IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දවල් තරු දුටු ‘අප්පුහාමි’

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස සූරීන් දැයෙන් සමුගෙන අද 21 වැනිදාට වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

බුද්ධ කාලයේ මුල් අවදියේ සිටි සිංහහානු රජුගේ පුරෝහිත බමුණා අසිත තවුසා සුද්ධෝදන කුමරුට ද ශිල්ප ඉගැන්වීය. කුමරු රජවීමෙන් පසු අසිත තවුසා පුරෝහිතයා විය. අභිඥා බලයෙන් අතීතයෙන් 40 කපක් හා අනාගතයෙන් 40 කපක් දැක්මෙහි සමත් අසිත තවුසා සුද්ධෝදන රජුගේ පුත් සිදුහත් වඩා ගෙන වුත් අසිත තවුසාට වැන්දවීමට ගියේය. සිදුහත් කුමරුගේ සිරි පතුලෙහි මංගල සලකුණු දැක මතු බුදුවන බව දැන සතුටු කඳුළු හෙළා, සිනා සී බුදුවන තෙක් තමාට ජීවත්වනු බැරි බව දැන හැඬූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.

අසිත තවුසාගේ චරිතය සිංහල සිනමාවේ ජීවමාන කළේ මීට හරියටම වසරකට පෙර (ජනවාරි 21 වෙනිදා) අද වැනි දිනක ජීවිතයෙන් සමුගත් සාහිත්‍යරත්න, රෝහණ ප්‍රදීප, කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන් බව ඔබ විශ්වාස කරනවාද? තිරගත වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ අසිත තවුසාගේ චරිතය රඟපෑවේ ඔහුය.

මට ආරියදාස මහතා මුලින්ම හමු වී කතාබහ කිරීමට අවස්ථාව ලැබෙන්නේ 1969 මා ලේක්හවුසියේ සේවයට ගිය පසුය. ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ ඔහුගේ මේසය අසලට යන හැම විටම දකින්නට ලැබුණේ Time (ටයිම්) සඟරාව කියවමින් සිටින ආරියදාස මහතාය. ඔහු පදිංචිව සිටි උඩහමුල්ලේ දුම්රිය පාරේ නිවසට ගියත් එහි මේසය මත දක්නට ලැබුණේ අලුතින්ම නිකුත් වූ මුද්‍රණ තීන්ත සුවඳ වහනය වන ‘ටයිම්’ සඟරාවය.

‘ඔහේ දන්නවද ටයිම් සඟරාව පොත් සාප්පුවලට එන්න දවස් තුන හතරකට කලින් මට ලැබෙන්නේ. ඒ නිසයි මට අලුත්ම තොරතුරු අපේ පත්‍රවලට ලියන්න අවස්ථාව ලැබෙන්නේ.’ ඔහු සිනාසෙමින් කීවේය.

 ඔහුගේ පුස්තකාලයේ විරාජමානව බැබළෙන්නේ රෙස්කිත් බැම්මෙන් යුත් 70 වසරක සිට එකතු කරන ‘ටයිම්’ එකතුවයි. ටයිම් සඟරාවේ ප්‍රධාන ලිපි මෙන්ම විශේෂයෙන් එහි ඇති කවරයේ කතාව (Cover Story) සහිත විශේෂාංග පළ වී ඇත්තේ කුමන සඟරාවේදැයි මතකයෙන් කීමට ඔහු සමත් විය.

සුමී, අර රාක්කයේ තුන්වැනි පේළියේ වම් පැත්තේ කෙළවරේ තියෙන ‘ටයිම්’ පොත ගන්නට ආරියදාස මහතා තම ඥාති පුත්‍රයා වන සුමීට කියයි.
1972 වසරේ මා දිවයිනේ ප්‍රවීණ ලේඛකයන් විසින් ලියන ලද පොත්වල පිටකවර නිර්මාණය දැන සිටි ආරියදාස මහතා දිනක් මට කතා කළේය.
‘ඔහේගේ පොත් කවර ගැන මම පත්තරේකට ලියන්න හිතන් ඉන්නේ. ඇහැක් වෙලාවක අපි කතා කරමු.’

‘මට ඕනෑ වෙලාවක පුළුවන් ආරියදාස මහත්තයාට විවේක තියෙන වෙලාවක කරමු.’ මම කීවෙමි.
‘දැන් කරමු.’ යි මේ නිහතමානී මහා පත්‍රකලාවේදියා කීවේය.

 මා සමග සාකච්ඡා කළ ඒ ලිපිය ‘ඩේලිනිව්ස්’ පත්‍රයේ කර්තෘ වාක්‍යය තිබෙන පිටුවේ ප්‍රධාන ලිපියට යටින් පළ වී තිබුණි. Portrait of young Cover Artist – By Edwin Ariyadasa. විසිහතර හැවිරිදි වියේ පසු වූ මා වැනි අංකුර චිත්‍ර ශිල්පියකු ගැන ඉංග්‍රීසි පත්‍රයක පළවීම ගැන මට සිතුණේ යොවුන් පරපුරටම කරන ගෞරවයක් හැටියටය.

 ආරියදාස මහතා ‘නවයුගය’ පුවත්පතේ කර්තෘ පදවිය භාර ගත් පසු මා කැඳවා අපේ රටේ සුවිශේෂ චරිත ගැන ලිපි පෙළක් ලියන්නැයි උපදෙස් දුන්නේය. ‘චරිත හමුව’ නම් එම විශේෂාංගය ඔහු නම් කළේය. ආරියදාස මහතා කර්තෘ පදවියෙන් විශ්‍රාම යන තෙක් මම චරිත හමුව ලිව්වෙමි.

මා නොදත් අමාරු ඉංග්‍රීසි වචනයක් ගැන දැන ගැනීමට ඔහු අසලට ගිය විට ඉක්මනින් ගැලවී එන්නට ලැබෙන්නේ නැත. තමා අසල ඇති පුටුවක හිඳුවා ඒ වචනයට සම්බන්ධ ඉතිහාසය ඔහු නිහතමානීව කියා දෙයි. තමා අසලට එන ඕනෑ කෙනෙකුට තරම තිරම නොබලා තමා ලියමින් සිටින ලිපිය නතර කොට නිර්ලෝභීව ඔහු උදව් කළේය.

ආරියදාස මහතා විශ්‍රාම ගිය පසු මුල්ම ‘චරිත හමුව’ මා ලිව්වේ ඔහු ගැනය. ඔහු සමග කළ සංවාදයෙන් මට ඔහුගේ ජීවිතයේ රසමුසු තැන් දැනගන්නට ලැබිණි.

‘මගේ සම්පූර්ණ නම විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාසය. 1922 දෙසැම්බර් 03 වැනිදා මම ගාල්ලේ උනවටුණේ පවුලේ බඩපිස්සා හැටියට උපන්නේ. මට වැඩිමහල් සොහොයුරන් තුන් දෙනෙකුත් සොහොයුරියන් දෙදෙනෙකුත් හිටියා. මගේ තාත්තා ගොවියෙක්. ගම උනවටුණේ. අම්මා වැලිගම කාන්තාවක්. පුංචි කාලෙ ඉඳලම අයියලා අක්කලාගේ පාඩම් පොත් කියවනවා ඇසීමෙන් මගේ සාහිත්‍ය රුචිය දියුණු වුණා. මා නින්දට යන විට අක්කලා තම යෙහෙළින් සමග සැළලිහිණිය, ගුත්තිලය කියවනවා අසා සිටීමෙන් මට එහි කවි කටපාඩමින් කියන්න පුළුවන්.’

ආරියදාස මහතා අපට කී ආකාරයට තම පියා ඔහුට ‘එඩ්වින් අප්පුහාමි’ යයි නම් කිරීමට උත්සාහ කරන විට ලොකු අක්කණ්ඩි ‘ආරියදාස’ ඊට වඩා හොඳ යයි යෝජනා කළාලු. ‘එඩ්වින් ආරියදාස’ නම් ලැබූ ඔහු මුලින් ඉගෙන ගත්තේ උනවටුණේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි.

 උනවටුණේ පාසලේ අපට උගැන් වූ ඇල්.එච්. ජයසේන ගුරු මහත්තයා ඔහුගේ මේසය වටා සිසුන් රැස්කරවා ‘ඔබලා වැඩිහිටියන් වූ පසු කුමන රැකියාවක් කරන්න බලාපොරොත්තු වනවා දැයි ඇසුවා. මගෙන් ඒ ගැන ගුරුවරයා අසන විට මා කීවේ ‘පත්තර කර්තෘවරයකු වන බවය. ළමයි සියලු දෙනාම සිනාසුණා. ඒ කාලේ ‘දිනමිණ’ හා ‘ඔබ්සර්වර්’ පත්‍ර කියවීමට මම කැමැතියි. ඒ කාලේ ආර්.එච්. පෝලර් නම් ලේඛකයා ‘ඔබ්සර්වර්’ පත්‍රයට ලියූ පලාඵල නොවරදවාම කියවූ මම අමාරුවෙන් ඉංග්‍රීසි වචනවල තේරුම ශබ්ද කෝෂයක් බලා ඉගෙන ගෙන ගෙදර අයගේ පලාඵල සිංහලෙන් ලියලා දුන්නා.’ ආරියදාස මහතා කුඩා කාලය මතක් කරමින් එදා අපට කීවේය.

ආරියදාස මහතා ගාල්ලේ මහින්ද විද්‍යාලය ඉගෙනීමට ගිය හැටිත් තමා සමග එකම පන්තියේ ඉගෙන ගත් සිරි ගුණසිංහ, විනී විතාරණ, ධර්මසේන අරම්පත්ත (මේ තිදෙනාම පසුව විශ්ව විද්‍යාල මහාචාර්ය වූහ) සමඟ ලංකා විශ්ව විද්‍යාලයට ගියහ. ආරියදාස සිසුවා විශ්වවිද්‍යාලයේදී සිංහල හා ඉංග්‍රීසි උපාධිය ලබාගත් අතර දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාවෙන් උපාධි ලැබූ හොඳම ඔහුගේ සරසවි සිසුවා වූයේ ඒ. අමිර්තලිංගම්. පසුව මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක විය.

‘මම උපාධිය ලබා කෙළින්ම ආවේ ලේක්හවුස් එකට. එහි අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පරික්ෂණයට ලක්වී සමත් වී ‘දිනමිණ’ පත්‍රයේ කර්තෘ වාක්‍ය ලියන්න තෝරාගත්තා. ඒ කාලයේ ‘දිණමිණ’ කර්තෘ පියසේන නිශ්ශංක මහත්තයා. මා සමඟ දිනමිණේ උප කතුවරයන්ව සිටි  ආනන්ද කුලසූරිය හා කේ.එන්. ජයතිලක පසුව විශ්වවිද්‍යාල මහාචාර්යවරු වුණා. පසු කාලෙක කර්තෘ මණ්ඩලයේ හිටියේ සිසිර කුමාර මානික්කආරච්චි, ධර්මපාල ජයවීර, මීමන ප්‍රේමතිලක, ඩී.ඇෆ්. කාරියකරවන, බී.ඒ. සිරිවර්ධන, ජී.එස්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම, ජයවිලාල් විලේගොඩ, හේමා වික්‍රමාරච්චි, කේ.එස්. පෙරේරා, ජිනදස් පරනදු ආදීන්. කුඩා කාලයේ මගේ සමකාලීන මිතුරන් දෙදෙනකු  වූ අනඳපිය කුඩාතිහි හා රෙජී වීරමන් සමග උනවටුණේ මුහුදු වෙරළ සෙවණකට වී සාහිත්‍යය ගැන වාද කර ගත්තා. අපේ ළමා කාලය නිෂ්ඵල කර ගත්තේ නැහැ. මේ දෙදෙනාම පසුව ලේක්හවුස් කර්තෘ මණ්ඩලවල මාත් සමග වැඩ කළාය.’ ඔහු අතීතයට යොමුවෙමින් කීවේය.
 ‘එඩ්වින් ආරියදාස’ හඳුන්වා දීම කිරෙහි සුදුපැහැය වැනීමකි.

ආරියදාස මහතාගේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවත් ඊට සමානව ඇති ඉහවහ ගිය මානව දයාව, නිහතමානීකම ගැන කීමට අටුවා ටීකා අවශ්‍ය නැත. ඔහු සමීපව ඇසුරු කළ අයත් මෙන්ම පුවත්පත් ලිපි මගින් ද, දේශනයෙන් ද, රූපවාහිනියෙන් දුටු ඔහු ඇසුරු නොකළ දහස් ගණනක් සහෘදයන් එමටය. බොහෝ පොතපත කිය වූ උසස් රසවින්දනයක් ඇති මගේ මිතුරෙකු වරක් මට මෙසේ කීවේය.

‘මට කිසියම් දෙවියෙක් වරමක් දෙනවා කිව්වොත් මම ඉල්ලන්නේ එඩ්වින් ආරියදාස මහත්තයට වගේ මොළයක් දෙන්න කියලා.’
ඔහුගේ දැනුම ගැන මීට වඩා අගයක් කුමටද? ‘නවයුගය’ පත්‍රයේ පිළිසඳරේ දී මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

‘ආරියදාස මහත්තයාගේ ස්මරණ ශක්තිය වර්ධනය වුණේ කොහොමද?
‘මගේ අම්මා මට දැනුම එන්න කියලා පලා වර්ග කවනවා. දවසක් අම්මා මගෙන් මෙහෙම ඇහැව්වා.
‘පුංචි මහත්තය දවල් තරු බලන්න ඕනෑ නම් පලාවර්ග කන්න.

දවල් තරු බලන්න ආසාවෙන් මම දවල් බතට පලා වර්ග කීපයක් කෑවා. මේ පුරුද්ද මට අදටත් තියෙනවා. මම දිනකට පලා වර්ග දෙක තුනක්ම අනුභව කරනවා. මගේ අක්කණ්ඩිලා දෙන්න මට දැනුම, මතක ශක්තිය එන්න කියලා එළඟි තෙල්වලින් තැනු රොටීත්, මී පැණි හා එළඟි තෙල් එක්ක කන්න දෙනවා. මේ නිසා මම ඇත්තටම දවල් තරු දැක්කා.’

ආරියදාස මහතා ජීවිතයෙන් සමුගෙන අදට වසරකි. අදත් ඉඳහිට හෝ ටයිම් සඟරාවක් මට අහම්බෙන් දුටුවොත් අනිවාරයෙන් ඔහු සිහිපත් වෙයි. ඔහු ගැන කුඩා කල සිටම හඳුනන මහාචාර්ය විනී විතාරණයන්ගේ මේ ප්‍රකාශයෙන් මේ ලිපිය අවසන් කරමි.

 ‘දක්ෂතාව හා ප්‍රවීණත්වය ඔහු දරා උසුලා ගෙන සිටින ආකාරය, ඒ දක්ෂතාව හා ප්‍රවීණත්වයට වඩා ශ්‍රේෂ්ඨකම, වංචාව සහ අකෘතඥතාව, උසස්වීමේ හිණිපෙත්ත වශයෙන් පළිගැනීම ලබා ඇති ස්වදේශික සමාජය හා නොගැළපෙන පුද්ගලයෙකි. දාස් (ආරියදාස) ඔහු සතු විශ්ව ඥාන සම්භාරයෙන් නූතන සමාජය අඛණ්ඩව පෝෂණය කළා විනා ආන්තරායකර, විනාශකාරී විකාර දෘෂ්ටි මතවාද, චින්තන, ස්ථාවර ආදියෙන් එහි හරය සුන්කොට එහි ව්‍යූහය පුපුරුවා එහි හදවත පුළුස්සා අළුකොට මේ මහා චින්තකයෙකි යන විරුදාවලියෙන් ඔහු ප්‍රතාපයට පත්වූයේ නැත.



අදහස් (5)

දවල් තරු දුටු ‘අප්පුහාමි’

rocky Saturday, 22 January 2022 06:50 AM

මෙය ලියන මමත් එඩ්වින් ආරියදාසව 1960 දශකයේ සිට ඇසුරු කළෙමි. මාධ්‍යය පිළිබඳ දැනුම ඔහුට තිබෙන්නට ඇත. එහෙත් ඔහු මෙසේ අධිතක්සේරුවට පත්කරන ලද්දේ මාධ්‍ය කරුවන් විසිනි.

:       4       3

අමල් Saturday, 22 January 2022 11:21 PM

60 දශකයේ සිට ඔබ එතුමන් ඇසුරු කළේ නම් ඔබේ වයස මේ වන විට අවුරුදු 80ක් ඉක්මවා තිබෙන්නට බොහෝ සේ ඉඩක් ඇත. ව්‍යාජ නාමයන් ගෙන් පෙනී සිටිමින් ඇදුරුතුමන් පිළිබද අධිතක්සේරු මතයක් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ ඔබ එතුමන් කිසිදා ඇසුරු නොකළ පුද්ගලයකු බව මිස අනෙකක් නොවේ. එතුමන්ගෙන් ශිල්ප උගත් සිසුවකු ලෙස මා මෙන්ම බොහෝ දෙනකු එඩ්වින් ආරියදාස මැතිතුමන් පිළිබද හොදින් දැන සිටින බව ද ඔබට දැන්විමට කැමැත්තෙමි. එවන් විශිෂ්ට දැනුම් සම්භාරයක් වියපත් වියේදී පවා නිවැරදිව ප්‍රකාශ කිරීමේ ශක්තියක් එතුමන් සතුව තිබූ අතර තම සිසුවකුට පවා ඔබතුමා යනුවෙන් ඇමතීමට තරම් නිරහංකාර වූ බවද ඔබට දන්වමි. බොහෝ වටිනා මැණික් ගල් දුර්ලභ වන අතර ඒවා වරින් වර මතුවෙමින් යළි සැගවී යනු ලබයි. ඒවායේ මැටි , පස් හා මඩ තැවරෙන අතර ලෝකය කිසිදා එම නොවටිනා දේ පිළිබද අගය නොකරන අතර එම දෑ ස්පර්ශයෙන් මැණිකේ අගය නොවෙනස් වන බවද සිහිතබාගත යුත්තකි. ඇදුරුතුමනි ඔබට යහපත් දේශයක ඉපිද , සිය දැනුමෙන් ලෝකයාට සේවය කරන්නට පිං පතමි.

:       0       8

උපුල් ගලප්පත්තිMonday, 24 January 2022 03:50 PM

අමල්, ඔබගේ අදහස් තමයි නිර්ව්‍යාජ සහ සත්‍ය. rocky කියන්නේ හරයක් නැති කතා කියන පිටකොන්දක් නැති පුද්ගලයෙක් බව පේනවා. එඩ්වින් ආරියදාස මාධ්‍යවලින් පිම්බුවා වෙනුවට බොහෝ මාධ්‍ය පිම්බුනේ ඔහුගේ කුසලතා ඉදිරිපත් කිරීමෙන්... ඔහු මිනිසුන් කෙරේ තැබූ අපමණ විශ්වාසය දඩමීමා කරගෙන අසික්කිත අවස්ථාවාදියෙක් කළ එක දෙයක් අල්ලගෙන ඔහුට අපහාස කිරීමට තරම් ඇතැමුන් කටයුතු කළත්, එතුමා මේ සමාජයට කළ සේවය දකින පිරිස ගොඩාක් ඉන්නවා...

:       0       5

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 26 January 2022 04:18 PM

මාත් එතුමාගෙන් ජනමාධ්‍යය හැදෑරූ විද්‍යාර්ථියෙක්... එතුමාගේ දැනුම් සම්භාරය නිසා එතුමාව වටහාගත් අය බොහෝයි. එතුමාගේ පරලොව ගමන යහපත් වේවා...!!!

:       0       3

chinthana Monday, 24 January 2022 09:44 AM

සක්විති රණසිංහගේ ව්‍යාපාරයට සම්බන්ධ වූ නිසා එඩ්වින් මහතාට නරක නාමයක් ලැබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3152 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12276 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 568 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 942 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1021 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 498 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site