IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දේශපාලනය කොතැනටද

(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ - මහාචාර්ය මයුර සමරකා්න්)

ශ්‍රී ලංකාවේ දේශපාලන රඟ මඬල තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඒකාකාරීව රඟ දැක්වෙමින් තිබූ දේශපාලන නාඩගම්වලට අලූත් අලූත් ජවනිකා එකතු වෙමින් තිබෙන බව පෙනේ.

මාසික වැටුපකට කුමක් හෝ දෙයක් කර හැන්දෑවට සුවසේ රූපවාහිනී නාලිකාවන්හි ප‍්‍රවෘත්ති කියවීම්වලට එබී බලන නාගරිකයන් මෙයින් කිසියම් තෘප්තියක් ලැබුවත්, අවුරුදු දෙකක් තිස්සේ වැසි නැතිකම නිසා වගා අහිමිව,  නෙළුම් අල කමින් මෙන්ම, බීමට වතුර පොදක් සොයා ගැනීම පවා දුෂ්කරවී ඇති වියළි කලාපයේ  ඈත ගම්වල මිනිසුන්ට නම් මේවා දැනෙන්නේවත් නැති තරම්ය.

ඔවුන් දන්නා එකම සත්‍යය නම් 225 ක් වූ පෙර පින්වල මහිමයෙන් පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරන්නාවූ දෙවියන් වහන්සේලා, හුදී ජනයා වූ තමන් දෙස බලා සිටීම විය යුතු නමුත්, ඔවුන් වගේ වගක් නැතිව, රට සවාරි යමින්, සියලූ දෙවි සැප අනුභව කරන බවයි.

එමෙන්ම විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ලෙසින් වෙන්වී එක් කලෙක එක් කොටසකුත් තවත් කලෙක තවත් කොටසකුත් වශයෙන් අධික සුර සැප විදින බවයි. විශ්වාසභංග ගෙනවුත් ඇතුළේදී ගහමරා ගන්නාවුන් එළියේදී කරේ අත දාගෙන ජනතාවට කොකා පෙන්වන බවයි.

වත්මන් හරිහම්බකර ගැනීමේ දේශපාලන සංස්කෘතිය අප හඳුනා ගත්තේ 1977 පටන්ය. පසුගියදා සැමරුණ විවෘත ආර්ථිකයට හතළිස් වසරක් නම් සංදර්ශනය නම්කිරීමට තිබුණේ මන්ත‍්‍රීවරුන් සුඛිත මුදිත කිරීමේ ක‍්‍රියාමාර්ගය  හඳුන්වාදී හතළිස් වසරක් වශයෙනි.

සැබැවින්ම එය සැමරිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලූ දෙනාම එක්වී මාස තුනක් පමණ කාලයක් විදේශ සංචාරයකට එක්වී කා බී ප‍්‍රීති වෙමිනි. එසේ වූවානම් හුදී ජනයාවන අපට දේශපාලනඥයන්ගේ මුහුණු දැකීමකින් තොරව දෙවියනේ කියා රූපවාහිනී ප‍්‍රවෘත්ති බැලීමට තිබුණි. රටේ ලෝකයේ ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට තිබුණි. අපේ අවාසනාවට ඒ ඇත්තන්ට එසේ කිරීමට සිතුණේ නැත.

කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂය රවී කරුණානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය හරහා ආණ්ඩුව යම්තරමකට හෝ ගොඩ ගියේය. ගමේ ගොඬේ මිනිසුන්නම් කියන්නේ, ඉන්දුxලංකා ගිවිසුමට විරුද්ධව ඉල්ලා අස්වූ ගාමිණී ජයසුරියගෙන් පසු වීරත්වයට පත්වූ අනෙක් චරිතය රවී කරුණානායක බවයි. කවුරුන් ලියා දුන්නත් රවි ගේ පාර්ලිමේන්තු ප‍්‍රකාශයනම් අති විශිෂ්ටය.

ඉදිරි සාහිත්‍ය මාසයේදී අති විශිෂ්ට ලියවිල්ලකට රාජ්‍ය සම්මාන දෙන්නේ නම් එය ලැබිය යුත්තේ රවීගේ පාර්ලිමේන්තු ප‍්‍රකාශයටය. තමන්ගේ බිරිඳට සහ ළමයින්ට ගරහන්න එපායයි ඔහු අවසානයේදී කළ ඉල්ලීමට බොහෝ දෙනෙක් හැඟුම්බර වූහ. අපේ සංස්කෘතිය තුළ මවුපියන් සහ දරුවන් සලකන්නේ උතුම් වස්තූ ලෙසටය.

අකුරු ටිකක් කොටන්නට දැනගෙන සමාජ මාධ්‍ය ජාලා හසුරුවන බොහෝ තරුණයන්ට අමතකව ඇත්තේ අපේ සමාජයේ ඇති මෙම හර පද්ධතියයි. එහෙත් දේශපාලනයේ හොඳට තෙම්පරාදුවුණ රවීලා, මංගලලා මාධ්‍යයේ දුටු ඒ දුර්වල තැනින් උපරීම  ප‍්‍රයෝජන ගත්හ. ඒ අනුව සමහර මධ්‍යස්ථ පිරිස්වලට රවී වීරයකු වුණ අතර ආණ්ඩුවද වැටී තිබූ පරිහානියෙන් යම් මට්ටමකට ගොඩ ගියේය.

දැන් මාධ්‍යයට අලූත්ම කතන්දරය වී ඇත්තේ විජේදාස රාජපක්ෂය. ඔහුට විශ්වාසභංගයක් ගෙන එන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබඳවය. මේ තත්ත්වයේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔහු කුමන හේතුවක් මතවත් අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකරන බවයි.

මේ තත්ත්වය තුළ ඔහු වෙත විශ්වාසභංගයක් ගෙන ඒමට අග‍්‍රාමාත්‍යවරයා කිසිසේත්ම එකඟ නොවනු ඇත. මන්ද රවී කරුණානායක සිද්ධිය නිසා යම්තරමක ජාම් බේරාගෙන ඇති අවස්ථාවක එය ව්‍යාකූල කරගෙන අපකීර්තියට පත්වීමට ඔහු කිසිසේත්ම ඉඩ නොතබනු ඇත.

අනෙක් අතට මේ දිනවල ප‍්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ පළාත් පාලන සහ පළාත් සභා ඡුන්දය පැවැත්වීමයි. දැනට ඇති තත්ත්වය අනුවනම් වඩාත් අවාසිදාක තත්ත්වයක් නිර්මාණයවී ඇත්තේ ශ්‍රී.ල.නි. පක්ෂයට බව පෙනේ. මෙහිදී මහින්ද රාජපක්ෂ චරිතය ප‍්‍රධාන සාධකයක්ව ඇති බවද පැහැදිලිය. එහෙත් ඒ අවාසිය දුරලීම සඳහා මහින්ද රාජපක්ෂ ප‍්‍රබල චරිතයක් බවට පත්කරගැනීමට ශ්‍රී.ල.නි. පක්ෂය සූදානම් නැති බවක් පෙනේ. එසේනම් ඒකාබද්ධ විපක්ෂයට ඇති ඊළඟ අවස්ථාව නිර්මාණය වන්නේ බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හරහාය.

බැසිල්ගේ ඉහත පක්ෂය නොතිබුණේ නම් ඒකාබද්ධ විපක්ෂය නන්නත්තාර වනු ඇත. ඒ අතින් බලන විටනම් බැසිල්ට ඇත්තේ විශාරද මට්ටමේ දේශපාලන දැනුමකි. මේ පක්ෂය ඔහු ගොඩනඟන විට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමහර ත‍්‍රීවීලර් පක්ෂ කෙනෙහිලි කම් කළ බව දේශපාලනය දන්නෝ දනිති.

එහිදී ඔවුනට  ඕනෑකම තිබුණේ මහින්ද හරහා තමන්ගේ පක්ෂය මාකට් කරගැනීමටය. එහෙත් එම පක්ෂවලට මහින්ද විකිණීමට ඉඩ නොතබා ඔහුට ගෞරවයෙන් පය ගැසීමට හැකි පක්ෂයක් ගොඩ නැඟීම පිළිබඳව මහින්ද පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු බැසිල්ට ණයය.

එහෙත් බැසිල් කිසියම් ආකාරයකට නොසන්සුන්වී සමාජ මාධ්‍යජාලවල තිබෙන ළඟ ළඟම එන ජයග‍්‍රහණ ගැන උද්දාමවී කටයුතු කළහොත් එය නියත පරාජයක ආරම්භය බව කිව යුතුය. පළාත් පාලන, පළාත් සභා ඡුන්දවලදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකදී පවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසියම් කේවල් කිරීමේ බලයක් ලැබෙන බව විශ්වාසය.

අද දේශපාලනයේ තිබෙන බෙදීම් අනුව පාර්ලිමේන්තු මැතිවරණයකදී වුව ආසන 113 ක් කරා යාමට තරම් ශක්තියක් ඔවුනට ලැබනේනේ නැත. එහෙත් ප‍්‍රධාන බලවේග සමග අතිවිශාල කේවල් කිරීමේ බලයක් හෝ සභාග රජයක් ගොඩ නැගීමේ හැකියාව ඔවුනට නිසැකවම ලැබෙනු ඇත. වත්මන් දේශපාලන බල තුලිතතා මත එවැනි තත්ත්වයක් රටට කිසිසේත්ම හිතකර නැත.

එහිදී ගොඩනැගෙනුයේ වත්මන් ආණ්ඩුවටත් වඩා දුර්වල ආණ්ඩුවක් වන බව නිසැකය. මෙහිදී බැසිල් හිතවාදීන් ජයග‍්‍රහණය පිළිබඳ අධිතක්සේරුවක සිටින්නේ යාපනය ඇතුළු උතුරු පළාත සහ නැගනහිර පළාත මෙන්ම බස්නාහිර මුස්ලිම් ඡුන්ද පදනම අමතකකර බව ඉතා පැහැදිලිය. එම ප‍්‍රදේශවල ඡුන්ද පදනම වර්ධනය කර ගැනීම සඳහා තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අසමත්ව සිටී. අනෙක් කරුණවන්නේ පොදුජන පෙරමුණට බලයලබාදිය යුත්තේ ඇයිද යන්න පිළිබඳව වූ ආකර්ෂණීය වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත්වීමයි.

මේ නිසා තනිකරම බැසිල්, මහින්ද රාජපක්ෂගේ ජනතා ආකර්ෂණය මත පමණක් කටයුතු කිරීමට සූදානමින් සිටින බව පැහැදිලිය. මෙය බලවත් දුර්වලතාවකි. එම රික්ත පුරවමින් ආකර්ෂණීය ඉදිරි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයකි.

දැනට විශාල සමාජ ගැටලූ වශයෙන් පවතින ප‍්‍රවාහන අර්බුදය විසඳාලීමට ගන්නා ක‍්‍රියාමාර්ග, අපරාධ අවමකිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග, රාජ්‍යසේවය විධිමත් කිරීමේ මෙන්ම ග‍්‍රාමීය අධ්‍යාපනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කිරීමට ගනු ලබන්නාවූ ක‍්‍රියාමාර්ග, විරැකියාව දුරුකිරීම සහ වැඩිහිටි ආරක්ෂණය යනාදී ගැටලූ විසඳීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග වශයෙන් ආකර්ෂණීය වැඩ පිළිවෙළක් සමාජගත කළ යුතුය. එක් අතකින් සයිටම් ගැටලූවේදී වුවද වඩාත් නිදහස්, ස්වාධීන මතයක ඒකාබද්ධ විපක්ෂය සිටියේ නම් ඔවුනට වඩාත් වාසිදායකය.

දිනේෂ් ඇතුළු පිරිස මොනතරම් කෑගැසුවත් ඔවුනට සයිටම් වේදිකාවේ ජනප‍්‍රියත්වයක් ගොඩ නැගෙන්නේ නැත. අවසානයේදී සිදුවනුයේ සයිටම් පක්ෂව සිටින විශාල පිරිසක් ඒකාබද්ධයෙන් ඉවත්වී එජාපය වටා එක්වීමයි. මෙවැනි කරුණු කරණාවලදී යම්කිසි දේශපාලනික ඉවකින් වැඩ කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තකි. මෙයට හොඳම උදාහරණය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ අරභයා කටයුතු කරන ආකාරයයි.

ඔවුන් මේ පිළිබඳව එක වචනයක් හෝ කථාකරන්නේ නැත්තේ ඒ හරහා ලොකු බිඳවැටීමේ අවදානමකට තම සංගමය ලක්වන නිසාය. එක් අතකින් එය හොඳ සමාජ විඥානයකින්, පරිණතභාවයකින් කටයුතු කිරීමකි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට සිදුවන්නේ ජනප‍්‍රිය සටන්පාඨ පසුපස ගොස් හොම්බ බිම ඇණ ගැනීමටය.

මේ හැම සාකච්ඡුාවකින්ම එළියට පැමිණ බලනවිට රනිල් වික‍්‍රමසිංහ සාධකය කිසිම ආකාරයකින් අවතක්සේරු කළ නොහැකිය. අනෙක් අතට මංගලගේ නිහඬතාවද භයානකය. එජාපය සහ ටී.එන්.ඒ. එකතුවුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමේ බහුතරය ඔවුහු හිමිකර ගනිති.

එසේ වුවහොත් ‘‘අද අපි යනවා’’ කිය කියා සිටින ශ්‍රී.ල.නි. පක්ෂ පිරිස සිටිතැන්වලම සිටිනවා මිසක් හෙල්ලෙන්නේවත් නැත. ඒ පිරිසට ඒකාබද්ධ විපක්ෂයෙනුත් වරදාන මත පිරිසක් එක්වූ විට රනිල්ට 2/3 ක්ම වූ බලයක් ලැබීම නිසැකය. එසේ වුවහොත් කාගේ කාගේත් සිහින බොඳවනු ඇත. මේවා ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවීමට බැරි දේවල් නොවේ.



අදහස් (1)

දේශපාලනය කොතැනටද

raveendra Tuesday, 15 August 2017 06:27 AM

" 225 ක් වූ පෙර පින්වල මහිමයෙන් පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරන්නාවූ දෙවියන් වහන්සේලා " ඔබගේ මෙම වාක්‍ය පිලිබදව අප කණගාටුවන අතර මෙවැනි තක්කඩි, නිවට , කාලකන්නි දේශද්‍රෝහී පරයන්ට " දෙවියන් වහන්සේලා " යන වචන බාවිතා කිරීම මාද්‍යවේදීන් හැටියට ඔබලා එම වචනවලටද නිග්‍රහ කර ඇත. ඔබලා මෙවන් පාහරයන්හට දෙවියන් වහන්සේලා යන්නෙන් අමන්තරණය කරන්නේනම් "දෙවියන් වහන්සේලාට " කෙසේ ආමන්ත්‍රණය කරන්නේද යන්න අපහට නිරන්තරයෙන් නැගෙන ප්‍රශ්නයකි. අප මාද්‍ය වේදීන් නොවන්නෙමු .අප මව්බිමට ආදරය කරන සාමාන්‍ය පුරවසියන්වන්නෙමු.ඔබලාට අපගේ මෙම අදහස්වලින් සිත්රිදීමක් ඇතිඋනිනම් අප කණගාටුවෙමු.

:       1       204

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 63 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 108 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 413 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1051 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1536 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site