ළඟදී එළිදුටු අයවැය රට ගිනියම් කළ දෝෂාභියෝගය ඇතුළු කාලීන දේශපාලනය ගැන ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ මතවාද මොනවාද? මාතලේ දිස්ත‍්‍රික් එජනිස මන්ත‍්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා ගේ ප‍්‍රතිචාර හා මතවාදයි මේ. ප‍්‍රශ්නය:- රට අද සමාජ ආර්ථික දේශපාලන මෙන්ම සදාචාරාත්මක පැත්තෙන්ද ව්‍යාකූල හා ගිනියම් වී ඇති පසුබිමක නීතිඥයකු හා ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරයකු ලෙසත් අග‍්‍රවිනිශ්චයකාර තුමියට එරෙහි දෝෂාභියෝගය ගැන ඔබේ මතය කෙබඳු ද? ඔබ ඊට අත්සන් කළාද? පිළිතුර:- ඔව් මම ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරු මන්ත‍්‍රීවරු 117 ක් අත්සන් කළා. එතුමියට එරෙහි චෝදනා 14 කට එරෙහිවයි අත්සන් තැබීම කළේ. එතුමියට හෝ අධිකරණයට පහර ගහන්න අධිකරණය තමන්ට නතු කරගන්න ආණ්ඩුවට අවශ්‍යතාවක් නෑ. මෙහිදී විපක්‍ෂය කරන විග‍්‍රහ අපි ප‍්‍රතික්ෂේප කරනවා. දෝෂාභියෝගයක් යනු රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු නියෝජිතයන්ට රට නිවැරදි කරන්න ලබාදී ඇති අයිතියක්. මන්ත‍්‍රීවරුන්ගේ තීන්දුවක් මත අත්සන් කර කතානායකතුමාට බාරදුන් දෝෂාභියෝගය ගැන විමර්ශනය කරන්න එතුමා තේරීම් කාරක සභාවක් කැඳෙව්වා. කතානායකතුමා ආණ්ඩුව වෙනුවෙනුත් විපක්ෂය වෙනුවෙනුන් නියෝජිතයන් පත් කරලා එය දැන් ඉදිරියට යනවා. අධිකරණය හා විවිධ පාර්ශව ඒ කාරක සභාවට එරෙහි තර්ක ඉදිරිපත් කළාම එතුමා පැහැදිලි තීන්දුවක් දුන්නා. පාර්ලිමේන්තුවේ කටයුතුවලට කාටවත් අත තියන්න බැහැ කියලා. ඒ තීන්දුව ජනතාව පත්කළ නියෝජිතයන්ගේ හා පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීමක්. එහෙම නොවුණොත් පාර්ලිමේන්තුව පවා අවුල් කරන ජාතික හා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට ඉඩ ලැබෙනවා. ප‍්‍රශ්නය:- ඒත් ඔබ ඇතුළු බොහෝ පසුපෙළ මන්ත‍්‍රීවරු මෙන්ම ඇමැතිවරු දෝෂාභියෝගයේ චෝදනා හෝ නොදැක හිස් කොළවල අත්සන් කළේ දැයි? පිළිතුර:- ඒක අසත්‍යයක්. මම නීතිඥයෙක් ලෙස යමක් නොකියවා අත්සන් කරන්නේ නෑ. විපක්‍ෂය ප‍්‍රචාරය කරන්නේ බොරුවක්. හිස් කොළවලට අත්සන් කළා නම් ඒක දන්නේ අත්සන් කළ අය විතරයි. එහෙම කෙනෙක් මේක කියල නෑ දේශපාන වාසි තකා විපක්‍ෂය කරන මුළාවට ජනතාව රැවටෙන්නෙ නැහැ. අනික දෝෂාභියෝගයේ චෝදනා ජනමාධ්‍ය වලින් පළවුණා. හංගන්න දෙයක් තිබුණේ නෑ. ප‍්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුවට වාසිවන හා විපක්‍ෂයට අවාසි වන තීන්දු දෙනවිට තමුන්නාන්සේලාට ඔවුන් හොඳයි. ඒත් පළාත් සභාවල විෂයයන් දිවි නැගුම පනතෙන් ආණ්ඩුවට පවරා ගන්නට නම් පළාත් සභාවල අවසර ගත යුතු බව හා ආණ්ඩුව අනාගත් ඉසෙඞ් ස්කෝර් ප‍්‍රශ්නවලට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දුන්නාම නේද ආණ්ඩුව කෝප වුණේ? පිළිතුරු:- ඒ චෝදනා දෙක මෙන්ම අද ආණ්ඩුවට එල්ල කරන සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. මොකද මේ තරම් ජනතාවාදී ජනාධිපතිතුමෙක් හා ආණ්ඩුවක් රටේ තිබිල නෑ. දිවි නැගුම හරහා රටේ දිළිඳුකම තුරන් කරන්නයි ආණ්ඩුව හදන්නේ. පළාත් සභා පවතින්නේ මධ්‍යම ආණ්ඩුවේ යටතේ ඇති ආයතන ලෙසයි. අනික සියලූ ඒවායේ බලය තියෙන්නෙත් සන්ධානයටයි. එවැනි පසුබිමක මධ්‍යම රජයේ තීන්දුවකට දිළිඳුකම තුරන් කිරීමේ වැඩ පිළිවෙළකට පළාත් සභා විරුද්ධ වෙන්නෙ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරන දෙයක් වුණත් පාර්ලිමේන්තු 2/3 කින් සම්මත කිරීමේ හැකියාව මේ ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා දිවි නැගුම තීන්දුව නිසා ආණ්ඩුව කෝප වෙලා දෝෂාභියෝගය ගෙනාවා කීම මම ප‍්‍රතික්ෂේප කරනවා. අධිකරණයේ ඉහළ තනතුරු දරන අය චෝදනා එල්ල කළ හැකි අය බවට පත්විය යුතු නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය හා පවිත‍්‍රකම තවත් ශක්තිමත් කරන්නයි ආණ්ඩු ක‍්‍රියා කරන්නේ. ඒක අපේ වගකීමක්. අනික පාර්ලිමේන්තුවේ උත්තරීතර බවට අධිකරණයට අභියෝග කළ නොහැකි බව සනාථ කිරීමත් ආණ්ඩුවේ අරමුණයි. දෝෂාභියෝගය ගැන විපක්‍ෂයේ වගේම ආණ්ඩුවේත් මන්ත‍්‍රීවරු අතර විවිධ පෞද්ගලික මතවාද තිබුණත් මේ කරන්න යන්නේ කව්රුවත් අත නොගහපු හොඳ වැඩක්. ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ අය අගවිනිසුරුවරියට චෝදනා කරලා පැමිණිලිකාරයාත් වෙලා නඩුත් අහලා අන්තිමේ තීන්දුවක් දීම සදාචාරාත්මකදැයි අහන අයට ඔබට දෙන්න පිළිතුරක් තියෙනවාද? තේරීම කාර සභාවේ 11:4 සංයුතිය සාධාරණද? පිළිතුර:- සංයුතිය අඩු වැඩි වුණත් ආණ්ඩුවෙන් හා විපක්‍ෂයෙන් පත් වූ අය මතු කරන අදහස් හා ලබාදෙන තීන්දු කොපමණ යුක්තිගරුක ද? සාධාරණ ද? නැත්නම් පළිගැනීමට කළා ද කියලා ජනතාවට තීන්දු කරන්න පුළුවන්. එතුමියට අදාළව නඩුවලදීත් ඒවා අහන්න පත් වෙන්නේ අග‍්‍රවිනිශ්චකාරතුමියම පත් කරන අයයි. එතුමිය එක්ක එකට නඩු අහපු අයත් අදත් ඒ රාජකාරි කරනවා. එහෙනම් අපි ඒවාත් විවේචනය කළ යුතුයි. ඒත් එහෙම එකක් නැහැ. පාර්ලිමේන්තු නියෝජිතයන් එවන්නේ ජනතාවයි. ව්‍යවස්ථාව අනුව ඒ නියෝජිතයන්ට ඇති අයිතිය අනුවයි ඔවුන් මේ තේරීම් කාරක සභාවට පත් වුණේ. විදේශ හෝ දේශීය විනිශ්චයකාරවරු හෝ වෙනත් අය ගෙනැත් මෙවැනි දේ විමර්ශන කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් ජනතාව පත්කළ පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසේවි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් මේ දෝෂාභියෝගය ගැන විමර්ශනය කිරීම සදාචාරයට අදාළව කිසිදු ගැටලූවක් ඇති කරන්නෙ නෑ. අනික සියල්ල සිදුවන්නේ රටේ ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවරය නියෝගවලට අනුවයි. ප‍්‍රශ්නය:- දිවි නැගුම පනත හරහා මේ ගැටුම නිර්මාණය නොවූ බව ඔබ කිව්වත් මේ ගැටුමේ හැඩරුව එළියට පැනපු මුල් අවස්ථාව වුණේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට මැර ප‍්‍රහාරයක් එල්ල වීමයි. දැන් අග‍්‍රවිනිශ්චයකාරතුමියට දෝෂාභියෝගය ඇවිත්. මේ දෙකම පිටුපස ඉන්නේ ආණ්ඩුව බවට ඇති මතය ගැන ඔබේ ප‍්‍රතිචාර? පිළිතුර:- ලේකම්ට පහරදීම පිටුපස ආණ්ඩුව ඉන්නා බව කීම ප‍්‍රතික්ෂේප කරනවා. මැරයන් අල්ලා ගැනීම පොලිසියේ වගකීමක්. ඒක ඉක්මනින් ඉටුවිය යුතු බව මගේත් ස්ථාවරයයි. මේ රටේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණ කියන ප‍්‍රධාන කුලූනු 03 ක් තියෙනවා. ඒත් රණසිංහට එරෙහිව අල්ලස් කොමසාරිස් නඩුවේදී එවකට අග‍්‍රවිනිශ්චයකාර සන්සෝනි මහතා කිව්වේ ඒ කුලූනු 03 ට අමතරව 04 වැනි කුලූණකුත් තිබෙන බවයි. ඒ අධිකරණ සේවා කොමිසමයි. පසුගිය කාලේ ඔය කොමිසමේ දී ඇතැම් තීන්දු ගැන අපට හිතන්න වෙලා තියෙනවා. අධිකරණයේ ඉන්නේත් මිනිස්සු මිසක් දෙවිවරු නෙවෙයි. ඒ මිනිස්සු හිතා මතාම වැරදි කරන පසුබිමක් තිබෙනවා. මේවා එළිපිට කතාකරලා ඒ තැන් නිවැරැදිවීම ඉතා අවශ්‍යයි. එවිට ජනතාවට වඩාත් ස්වාධීන අධිකරණයක් ලැබේවි. අද විනිසුරුවරු බඳවා ගැනීම පත් කිරීම උසස්වීම් දීම මාරු කිරීම සහ විනය පවත්වාගෙන යාම කරන්නේ අධිකරණ සේවා කොමිසමයි. එහි ලේකම් ලෙස කනිෂ්ඨ කෙනෙක් පත් කිරීම අදත් එතැන නිවැරදි වෙලා නැහැ කියන එකට නිදසුනක්. ඔහු සැබෑ හේතුවක් නැතිව පුවත්පත් නිවේදන නිකුත් කළා. අධිකරණයේ ස්වාධීනත්වය නැතිවේගෙන එන නිසා ජනතාව අවදිවෙන්න කියලා වගේ එකක් එතුමා කියා තිබුණේ. මේ රටේ අනික් හැමෝටම සාධාරණය ඉල්ලා යන්න තැනක් තියෙනවා. රාජ්‍ය සේවා කොමිසමෙන් අසාධාරණයක් වුණොත් පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට හෝ උසාවියට යන්න පුළුවන්. ඒත් රටට යුක්තිය දෙන විනිශ්චයකාරයාට අසාධාරණයක් වුණොත් ගෙදර යනවා මිසක් යුක්තිය ඉල්ලා යන්න තැනක් නැහැ. ඒ නිසා පසුපෙළ මන්ත‍්‍රීවරයෙකු හා නීතිඥයකු ලෙස මම මේ ආණ්ඩුවට කියන්නේ අධිකරණ සේවා කොමිසම ගැන අවධානය යොමු කරලා එතැන නිවැරදි කළ යුතු බවයි. ප‍්‍රශ්නය:- 94 ඉඳලා වසර 18 ක් පුරා බලයේ ඉන්න මේ ආණ්ඩුව මේවා නිවැරදි නොකිරීම මේ ආණ්ඩුවේම වරදක් බව ඔබ පිළිගන්නවාද? පිළිතුරු:- ඇත්ත ඒත් මෙතැන තව පැත්තක් තියනවා. ආණ්ඩුව මේක නිවැරදි කරන්න ගියා නම් අධිකරණයට ඇඟිලි ගහනවා. ඒකේ ස්වාධීනත්වය කෙලෙසනවා කියලා විපක්‍ෂය කෑගහනවා. ජනමාධ්‍ය හඬ නගාවි. ඒක රටේ අවාසනාවක්. ඒත් මේ ප‍්‍රශ්න මෝරලා අසාධාරණයට ලක් වූ ජනතාවගේම පැත්තෙන් විනිශ්චයකාරවරුන්ගේ පැත්තෙන්ම හඬක් ආවාම කාටත් ඇත්ත තේරෙනවා. දැන් ඒ පසුබිම ඇති වෙලා තියෙන්නේ. ආණ්ඩුව දැන් මීට මැදිහත් වෙලා වැරදි නිවැරදි කළ යුතුයි. බුදුන්වහන්සේ පවා විනය නීති පැනෙව්වේ සමාජයේ අවශ්‍යතා ඇති වූ පසුබිමක කාලෙන් කාලෙටයි. මේ ජනාධිපතිතුමා අධිකරණයට ඇඟිලි ගැහුවේ නෑ. ඒත් සමාජය හා ජනතාවගේ පැත්තෙන් ඉල්ලීම් එනකොට මන්ත‍්‍රීවරුන්ගෙන් හඬ නැගෙනකොට ජනාධිපතිතුමාට මැදිහත්වීමක් කරන්න වෙනවා. එතුමා එසේ නොකළොත් රටට විශාල ප‍්‍රශ්නයක් වෙනවා. එතුමා දැන් කි‍්‍රයාත්මක වීම පටන් අරන් තිබෙන්නේ ඒ තුළයි. ප‍්‍රශ්නය:- ඒත් රාජ්‍ය සේවය, පොලිසිය ජනමාධ්‍ය, මැතිවරණ කටයුතු ආදී සකල විධ ක්ෂේත‍්‍ර මෙන්ම අධිකරණයත් තමන් නතු කරගැනීමේ ආණ්ඩුවේ දේශපාලන අරමුණ මේ දෝෂාභියෝගය තුළ තිබෙනවා නේද? පිළිතුර:- නැහැ අද දියත්ව ඇති කි‍්‍රයාදාමයේ අවසන් අරමුණ අධිකරණය ආණ්ඩුව නතු කර ගැනීම හෝ කාගෙන්වත් පළිගැනීම නොව ස්වාධීන හා පිරිසිදු අධිකරණයක් රටට ජනතාවට උරුම කරදීමයි. මේ රටේ මහේස්ත‍්‍රාත් අධිකරණවල දිසා අධිකරණවල විනිශ්චකාරවරු 220 ක් ඉන්නවා. ප‍්‍රාථමික අධිකරණ ගත්තාම මේ සංඛ්‍යාව 300 ටත් වඩා ඉහළ යනවා. ඒ කිසිම පත්වීමක් ජනාධිපතිතුමා කරන්නෙ නෑ. ඒ සියලූ පත්වීම් කරන්නේ අග‍්‍රවිනිශ්චයකාරතුමියගේ ප‍්‍රධානත්වයෙන් තිබෙන අධිකරණ සේවා කොමිසමයි. ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට විතරයි එතුමියගේ නිර්දේශ ආවාම ජනාධිපතිතුමා ඒවා පත් කරන්නේ. එවැනි විනිශ්චයකාරවරුන් 23 යි රටේම ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් 11 ක් හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු 12 ක් පත්කරන්න තමයි එතුමාගේ යම් මැදිහත්වීමක් තියෙන්නේ. ඔවුන් එළියට වැටෙන කොට කතා නොකරපු අය අද දෝෂාභියෝගය ගැන හඬ නඟනවා. අධිකරණයේ ස්වාධීන බව නැති වන්නේ ඇත්තටම කොතැනකදී ද කියල තමයි අපි අහන්නේ. ජනතාව පත්කළ පාර්ලිමේන්තුවට මේවා නිවැරදි කිරීමේ වගකීම ඉටු කරන්න වෙලා තියෙනවා. එහෙම නැතිව අධිකරණයක් ආණ්ඩුව නතුකරගන්න අවශ්‍ය නෑ. ඔබ කී අනිත් ක්ෂේත‍්‍රත් ආණ්ඩුව විසින් යටපත් කරගෙන නැහැ. ඒ ඒ ක්ෂේත‍්‍රවලට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඉඩ තියෙනවා. ජනමාධ්‍ය නිදසුනට ගනිමු. එහෙම නොකරනවා නම් ඒක ආණ්ඩුවේ නොව ජනමාධ්‍ය මෙහෙය වන අයගේ කශේරුකාව ගැන ප‍්‍රශ්නයක්. අනික තේරීම් කාරක සභාව කියනවා නම් අග‍්‍රවිනිශ්චයකාරතුමියට එරෙහි චෝදනා ඔප්පු කරන්න බැහැ කියලා. අපි දෝත් මුදුන් දීලා එතුමියගේ නිර්දෝෂී බව පිළිගන්නවා. මේ ආණ්ඩුව අධිකරණයට ඇඟිලි ගහන්නෙ නෑ. එහෙම කරනවා නම් විනිශ්චයකාරවරුන්, නීතිඥයන් මෙහෙම නිශ්ශබ්දව ඉන්නෙ නෑ. ඊජිප්තුවේ වගේ පසුබිමක් ලංකාවේ අද නැත්තේ ඒකයි. ප‍්‍රශ්නය:- අයවැය තුළින් 01% ක කෝටිපතියන්ට රේසිං කාර් බදු සහන ව්‍යාපාරිකයන්ට සහනදී 99% දුප්පතුන්ගේ බෙල්ල තවත් හිරකළ බවටත් චීනය හරහා උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවට ලංකා මුදල් රු කෝටි 4916 ක් වැය කළේ එක් අයෙකු සතුටු කරන්නට බවටත් පවතින මතවාද ගැන ඔබේ ප‍්‍රතිචාර පිළිතුර:- මේ අයවැයේ විපක්‍ෂයේ හැම කථිකයෙක්ම ලැම්බෝගිනි රේසිං කාර් ගැන විතරයි කතා කළේ. එහි තිබූ සංවර්ධනයට අදාළ ජනතාවට සහන ලැබෙන කිසි දෙයක් විපක්‍ෂයට පෙනුණේ නෑ. යටිතලවලට ගොවීන්ට සිසු පරපුරට රාජ්‍ය සේවකයන්ට විශ‍්‍රාමිකයන්ට ලබාදුන් සහන සෞඛ්‍ය අධ්‍යාපනය, විදුලි වගේ පොදු දේවල්වලට ලබාදුන් ශක්තිය ගැන ඔවුන් නොදැකීම ගැන ජනතාව නිසි ලෙස තක්සේරු කරලා ඇති. පෞද්ගලික අංශ සේවකයා ගැන අයවැයේ වචනයක් නැති බවටත් චෝදනා තිබෙනවා. ඒවා සාධාරණ තර්ක නෙවෙයි. කම්කරු නායකයකු වූ ජනාධිපතිතුමා වැඩ කරන ජනතාව අමතක කරන්නේ නැති බව කවුරුත් දන්නවා. අනික ග‍්‍රාම සංවර්ධන ය දුගී බව නැති කරන්න මේ අයවැයේ මූලිකම ඉලක්කයක්. ප‍්‍රශ්නය:- සුපි‍්‍රම් සැට් චන්ද්‍රිකාව ගැනත් මම ප‍්‍රශ්න කළා. පිළිතුර:- මේ චන්ද්‍රිකාව තුළින් ලංකාවත් අභ්‍යාවකාශයත් එක්ක ගනුදෙනු කරන රටක් බවට පත්වුණා. ඒක කාටත් ගෞරවයක්. විපක්‍ෂය ඒකටත් ප‍්‍රහාර දෙනවා. ජනාධිපතිතුමාගේ පුතා රෝහිත තරුණයා ගගනගාමියෙක් හා එම අංශයේ විද්‍යාඥයෙක් ලෙස ඉදිරියට යනවා. ඒකයි මේ ප‍්‍රහාර එල්ල වෙන්නේ. නාසා හි ප‍්‍රධාන විද්‍යාඥයෙකු වූ සිරිල් පොන්නම්පෙරුම රටට කොච්චර ගෞරවයක්ද? රෝහිත රාජපක්‍ෂ ආසියාවේ මුල්ම ගගනගාමියෙකු ලෙස රටට ගේන්න හදන ගෞරවයටයි මේ ගහන්නේ. ලංකාවට උල්කාපාතයක් වැටුණොත් ඒකත් රෝහිත කරනවා කියන තැනට මේ අය වැටිලා. රටට ගෞරව ගේන්න කෙනෙකුට දේශපාලනය ගැන හිතලා පහර ගැසීම නුසුදුසුයි. මේ චන්ද්‍රිකාවට මුදල් කොහෙන්ද මේ හරහා රටට වන ගෞරවය හා සේවය ගැන අදාළ සමාගම කරුණු පැහැදිලි කර තිබුණා.
මාතලේ දිස්ත‍්‍රික් එජනිස මන්ත‍්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුගී බව නැතිකිරීම අය-වැයේ හරයයි
කුමාර Monday, 03 December 2012 04:28 PM
අහල තියෙන ප්‍රශ්න නම් හොඳයි , නමුත් පිළිතුරු ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ (ස)
සුමනා Monday, 03 December 2012 11:01 AM
අය වැයෙන් ඕනේ එක තමයි නමුත් වෙන්නේ ඒකද කියන එකයි ප්‍රශ්නේ (දී)
ගාමිනි Wednesday, 05 December 2012 01:44 PM
වෙන්නේ නැති කමයි පුදුමේ (දී)
අචිනි Tuesday, 04 December 2012 09:56 AM
අනේ මන්දා මේ දීලා තියෙන පිළිතුරු දිහා බැලුවහම මට නම් ලැජ්ජයි .(ස)
අචිනි Monday, 03 December 2012 06:59 PM
නොවුනාට කමක් නැහැ අඩු තරමේ කියනවානේ (දී)
වාසල Monday, 03 December 2012 03:00 PM
නරකද තමන්ගේ කිල්ලෝටය ගැන බලාගත්තනම් (ස)