දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. ඒ කතාවේ කොතරම් සත්‍යයක් ඇත්දැයි පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තු සභාවයි. සභාව ඇතුළතදී වචනයෙන් හරඹ කර ගන්නා, කෑකෝ ගසා ගන්නා, එකිනෙකාට මඩ ගසා ගන්නා මන්ත‍්‍රීවරු බොහොමයක් දෙනා තේ පානයට යන්නේ කරට අතදමාගෙනය. විද්‍යුත් මාධ්‍යවල දේශපාලන සාකච්ඡාද එලෙසමය. රූපවාහිනී තිරය ඉදිරියේ ගිරිය පුප්පාගෙන වචන හරඹවල යෙදෙන දෙපක්ෂයේ ඇතැම් මැතිxඇමැතිවරුන්, මන්ත‍්‍රීවරුන් විවාදය අවසානයේ එකම මෝටර් රථයකින් නිවෙස්වලට යන අවස්ථා ඇති බවද වාර්තාවේ.
පසුගියදා දෙරණ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනක විවේකයේදී වූ සිදුවීම් දැන් කවුරුත් දනිති. ඒ විවාදයට සහභාගි වූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ බදුල්ල දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා අතර සිදුවූ බව කියන ගුටි බැට හුවමාරුවකි.
වැඩසටහන ඉතාම සුහදව ආරම්භ වී තිබුණත් අතරමගදී වචන හුවමාරුව බෙහෙවින් උණුසුම් තත්ත්වයකට පත්විය. ඒ උණුසුමේ ප‍්‍රතිඵලය පළමු විවේකයේදී දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවයි. මේ ගුටිබැට හුවමාරුව නිසා වැඩසටහනද අත්හිටුවීමට සිදුවී ඇත.
රූපවාහිනී නාළිකාවේ සේවකයෙක් ප‍්‍රකාශ කළේ මේ අවස්ථාවේ මයික‍්‍රෆෝනය හා පුටුව පෙරළී තිබූ බවයි. තත්ත්වය උණුසුම්වීමේ ආරම්භය ”නපුංසකයා” යනුවෙන් එක් අයකු ඇමතීම බව හෙළිවේ. වචන හුවමාරුව අවසානයේ එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත. ගුටි බැට හුවමාරුව ඉතා අපහසුවෙන් මගහරවා ගැනීමට එම විවාදයට සහභාගි වූ අරුන්දික ප‍්‍රනාන්දු හා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරු දෙදෙනාටත් මැදිරියේ සිටි පිරිසටත් මහත් වෙහෙසක් දරන්නට සිදුවී ඇත. එකිනෙකාට පහරදී ගැනීමට දෙදෙනා දිගින් දිගටම උත්සාහ කිරීම නිසා, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හරීන් ප‍්‍රනාන්දු මහතා මැදිරියෙන් එළියට තල්ලූ කරගෙන ගොස් තිබේ. මැදිරියෙන් පිටත සිටි ආරක්ෂක නිලධාරීන් සිද්ධිය දැන ගන්නා විට ගුටිබැට හුවමාරුව සිදුවී අවසන්ය. හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ආරක්ෂක නිලධාරීන් රූපවාහිනී භූමියෙන් ඔහු ඉවත්කරගෙන ගොස් ඇත. ඉන්පසුව දයාසිරි ජයසේකර මහඇමතිවරයා රැගෙන ආරක්ෂක නිලධාරීන් පිටත්ව ගොස් ඇත.
මේ ගුටිබැට හුවමාරුව පිළිබඳව දෙදෙනාගෙන්ම විමසුවෙමි.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙරණ වාදපිටියේ සිදුවුනේ මොකක්ද
නන්ද Thursday, 17 July 2014 01:28 AM
කවදාහරි මේ දෙන්නාම එකම වේදිකාවේ එකට වාඩිවෙලා එකට කතාකරන්නත් පුලුවන් (නි)
සම්පත් Tuesday, 22 July 2014 03:25 AM
නියමයි. (අ)
ජයසේන Friday, 18 July 2014 12:25 AM
දේශපාලනයේ තරම! පවතින රජයට පතුරුයන්න බැනලා පහුවදාට හිරිකිතයක් නැතුව ඒකෙ හොඳ කියන මිනිසුන් ඉන්න රටක් සහ ඒ වාගේ මිනිසුන්ට ඡන්දෙ දෙන පිරිසක් ඉන්න රටක් මේක (නි)
රොහාන් Wednesday, 16 July 2014 06:00 AM
මේ වදන ඉවසන්න බැරි දේශපාලකයින් ගැන ජනතාව දෙවරක් සිතා බැලිය යුතුයි (නදී)
බන්දුල පෙරේරා Wednesday, 16 July 2014 02:54 PM
හරින් මහත්තයෝ, බලාගෙන. ප්‍රවේශමෙන් කතා කරන්න. කාටත් ඔයා කියන කතා වමාරන්න වෙන දවසක් ළඟදීම එනවා. බොහෝදුරට ඌව ඡන්දයෙන් පස්සේ. (නි)
ලෙස්ලි Thursday, 17 July 2014 07:04 AM
මිදී රොඩු බීපු බූරුවෝ පොර අැනගත්තු බව බන පොතේ තියෙනවා. (ස)
ජනිතා Saturday, 19 July 2014 10:12 AM
මේ ගහගන්නේ ජනතාවට ආදරේට නෙමෙයි (නදී)
දිනේෂ් Friday, 18 July 2014 11:42 AM
මේ දෙන්නම හරි හොඳ අය. අපි තමා මෝඩයෝ (නි)
ලතා පළිහේන Friday, 18 July 2014 11:44 AM
සාමදාන වීම අගයමි (නි)