IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දේශයේ උරුමයට නිගාදෙන නරුමයෝ

තරුණයන් හත්දෙනකු හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍යය මතට නැඟ ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසට අයත් සෙල්ලිපි පවා තැන්පත්ව ඇති භූමියකි. ඒ ඓතිහාසික පුරාවිද්‍යා බිමට ඉකුත් ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනවසරයෙන් ඇතුළු වී ඇති තරුණයන් හත් දෙනකු නටබුන් චෛත්‍යය මත නැඟ මෙම ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැර ඇත. මෙම තරුණයන් ත්‍රිකුණාමලය හා අම්පාර ප්‍රදේශවල පදිංචි, විශ්‍වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා අප පුවත්පතට පවසා තිබිණි.

විශේෂ අවධානය යොමු කළ යුතු සිදුවීමකි. මේ රට අත්‍යන්තයෙන්ම බෞද්ධ රටකි. එහෙත් අනෙකුත් ආගමිකයෝ ද අප්‍රමාණ සහජීවනයෙන් කල් ගෙවති. මෙරට සාතිශය පොදු මහජනයා තුළ ජාති බේද ආගම් බේද හෝ මිනිස් වර්ගයාට නිගාදෙන වෙනත් බේද කිසිවක් නැත. එහෙත් අන්තවාදී අශිෂ්ට සුළුතරයක් සිටිති. කවර හෝ ගැටුමක් මවාපා තමන්ගේ පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔවුහු උත්සුක වෙති. එහෙයින් ශිෂ්ට බහුතරය එබඳු උගුල්වලට හසු නොවී සාමූහික විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතුය. එහි වැදගත්කම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනා ගත යුතුය.

කවර ආගමික ස්ථානයකදී වුවද සංවරව, විනීතව හැසිරීම අපේක්ෂා කළ යුතුය. එම ස්ථානයට නිගා දෙන අයුරින් හැසිරීම, එසේ හැසිරී එය සමාජගත කිරීම කිසිදු ශිෂ්ට පුරවැසියෙක් අනුමත නොකරයි. පිදුරංගල සිදුවීමේදී සමාජයේ පතුළ බිඳගෙන මතු වී ආ විරෝධය එයට කදිම නිදසුනකි. ඉගෙන ගන්නවා නම් පිදුරංගල සිදුවීම ඕනෑම පුරවැසියකුට හොඳ අත් පොතකි. එහෙත් විනාශ​ෙයන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා අශිෂ්ට, අශීලාචාර, අනීතික හා අවිනීත සුළුතරයක් ද සිටිති. කිරලාගල නටබුන් දාගැබ මත නැඟ ඡායාරූප ගෙන සමාජ ජාල, වෙබ් අඩවිවලට මුදාහළ අශිෂ්ටයන් අයත් වන්නේ එම පිරිසටය.

තරුණ යන වචනයට දිය හැකි එක් අරුතක් වන්නේ දිලිසීමය. යුගය වර්ණවත් කිරීම එම තරුණයන්ගේ වගකීමය. රටක ජීවනාලිය ලෙස තරුණ පරපුර හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඒ තරුණයා ගුණයෙන් පැහැපත් විය යුතුය. ඥානයෙන් පෝසත්විය යුතුය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිපුන්ව පරාර්ථකාමීත්වයෙන් අනූන විය යුතුය. යුක්තිගරුක විය යුතුය. සත්‍යගරුක විය යුතුය. සටන්කාමී විය යුතුය. සිය දෙවුර මත පැටවුණු වගකීම් එයට හිමි නිසිබරින් හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවිය යුතුය. රටේ අනාගතය බාරගත යුතු වන්නේ එකී සියලු ලක්ෂණ සාර සුබාවට වගා කර ගත් තරුණ පරම්පරාවකටය.

කිරලාගල පුරාවිද්‍යා භූමියේ දී සිය නිරුවත සේයාරූගත කර ලොවට  පෙනෙන්න සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරිය තරුණයන් ප්‍රදර්ශනය කළ නීච, අධම මානසිකත්වය කෙවිටෙන් තලා පිටමන් කළ යුතුය. මේවා දඟකාර යෞවනයන්ගේ වැඩ ලෙස සුරතල් නොකළ යුතුය. තම රටේ ඉතිහාසය නොදන්නා හෝ ඒ ඉතිහාසය පිළිකෙව් කරන ඒ ඉතිහාසය පිටු දකින තක්කඩියන් ලෙස එම තරුණයන් හඳුනා ගත යුතුය. ජාතික අධ්‍යාත්මයට ගරු නොකරන ඒ මත වසුරු හෙළන තරුණ පරපුරකින් ඒ රටට අබමල් රොනක තරමින් වත් ප්‍රයෝජනයක් නැත.

මේ වූ කලී නොදැන කළ වැරැදි යැයි සිතිය නොහැකිය. ඒ බව පැහැදිලි වන්නේ එම සේයාරූ අන්තර් ජාලයට මුදාහැරීම හරහාය. එහි අරමුණ කුමක්ද? තම තක්කඩිකම සමාජගත කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරනුයේ කුමක්ද? ‘‘මේ අපේ හැටි, තොපට පුළුවන් දෙයක් කරපල්ලා’’ යන සංඥාව මෙයින් නිකුත් නොවන්නේද? රටේ නීතියට යම් තරමක හෝ පක්ෂපාතීත්වයක් වේනම් මෙසේ තිරශ්චීන ලෙස කටයුතු කරයිද?

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම තක්කඩියන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා සිසුන් බවය. එහෙත් එම විශ්‍වවිද්‍යාලයේ නම අප පුවත්පතේ පළ නොවීය. තක්කඩියන් හත් දෙනකු නිසා මුළු විශ්‍වවිද්‍යාලයකටම නිගරු කළ නොහැකිය. විශ්වවිද්‍යාලයක් සම්බන්ධයෙන් අප සතුව ඇති ගෞරවනීය හැඟීම එපරිදිය. එහෙත් මේ තක්කඩියන්ට සියවස් ගණනාවක් ඉපැරණි බොදු බිමක් සම්බන්ධයෙන් ඒ ගෞරවය නිපදවා ගත නොහැකි විය. මේ නීච හා අධම ක්‍රියාව කළ තක්කඩියන්ට උපරිම දඬුවම් දිය යුත්තේ එහෙයිනි.



අදහස් (18)

දේශයේ උරුමයට නිගාදෙන නරුමයෝ

Raveendra Friday, 25 January 2019 07:24 AM

මේ ඉන්නේ උද්දච්චකම ඉහවහ ගිය, හොද නරක නොදත් මෝඩ රැලකි.නමුත් ව්ශ්වවිද්‍යාල සිසුන්ය. සාමාන්‍ය දැනුම්වත් නැති මෙවන් අසීලාචාර සිසුන් කෙසේ බුද්ධිමත් සිසුන් වන්නේද ??

:       0       68

මම නොවන මම Friday, 25 January 2019 09:18 AM

අපි ඊට වඩා කරන්න ඕනෑ මේ වගේ ඉන්න අපේ උගත් බුද්ධිමත් තරුණයින් ආරක්ෂා කරන එක. මේක කොලු කමට කරපු වැඩක්...

:       436       272

WijayaFriday, 25 January 2019 01:12 PM

නම දැක්කම පේනවා මෝඩයින් කියා..

:       4       248

sagaraSaturday, 26 January 2019 12:59 PM

සිංහල වගේ හිටියට වැඩක් නැහැ...

:       0       48

pathiranaSunday, 27 January 2019 10:41 AM

නූගත් තක්කඩියාට වඩා, උගත් තක්කඩියා භයානකයි - මෙතන කොලුකමට එහා ගිය බලුකමක් තියෙනවා. මුන්ට උගන්නන්නේ ඔය ගස් ගල් වඳින මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කියන එක දැනගත යුතුයි.

:       3       163

nisarMonday, 28 January 2019 06:25 AM

මොලේ තිබ්බා නම් හෙට පොතේ දාන්නේ නැහැනේ. බදු සෑම පුරවැසියෙක්ම ගෙවනවා.

:       57       3

nihal c k Friday, 25 January 2019 10:16 AM

විශ්ව විද්‍යාලවලට පත්වන්නේ උගත්, බුද්ධිමත් දරුවන්... එයිනුත් හතර වසරේ ශිෂ්‍යයින් කියන්නේ රටටත්, සමාජයටත් අවශ්‍ය රටේ ජීවනාලියයි. ඔවුන් ළඟ කොලුකම නැතත් තරුණකම තියෙනවා. මේ දරුවන්ට හොඳ නරක ගරුකිරීම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. අද ඒවා තරුණයින් අතරේ නැත්තේ අපේ පටු දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසයි. අපේ ඉතිහාසය මකාදමා රෝම ඉතිහාසය උගන්වන අධ්‍යාපන ක්‍රමයකින් දේශීයත්වයත්, අවබෝධයත් ළමයින්ට ලැබෙන්නේ නෑ. අපේ රටේ කුමන ජාතීන් හිටියත් ඉගෙනගත යුත්තේ ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් ශ්‍රී ලාංකික ඉතිහාසයයි. අන්‍යාගමික නායකින්ගේ යුතුකම ඔවුන්ගේ දරුවන්ට අනිකුත් ආගම්වලට සහ අනිකුත් සංස්කෘතීන්ට ගරුකිරීමට ඉගැන්වීමයි. එයට තමාගේ පාර්ශවයෙන් එන සෑම බාධකයන්ටම විරුද්ධව අවංකවම නැගී සිටීමයි...

:       0       106

RaveendraFriday, 25 January 2019 10:54 AM

nihal c k මයා වෙත, ඔබගේ වටිනා ඉතාම වැදගත් අදහස් අප අගය කරන්නෙමු. අවාසනාවකට අන්‍යාගමික නායකයන් ඔවුනොවුන්ගේ අදහස් සපල කරගැනීමට ක්‍රියා කරනවා හැර, නිවැරදි දෙය,..නිවැරදි ලෙස අනිකාට වටහා දෙන්නේද යන්න ඇත්ත වශයෙන්ම ගැටලුවකි.

:       0       64

බද්රානි Friday, 25 January 2019 11:33 AM

මෙම සිදුවීමට අදාළ තරුණයින්ට "තක්කඩින් " යන වචනය භාවිත කලේ එම වචනයේ අර්ථයවත් දැනගෙනද? පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරගත යුතු විනා, ඒවාට වන්දනාමාන කරන ජනයා ගැන නම් මා අසා නැත. කිසියම් ලෙසකින් මෙම ඓතිහාසික නටබුන් (දාගැබ) විහාරස්ථානයකට අයත් වුවා නම් එය සංරක්ෂණය කර ගනිමින් ආරක්ෂා කරගැනීම විනා, වල් වැදීමට සැලැස්වීම, යුක්ති සහගතද? ජාතිවාදී කෝණයෙන් බලා, මේ සිද්ධියට අදාළ තරුණයින් හට මරණ දණ්ඩනය දීමට වලිකන අය, අනුරාධපුරයේ අටමස්ථාන හා ශ්‍රී පාද පුදබිම් හා ඒ අවට පරිසරය වනසන සිංහල බෞද්ධයින්ව මුලින්ම දඟගෙට දැක්කිය යුතුය. රටේ ජීවත්වෙන තරුණයින් කිහිපදෙනෙකුගේ, නොහොබිනා ක්‍රියාවක් හේතුකොට ගෙන රටතුළ ජාතිවාදය වපුරා, ඒ තුළින් තමන් කැමති තක්කඩි පාලකයෙක් බලයට ගෙන ඒමේ ක්‍රියාන්විතය නේද? මේ හොර තක්කඩි රැල සිදු කරමින් සිටින්නේ? ඔය වපුරන බීජ වල සරු අස්වැන්න පළමුවෙන් වපුරන්නාටම නෙලා ගැනීමට සිදුවෙන බව පමණක් සිහියේ තබා ගන්න. එසේ සිදු නොවුන හොත්, මේ මහා පොළව මත තිබෙන පන්සල්, පල්ලි, කෝවිල් වෙනුවට, හරක් මඩු වඩා ප්‍රයෝජනයක් සහිත බවත් අවබෝධ කර ගන්න..

:       833       288

Nauwan Friday, 25 January 2019 01:08 PM

උදේ හවා අරාබියට ඇස්, කන් යොමාගෙන ඉන්න මිනිස්සු දන්නවද ලංකාවේ ඉතිහාසය ගැන...? අනික මේ මිනිස්සුන්ගේ ආගමේ හැටියට ඒ ගොල්ලන්ගේ දෙවියෝ තමයි ලෝකෙට ලොක්කා...

:       5       289

Vikum Friday, 25 January 2019 01:09 PM

කඩුවකින් පතුරපු ආගමක් අදහන මිනිස්සුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

:       131       659

nisarMonday, 28 January 2019 06:20 AM

මේවා අපහාස නොවේද?

:       6       4

Athula Friday, 25 January 2019 03:19 PM

මේ වගේ කියන්න ඕන 70 වසරක් පාලනය කරපු කලු සුද්දෝ රටේ වටිනාකම ඉතිහාසය මොන භාෂාවක් කතාකලත් මොන ආගමක් ඇදෙහෙව්වත් එම වටිනාකම රටේ සියලු දෙනාටම අධ්‍යාපනය තුළින් දෙන්න ඕන

:       0       38

siripala Saturday, 26 January 2019 02:39 AM

පාසල් කාලයේදී හරියට මේවයේ වටිනාකම,වැදගත් කම උගන්වුවනම් මේවගේ දෙයක් වෙන්න 5% වත් අවස්ථාවක් නැත.. වැරැද්ද ඇත්තේ රජයේ ය.පාසල් අධ්‍යාපනය රටේ ඉතිහාසය හරියට ඉගැන්වෙන පරිදි සිදුවිය යුතුය.අධ්‍යාපනය රජය විසින් නියාමනය කලයුතුය.

:       0       42

sarath Saturday, 26 January 2019 06:27 AM

ඔබතුමිය දන්නෙත් නැහැ... මේ වගේ තැනක විස්තර. හොයලා ඉගෙන ගන්න මේවගේ තියෙන වළලුවලින් දෙන අර්ථය එහෙම. හැමවෙලාවේම කට මැත දොඩවන වෙලේ ඒවත් හොයලා බලලා ඉගෙන ගන්න.

:       1       26

sena Sunday, 27 January 2019 09:38 AM

බද්රානි නෝනේ, මේ තරුණයෝ හිතාමතාම රටේ බහුතරයගේ හිත රිදවන්න උත්සාහ කරලා තියෙනවා. එ්කට නීතියෙන් දඬුවම් ලබිය යුතුයි. ඉවසීම සහ නිවටකම අතර වෙනස ගැන ඔබතුමියට අවබෝධයක් නැහැ වගෙයි මට පේන්නේ.. ඒ වගේම ඔබතුමිය පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාවක් ගැන විකාර ලියනවා හොඳයි ඔබතුමා ගේට්ටුව ඇරලා තිබ්බා කියලා මට පුළුවන්ද ඔබතුමිගේ මිදුල කැත කරන්න?

:       3       178

Dj Monday, 28 January 2019 11:38 AM

ගඩොල් ගොඩකට නැග්ග කියල හිරේ දාන්න ඕනද

:       112       615

අමින්ද Thursday, 07 February 2019 09:42 AM

“තරුණ යන වචනයට දිය හැකි එක් අරුතක් වන්නේ දිලිසීමය. යුගය වර්ණවත් කිරීම එම තරුණයන්ගේ වගකීමය. රටක ජීවනාලිය ලෙස තරුණ පරපුර හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඒ තරුණයා ගුණයෙන් පැහැපත් විය යුතුය. ඥානයෙන් පෝසත්විය යුතුය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිපුන්ව පරාර්ථකාමීත්වයෙන් අනූන විය යුතුය. යුක්තිගරුක විය යුතුය. සත්‍යගරුක විය යුතුය. සටන්කාමී විය යුතුය. සිය දෙවුර මත පැටවුණු වගකීම් එයට හිමි නිසිබරින් හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවිය යුතුය. රටේ අනාගතය බාරගත යුතු වන්නේ එකී සියලු ලක්ෂණ සාර සුබාවට වගා කර ගත් තරුණ පරම්පරාවකටය.“ මේ විග්‍රහයම ඇති ජාතියකට හැදෙන්නට. ස්තුතියි ඔබ වැනි කතෘවරුන්ට. බද්‍රා නෝනෙටත් යමක් පවසමි. මහපොළවේ පය ගහල ජීවත් වෙන්න උත්සාහ කරන්න. හොඳ නරක ඔයිට වඩා අවබෝධ කරගන්න. Dj ඔබට ප්‍රතිචාර දැක්වීමටවත් නොවටී.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 40 0

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 61 0

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 676 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1174 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1104 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 221 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21135 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20413 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site