IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දරුවන් දස දෙනෙකුගෙන් නැවත ඇරඹුණු දස වසරක් වැසී තිබුණු ගමේ ඉස්කෝලේ

අධ්‍යාපන පහසුකම් අතින් කළුතර දිස්ත‍්‍රික්කයේ ඉහළින්ම වැජඹෙන හොරණ අධ්‍යාපන කොට්ඨාසය නමගිය සුපිරි පාසල් රැසකටම හිමිකම් කියන අධ්‍යාපන කොට්ඨාසයකි. පහ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග වලින් දිවයිනේ සුපිරිතමයින් බිහිකරන පාසල් සමඟ කරට කර තියුණු තරඟයක නිරත මෙම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වලට තම දරුවා ඇතුළත් කර ගැනීමට දෙමාපියන් නොකරන දෙයක් නැති තරම්ය. මෙසේ අධ්‍යාපනය අතින් දිවයිනේ ප‍්‍රමුඛස්ථානයක වැජඹෙන මෙම හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ සිසු දරුවන් දහ දෙනකු පමණක් සිටින පාසලක්ද ඇතැයි ඇසීම ඇතැම්විට පිළිගැනීමටත් අපහසු කාරණයකි. පුදුමයට තවත් කරුණක් වන්නේ මෙම පාසල විවෘත වූයේ, එතරම් සුපිරියැයි සම්මත පාසල් ගණනාවක් තිබියදීත් ගමේ දරුවන් වෙනුවෙන් මෙම පාසලම විවෘත කර දෙන ලෙසට ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වීමය. මෙම සටහන තැබෙන්නේ අධ්‍යාපන බලධාරීන්ගේ ඇසට මෙතෙක් ලක්නොවුණේ යැයි අප අනුමාන කරනා එම පාසල පිළිබඳවය. සිසු දරුවන් ගණනින් අඩුම අගයක් ගන්නා මෙම පාසල තවත් අතකින් නමක් හිමිකර ගෙන සිටී. ඒ හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ වැඩිම ප‍්‍රජා දායකත්වයක් ඇති පාසල ලෙසයි. එය නමින් හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේන, ධර්මාශෝක ප‍්‍රාථමික විදුහලයි. ඉහත දැක්වූ විශේෂිත කාරණාවලට අමතරව සුවිශේෂීම වූ කාරණය වනුයේ මෙය වසර දහයක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබී යළි විවෘත වූ පාසලක් වීමය. මෙතරම් දියුණු පහසුකම් ඇති, ජාතික පාසල් තිබියදීත් මෙම පාසලම යළි විවෘත කරදෙන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් එම කාර්යය වෙනුවෙන් ඇපකැප වී ක‍්‍රියා කළේ ඇයිදැයි යන්න කා හටත් ගැටළුවක් වූ නමුත්, අන්තිමේදී ඔවුන්ගේ උත්සාහයේ ප‍්‍රතිඵල මල්ඵල ගන්වමින්, වසර දහයක් පුරා වැසී තිබුණු පාසලේ දොරගුළු දරුවන් වෙනුවෙන් ඉකුත් ජනවාරියේදී යළි විවෘත විය. අගනුවර පාසල්  වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන්ගෙන් පිරිනැමෙනා තට්ටු ගණන් වූ ගොඩනැගිලි මෙම පාසලට නොමැත. ඇත්තේ වසර දහයක් තිස්සේ වසා දමා, අතහැර දැමීමෙන් ජරාජීර්ණව ගිය ගොඩනැගිලි දෙකකි. ඒවායේ ද අඩුපාඩුකම් එමටය. පාසල විවෘත කිරීමේදී එම කාර්යයට උර දී ක‍්‍රියා කළ හඳපාන්ගොඩ බටහිර වැඩිහිටි කමිටුව ඇතුළු ගම්වාසීන් පිරිසක් මෙන්ම එම කාර්යයට විරුද්ධව නැගී සිටි තවත් පිරිසක්ද වූහ. අසල්වැසි ප‍්‍රධාන පාසලකින්ද ඒ සඳහා ප‍්‍රබලව බලපෑම් එල්ල වූ බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම පාසල නැවත විවෘත කරදෙන ලෙසට ඉල්ලීම ඉදිරිපත් කෙරුනේ හඳපාන්ගොඩ බටහිර වැඩිහිටි කමිටුවෙනි. ඒ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා වෙතටය. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ පිළිතුර වූයේ අඩුම තරමින් ළමයින් දහ දෙනෙක්වත් සොයා ගතහොත් පාසල යළි විවෘත කරදීමට හැකි බවයි. ඊළඟ අභියෝගය වූයේ වටපිටාවේ ජාතික පාසල් ගණනාවක් තිබියදී, වසර 10ක් තිස්සේ වසාදමා තිබුණු පාසලකට තම දරුවාව ඇතුළත් කිරීමට කැමති දෙමාපියන් 10 දෙනකු සොයා ගැනීමයි. ගම්වැසියන්ගේම මැදිහත්වීමෙන් හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේන, ධර්මාශෝක ප‍්‍රාථමික විදුහල නැවත විවෘත කරවීමේ ක‍්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනුනේ මේ අතරය. මේ කමිටුව සඳහා සැබෑ ක‍්‍රියාකාරීන්ම පත්කර ගැනීමට ගම්වැසියන් තුළ වූ උනන්දුව පුදුම සහගතය. ඒ අනුව ලක්ෂ්මන් ජයසිංහ, කරුණාරත්න ජයසිංහ, ලක්ෂ්මන් ජයකොඩි, කිත්සිරි ජයකොඩි, ජේ. විජේසිංහ, ඊ.ඒ. චන්ද්‍රදාස, ඩබ්ලිව්. ඒ. චන්ද්‍රසිරි නිහාල් සහ කරුණාසේන ජයසිංහ යන අට දෙනා කමිටුව සඳහා තේරී පත්වූහ. ඉන් දෙදෙනකුම දිවයිනේ ප‍්‍රසිද්ධ පාසල්වල විශ‍්‍රාමික විදුහල්පතිවරුන් වීම මෙම කටයුත්තට මහත් රුකුලක් විය. මෙම කටයුතු මෙලෙස සිදු වෙද්දී හොරණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා පේ‍්‍රමා විජේතුංග මහත්මියද මෙම කමිටු සාමාජිකයන්ට සිය උපරිම සහයෝගය ලබා දීම ඔවුන්ගේ ධෛර්යය තව තවත් වැඩිකිරීමට හේතුවක් විය. 2012 වසර වෙනුවෙන් අලූතින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා දෙමාපියන්ගේ ගෙවල්වලට තම වියදමින් ගිය මෙම කමිටු සාමාජිකයින් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන මෙම පාසලට ඔවුන්ගේ දරුවන්ව ඇතුළත් කරන ලෙසටයි. එය සමහරුන්ගේ සමච්චලයට ලක් වූ කාරණයක් විය. මන්ද යත්, දස වසරක් තිස්සේ පාළුවට ගොස් තිබුණු, කැලෑවට යටවූ, කිසිදු පහසුකමක් නැති, අඩුම වශයෙන් දරුවන්ට හිඳ ගැනීමට පුටුවකුදු හෝ නැති පාසලකට තම දරුවාව කුළුඳුලේම ඇතුළත් කිරීමට කිසිවකුදු කැමති නොවීමය. නමුත් ගමේ පිළිගත් වැඩිහිටි පිරිසකගෙන් ඉදිරිපත් වූ එම ඉල්ලීම එකවරම ප‍්‍රතික්ෂේප කිරීමට බොහෝ දෙනකුට ශක්තියක් නොමැති විය. ”අපි ටිකක් හිතලා බලලා කියන්නම්, අනේ මන්දා, අපි නම් හිතාගෙන හිටියේ අපේ ළමයව හොඳ ඉස්කෝලෙකට දාන්න” වැනි පිළිතුරු බොහෝ නිවෙස් වලින් ලැබුණි. ”බය වෙන්න එපා. අපි සම්පූර්ණ වගකීම භාර ගන්නවා. මේ පාසල ඉදිරියේදී දියුණු වෙනවා සිකුරුයි. ළමයාව මේ ඉස්කෝලෙට එවන්න” ලෙස පවසමින් කමිටු සාමාජිකයෝ දෙමාපියන් දිරිමත් කළහ. අන්තිමේදී තමන් පණමෙන් ආදරය කරන තම ආදරණීය දරුවන්ගේ ඉදිරි අනාගතය පරදුවට තබා එම නිර්භීත තීරණය ගැනීමට දෙමාපියන් දහ දෙනෙක් ඉදිරිපත් වූයේ කමිටු සාමාජිකයන් තුළ බලාපොරොත්තු දල්වමිනි. ඒ අනුව ඉකුත් ජනවාරි 02 වැනිදා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ සුරතින් හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේන, ධර්මාශෝක ප‍්‍රාථමික විදුහල විවෘත විය. ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක ප‍්‍රාථමික ගුුරුවරියක වූ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය මෙම පාසලට අනුයුක්ත කරන ලද්දේ එම දරු දැරියන් දහ දෙනා වෙනුවෙනි. විදුහල විවෘත කිරීමේ සටන මෙලෙස ජය ගත්තද, විවෘත වූ විදුහලට අවශ්‍ය උපකරණ නැත. දරුවන්ට ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ හෝ ඒ සඳහා සුදුසු ස්ථානයක් නැත. පාසලටම ඇත්තේ එක වසර එක් පන්තියක් පමණි. ප‍්‍රදේශයේ සමාජශීලී තරුණයෙකු වන ලක්ෂ්මන් ජයසිංහ මහතා දරුවන් වෙනුවෙන් ළමා උයනක් සාදා පරිත්‍යාග කළේ මේ අතරය. පාසලට ළිඳක් තිබුණද ජල මෝටරයක් නොමැති අඩුව අසළ නිවසකින් විසඳුණි. මෙම පාසලට දරුවන් ඇතුළත් කිරීමට කිසිදු ගෙවීමක් සිදු කළයුතු නොවීම වාසියට කරුණක් විය. එම ගැටලූ එසේ විසඳුනද පාසලේ අනාගතය තවමත් අවිනිශ්චිතය. ගුරුතුමිය සහ දරුවන් දහ දෙනාගේ දෙමාපියන් සමඟ පාසලේ ගුරු දෙගුරු සමිතියේ මුලූ සාමාජිකයන් ගණන එකොළහකි. මේ අතර එකොළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම පුංචි ගුරු දෙගුරු සමිතිය ඇමතීමට අමුත්තෙකු පැමිණෙන්නේ සුභ ආරංචියක්ද රැගෙනය. ඒ හොරණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා පේ‍්‍රමා විජේතුංග මහත්මියයි. මිතුරු පාසල් ව්‍යාපෘතියට ලබන වසරේදී මෙම පාසලද ඇතුළත් කරගෙන ඇති බවත්, ඒ අනුව පන්ති කාමරය, ගේට්ටුව, ආරක්ෂක වැට ආදිය සකස් කර ගැනීමට මෙම පාසලට ලක්ෂ පහක මුදලක් ලැබී ඇති බවත් ඇය ගෙනා සුභ ආරංචියයි. මෙම ආරංචියෙන් පසු ප‍්‍රදේශවාසීන් තුළ ඇතිවූයේ අමුතුම ආකාරයේ උනන්දුවකි. ඒ අනුව පසුගියදා පැවති ශ‍්‍රමදාන කටයුත්තක් මගින්, විෂඝෝර සර්පයින් පවා සිටි ඝණ කැලෑව සුද්ධ පවිත‍්‍ර කෙරුණි. පාසලේ දරුවන් ගණන 10ක් වුවද සියයකට අධික පිරිසක් ශ‍්‍රමදානයට එක්වීමෙන්ම පාසල රැකගැනීමට ගම්වැසියන්ගේ ඇති උනන්දුව සැමටම පෙනී ගියේය. ලබන වසර සඳහා ඇතුළත්වීමට මෙම පාසලට මේ වන විටත් දරුවන් විස්සකගෙන් අයැදුම්පත් ලැබී ඇති බව මේ අතරතුරදී දැන ගැනීමට ලැබුණි. වෙනත් ජනප‍්‍රිය පාසල්වලින් ප‍්‍රතික්ෂේප වන දරුවන්ද ඇතුළත් වූ විට එම සංඛ්‍යාව 25ක් 30ක් අතර වේ යැයි සිතිය හැක. පාසල පිහිටියේ ප‍්‍රධාන නගරයේ සිට කිලෝමීටර් බාගයක් පමණ දුරිනි. ලබන වසරේ පාසලට අලූතින් ඇතුළු වන දරුවන්ට නොමිලයේ ප‍්‍රවාහන පහසුකම් ලබා දීමට හඳපාන්ගොඩ එක්සත් ත‍්‍රී රෝද රථ සංගමය ඒකමතිකව තීරණය කළේ ගමේ පාසල වෙනුවෙන් තමන්ගෙන්ද යම් මෙහෙවරක් ඉටුවිය යුතු බව සිතමිනි. එදා මෙම පාසලට තම දරුවන් ඇතුළත් කිරීමට මැළි වෙමින් ප‍්‍රවාහන වියදම් දරාගෙන තම දරුවන් නගරයේ සුපිරි පාසල්වලට ඇතුළත් කළ දෙමාපියන්ද අද හිතන්නේ තම දරුවාව එදා මෙම පාසලට ඇතුළත් කළා නම් හොඳයි නේද කියාය. දස වසරක් වැසී තිබී, නිර්භීත දෙමාපියන් දස දෙනෙකුගේ දරුවන් දස දෙනෙකුගෙන් නැවත ඇරඹි හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේන, ධර්මාශෝක ප‍්‍රාථමික විදුහල දිගු ගමනක් යන බව නම් සිකුරුය. අධ්‍යාපන ලොකු ලොක්කන් විසින් යුතුකම් ඉටුවන තෙක් බලා සිටිමින් ඔවුන්ට අවලාද නගමින් සිටින පාසල් බහුල මෙවන් යුගයක, තම ගමේ වැසී ගිය පාසල යළිත් විවෘත කර බලාපොරොත්තු ගත ඉලක්ක සපුරා ගත් තත්ත්වයකට ගෙන ආ හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේන ගම්වැසියන් සියල්ලන්හටම ආදර්ශයකි.

සටහන හා ඡායාරූප - ඉංගිරිය වාර්තාකරු
මෝටරයක් නොමැති පාසලේ ළිඳ පාසල භාරව කටයුතු කරන එකම ගුරුවරිය වන සුනේත‍්‍රා ජයසිංහ පාසලේ දියුණුව වෙනුවෙන් ඇප කැප වූ ගම්වාසීන් විසින් පාසල අවට කැලෑව එළිපෙහෙළි කරන ආකාරය  හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේන ධර්මාශෝක ප‍්‍රාථමික විද්‍යාලය



අදහස් (0)

දරුවන් දස දෙනෙකුගෙන් නැවත ඇරඹුණු දස වසරක් වැසී තිබුණු ගමේ ඉස්කෝලේ

දයා-සවුදි Wednesday, 29 August 2012 05:14 PM

මේ දරුවන්ගේ ඇස් පෑදී යහපත් අනාගතයක් උදා‍වේවා! (නි)

:       0       0

භාග්‍යා Sunday, 21 October 2012 10:58 AM

මම කැමතියි මේ පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් වෙන්න. (නි)

:       0       0

ප්‍රවීන් Sunday, 26 August 2012 01:22 PM

අන්න නියම මිනිස්සු ඉන්න ගමක්.හැමදේම ආන්ඩුව කරලා දෙනකම් බලන්නොයිද සෑම ගමකම මෙවැනි පිරිස් එකලෙස එකතු උනොත් රජයෙත් සහය ඇතිව ගම දියුණු කරන්න පුළුවන්.හොඳ අදහසක්...(ස)

:       0       0

සිසිර Tuesday, 28 August 2012 12:46 PM

අපිටත් යමක් කමක් කරන්න පුළුවන්දැයි කියන්න..(ස)

:       0       0

බුද්ධික Monday, 27 August 2012 02:07 PM

මෝටරය මම අරගෙන දෙන්නම්, විස්තර දන්වන්න..(ස)

:       0       0

සමන් Sunday, 26 August 2012 06:17 PM

'මා නිවත්ථ අභික්ඛම' (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 133 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 476 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 138 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 315 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 602 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site