IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


දුමින්දගේ මතකය ගැන අධිකරණයේදී කී කතා

ඉකුත් වසරේ පළාත් පාලන මැතිවරණය පැවති ඔක්තෝබර් 8 වැනි දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු අනුගාමිකයන් සමග කොළොන්නාව හිඹුටාන හන්දියෙහි ඇති වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ මතකයෙහි නැති බව රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඉකුත් 24 වැනි දින කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැනුම් දුන්නේය. අධිකරණය කළ නියමයකට අනුව සිංගප්පූරුව වෙත ගොස් දුමින්ද සිල්වා මහතාගෙන් ලබාගත් කටඋත්තරය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා එලෙස දන්වා සිටියේය. ඉකුත් වසරේ ඔක්තෝබර් 8 වැනි දින සිදුවූ මෙම වෙඩි හුවමාරුව නිසා බරපතල තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා මේ වන විට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඔහුට ප‍්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා ලබා දුන් වෛද්‍ය වාර්තාවක් ද රහස් පොලීසිය ඉකුත් 24 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කළේය. භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල එදින කැඳවූ අවස්ථාවේ රිමාන්ඞ් බාරයට පත් කොට සිටින සැකකරුවෝ 16 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබ සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ පරීක්ෂණවල ප‍්‍රගතිය දැනුම් දුන් රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අධිකරණය කළ නියෝගයකට අනුව රහස් පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතා සිංගප්පූරුවට ගොස් එහි මවුන්ට් එළිසබෙත් රෝහලේ 5බී වාට්ටුවෙහි අංක 5535 දරණ කාමරයෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට ප‍්‍රතිකාර කරන කීත් ගෝ නමැති ස්නායු ශල්‍ය වෛද්‍යවරයා හමුවී දුමින්දගේ රෝගී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව දැනුම් දුන්නේය. එම වෛද්‍යවරයා රූපසටහන් යොදා ගනිමින් දුමින්දගේ රෝගී තත්ත්වය සහ තුවාලවල ස්වභාවය ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතාට විස්තර කර දී ඇතැයි කී සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා දුමින්දගේ රෝගී තත්ත්වය පිළිබඳව එම වෛද්‍යවරයා විසින් නිකුත් කර තිබූ වෛද්‍ය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කළේය. වෛද්‍ය වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කළ ශානි අබේසේකර මහතා දුමින්දගේ හිසට සහ අතකට ශල්‍යකර්මයක් සිදු කර ඇති බව ද තවත් එක් ශල්‍යකර්මයක් කිරීමට නියමිත බව ද එහි සඳහන් වන්නේ යැයි දැනුම් දුන්නේය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ළමාහේවා මහතා වෛද්‍යවරයාගෙන් අවසර ලබාගෙන දුමින්ද සිල්වා මහතා හමු වන විට ඔහුගේ වම්පස ඇහි බැමේ සිට අඟල් තුනහමාරකට පමණ ඉහළින් හිස දෙසට අඟල් 1/4ක පමණ පළලකින් යුත් තුවාල කැළලක් දකුණු පස කන ආසන්නයට විහිදී තිබෙනු දැක ඇතැයි ශානි අබේසේකර මහතා පැවසීය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහු සමග කතා කර දුමින්දගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි කී අබේසේකර මහතා පළාත් පාලන මැතිවරණ පැවැත්වූ ඉකුත් වසරේ ඔක්තෝබර් 8 වැනිදා තම ආරක්ෂක නිලධාරින්  හා ආධාරකරුවන් සමග කොළොන්නාවේ තමිල්නාඩුවත්තට ගොස් ඡන්දදායකයන් හමු වූ අවස්ථාව මතක ඇතත් ඉන් අනතුරුව සිදු වූ දේවල් මතකයේ නැති බව දුමින්ද දුන් ප‍්‍රකාශයේ සඳහන් වන බව සහකාර පොලිස් අධිකාරිවරයා දන්වා සිටියේය. එදින වෙඩිතබා ගැනීම සිදු වූයේ කොහෙදීද? වෙඩි තැබුවේ කවුද? වෙඩි තබාගන්නා ස්ථානයේ සිටියේ කවුරුන්ද යන්න තමාට මතක නැති බව දුමින්ද සිල්වා සඳහන් කර ඇතැයි කී ශානි අබේසේකර මහතා ඔහුගේ ප‍්‍රකාශය අනුව වෙඩි වැදීමෙන් අනතුරුව ඔහුට සිහිය ලැබී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේදී බව කීය. සිහිය එන විට දුමින්දගේ මව ඇඳ අසළ සිටි බැවින් ඔහු තමා සිටින්නේ කොහේදැයි මවගෙන් විමසූ විට රෝහලේ සිටින බව ඇය පැවසී යැයි ද තමාට වෙඩි වැදී ඇති බව දුමින්ද දැනගෙන ඇත්තේ වෛද්‍යවරයාගෙන් ඒ බව විමසීමෙන් පසුව යැයි ද එම ප‍්‍රකාශයේ ඔහු සඳහන් කර ඇති බව ශානි අබේසේකර මහතා අධිකරණයට දැනුම් දුන්නේය. දුමින්ද සිල්වාගේ කටඋත්තරය සහිත ප‍්‍රකාශය සහ කීත් ගෝ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර කඩිනමින් උපදෙස් ලබාගෙන වාර්තා කිරීමට කටයුතු කරන බව දැනුම්දුන් ශානි අබේසේකර මහතා සැකකරුවන් 16 දෙනා තවදුරටත් රිමාන්ඞ් බාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය. භාරත ලක්ෂ්මන් මහතාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින් භාරත ඝාතනය වී  මාස 9ක් ගත වී හෝ රහස් පොලීසිය සිංගප්පූරුවට ගොස් දුමින්ද සිල්වාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් ස්තුති වන්ත වන බව ද දුමින්දගේ ප‍්‍රකාශය ලැබී ඇති බැවින් අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවට දැන් හැකියාව තිබෙන බව ද කීය. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් රහස් පොලීසියට මෙතෙක් කල් තම සේවාදායකයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූයේ ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ නිසා යැයි ද දැන් ඔහුගේ ප‍්‍රකාශය ලැබී ඇති නිසා මෙම අපරාධයෙහි වින්දිතයකු වන දුමින්ද සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බව ද පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය අධිකරණයට අපහාස කර ඇති බව කියන සිද්ධියට අදාළ තීන්දුව ලබන 7 වැනි දින ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. සැකකරුවන් එදින වෙන තුරු තවදුරටත් රිමාන්ඞ් බාරයේ තැබීමට ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

දසුන් රාජපක්ෂ
සැකකරුවන් පිරිස අධිකරණයට ගෙන එමින්...



අදහස් (0)

දුමින්දගේ මතකය ගැන අධිකරණයේදී කී කතා

එම්.අයි හසන් Tuesday, 31 July 2012 10:40 PM

මම නං හිතන්නෙ මෙයා ඉන්නෙ ලංකාවෙ වෙන්න ඇති..!!(නු)

:       0       0

ප්‍රියානි Tuesday, 31 July 2012 03:20 AM

ඉපදුනේ ලංකාවෙයි කියලත් මතකද දන්නේ නැහැ (දී)

:       0       0

රම්‍යා Tuesday, 31 July 2012 03:26 AM

අපි මෝඩයෝ කියල හිතාගෙන ඇත්තේ (දී)

:       0       0

නිරෝෂා Friday, 03 August 2012 10:19 PM

අනේ පවු! මෙමරි එක ෆෝමැට් වෙලා නේද? මෙහෙම දේවල් නොවෙන්න "ඩිසාස්ටර් රිකවරි ප්ලෑන්" එකක් හදලා තියෙන්න එපායෑ. (නි)

:       0       0

මහියා Tuesday, 31 July 2012 06:36 AM

හොදටම බීලා ඉන්ඩ ඇත්තේ. ඒකයි මොනවත් මතක නැත්තේ. (ත)

:       0       0

bumba Sunday, 05 August 2012 02:18 AM

අනේ පව්. දැන් ඔක්කොම අමතක වෙලා ඇති (ත)

:       0       0

තිලක් Wednesday, 01 August 2012 07:48 PM

කවරදාවත් ඇත්ත බොරුකරන්න බැහැ. (නි)

:       0       0

දිලුමි Tuesday, 31 July 2012 02:43 PM

සැකකරුවන් දැක්කම බයත් හිතෙනවා..!(නු)

:       0       0

ජගත් Saturday, 04 August 2012 09:23 AM

කවුරු හරි විශේෂ කෙනෙක් දැක්කොත්නම් මතකය අලුත් වෙයි. (ත)

:       0       0

රණසිංහ Wednesday, 01 August 2012 10:24 PM

මගේ ඔලුවෙත් අයි.සී. එක ගළවලා, ගිගා බයිට් 500ක මෙමරි කාඩ් එකක් දාලා, රුපියල් 5ක් ගබඩා කර ගන්න ඕනේ.

:       0       0

රාවන Tuesday, 31 July 2012 09:47 AM

හැමදේම මතකනම් ඒ දේම අමතක වුණේ කොහොමද ? අනේමන්දා‍‍...(ස)

:       0       0

ඩියෝන් Saturday, 04 August 2012 11:03 AM

අනේ පවු!! මතක නැහැ!! අනේ මන්දා‍‍! බයත් හිතෙනවා!! (නි)

:       0       0

නිශා Friday, 03 August 2012 03:48 PM

මන්ත්‍රි කෙනෙක් කියලාවත් මතකද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

රමීස් Friday, 03 August 2012 04:43 PM

මතක නැත්නම් ලංකාවට එන්න කියන්නකෝ. (නි)

:       0       0

ඇන්ටන් Monday, 30 July 2012 05:07 AM

නීතිය සාධාරණයක් ඉෂ්ඨ කාරාවියැයි බලාපොරොත්තු වෙමි. බාරත මහතාට නිවන් සුව. (ත)

:       0       0

දිලිප් Tuesday, 31 July 2012 08:36 PM

කවදා හෝ නීතිය දිනාවි. (අ)

:       0       0

දිලිප් Tuesday, 31 July 2012 08:34 PM

කවදා හෝ, නීතිය දිනාවි, යුක්තිය කසළ ගොඩට යාවි. (නි)

:       0       0

සුරන්ජිත් Tuesday, 31 July 2012 12:32 PM

මොලයේ මතක කෑල්ල අයින් කරලා ඇති...(නු)

:       0       0

දම්මික Tuesday, 14 August 2012 11:38 AM

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම (දී)

:       0       0

කුමාර Friday, 03 August 2012 07:25 PM

මේවා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 552 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 727 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 127 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 383 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 548 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 919 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site