(ජයතිලක ද සිල්වා)
කුම්භකර්ණ නින්දකින් පසු යහපාලන යාන්ත‍්‍රණය ඇනහිටින්නට ආසන්නයටම පැමිණ ජනතා බලපෑම හේතුවෙන් දෝ දෑස් පිසදා අවදිව ඇති සේය. යුගලකට සිය ඇමැති ධුර අහිමි විය. ජනතා බලපෑම නොවන්නට දෙදෙනාම තවමත් යහතින් ඇමැති ධුරයන්හි රැඳෙනු ඇත. කෙසේ වෙතත්, ඒ දෙදෙනාගේ නික්ම යාමෙහි සමානකම් එතැනින්ම නිම වෙයි. ඔවුන් දෙදෙනා නික්ම ගියේ දෙආකාරයකටය. එයත් එකිනෙක වෙනස් කාරණා මුල් කරගෙනය.
පළමු වැන්න, මඳක් අදිමදි කිරීමකින් පසු , ලෝකයේ හොඳම මුදල් ඇමැති, සේ විරුදාවලි ලද රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීමයි. එහි අක් මුල් සොයා බැලීමෙහි දී ආරම්භය ඇත්තේ 2015 ආන්දෝලනාත්මක මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුවෙහි බව පෙනේ. මෙහි දී එම ගනුදෙනුව පිරික්සීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට පුරෝගාමීත්වය ගත්තේ සම්මුතිවාදී ආණ්ඩුවෙහි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම බව ද නොරහසෙකි.
එහි දී ඒකාබද්ධ විපක්ෂයෙහි සහයෝගය ලැබුණ ද ඔවුන් එම ස්ථාවරයට පිවිසියේ යහපාලනය සඳහා ඔවුන්ගේ කැක්කුම නිසා ද නැතහොත් බරපතළ දුෂණ සහ සොරකම් පිළිබඳ තමන්ට එල්ල වන චෝදනා සහ තමන්ට එරෙහිව ඇති නඩු විභාගවලින් ජනතා අවධානය වෙනත් පැත්තකට හරවන්නට දැයි සැකයෙකි. ඒ අතර සිවිල් සමාජයෙන් ද ප‍්‍රබල විරෝධයක් නැඟී ආවේ කොමිෂන් සභාවෙහිදී රවී කරුණානායක ඇමැතිවරයා පිළිබඳ යම් සාක්ෂි අනාවරණයෙන් පසුවය. වෙනත් සාක්ෂිකරුවන් තමන් පිළිබඳව ඉදිරිපත් කළ කරුණු ගැන කිසිවක්ම නොදන්නා බව ඇමැතිවරයා පැවැසීමෙන් තත්ත්වය වඩා බරපතළ විය. එම පිළිතුර අවංක නොවන බවක් දිස්විණි.
දෙවැන්න, ප‍්‍රකට නීතිවේදියකු පමණක් නොව ශාස්ත‍්‍රීය උපාධි නිසා පමණක් නොව මැතිවරණ සමයෙහි ඔහුගේම ප‍්‍රචාරණයෙන් ද අප දැනගත් පරිදි උගතකු වූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ධුරයෙන් නෙරැපීමයි. මෙම අවස්ථාවෙහි ඔහු ඉවත් කිරීමට මූලිකව කටයුතු කෙළේ ආණ්ඩුවෙහි එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම බව සඳහන් කළ යුතුය.
ඔහුගේ නික්ම යාම පැහැදිලිවම රවී කරුණානායක ඇමැතිවරයාගේ නික්ම යාමට වඩා වෙනස් විය. පළමු වැන්න ඉල්ලා අස්වීමක් වුව දෙවැන්න විධායකය කළ ඉවත් කිරීමකි. සිය ඉල්ලා අස්වීම හේතුවෙන්ම එතෙක් දුදනකු යැයි සැලැකුණු රවී කරුණානායක ඇමැතිවරයා සැණෙකින් සාන්තුවරයකුගේ තත්ත්වයට, ආදර්ශමත් මහත්මයකුගේ තත්ත්වයට පත් වූ අයුරු ඇදහිය නොහැකි තරම්ය. යටපත්ව තුබූ මහත්මා සම්ප‍්‍රදායයක් යළි පණ ගැන්වීමෙහි ගෞරවය හතුරන් විසින් පවා ඔහුට පිරිනැමිණි. එහෙයින් සියල්ල අවසානයෙහි ඔහුට සැනැසුම් සුසුමක් හෙළන්නට හැකි වෙතැයි සිතමි.
දෙවැනි අවස්ථාවෙහි රාජපක්ෂ ඇමැතිවරයා දරදඬු ලෙසම නිලයෙහි රැුඳී සිටියේ පක්ෂයෙහි සහ රාජ්‍යයෙහි අධිකාරයනට එරෙහිව සටන් වදින වීරයකුගේ සෙයියාවක් ආරෝපණය කර ගනිමිනි. හුදකලාව වුව ඔහුට ආවඩන්නට ඒකාබද්ධය ඉදිරිපත් විය. තිරයෙන් පිටුපස සිට ඒකාබද්ධ රූකඩ නාටකය මෙහෙයවන හිටපු ජනපති ද , ඒකා අපේ ගමේ එකෙක්” යැයි පවසමින් ආශිර්වාද කෙළේ ගමේකමටම වන්නට බැරිය.
ඉවත් කළ පසු පුවත් සාකච්ඡාවකදී විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කෙළේ රටෙහි සම්පත් විදේශිකයනට විකුණන ඇමැති මණ්ඩලයක සිටීම ලජ්ජාවට කරුණක් බවයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය එබන්දක් සේ පවසන ඔහු එදා ඇමැති මණ්ඩලයෙහි සිටි අවස්ථාවෙහි එයට පක්ෂ වූයේ ඒ වනවිට ඔහු වෙත ලජ්ජා බය නොතුබූ බැවින් විය හැකිය. ඇතැම් විට ලජ්ජා බය ගුණය මෝරන්නට ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයෙන් ඔහුට විරෝධය මතු වීමත් සමඟ වන්නට ඇති. ඇතැමුන් පවසන පරිදි අනාගතයෙහි බාග වෙලාවට ගමේකමටම ලොකු තනතුරක් ලැබෙනු ඇතැයි එතුමා බලාපොරොත්තු තබා ගෙනත් ඇති.
මේ අතර අට ලෝ දහම් සක කැරැකී පෙර දිනක ඇමැතිකම අත්හැරි උත්තමයකුට මෙම අවස්ථාවෙහි වෙනත් ඇමැති ධුරයක් පිරිනැමිණි. කිසි කතාවෙකින් තොරව ඔහු එය භාරගත්තේය. එහෙයින් අපේ ඉහත සඳහන් දෙපළ ද මතු බලාපොරොත්තු සුන් කරගත යුතු නැත.
තවත් කාරණයක් සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයාගේ හිතෛෂියකු හා ප‍්‍රබල ඇමැත්තකු ලෙස පිළිගැනෙන මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රසිද්ධ රැස්වීමක කියා තිබුණේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමා එයට ඡුන්දය නොදෙන බවය. එවන් මත තවත් ශ‍්‍රී.ල.නි.ප. මැති ඇමැතියන් ද පවසා ඇත. ඔවුන් මහජන මතය තුට්ටුවකට ගණන් නොගන්නා සේය.
දේශපාලන මැදිහත් වීම් අභිබවා නීතිය සහ සාමය තහවුරු වනු පිණිස තව බොහෝ දෑ කළ යුතු සේය. නික්ම ගිය ඇමැති යුගල ඔවුන්ගේ හැසිරීමෙන් පෙන්වා දී ඇත්තේ ස්වාධීන කොමිෂන් සභා ආදිය පිහිටුවුව ද තවමත් දේශපාලන ඇඟිලි ගැසීම් පවත්නා බවෙකි. ඒ දෙදෙනා පමණක් තක්කඩින් ගණයට වැටෙන්නේ නැත. එම ගණයට වැටෙන තවත් සගයෝ වෙත්. පෙර දින පුරුදු සහ ඇබ්බැහිකම් ලෙහෙසියෙන් අත් හැරිය නොහේ. ඒවා තවමත් පුළුල්ව පැතිර පැවැතී.
නීතිය කඩන්නෝ දේශපාලනඥයෝ පමණක් නොවෙති. දේශපාලන සම්බන්ධතා නිසා හෝ නග්න අවස්ථාවාදය නිසා හෝ ඇතැම් රාජ්‍ය නිලධාරීහු ද එම වරදෙහි බැඳෙත්. මූල්‍ය දුෂ්කරතා, අවංක නිලධාරීන් දඩයම, මානව සහ ද්‍රව්‍යමය සම්පත් හිඟය ආදිය හේතුවෙන් නීතිය බලාත්මක කරන ආයතන අඩපණව ඇත.
ඇමැති මණ්ඩලයෙහි සාමූහික වගකීම කඩ කිරීම විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහිව නැඟුණු එක් චෝදනාවකි. මෙම ජුගුප්සිත වරදෙහි බැඳෙන ඇමැතිවරු තවත් සිටිත්. ආණ්ඩුවෙහි තවදුරටත් රැඳෙන්නේ ද නැත්නම් තම පක්ෂයේ ආණ්ඩුවක් තනිකර සාදන්නේ ද යන්න පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකකි. එහෙයින්ම ඇමැති මණ්ඩලයෙහි සාමූහික වගකීම බිඳීම එම පක්ෂයෙහි ඇමැතිවරුන්ට එම සිහිනය ලූහු බැඳීමෙහි එක් පියවරක් වී ඇත. තව ද ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නිසා ආණ්ඩුවෙහි ඇතැම් මැති ඇමැතියන් හැසිරෙන්නේ ආණ්ඩුව තුළ සමගිය රකින පරිදි නොවේ. කැඩෙන පරිදිය. ගමේ භාෂාවෙන් කියන්නේ නම් වළං කඬේට පැන්න ගොනා වාගේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොරකින්නේ ඇමැති මණ්ඩල සාමූහික වගකීම පමණක් නොවේ. ඔවුහු පක්ෂ විනය ද නොරකිත්. පක්ෂ සභාපති සහ ජනාධිපති අපහසුවට පත් කරවන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කරත්. පක්ෂය යම් යම් තීරණයන්ට එළැඹි බවට සාවද්‍ය ප‍්‍රකාශ කරත්. එහි දවල් මිගෙල් ? දනියෙල් චරිත එමටය. එම පක්ෂයේ ඇති සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රය නිසා ඒ සියල්ලම වලංගුය. ඔවුහු දඬුවම් නොලබා බේරීමේ වරප‍්‍රසාදය ලද්දෝ වෙත්.
ඇමැති අස්වීම්, අස් කිරීම් ආදියෙන් හිතට නව හයියක් ගෙන හිටපු ජනපති තමා තවමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සභාපති බව කියයි. එළිපිට පක්ෂය විවේචනය කරයි. ශ‍්‍රී.ල.නි.ප. සභාපති ධුරය ඔහු ප‍්‍රසිද්ධියේම ජනාධිපති සිරිසේන වෙත පිරිනැමූ බවත්, එම සිදුවීම දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන්හි ද වාර්තා වූ බවත් ඔහු නොදන්නවා විය නොහැකිය. ඒ සියල්ල නැතත් හෘද සාක්ෂියක් ඇතොත් ඔහුට එය අමතක වන්නට බැරිය.
මෙම තීරු ලිපියෙන් අප පුන පුනා කියා සිටි පරිදි සභාපති ධුරය නව ජනාධිපති වෙත පිරිනමා සිය හිතවතුන් ද පක්ෂ නායකත්වයට රිංගවන ලද්දේ ජනාධිපතිවරයා පක්ෂය තුළම සිරකරුවකු කරන්නටය. දැන් සිදුවන දෙයින් පැහැදිලි වන්නේ අප කී දේ හරි බවය.
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දවල් මිගෙල් ? දනියෙල් මැති ඇමැතිලා
sathya Thursday, 07 September 2017 10:44 AM
මෙම ලිපිය කියවූ විටදී නියම බත් බැලයන් කවුද? ඇත්තටම කඩේ යන්නේ කවුද? මුදලට හා වාසි ලැබීමට ආත්ම ගරුත්වය පාවා දෙන්නේ කවුද? අපක්ෂපාතී ලෙස පෙනී සිටින්නට උත්සාහ කලද සිතේ ඇති පක්ෂපාතීකම මතුවනබව මහජනතාවට මැනවින් වටහා හත හැකිවේ.අපි නොදන්නා මෙම තීරු ලිපි.ලොල් .