IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දූරදර්ශී බැසිල් රාජපක්‍ෂගේ පුනරාගමනය

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිර්මානය කර තිබූ ප්‍රවර්ධන වීඩියෝවක්, ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිට කොළඹ බලා පැමිණීමට දින කිහිපයකට පෙර, එකිනෙකා අතර හුවමාරු වෙමින් පැවැතිණ.

කලුසුදු වීඩියෝවක් වූ එහි අවසාන තත්ත්පර කිහිපය විමසිලිමත් අයෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ ආකාරයේ විය. BRAIN යන වදන දිස්වී තිබිය දී, වීඩියෝව එකතැන නැවතුණු අතර, ඊළග තත්ත්පර කිහිපයේ දී AIN යන අකුරු තිරයෙන් මැකී ගොස්, BR යන අකුරු ද්විත්වය පමණක් තිරය මත දිස්විය. එම අවස්ථාව වන විට එතෙක්, බැසිල් රාජපක්ෂගේ 51 වසරක දේශපාලන තොරතුරු කියමින් සිටි පසුබිම් කථනය නිහඩව තිබිණ.

මෙය කියවන කෙනෙකු මොහොතකට හෝ, මෙම වීඩියෝව බැසිල් රාජපක්ෂ මහතා පැසසීම වෙනුවෙන් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තනිවම ගොඩනැගීම, ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරවමින් එම පක්ෂය රටේ පාලන පක්ෂය බවට පත්කරවීම, යනාදියට, නිර්මාණය කර තිබුණේ යැයි සිතුවේ නම් එය වැරදිය. ඔහුගේ එම ජයග්‍රහණයන්ට මේ වන විට ඇති තරම් ප්‍රශංසා සහ ඇගයුම් සිදුකර හමාරය. නැත, මෙවර එවන් වීඩියෝ ඇතුළු වෙනත් ප්‍රවර්ධන වැඩසටහන්වලින් ඇගයීමට ලක්කර තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ මහතා රටේ බලවත්ම අමාත්‍යංශයක් වන මුදල් අමාත්‍යංශය භාරගැනීමය. 

බැසිල් රාජපක්ෂ යනු මොළය මෙහෙයවා වැඩකරන පුද්ගලයෙක් බව යන පණිවුඩය ඉහත වීඩියෝවෙන් මොනවට ලබා දී තිබිණ. එයින් නොකියා කීවේ උතුර ගොඩනැගීමට උතුරු වසන්තය වැඩසටහන හඳුන්වා දුන්, ගම සංවර්ධනය කිරීමට දිවි නැගුම වැඩසටහන හඳුන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා දැන් ඒ සියල්ලට වඩා වැදගත් සහ විශාල භූමිකාවකට සූදානම් බවය.

වේලාසනින් කළ සැලසුම්

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා යෑමට පෙරම, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමේ ගනුදෙනුව ඔහු අවසානයක් කරගෙන තිබිණ. ඒ නිසාම ඔහු නැවත සියරට පැමිණි පසුව කිරීමට තිබුණේ මුදල් අමාත්‍යවරයා දැරිය යුතුව තිබෙන අදාළ වගකීම් මොනවාද යන්න හරිහැටි ලැයිස්තු ගතකර ගැනීම පමණකි. 

අමතර වගකීම් පැනවෙන බව සහ වෙනස්කම් සිදුකැරෙන බවට ඔහුව දැනුම්වත් කළ අවස්ථා කිහිපයකදීම, “ඒවා හරියන කම් මම ඉන්නම්. මට කිසිම හදිස්සියක් නැහැ” යැයි බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන් බව ඔහුගේ සමීපතමයෝ පැවසූහ. 

තමා කැබිනට් මණ්ඩලයට එකතු වන්නේ රාජකාරියක් කිරීමට මිස තනතුරක් අපේක්ෂාවෙන් නොවන බවත්, ඔහු එක් අවස්ථාවක පවසා තිබිණ. මේ කාරණාවලදී, ළඟින් මෙන්ම දුරින් එල්ලවූ පීඩනයන්ට නතු නොවී වැඩකටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්වූවේය යන්නත් සඳහන් කළ යුතුමය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නොවන නමුත් පාලක සන්ධානයේ සාමාජිකයන් වන කිහිපදෙනෙක්, බැසිල් රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවසීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනු හදුනාගත හැකිවිය. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැනි කිහිපදෙනෙක් මේ අරබයා ප්‍රසිද්ධියේම විවිධ අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාද වන ජයසේකර මහතා කියා සිටියේ ඇතැම් අමාත්‍යංශවලට වෙනස්ම ආකාරයේ නම් තබා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා යැයි දැන් පැහැදිලි බවය. දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්කම් සහ දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍යවරයා වේ.

හුදු අමාත්‍යවරයකු ලෙස පත්වීමට අමතරව, බැසිල් රාජපක්ෂ මහතා නිල වශයෙන් රජය හා එක්වීම අරබයා අවධානයට ගතයුතුව තිබෙන ඉතාම වැදගත් කාරණා කිහිපයක්ම තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව, පළමුවෙන්ම මුදල් අමාත්‍යධූරය හිමිවූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාටය. ඔහු දැනට තෙවරක් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. අන්තර්ජාතික ප්‍රජාවගේ පිළිගැනීම දිනාගෙන සිටින සන්ධාන රජයේ නායකයින් කිහිපදෙනා අතරින් නව අමාත්‍යවරයා ඉහළින්ම සිටින අතර එනිසාම කලාපීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් විදේශ සබඳතා අරබයා නව ප්‍රතිපත්තීන් සකස් වනු ඇති බව ඉතාම පැහැදිලිය. 

සතුරන් මිතුරුකර ගැනීම

අතීතය සැළකිල්ලට ගැනීමේ දී බැසිල් රාජපක්ෂ මහතා නොයෙක් අවස්ථාවලදී ප්‍රධාන විදේශ රටවල් සමග ගනුදෙනු කර තිබෙන නමුත් ඒවා ප්‍රසිද්ධ නොවිණ. එසේ වුවත් දැන් ඒ කිසිවක් සැඟවීමේ වුවමනාවක් නැත. එනිසා ඉතාම නුදුරේ දී අන්තර්ජාතික ප්‍රජාවේ ශ්‍රී ලංකාව සතුරු යැයි සැළකුණු රටවල් කිහිපයක්ම අපගේ මිතුරන් බවට පත්වනු දැකගැනීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක, අපට දැන් සිටින මිතුරන් කුමක් කරනු ඇති ද?

මෙවර, රටේ වාතාවරණය සැළකීමේ දී, මුදල් අමාත්‍යංශය රාජපක්ෂ පවුලේ බාල සහෝදරයාට භාරදීම වැදගත් කාරණයකි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින්නේ ඉතාම භයානක තත්ත්වයකය. රටේ විදේශ සංචිත බරපතල ලෙස පහත වැටී තිබෙන අතර ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 215 ක් දක්වා නොනිල වශයෙන් ඉහළ ගොස් තිබේ. කෝවිඩ්-19 වසංගත තත්ත්වය ආර්ථිකයට කර තිබෙන හදිය හමුවේ දහස් ගණනකට රැකියා අහිමිව ඇත. 

කුඩා මෙන්ම විශාල ව්‍යාපාර බොහෝමයක් වසා දමා ඇත්තේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ දුෂ්කරතාවය නිසාය. ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමිවීමේ තර්ජනයක් පවතින නිසා රටේ ඇගලුම් කර්මාන්තකරුවෝ සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. 

අගමැති අභිමතය

සංචාරකයින් නොපැමිණෙන නිසා රටේ සංචාරක කර්මාන්තයේ කිසිදු සංවර්ධනයක් නොමැත. ඉතාම ධෛර්ය සම්පන්න දේශපාලඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා, අදටත් ජනතාව අතර ජනප්‍රිය මෙන්ම අවස්ථාවට අනුව තීරණ ගැනීමේ මෙන්ම දේශපාලනයේ දී රාජපක්ෂ සහෝදරයන් හසුරුවාගැනීමේ පමණක් නොව විපක්ෂය ද, හසුරුවා ගැනීමේ සමතෙකි.

එහිලා, මෙවර සිය දේශපාලන ගමනේ තමන්ට පැවරී තිබූ වගකීම් බොහෝමයක් අන් අය අතර බෙදා දීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. එසේවුවත් තීන්දු තීරණ ගැනීමේ දී සිය අභිමතාර්ථය අනුව කටයුතු සිදුවිය යුතු බව ඔහු තවමත් අවධාරණය කරන්නේය යන කාරණය ගෙවුණු බ්‍රහස්පතින්දා රාත්‍රියේ වූ සිදුවීමකින් පැහැදිලි වුනි. 

මුදල් අමාත්‍යංශ විෂය පථයට කර තිබූ වෙනස්කම් අනුව බැසිල් රාජපක්ෂ මහතාට පවරා දී, තිබූ බුද්ධ සාසන අමාත්‍යංශය, සංස්කෘතික අරමුදල සහ පුනරුද අරමුදල, ගැසට් නිවේදනයක් හරහා නැවතත් තමන් යටතට ගැනීමට ඔහු පියවර ගත්තේය. ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා ලෙස ද, සැළසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

යන්තම් එක් රැයක ඇවෑමෙන්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළගට සිටින ඊළග වැදගත්ම පුද්ගලයා බවට බැසිල් රාජපක්ෂ මහතා පත්ව සිටී. ගෙවුණු බ්‍රහස්පතින්දා දිනය වන තෙක් ඔහුගේ රාජකාරි සහ වගකීම්, ආර්ථිකය නඟා සිටුවීම සම්බන්ධයෙන් වූ ජනපති කාර්යසාධක බළකාගේ ප්‍රධානියාගේ තනතුරට සීමාවී තිබිණ. 

දේශපාලනමය වශයෙන් ගත්විට බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වේ. ඊට අදාළ කටයුතුවල ඔහු බොහෝ විට නියැලුනේ බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයක සිටය. බැසිල් රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණියේ සිය දේශපාලන දිවියේ තෙවැනි වතාවටය. මෙවර ඔහුගේ ධූරය රටේ මුදල් අමාත්‍යවරයා ලෙස වෙනස්ව තිබිණ. එම ධූරය යටතට ව්‍යවස්ථාපිත ආයතන 27 ක් සහ රාජ්‍ය සංස්ථා පත්කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම්දුන් වහාම වාගේ අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නියමිතව තිබුණේය යන්න බොහෝ ශ්‍රී ලංකා පුරවැසියන් නොදන්නා කාරණයකි. නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත්ව තිබෙන නිසා එම කටයුත්ත තවත් සතියකින්- දෙකකින් කල්දැමීමට තීරණයව ඇත. මෙම වෙනසේ දී අඩුම තරමින් අමාත්‍යවරුන් දෙදෙනෙකුට සිය තනතුරු අහිමිවීමේ ඉඩ පවතින බව සැළය.
ගෙවුණු සතියේ වාර්තා වූ දේශපාලනමය වශයෙන් වැදගත් සිදුවීම් රැසක පසුබිම ඇත්තේ මෙතැනය. 

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (22)

දූරදර්ශී බැසිල් රාජපක්‍ෂගේ පුනරාගමනය

Bishan Monday, 12 July 2021 05:17 PM

දන්නෝ දනිති... කෙරුම්කාරයාගේ හැටි. මේ ලිපිය ලියුවේ කවුද?.

:       0       228

NuwanWednesday, 14 July 2021 11:34 AM

සල්ලි දෙනවා නම් ඉඩි අමීන් බෞද්ධයෙක් කියලත් ලියාවි...!!! 

:       0       422

විජිත් Monday, 12 July 2021 06:31 PM

"..බැසිල් රාජපක්ෂ යනු මොළය මෙහෙයවා වැඩකරන පුද්ගලයෙක් බව යන පණිවිඩය ඉහත වීඩියෝවෙන්.." පට්ට බොරුවක්. ඔහු මොලය මෙහෙයවා "වැඩක්" කළා නම්, රටේ සල්ලි හොරකම් කරලා මල්වානේ මහා මන්දිරය හදපු හැටි එළිවෙන්නේ නැහැ. සමහර හොරු ඉන්නවා මොලය මෙහෙයවා හොරකම් කරන. කවදාවත් අහුවෙන්නේ නැහැ. කාට හරි සල්ලි, ඉඩම්, ව්‍යාපාර, තිබුණොත්,... ඒවා හොරාකන්නමයි බැලුවේ. (අවශ්‍යනම් උදාහරණ රාත්තල් ගානක් දෙන්නම්.) මේ වගේ දැනටමත් හොරෙක් ලෙස උසාවියේ චෝදනා ඇති, ඒ වගේම පසුගිය ආණ්ඩුවේ රනිල් නොහිටින්න දැනටමත් කුඩුවේ සිටිය යුතු මේ වංචනිකයා මෙවර නැවත පින් ඇමැති කෙනෙක් ලෙස ඇවිත් මේ රට නැත්තටම නැතිකරලා සියලුදේම ඇමෙරිකාවටත්, චීනාටත්, ඉන්දියාවටත් නොදුන්නොත් මහාම පුදුමයක්...!!! නමුත් මෙවර රටට ද්‍රෝහිවී හොරකම් කොට එයාපෝර්ට් එකෙන් පැනලා නම් යන්න වෙන්නේ නැහැ. ගඩාෆිට සිදුවුණු දේ අමතක වෙලා නම්... එය ඔහුගේ අවාසනාවයි. රටවැසියන්ගේ වාසනාවයි.

:       0       490

Nuwan Monday, 12 July 2021 07:20 PM

අනේ මොනවට කියනවද?

:       0       225

අරුණ Monday, 12 July 2021 07:39 PM

හෙඩ්ලයින් එකේ "අ" යන්න හැලිලා...!!!

:       0       58

chandima Monday, 12 July 2021 09:51 PM

ඒ වුනාට අරගොල්ලො කියන්නේ වෙනම කතතාවක්

:       0       20

sena Monday, 12 July 2021 11:30 PM

බැසිල් රාජපක්ෂ වර්තමාන මුදල් ඇමතිවරයා වේ. ඔහු යටතට ව්‍යවස්ථාපිත ආයතන 27 ක් සහ රාජ්‍ය සංස්ථා පත්කර තිබේ. මුදල් ඇමතිවරයා වීමට පෙර ඔහු පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිකම ලබාදුනහොත් රට ආර්ථික අගාධයෙන් මිදියහැකි බව ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීම බලාපොරොත්තුව සිටින සියල්ලෝම ප්‍රකාශ කළහ. ඔහුට එවැනි විශ්වකර්මයක් කළ හැකිනම් ඔහු ලෝකයේ සිටින දක්ෂතම මුදල් ඇමති වනවා ඇත. මේ වනවිට කංසා වගාකොට පිටරට යවා මුදල් උපයා රටේ ආර්ථිකය ගොඩනැගීම සහ නය ගෙවා දැමීමට හැකිබව රජය තුළ සිටින පිරිසක් සහ සමහර භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධියේ කියා සිටියි. එය මෙසේ සඳහන් කළහොත් ගෙදර මූලිකයා සිය පුවලේ නඩත්තුව සඳහා යන වියදමට ඔහුගේ අදායමට කළ නොහැකි නිසා ඔහු අසීමිත ලෙස ණය වී මේ වනවිට ඔහුට ණය පමණක් නොව පොලිය පවා ගෙවා ගැනීමට නොහැකිව දේපල පවා විකුණමින් සිටියි.

:       0       51

sena Monday, 12 July 2021 11:33 PM

එවැනි අවස්ථාවක ගෘහමූලිකයා සහ පිරිස මුදල් නොමැතිකම නිසා සහ තවදුරටත් ණය නොගැනීමට නොහැකි නිසා නිවසේ කසිප්පු පෙරීම අරම්භකොට ණය ගෙවා දැමීමට සමාන කළ හැකි උත්සාහයක් රජය මගින් කංසා වගාකොට පිටරට යවා මුදල් උපයා රටේ ආර්ථිකය ගොඩනැගීමට ගන්නා උත්සාහය අතර වෙනසක් නොමැත. ලෝකයේ වෙනත් රටවල් මේ වනවිට කංසා ඖෂධ සඳහා පමණක් අවසර ලබාදී මුදල් උපයමින් සිටියි. කංසා වගාකොට මුදල් ඉපැයීමට පෙර ඒ පිළිබඳව රජය ගැඹුරු, පුළුල් අධ්‍යයනයක් කළ යුතුවේ. නොඑසේනම් රාජපක්ෂලා රටතුළ කංසා වගාකොට අනාගතයේදී රටේ තරුණ පරපුරට වන හානිය බරපතල වනු ඇත.

:       0       134

amila Tuesday, 13 July 2021 03:39 AM

අර ගවු ගාණක් දුර පෙනෙන රනිල්.. එයාට මොකද වෙන්නේ..?

:       0       172

chandima Tuesday, 13 July 2021 03:40 AM

දැන් ඉතින් මොන පැත්තට ඡන්දේ දැම්මත් එකයි

:       0       19

siripala Tuesday, 13 July 2021 06:35 AM

දූරදර්ශී බැසිල් රාජපක්‍ෂගේ පුනරාගමනය අප මිට පෙර දැක ඇත්තෙමු. එදා ඔවුන්ට නොකළ හැකිදේ අද කළ හැකිද? ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට නම් නව දේශපාලන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු නොවේද?

:       0       147

Chris Tuesday, 13 July 2021 09:30 AM

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටීමට එක් හේතුවක් වූයේ බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ නිසි වේලාවේදී දැඩි තීන්දු ගැනීමට අසමත් වීමයි. එවැනි තීන්දු ගැනීමට සූදානම් වනවිට විපක්ෂය රටේ ජනතාව අවුස්සා එයින් කෙටිකාලීන පටු දේශපාලන වාසි ලබාගත්තේය. විපක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව එම චක්‍රයම යළි ක්‍රියාත්මක වූ බව ඉතිහාසය පෙන්වා දෙයි...

:       0       66

ලමය Tuesday, 13 July 2021 01:30 PM

මහත්තයෝ.., අපිට කියනවද දැනගන්න මේ මනුස්සයා ඇමතිකම් කරලා තියනවනේ මීට පෙර.., මෙයා මේ රට දියුණු කරන්න ජනතාවට සෙත සදන්න කරපු වැඩ මොනවද කියලා...?

:       1       216

amarasiriTuesday, 13 July 2021 04:03 PM

මල්වානේ ගෙයක් හැදුවා....!!! කඩවත නුවරපාරේ බත් කඩේ සල්ලිවලට ගන්න නොයෙකුත් දේවල් කරමින් උත්සාහ කළා.

:       3       347

Poramola Tuesday, 13 July 2021 06:16 PM

බැසිල් පුනරාගමනයේදී බලවත් රටවල් මිතුරු වෙනවා නම් UNHRC එකේ චෝදනා නැදහස් කරගෙන, EU GSP රැකගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනෑ...

:       0       6

ganegoda Tuesday, 13 July 2021 07:21 PM

දූරදර්ශී කෙසේවෙතත් ඔලුබක්කෝ නටන්න නම් හොඳයි..

:       1       405

nihal Wednesday, 14 July 2021 01:32 AM

මෙතන වන්දි භට්ටයා කවුද?

:       1       6

විපරමා Wednesday, 14 July 2021 03:15 PM

දූරදර්ශී නෙවෙයි, දූෂිත කියලා ලිව්වා නම් තමයි හරි. අපි නොදන්නා පවුල් පාලනේ බලලෝභී බඩගෝස්තරවාදීන්?

:       0       56

සෙනෙවිරත්න Wednesday, 14 July 2021 07:43 PM

මේ කල්ලියට යන එන මන් නැතිවෙනවා. ළඟඳීම ජනතාවට පාරට බහින්න වෙනවා...

:       0       55

nihal Thursday, 15 July 2021 01:58 AM

ගුණසේකර තමුන්ට සල්ලි කීයක් ලැබුණද?

:       0       0

desitha ganaka Thursday, 15 July 2021 09:42 PM

මුලු රටම හාන්සි කරලා තමයි යන්නේ...!!!

:       0       0

Wasantha Thursday, 15 July 2021 11:57 PM

අපිත් ගෝඨාභය, මහින්ද වෙනුවෙන් ඒ පැත්තේ හිටගත්ත අය.. ඒත් මෙයා ගැන නම් විශ්වාසයක් නැහැ. හොඳට සල්ලි හොයන්න නම් දන්නවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 790 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12690 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site