IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ද්විතීයික වෙළෙඳපොළේ තොරතුරු ඉල්ලූවත් හිටපු මහ බැංකු අධිපතිත්- වත්මන් අධිපතිත් ඒවා දුන්නේ නෑ

 

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ද්වීතීයික වෙළඳපොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන් ද ඉල්ලා සිටියත් ඔවුන් අපිට ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද්වීතීයික වෙළඳපොළේ තොරතුරු නොමැතිව වෝහාරික විගණනයක් කිරීමට හැකියාවක් නැතැයි ද කීය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ මෙහෙයවීම යටතේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (18) කොමිසම හමුවේ සාක්කි දෙමින් දෙමින් මෙසේ ද කීය.

”මම ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෲමන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියත් ඉන් අනතුරුව එහි මිෂොරී විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධියක් ලබාගත් මා වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයෙක්. ඒ අතරම මා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරනවා.

මෙම කොමිසමේ විමසන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස ද මා කටයුතු කළා.

මේ අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය එම කොප් කමිටු වාර්තාව පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කළාය.

ප‍්‍ර. මෙම කෝප් කමිටු වාර්තාවේ ඔබ සඳහන් කරලා තියෙනවා මෙතැන තියෙන්නේ මාමා සහ බෑණා පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ, මේ පුද්ගලයාට විශාල චෝදනා තියෙනවා කියලා?

පිළි. ඔව්.

ප‍්‍ර. ඒ බෑණා කවුද?

පිළි. අර්ජුන් ඇලෝසියස්.

මේ අවස්ථාවේ දී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින  ජනාධිපති නීතිඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාට චෝදනා තියෙන්නේ බැඳුම්කර සම්බන්ධව නොවේ යැයි කීය.

ප‍්‍ර. එතකොට ඒ මාමා කවුද?

පිළි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා.

ප‍්‍ර. 2015 පෙබරවාරී මස 27 වැනිදායින් පසු ඔබට ප‍්‍රාථමික ගැනුම්කරුවකු කතා කළා ද?

පිළි. ‘කැපිටල්’ නමැති ප‍්‍රාථමික ගැනුම්කරු මට කතා කොට මෙම සිද්ධිය පිළිබඳව කිව්වා.

ප‍්‍ර. ඒ කීයට විතරද?

ප‍්‍ර. දහවල් කීයට විතරද?

පිළි. දහවල් 12.00 පසු.

ප‍්‍ර. මෙම ප‍්‍රාථමික ගැනුම්කරුවකු කතා කළ පසු ඔබ මොකද කළේ?

පිළි. මා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට කතා කළා.

ප‍්‍ර. ඔහු ඔබට මොනවද කිව්වේ?

පිළි. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කියපු දේවල් මට හරියටම මතක නැහැ. විවිධ මිනිසුන් විවිධ දේවල් කියනවා කියලා ඔහු කී බව මට මතකයි.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතාගේ  සාක්කි  මෙහෙයවීම එතැකින් අවසන් විය.

බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසීමට ප‍්‍රශ්න නොමැති බව දැනුම් දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීය.

ප‍්‍ර. සුනිල් හඳුන්නෙත්ති මහතා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවේ ඔබ සමඟ සාමාජිකයින් කී දෙනෙක් කටයුතු කළා ද?

පිළි. සාමාජිකයින් නවදෙනෙක් කටයුතු කළා.

ප‍්‍ර. බැඳුම්කරවල මිල නියම කරන්නේ බදු ඇතුළත්ව නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. එම බදු මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒකාබද්ධ අරමුදලට බැර කරනවා නේද?

පිළි. මා බැඳුම්කරවල මිල නියම කිරීම පිළිබඳව විශේෂඥයෙක් නොවේ.

ප‍්‍ර. හඳුන්නෙත්ති කෝප් කමිටු වාර්තාවේ 20 සහ 21 පාද සටහන්වල සඳහන් කරලා තියෙනවා මෙම ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව ගණනය කර තියෙන්නේ උපකල්පන මත කියලා. එය නිවැරදි ද?

පිළි. ඔව්.

ප‍්‍ර. අර්ජුන් මහෙන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට චෝදනා එල්ල වී තියෙන්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධව මිස බැඳුම්කර වෙළඳපොළ සම්බන්ධව නොවේ නේද?

පිළි. ඔව්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතිඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.

ප‍්‍ර. ඔබ ආර්ථික විශේෂඥයකු ලෙස කටයුතු කිරීමට අමතරව ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු කරනවා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ ඔබ කටයුතු කරනවා නේද?

පිළි. මා කැබිනට් ඇමැතිවරයකු නොවේ.

නීතිඥ චානක ද සිල්වා මහතා- හරියට උත්තර දෙන විදිය පැමිණිල්ලෙන් උගන්වලා තියෙනවා.

ප‍්‍ර. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවට ඔබට ආරාධනා කළා නේද?

පිළි. ඔව්. නමුත් ඒ දිනය මට හරියටම මතක නැහැ.

ප‍්‍ර. එදින මාර්ග සංවර්ධන ව්‍යපෘති සඳහා මුදල් අවශ්‍යතා පිළිබඳව මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ඔබට කතා කළා නේද?

පිළි. ඔව්. ඔබ නිවැරදියි.

ප‍්‍ර. එම රැස්වීමේදී එම සතිය තුළදීම තවත් රැස්වීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැත්වීමට තීරණය කළා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. එම රැස්වීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ මහාමාර්ග ඇමැති කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වුණා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. අමාත්‍යවරුන් දෙදෙනකු ශ්‍රී ලංකා මහ බැංකුවට ගොස් මෙලෙස රැස්වීම් පැවැත්වීම් අසාමාන්‍ය දෙයක් නේද?

පිළි. ඒ ගැන මා දන්නේ නැහැ.

ප‍්‍ර. 2015 පෙබරවාරි මස 27 වැනිදා බැඳුම්කර සිද්ධියෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශයක් නිකුත් කළා නේද?

පිළි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශයක් කළා. නමුත් මට දිනය මතක නැහැ.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතිඥ චානක ද සිල්වා මහතා 2016 මාර්තු මස 15 වැනිදා හැන්සාඞ් වාර්තාව පිළිබඳව සාක්කිකාර අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ අවධානය යොමු කළේය.

ප‍්‍ර. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමය තුළදී සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් නොගෙවූ ඒවාට මුදල් ගෙවීම සඳහාත් ඉදිරි ව්‍යාපෘතිවලට මුදල් ගෙවීම සඳහාත් රුපියල් බිලියන 100ක මුදල් අවශ්‍යතාවය නිසා රුපියල් බිලියන 15ක මුදල් අවශ්‍යතාවය පිළිබඳව මෙම හැන්සාඞ් වාර්තාවේ සඳහන් වෙනවා නේද?

පිළි. හැන්සාඞ් වාර්තාවේ එසේ සඳහන් වී තියෙනවා.

ප‍්‍ර. හඳුන්නෙත්ති මහතා කෝප් කමිටු වාර්තාව මුලින්ම සකස් කළේ සිංහල භාෂාවෙන් ද? ඉංග‍්‍රීසි භාෂාවෙන් ද?

පිළි. සිංහල භාෂාවෙන්.

ප‍්‍ර. හඳුන්නෙත්ති කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් මුලින් තැබුවේ සිංහල භාෂාවෙන් ද? ඉංග‍්‍රීසි භාෂාවෙන් ද?

පිළි. සිංහල භාෂාවෙන්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාx ඩිව් ගුණසේකර කෝප් කමිටුවේදී සොයා බැලූවේ 2015 පෙබරවාරී 27 වැනිදා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විතරක් වුවත් හඳුන්නෙත්ති කෝප් කමිටුවේදී 2015 වසරේ මුල් කාර්තුව තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සොයා බැලූවා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. කෝප් කමිටුවේදී 2015 පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර ගනුදෙනුව සහ තවත් ගනුදෙනු දෙකක් ගැන පමණයි නේද සොයා බැලූවේ. ඒ කියන්නේ ගනුදෙනු තුනක් ගැන පමණයි සොයා බලා තියෙන්නේ? ඒ හැර ජනවාරි මාසයේ සිදුවූ ගනුදෙනු පිළිබඳව, සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදයෙන් සිදුවූ ගනුදෙනු පිළිබඳව, මාර්තු මාසයේ සිදු වූ කිසිදු ගනුදෙනුවක් පිළිබඳව සලකා බලා නැහැ නේද?

පිළි. කෝප් කමිටුව විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙනයි කටයුතු කළේ. මා මෙතැනට පැමිණියේ කෝප් කමිටුවේ සාකච්ඡා වූ දේවල් ස්ථීර කරන්නයි. මතකයෙන් ඒ පිළිබඳ උත්තර දෙන්න මට හැකියාවක් නැහැ.

ප‍්‍ර. විගණකාධිපතිවරයාගේ මුල් වාර්තාවේ සිංහලෙන් ‘අවාසිය’ ලෙස සඳහන් කර එය ඉංග‍්‍රීසි පරිවර්තනයේදී ‘අලාභය’ ලෙස සඳහන් කර තියෙනවා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඇත්තෙන්ම මෙහිදී සිදුවී තියෙන්නේ අවාසියක් ද? අලාභයක් ද?

පිළි. අලාභයක්. එය ගණනය කර තියෙන්නේ උපකල්පනය මතයි.

ප‍්‍ර. කෝප් කමිටු වාර්තාවේ සඳහන්කොට ඇති 21 සහ 15 දරන පාද සටහන්වල සඳහන් වී ඇත්තේ මොනවාද?

පිළි. අලාභය ගණනය කළ මූලධර්මය දෝෂ සහගත වීම හේතුවෙන් එම පාද සටහන යෙදුවා.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීිතිඥ ආචාර්්‍ය අවන්ති පෙරේරා මහත්මියගේ නැවත ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.

ප‍්‍ර. කෝප් කමිටුව ද්වීතීයක වෙළඳපොළේ ගනුදෙනු සලකා බැලූවා ද?

පිළි. ශ්‍රී ලංකා මහා බැංකුව අපිට දැනුම් දුන්නේ ද්වීතීයක වෙළඳපොළේ තොරතුරු නොමැති බවයි.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාx දැන් ‘බ්ලූම්බර්ග්’ පද්ධතිය හේතුවෙන් ද්වීතීයක වෙළඳපොළේ තොරතුරු ලබාගත හැකියි නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. ද්වීතීයක වෙළඳපොළේ තොරතුරු ලබාදෙන ලෙස ඔබලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක් කළා ද?

පිළි. ඔව්. අපි ඉල්ලීමක් කළා.

ප‍්‍ර. ඔබලා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ඉල්ලා සිටියේ කොයි කාලයේ ද්වීතීයක වෙළෙඳපොළේ තොරතුරු ලබාදෙන ලෙස ද?

පිළි. අදාළ කාලයේ තොරතුරු ලබාදෙන ලෙසයි. එසේ ඉල්ලීමක් කළේ එම තොරතුරු විමර්ශනය කිරීම සඳහායි.

ප‍්‍ර. ඒ වේලාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ කවුද?

පිළි. ද්වීතීයක වෙළඳපොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වර්තමානයේ කටයුතු කරන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් ද ඉල්ලා සිටියා.

ප‍්‍ර. ද්වීතීයක වෙළඳපොළේ තොරතුරු ලබාදෙන ලෙස ඔබලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දෙවරක් ඉල්ලා සිටියා ද?

පිළි. දෙපාරක් නෙමේ කිහිප වාරයක්ම ඉල්ලා සිටියා. නමුත් ඔවුන් අපිට ඒ තොරතුරු ලබා දුන්නේ නැහැ.

ප‍්‍ර. ද්වීතීයක වෙළඳපොළේ එම තොරතුරු නොමැතිව වෙළඳපොළ විමර්ශනයක් කරන්න බැහැ නේද?

පිළි. වෝහාරික විගණනයක් කිරීමට ද්වීතීයක වෙළඳපොළේ තොරතුරු අත්‍යවශ්‍යයි.

ප‍්‍ර. කෝප් කමිටු වාර්තාව ඉංග‍්‍රීසියට පරිවර්තනය කිරීමේදී දෝෂ රැසක්ම සිදුවී තියෙනවා නේද?

පිළි. ඔව්.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සාක්කිය එතැකින් අවසන් විය.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ වසන්ත ද අල්විස් මහතා සාක්කි දුන්නේය.

2015 පෙබරවාරි මස 27 වැනිදා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර වෙළඳපොළේ සිදුකළ ගනුදෙනු පිළිබඳව කොමිසම හමුවේ හෙළි කළ වසන්ත ද අල්විස් මහතා 2015 පෙබරවාරි මස 27 වැනිදා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම රුපියල් බිලියන 12.9ක ගනුදෙනු  බැඳුම්කර  වෙළඳපොළේ සිදු කර ඇති බව හෙළි කළේය.

වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතිඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතිඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතිඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා ද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන්  නීතිඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතිඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතිඥ චානක ද සිල්වා මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියහ.



අදහස් (0)

ද්විතීයික වෙළෙඳපොළේ තොරතුරු ඉල්ලූවත් හිටපු මහ බැංකු අධිපතිත්- වත්මන් අධිපතිත් ඒවා දුන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 1452 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 127 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1082 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 135 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 230 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 454 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 735 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site