නිවුන් දරු උපත් පිළිබඳව අප ඕනෑ තරම් අසා දැක ඇත්තෙමු. මව්වරුන් දන්නේද තමන්ගේ කුසේ ගර්භාෂයක් පිහිටා ඇති බවය. එහෙත් එක් මව් කුසක ගර්භාෂ දෙකක් පිහිටා එහි දරුවන් දෙදෙනකු එකවර වැඩෙනවායැයි කිවහොත් බොහෝ දෙනා මවිතවනු ඇත.
ලෝකයේ ඉතාම විරලව මෙවැනි දෑ සිදුවී ඇති බව වෛද්‍යවරු කියති.
එවැනි ගර්භාෂ දෙකක් පිහිටා දරුවන් දෙදෙනෙකු බිහිකළ මවක් පිළිබඳව පසුගියදා දඹුල්ල මූලික රෝහලෙන් වාර්තා විය. රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයටද මෙය අලූත්ම අත්දැකීමක් විය.
![]() |
මව සහ පියා |
මෙවැනි සිද්ධියක් පිළිබඳව ඇසූ දුටු පිරිස්ද එවැන්නක් සිදුවූයේ කෙසේ දැයි කාට එසේ උනේ දැයි සොයා බැලීමට උත්සාහ කරති. ඒ නිසාම අපි දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් ගේ අවසරය මත මෙම මව පියා සහ දරුවන් දෙදෙනා සොයා රෝහලට ගියෙමු.
අංක 05 වාට්ටුවේ ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ මෙම මව තම දරු දෙදෙනා සමගම වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද ස්තුති කරමින් නිවස බලා යන්නට සූදානමින් සිටියාහුය.
දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල පදිංචි එම්.ජී. දිලීකා පි‍්‍රයදර්ශනී (20) මහත්මිය තම කුළුඳුල් දරු ප‍්‍රසූතියේදී මෙම ලොව විරල දරු ප‍්‍රසූතිය සිදුකළාය.
ඇයගේ ආදරණීය සැමියා වූයේ සමන් කුමාර මහතායි. ඔහු කුලී වැඩක් කුඩා ගොවිතැනක් සිදුකැරගෙන ජීවත්වූ ගමේ තරුණයෙකි. සමන්ටද මෙම දරු උපත පිළිබඳව එතරම් දැනුමක් නොමැතිව සිටි අතර වෛද්‍යවරුන් ඔහු දැනුවත් කරන අයුරු අපි දුටුවෙමු.
දඹුල්ල රෝහලේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය මහතා මෙම දුර්ලභ තත්ත්වය පිළිබඳවත් මෙම මව දරුවා බිහි කරවාගත් ආකාරයත් අප සමග මෙසේ පැවැසීය.
‘‘මීට දින කීපයකට කලින් බොහොම විරල ගණයේ දරු ප‍්‍රසූතියක් අත් විඳින්්න පුළුවන් වුණා අපට දඹුල්ල රෝහලේදී. කාන්තාවකට සාමාන්‍යයෙන් ගර්භාෂයන් එකයි තියෙන්නේ. මේ අම්මට බොහොම විරලව පිහිටන ගර්භාෂා දෙකක් ඇති බව අපිට සොයා ගන්න පුළුවන් වුණා.
අනිත් විශේෂ කරුණ තමයි මෙවැනි ගර්භාෂ දෙකක් තිබුණම දරු ඵල අඩුවෙනවා. ඒත් මේ අම්මගේ වාසනාවකට දරු පැටවුන් දෙදෙනාම නිරෝගීව ජීවත් කැරවීමට හැකිවුණා. මේ දෙන්නම ගෑණු දරුවන් වීමත් විශේෂත්වයක්.
මේක ඉතාම විරලයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් විරල ගණයේ අවස්ථාවක්.
සාමාන්‍යයෙන් මෙවැනි මවක් හමුවුණාම මාස ගාන එන්නට කලින් දරු ප‍්‍රසූතිය සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ සංකූලතා ඇති වෙනවා. හැබැයි වාසනාවකට එවැනි දෙයක් වුණේ නෑ.
මාස ගණන සම්පූර්ණ වී තිබුණ නිසා අපි පරීක්ෂා කරලා බලනකොට ගර්භාෂයේ අසාමාන්‍යතාවයක් අපි දුටුවා. පස්සේ අපි තීරණය කළා සිසේරියන් සැත්කමකින් දරුවන් ලබාගන්න.
ඒ අනුව අපි සැත්කම සිදුකළා. සාමාන්‍ය සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී උදරය විවෘත කිරීමේදී ගර්භාෂය තියෙනවා. එය විවෘත කරලා දරුවා හෝ නිවුන් දරුවන් එළියට බිහි කරනවා.’’ නමුත් මේ අවස්ථාවේ උදරය විවෘත කළ ගමන් පැහැදිලිවම දැක්කා ගර්භාෂ දෙකක් පිහිටා තිබෙනවා. ඒ වගේම ගර්භාෂ දෙකේම දරුවන් දෙන්නෙක් සිටින බව හඳුනා ගත්තා. අපි ඒ අනුව ගොඩක් මහන්සි වෙලා දරුවන් දෙන්නා එළියට ගත්තා. අම්මත් දරුවනුත් ඉතා හොඳ සුවසේ හිටියා.
මේ අම්මාගේ වෙන වෙන අවයවවල වෙනස්වීම් සිදුවෙනවාද කියලත් අපි නිරන්තර අවධානයෙන් හිටියා. හැබැයි ඉතාම හොඳින් ඒ සියල්ල කි‍්‍රයාත්මක වුණා.
මෙම සැත්කම සිදුකළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා මෙසේ කීවේය.
![]() |
වෛද්‍ය කණ්ඩායම |
‘‘ඇත්තටම මෙවැනි සැත්කමක් මම මීට පෙර සිදුකරලා තිබුණේ නැහැ. මම බලාපොරොත්තු වුණෙත් නෑ මෙවැනි සැත්කමක් ගැන. සාමාන්‍ය සැත්කමක් කරන විදිහට තමයි සූදානම් වුණේ. පසුව තමයි උදර කුහරය විවෘත කරනකොට මේ අසාමාන්‍ය දේ දැක්කේ. පසුව අපි වෛද්‍යවරුන් කණ්ඩායමක් කාර්ය මණ්ඩලයත් වැඩි අවධානයක් යොමු කරලා මෙම සැත්කම කළා. ජීවිත තුනම ගොඩ දැම්මා. දැන් ඒ අය ඉතා නිරෝගීව ඉන්නවා. අපිත් සතුටුවුණා මෙවැනි දෙයක් සිදුකිරීම පිළිබඳව.’’ මෙම අසාමාන්‍ය මෙන්ම විරලවූ දෙයකට මුහුණ පෑ මව අප සමග මෙසේ පැවැසුවාය.
‘‘මම දැනගෙන හිටියේ නැහැ. එහෙම දෙයක්. වෛද්‍යවරු සායනවලදී පරීක්ෂා කරලා කිව්වා දරුවන් දෙදෙනෙක් ඉන්න බව. ඒ නිසා මමත් අවධානයෙන් හිටියේ. මම කලින් ඇවිල්ලා රෝහලේ නැවතුනා. ඇත්තටම දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු මේ දේ හඳුනාගෙන අපිව ජීවත් කරවලා. මට දරුවන් දෙන්නා ලබා දුන්නා.
අපි කුලී වැඩ කරලා ගොවිතැන් කරලා ජීවත්වන අය. කොහොම හරි කරලා මේ දුවලා දෙන්නා හදා ගන්නවා” දරුවන් දෙදෙනාගේ පියාවන සමන් කුමාර මහතාද කියා සිටියේ තමන් දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය නිසා අද සතුටු වන බවයි.
තමන් කුලියක් ගොවිතැනක් කරලා තම කුළුඳුල් දියණියන් දෙදෙනා හදා ගන්නා බවත් පැවසීය.
දඹුල්ල මූලික රෝහල් ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වන සෙල්ව තුෂාන්, ඉන්දික සේනාරත්න, ජේ.කේ. පී. බටගල්ල, ඉන්දික වෙදගෙදර මහත්වරු, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විහාරා දසනායක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරීත් ජයවර්ධන යන මහත්වරුන් මෙන්ම අංක 05 වාට්ටුවේ හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එක්ව මෙම විරල දරු ප‍්‍රසූතිය සිදු කරන්නට ඇයට උදව් කළහ.
මෙම අයට යම්කිසි උදව්වක් කරන්නේ නම් එම්. පී.ජී. සරත් කුමාර නො. 21, ගොවි ගම්මානය, කුඹුක්කඳන්වල, ලේනව, කිඹිස්ස, දඹුල්ල යන ලිපිනය ඔවුන්ගේය.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙවිවරු වැනි වෛද්‍යවරු ගර්භාෂ දෙකේ දරුවන් අරන් දුන් හැටි
සිංහ Tuesday, 01 October 2013 02:41 AM
සිංහල බොදු, ධනවත් හැම කෙනෙක්ම උදව් කරමු. මේ අපේ අහිංසක මිනිස්සු. ගිණුම් අංකය දෙන්න. (නි)
මාගලී Wednesday, 02 October 2013 08:07 PM
දෙවියන්ට වඩා මිහිපිට මනුස්සයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ ඒකේ ප්‍රතිපලයක්.අනික මෙතනට දෙවියෝ ගාවාගන්න එපා.අපි සේරම මනුස්සයෝ නිසා.දෙවියන් වැනි මිනිස්සු කියන්නේ කව්රු හරි දෙවියන් සමග ආශ්‍රය කරලා තියෙනවද? අනික දොස්තරවරු ඉන්නේ ඕවට තමා. තමන් ඉගෙන ගත්තේ ඕවට තමා. (නි)
අසෝක Saturday, 05 October 2013 12:20 AM
සිංහ, මමත් සිංහල බෞද්ධ තමයි, නමුත් කෙනෙකුට පිහිට වෙන්න ජාති කුල,මල, ආගම් අවශ්‍ය නැහැ, අපි හැමෝම මනුෂ්‍යයෝ කියලා හිතුවම වාද බේද නැහැ. අනික උදව්කරන්න වැඩියෙන්ම ඉදිරියට එන්නේ සාමාන්‍යය අය. ධනවත් පැලැන්තිය මේ ගොඩට එන්නේ කලාතුරකින්. (නි)
හිරා Wednesday, 02 October 2013 03:50 PM
මේ සිද්ධිය ක්‍රිස්තියානි පවුලක වුනා නම්, වෛද්‍යවරු දෙවිවරු වන්නේ ළමයි දෙන්නා හම්බ වෙනකන් විතරයි . හම්බ වුනාට පස්සේ ඔක්කොම කරලා තියෙන්නේ සර්වබලදාරි දෙවියන්. (ස)
ප්‍රදීප් Monday, 30 September 2013 01:08 PM
මේ විදිහට ලිපිනය දැම්මට මම විදේශ ගතවෙලා ඉන්න නිසා උපකාරයක් කිරීමට අපහසුයි. මමත් නිවුන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. මං දන්නවා දෙදෙනෙක් හදා ගැනීමට ඇති අපහසුව. කරුණාකර ගිණුම් අංකයක් පල කලොත් මම වගේම විදෙස් ගත, උපකාර කිරීමට කැමති අයට එය ප්‍රයෝජනවත් වේවි.. (ස)
අසෝක Sunday, 29 September 2013 02:33 PM
මඩ වතු රේ උනත් පුදින නෙලුම් මල සුවදින් අඩු නැතිව ඉහලට ගෙන ඔලුව, පිපෙනා හැටි අපූරුද ඒ මඩ නැතිව , මිනිසුන් අතර බෝසත් වරු සිටින බව ඔබලා නොවේද පහද දෙන්නේ ලොවට!(නදී)