IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දැවෙන ප්‍රශ්න අමතක වූ අය වැයක්

ආණ්ඩුවේ ඉන්නා අනෙක් රාජපක්‍ෂවරුනට වඩා වෙනස් යැයි කියනු ලබන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සිය මංගල අයවැය 2021 නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළේය. මෙම අයවැය ගැන ඔහුට සහයෝගය දෙන අය මෙන්ම ඔහුව විවේචනය කරන අයද බොහෝ අදහස් දක්වා තිබේ. ඔහුට සහයෝගය දෙන්නන් දැක ඇත්තේ අයවැයෙහි යහපත් බව පමණක් වන අතර විවේචකයන් එයින් සිදුවන කිසිදු සුගතියක් දැක නැත.

සුපුරුදු පරිදි අයවැයට පක්‍ෂ මන්ත්‍රීවරුන් එය සංවර්ධනය අරමුණු කරගත් අයවැයක් ලෙස වර්ණනා කළේ එහි වැය සටහන්වල පාරිභෝජනය විනා ආයෝජනයක් නොමැතිව තිබියදීය. 

අයවැයට ජය ඝෝෂා නගන්නන් සහ එයට ලතෝනි දෙන්නන්ට මඟහැරුණු එක් කාරණයක් ඇත. එය නම් රට අද වන විට මුහුණ පා ඇති දැවෙන ප්‍රශ්නවලට කෙතරම් ප්‍රබල අයුරින් අයවැයෙන් විසඳුම් සොයා ඇත්තේද යන්නය. අයවැය තුළ මගහැරී ඇත්තේ එකී සම්බන්ධතාවයි.

මෙකී දැවෙන ප්‍රශ්න අපගේ හිසට හොඳින් කාවැදෙන සේ, මීට මාසයකට පෙර බදු සංශෝධනපනත සහ සුරැකුම් හා විනිමය හුවමාරු කොමිසමට අදාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බැසිල්, අතිශය යෝග්‍ය වූ උපහැරණයක් ගෙනහැර පෑවේය. ‘‘වනේ ගිජිඳාය දුටුවොත් වනසාය’’ යන බෞද්ධ ජන සාහිත්‍යයේ එන කවිය උපයෝගී කර ගනිමින් අද පවතින ශ්‍රී ලංකාව මරණ තුනක් තමා ඉදිරියේ තබාගෙන පැණි කෑ මිනිසාට ඔහු සමාන කළේය.

ඒ වනවිට පැවැති මරණ තර්ජන තුන නම්, විදේශ විනිමය සංචිත ශීඝ්‍රයෙන් ක්‍ෂය වී යාම, විදේශ ණය ගෙවා ගැනීමේ ප්‍රශ්නය උග්‍ර අතට හැරීම සහ රුපියලේ වෙළෙඳපොළ අගය පිරිහී යාම කෙරේ බලපෑම් එල්ලවීම යන ඒවාය. ඉන් මසක් ඉකුත්ව ගිය පසුව තවත් මරණ තර්ජන තුනක් එම ලැයිස්තුවට ඇතුළත් වූයේය. ඒවා නම්, අඩු නිෂ්පාදනය හේතුකොට ගෙන හටගත් දරුණු ආහාර හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ ඉන්ධන හා ආහාර වර්ග විදේශ විනිමය හිඟකම නිසා ආනයනය කරන්නට නොහැකි වීම සහ රජය කෙමෙන් කෙමෙන් බංකොළොත් භාවය කරා ඇදී යෑම යන මරණ තර්ජන තුනයි. රජය බංකොළොත් භාවයට පත් වන්නේ සාමාන්‍ය බදු ආදායම් මාර්ග ඔස්සේ වැය කළ යුතු කාර්යයන් සඳහා මුදල් යොදවා ගත නොහැකිව එම අඩුව පුරාවා ගන්නට මුදල් අච්චු ගැසීමට සිදුවන නිසාය.

අවසාන වශයෙන් කී කාරණය හැරෙන්නට මේ සියලු ඒවා රටෙන් පරිබාහිර අංශයට සම්බන්ධ බිඳ වැටීම්ය. අවසාන වශයෙන් කී අහේනිය සිදුවූයේ රජය විසින් හිතාමතාම ආදායම් බදු සහ එකතු කළ අගය සහිත බදු සඳහා පිරිනැමූ සිත්ගන්නාසුළු  සහන හේතු කොටගෙනය. එහි ප්‍රතිඵලය වූයේ රජයේ ආදායම, 2020 සහ 2021 දෙවසර සඳහා අවම වශයෙන් රු. බිලියන 500 කින් පහත වැටීමය.

සනාථ නොවූ බදු සහනයක්;

සුළඟක් වපුරා චණ්ඩ මාරුතයක් නෙළා ගැනීම

මෙම යෝජනාව ගෙන ආ විට 2019 දෙසැම්බර් මස මෙය ක්‍රියාත්මක නොකරන ලෙස මා, රජයට අනතුරු අඟවමින් කියා සිටියේ අනිවාර්යයෙන්ම ඉන් රජයේ ආදායමට පහර වදින නිසාය. රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකයන් මහ ඉහළින් ඒ ගැන කතා කළේ එය ආර්ථික වර්ධනයට උත්තේජනයක් වන බව කියමිනි. එසේ සිදුවූයේ ‘‘ආර්ථීකයේ සැපයුම් පර්ශවයෙන්’’ බවද ඔවුහු කීවෝය.

ඊට එකඟ නොවෙමින් මා තර්ක කළේ, ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක ගැටලු හේතු කොටගෙන එසේ නොවන බව පෙන්වා දෙමිනි. එදා ලියූ ලිපිය මා සමාප්ත කළේ පහත සඳහන් අනතුරු ඇඟවීම කරමිනි.

‘‘නව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (නැතහොත් (RAMIS) Lanka Clear මෙහෙයුම් තුළින් Lanka Pay ඔස්සේ බදු ගෙවීම් පිළියෙළ කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැරෑරුම් ගැටලුවක් නොවනු ඇත. දැනට තිබෙන මානව සම්පත්වලින් වැඩිමනක් බදු ගොණුවලට අදාල කටයුතු කිරීම උදෙසා එම පද්ධතිය වැඩි දියුණු කළ හැකිවේ. එහෙත් ඒ සඳහා කාලයක් ගතවනු ඇත. පරෙස්සමෙන් එය හසුරුවාගැනීම නොකළහොත්, උත්තේජන පැකේජය අයවැයෙහි මූල්‍ය යෙදවුම්වල මහා හිදැසක් නිර්මාණය කරමින් ආපසු කැරකී වැඩේ ගැස්සෙනු නියතය. මෙම වළේ නොවැටී බේරෙන්නට, ගෝඨාභය රාජපක්‍ෂ පාලනය ඉහළම ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතුවේ.’’
මෙම අනතුරු හැඟවීමට කන් නොදී, රජය එකී යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළේය. ප්‍රතිඵල නොබලා සුළඟ වපුරා දමන ලදී. එහෙත් දැන් වැඩේ වැරදී ගොස් ඇති විට වැපිරූ සුළඟෙන් වර්ධනය වී ඇති චණ්ඩ මාරුතය නෙළා ගන්නට බැසිල්ට සිදුව තිබේ.

ලෙඩ වූ ආර්ථිකය

ශ්‍රී ලංකා ආර්ථිකය කාලයක පටන් ලෙඩ ගානේය. දැන් මරණයෙන් අවසාන වන තරමට රෝගය උත්සන්න වී තිබේ. බැසිල් මුදල් අමාත්‍ය ධුරය භාර ගත්තේ මේ පසුබිම යටතේය. මුළු රටම, මෙම නොකළ හැකි දේ බැසිල් කරාවි යයි බලාපොරොත්තුවෙන් පසුවේ. අසාධ්‍ය ලෙස ලෙඩින් වැටී ඇති පුද්ගලයාව, ඔහු සුව කළ යුත්තේ අති ප්‍රබල වෛද්‍ය කර්මයකිනි. කෙසේ වුවද ඔහු ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලින්, මෙම අවශ්‍යතා බොහෝමයක් සපුරාගත නොහැකිය. විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කරන අසාධ්‍ය දරුවකු හිමි දෙමාපිය යුවලකගේ උපමා කතාවක් ඇත. 

බැසිල් මීට පෙර ඉදිරිපත් කළ ආප්තෝපදේශය තුළින්ම මෙම තත්ත්වය විස්තර කළ හැකිය. පිළිකාවක් වැනි අසාධ්‍ය රෝගයකින් පෙළෙන දරුවකු ගෙදර සිටින්නේ යයි සිතමු. දරුවා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගෙන යාම ප්‍රතික්ෂේප කරන මවුපියෝ, තමුන් ඊට වඩා දේ දන්නවා යයි සිතා දරුවා ගෙදරම තබාගෙන ගොඩ බෙහෙත් ප්‍රතිකාර දී සුව කරන්නට තීරණය කරති. 

මෙම දේශීය ගොඩ බෙහෙත් ප්‍රතිකාර සමන්විත වන්නේ, හිතවතුන්ගෙන් තාවකාලිකව ඉල්ලා ගන්නා වටපිටින් නෙළා ගත් ගොඩ බෙහෙත් වැනි ව්‍යාජ ප්‍රතිකර්ම වලින්ය. පිටරට වෙසෙන නෑ හිත මිතුරන්ට කියා ගෙන්වා ගත් වෛවාරන්න සෙල්ලම් බඩු වැසි වස්සවා ඔවුහු දරුවා නහවති. එයින් දරුවා සතුටු වන බවත්, ඒවායින් දරුවා ඉකිමනින් සුවපත් වෙන බවත් ඔවුහු අවංකවම විශ්වාස කරති. දරුවා බලන්නට පැමිණෙන නෑදෑයෝ, ලෙඩ දරුවා සුවපත් කරන්නට දේශීය වෙදකම් තෝරා ගැනීමට ගත් එඩිතර පියවර ගැන මවුපියන් මුරුංගා අත්තේ තබා කතා කරති. 

ණයට ගත් මුදලින් මවුපියන් ගෙන්වාගත් කෙළි බඩු ගැන ඔවුන් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ මවුපියන් එම ණය කෙසේ ගෙවා දමන්නේද යන්න පවා නොසිතාය. යම් දැනුවත් පුද්ගලයකු දරුවා රෝහලට ගෙන යන ලෙස ඔවුනට උපදෙස් දුන් විට ඔවුන් අතවනා එය ප්‍රතික්ෂේප කරනුයේ තමන් වඩාත් හොඳින් ලෙඩේ සුව කරන හැටි දන්නා බව කියමිනි. 

මේ අතරවාරයේ ගොඩ බෙහෙත් ප්‍රතිකාරවලින් දරුවාගේ රෝගය සුව නොවී ඔහුගේ තත්ත්වය තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ නැවත සුවපත් කළ නොහැකි තරමටයි. ඒ වනවිට දරුවා රෝහලට ගෙන යන්නට පමා වූවා වැඩිය. දරුවා රෝගයෙන් මිය යයි. 

2022 අයවැය එන්නේ මේ පසුබිමේය. අයවැයෙහි මග හැරී ඇත්තේ ආර්ථීකයේ රෝගී බවට අදාළ පිළියම්ය. ආර්ථිකයේ ඇති ව්‍යාධිය ගැන අයවැය පළ කරන්නේ නිහඬතාවකි. ප්‍රමාණවත් ආදායම් පදනමකින් තොරව එයින් වැය යෝජනා ඉදිරිපත් කෙරේ. 

එහි එකම ස්ථානයක ආදායම් යෝජනා දක්වා ඇතත් එවැනි තාවකාලික පියවර තුළින් රජය පොරොන්දු වී ඇති වියදම් වැඩසටහන් එක දිගට පවත්වා ගත හැකි වන්නේ නැත. එම නිසා රෝගය අසාධ්‍ය වීමෙන් ආර්ථිකය මිය ඇදුනහොත් සෞභාග්‍යයේ දැක්ම වෙත තැබූ සියලු බලාපොරොත්තුද මියැදෙන්නේය. එම නිසා වර්තමානයේ ආර්ථිකය පවතින තත්ත්වය ගැන බැසිල්ට සෑහීමකට පත්විය නොහැකිය. ඔහුගේ අයවැයෙහි මූල්‍ය ප්‍රතිඵලය ගැනද සෑහීමකට පත්විය නොහැකිය. 

ප්‍රධාන අවදානම වන්නේ අතිශය අසාධ්‍ය තත්ත්වයට පත් බාහිර අංශයයි

අද දින ශ්‍රී ලංකා ආර්ථීකයේ අවදානම් තත්ත්වයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ අතිශය අසාධ්‍ය බවට පත් බාහිර අංශයයි. මෙය අලුත වර්ධනය වූ තත්ත්වයක් නොව, 2010 තරම් අතීතයක පටන් දැනගන්නට ලැබුණු කාරණයකි. මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් භාවිතා කරන ලද දේශීය ආර්ථිකය මත පදනම් වූ, ආර්ථික මොඩලය හේතුකොටගෙන අපනයන වර්ධනය සිදුවූයේ, ආර්ථික වර්ධනය තුළ ඉතාමත් මන්දගාමීවය. 

ඒ අනුව දළ ජාතික නිෂ්පාදිතය තුළ අපනයනවල දායකත්වය 2010 දී සියයට 15 ක්ව තිබී 2015 වන විට එය සියයට 13 තරමට පහළ වැටුණේය. ඒ කාලය තුළම, ආනයනය වියදම් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ඉහළ යන්නට පටන් ගත්තේය. 2010 දී සියයට 24 ක් තිබූ එම ප්‍රතිශතය 2015 දී සියයට 25 දක්වා වැඩි වූයේය. එහෙත් පැනවූ ආනයන සීමාකරණය නිසා එය 2020 දී සියයට 19 දක්වා පහත වැටිණි.

මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය තත්ත්වය බැරෑරුම් විට

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ විදේශ විනිමය (පිටතට) ගෙවීම් රට තුළට ගලා එන විදේශ විනිමයට වඩා වැඩි වීම, හේතුකොටගෙන කාලයක පටන් ඇතිවූ විදේශ විනිමය හිඟය 2021 වන විට අතිශය උග්‍ර තත්ත්වයට පත් වූයේය. 2006 මැයි මාසයේ පටන් වාණිජ බැංකුවල ශුද්ධ විදේශ වත්කම් ඍණ අගයක් ගත් නමුත්, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අගයක් ගත් නිසා, රටේ සමස්ත විදේශ විනිමය තත්ත්වය ධනාත්මක ලෙස පවත්වාගත හැකි වූයේය. 

එහෙත් මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම් පහත වැටීමත් සමග මෙම තත්ත්වය 2020 මැයි මාසයේ පටන් වෙනස් වන්නට ගෙන බැංකු අංශයෙන් සමස්ත ශුද්ධ විදේශ වත්කම් ඍණ බවට පත්වූයේය. ඉන්පසුව එළඹුණු මාස කීපයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම තියුණු ලෙස පහත වැටුණේ විදේශ වත්කම් රට තුළට ගලා එමින් හානි පූරණයක් සිදු නොවී පිටතට කරන ගෙවීම් ඉහළ යාමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2021 අගෝස්තු මාසය වන විට මහ බැංකුවේ විදේශ විනිමය වත්කම් ඇ. ඩොලර් මිලියන 400 ක ඍණ අගයකට වැටුණේය. 

සැප්තැම්බර් වෙද්දී මෙම ඍණ වත්කම ඇ.ඩො. මිලියන 790 දක්වා වැඩී වී, ඔක්තෝබර් වන විට එය තවදුරටත් ඇ.ඩො. මිලියන 1200 ක ඍණ අගයකට පත්විය. මහ බැංකුවේ දළ වත්කම් ඇ.ඩො. බි. 1.6 ට වැටුණු බව වාර්තා වීමත් සමග, ඍණ ශුද්ධ වත්කම් තත්ත්වය මේ වන විට ඇ.ඩො. බිලියන 2 ට වැඩි වනු අතැයි නිශ්චය කළ හැකිය. 
1997 තායිලන්තයේ සිදුවූ විදේශ විනිමය බිඳ වැටීම ශ්‍රී ලංකාවේ යළි සිදුවූවේද? 

මීළඟ හය මාසය තුළදී මහ බැංකුවට තෙල්, ඖෂධ, ආහාර ආනයනය උදෙසා වැය කිරීමට, විදේශ විනිමය අවශ්‍ය වේ. එම කාලය තුළ මහ බැංකුවට ණයට නොගන්නා මූලාශ්‍රවලින් ශුද්ධ විදේශ විනිමය ප්‍රවාහයන් ඇ.ඩො. බිලියන 3 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කර ගත නොහැකි වුවහොත් මහ බැංකුවේ ඍණ විදේශ විනිමය වත්කම් තත්ත්වය තවදුරටත් පිරිහී යනු ඇත. එය අතිශ්‍ය අනතුරුදායක තත්ත්වයක් වනුයේ ඒ මගින් මහ බැංකුවට කෘත්‍රිම ලෙස ඩොලරයකට රු. 203 මට්ටමේ, විනිමය අනුපාතිකය පවත්වා ගන්නට වෙළඳපොළට මැදිහත් වීමේ හැකියාව අඩුවන නිසාය. එවිට දැනට පවතින විදේශ විනිමය ණය ගෙවීමටත්, අත්‍යවශ්‍ය දෑ වූ ඉන්ධන, ඖෂධ හා ආහාර උදෙසා වැය කිරීමටත් ප්‍රමාණවත් නොවනු ඇත. 

වෙනත් කිසිදු විකල්පයක් ඉතිරි නොවී, කරකියාගත හැකි කිසිවක් නොවන තත්ත්වයට පත්වූ විට විදේශ විනිමය අනුපාතිකය නිදහසේ ඉහළ පහළ යන්නට ඉඩ දෙන්නට මහ බැංකුවට සිදුවේ. 1997 තායිලන්තයේ සිදුවූයේ මෙයයි. එහිදී ඩොලරයට, බාට් 25 මට්ටමක විනිමය අනුපාතිකයක් පවත්වා ගන්නට නිරර්ථක වෑයමක නිරත වීම නිසා, තායින්තයට ඩොලර් බිලියන 25 ක (ඇස්තමේන්තුගත) පාඩුවක් සිදුවිය. ඒ 1997 – 98කාලයේ පැවැති නැගෙනහිර ආසියාවේ මූල්‍ය අර්බුදය හේතුකොට ගෙනයි. ඍණ විදේශ වත්කම් ප්‍රමාණය වැඩි වීමත් සමග අපගේ මහ බැංකුවද වේගයෙන් මෙම මට්ටමට පැමිණේ. මේවා අද වන විට ශ්‍රී ලාංකිකයන් මුහුණපානනව මරණ තර්ජනයන්ය.

60, 70 ගණන්වල බල පැවැත්වූ සීමාකරණ නැවත පැමිණීමේ තර්ජනය:-

ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 1977 න් පසු පළමු වතාවට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අද වන විට ඍණ තත්ත්වයට වැටී තිබේ. මීට පෙර එය 1962 සිට 1976 දක්වා ඍණ තත්ත්වයේ පැවතියේය. එම කාල පරිච්ඡේදය තුළ ශුද්ධ වත්කම්වල ඍණ ස්වභාවය ක්‍රමයෙන් වැඩි වෙද්දී බලයට පමිණි සෑම රජයකටම, දැඩි පාලන නීති, ආනයන, විනිමය අනුපාතිකය, මිල සහ ගමන් බිමන් උදෙසා බල පවත්වා ගන්නට සිදුවූයේ පැවැත්ම උදෙසාය. එය ඇඟේ තරමට රෙද්ද කපා කබාය මසා ගන්නවාට වඩා, රෙද්ද තිබෙන ප්‍රමාණයට කබාය මසා ගැනීමක් හා සමානය.

එහි ප්‍රතිඵල වූයේ අතිශය විනාශකාරී ලෙස වර්ධනය පහත වැටෙද්දී විරැකියාවත් දරිද්‍රතාවත් ඉහළ නැගීමය. මෙසේ සිදුවන්නේ ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති විටදී ආනයනික අමුද්‍රව්‍ය මත පදනම් වන කර්මාන්තවලට නිෂ්පාදන පවත්වාගෙන යාමට නොහැකි වීමත් එක් අතකින් සිදුවන අතරතුර, අනෙක් අතට යෙදවුම් වෙන්කර දීමේ ක්‍රමය ඔස්සේ ඇතැම් පාර්ශවයන්ගේ මනාපය පරිදි පිරිසකට සැලකුම් ලැබීමත්, අන්‍යයන්ට තම ව්‍යාපාරය පවත්වා ගැනීම උදෙසා පොරොත්තු ලේඛනවල ළතවෙමින් අමතර වියදමක් දරන්නට සිදුවීමත් නිසාය. 

එම කාලපරිච්ඡේදය තුළදී එකල ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට තම අභිමතය පරිදි පාලන හා සීමාකරණ පවත්වාගෙන යන්නට බලය පැවරී තිබිණි. එම නිසා එතුළ පාලන අධිකාරියක් බල පැවැත්වුණේය. එය දූෂණ ක්‍රියා දලුලා වැඩෙන්නට සුදුසු තෝතැන්නක් වූයේය. එවැනි දූෂණ පවතින වාතාවරණයක් ආර්ථික විද්‍යාඥයන් හඳුන්වන්නේ (තිබෙන ධනයෙන් තවත් ධනය උපයා ගන්නට මාන බලන) එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු බිම දමා ගන්නට උත්සාහ ගන්නා වාතාවරණයක් ලෙසයි. එහිදී ව්‍යාපාරිකයන් ධනය උත්පාදනය කරගන්නට මාන බලනුයේ ඵලදායී ව්‍යාපාරයකින් නොව, ආර්ථීකයේ ඇති හිඟකම් තුළිනි. මෙවැනි වාතාවරණයකදී ධනය ප්‍රගුණනය කරගන්නට ආර්ථීකය තුළ අවස්ථා සළසා දීමෙන් ආර්ථීකයේ කාර්යක්ෂමතාව අඩුවී, ව්‍යාපාර පවත්වාගෙන යෑමට පොළඹවන සුළු වූ දිරි දීමනා ඉන් ඉවත්ව යයි. රටේ පවතින වර්තමාන, විදේශ විනිමය හිඟකම් නිසා ශ්‍රී ලංකාව තුළ හැට, හැත්තෑ ගණන්වල පැවැති පාලනාධිකාරීන් යළිත් කරළියට පැමිණෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොතකන සැළැස්මක් 

මෙය ඉතා බැරෑරුම් ගැටලුවකි. විමතියට කරුණ නම් 2022 අයවැය මේ ගැන මුණිවත රැකීමයි. එයින් පෙනී යන්නේ 2021 ඔක්තෝබර් 1 වැනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ ක්‍රමෝපායන් සහ අරමුණු කෙරේ බැසිල් පූර්ණ විශ්වාසය තබන බවකි. 

එම සැලැස්මේ ශ්‍රී ලංකාව වර්තමාන විදේශ විනිමය ගැටලු නිරාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගත යුතුය යන යෝජනාව ප්‍රතික්ෂේප කරයි. මහ බංකු අධිපති කබ්රාල් එහිදී කියා සිටින්නේ මෙම ගැටලුවට දේශීය වශයෙන් උත්සාදනය කරගන්නා වූ විසඳුම් තමාට තිබෙන බවයි. ඔහු පවසන්නේ 2022 දී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නැවත මිලදී ගැනීම නොකර අවලංගු කොට, විදේශ විනිමය අඩුපාඩු මග හරවා ගැනීමට ප්‍රමාණවත් ද්වීපාර්ශවික විදේශ විනිමය ප්‍රවාහයන් පෙළගස්වා ගන්නා බවයි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැතිව මෙම අර්බුදය විසඳාගත හැකි බව ඔහුගේ විශ්වාසයයි. 

මෙම පොරොන්දු දී දැන් මාස එකහමාරක් ගතවී ඇත. දැන් මහ බැංකු අධිපති මහාචාර්ය ලක්‍ෂමන්ගේ යුගයටත් වඩා රටේ විදේශ විනිමය තත්ත්වය නරක මට්ටමෙන් උග්‍ර අතට හැරී තිබේ. තම සැලැස්මේදී ඇති පොරොන්දුව අනුව මූල්‍ය සුරක්‍ෂිතභාවය සලසා දීමේ අභීත උත්සාහයක මහ බැංකු අධිපති කබ්රාල් නිරතව සිටී. එසේ වුවද, බලාපොරොත්තු නොවූ ලෙස මහ බැංකු විනිමය සංචිතවලින් හදිසි ආනයන අවශ්‍යතා උදෙසා ගෙවීම් කරන්නට වූ නිසා නොවැම්බර් මැද වන විට විදේශ සංචිත මට්ටම ඩො. බිලියන 1.6 දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. ඔහුට පෙර සිටි මහ බැංකු අධිපතිවරයා, ‘‘නවීන මූල්‍ය න්‍යාය යනුවෙන්’’ හඳුන්වන ආර්ථික විද්‍යා ගුරුකුලයකින් වෙන්ව ගිය සමූහයක් විසින් කරන නිර්දේශ අනුගමනය කරමින් පමණට වඩා මුදල් අච්චු ගසමින් කළ වරද, නිවැරැදි කරන්නටද ඔහු උත්සාහ ගෙන තිබේ. 

2019 දෙසැම්බර් අග පටන් 2021 සැප්තැම්බර් අග දක්වා ගෙවී ගිය මාස 21 ක කාලය තුළදී ලක්‍ෂමන්, මූල්‍ය තොග රු. ට්‍රිලියන 2.9 දක්වා සියයට 38 කින් වැඩි කරන්නට අවසර දෙන ලද්දේ ඒ කාලය තුළ ආර්ථීක වර්ධනය යාම්තමින් සියයට 1 කින් වැඩිවෙද්දීය. රජයේ සුරැකුම්වල අනුපාතිකය සියයට 2.5 කින් වැඩි කිරීම සහ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් ඔස්සේ මූල්‍ය සම්පාදන කිරීමෙන් වැළකීම යන ක්‍රියාමාර්ගවලින් මුදල් වර්ධනය කිරීම කෙරෙහි මහ බැංකු අධිපති කබ්රාල් වඩාත් විශ්වාසය තැබුවේය. 

එහෙත් තවමත් භාණ්ඩගාර බිල්පත් වෙළෙඳපොළ කෙටි කාලයේ කල්පිරෙන බිල්පත් උදෙසා වඩාත් යොමු වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආයෝජකයන් තම මුදල්, ඔහු පිරිනමන පොලී අනුපාතය යටතේ 6 මාසික සහ 12 මාසික බිල්පත් සඳහා ආයෝජනය කිරීමට සූදානම් නොවන බවයි. එසේ වුවද තමාගේ නව ක්‍රියාමාර්ගයෙන් පූර්ණ වාසි ලබා ගැනීම කෙරේ ඔහු විශ්වාසය තබන්නේ නම්, 12 මාසික භාණ්ඩගාරික බිල්පත් උදෙසා අතිරික්ත සියයට 10 ක පොලී අනුපාතිකයක් සඳහා අවසර දීමට ඔහුට සිදුවේ. 

මෙම දේශීය පිළිවෙත් පැකේජය හරියාවිද? 

මූල්‍ය අර්බුදය සහ ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ප්‍රතික්ෂේප කරමින් තමාගේ දේශීය ප්‍රතිපත්ති පැකේජය වෙත තවමත් මහ බැංකු අධිපති කබ්රාල් විශ්වාස තබයි. 2009 දී ඔහු කළාක් මෙන් ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රවාහයක් රට තුළට ගලා ඒම සහතික කරගන්නට තමා සතු සියලු විකල්ප අත්හදා බලා හෙම්බත් වනතුරු ඇතැම්විට ඔහු බලා සිටිනවා විය හැකිය.

අන්තර්ජාකික ස්වෛරී බැඳුම්කර වෙළෙඳපොළ මගහරිමින්, ඔහු යෝජනා කරන සම්ප්‍රදායික නොවන වාණිජ මූල්‍ය සැපයුම් ක්‍රම දෙක ඔස්සේ ශ්‍රී ලංකාවට, ඉහළ ආදායම් ලබා නොදී බැඳුම්කර නිකුත් කළ නොහැකිය. එක් ක්‍රමයක් නම් හරිත බැඳුම්කර වෙළඳපොළ ඔස්සේ, විශේෂිත පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මුදල් ණයට ගැනීමය. මේ සඳහා යම් කාලයක් ගතවනු ඇත්තේ ආයෝජකයන්ට පිළිගැනීම සඳහා තිබෙන ව්‍යාපෘති එක රැයින් නිර්මාණය කරගත නොහැකි බැවිනි. 

අනෙක නම් ශ්‍රී ලංකාවට ගලා එන ප්‍රේෂණ මුදල් සඳහා සුරැකුම් යෝජනා කිරීමය. සුරැකුම්කරණය යනු එකඟවූ තැනැත්තාගේ ද්‍රවශීලතා නොවන වත්කම් ද්‍රවශීලතාවෙන් යුතු මුදල් බවට පත් කිරීම සඳහා ඉවහල් කරගත හැකි තාක්‍ෂණයකි. උදාහරණයකට මුදල් ණයට දෙන තැනැත්තකුට ණය උදෙසා සුරැකුමක් නිකුත්කොට එය යම් කාලයක් තුළදී කල් පිරීමට නියම කිරීමයි.

එහෙත් සුරැකුම් ලෙස ඔහු ඉදිරිපත් කරන්නට සැලසුම් කරන, ප්‍රේෂණ, දැනටමත් ඔහු ළඟ ඇත්තේ ද්‍රවශීල මුදල් ලෙස නිසා, ඒවා විදේශීය ආයතනයක් වන Special Purpose Vehicle (SPV) වෙත මාරු කළ විට ඒවා භාවිතා කිරීමේ අයිතිය ඔහුට අහිමි වීම සිදුවේ. එවිට සිදු වනුයේ කල්පිරෙන දීර්ඝ කාලයකට වැඩි වියදමක් දැරීමෙන් පසු ඔහුට මුදල් ලැබීමය. එම නිසා ප්‍රේෂණ මුදල් සුරැකුම් කරණයට ලක් කිරීම යනු දැනටමත් පවතින ද්‍රවශීල වත්කම්, වඩා වියදම්සහගත ද්‍රවශීල වත්කම් බවට පරිවර්තනය කිරීමේ තාක්‍ෂණයකි. විචක්ෂණ ඇසින් බැලූ විට මෙය තේරුමක් නැති වෑයමකි. 

මෙයින් වැටහී යනුයේ දැනට ඉක්මනින් ගෙවීම ඇති විදේශ විනිමය උදෙසා ප්‍රමාණවත් විදේශ විනිමය උපයා ගැනීම ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉතා අඩු බවයි. 

ලෙඩ වූ ආර්ථීකය මරණයෙන් බේරාගැනීම 

මේ ආකාරයට බැලූ විට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදක බලධාරීන් දැනට පවතින විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග පිළිකා රෝගයෙන් පෙළෙන අසාධ්‍ය දරුවා බේරා ගැනීමට ඔහුගේ දෙමාපියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට සමානය. නිසි වෙලාවට, නිසි පියවර නොගෙන ඉහත කී මවුපියන් දරුවා මැරෙන්නට ඉඩ හැරියෝය. මෙම අවධියේ පසුවන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම විනා වෙන විකල්පයක් නොමැති බවට බැසිල්ට උපදෙස් දීමෙන්, මහ බැංකු අධිපති කබ්රාල් හට එවැනි ප්‍රතිඵලයක් වළක්වා ගත හැකිවේ. 


2021/ නොවැ /21 Daily FT පත්‍රයේ පළවූ Budget 2022 : what's Missing link ලිපියේ පරිවර්තය සමන් පුෂ්ප ලියනගේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන



අදහස් (0)

දැවෙන ප්‍රශ්න අමතක වූ අය වැයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3475 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12375 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 595 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 961 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1044 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 503 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site