IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


දේශිය ආර්ථිකයට කණ කොකා හැඩීම

(රුහුණ විශ්ව විද්‍යාලයේ - මහාචාර්ය රංජිත් සේනාරත්න)

 

නිදහසින් පසු ස්වදේශිකයන්ගේ පාලනය ආරම්භයේ සිට අවම වශයෙන් දශක 4කට ආසන්න කාලයක් එක් පක්ෂයක් බලයට පැමිණීමට පෙර පවසන්නේ තමන්ගේ පක්ෂය බලයට පත්වූ වහාම කෘෂිකර්මාන්තයෙන් රට සංවර්ධනය කරන බවත් තවත් පක්ෂයක් තමන් මේ රට කාර්මීකරණයෙන් සංවර්ධනය කරන බවත් ප‍්‍රකාශ කරයි.

එහෙත් කිසිදිනක මෙවැනි ප‍්‍රකාශ යථාර්ථයක් බවට පත් නොවීය. ඉන් පසු විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වාදෙන අතර නිෂ්පාදන, කර්මාන්ත හා නිදහස් අන්තර්ජාතික වෙළෙඳපොළේ තුළ සාපේක්ෂ වාසි අත්පත් කරගැනීමෙන් සංවර්ධනය කරා යාම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අරමුණ විය.

එහෙත් මේ වෙනුවෙන් අපගේ සූදානම හා අත්පත් කරගැනීම් අල්ප විය. මෙකී ප‍්‍රතිපත්තිය දශක තුනකට අධික කාලයක් තිස්සේ ඉදිරියට ගෙන ගිය ද සෙසු ආසියානු රටවලට සාපේක්ෂව අප ඉතාම දුර්වල ස්ථානයක පසුවන්නේ මේ නිසාය. වර්තමාන ගෝලීයකරණය වූ ලෝක ආර්ථිකය තුළ රටට හා රටෙහි නිෂ්පාදනවලට ස්ථානයක් අත්පත් කර ගැනීමේ දී දේශපාලකයන්ගේ පොරොන්දු සම්ඵප‍්‍රලාප බවට පත්ව ඇත.

ලෝක දේශපාලනය හා ආර්ථික ප‍්‍රතිපත්ති නව ලිබරල්වාදී මිථ්‍යාවෙන් මිදී ජාතිකවාදී දේශීය ආර්ථිකයට පක්ෂපාතී දර්ශනයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතිකවාදී දේශපාලන නායකයන් හා දේශපාලන ව්‍යාපාර ලෝකයේ බොහෝ රටවල ජනප‍්‍රිය වෙමින් ඇත. මෙම දශකයේ අගභාගය මෙම ආර්ථික හා දේශපාලන දර්ශනයේ ආරම්භය සනිටුහන් කරමින් ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා පිලිපීනයේ රොද්‍රිගෝඩූටාටේ ජනාධිපති පදවියට තේරී පත්වීම මෙහිදී විශේෂ තැනක් ගනී. ඇමෙරිකාව වැනි බහුපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් ක‍්‍රමයෙන් අත්හැරීම, බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍රසිං මෝඩිගේ නායකත්වයෙන් බලයට පත්වීම ආදිය ද මෙහිලා වැදගත් වේ. මෙම රටවල් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවලට විරුද්ධව ගමන් නොකළත් ආර්ථික ආරක්ෂණවාදී පිළිවෙතට යමින් සිටී. එහිදී ඔවුහු තම රටේ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කරන අතර ඒ සඳහා දිරිදීමට ප‍්‍රබලව ඉදිරිපත් වෙමින් සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති නියෝගයක් ලබාදෙමින් ප‍්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ නිෂ්පාදන මිලදී ගන්නා ලෙසත් නිෂ්පාදනයේදී ඇමෙරිකාවේ දේ හා ඇමෙරිකානුවන් යොදා ගන්නා ලෙසත්ය. එමෙන්ම ඉන්දියාවේ ද සුපුරුදු ගාන්ධි ප‍්‍රතිපත්තිය මෝඩි ඉදිරියට ගෙන යමින් දේශීය ව්‍යවසාය ආරක්ෂා කරමින් සහ ප‍්‍රවර්ධනය කරමින් සිටියි. ආර්ථිකය ශක්තිමත් කිරීම හා එහි චිරස්ථිතිය තහවුරු කිරීම ආනයනවලින් කඩ සාප්පු පිරවීමෙන් කළ නොහැකිය.  ඕනෑම රටක ආර්ථිකයට තම ශක්තීන් හා හැකියාවන් මත පදනම් වූ ගොඩනැගීමක් අවශ්‍ය වේ. එසේ නොවන්නේ නම්  ඕනෑම අවස්ථාවක එකී ආර්ථිකය බිඳ වැටීමේ අවදානමක් පවතී. එබැවින් ඉන්දියාවේ නිෂ්පාදන සහ සේවාවල දේශීය අන්තර්ගතය 50% දක්වා ඉහළ නැංවීමට වස් ප‍්‍රාග්ධන හා තාක්ෂණ යෙදවීම් ඉහළ නැංවීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඉන්දියාව එවැනි තීරණවලට එළඹෙද්දී ශ‍්‍රී ලංකාවේ අපි ලිබරල්වාදී විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියේ නිර්මාතෘවරුන්ටත් ඔබ්බට යමින් බටහිර සහ අපගේ අසල්වාසී රටවල අනුගමනය කරන දේට හාත්පසින්ම වෙනස් දෙයක් කරමින් සිටියි.

උදාහරණ වශයෙන් ඛඵෘ හි 2017 වාර්ෂික වාර්තාව අනුව වසරේ හොඳම ආහාර වර්ගය සඳහා වූ වෙළෙඳ සන්නම් සම්මානය හිමි වන්නේ බහු ජාතික සමාගමක නිෂ්පාදනයකටය. ලෝකයේ තම මවු රටට අයත් නොවන භාණ්ඩ හා සේවා දේශීය වෙළෙඳපොළේ වඩාත් ජනප‍්‍රිය, පාරිභෝගිකයන් හොයන භාණ්ඩ ලෙසට පත්වන වෙනත් රටවල් තිබේ ද? ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප අගය කළ යුත්තේ, අපගේ ජනතාව පෙළඹවිය යුත්තේ දේශීය ආහාර නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පරිභෝජනය කිරීමට හා ඇගයීමටය. එය රටේ තිරසාර සංවර්ධනයට අත්‍යවශ්‍යමය.

බහුජාතික මල්ටිටි‍්‍රලියන් භාණ්ඩ හා සේවා ප‍්‍රවාහය අපේ ආර්ථිකය පමණක් නොව ස්වෛරීත්වය හා හර පද්ධති ද සෝදාපාළුවට ලක් කරමින් හමා යයි.

පසුගිය දිනක මට කියවන්නට ලැබූ එක්තරා පුවත්පත් දැන්වීමකින් මම මහත් කම්පනයට පත් වුණෙමි. එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ රජයේ රෝහලක ප‍්‍රසම්පාදන දැන්වීමකි. එයින් එකී රෝහලට දේශීය තේ හා කෝපි වෙනුවට යුරෝපයේ නිෂ්පාදිත තේ සහ කෝපි සැපයීම සඳහා මිල ගණන් කැඳවා තිබුණි.

එසේම ලංකාවේ ප‍්‍රධාන පෙළේ බොහෝ සුපිරි වෙළෙඳසල් විදේශීය රටවලින් ආනයනය කරන භාණ්ඩ දේශීය භාණ්ඩවලට වඩා ප‍්‍රමුඛතාව සහිතව ප‍්‍රවර්ධනය කරමින් එහි ඇති රාක්කවල ඉහළ කොටසේ වඩා කැපී පෙනෙන ලෙස ජනතා ආකර්ෂණය සඳහා ප‍්‍රදර්ශනය කරයි. මේවා සඳහා පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟාවිය හැකි අතර ලබාගැනීම ද පහසුය. එහෙත් දේශීය භාණ්ඩ සඳහා එවැනි සැලකිල්ලක් නොමැති අතර ඒවා ළඟාවීමට දුෂ්කර පහළ රාක්කවල හෝ ඇසට ඍජුවම නොගැටෙන ස්ථානවල තබා ඇත. මෙය වැළපීමට කරුණක් නොවේ ද? අප දේශීය දේට ගරහමින් නොරට දේ පමණක් අගයන සහ පසසන පරාධීන ජාතියක් බවට පත්ව ඇත්තේ ඇයි? මෙය ජාතියක් ලෙස ලජ්ජාවට පත්විය යුතු තත්ත්වයක් නොවේ ද? අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයක් නොවෙන්නේ ද? මෙවැනි තත්ත්වයක් යටතේ රටක් ලෙස නැගී සිටීමේ අවකාශයක් අප සතුව ඇත් ද?

අපගේ තේ කර්මාන්තය ලෝකයේ හොඳම තේ නිපදවමින් දේශීය ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙයි. එසේම එමගින් මිලියන දෙකකට ආසන්න ජනතාවකට රැකියා සපයයි. එසේ තිබියදීත්, අප අපේම නිෂ්පාදනවලට හානිවන අයුරින් කටයුතු කරන තත්ත්වයට පත්ව ඇත.

 අපගේ කාන්තාවන් අනේක දුෂ්කරතා හා දුක් කරදර මධ්‍යයේ මැද පෙරදිග සේවය කරමින් උපයා ගන්නා ඩොලර් ඇපයට තබමින් ඒවා ආනයනය කිරීම කෙතරම් ශෝචනීය ද? අනුවේදනීය ද? ඒවා ප‍්‍රමාණවත් නොවනවිට රට උගසට තබා හෝ ගිනි පොලියට ණය ගනිති. එසේත් ප‍්‍රමාණවත් නොවන්නේ නම් රටේ ජාතික සම්පත් විදේශවලටම විකුණා හෝ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යයි.

වඩාත් හාස්‍යයට කාරණයක් වන්නේ ආනයනය කිරීමේ දී රටේ ජනතාවට සැබෑවටම අවශ්‍ය භාණ්ඩ මොනවා ද යන්න පවා පැහැදිලිව හඳුනා නොගැනීමයි. අවම වශයෙන් එවැනි අධ්‍යයනයක් කොට අනවශ්‍ය දේ  නැවැත්වුවහොත් වසරකට රු. මිලියන දහස් ගණනක් රට තුළ ඉතිරිවනු ඇත.

දේශීය නිෂ්පාදන මිලදී ගැනීම යනු හුදෙක් තමන් සතු මුදල් වියදම් කර භාණ්ඩයක් මිලදී ගෙන පරිභෝජනයෙන් අවසන් වන ක‍්‍රියාවක් නොවේ. ඔබ දේශීය නිෂ්පාදන මිලදී ගත්විට එයින් රටට විදේශ භාණ්ඩ මිලදී ගැනීමේදී වඩා තුන්ගුණයකට වැඩි ප‍්‍රතිලාභයක් ලැබේ. මන්ද නිෂ්පාදනය යනු ක‍්‍රියාවලියකි.

එහි කොටස්කරුවෝ රාශියක් සිටිති. එහෙත් විදේශීය භාණ්ඩ මිලදී ගැනීමෙන් ප‍්‍රධාන වශයෙන් ප‍්‍රතිලාභ ලබන්නේ අපේ රටේ ජනතාව නොව නිෂ්පාදකයාගේ රටේ ජනතාවයි. එසේ නම් අපේ රටට ප‍්‍රතිලාභ හිමිවන දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට මැලි වන්නේ ඇයි? රටේ ජනගහනය මිලියන 21ක් පමණ වන අතර එය ඉතා කුඩා වෙළෙඳපොළකි.

අපගේ මිලියන 21ක් විදේශීය භාණ්ඩ පරිභෝජනය කරයි නම් අපේ භාණ්ඩ විදේශිකයන්ට මිලදී ගැනීමට පොළඹවන්නේ කවුරුන් ද? එසේ නම් අපේ කර්මාන්ත නොනැසී පවත්වාගන්නේ කෙසේ ද? නැතිනම් සැබවින්ම ඒවා විනාශ වීමට ඉඩ දිය යුතු ද? දැන්වත් අප අපගේ දේශපාලන පසමිතුරුකම් පසෙක තබා ජාතියක් ලෙස  නිර්දේශපාලනික වූ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ හා නගා සිටුවීමේ ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග දෙසට අවධානය යොමු කළ යුතු නොවන්නේ ද? අපට භාණ්ඩ අපනයනය කරන සංවර්ධිත රටවල් අනුගමනය කරමින් දේශීය නිෂ්පාදන ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රතිපත්තියට යා යුතු නොවන්නේ ද?

දේශීය දේ අගය කරන සමාජයක් ගොඩනගන්නේ කෙසේ ද? දේශීය දේ පිළිබඳව ජනතාව තුළින් ඉවත් කළ විශ්වාසය සහ ආදරය නැවැත ඔවුන් තුළ රෝපණය කරන්නේ කෙසේ ද? පෝෂණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා උපාය මාර්ගික සැලැස්මක් අවශ්‍ය වේ. නිසි දැනුවත් කිරීම් හා ප‍්‍රවර්ධන වැඩසටහන් අවශ්‍ය වේ. මේ සඳහා දේශීය හුරුවක් සහිත සන්නාම, ගීත, තේමා හා ආදර්ශ පාඨ යොදාගත හැකිය. අපගේ දු දරුවන්ගේ හා ජනතාවගේ හදවත් පුබුදුවාලන දේශීය දේ කෙරෙහි ධනාත්මක හැඟීම් ජනිත කරන හා ප‍්‍රවර්ධනය කරන වැඩසටහන් නිර්මාණය කළ හැකිය.

2018-20 දේශීයත්වයේ දෙවසර ලෙස නම් කර ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවලින් ඉදිරියට ගෙන යා හැකිය. මෙම තත්ත්වය වඩාත් වර්ධනය කළ හැක්කේ අපේ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථින්ගේ, විද්වත් වෘත්තීය සංවිධානවල, විද්‍යාත්මක පර්යේෂණ ආයතන සහ වාණිජ මණ්ඩල සහාය දේශීය නිෂ්පාදන නිර්මාණයට සහ ගුණත්ව වර්ධනයට අඛණ්ඩව දායක කරගැනීමෙනි. එවිට දේශීය පමණක් නොව ගෝලීය වෙළෙඳපොළේ ද අපගේ භාණ්ඩ හා සේවාවල ගුණත්ව ප‍්‍රතීතනය තහවුරු කළ හැකිය.

අපගේ දේශපාලනඥයන් වේදිකාවේ කුමක් ප‍්‍රකාශ කළ ද ඉතා පැහැදිලිව පුන පුනා ඔප්පු කරන ලද සත්‍යය වන්නේ ඔවුන් බොහොමයකගේ ආර්ථික දැක්ම අනුචිත බවයි. නිසි මාර්ගය කුමක් ද? යා යුත්තේ කොහේ ද? උපක‍්‍රම මොනවා ද? යන ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී යටත් විජිත මානසිකත්වයෙන් ඔබ්බට වූ ක‍්‍රමවේද හා වැටුණ තැන සිට නැගිටීම පිළිබඳ අල්ප දැනුම ඔවුන්ව නිරායාසයෙන් බටහිර වට්ටෝරුගත උපදෙස් හා විදේශීය ඉහළත්වය දෙසට තල්ලූ කරන බව පෙනී යයි.

මේ සඳහා ආසන්නතම උදාහරණය වන්නේ 2016 ජනවාරි මාසයේ දී සංවිධානය කරන ලද කොළඹ ආර්ථික සමුළුවයි. එයට සහභාගි වීමට ආරාධනා ලැබුවේ ප‍්‍රකෝටිපති ජෝර්ජ් සෝරෝස් හා නොබෙල් සාම ත්‍යාගලාභී ජෝෂප් ස්ටිග්ලිට්ස්ය. එමෙන්ම 21 වන සියවසේ ගෝලීය ධනවාදයේ දිසාපාමොක් චරිතයට පණ පොවන හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයට ද සුවිශේෂී කාර්යභාරයක් මෙහි පැවැරී තිබුණි.

බටහිර ආර්ථික විද්‍යාඥයන්ට, ව්‍යාපාරිකයන්ට සහ විශ්වවිද්‍යාලවලට ආරාධනා කිරීම හා ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීම අප හෙළා නොදකින අතර සමුළුව සඳහා දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන්, ආර්ථික විද්‍යාඥයන් හා දේශමාමක ජාතිකවාදී සංවිධානවලට ද ආරාධනා කළේ නම් එය වඩාත් යෝග්‍ය වනු ඇත. බටහිර සංවර්ධනය හා ඒ පිළිබඳව ඔවුන්ගේ නියෝජිතයන් දක්වන අදහස්වලින් ගිනිකණ වැටී ක්ෂණිකව ලබන ප‍්‍රමෝදයෙන් ඔබ්බට යමක් රටක තිරසාර සංවර්ධන උපයමාර්ග තුළ අන්තර්ගත විය යුතු බව බටහිරෙන් පමණක් නොව ආසියාවෙන් ද අප ඉගෙනගත් සත්‍යයයි.

එහෙත් විදේශීය උපදේශකත්වය අපගේ දේශපාලනය තුළ කොතරම් දුරට ඔඩු දුවා ඇද්ද යන්න කදිමට ඔප්පු වන ආසන්නතම උදාහරණය වන්නේ ඉතා මෑතක සිදුවූ මීතොටමුල්ලේ කුණු කන්ද නායයාම පිළිබඳව නිරීක්ෂණය සඳහා ජපාන විශේෂඥ කණ්ඩායමක් ගෙන්වීමය. මන්ද ජපානය දෙසට හැරීමට පෙර දේශීයව මේ පිළිබඳව දැනුම ඇති විශේෂඥයන් පිළිබඳව සොයා බැලීමක් කළේ නැත.

අපගේ සෑම සියලූ අවශ්‍යතාවක් සඳහාම විදේශීය රටවලට අතපෑම හා ඉහළ පිරිවැයක් දරමින් දැනටමත් සූත‍්‍රගත කොට ඇති ඔවුන්ගේ වට්ටෝරු ආනයනය කිරීමෙන් මෙකී වට්ටෝරු ඔවුන් පෙන්වාදෙන තැන්වලට බද්ධ කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් ස්වෛරී ජාතියක් ලෙස නැගී සිටිය හැකි ද? අප රට නව නිර්මාණශීලී, පර්යේෂණ හා සංවර්ධන ප‍්‍රවේශයකට තවත් පමා නොවී යොමුවිය යුතු නොවේ ද? එහෙත් අවාසනාවකට තවමත් ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.16 කි. එහෙත් අපගේ අසල්වැසි රටවල් වන නේපාලයේ මෙම අගය සියයට 0.3 කි.

පාකිස්තානයේ සියයට 0.33 කි. ඉන්දියාවේ සියයට 0.81 වන අතර දකුණු කොරියාවේ සියයට 4 කි. මේ අනුව රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් රජය වහාම මෙම ප‍්‍රතිශතය ඉහළ දැමිය යුතුය. බොහොමයක් ක්ෂේත‍්‍රවල අපට විද්වත් වෘත්තිකයන්ගේ හිඟයක් නැත.

එහෙත් රටේ සංවර්ධනය කටයුතුවලට ඔවුන්ව දායක කර ගැනීම පිළිබඳව තීරණ ගන්නා පුද්ගලයන්ට සහ ආයතනවලට ඇති අනවබෝධය හා දේශීය විද්වතුන් අවතක්සේරු කිරීම හේතුවෙන් ඔවුන්ව නොසලකා හැර ඇත. මෙවන් පසුබිමක් තුළ විදේශගත වූ දේශීය විද්වතුන් නැවැත රටට පැමිණ මවුබිමට සේවය කිරීමට කැපවෙන ලෙස ආරාධනා කිරීම හාස්‍ය ජනකය, ජුගුප්සා ජනකය.

 



අදහස් (0)

දේශිය ආර්ථිකයට කණ කොකා හැඩීම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 93 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 132 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 78 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 5387 1

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 168 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1231 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site