IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දඹුල්ලේ එළවළු මිල බස්සන්න යාපනෙන් එළවළු

     sdg

රටේම එළවළු අවශ්‍යතාවය යාපනයේ තමන්ට සපුරාලීමට හැකියාව තිබෙන බවත් මෙවර රටේම ඉහළ ගිය එළවළු මිල විශාල වශයෙන් පහත දැමීමට යාපනයේ ගොවීන්ට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවත් යාපනයේ එළවළු ගොවීහු කියති.


ඔවුන් අප සමග මේ බව කීවේ අප යාපනයේ එළවළු ගොවි රජවරුන් සොයා ඔවුන්ගේ වගාබිම්වලට ගිය අවස්ථාවේදීය.


ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා එළවළු වගාවන් විනාශවී ගොස් එළවළු හිඟයක් ඇතිවී විශාල වශයෙන් එළවළු මිල ඉහළ ගොස් සමස්ත ජනතාවටම ඉසිලිය නොහැකි වියදමක් දරන්නට සිදුවිණි.


එම තත්ත්වය මඟහරවා ගැනීමට උදව් කළේ යාපනයේ ජනතාවයි. යාපනයේ වගා කෙරුනු එළවළු තොග රටපුරා බෙදා හැරීම සිදු විය. එම ගොවීන් හමුවීමට අපට අවස්ථාව ලැබිණි.

07-page1-S2-2


යාපනයේ එළවළු විශාල වශයෙන් ලැබුණේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙතය. ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු මෙන්ම දඹුල්ල මහනගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා පසුගියදා තවත් පිරිසක් සමග යාපනයේ ගොවීන් හමුවීමට ගියහ. ඒ ගොවීන්ට ස්තුති කිරීමට මෙන්ම යාපනයේ වගාකැර තිබෙන අනෙකුත් එළවළු වර්ග දඹුල්ලට මෙන්ම රටේ අනෙකුත් ප‍්‍රදේශවල වෙළෙඳපොළවල්වලට යවන ලෙස ගොවීන්ට දැනුම් දෙන්නටය.


එම ගමනට අපට ද එක්වීමට හැකි විය.
යාපනයේ ගොවීන් සිදුකළ මහා වික‍්‍රමය මෙන්ම සාරවත් වාර්තාගත එළවළු අස්වැන්නක් නෙළාගන්නා අයුරු මෙන්ම වගා කරන අයුරු ද දැක ගැනීමට අපිට හැකිවිණි. එමෙන්ම යාපනයේ ගොවීන් වස විෂවලින් තොරව වගා කිරීමට කරන උනන්දුව පිළිබඳව ද අපට දැක ගැනීමට හැකි විය.

07-page1-S2-1


අපට යාපනය ගොවීන් මුණගැස්සූ දඹුල්ල මහනගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා කීවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයෙක් ද හැටියට සමාජයට ඉටුවිය යුතු සේවාව ලබාදීමට තමන් යාපනයේ ගොවීන් හමුවට ගිය බවයි. ජනතාවට දරා ගැනීමට නොහැකි තත්ත්වයට එළවළු මිල ඉහළ ගිය බවත් රටේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ සපයන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත දැමීමට නම් තොග වැඩියෙන් ලැබිය යුතු බවත් පැහැදිලි කළේය. එම නිසා යාපනයේ ගොවීන් හමුවී ඔවුන් කරන සේවය ඇගයීමට ලක් කොට එම අස්වනු රටපුරා යවා යම් මට්ටමකින් හෝ එළවළු මිල අඩුකැර ජනතාවට සහනයක් ලබාදීම තමන්ගේ එකම අරමුණ වූ බවයි.


යාපනයට ගිය අපට දැක ගැනීමට හැකිවූයේ ඉතා සාරවත් එළවළු අස්වැන්නකි. එමෙන්ම කන්ද උඩරට සීතල කඳුකරයේ වගා කරන කැරට්, බීට්, ගෝවා ආදී එළවළු යාපනයේ ඉතා සරුවට වගාකැර එම අස්වනු නෙළන අයුරුත් තවත් වගාවන් සිදු කරන අයුරුත් දැකගත හැකි විය.


එළවළු වගාවන් සඳහා කාලසීමා හෙවත් කන්න පැවතීම අප රටේ සාමාන්‍ය සිද්ධියකි. එහෙත් යාපනයේ ගොවීන් වෙනත් වගා ක‍්‍රමයක් අනුගමනය කැර ඇත. ඒ වසරේ දින 365 දීම අස්වනු නෙළීමට හැකිවන පරිදි කාල රාමු සකසා තම වගාවන් ආරම්භ කිරීමයි.

07-page1-S2-3


යාපනයේ කන්ද උඩරට මෙන් සීතල දේශගුණයක් නැත. එහෙත් කැරට් වගාව මෙවර ඉතා සාර්ථකව සිදුකර ඇත. පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා කන්ද උඩරට වගාව සියයට 80%කින් විනාශ විය. ඒ නිසා කැරට් කිලෝව රුපියල් 340ත් 350ත් දක්වා ඉහළ ගියේය. යාපනයේ ගොවීන් තම අස්වනු නෙළා වෙළෙඳපොළට යැවූ නිසා මේ දිනවල කැරට් කිලෝව රුපියල් 150ත්-170ත් අතර මිලකට අඩුවී තිබිණි. බෝංචි මිල ද ඊට සමගාමීව පැවැතියේය. බීට් රූට් කිලෝවක තොග මිල පැවැතියේ රුපියල් 180ත් 200ත් අතර මිලකටය. යාපනයේ ගොවීන්ට එම මිල රුපියල් 70ත් 100ත් අතර අඩුකැර ජනතාවට ලබාදීමට හැකිවිණි.


වට්ටක්කා, ලූනු, ගෝවා, රාබු, මෑකරල්, දෙහි, කෙසෙල්, වම්බටු, මාළු මිරිස්, අමු මිරිස්, පතෝල, වැටකොළු ආදී එළවළු සඳහා යාපනයේ ගොවීන් ප‍්‍රමුඛස්ථානයක් ලබාදී තිබුණු අතර කන්ද උඩරට වැවෙන එළවළු සඳහා ද මෙවර වැඩි උනන්දුවක් යොමුකැර ඇත.


යාපනයේ චුන්නාකම් ප‍්‍රදේශයේ ගොවියකු වූ ඊ. සිවනාදන් මහතා අක්කර 10 ක් 15ක් පමණ එළවලූ වගාව සිදුකරන අතර එම අස්වනු ඔහු විසින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යවන ගොවියෙකි. ඔහු දඹුල්ලේ ව්‍යාපාරිකයන් සමග වඩා සමීපම ගොවියෙකි. සිවනාදන් මහතා තම අනෙකුත් ගොවීන්ගේ මෙන්ම යාපනේ වගාවන් පිළිබඳව අපට මෙසේ විස්තර කළේය.


අපිට මොනවත් අවශ්‍ය නැහැ. වතුර ටික ලැබුණොත් වගා කරන්න පුළුවන්. මම දන්න විදිහට අපේ ගොවියෝ කම්මැලි නැහැ. ඒ වගේම තමයි කුලියට වැඩට එන අයත් තමන් ගන්න කුලියට පාඩු නොවෙන්ඩ වැඩ කරනවා.


”අවුරුදු ගණනාවක ඉඳලා බැලූවත් මේ සැරේ අපිට හොඳ අස්වැන්නක් ලැබෙනවා. අපි ලබපු තවත් ජයග‍්‍රහණයක් තමයි හොර බොරු නැති හොඳ ව්‍යාපාරික පිරිසක් දඹුල්ල වෙළෙඳපොළෙන් අපිට හමුවුණා. සරත් අයියා, අනුරාධපුර කඬේ සුනිල් අයියා, වගේ අය. ඒ නිසා ගොවීන්ගේ අතමිට සරුවෙනකොට මේ පැත්තේ ඔක්කොමලා වගා කරන්න පටන් ගත්තා. දැන් අපිට පුළුවන් රටේ බහුතරයකට එළවළු සපයන්න. ඒකට අපි හරි ආඩම්බරයි.’’

07-page1-S2-6


යාපනයේ එළවළු මිලදී ගන්නා මධ්‍යස්ථාන තුනක් භාරව සිටින සිවවාදම් සුන්දරම් මහතා හමුවී රටපුරා මෙම එළවළු බෙදා හරින ක‍්‍රමය පිළිබඳව අප විමසීමක් කළෙමු. චුන්නාකම්, මරදනාමඩම් හා චින්නවේලි යන වෙළෙඳපොළ තුනම භාරව කටයුතු කරන ඔහු පිළිබඳව ගොවීන්ගේ විශ්වාසය මෙන්ම ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය ද පවතී.


‘‘අපි යාපනේ ගොවීන්ගේ එළවළු ටික එකතු කරලා වෙළෙන්ඳන්ට දෙනවා. ඒ වගේම උපරිම මිලක් ගොවීන්ටත් අපේ පාරිභෝගික ජනතාවටත් අපහසුවක් නොවන විදිහට මිල පාලනය කිරීම කරනවා. මම නිතරම මේ සියලූ දෙනා සතුටු කරවන වැඩක් කරන්නේ. රටපුරා වෙළෙඳපොළවලට යාපනයේ එළවළු ටික ප‍්‍රවාහනය වෙන්නේ දඹුල්ල වෙළෙඳපොළ හරහා හා කොළඹ වෙළෙඳපොළ හරහා. පිට පළාත්වල ව්‍යාපාරිකයන් යාපනයට ඇවිත් එළවළු මිලදී
ගැනීමේ වැඩපිළිවෙළක් ඇතිකළොත් හොඳයි.’’


යාපනයේ ගොවීන් සොයා ගිය ගමනේ දී විශේෂයෙන් දැක ගැනීමට හැකිවූයේ එම ගොවීන් අනෙක් ගොවීන් හා සසඳා බැලීමේ දී දැඩි වෙනස් කි‍්‍රයාමාර්ග ගන්නා අයුරු දැක ගැනීමට හැකි විය. මන්ද ගොවීන් තම ගොවිබිම දෙවොලක් සේ රකිති, ආරක්ෂා කරති. පිටස්තර නොදන්නා කිසිදු අයකුට ඇතුළුවීමට හෝ නොහැකිවන පරිදි ආරක්ෂා කරනු ලබයි.


රටේම එළවළු මිල පාලනය කළ යාපනයේ ගොවීන්ට අප ප‍්‍රණාමය හා ස්තුතිය පුදකැර සිටියෙමු.


විශේෂයෙන් රටේ එළවළු මිල පහත හෙළීම සඳහා යාපනයේ ගොවීන් සොයා ගිය දඹුල්ල මහනගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතාට ද ස්තුතිය පුදකැර සිටියෙමු.

 

m

 



අදහස් (0)

දඹුල්ලේ එළවළු මිල බස්සන්න යාපනෙන් එළවළු

බණ්ඩාර Monday, 09 February 2015 11:00 AM

වාසනාවන්. (ර)

:       0       0

ක්‍රිස්ටි Monday, 09 February 2015 09:22 PM

දේශපාලුවෝ ඕකත් විනාශ කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Tuesday, 10 February 2015 09:43 AM

යාපනේ මම අවුරුදු දෙකක් හිටියා මේ මිනිස්සු හරිම උත්සාහවන්තයි (දිල්)

:       0       0

සරත් Tuesday, 10 February 2015 04:45 AM

මිනිසුන් අතර බොරුවට මත වාද ඇති නොකර සියලු දෙනා එකා වගේ වැඩ කරොත් මේ රට සංවර්දිත රටක් කරා ගෙන යන ඒක මහා වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

රොෂාන්ත Tuesday, 10 February 2015 06:40 AM

ඒ වුනාට එළවළු මිල තාමත් අඩු වෙලා නෑනේ.(හේ)

:       0       0

තිලක් Tuesday, 10 February 2015 11:56 AM

මේ දර්ශන දිහා බැලුවම පේනවා මේ මිනිස්සු මොන තරම් මහන්සි වෙලා වැඩ කරනවද කියලා. පක්ෂ බේද ඇත හැරලා සැවොම එකා වගේ වැඩ කලොත් මේ පුංචි රට සුර පුරයක් කරන්න පුළුවන්.(හේ)

:       0       0

සිල්වා Monday, 09 February 2015 05:46 PM

මේ ගොවියන් දිරිමත් කිරීම රජයේ වගකීමක්. මුළු ලංකාව පුරාම බෙදාහරින්න කාලෝචිත වැඩක් කරන්න උතුරේ ගොවියන්ගේ ශක්තිය මුළු රටටම වාසනාවක් (නදී)

:       0       0

නුවන් Monday, 09 February 2015 06:34 PM

මල් මල් අනාගතයක සුභ ලකුණු. උතුරත් දකුණත් සහෝදර පෙමින් එකට එකමුතු වී, හදමු අපේ රට. (නදී)

:       0       0

තාරක Wednesday, 11 February 2015 04:18 AM

උඩරට, නුවරඑළිය, වැලිමඩ ආදී ප්‍රදේශ වල ගොවීන් මුහුණදී තිබෙන ප්‍රධාන ගැටළුවක් වෙලා තියෙන්නෙ හරිහමන් වෙළඳපොළක් නොමැතිවීමයි. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයක් තිබුණද එයින් විශාල වශයෙන් ලාබ ප්‍රයෝජන විඳින්නේ වෙළඳ පාර්ශවයයි. තවද අස්වැන්න අඩුවීමට හේතුවක් වෙලා තියෙන්නෙ පස නිසරුවීමයි. එයට බාල පොහොරද බලපා තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4684 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 614 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1197 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 253 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site