IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දඩත් බදුත් ගහලා රටත් විකුණනවා

කෝප් කමිටුව, ජාතික ආර්ථික කවුන්සිලය, මත්තල ගුවන්තොටුපළ, මරණ දඬුවම, ඊළඟ පොදු අපේක්ෂක කවුද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජවිපෙ ජනහමු දස දහස ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතායි.

ප්‍රශ්නය:- කෝප් කමිටු සභාපතිත්වය නැවතත් ජවිපෙටම හිමි වුණා. කෝප් කමිටු සභාපතිත්වයෙන් ඔබ ඇත්තටම කළේ මොකද්ද?

පිළිතුර:- නැවත පත්වීමත් සමග කෝප් කමිටුවෙන් අපි නව වැඩපිළිවෙලක් ආරම්භ කළා. අඩුපාඩුකම් සහිතව වුවත් ජාතික විගණන පනත දැන් ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තු කමිටු සභා කාමරෙන් එළියට ගෙනිහින් මෙය වඩාත් ගවේෂණශීලී මහජනතාවට ඍජුව සම්බන්ධ විය හැකි රාජ්‍ය ආයතනවලට වැඩි බලපෑමක් කළ හැකි ආකෘතියකට යන්නට අපි කටයුතු කරනවා. ඊට අදාළ ක්‍රමවේද කීපයක් හදලා තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිදුවීමේදී අපේ මැදිහත්වීම රට දුටුවා. අලුත් තත්ත්වය යටතේ කාටවත් මගහැරලා යන්න බෑ. පාර්ලිමේන්තුව හරහා ජනතාවට යම් සේවයක් කිරීමට හැකිය යන නිදර්ශනය දීමේ තෘප්තිය අපට තිබෙනවා.

ප්‍රශ්නය:- අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ‍වූ ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි කර ජාතික ආර්ථික කවුන්සිලයක් පත් කිරීමට ජනපතිවරයා කටයුතු කළා. ආර්ථිකයේ ප්‍රතිපත්තිමය වෙනසක් වී ඇති බවක් පෙනෙනවාද?

පිළිතුර:- ඔය කමිටුවලින් දැන් වැඩක් නෑ. ඔය කමිටුවලට ආර්ථිකය දශමයකින්වත් ඉදිරියට ගෙනියන්න බෑ. මොන කමිටු පත්කරගත්තත් ආණ්ඩුවට සිද්ධවෙලා තිබෙන්නේ දඩයි බදුයි ගහලා ඉතිරි වෙලා තියෙන සම්පත් ටික ඉන්දියාවට හරි චීනෙට හරි විකුණලා එදාවේල හොයාගන්නයි. මේ රට දැන් හරියට බංකොලොත්වෙච්ච කඩයක් වගේ. කඩේ ඉතිරි වෙලා තියෙන බඩු ටික විකුණනවා වගේ වැඩක් දැන් වෙන්නේ. මේ තිබෙන ආර්ථික පිළිවෙතම වෙනස් විය යුතුයි. මේ අවුරුදු හැත්තෑවක් තිස්සේ ගෙවන්න තියෙන රුපියල් බිලියන දහ දාහක් ණය ටිකම ඇති රට සංවර්ධනය කරන්න. වර්ෂයක ණය ගෙවලා ඉවර කරන්න රටේ ජාතික ආදායම මදි. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ ණය අරගෙන තවදුරටත් යන්න බෑ කියලා පැහැදිලියි. ණය ගත්තෙ සංවර්ධනයට නම් වෙච්ච සංවර්ධනයක් තියෙන්න එපැයි. සංවර්ධනයක් වුණා නම් ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවෙද්දී රට ඇතුලේ තෙල් මිල වැඩිකරන්න ආණ්ඩුවට සිද්ධ වේවිද? දැන් මේ සූත්‍ර හදාගෙන තෙල් මිල වැඩි කරන්නෙත් බදු වැඩි කරන්නෙත් ජනතාවගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. වෙනස් වෙන්න ඕනෙ කමිටු නෙවෙයි. ආර්ථික ප්‍රතිපත්තියයි.

ප්‍රශ්නය:- මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවැරීමට ගිවිසුම්ගතවීමේ සූදානමක් ඇතැයි ජවිපෙ චෝදනා කළත් ඉන්දීය ලෝක් සභාවේදී එරට සිවිල් ගුවන් සේවා ඇමැතිවරයාම එය ප්‍රතික්ෂේප කළා. ඉන්දියාව පවා ප්‍රතික්ෂේප කරන ගිවිසුමක් ඇතැයි ජවිපෙ කියන්නේ කොහොමද?

පිළිතුර:- අපි කරන්නේ චෝදනාවක් නෙවෙයි. මේක හරි පැහැදිලිව අගමැතිවරයා පිළිගත්තනෙ. චීනෙට හම්බන්තොට වරාය දීම නිසා ඉන්දියාවට මත්තල ගුවන්තොටුපළ දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ රට ලෝ​ෙකට කොච්චර ණය වෙලාද කිව්වොත් දේපළ විකිණීමෙන් ඔබ්බට ගිහින් චීනෙයි ඉන්දියාවයි දේශපාලනිකවත් සතුටු කිරීමට සිදුව තිබෙනවා. චීනය සහ ඉන්දියාව අතර තිබෙන බල අරගලයට අවසානයේදී වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ලංකාවේ ජාතික සම්පත්වලින්. දැන් ලෝක් සභාව නෑ කියලා කියනවා නම් ඒකම ආණ්ඩුවටත් කියන්න පුළුවන්නෙ. මත්තල ඉන්දියාවට දෙන්නේ නෑ කියලා කියන්නැයි අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

ප්‍රශ්නය:- උතුරේ නිවාස හතළිස් දහසේ ව්‍යාපෘතිය, නිව්යෝක් ටයිම්ස් ප්‍රශ්නය ආදියේදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් යම් උණුසුම් අදහස් පළ කෙරුණා. ලංකාවේ ආර්ථික ප්‍රශ්න විදෙස් පිළිවෙතට බලපාන තැනට වර්ධනය වෙලාද?
පිළිතුර:- ස්වාධීන නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ඉතිහාසයේ අපට තිබුණා. අද අපි එතැනත් නෑ. අද අපට තිබෙන්නේ එක පැත්තකින් යුරෝපයටත් අනෙක් පැත්තෙන් සිංගප්පූරු ගිවිසුමෙන් ලෝක වෙළෙඳ සංවිධානයටත් වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති හරහා චීනයට හා ඉන්දියාවටත් ගැට ගැහුණු දේශපාලනයක්. ආර්ථික වශයෙන් දුබල වෙද්දී ජාත්‍යන්තරයේ දේශපාලනික වශයෙන් බෙල්ල හිරවෙනවා. රටවල ආර්ථික දුබලතාව ජාත්‍යන්තරය හැමදාමත් පාවිච්චි කරනවා. අපි පැත්තකින් තියන්න. කෙන්යානු ඇමැතිවරයෙක් එරට පාර්ලිමේන්තුවේදී තම රටට අනාගතයේදී ජාත්‍යන්තර වශයෙන් අසරණ වන තැනට පාර කැපෙනු ඇති බව කියමින් ඊට උදාහරණ ලෙස දැක්වූයේ සියෙරාලියෝනය හා ශ්‍රී ලංකාවයි. සියෙරාලියෝනයට හා ලංකාවට චීනය කළ මැදිහත්වීමෙන් කෙන්යාව ආදර්ශයක් ගත යුතු යැයි ඔහු කිව්වා. අන්තර්ජාලයෙන් මේ කතාව ඕනෑම අයෙකුට බලන්න පුළුවන්.

ප්‍රශ්නය:- මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිප තදබල මත ගැටුමක් මතුවෙලා. පිලිපීන ජනාධිපතිවරයා ඊට ප්‍රසාදය පළකරද්දී ගෝලීය වශයෙනුත් ජී.එස්.පී. සහනය වැනි කාරණාවලට යම් තෙරපුමක් එල්ල වී තිබෙනවා. එල්ලා මැරීම විපාකදායී දඬුවමකින් ඔබ්බට ගිහින් ද?

පිළිතුර:- මේ තියෙන්නේ එල්ලුම් ගහ ගැන කතාවක් නෙවෙයි. ජාතික යැයි කියලා හවුල් ආණ්ඩුවක් හැදුවාට මේ පක්ෂ දෙකටම ඕනෑ වුණේ හදාගත්ත ආණ්ඩුවේ ප්‍රබලයා වෙන්නයි. මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්තුරු දුබල වෙන්නේම මේ බල අරගලයේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒක කොච්චර දුරට ගිහින්ද කිව්වොත් දැන් තිබෙන්නේ එකිනෙකා පරයමින් වැඩ කරන බල බිඳවැටීමක්. මෛත්‍රීපාල මහත්තයා රනිල් මහත්තයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමෙත් රනිල් මහත්තයා මුවින් නොබැණ වුණත් මෛත්‍රී මහත්තයට විරුද්ධව ක්‍රියා කිරීමෙනුත් පෙනෙන්නේ එයයි. එල්ලුම් ගහ ගෙනාවාට ලෝකයේ අපරාධ අඩුවෙලා නැති බව මේ කියන අයම දන්නවා. එල්ලුම් ගහ නිසා මත්ද්‍රව්‍ය භාවිතය අඩුවෙච්ච රටක් අපට කියන්න. මේ තියෙන්නේ අතිශය පුද්ගලික පැවැත්ම වෙනුවෙන් හදාගත් සටන් පාඨයි. සමහර වෙලාවට ඒ සටන් පාඨවල ජීව කාලය පැය විසි හතරයි. හැබැයි ඒ සටන් පාඨවලින් රටේ කීර්ති නාමයට ජාත්‍යන්තර වශයෙන් ඇතිවන අපකීර්තිය බරපතළයි. එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවෙච්ච රටක් ඒක ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් දර්ශකය පැත්තෙන් හොඳ නෑනෙ. ඒක සංවර්ධන දර්ශකයක් නෙවෙයි. ලංකාව හිරකිරීමට බලාගෙන ඉන්න අධිරාජ්‍යවාදීනුත් මානව හිමිකම් ආදී වෙනත් විෂය පැත්තෙන් ඒවා විග්‍රහ කරගැනීමත් මේ අතරේ වෙනවා. මේ මෝඩ පාලකයන්ට ඒවා තේරෙන්නේ නෑ.

ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දුනහොත් උදයංග වීරතුංග ගෙනැවිත් දෙන බවට හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාට අභියෝග කළා. රටේ බරපතළ නීතිමය ක්‍රියාවලින් සරල දේශපාලනික කොන්දේසි බවට පත්වෙන්නේ ඇයි?

පිළිතුර:- මම නම් කම්පාවෙන්නේ ඔය බඩගෝස්තරවාදී දූෂිත දේශපාලකයන්ගේ චණ්ඩි කතා මාධ්‍ය කතා ගැන නෙවෙයි. හොරකම් කරන ගමන් සුදු රෙදි අඳින කට්ටිය කතා කියන්න ඕනෑ. රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ පාලනයත් දූෂිතයන් රකින පාලනයි. කනගාටුව ජනතාව ගැනයි. තමන් අකැමැති එකා හොරකම් කරද්දී මහා දූෂණ හැටියට පෙනෙන ජනතාවට තමන් කැමැති එකා හොරකම් කරනකොට හොඳයි. එන්න ඒ වගේ කාලකන්නි පැති බෙදාගත් පටු විදියට හිතන ජනතාවක් ඉන්නවා. මොන හොරත් හොරා කියලා නිවැරැදි වෙන්න ඕනේ ජනතාවයි. ඇති පදම් හොරකම් කරන පාලකයෝ බෝධිසත්වයෝ වගේ කතා කියන්නේ තමන් මොනවා කළත් පිළිගන්න ජනතාවක් ඉන්න නිසයි. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ජනමාධ්‍ය වුණත් එදාවේල මාතෘකා අරගෙන දුවනවා මිස මේ වැරැදි පෙන්වන්න කටයුතු කරන්නේ නෑ. 

ප්‍රශ්නය:- දේශපාලන පළිගැනීම් මුවාවෙන් දේශපාලන උසස්වීම් දෙන බවට චෝදනා කරමින් අධ්‍යාපන වෘත්තිය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට උත්සාහ කරද්දී ජනාධිපතිවරයා එය අත්හිටෙව්වා. ආණ්ඩුව තුළ පක්ෂ වශයෙන් ඇති මේ බල බෙදුම විසින් ප්‍රජාතන්ත්‍රවාදයට පාර කපනු ලැබ ඇතැයි ඇතැමුන් කියනවා. මේ තර්කය පිළිගන්නවාද?

පිළිතුර:- ඔය බල බෙදීමක් නෙවෙයි. බල දුබලතාවයක්. ජනාධිපතියි අගමැතියි මේ විදියට තීන්දු ගනිද්දී පරිපාලන නිලධාරීන් මොකද්ද කරන්නේ? ඔවුන් පිළිපදින්න ඕනෑ කාගේ නියෝග ද? මේක හරි විහිළුවක්. පරිපාලන ක්‍ෂේත්‍රය විතරක් නෙවෙයි. තෙල් මිල ගත්තත් එහෙමනෙ. මුදල් ඇමැති හරි කැබිනට් මණ්ඩලය හරි තෙල් මිල වැඩි කරනවා. ජනාධිපති අඩු කරනවා. ආයෙ ජනාධිපතිත් වැඩි කරනවා. මේ රටේ ජනතාවට මේ විහිළුව විඳවලා දැන් ඇතිවෙලා තිබෙන්නේ. මම කියන්නේ කවුද හරි තීරණේ ගත්තේ කියන එක නෙවෙයි. පැහැදිලි ලෙසම මේ රට දැන් අරාජිකයි. වැඩ වර්ජන, උද්ඝෝෂණ විරුද්ධ පක්ෂයේ විරෝධතා, කැරැලි කෝලාහල මගින් රටක් අරාජික වෙන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙන්නේ පාලක පන්තියේ අසමත්කම් නිසා අරාජිකවීමක්. ජනතාව හිතන විදියට මේකට විකල්පෙකුත් නෑ.

ප්‍රශ්නය:- පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් යම් උකටලීභාවයක් තිබුණත් ඊළඟ ජනාධිපතිවරණය ගැන පොදුජනයා අතරේ යම් උද්‍යෝගයක් හටගෙන තිබෙනවා. ක්‍රීඩා තාරකාවල, ව්‍යාපාරිකයන්ගේ නම් කියැවෙනවා. දේශපාලන ඡන්ද පදනම්වලට පොදු අපේක්ෂකයන්ට තවමත් බලපෑම් කළ නොහැකැයි ඔබ හිතනවාද?

පිළිතුර:- ජේ.ආර්. ජයවර්ධන කියන පුද්ගලයා ජනාධිපති වෙනකොට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඔහුට තිබුණා. ඔවුන්ගේ වැඩපිළිවෙල ඒ මොහොතේ ආකර්ශනීයයි. හැබැයි අසාර්ථක වුණේ නැද්ද? ආර්. ප්‍රේමදාස කියන්නේ ක්‍රීඩකයෙක් නෙවෙයිනෙ. මහින්ද රාජපක්ෂත් එහෙමයි. දේශපාලනයම කරපු අය. රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ගත්තත් රඟපාලා ආපු අය නෙවෙයි. ඒ ගොල්ලො සාර්ථක නම් රට මෙහෙම අසාර්ථක වෙන්නෙ කොහොමද? අපි කතා කරන ණය බර, බදු බර, මන්දපෝෂණය, ඇති නැති පරතරය, දුප්පත්කම, විරැකියාව, උද්ධමනය, රුපියලේ වැටීම ආදී වශයෙන් මේ ඔක්කොම ගත්තාම අපි ඉන්නේ හොඳ පැත්තේ නෙවෙයි. අපි බලන්න ඕනේ නළුවද ගායකයද ක්‍රීඩකයද කියලා නෙවෙයි. මේ කියන තනි පුද්ගලයන්ට ඇති නැති පරතරය දුප්පත්කම දශමයකින් හරි අඩු කරන්න පුළුවන්ද? රුපියල කඩාවැටීම නවත්වන්න පුළුවන් ද? විරැකියාවට උත්තරයක් දෙන්න පුළුවන් ද? මේ සියදිවි නසාගැනීම්වලට මන්දපෝෂණයට උත්තර දෙන්න පුළුවන් ද? මේවාට ජනතාව වගේම ඔවුන්ගේ මොළේ සුද්ධ කරන මාධ්‍යයත් වගකියන්න ඕනෑ. මොකද මාධ්‍ය බලන්නෙත් වැඩපිළිවෙලක් නෙවෙයි. මරණාධාර සමිතියකවත් වැඩ කරපු නැති අය දැන් මාධ්‍යවලින් උඩ දානවා. මෙන්න මගේ සංකල්පය, මට දෙන්න රට යැයි කියනවා. මාධ්‍යට වෙන වැඩක් නැත්නම් මිනිස්සුන්ගේ මොළේ සුද්ධ නොකර නිකන් හිටියත් කමක් නෑ.

ප්‍රශ්නය:- ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දීමට පත්කළ විද්වත් කමිටුවට පිටින් ගොස් මන්ත්‍රීවරුන් ක්‍රියාකිරීම ගැන චෝදනා එල්ල වෙද්දී 20 වැනි සංශෝධනය ගැන උද්‍යෝගය ගැන වැඩි කතාවක් නෑ. නව ව්‍යවස්ථාව හා 20 අතර ඇති සම්බන්ධය මොකද්ද?

පිළිතුර:- 20 ගේන්න සිදුවුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කතාවට විතරක් සීමා වෙලා බාලගිරි දෝෂය උදාවෙච්ච නිසයි. පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරලා ඉවර වෙලා අතුරු වාර්තා ඉදිරිපත් කරලා පළාත් පාලන ඡන්දෙදි ඒ ගැන කතා නොකරම අතෑරියාට පස්සේ අපි මොකද කරන්නේ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නව ඡන්ද ක්‍රමයක් හදලා ජාතික ප්‍රශ්නයට යම් සාධාරණ විසඳුමක් දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා නම් හෙට වුණත් සහාය දක්වන්න අපි ලෑස්තියි. 20 බදාගෙන ඉන්න අපිට වුවමනාවක් නෑ. 

ප්‍රශ්නය:- ජවිපෙ ජනහමු දස දහසේ වැඩසටහනක් දියත් කරනවා. මේ අතරේම ජනතාව පුද්ගලවාදී දේශපාලනයට ඇද වැටී ඇතැයි ඔබ චෝදනා කරනවා. මිනිස්සු පුද්ගලයන් පස්සේ දුවන්නේ මේ රටේ දේශපාලන පක්ෂවල අසාර්ථකභාවයක් නිසා නොවේද?

පිළිතුර:- අන්න වැදගත් ප්‍රශ්නය. ජනහමු දස දහස කියන්නේ වියුක්ත වැඩපිළිවෙලක් නෙවෙයි. රට රකින රට හදන ජනතාවාදී පාලනයක් ගොඩනගන්නේ කොහොමද කියන සාකච්ඡාවක්. මේ රටට ප්‍රතිපත්ති මාලාවක් හැදීමේ අරමුණෙන් ජාතික විද්වත් සංවිධාන ඉදිරිපත් කරන ජාතික වැඩපිළිවෙල යටතේ ජවිපෙ සම්බන්ධ වන ආකාරය වන්නේ ජනහමු දස දහසයි. මේ රට හදන්නෙ කොහොමද කියන රටට වැදගත් ප්‍රශ්නය තමයි අපි ජනතාවගෙන් අහන්නේ. මේ රටේ ප්‍රශ්න හඳුනාගැනීමත් උත්තර සෙවීමත් ජනතාව සම්බන්ධ කරගන්නේ නැතිව කරන්න බෑ. මාස හැටෙන් අලුත් රටක් කිව්වත් ගම්පෙරළිය කිව්වත් වෙනසක් නොවෙන්නේ ඒ නිසයි. අපි කරන්නේ ජනතාව එක්ක ඇත්ත ප්‍රශ්නය කතා කරන එකයි. මේ රටේ කලාකරුවන්, විද්වතුන්, උගතුන්ගේ වගේම මාධ්‍යවේදීන්ගේ සහායත් ඊට අවශ්‍යයයි. මේ මොහොතේ පුරවැසි වගකීම එයයි. රටට ඕනෑ වැඩපිළිවෙලක් මිස පුද්ගලයෝ නෙවෙයි. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියන්න වගේ පුද්ගලයෝ පොරවල් වෙලා තියෙන්නේ වැඩපිළිවෙලක් නැති නිසයි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (4)

දඩත් බදුත් ගහලා රටත් විකුණනවා

vimukthi Monday, 30 July 2018 07:24 AM

මේ මිනිස්සු රට හදන්න උවමනාවක් තියන වැදගත් මිනිස්සු. තවත් පරක්කු වෙන්න කලින් අපි මොනවහරි කරන්න ඕනේ. මේක අපේ රට.

:       161       436

Chandima Monday, 30 July 2018 12:37 PM

ජේ.ආර්. ජයවර්ධන කාලයේදී ණය ගත්තාට ඒවා ආපසු ගෙවලා මහවැලිය වගේ ප්‍රතිඵල සියල්ල වුණා. දැන් වෙලා තියෙන්නේ දවස ගානේ ආයෝජන කරනවා කිය කියා රටේ ජාතික සම්පත් වල 70% වැනි ප්‍රතිශතවලින් විකිණෙමින් රටේ තැනතැන එකඑක රටවල්වල කොලනි හැදෙන එක. අපේ වැරැද්ද තමයි. මේ අය බලයට එන්න කලින් මේවා මෙහෙම විකුණන්නේ නැතුව කරන්නේ කොහොමද කියලා මූණට මුහුණ තියලා අහන්නේ නැති වුණු එක. හිතවත් විදේශ රටවලින් ආධාර අරගෙන රටට, ජාතියට හානියක් නොවෙන්න මේ ආයතන කරගෙන යනවා කියලා එදා කිව්ව හින්දා අපි මොවුන්ව විශ්වාස කරලා ඡන්දෙ දුන්නා. දැන් අපේ ජාතික මර්මස්ථාන වලින් වැඩි කොටසක අයිතිය නොරටුන්ට අයිති වෙනවා. පුළුවන් නම් ත්‍රිකුණාමලේ සහ පලාලිවත් බේරා ගනිමු.

:       0       145

sanjeewa Tuesday, 31 July 2018 11:21 PM

මේක ඔයගොල්ලෝ හදපු ආණ්ඩුවනේ... ඔයාගේ ලොක්කා.. රටේ දෙවැනි ලොක්කා එක්ක සුහදව ඉන්නවනේ. කෙලින්ම කියන්නකෝ තැනතැන බැණ බැණ යන්නේ නැතුව. ඔය ගොල්ලන් බැන්නයි කියලා ලකුණු වැටෙන්නේ නෑ. මිනිස්සු දන්නවා මේක ඩබල් ගේම් එකක් කියලා.

:       1       87

indika Wednesday, 01 August 2018 05:26 PM

ඉතින් මේවට උඩගෙඩි දෙන්නේ ඔයාලමනේද?

:       1       57

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 141 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 173 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 128 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 182 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1729 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 789 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site