වයිරසය ශරීරගතවීම දියවැඩියාව ඇති රෝගියකුට හා ආනෙක් අයටද එක ලෙස අවදානමක් ඇති අතර දියවැඩියා රෝගියකුට කොවිඩ් - 19 ආසාදයන වුවහොත් එමගින් අතුරු ආබාධ මෙන්ම සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. ඒ දියවැඩියාව හොඳින් පාලනය නොවූ පුද්ගලයන්ටය.
මේ නිසා දියවැඩියාව වැළඳුනු පුද්ගලයන් කොවිඩ් - 19 රෝගය ආසාදනයවීම වැළැක්වීමට පහත පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්ය.
● සාමාජයට පිවිසෙන විට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට සෑම විටකම පාහේ අඩි 6ක දුරස්ථභාවය පවත්වාගැනීම වැදගත් වේ.
● නියමිත සෞඛ්‍යරාක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවශ්‍යයැයි හැඟෙන සෑම අවස්ථාවකදීම දෙඅත් සබන් ගා තත්පර 20ක් වත් හොඳින් සෝදා ගැනීම අවශ්‍ය අතර ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණයක් පැළඳීම අත්‍යාවශ්‍ය වේ.
● ඔබට දියවැඩියාව ඇත්නම් රුධිර සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමින් පාලනය කර ගැනීමද ඉතා වැදගත් වේ.
දියවැඩියාව හා කොරෝනා වයිරස් රෝගය අතර ඇති සම්බන්ධය.
රෝගය ව්‍යාප්ත වූ මුල් කාලයේ සිදුකරන ලද අධ්‍යයනවලට අනුව දරුණු ලෙස කොවිඩ් - 19 ආසාධනය වී රෝහල් ගත කර රෝගීන්ගෙන් සියයට 25 කට පමණ දියවැඩියාව වැළඳී තිබූ රෝගීන් බව හඳුනාගෙන තිබේ.
මීට අමරතව දියවැඩියාව ඇති රෝගීන්ට කොවිඩ් - 19 ආසාදනය වීමෙන් දරුණු සංකූලතා හා අතුරු ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. ඊට අමරතව මෙම රෝගයෙන් මියයාමට ඇති අවදානමද වැඩිය. මෙයට හේතුවක් ලෙස සොයා ගෙන ඇත්තේ රුධිරයේ අධික ලෙස ග්ලුකෝස් මට්ටම ඉහළ යාමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය හීණ වන බවත් එමගින් ආසාදනයක් ඇතිවූ විට ඒවා හා තරඟ කර වයිසරය විනාශ කිරීමට ඇති හැකියාව අඩු බවයි.
මීට අමරතව කොරෝනා වයිරසයේ බලපෑම තවදුරටත් වැඩි වීමට ඔබට පෙනහලු ආශ්‍රීතව රෝග හෘද රෝග ඇත්නම් එයද බලපානු ඇත.
ඔබට දියවැඩියාව වැළඳී ඇත්නම් කොරෝනා ආසාදනය වුවහොත් දියවැඩියාවේ දරුණු සංකූලතාවක් වන දියවැඩියා කීටොඇසිඩෝසිස් (Diabetes Ketoacidosis) තත්ත්වය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිවේ. මෙහිදී සිදුවන්නේ සිරුරේ රුධිර ග්ලූකොස් මට්ටම ඉහළ යාමේදී රුධිරයේ කීටෝන (Ketones) නම් අම්ලයේ මට්ටම ඉහළ යාමයි. මෙය ඉතා දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය.
ඒ හැරුණු විට දියවැඩියාව රෝගීන්ට මෙම කොවිඩ් - 19 වයිරසය ශරීර ගතවීමේදී ශරීරය එම වයිරසයට ප්‍රතිචාර දැක්වීමේදී වයිරසය රුධිරයට ඇතුලු වී සෙප්සිස් (Sepsis) නම් තත්ත්වය ඇතිවිය හැක. මෙම සෙප්සිස් නම් තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී ශරීරයේ තරල (Body Fluids) හා අංශුමාත්ර මූලද්‍රව්‍ය (Electrolytes) මට්ටම සමතුලිත වන ලෙස කළමනාකරණය කළ යුතු වේ.
එහෙත් දියවැඩියාවේදී ඇතිවන දියවැඩියා කීටොඇසිඩෝසිස් (Diabetes Ketoacidosis) තත්තවයේදී රුධිරයේ ඇති අංශු මාත්‍ර මූලද්‍රව්‍ය (Electrolytes) මට්ටම පහළ යන නිසා සෙප්සිස් (Sepsis) තත්ත්වයට පත්වුවහොත් ප්‍රතිකාර කිරීම අසීරු වේ.
දියවැඩියා රෝගියකු කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂා වීමට කළ යුත්තේ කුමක් ද?
මේ සඳහා හොඳම උපක්‍රමය වන්නේ සමාජයට නිරාවරණය නොවී නිවසේ රැදී සිටීමයි. ඇතැම් රටවල (ඇමරිකාවේ වැනි) දියවැඩියාව වැළඳුනු රෝගීන්ට සේවා ස්ථානයේ අනෙක් සගයන්ගෙන් වෙන්වී වැඩි ඉඩකඩක් සහිත ස්ථාන වෙන්කර ඇති අතර නිවසේ සිට රාජකාරී කිරීමට මෙන්ම අවශ්‍ය අවස්ථාවල ලෙඩ නිවාඩු වාර්තා කිරීමට ද අයිතිය ඇත.
අත්‍යවශ්‍ය කරුණකදී බාහිර සමාජයට යාමට අවශ්‍ය වුවහොත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය වේ. මීට අමරතව ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණයක් පැළඳීම මෙන්ම උපදෙස් දී ඇති පරිදි හොඳින් සබන් ගා අත්සේදීම අත් සේදුම් දියරයක් පාවිච්චිය කිරීමද වැදගත් වේ.
එයට අමතරව ද ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය නික්ෂේපනය කරන රෝගීන් නම් එය නික්ෂේපනය කරන සෑම අවස්ථාවකදීම හොඳින් අත් සෝදා ගැනීම මෙන්ම නික්ෂේපනය කරන ස්ථානයද හොඳින් මද්‍යසාර සහිත ද්‍රාවණයකින් සෝදා පිරිසුදු කළ යුතුය.
මීට අමරතව දියවැඩියා රෝගියකු සිටන නිවසක අනෙක් අයද නිතර දෙඅත් සෝදා පිරිසුදු කර ගත යුතු අතර ආහාර පිළියෙළ කිරීමේදී ද එය වැදගත් වේ. ගෙදර භාවිතා කරන පිඟන් කෝප්ප හා ඇඳුම් පැළඳුම් තනි තනිව වෙන වෙනම පාවිච්චි කිරීමටද වැදගත් වේ.
එසේම නිවසේ යම් පුද්ගලයකු රෝගාතුර වූ අවස්ථාවකදී රෝගියා වෙනම කාමරයක සිටීම වැදගත්වන අතර දියවැඩියාව වැළඳුනු අයකු සිටීනම් මුඛ ආවරණයක් පැළඳීමද වැදගත් වේ.
කොවිඩ් - 19 ආරක්ෂා වීමට දියවැඩියා රෝගීන් ගතයුතු ක්‍රියාමාර්ග.
සමාජ දුරස්ථභාවය හා නිවසේ සිටීම පමණක් කොවිඩ් - 19 හා සටන් කිරීමට ප්‍රමාණවත් නොවේ.
පුද්ගල සංචරණය අවම කිරීමට ඇඳිරි නීතිය වැනි සීමා පැනවීමේදී රෝගියෙකුට සුදුසු ආහාර වර්ග ඖෂධ හා අනෙකුත් සෞඛ්යාරක්ෂිත දේවල්වල හිඟයක් මෙන්ම සීමාවක් ඇතිවන නිසා සති 2-3 ක කාලයකට සරිලන ආහාර ඖෂධ ලබාගෙන එකතු කර ගැනීමද වැදගත් වේ.
මීට අමරතව ප්‍රමාණවත් පරිදි ආහාර ද්‍රව්‍ය එක්රැස් කරගත යුතු අතර දියවැඩියා රෝගීන්ට යෝග්‍ය සම්පූර්ණ තිරිඟු (Whole Wheat) හෝ සම්පූර්ණ ධාන්‍ය (Whole Grain) වලින් සැකසූ ආහාර වර්ග මෙන්ම එළවළු නූඩ්ල්ස් හා රසකාරක හා සීනි නොයෙදූ ආහාර රැස්කර ගැනීමද යෝග්‍ය වේ.
එසේම රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවන අවස්ථාවලදී ආහාරයට ගත හැකි, මී පැණි, සීනි අඩංගු සෝඩා, පලතුරු යුෂ හා සූකිරි වැනි සීනි අඩංගු ආහාරද රැස්කරගැනීමද යෝග්‍ය වේ.
ඉන්සියුලින් ලබාගන්නා රෝගීන් නම් මසකට හෝ සරිලන ලෙස ඉන්සියුලින් රැස් කරගත යුතු අතර ගිලින පෙති මගින් සීනි පාලනය කරගන්න රෝගීන් ඒ ඖෂධ මසකට හෝ දෙකකට සරිලන ලෙස රැස්කර ගත යුතුය.
හදිසි අවස්ථාවකදී උපදෙස් ගත හැකි රෝහලේ හෝ පෞද්ගලික පවුලේ වෛද්‍යවරයාගේ දුරකථන අංක සටහන් කරගත යුතුය.
වෛද්‍යවරයා හමුවීමට යාම අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී වීඩියෝ ඇමතුමකින් හෝ අමතා රුධිරයේ සීනි මට්ටම මැනිය යුතු වාර ගණන රෝගී අවස්ථාවකදී ඉන්සියුලින් හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කළ යුත්තේ කෙසේද හා සරල සෙම්ප්‍රතිශ්‍යාවකදී හෝ උණ තත්ත්වයකදී ගතයුතු ඖෂධ පිළිබඳ උපදෙස් ලබාගැනීම කළ යුතුය.
ඔබ යම් හෙයකින් රෝගාතුර වුවහොත් කළ යුත්තේ කුමක්ද?
ඔබට රෝගී බවක් හැඟෙන්නේ නම් මුලින්ම කළ යුත්තේ නිවසේ රැදී සිටීමයි. රුධිරයේ සීනි මට්ටම වෙනදාට වඩා වැඩි වාර ගණනක් පරීක්ෂා කිරීම කළ යුතුය.
ඔබට කොවිඩ් - 19 ආසාධනය වුවහොත් ආහාර රුචිය අඩුවිය හැකි අතර එමගින් ඔබ ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩුවේ. එසේම වෙනදාට වඩා පිපාසය අඩුවිය හැකි රෝගාතුර වූ විට වෙනදාට වඩා දියර පානය කිරීම අත්‍යවශ්‍ය වන අතර ආසන්නයේ දියර හා පාන වර්ගයක් තබාගත යුතු ඒවා නිතරම පානය කළ යුතුය.
එසේම සාමාන්‍ය උණ, සෙම්ප්රතශ්යාව හෝ කැස්ස ඇති වූ විට පාවිච්චි කරන ඇතැම් ඖෂධ මගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම විචල්‍ය විය හැකිය. අධි මාත්‍රාවෙන් ගන්නා ඇස්පිරින් හෝ ඉබිප්රෝෆෙන් වැනි ඖෂධ මගින් රුධිරයේ සීනි මට්ටම අඩුවිය හැකිය. මෙයාකාරයෙන් පැරසිටමෝල් නම් ඖෂධය මගින්ද රුධිරයේ සීනි මට්ටම අක්‍රමවත් ලෙස වෙනස්විය හැකිය. මීට අමරතව කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාවට පානය කරන ඇතැම් සිරප් වර්ගවල අධික සීනි මට්ටම තිබිය හැකි අතර එමගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකිය. මේ නිසා මෙවැනි ඖෂධ ලබාගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.
මීට අමරතව ඔබට කොරෝනා රෝග ලක්ෂණ වන වියළි කැස්ස උණ හුස්ම ගැනීමේ අපහසුතාව හා රස සුවඳ දැනීමේ වෙනස් කම් ඇතිවන්නේ නම් වහාම වෛද්‍යවරයා අමතා ඒ බව දැන්විය යුතුය.
*** කොළඹ ජාතික අක්ෂි රෝහලේ
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන්ත හේවාමද්දුම
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියවැඩියා රෝගීන්ට කොරෝනා බලපෑම
vidya Tuesday, 09 June 2020 02:19 AM
හේවාමද්දුම වෛද්‍යතුමනි , ඔබාතුමාගේ මෙම ලිපියෙන් විශාල දැනුමක් ලැබුවෙමි. මේ තොරතුරු රූපවාහිනී මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට ලැබීමට සලස්වන්නට පුලුවන්ද? ඔබතුමාට බොහොම ස්තුතියි.