IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දේශපාලකයන් ආචාරධර්ම ආදර්ශයෙන් පෙන්වන්න ඕනෑ

කොළඹින් නිල නිවාස ගත්  ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී ධූරය හොබවන කාලයේ හිමිවූ මන්ත්‍රී නිල නිවාස නැවත භාරදී නැති බවත්, ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස නැවත බාර දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීම්වලින් පසුව බවත් පසුගියදා වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය ඇමැතිවරු කැබිනට් ඇමැතිවරු බොහෝ වරප්‍රසාද භුක්ති විඳිති. නිල නිවාස, තීරුබදු රහිත යානවාහන, දුරකථන දීමනා, කාර්ය මණ්ඩල දීමනා, රැස්වීම් දීමනා ඉන්ධන දීමනා, නිදහස් තැපැල් පහසුකම්, මන්ත්‍රී විශ්‍රාම වැටුප්, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ආදිය ඔවුන් භුක්ති විඳින දීමනා සහ වරප්‍රසාදවලින් කීපයකි.

මෙතරම් දීමනා හා වරප්‍රසාද ගොන්නක් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට දෙන්නට පටන් ගත්තේ 1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතයට ගත් පසුවයි. 

එම ව්‍යවස්ථාව අනුව අසීමිත බලතල හා වරප්‍රසාද විධායක ජනාධිපතිවරයාට හිමි වූයේය. විධායක ජනාධිපතිවරයාට හිමි වූ එකී බලතල හා වරප්‍රසාද බාධාවකින් තොරව පවත්වාගෙන යන්නට මැති ඇමැතිවරුන්ටත් ඉහළ නිලධාරීන්ටත් එක් එක් තරමින් වරප්‍රසාද හා දීමනා පිරිනැමිය යුතු වූයේය.

විධායක ජනාධිපතිවරයාට 1978 ව්‍යවස්ථාවෙන් හිමි වූ බලතල හා වරප්‍රසාදවලට විරුද්ධව අනෙකුත් මැති ඇමැතිවරුන්ගෙන් මතුවිය හැකි මැසිවිලි හා පැමිණිලි හා උද්ඝෝෂණ ශූන්‍ය කර දමන්නට ඔවුනට ද එක් එක් තරමින් වරප්‍රසාද දීමනා හා පහසුකම් ආදිය පිරිනමන්නට සිදුවූයේය.

1978 ව්‍යවස්ථාවෙන් පෙරට වඩා එකී සැප පහසුකම් මැති ඇමැතිවරුන්ට ලබාදීමට එය හේතුවක් විය. එකී මැති ඇමැති වරප්‍රසාද අවභාවිතාවේ යෙදෙන අවස්ථා ද ඉන් පසු වරින් වර වාර්තා වූයේය. තීරු බදු රහිත වාහන විකිණීම ඉන් එකකි. ඇතැම් මැති ඇමැතිවරුන්  මේ වන විට විදුලි බිල්  නොගෙවා සිටීමේ වරප්‍රසාදය නීත්‍යානුකූල නොවන ලෙස භුක්ති විඳිමින් සිටින බව රහසක් නොවේ.

මන්ත්‍රී නිල නිවාස නැවත භාර නොදී නිල නිවාස දෙක බැගින් තමා භාරයේ තබා  ගැනීම අලු‍තෙන්ම වාර්තා වී ඇති නොහොබිනාකමයි.

මෙකී නොහොබිනාකම් සුදුසු නොවන්නේ ඒවායින් ඔවුන් ලබන ආර්ථික වාසිය නිසාම නොවේ. එසේ අනියම්ව ලබාගන්නා ආර්ථික වාසිය විගණන නිලධාරියකුට අවශ්‍ය නම් රුපියල් ගණනින් තක්සේරු කළ හැකිය.

ඉහත කී නොහොබිනාකම් රුපියල් ගණනින් තක්සේරු කළ ද ඒවා තුළ රුපියල් ගණනින් තක්සේරු  කළ නොහැකි අකටයුතු රාශියක් ඇත.

මහජන ඡන්දයෙන් තෝරා පත් වන මැති ඇමැතිවරුන්, මහජන මුදලින් දීමනා හා වරප්‍රසාද ලබන ඇතැම් මන්ත්‍රීවරුන් රටට රුපියල්වලින් කරන පාඩුවට වඩා කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරන ආචාර ධර්ම කඩ කිරීමක් ඒ තුළ දැක ගත හැකිය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක යම් මන්ත්‍රීවරයකු මේ ආකාරයට ආචාර ධර්ම කඩ කළේ නම් ජනමාධ්‍යවලින් ඔහුගේ සායම සෝදා දමන්නේ නැවත මහජනයා ඉදිරියට ඇඳිවත පිටින් එන්නට ලැජ්ජා සිතෙන තරමට ය.

මහජනයා අතිශය  අසීරුවෙන් ගෙවල් කුලී ගෙවා ගෙන, විදුලි බිල වැඩි කිරීමට තීරණය කරන  වාරයක් පාසා විදුලි බිල් ගෙවාගෙන, උද්ධමනයෙන් තැලී පොඩිවී මිරිකී යම්තමින් හුස්ම ගෙන නොමැරී හිතේ ධෛර්යයෙන් ඉන්නට වෙර දරන කාලයක  කිනම් හෝ  වරප්‍රසාදයක් මැති ඇමැතිවරුන් නොහොබිනා ලෙස භුක්ති විඳී නම්, එය කිසිසේත් සදාචාරයට ගැළපෙන්නේ නැත. මන්ත්‍රීවරුන්ට සැලසෙන සැප පහසුකම් කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ විධායක බලතල අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු වූ නිසා මහජනයා යම් තරමකට තමන් විදින අසීරුතා ඉවසා සිටින සෙයක් පෙනේ.

1977ට පෙර  මෙරට මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ඉතාමත් ඕනෑකමින් ආචාර ධර්ම අනුගමනය කළ බව අතීත තතු විමසීමේදී පෙනේ. අමාත්‍යවරුන් තමන්ගේ ඥාතින් නිසි පරිදි නීත්‍යානුකූල පිළිවෙළට අධ්‍යාපන  සුදුසුකම් ද ලබා තමාගේ අමාත්‍යාංශයේ සේවයට තෝරා ගත් අවස්ථාවල අමාත්‍යවරයා මැදිහත් වී එම තෝරා ගැනීම අවලංගු කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. එසේ කරන ලද්දේ ආචාර ධර්ම සලකාය. 

ඇතැම් ඇමැතිවරු ඥාතීන්ට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමෙන් වැළකී සිටියහ. ඔවුන් එසේ කරන්නේ ආචාරධර්මවලට අනුගතවීම අවශ්‍ය බැවිනි. ආචාර ධර්ම  ගිලිහී ගොස් දැන් අවුරුදු 45 කට ආසන්නවේ. දැන් විවෘතවම ආචාර ධර්ම කඩ කරන අවස්ථා නිතර වාර්තා වේ.

(***)



අදහස් (0)

දේශපාලකයන් ආචාරධර්ම ආදර්ශයෙන් පෙන්වන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 314 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 935 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1424 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 219 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site