මා මේ කියන කතා තුනම ප‍්‍රජාතාන්ත‍්‍රවාදය සහ සමාජවාදය යන දෙකම ඒ පැත්තට මේ පැත්තට දමමින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා හැදූ සහ දැනුත් හදමින් සිටින වසර හැත්තෑවකට ආසන්න ‘නිදහස් ශ‍්‍රී ලංකාවේ’ මේ මෑත එනම් මේ අවුරුද්දේ සිදුවූ ඒවාය. ඒ කිසිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මෙවැනි සිදුවීම් වලක්වා ගැනීම සඳහා සමත්කමක්, වෑයමක් තබා උනන්දුවක්වත් පෙන්නුම් කළේ නැත. මා දක්වන සිදුවීම් වනාහි හුදකලා සිදුවීම් ය යනුවෙන් නම් කොට තම වගකීම්වලින් ගැලවෙන්නට උත්සාහ දරණ කපටින්ට නොව ජන සමාජය ගැන මානුෂීය හැඟීම් තිබෙන අයට මේ සිදුවීම් තම රටේ සැබෑ පොදු ජන දුක වටහා ගැනීමට හේතුවන සිදුවීම්ය. මෙවැනි කතා ලක්ෂ ගණනින් ඇති මේ රටේ මතු සදහන් කරන සිදුවීම් නිදසුන් කීපයක් පමණි. මේ කතා තුන මා යොදා ගන්නේ පොදු ජනයාගේ දුක නොතකා මෙරට පාලකයන් තම සුඛ විහරණය සඳහා පමණක්ම කටයුතු කරනවාය යන්න කීමට නොවේ. ඒ වෙනුවට මා කරන්නේ නිදහසින් පසු මෙරට දේශපාලනයේ ක‍්‍රමානුකුලව වර්ධනය වූ පාලක කේන්ද්‍රීය හැසිරීම නැතහොත් පාලකයින්ගේ ‘අපි අපිට පමණයි’ හැසිරීම තේරුම් ගැනීම සඳහා පොදුජන මනස යොමු කරවා ගැනීමට උත්සාහ කිරීමය. ඉතින් දැන් බොහෝවිට අප කවුරුත් දන්නා මේ සිදුවීම් තුන සිහියට ගනිමු.
දරුවන්ට ඔහු ආදරණීය පියෙකි. බිරිඳට ආදරණීය සහකරුවෙකි. ගමේ අයට ඔහු කුලියට ගස් කපන්නෙකි. ඔහු සතු මැෂින් කියත කුලී වැඩවලින් ම එකතු කරගත් මුදලින් මිලට ගත් එකකි. දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ සා පිපාසාව යන්තමින් හෝ පිරිමසා ගැනීමට කරන උපකාරය නිසා මේ මැෂින් කියත කෙරෙහි ඔහුට තිබුණේ ගෞරවනීය හැඟීමකි. එක අතකට මේ මැෂින් කියත ඔවුන්ගේ දුක සැප බලන නෑයෙකුට සහ මිතුරෙකුට සමානය. එක වැඩ නැති දවසක හවසක, කල්පනා කරමින් අහස දෙස බලා හුන් සිය පියා ළඟට දුවගෙන ගොස් ඔහුගේ බෙල්ලේ එල්ලූනු බාලම දියණිය කීවේ ‘අප්පච්චී හෙට මගේ උපන් දිනේ, මට මොනවද අප්පච්චී දෙන්නේ?’ යන්නය. ‘මොනවද මයෙ දුවට ඕනි?’ යැයි පෙරළා ඇසූ විට දියණියගේ පිළිතුර වුණේ ‘මට ඕනි බිස්කට් පැකට් එකක්’ යන්නය. ඊට එකඟතාව පලකළ මේ පියා ළඟ සතපහක්වත් තිබුණේ නැත. හෙට උදේට තම හය හතර නොතේරෙන දරුවාගේ හිත නොරිද්දා බිස්කට පැකට් එකක් අරන් දෙන්නේ කෙසේද? කොතරම් කල්පනා කළත් උත්තරයක් සිතට නොආවේය. අවසානයේදී හුන් තැනින් නැගිට්ටේ යමක් සිතට ආ නිසාය. තම පවුලේ බඩවියත විටින් විට වත් රැකදුන් මැෂින් කියත කර තබාගත් ඔහු ගෙදරින් පිට විය. ඒ වනවිට තරමක් ඇඳිරි වැටී තිබුණි. ‘කියතක් ගන්නවාද? කියතක් ගන්නවාද?’ පියාගේ හඬින් මුළු ගමම දෝංකාර දුන්නද ඒ ? කිසිදු අයෙකුට කියතක් මිලදී ගැනීමට නම් වුවමනා වුණේ නැත. ඔහුගේ අසරණකම තමා කෙරෙහිම වූ මහා කේන්තියක් බවට පරිවර්තනය විය. ගත වුණේ මොහොතකි. දියණියගේ අහිංසක දුප්පත්ම ඉල්ලීමක්වත් ඉටු කරන්නට බැරි පියෙකු ජීවත් වීමට තරම් නොවටින්නෙකුය යන ක්ෂණික හැ`ගීම ආ නිසාදෝ ක්ෂණයකින් පණ ගැන්වූ මැෂින් කියත තම ගෙලට ළං කර ගත්තේ රාත‍්‍රී අන්ධකාරය තම ජීවිතයේත් තමා මතම රැඳුනු දියණියන් තිදෙනෙකු සහිත පවුලේත් සදාකාලික ඝනාන්ධකාරයක් බවට පත් කරමිනි.
දෙවැනි සහ තෙවැනි සිදුවීම් දෙක ඒ තරම් පරණ නැත. දරිද්‍රතාවයේ පතුලට ගිලීගිය පවුලක දරුවන් තිදෙනෙකු සමඟ පියා ගෙල වැළලාගෙන මිය යන්නේ පසු ගිය දවසකය. එක හා සමාන දරිද්‍රතාවයකින් පෙළුණත් ‘අනේ උඹලට එපානම් ඔය දරුවා අපිට දීපල්ලා. අපි හදා ගන්නම්, ඔය දරුවට වද දෙන්න එපා’ කියමින් මැදිවියේ දිළිඳු ගැමියෙකු හඬා වැටෙද්දී අවුරුදු විස්සක් වයසැති බාප්පා විසින් ඇදගෙන ගොස් අම්මා ඉදිරිපිට කටු මැටි බිත්තියේ ඔළුව ගසා මැරූ අවුරුදු හතරේ හය හතර නොදත් දරුවාගේ කතාවේ උණුසුම හා කම්පනය තවමත් මා වැනි වුන් සතුය.
ආසන්න හේතු කුමක් වුවත් ඒ සියලූ හේතුවල මහා හේතුව නම් අන්ත දරිද්‍රතාවය ය. න්‍යායිකව මෙහෙම තත්ත්වයක් යනු ව්‍යුහාත්මක ප‍්‍රචණ්ඩත්වය ය යනුවෙන් 1983 සිට ලියන කියන හම්බුකරන බොහෝ මහාචාර්යවරුන් සහ වරියන් මෙන්ම එන්ජී ඕ කර්මාන්තයේ නියුතු ගැටුම් නිරාකරණ වෘත්තිකයින් මෙවැනි දෑ සම්බන්ධයෙන් නිහඬය. පාලකයින් ගේ වාග් උච්ඡාරණවල හඬ අනුව නම් මෙවැනි දරිද්‍රතාවයක් මේ රටේ තිබිය නොහැකිය. දරිද්‍රතාවයේ පතුලට ගිලූණු පවුල්, වේලක් පිරිමසා ගත නොහැකිව දරුවන් සමඟ ගඟට මුහුදට පනින අම්මලා, දරුවන්ගේ පොත්පත් අරන් දීමට නොහැකිව හූල්ලන පවුල්, ඉන්න හිටින්න තමන්ගේ කියා තැනක් නැති අසරණයින්, ලෙඩකට බෙහෙත් හේත් ගැනීමට නොහැකිව ළතවෙන රෝගීන්, පිළිසරණක් සාධාරණ වන්දියක් නැති ආපදා වින්දිතයින්, බස් නැතිව මහමඟ ලගින මගීන් යනාදී මේ කිසිවකට අවුරුදු හැත්තෑවක් තිස්සේ උත්තර නැත. ඒක එහෙම නම් අවුරුදු හැත්තෑවක මහලොකු පාර්ලිමේන්තු, රාජ්‍ය සභා, ආයෙත් පාර්ලිමේන්තු, ජනාධිපති, පළාත් සභා සහ ප‍්‍රාදේශීය ආණ්ඩු දේශපාලනයේ අස්වැන්න මොකද්ද?
ඒ අස්වැන්න වනාහි පොදුජනයා දුක් විඳිද්දී මැති ඇමතිවරු සීරුවෙන් සැප විඳීමය. තම තමන්ගේ සුඛ විහරණය සඳහා පාලකයින් ට රිසි ලෙස රටේ සම්පත් අව භාවිතාවේ යෙද වීමය. ඔවුනොවුන්ගේ සතුට සඳහා ‘අපි අපට පමණයි’ දේශපාලනයේ නිරත වීමය. ‘අපි අපම හැර මේ සැප වෙන කිසිවෙකු නොවිඳිය යුතුය’ යන තිර අදිටනින්පොදු ජනයා තුට්ටුවකටවත් මායිම් නො කිරීමය. සියතින් ගෙල සිඳ ගන්න, කටුමැටි බිත්තිවල ගසා දරුවන් මරා දමන, දරුවන් සමඟ එල්ලී මැරෙන, ගඟ ට මුහුද ට පනින, ගෙදරදී පමණක් නොව මහ මගදී පවා හුල්ලමින් අසරණව ළතැවෙන, දුම්රියට ගෙල තබන, මගී පාලම්වලින් පාරට පනින අසහනකාරී ව්‍යසනකාරී මානසිකත්වයකට පොදු ජනයා ඇද දැමීමය. මෙරට දේශපාලනයේ නියුතු අති බහුතරයක් පාලකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මහා සමෘද්ධියත් තම ප‍්‍රදේශවල පොදු ජනයාගේ අන්ත දුක්ඛිත තත්ත්වයත් සසඳා බලනවිට පෙනෙන්නේ, දේශපාලනය යනු‘පොඩි හොරු එල්ලා මරා ලොකු හොරු රාජ්‍යත්වයට පත් කිරීමය’ යන ඊසොප් ^Aesop& ගේ උපහාස කතාව අදට තදින්ම ගැලපෙන බවය.
මෙරට පාලකයන්, පාලකයන් නොවී සැබෑ ලෙසම පොදු ජන නියෝජිතයින් නම් ඔවුන්ට ජන දුක දැනෙනු ඇත. ඒ දුක නිවීමට කටයුතු කරනු ඇත. එවැනි නියෝජිතයෙකුට අර පොදු ජනයාට අයිති රුපියල් ලක්ෂ හාරසිය තිහක් නැතහොත් හාරකෝටි තිස් ලක්ෂයක් වියදම් කොට ගුවන් යානා වැනි වාහන ගැනීමට හිත දෙන්නේ නැත. පසු ගමන් රථයක් වෙනුවෙන් ලක්ෂ අනුවක් වැය කරන්නට හිතෙන්නේ නැත.
රටේ කාන්තාවන් සහ ළමයින් බහුතරයකගේ ජීවිත නන්නත්තාර වී තියෙද්දී කුසගින්නේ පෙළෙන දරුවන් බිත්තියේ ගසා මරා දමද්දී ලිංගික දුෂණ සහ අපචාරවලට ලක්වෙද්දී කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනියගේ නිල නිවස අලූත් වැඩියා කිරීමට එක් කෝටි හතලිස් අට ලක්ෂ අනූ දහසක් වෙන් නොකරනු ඇත. පළාත් සභා සහ ප‍්‍රාදේශීය ආණ්ඩු (පළාත් පාලන ආයතන) විකාරයක් වී ඇති රටක ඊට අදාළ ඇමතිවරයාගේ නිල නිවස අලූත්වැඩියාව සඳහා එක් කෝටි තිස් ලක්ෂයක් වෙන් නොකරනු ඇත. ප‍්‍රාදේශීය සංවර්ධනය ඇනහිට ප‍්‍රාදේශීය සම්පත් කොල්ලය තීව්ර වී ඇති රටක ඇමතිවරයාගේ නිල නිවස අලූත් වැඩියාව සඳහා දෙකෝටි දහඅට ලක්ෂ විසි පන්දහසක් වෙන් නොකරනු ඇත. අනිත් අතට අලූත් වැඩියාවට මෙපමණ අධික මුදලක් වැය වේ නම් මේ අයට අලූතින් නිවසක් හැදීම සඳහා වැය විය හැකි ගණන මා වැන්නෙකුට නම් හිතා ගන්නට වත් නොහැක. කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්තා යැයි කියන තවමත් නොගිය ගොඩනැගිල්ලට ගෙවන කුලියත් ඊට ගෘහ භාණ්ඩ ලබා ගැනීමට වෙන්කළ මුදල් කන්දරාව සහ වියළි කලාපයේ මහ ජනපදවලත් රටේ බොහෝ පැතිවල සුළු ජනපදවලත් අපේ ගොවියන් විඳින නිරා දුක් කන්දරාව අතර ඇති පරතරය පාලකයින්ට නොතේරෙන එකට හේතුව පොදු ජනතාවගේ කරුමය ම ද?
ඒ උදාහරණ කීපයක් පමණි. වසර හැත්තෑවක් තිස්සේ මේ ආකාර මුදල්, සම්පත් සහ මහපොළොව අවභාවිතා කිරීම් කොතරම් නම් සිදුවී ඇත් ද? මෙලෙස හිතූ හිතූ ආකාරයට පොදු ජන මුදල් සහ සම්පත් මැති ඇමැතින්ගේ සුඛෝපභෝගී පැවැත්ම සඳහා වෙන් කරන, අනුමත කරන පාර්ලිමේන්තුවක් තව දුරටත් ජනයා ගේ පාර්ලිමේන්තුවක් ද? එවැනි දෑ සඳහා අනුමැතිය දෙන්නන් මහජන නියෝජිතයින්ද? නො එසේ නම් ‘අපි අපට පමණයි’ නම් වූ බඩගෝස්තරවාදී පාලක කේන්ද්‍රීය දේශපාලනය කරන තිප්පොළක් සහ සහචරයින් පිරිසක් පමණක් ද?
පොදු ජන සමාජයට මෙහෙව් විපත්තිදායක අනාචාර රටක් උරුම කරන පාලකයන්, එම ක‍්‍රියාවලියේ වසර හැත්තෑවක් තිස්සේ නිරතව සිටින පාලකයන් ජප කරන මන්තරය වන්නේ, ‘අප වැඩකරන්නේ ජනවරමට අනුවය, ජනතා සුබසෙත සඳහාය, මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනාවලට ඇහුම්කන් දෙමින්ය’ යන්නය. දැන් සිදුවන්නේද ඒ ජප කිරීමය. කියූ වෙනසක් ද නැත. යහ පාලනයකුත් නැත. ඇත්තේ යහමින් හම්බු කර ගැනීමය. පොදුජන දේපොළ පැහැර ගැනීම සහ අවභාවිතාවේ යෙදීමය. ඒ ගමන්ම රටේ රාජ්‍යත්වය විනාශ කිරීමට සහ විනාශවීමට ඉඩ කඩ සැලසීම ය.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ ජනවරමට අනුව නම් 2015 ජනවාරියේදී 43 නේ සුළුතර ආණ්ඩුවක් හැදුවේ කුමන ජන වරමට අනුවද? අගෝස්තු මැතිවරණයේ දී සම්බන්දන් විපක්ෂ නායක වුණේ කුමන ජන වරමකට අනුවද? ඒ අගෝස්තුවේ මහජනයා විසින් ප‍්‍රතික්ෂේප කළ අයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූර ලබා දුන්නේ කුමන ජන වරමකට අනුවද? කඳු නාය යෑමෙන්, ගංවතුරින්, අවි ගබඩා පිපිරීමෙන්, කුණු කඳු නාය යෑමෙන්, වියළි කලාපයේ මහා නියඟින්, වකුගඩු රෝගයෙන් සහ ඩෙංගු වසංගතයෙන් මෙන්ම වෙළඳපොල පීඩනයෙන්, දිළිඳුකමින් සහ සා ගින්නෙන් පෙළෙන වැලපෙන ලක්ෂ ගණනින් වූ ජනකායක් මඟහැර වෙළෙන්දන් වෙනුවෙන් පාලකයින් ‘අපි අපිට පමණයි’ දේශපාලනය කරන්නේ කුමන ජන වරමක ට අනුවද?
මේ සියල්ල පසුපස ඇති අනාචාරී දේශපාලනය මේ රටේ ජනයා නිසි ලෙස තේරුම් ගෙන පාලකයින්ගේ ‘අපි අපට පමණයි’ දේශපාලනයට එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග ගන්නා තෙක් පොදු මහජනතාව ට නම් නිවනක් නැත.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලනය ‘අපි අපට පමණයි’
de silva berlin Friday, 14 July 2017 07:02 PM
මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත තමයි.
jaya Saturday, 15 July 2017 08:12 AM
සුපුරුදු පරිදි වටිනා ලිපි වලට ප්‍රතිචාර නැත.
gamini sarath Saturday, 15 July 2017 09:42 AM
අපි ඉන්නේ එක එක පක්ෂවල වලවල්වලට බැහැලා. අපි වල පතුලේ තමයි ඉන්නේ. අපේ නායකයෝ උඩ. ශ්‍රී ලංකා වලේ ඉන්න අය ඒ අයගේ ලොක්කෝ කියන එක විතරතමයි පිළිගන්නේ. අනෙක් පක්ෂවල අයත් ඒ වගේම තමයි. මේ වලවල් වලින් ගොඩ ඇවිල්ලා නිදහසේ හිතන අය බොහොම ටිකදෙනෙක් තමයි ඉන්නේ.
abaran Sunday, 16 July 2017 03:09 AM
කාලෙකින් ඇත්ත, සත්‍යය ප්‍රකාශ වෙන ආකාරයේ ලිපියක් කියෙව්වා. අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ.....
ලුම්බිණි Monday, 17 July 2017 04:05 AM
මේ සියල්ල ඇත්ත. තත්වය මෙහෙම නම් කල යුත්තේ මොකද්ද කියන එක ගැනත් පොඩ්ඩක් කිව්වා නම් හොඳයි. මේ වගේ ලිපි වලින්, චිත්‍රපට වලින්, ටෙලි නාට්‍ය වලින්, සින්දු වලින් හැම එකකින්ම මේ තිබෙන දේශපාලයේ වරද දකිනවා. හැමෝම අහල බලල 'සම්පුර්ණ ඇත්ත' කියල කියනවා. ඒත් වෙන කිසිම දෙයක් නැහැ. තිබුන විදියටම දේශපාලනය ‘අපි අපට පමණයි’ විදියට පවතිනවා. ඉතින් මොකද්ද කල යුත්තේ????