IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දේශපාලනයෙන් කැතවුණු ලස්සනම මුහුදු වෙරළ

13-Page-22-M-01    

 

ඈත අතීතයේ පටන් මෙරට සුන්දරම වෙරළ තීරය ලෙස ප්‍රකටව තිබුණු මීගමුව ‘මීපුර’ වෙරළ තීරය දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ අපිරිසිදුම මෙන්ම දුර්ගන්ධම වෙරළ බවට පත්ව තිබේ.


පසුගිය රජය සමයේදී එම රජයේ දේශපාලනඥයින්ගේ බඩගෝස්තරය වෙනුවෙන් බිල්ලට දුන් මීගමුව වෙරළ තීරය යහපාලන රජය සමයේදීත් එය එසේම පවත්වාගෙන යාම ජනතාවගේ පුදුමයටත්, කනගාටුවටත් හේතුවී තිබේ.


ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ පාරාදීසයක් වන්නට මෙම සුන්දර වෙරළ තීරය වඩාත්ම බලපෑ කාරණයක් වූ අතර මීගමුව ද සංචාරක කලාපයක් බවට පත්වූයේද මීගමුව වෙරළ කේන්ද්‍ර කර ගනිමිනි. එහෙත් මීගමුවට අරක්ගත් දේශපාලනඥ පවුලක් නිසා මීගමු වෙරළ විනාශ කිරීමේ ව්‍යාපෘතිය ඇරඹිණි.


රටේ සතර දිග්භාගයේම ජනතාව මීගමුවට පැමිණියේ නම් ඒ සුන්දර වෙරළ තීරය දැකගන්නටය. පාසල් සිසුන් විනෝද චාරිකා පැමිණියේද වෙරළ තීරය පාගමින් සතුටුවෙන්නටය. එපමණක් නොව 1948 දී බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ග්ලෝස්ටර් ආදිපාදවරයාත්, 1954 දී බි්‍රතාන්‍ය මහ රැජිණත් විවිධ රටවල රාජ්‍ය නායකයින් හා රජවරු හා රාජ කුමාරවරු ශ්‍රී ලංකාවට පැමිණියේද සුන්දර මීගමුව වෙරළ තීරයට ඇති ආකර්ෂණය නිසාය. එසේම නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වන ඩී.එස්. සේනානායක මහතාගේ සිට රටේ අගමැතිවරු, ජනාධිපතිවරුන් හා අමාත්‍යවරුන්ගේද දැඩි ආකර්ෂණය දිනාගන්නට මීගමුව වෙරළ තීරය සමත්වූ බව කියන්නට ඕනෑතරම් උදාහරණ තිබේ. එහෙත් අදවනවිට මීගමුව වෙරළ තීරයට අත්ව ඇති ඉරණම කුමක්ද?


මීගමුවේ එකතුවන මාළු අපද්‍රව්‍ය තොග වශයෙන් බැහැර කරනු ලබන්නේ මීගමු වෙරළටය. කරවල තොග පිටින් වේළන්නට යොදාගනු ලබන්නේ මීගමුව වෙරළ තීරයයි. එසේම පවුල් සියයකට ආසන්න පිරිසක් තාවකාලික ලෙස පදිංචි කර ඇත්තේත් මීගමුව වෙරළ තීරයේය. ඒ ප්‍රදේශයේ දේශපාලනඥයකු විසිනි.

 

13-Page-22-M-02

 


මේ බරපතළ පරිසර හානිය නිසා අපිරිසිදුව ඇත්තේ වෙරළ තීරය පමණක් නොවේ. මීගමුව අධිකරණ සංකීර්ණය, නිව්ස්ටඞ් බාලිකා විදුහල, ඓතිහාසික මීගමුව තානායමද මෙම පාරිසරික හානියෙන් දැඩි තර්ජනයට ලක්ව තිබේ. විශේෂයෙන්ම නිව්ස්ටඞ් බාලිකා විදුහලේ සිසුන් අධ්‍යාපනය ලබන්නේ මේ අධික දුර්ගන්ධය මධ්‍යයේය. විදුහලට උසාවියට, තානායමට මෙන්ම අවට පිහිටි නිවෙස්වලටද සතුන් විසින් මාළු අපද්‍රව්‍ය රැගෙනගොස් දැමීම මගින් මේ තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ.


මේ හේතුව නිසා කිසිදු සංචාරකයෙකු වෙරළට නොපැමිණෙන අතර වැරදීමකින් හෝ එහි පැමිණි සංචාරකයෙකුට සිදුවන්නේ නාසය වසාගෙන එම ස්ථානයෙන් හැරෙන තැපෑලෙන්ම ඉවත්වීමටයි.


සංචාරකයින් නොමිලයේම නැරඹූ මීගමුව වෙරළ තීරය හිතාමතාම අපිරිසිදුකොට එහි කරවල වේලන ස්ථානයක් බවට පත්කර ජනතාව එහි පැමිණීම වළකාලූ දේශපාලකයින් විසින්ම ඉන් තරමක් දුරින් මුහුදු වෙරළක් නිර්මාණය කර තිබේ. රජයේ වියදමින් සංවර්ධනය කළ මෙම මුහුදු තීරයට ඇතුළුවීමට සාමාන්‍ය ජනතාවගෙන් මෙන්ම වාහනවලින්ද අධික මුදලක් අයකරන අතර එහි ලාභය බැරවන්නේ ඉහත කී දේශපාලන පවුලේ සාමාජිකයෙකුටය.

 

13-Page-22-M-03

 


එම නිසා මීගමුව වෙරළ තීරය හිතාමතාම අපිරිසිදු කිරීමේ වුවමනාව තිබී ඇත්තේ කාටදැයි සොයා ගැනීම ඉතාම පහසුය. සියවස් ගණනාවක් තිස්සේ රටේ ආකර්ෂණීයම මුහුදු වෙරළ වූ මීගමුව වෙරළ තීරය අපිරිසිදුකොට තිබීමේ දේශපාලන වුවමනාව එතෙක් මෙතෙක් බිහිවූ කිසිදු රජයක අවධානය යොමු නොවීමද කණගාටුවට කරුණකි.


මාළු වෙළෙඳසැල පිහිටුවා ඇත්තේද මෙම වෙරළ තීරය මතය. එය සිදුකර ඇත්තේද ඉතා අවිධිමත් ලෙසය. මාළු වෙළඳසැල සඳහා රුපියල් කෝටි ගණනක් වැයකර මීගමු නගර මධ්‍යයේ ස්ථානයක් මීට වසර ගණනාවකට පෙර ඉදිකර ඇතත් එය අදටත් පවතින්නේ හිස් ගොඩනැගිල්ලක් වශයෙනි. මීගමු නගරයේ එකතුවන කැළිකසළ ගෝනිවලට පුරවා එම ගොඩනැගිල්ලේ ගොඩගසා තිබෙන අයුරු එහිගිය අපට දක්නට ලැබිණි. මීගමුව වෙරළ තීරය අපිරිසිදු කරන බවට පසුගිය කාලයේදී චෝදනා කළ යහපාලන රජයේ දේශපාලනඥයෝද මෙම සිදුවීම් පිළිබඳව දැන් දැන් මුණිවත රකිති.


වෙරළ තීරයේ පිහිටි මාළු වෙළඳසැලට පැමිණෙන වාහනවලින් මුදල් අයකරගනු ලබන්නේද පිටස්තර පිරිසකි. ඒ ආදායමද යනු ලබන්නේ දේශපාලන පවුලේ ගිණුමටය. නගර සභාව විසින් වාහන නවතන ස්ථාන මහජන මුදල් වැයකර සකස්කරදී තිබුණ ද එම ආදායම ලබාගැනීමට මහනගර සභාව අසමත්ව තිබේ. මාළු වෙළෙඳපොළට පැමිණෙන වාහනවලින් මුදල් අයකරන කිහිපදෙනෙකු එහි ගැවසෙමින් මුදල් අයකරන අයුරු අපට දක්නට ලැබිණි.


වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුව වෙරළ තීරයේ සිට ඉදිකිරීම් කළයුතු දුරසීමාව මෙහිදී අමුඅමුවේ උල්ලංඝනය කර ඇතත් මීගමුව මුහුදු වෙරළට පැමිණිවිට අපට සිතෙන ප්‍රධානම කරුණ වන්නේ අපේ රටේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් තිබේද යන්නය. ඒ තරමටම මීගමුවේදී වෙරළ ආශ්‍රිතව නීතිරීති උල්ලංඝනය කර තිබේ.


මීගමුව වෙරළ තීරයට අත්ව ඇති ඉරණම පිළිබඳව මීට වසර කීපයකට පෙරද අප ඉරිදා ලංකාදීපය මගින් හෙළිකළ අතර ඊට පසුදිනම ක්‍රියාත්මකවූ කටුනායක යුද හමුදා කඳවුරේ සෙබළුන් මහත් වෑයමක් දරා මීගමුව වෙරළ පවිත්‍ර කර දැමූහ. පසුව වෙරළ තීරය කරවල වේලීමට මෙන්ම මාළු අපද්‍රව්‍ය බැහැර කිරීමට ද තහනම් කලාපයක් බවට පත්විය.

 

13-Page-22-M-04

 


එහෙත් රටේ නීතියට වඩා දේශපාලනඥයින්ගේ නීතිය බලවත් බව පෙන්නුම් කරමින් එම තත්ත්වය මාසයක කාලයක්වත් ක්‍රියාත්මක නොවීය. යළිත් මීගමුව වෙරළ තීරය රටේ දුර්ගන්ධම වෙරළ බවට පත්විය.


දේශපාලන මැදිහත්කම නිසා මීගමුව සුන්දර වෙරළ තීරය යළි කිසිදිනක ජනතාව වෙනුවෙන් විවෘත නොවන බව සහතිකය. දේශපාලනඥයින් විසින් එය ඉතා සාහසිකලෙස ලියා තබා තිබේ.


එහෙත් ජනතාවට තවත් එක් අපේක්ෂාවක් ඉතිරිව තිබේ. රටේ පරිසර අමාත්‍යවරයා ලෙස සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා වීමයි. රට පාලනයේදී ජනාධිපතිවරයාගේ මුල්ම කාර්යයක් ලෙස පරිසර ආරක්ෂාව ඉදිරියට ගෙන තිබීම ජනතාවට ඇති අස්වැසිල්ලකි. මීගමුවට පැමිණි අවස්ථාවක හෝ මීගමුව සුන්දර වෙරළ තීරයට අත්ව ඇති ඉරණම දැකගන්නට අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. කරවල වේළන්නට හා මාළු අපද්‍රව්‍ය බැහැර කරන්නටත්, මාළු වෙළඳසැල පවත්වාගෙන යන්නටත් මීගමුවේ ඕනෑ තරම් ස්ථාන තිබියදී රටේ සුන්දරම වෙරළ තීරය ඒ සඳහා යොදාගැනීම කෙතරම් සාධාරණදැයි අපි යළි යළිත් ප්‍රශ්න කරමු.


කරවල වේළන්නන්ගේ මෙන්ම ධීවර කර්මාන්තයේ යෙදී සිටින පවුල්වලටත් අසාධාරණයක් නොවන ලෙස මීගමුව වෙරළ තීරයට සාධාරණයක් ඉටුකරන්නැයි අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

m



අදහස් (7)

දේශපාලනයෙන් කැතවුණු ලස්සනම මුහුදු වෙරළ

කුමාර Monday, 15 August 2016 04:40 PM

පසුගිය රජය සමයේදී එම රජයේ දේශපාලනඥයින්ගේ බඩගෝස්තරය වෙනුවෙන් බිල්ලට දුන් මීගමුව වෙරළ තීරය යහපාලන රජය සමයේදීත් එය එසේම පවත්වාගෙන යාම ජනතාවගේ පුදුමයටත්, කනගාටුවටත් හේතුවී තිබේ.(හේ)

:       0       0

ටෙෂාන් Monday, 15 August 2016 09:22 AM

මම මීගමුවේ ඉන්නේ. මම කාලයකට කලින් මගේ පෙම්වතිය සමඟ ඔය වෙරළට ගියා, හවස්වෙලා. එතකොට හිටියේ රස්තියාදුකාරයෝ වගයක්. ප්‍රසිද්ධියේ මත්පැන් බොනවා. මේ නිසා අපි පොඩි වෙලාවක්වත් හිටියේ නැහැ. ලැජ්ජයි තමයි. එ්ත් ඇත්ත මේකයි (නි)

:       0       0

නිලුපුල් Tuesday, 16 August 2016 09:09 AM

පසුගිය රජය සමයේදී එම රජයේ දේශපාලනඥයින්ගේ බඩගෝස්තරය වෙනුවෙන් බිල්ලට දුන් මීගමුව වෙරළ තීරය යහපාලන රජය සමයේදීත් එය එසේම පවත්වාගෙන යාම ජනතාවගේ පුදුමයටත්, කනගාටුවටත් හේතුවී තිබේ (බ)

:       0       0

නිරේෂ් Wednesday, 17 August 2016 05:09 AM

කරුණාකර මේ වගේ වැදගත් ලිපියකින් පෙන්වන වැදගත් ස්ථාන රජයේ මැදිහත්වීමෙන් පිරිසිදුකර මහජනතාවට සහ විදේශිකයන්ට උචිත පරිදි පවත්වාගෙන යනවා නම් රටටත් ගෞරවයක් කියලා හිතෙනවා. (නි)

:       0       0

වසන්ත Friday, 19 August 2016 08:11 AM

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොහෙවත් වෙරල ආරක්ෂා කරන්නේ නෑ පගාකාරයෝ පන්නල දාන්න ඕනෑ (බ)

:       0       0

රජින්ද Wednesday, 17 August 2016 11:11 AM

රටට ආදරය කරන පුර්ණකාලීනව දේශපාලනයෙන් ඉවත් වුණ පුළුල් ජනතා සංවිධානයක් දැන් අපේ රටට අවශ්‍යයි. එවැනි සංවිධානයකට දේශපාලනය කරන අයව නිවැරදි කළ හැකියි. (ම)

:       0       0

මාකස් ප්‍රියන්ත පෙරේරා Wednesday, 30 May 2018 01:07 PM

අපි මේ ගැන නිතර කථාකරනවා. එහෙත් ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් මේ ගැන නිහඬයි. බොරු කර කර ඉන්නවා මිසක් කලයුතු දේ කරන්නේ නැහැ. නහය වහගෙන උසාවි යන නීතිඥයෝවත්, අවට තියෙන පාසැල් විතරක් නෙමේ අධ්‍යාපන කන්තෝරුවවත් ගැන නඩුවක් දාන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ලංකාවේ මධ්‍යවල විතරක් CNN වගේ ජත්‍යන්තර මාධ්‍යවලත් මීගමුවේ මේ ප්‍රශ්නය කථා කරනවා. එහෙත් ලංකාවේ සංචාරක අමාත්‍යාංශයවත්, රජයවත්, මීගමුවේ නගර සභාවවත් , පරිසර නීතිය ගැන උන්නදු නීතිඥයෝවත්, මීගමුවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානවත්, කතෝලික පල්ලියවත් මේ ගැන කිසිවක් කරන්නේ නැහැ. ඇයි ඒ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 397 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 75 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 961 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 120 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 165 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 422 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 352 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site