මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතියෙන් තොර හා නීත්‍යානුකූල නොවන ආයතනයක් බව එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිටින පිරිස් ප්‍රකාශ කරන අතර අනෙක් පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ ප්‍රමිතියෙන් ඉතා ඉහළ මට්ටමක හා ගැසට් පත්‍ර දෙකකින් නීත්‍යානුකූල බව මෙම ආයතනයට ලබාදී ඇති බවයි.
පිරිසක් මේ ආයතනය ජනසතු කළ යුතු බව කියති. පිරිසක් මේ ආයතනයට සායනික පහසුකම් රජයෙන් ලබාදිය යුතු බව කියති.
එහෙත් කිවයුත්තක් ඇත. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේද මේ රටේ දරුවන් බව අමතක නොකළ යුතු බවයි. කුහක චේතනාවෙන් මේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවාද? නැතහොත් ආයතනය ජනසතු කර රජය වගකීම බාර ගන්නවාද?
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අදහස් අපි ඉදිරිපත් කරමු.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටෙරන්ස් මධුජිත්
වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට අවස්ථාව නොලබන සිසුන් සඳහා වයඹ විශ්වවිද්‍යාලයේද වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කරයි.
රටේ අවශ්‍යතාවට අනුකූලව වෘත්තිකයන් බිහිවිය යුතුව ඇති බව ප්‍රකාශ කළ ආචාර්ය මධුජිත් මහතාට අනුව,
තම දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට හැකි අය ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකාව ආදී රටවල වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙති. ඊට අතරමැද මුදල් වියදම් කිරීමට හැකියාව ඇති දෙමාපියන්ගේ දරුවන් චීනය, බංග්ලාදේශය, රුසියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කරති.
අපේ රටේ අද වෛද්‍යවරුන්ගේ තත්ත්වය ඉහළ දැමීමක් ගැන අවධානය යොමු කරනවා හැර වෙනත් විකල්ප වැඩපිළිවෙළක් නැත. අපේ රටේ රෝගියා විසින් වෛද්‍යවරයා තෝරා ගැනීම සිදුවේ. ඒක සාර්ථක ක්‍රමයක් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාලය විෂය පථයට අදාළ නොවන රෝගීන් සඳහාද යොමු කිරීමට සිදුවේ.
තම දරුවා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කිරීම දෙමාපියන්ගේ අරමුණයි. අපේ රටේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගනු ලබන්නේ 1200ක පමණ සීමිත පිරිසකි. දරුවන්ට රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගැනීමේ අවස්ථා පළල් විය යුතුයි. අද දරුවන්ට විකල්ප ගණනාවක් ඇත. විශ්වවිද්‍යාල පාඨමාලාද පවතී.
බොහෝ රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල පවතී. අපේ රටේ දැනට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල පිළිබඳව ඇතැම් අයගේ විරෝධතාවක් පවතී.
දැනට රජය වයඹ විශ්වවිද්‍යාලයේද වෛද්‍ය පීඨයක් පිහිටුවීමට පියවරගෙන ඇත. රටේ අවශ්‍යතාවයට අනුකූලව වෘත්තිකයන් බිහි කළ යුතුයි. වසරකට අවශ්‍ය ප්‍රමාණයට වෘත්තිකයන් බිහි කිරීම සිදුවිය යුතු වෙයි. වෛද්‍ය පීඨයට ඇතුළත් විය නොහැකි අය දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, සම සෞඛ්‍ය පීඨවලට ඇතුළත්වීම සිදුවේ. වෛද්‍ය පීඨ වැඩි කිරීමේදී සීමා පවතී. ඒ සඳහා විශාල වැඩ කොටසක් සම්පූර්ණ කළ යුතුව ඇත. රජරට විශ්වවිද්‍යාලය ආරම්භ කරන විට මිනී තැන්පත් කිරීමට වත් ස්ථානයක් නොවීය.
රටට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය අනවශ්‍ය ලෙස වැඩි කිරීමත් ප්‍රශ්නයක් වනු ඇත. අද පවතින්නේ තම දරුවා වෛද්‍ය පීඨයටම ඇතුළත් කිරීම පිළිබඳව මතයෙකි. දන්ත වෛද්‍ය පීඨයෙන් 70ක පමණ පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටවේ. එය ප්‍රමාණවත්ය. පශූ වෛද්‍යවරු පිටවීමත් ප්‍රමාණවත්වය. වෛද්‍ය සේවය පිළිබඳව විශාල බරපතළ හිඟයක් නැතිවුවත් යම් අඩුවක් පවතී. ලොකු අඩුවක් නැත. රටේ අවශ්‍යතාවයට වෘත්තිකයන් බිහි විය යුතුය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ආචාර්ය මණ්ඩලය කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයට වඩා උසස් බව වෛද්‍ය සේනරූප ජයවර්ධන මහතා කීය.
මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංගමයේ සම ලේකම්වරයා වශයෙන්ද කටයුතු කරන වෛද්‍ය ජයවර්ධන මහතා මෙසේද කීය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට යන මුදල් පිළිබඳව හා එයට ඇති විසඳුමත් මෙවැනි වෛද්‍ය විද්‍යාල පැවැත්වීමෙන් ඇති වන වාසි හා අවාසි පිළිබඳවත් මෙම ආයතනය නීත්‍යානුකූල ද යන්න පිළිබඳවත් සාකච්ඡා කළ යුතුව ඇත.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් මේ රටට අවශ්‍යයි. මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගත් වෛද්‍යවරයෙක්.
මීට වසර 35කට පෙර උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගත්තා. මුල්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටෙව්වේ රාගම. මට සමාන්තරව එම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු ආරම්භ කර තිබුණා. එම වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව මුල්ම රැස්වීම ඇමතුවේ මම. එහෙම කරපු මම අද පෞද්ගලික වෛද්‍යවිද්‍යාල රටට අවශ්‍යයි කියන මතයේ ඉන්නවා.
එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණියට අනුබද්ධ කළා. මේ දක්වා ජයවර්ධනපුර ඇතුළුව වෛද්‍ය පීඨ ගණනාවක් පිහිටෙව්වා. වෛද්‍යවරු වීමේ උනන්දුව රටෙන් ගිලිහිලා නැහැ. වසරකට 900ත් 1000ත් පිටරට වෛද්‍ය විද්‍යාලවලට ඇතුල්වෙනවා. ලංකාවේ සල්ලි කොයි තරම් ප්‍රමාණයක් පිටරටට යනවද? පිටරට ගියාම තියෙන ප්‍රශ්න ගැන කතා කළ යුතු නැහැ. ඒ නිසා මේ පිට රටට යන සල්ලිවලට වඩා අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුණා නම් රටට ආදායමක් ලබාගන්න තිබුණා. අපේ මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය බොහොම ඉහළයි. ආසියාවේ වෙනත් රටවල් එක්ක බලන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය බොහොම ඉහළයි.
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හතරක්, පහක්වත් මේ රටේ බිහි වෙන්න අවශ්‍යයි. ඒකෙන් තියෙන වාසිය බලමු. උදාහරණයක් ලෙස හොරණ රෝහල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සිසුන්ට පුහුණුවට බාර දුන්නා නම් ඒකට පෞද්ගලික විද්‍යාලය මුදල් ගෙවනවා. ඒ මුදල් ලැබෙන්නෙ රෝහලට. ඒ මුදල් යොදවල රෝහල දියුණු කර ගන්න පුළුවන්. හෘද රෝග විශේෂඥ ඒකකයකට අවශ්‍ය පහසුකම් ලබල දෙනවා. අක්ෂි රෝග උපකරණ, සායනවලට අවශ්‍ය උපකරණ ලබාදෙනවා. හැම අංශයකටම අවශ්‍ය පහසුකම් සැලසීමේ වාසිය රටේ ජනතාවට. අපේ රටට මුදල් ප්‍රශ්නයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට හැම රෝහලක්ම දියුණු කරන්න මුදල් නැහැ. අද හැම දිස්ත්‍රික්කයකටම හෘද රෝග ඒකකයත් අවශ්‍යයි. ඒ සහනය රටට බරක් නැතිව ජනතාවට ලබාදෙන්න පුළුවන් නම් ඉතාම වැදගත්. රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු බිහිවීම සිදුවේවි. පෞද්ගලික වෛද්‍ය විදුහල් කීපයක් ආරම්භ වුවහොත් එහි වාසිය රටේ ජනතාවට. ඒ වගේම තරගයක් ඇති වනවිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට වැය කිරීමට සිදුවන විශාල මුදල අඩුකර ගත හැකි වෙනවා. එක ආයතනයක ඒකාධිකාරී බව තිබෙන විට තරගයක් ඇති වන්නේ නැහැ. තරගයක් ඇතිවන විට වැය කිරීමට සිදුවන මුදලත් අඩු වෙනවා. සයිටම් එකට රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවී තිබෙන්නේ ඒ තරගකාරිත්වය නැති නිසයි.
පිටරටවලට යන මහාචාර්වරුන්ට මේ රටේ සේවය කිරීමට ඇති අවස්ථාව වැඩි වෙනවා. මගේ දුව ඉගෙනුම ලබන්නේ මෙම ආයතනයේ. එයා පාස් අවුට් වෙලා ගියත් මම මේ සංගමයේ ඉන්නවා.
මේ වෛද්‍ය ආයතනය නීත්‍යානුකූල බව ගැන කතා කරනවා. විශ්වවිද්‍යාල පනතට අනුව උපාධි ප්‍රදාන ආයතනයක් බිහි කළ හැකියි. මේ පනතට අනුව රජයේ විශ්වවිද්‍යාලවලට අමතරව උපාධි පිරිනැමීමේ ආයතනයක් ඇති කළ හැක්කේ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට. ආවට ගියාට විශ්වවිද්‍යාල ඇති කළ නොහැකියි. කමිටුවක් පත් කරල එයින් තොරතුරු ලබා ගත යුතු වෙනවා. විශ්වවිද්‍යාල පනතේ තියෙන කරුණු අංග සම්පූර්ණ නම් ගැසට් පත්‍රයක් මගින් උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙසට බලය ලබාදීම සිදු කෙරෙනවා.
රාගම පෞද්ගලික විද්‍යාලය අංගසම්පූර්ණ කළ යුතු කරුණු වශයෙන් නියම කළා. ඔවුන් එයද ඉටු කළා. අන්තිමේදී උපාධිය ප්‍රදානය කිරීමට අවසරය දුන්නා. මම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් කෙනෙක්. මගේ දුව සයිටම් එකේ ඉගෙන ගන්නවා. මේකෙ ඉන්න ආචාර්ය මණ්ඩලය කොළඹ වෛද්‍ය විද්‍යාලයට වඩා උසස්. ඒක මම බය නැතිව කියනවා.
රජරට, නැගෙනහිර වෛද්‍ය විද්‍යාලවල මහාචාර්වරු නැහැ. රජරට ළමා රෝග ඒකකයට මහාචාර්යවරයෙක් නැහැ. වෛද්‍ය පාදෙණිය එහේ ගිහිල්ල උගන්නල එනවා. නැගෙනහිර වෛද්‍ය පීඨයේ ඇතැම් අංශවලට මහාචාර්යවරු නැහැ. සයිටම් එක ඒ අතින් හැම එකකටම වඩා ඉහළ තත්ත්වයක පවතිනවා.
සායනික පුහුණුව මදි කියල චෝදනා කරනවා. මමත් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්තනේ. ළමා රෝග ගැන ලේඩි රිජ්වේ රෝහල තියෙනවා. කාන්තා රෝග ගැන කාසල් එකයි ඩී.එච්.එම්. එකයි තියෙනවා. ලෙඞ්ඩු හිටියට ඔක්කොම ලෙඞ්ඩු බලන්නෙ නැහැ.
නමුත් සයිටම් එකේ විශේෂයක් තියෙනවා. අද දියුණු රටවල රෝගීන් රෝහලේ දිගින් දිගටම රඳවා ගන්නෙ නැහැ. ඔපරේෂන් එකක් කළත් දවසයි, දෙකයි. සයිටම් පුහුණුවේදී හැම විෂයටම වෙන වෙනම ඇඳන් දාලා තියෙනවා. විශේෂ රෝගීන් ඇඳන්වලට දාල මහාචාර්යවරු උගන්වනවා. එැ්ජයසබට සබ ජකසබජ කියල ඒ ක්‍රමය හඳුන්වනවා. ඒ මොහොතෙම රෝගීන් ඇතුල් කරල උගන්වනවා. ඒක ලෝකයේ පවතින අලුත් ක්‍රමයක්. කොහේවත් කරන්නෙ නැහැ. එන්නත් කරන්න වුවත් ප්ලාස්ටික්වලින් පළමුව පුහුණු කරනවා. මුලින්ම රෝගියාට එන්නත් කරන්නේ නැහැ. අලුත් උපකරණ ලෝකය පිළිගත් ක්‍රම අනුගමනය කරනවා.
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න විට ප්‍රායෝගික හා පොතපතේ දැනුමත් අවශ්‍යයි. වෛද්‍ය සභාව මේ ආයතනය ගැන කළ සොයා බැලීම්වලින් පසු ඉදිරිපත් කළ වාර්තාවේ තියෙන්නෙ හොඳ පැත්ත. නිරීක්ෂණවලදී ප්‍රජා වෛද්‍ය විද්‍යාව හා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පහසුකම් නැති බව කියල නැහැ. සමස්තයක් හැටියට සායනික පුහුණුව ප්‍රමාණවත් නැහැ කියලා තිබුණා. මුල් කණ්ඩායම්වල හිටියෙ 40යි 50යි. දැන් අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. දැන් අපට අවිස්සාවේල්ල රජයේ රෝහල ලබාදී තිබෙනවා. දැන් ප්‍රජා සෞඛ්‍ය අංශය කඩුවෙල එච්.ඕ.එච්. එකෙන් ඉගෙන ගන්නවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව අවිස්සාවේල්ල රෝහලෙන් ඉගෙන ගන්නවා. මේ ළමයින්ගේ භාෂාවත් ඉතාම හොඳයි.
මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය ආචාර්යවරු ප්‍රමාණවත් තරම් සිටින අතර රජයේ වෛද්‍ය විද්‍යාල 3ක හැර අනෙක් එකකවත් සිසුන්ට ප්‍රමාණවත් ආචාර්ය පිරිසක් නොමැති බව ජාතික රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික අංශයේ ප්‍රධානි මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා කීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ න්‍යාය පත්‍රය වෙනස් එකක්. රටට, ළමුන්ට වෙන යහපත ගැන හිතන්නෙ නැහැ. එහෙම හිතනවානම් වර්ජනය කිරීම් නතර කරල රෝගීන් අසීරුවට පත් කරන්නෙ නැහැ. මම වසර 30ක් ළමයින්ට උගන්වපු කෙනෙක්. විශ්වවිද්‍යාල ගණනාවක ප්‍රමිතිය ගැන මම හොඳට දන්නවා. ප්‍රමිතිය අනුව සයිටම් ආයතනය ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව ඔවුන් විවේචනය කරනවා. නමුත් මේ ආයතනයේ එක ළමයෙක්වත් ප්‍රමිතියෙන් අඩු නැහැ. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් නැති එක ළමයෙක්වත් නැහැ. අපි ඒ ගැන අභියෝග කරනවා. පුළුවන් නම් සුදුසුකම් නැති එක ළමයෙක් ඉන්නව නම් පෙන්වන්න.
දෙදෙනෙක් ගැන කියලා අපට පහර ගහනවා. ඒත් ඒ ළමුන් දෙදෙනා මෙම පාඨමාලාවට අයත් නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණ පවත්වල මේ ළමයි ඇතුළත් කර ගෙන තියෙන්නේ. අන්තර්ජාතික පාසල්වලින් ඉතාම හොඳ ලකුණු ලැබූ සිසුන් මෙතැන ඉන්නවා. ලෝකයේ අන්තර්ජාතික පාසල්වලින් පළමු වැනි ස්ථානය ලැබූ ළමයත් ඉන්නවා.
ඒ ළමයට ලෝකයේ ඕනෑම තැනකට යන්න පුළුවන්. බඳවා ගැනීමේදී අඩු ප්‍රමිතියක් ලැබූ ළමුන් සිටින බවට කරන මඩ ගැසීම් මම ප්‍රතික්ෂේප කරනවා.
මෙහි පාඨමාලාව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාකච්ඡාවලදී ඉතාම ඉහළ මට්ටමේ පාඨමාලාවක් බව ප්‍රකාශවී තිබෙනවා. පාඨමාලා වර්ධනය කිරීමේ සංශෝධනවලදීත් මේ වෛද්‍ය පීඨ පාඨමාලාව ඉතාම යහපත් එකක් බව කියවුණා. මේ ළමුන්ට සායනික පුහුණුව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරනවා. ඒක මේ ආයතනයට පහත් මට්ටමින් පහර ගැසීමට කරන ප්‍රකාශයක්. රජයේ රෝහල්වල මෙන් සිය දහස් ගණන් රෝගීන් නොමැති වුවත් අපේ සායනයට විශාල වශයෙන් රෝගීන් එනවා. නොමිලයේ සායන පවා මෙහි පැවැත්වෙනවා. අපි ළඟ සංඛ්‍යා ලේඛන තියෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ රෝහලේ ඇඳන් ගානට රෝගීන් නැහැ කියලයි. නමුත් ළමයකුට සායනයකට එන රෝගීන්ගෙන් ලබන පුහුණුවත් ඉතාම වැදගත්. රජයේ වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය සිසුන්ට ඒ අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ සායනවල වාට්ටු වගේ ඇඳන් තියෙනවා. ඒවායේදී සිසුන්ට පුහුණුවීම් දෙනවා. මේක ජාත්‍යන්තර මට්ටමින් කෙරෙන ක්‍රමයක්. වෛද්‍ය සභාව ඉදිරිපත් කළ නිල නොවන වාර්තාවකින් අපට පහර ගහනවා. සෞඛ්‍ය ආඥාපනත යටතේ එවැනි වාර්තාවක් සෞඛ්‍ය ඇමැතිවරයා පිළිගත යුතු වෙනවා. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම නිල නොවන වාර්තාවක් මුලික කර ගෙන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මඩ ගහනවා.
හොඳ පිළිගත් වෛද්‍ය පාඨමාලාවක් තියෙනවා. ගුරුවරු හා පහසුකම් තියෙනවා. ප්‍රමිතිය නැහැ කියලා කීවාට ඒ කුමන අංශයෙන්ද කියල පැහැදිලිව කියන්නෙත් නැහැ. ප්‍රමිතිය මනින නිර්නායකයන් කියන්නෙත් නැහැ. බඳවා ගන්නා ළමයගෙ ප්‍රමුඛතාවය අධ්‍යාපන අංශය, මේ සියල්ල හොඳින් කෙරෙනවා. මේකෙ ඉගෙන ගන්න දරුවන්ගෙ දෙමාපියන් හොඳට මේ ගැන හොයල බලල තියෙනවා.
වෛද්‍ය සභාව මගින් දරුවන් 7 දෙනකුට එක් ගුරුවරයෙක් සිටිය යුතු බවට නියම කර තිබෙනවා. ඒ තත්ත්වය ඇති රජයේ විශ්වවිද්‍යාල ඇත්තේ ඉතාම ස්වල්පයකි. කොළඹ, පේරාදෙණිය, ගාල්ල හැර අනෙකුත් වෛද්‍ය විද්‍යාලවල ඔය අනුපාතය කිට්ටු කිරීමටවත් නැති වෛද්‍ය පීඨ මේ රටේ නැහැ. මඩකළපුව, රජරට විශ්වවිද්‍යාලවල ඒ ප්‍රමිතිය ඇත්තෙම නැහැ. අපේ රටේ ඒ ප්‍රමිතිය තියෙනවා. මහාචාර්වරුන් දේශනවල 110ක් ඉන්නවා. අපිට තරම් ගුරුවරු ඉන්නෙ රජයේ වෛද්‍යපීඨ 3ක හැර වෙන ඒවායේ නැහැ. කරුණු නොසොයා නොබලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා.
ප්‍රශ්නය : පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ජනසතු කළ යුතු බවට තිබෙන යෝජනාවට ඔබ කැමැත්තක් දක්වනවද?
පිළිතුර : ජනසතු කිරීම මේකට පිළිතුරක් නොවෙයි. අඩුගානේ ළමයි 300ක් විතර පිටරටට ඇදිල යනවා. අන්තර්ජාතික පාසල්වල ඉතා හොඳ ප්‍රතිපල ලබා ගෙනත් විශ්වවිද්‍යාලවලට යන්න බැරිවුන විශාල පිරිසක් ඉන්නවා. ඒ ළමයින්ට පිළිතුරක් නැහැ. අලුතින් ආරම්භ කළ වෛද්‍ය විද්‍යාලවලටත් පහසුකම් නැහැ. ගුරුවරු නැහැ. පහසුකම් නැහැ. ඒවගේ තත්ත්වයක් යටතේ මේක ජනසතු කළා කියලා බුද්ධිගලනයට පිළිතුරක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා කළ යුත්තේ ජනසතු කිරීම නොව රජය අපට කරලා රජයේ රෝහල් කීපයක අපේ දරුවන්ට ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට අවස්ථාව ලබාදීමයි.
වෛද්‍ය ශිෂ්‍යයෝ පැත්ත පළාතෙ නොයන රෝහල් ගණනාවක් තියෙනවා. අඩු ගාණේ වෛද්‍ය ශිෂ්‍යයකුගේ හෙවනැල්ලක් වැටෙන්නේ නැති රෝහල් තියෙනවා. අපේ දරුවෝ පිටරට යවනවා. ඒවාට පිළිගැනීමත් අඩුයි. අපිට ඒ වෙනුවට රජයේ සහය ලබාදීම අවශ්‍යයි.
ප්‍රශ්නය: ඔබ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙක්ද?
පිළිතුර: මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බොහොම කාලයක් හිටිය කෙනෙක්. මම ඇතුළු විශේෂඥ වෛද්‍යවරු 900ක් ඒ සංගමයෙන් ඉවත් වෙලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් පිහිටුවා ගත්තා. වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යන වෘත්තිය සමිතියක්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකලාපය අපට අනුමත කරන්න බැහැ. ඉතා සුළු දේවල්වලට පවා රෝගීන් අපහසුතාවට පත් කරමින් ජීවග්‍රහයෙන් ගන්න එක අනුමත කරන්න බැහැ. අපේ ප්‍රතිපත්තිය පුළුවන් තරම් වර්ජනයෙන් තොරව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමයි. ඒකට බලයක් නැති කනිෂ්ඨ සාමාජිකයෝ ඉන්න රජයේ නිලධාරීන්ගේ සංගමය රෝගීන් බිල්ලට ගන්නවා. මම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෙලත් හිටිය කෙනෙක්. ඒ සංගමය ඇතුළෙ ඉන්නකොට තමයි සංගමයෙ සැබෑ තත්ත්වය තේරුම් ගියේ.
සයිටම් ආයතනය මුළුමනින්ම නීත්‍යානුකූල ආයතනයක් බව නීතිඥ අනුර ධනරත්න මහතා ප්‍රකාශ කරයි.
සයිටම් ආයතනයේ නීත්‍යානුකූල බව ප්‍රකාශ කරමින් ධනරත්න මහතා මෙසේද කීය.
පිළිගත් උසස් අධ්‍යාපන ආයතන පැවතියත් මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවතින්නේ සයිටම් ආයතනය පමණි. චීනයේ 1400ක් පෞද්ගලික ආයතන ඇති අතර රජයේ ආයතන ඇත්තේ 1100කි. අපිට විරුද්ධව අද කණ්ඩායම් තුනකි.
අන්තර් විශ්වවිද්‍යාලය ඉදිරියට දාගෙන ඉන්න අන්තවාදී දේශපාලන පක්ෂ එක කණ්ඩායමකි. දෙවැන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යැයි කියා ගන්නා කොටසකි. රජයේ වෛද්‍ය නිලධාරීන් සියලු දෙනා මෙම සංගමයට නැත. වෛද්‍යවරු 50ක පමණ පිරිසකගේ දරුවන් මාලබේ ඉගෙනුම ලබති. මේ සංගමය නියෝජනය කරනු ලබන්නේ සියයට 10ක පමණ පිරිසකි. තුන්වැනි පිරිස තමන්ට බලයක් ඇති බවට සමාජගත කිරීමට උත්සාහ ගන්නා වෛද්‍ය සභාවයි. මේ අය බලයෙන්ම තමන්ට බලයක් ඇති බව මොවුහු ප්‍රකාශ කරති.
මෙරට විශ්වවිද්‍යාල පනතට විශේෂ වගන්තියක් 25/ඒ වශයෙන් සඳහන් කර පෞද්ගලික ආයතනවලට බලතල දීමට පියවර ගැණුනි. ඒ අනුව එවැනි ආයතනයකින් දෙනු ලබන උපාධිය රජයේ විශ්වවිද්‍යාලයකට සමානය. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පමණක් ප්‍රශ්නය පවතී. අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ප්‍රශ්නයක් නැත.
පිටරට විශ්වවිද්‍යාලවල දරුවන් යවන ඒජන්සිකරුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට මුදල් සැපයීම කරනු ලබයි. සයිටම් ආයතනය පටන් ගත්තේ රුසියාවේ අධ්‍යාපන ආයතනයක් සමගය. වෛද්‍ය සභාවේ ඉල්ලීම අනුව සයිටම් ආයතනය පිළිගත් ආයතනයක් කිරීම සඳහා ඉල්ලීමක් කරනු ලැබිණි.
ඒ අනුව අවස්ථා 2කදී මෙම ආයතනය ගැසට් කර ඇත. 2011 සිට බඳවා ගන්නා සිසුන්ට පිළිගත් උපාධියක් ලෙස පිළිගන්නා ආකාරයට ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් උසස් අධ්‍යාපන ඇමැතිවරයා දෙන ලද වාර්තාවකට අනුව 2011 න් පසු බඳවා ගන්නා අයට උපාධිය පිළිගන්නා බවට ගැසට් පත්‍රය නිකුත් කෙරුණි.
2009 සිට සිසුන් සඳහාත් වසරක් කාලය වැඩිකර කිසියම් කොන්දේසි ඉදිරිපත් කර උපාධිය පිරිනැමීමට අවස්ථාව දීමට තීරණය කර තිබිණි. මේ ගැසට් පත්‍ර දෙකේම යම් කොන්දේසි ඇතුළත් කර තිබිණි.
ඒ කොන්දේසි සම්පූර්ණ කර ඇති බව අමාත්‍යාංශය පිළිගත් ලිපියක් ද නිකුත් කර ඇත. ඒ අනුව සයිටම් ආයතනය නීත්‍යානුකූලව එම්.බී.බී.එස්. උපාධි පිරිනමන ආයතනයක් බවට පිළිගෙන ඇත. අවසන් විභාගයට ඉදිරිපත් වූ ළමයි 24න් 19ක් ප්‍රථම වරට සමත් විය.
වෛද්‍යවරයෙක්වීමට සිසුවෙක් කරුණු 4ක් සම්පූර්ණ කළ යුතු වේ. පළමුවැන්න එම්.බී,බී,එස්. උපාධිය, දෙවැන්න යහපත් කල් ක්‍රියාව, තුන්වැන්න ශ්‍රී ලාංකික බවයි. සිව්වැන්න අදාළ ගාස්තු ගෙවීමයි. 1988 වෛද්‍ය පනතට අනුව සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අයිතිය පවතී. මූලික ලියාපදිංචියෙන් පසු වසරක් සීමාවාසික පුහුණුව ලැබිය යුතුයි. ඉන්පසුව වෛද්‍ය සභාව ලියාපදිංචි අංකයක් සමග පූර්ණ ලියාපදිංචිය ලබා දෙයි.
දැන් වෛද්‍ය සභාව ඒ සිසුන්ට මූලික ලියාපදිංචි ප්‍රතික්ෂේප කර තිබිණි. එබැවින් අභියාචනයක් ඉදිරිපත් කරමින් වෛද්‍ය ලියාපදිංචියට සුදුසුකම් ඇති නිසා අධිකරණයට ඉල්ලීම් කර ඇත. මේ වනතෙක් පවත්නා තත්ත්වය එයයි. මේ ආයතනය නීතිමය වශයෙන් පිළිගත් ආයතනයක් බවට ප්‍රකාශ කළ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇත.
මේ ගැසට් පත්‍ර මගින් සයිටම් ආයතන පිළිගත් ආයතන බවට ප්‍රකාශ කර ඇත. යම් යම් කොන්දේසි සඳහන් කර තිබූ අතර 2014.8.14 දින අමාත්‍යාංශ ලේකම්වරයා යවා ඇති ලිපියකින් ද ඒ කොන්දේසි සපුරා ඇති බව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිනෙන් දින උණුසුම්වන “සයිටම් අරගලය”
තිළිණ Friday, 22 July 2016 02:17 PM
මේ මොනවා වුණත් මේවායින් මානසික පීඩාවට පත්වුණ අසරණ දරුවන් ගැන දුකයි (නි)
කසුන් Friday, 22 July 2016 02:22 PM
දැන් සයිටම් ගැන කතාව අර්ථවිරහිත දෙයක්. දැන් එහි ප්‍රෝඩාව සනාථව ඇත. සයිටම් රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යන්න. සිසුන් බඳවා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්න. (නි)
ශ්‍රියාන් Saturday, 23 July 2016 01:04 PM
මේ ප්‍රශ්නය විසද ගන්නේ කවදද?(හේ)
ප්‍රනාන්දු Saturday, 23 July 2016 01:04 PM
දුක බාල දොස්තරලා බිහිවෙන එකයි. (හේ)