මහජන උපයෝගීතා කොමිසම, විෂය භාර අමාත්‍යාංශය මෙකී වගකිව යුතු ආයතන අතර ප්‍රධානය. මෙතරම් රාජ්‍ය ආයතන ව්‍යුහයක් තිබුණ ද මාස ගණනක් තිස්සේ ගෑස් අනතුරු පාලනය කර ගන්නට බැරිවීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට බලවත් අනතුරක් සිදුකර ඇත. ජනාධිපතිවරයා පසුගියදා කෙළවරපිටිය ගෑස් අංගනය පරීක්ෂා කළේය. එදාම ලිට්රෝ ගෑස් සභාපතිවරයා වහාම සේවයන් පහ කළේය. ඉන් පැයකට පසු ඔහුම ඊට පත් කළේය. මේ සියල්ල අපට තේරුම්ගත නොහැකි අපභ්‍රංස සිදුවීම්ය. කෙසේ හෝ ගෑස් අනතුරුවලින් විපතට පත්වූවන්ට රජයේ නියමය අනුව වන්දි ගෙවන බව ගෑස් සමාගම පවසයි.
දැනට ලංකාවේ ගෑස් අලෙවි කරන ප්‍රධාන අලෙවි නියෝජිත ආයතන 42ක් සහ සිල්ලර වෙළෙඳ නියෝජිතයන් 12,000ක් රට පුරා ක්‍රියාත්මකය. මාසිකව නෞකා හතක් මෙරටට ආනයනය කරන ගෑස්වලින් නිපදවන සිලින්ඩර 80,000ක් පමණ මේ දිනවල දෛනිකව අලෙවි කරන බවද ලිට්රෝ සමාගම පවසයි. මෙය විශාල අලෙවි ජාලයකි. නිෂ්පාදන ක්‍රියාවලිය ද ඉතාමත් සංකීර්ණ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එම සංකීර්ණ තත්ත්වය තුළ ද ආරක්ෂිත ප්‍රමිතිගත ගෑස් ජනතාවට ලබාදීමට සමාගම සමත් විය යුතුය. ‘‘පුපුරන්නේ ගෑස් ළිප පමණයි. මෙය වෑල් එකේ දෝෂයක්. නැත්නම් ගෑස් බටයේ වරදක්’’ ආදී ජනතාව කේන්ති ගස්සන සුරංගනා කතා නොකියා අනතුරුදායක නොවන ගෑස් සිලින්ඩර ජනතාවට ලැබෙන තෙක් මෙම අර්බුදය එලෙසම පවතිනු ඇත.
අපට පෙනෙන්නට තිබෙන ආකාරයට අදාළ සමාගම ගෑස් පිපිරීම් ගැන කවර උත්තර ලබා දුන්නද තවමත් ඊට බලපාන සැබෑ හේතුව හඳුනාගෙන නැත්ද යන සැකය හටගනී. එය යාන්ත්‍රික හෝ තාක්ෂණික හේතුවක් නොවේ නම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට ද පුළුවන. මේ කුමක් වුවත් ගෑස් අර්බුදයට අවශ්‍ය වන්නේ විධිමත් විසඳුමකි. විසඳුම පමාවන තාක් කල් ජනතාව ආවේගශීලීව බැණ වදින්නේ රජයටය. රජයෙන් ද මීට නිසි විසඳුමක් නොලැබේ නම් ජනතාවට මේ අවනඩුව කියන්නට සිදුවන්නේ දෙවියන්ට පමණි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිගින් දිගට ඇදෙන ගෑස් හිඟය සමග පිපිරීම් ශබ්දය