ආණ්ඩුව දියත් කළ දෝෂාභියෝග ක‍්‍රියා මාර්ග අසාධාරණ බවට හා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බවට පවතින තර්කත් අධ්‍යාපන හා ආර්ථික ක්‍ෂේත‍්‍රය ගැනත් අධ්‍යාපන, යෞවන හා නිපුණතා සංවර්ධන අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු දැක්වූ මතවාදයි මේ.
අධ්‍යාපන, යෞවන හා නිපුණතා සංවර්ධන අධීක්ෂණ මන්ත‍්‍රී
|
ප්රශ්නය:- දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉතා අසාධාරණ හා අසෝබන ලෙස ආණ්ඩුව දියත් කර ඇති බවට ඇති බහුතර ජනමතය ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූලව ගෙන ආ එකක් බව ඒ පිළිබඳව නීති විශාරද සහ හිටපු අග‍්‍රවිනිශ්චයකාරවරයා පවා පැහැදිලි අර්ථ නිරීක්ෂණ ලබා දී තිබෙනවා. රටේ ව්‍යවස්ථානුකූලව මහජන මතය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ මහජන කැමැත්තෙන් පත්වූ නියෝජිතයන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පැහැදිලි පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තේ එජනිස යයි. ඒ මහජන මතය නියෝජනය කළ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවේ බහුතරය මහජන මතය නොවේ යැයි අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?
ප‍්‍රශ්නය:- දිවි නැගුම පනත රුපියල් කෝටි 10,600 ක සමෘද්ධි අරමුදල එක් ඇමැතිවරයකු යටතට පැමිණීම මුදල් අවභාවිතා වීමට හේතුවක් නිසා එය වැළැක්වීමටත් එම පනත ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දීමටත් දෝෂාභියෝගයට මුල නේද?
පිළිතුර:- දෝෂාභියෝගය තුළ පැහැදිලිව කාරණා 14 ක් ඇතුළත්ව තිබෙනවා නේ. ඒකේ මේ වගේ කාරණාවක් ඇතුළත්ව නැහැනේ. දිවි නැගුම මේකට අදාළ නෑ.
ප‍්‍රශ්නය:- පොලිසිය, රාජ්‍ය සේවය ජනමාධ්‍ය මෙන්ම අධිකරණයත් හීලෑ තැනක් කර ගැනීමට ආණ්ඩුව ක‍්‍රියා කරන බවට චෝදනා එනවා. එය එසේ නොවන බවට නුදුරු අනාගතයේදීම ඔප්පු කිරීමට ආණ්ඩුව සූදානම්ද?
පිළිතුර:- අනාගතයේ කළ යුත්තේ ඇයි. රජය එය ඔප්පු කරමින් පවතිනවා. පොලිසියේ ඉවසිලිවන්ත හා කාර්යක්ෂම දුරදක්නා ක‍්‍රියාපිළිවෙත් නිසා පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකම සිද්ධිදාමයක වරදකරුවන් නීතිය හමුවට ගෙන ආවානේ? කටුගෙයි සොරකම, බලංගොඩ ප‍්‍රදේශයේ ඇතිව ගිය ඝාතන රැල්ල, කැලනිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඝාතන සැකකරුවන්, ආන්දෝලනාත්මක විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම හා මුදල් වංචා හා දුෂණ රැසක් එළි කරගත්තේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා නොවේද? අද පෞද්ගලික ජනමාධ්‍ය කොතරම් රජය විවේචනය කරනවාද? ඒ සාධාරණ විවේචනය අගය කරනවා. ඒ තුළින් ප‍්‍රතිලාභ ලබන්නේ රටවැසියා. රජය විවේචන වලදී පෙන්වා දෙන වැරදිවලදී උපරිම මැදිහත්වීම කරන්න කටයුතු කර තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය රටවැසියාට තිබිය යුතුයි. ඒත් ජනයා අතරට යා යුත්තේ නිවැරදි තොරතුරුයි. මට හිතෙනවා මාධ්‍ය නිදහස අතින් ලංකාව ඉදිරියෙන් සිටිනවා. නමුත් මාධ්‍ය නිදහස කියන්නේ සමහර පුවත්පත් වෙබ් අඩවි වගේ මාධ්‍යවලින් රටේ සංස්කෘතියත් සදාචාරයත්, විනාශ කිරීම නම් නොවෙයි.
ප‍්‍රශ්නය:-දෝෂාභියෝගය ව්‍යවස්ථාවට හා රටේ නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී එය සම්මත කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනයක් නොවේද?
පිළිතුර:- ජනතා පරමාධිපත්‍යයේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුවයි. එය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හෘද සාක්ෂියට එකඟව සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිගන්නවා. විපක්ෂ නායකවරයා පවා එය පිළිගනිද්දී කිසිදු විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුව තුළදී ඒකට විරුද්ධ වුණේ නෑ.
මේ දෝෂාභියෝග තීන්දුව ගැනීමේදී ගරු කතානායකතුමා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මෙවැනි අවස්ථාවක ඒ ඒ ආණ්ඩු ක‍්‍රියා කළ ආකාරය පූර්වාදර්ශයක් කොට ගෙන තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝගවලට යටත්ව සියල්ල සිදුව තිබෙන්නේ.
එදා නෙවිල් සමරකෝන්, සරත් එන්. සිල්වා යන අග‍්‍රවිනිශ්චයකාරවරුන්ට එරෙහිව මෙවැනිම දෝෂාභියෝග ගෙන ආ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය වලංගුවූවා.
ඔබ කියන 107 (3) මෙරට නීතියක් බවත්, එහි දෝෂාභියෝග කටයුතු සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට බලය පාර්ලිමේන්තුවට ඇති බවත් 107 (3) අනුව නීතියක් වුවත් නැතත්, දෝෂාභියෝගයට අවශ්‍ය සැලසුම ස්ථාවර නියෝග මගින් පමණක් සම්පාදනය කළ හැකි බව එදා දෝෂාභියෝගයකට මුහුණ දුන් සරත් එන්. සිල්වා හිටපු අග‍්‍රවිනිශ්චයකාරවරයාම ප‍්‍රකාශ කර තිබෙනවා නේද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (3) ස්ථාවර නියෝග 78 (අ) අනුව පත් කළ කමිටුව විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමත් එය බහුතරයෙන් සම්මත වීමත් ඒ අනුව අවසාන තීන්දුව ජනාධිපතිතුමා විසින් ගනු ලැබීමත් ව්‍යවස්ථානුකූල බව මගේ හැඟීමයි.
ප‍්‍රශ්නය:- නීති විරෝධී දෝෂාභියෝගයක් සම්මත කළ නිසා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහ නොවූ බව හා අලූත් කෙනෙක් පත්වීමෙන් ලංකාවට අගවිනිසුරුවරු 2 ක් සිටින බවට මතුව ඇති තර්කයට ඔබේ ප‍්‍රතිකාරය?
පිළිතුර:- තර්කය නොවෙයි වැදගත්, ප‍්‍රායෝගිකත්වයයි. දැන් අගවිනිසුරුතුමා මොහාන් පීරිස් මහතා බව රටේම අධිකරණ පද්ධතියත් නීතිඥවරුන්ටත් පිළිගන්න වෙනවා. කාලයත් සමග ඇතමුන් තුළ තිබෙන සිත් බිඳීම් පහව යාවි. සැමදාමත් තර්ක විතර්කවල බෙදී වෙන්වී ගැටුම් උග‍්‍ර කරගන්න හොඳ නැහැ.
ප‍්‍රශ්නය:- එ.ජා.ප. ය දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දීමට තීන්දු කළ නිසා ආණ්ඩුවට ගිය එජාප මන්ත‍්‍රීවරු ඊට පක්ෂව ඡන්දය දීම නිසා නඩු දැමීමට එජාපය ක‍්‍රියා කිරීම ගැන මොකද කියන්නේ?
පිළිතුර:- මහජන නියෝජිතයකු හැටියට රටේ අනාගතය හා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හිතට එකඟව නමුත් නිවැරදියි කියා හිතලා යම් තීරණයක් වෙනුවෙන් ඡන්දය දීම නීති විරෝධී යැයි කීම විහිළුවට කරුණක්.
ප‍්‍රශ්නය:- අධ්‍යාපනයේ හා උසස් අධ්‍යාපනයේ අවුල් විසඳනවා වෙනුවට තවත් අවුල් වෙන බවට රට තුළ ඇති මතය ගැන ඔබේ ප‍්‍රතිචාරය?
පිළිතුර:- අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටලූ රාශියකට හේතුව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නිසිලෙස රටේ ක‍්‍රියාත්මක නොවීමයි. අපට තිබෙන්නේ අධ්‍යාපන ආඥාපනතක්. ඒ පනත 1939 සිට අවුරුදු 72 ක් පැරණියි. ඒ නිසා ගරු ජනාධිපතිතුමා 2008 අවුරුද්දේ ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමාගේ මූලිකත්වයෙන් ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සඳහා පනතක් ඇතිකරන්න මුල පිරුවා. පාර්ලිමේන්තුවට මා පත්වූ දවසේ ඉඳන් මෙය රැුස්වූ හැම දවසෙම වගේ මම සහභාගි වුනේ මේ අවශ්‍යතාව නිසා.
මේ හරහා ප‍්‍රතිපත්තියක් විතරක් නෙමෙයි අධ්‍යාපන පනතකුත් සැකසෙනවා. ඒ පනත මගින් පැනවෙන නීති රීති හරහා බොහෝ අවුල් හා පැටලිලි ලිහා ගන්න අපට හැකි වෙයි. මේ වසර තුළ එය ක‍්‍රියාත්මක කරන්න අපට හැකි වෙයි. ඒකෙන් නිවැරදි නෛතික පරිසරයක් නිර්මාණය වෙනවා. උදාහරණ හැටියට ගත්තොත් ඉංග‍්‍රීසි භාෂාව ගැන ප‍්‍රශ්නය ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ වැටුප් හා උසස්වීම් ප‍්‍රශ්නය, ඒ වගේම පාසල් පද්ධතියෙන් ඉවත් වන දරුවන්ගේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නවලට ප‍්‍රතිපත්තිමය විසඳීම් මේ තුළ අන්තර්ගතයි. ඒවා ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මකවීමත් එක්ක අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ යයි. මම හිතන්නේ මුළු රටටත් දරුවන්ටත් බලපාන ගැටලූ විසඳන්න දරන මේ උත්සාහයේදී පටු පරමාර්ථවලින් තොරව හැමෝම මෙයට සහාය දිය යුතුයි. මේක ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන උත්සාහයක්.
ප‍්‍රශ්නය:- සාමාන්‍ය පෙළ විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටවීම වෙනුවෙන් ආණ්ඩුව දුන් විසඳුම ලකුණු නොමිලේ දීමයි. මෙය විහිළු තීන්දුවක් යන ජනතා මතය ගැන මොකද කියන්නේ?
පිළිතුර:- පවතින තත්ත්වය හා ආපදා සහිත කාලගුණ තත්ත්වය යටතේ ප‍්‍රශ්න පත‍්‍රය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට වඩා ළමයින්ට අසාධාරණයක් නොවන හොඳම ක‍්‍රියාමාර්ගය අමාත්‍යාංශය අරගෙන තිබෙන්නේ. මේ වගේ වෙලාවක ප‍්‍රශ්න පත‍්‍රය අවලංගු කර තව ප‍්‍රශ්න පත‍්‍රයක් දෙනවා කීවා නම් ළමයින් සම්පූර්ණයෙන් අවුල් වෙනවා. ඉතිරි වැඩ කොටස කර ගන්න මානසිකත්වය බිඳ වැටෙනවා. ඒ අසාධාරණය ගැන කවුරුත් එතකොට නිහඬ වෙයිද. විවේචන කිරීම පහසු වුවත් ප‍්‍රායෝගික නෑ.
කොහොම වුණත් මෙවර ප‍්‍රශ්න පත‍්‍ර පිටවීමත් සමග වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් ඔවුන්ට උපරිම දඬුවම් දෙන්නටත් ක‍්‍රියාත්මක වෙලා තියෙන්නේ. විටින් විට දරුවන් පීඩාවට ලක් කළ මේ වංචාවන් හසු කර ගැනීම ගැනත් ජනතාව ප‍්‍රශංසා කළ යුතුයි කියා මට හිතෙනවා.
ප‍්‍රශ්නය:- නීති ප‍්‍රවේශ විභාගය ජාතීන් අතර අසමගිය උග‍්‍ර කරන ජාතිවාදී වූ බවට ඇති බරපතළ චෝදනා ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද?
පිළිතුර:- ප‍්‍රසිද්ධ විභාගයකදී යම් ආයතනයක් අකටයුතු ක‍්‍රියාමාර්ගවල නිරත වෙනවා නම් එය හඳුනගන්නත් ඒ වැරදි නිවැරදි කර ගන්නත් වැරදි කළ අයට දඬුවම් දෙන්නත් ශිෂ්ට සම්පන්න ක‍්‍රියාමාර්ග තිබෙනවා. හැම දෙනාම ඒ අනුව කටයුතු කරන්න ඕන. එහිදී ප‍්‍රචණ්ඩ හා ප‍්‍රකෝපකාරී ලෙස ක‍්‍රියා කිරීම මොනම පක්ෂයකවත් ජාතියකවත්, ආගමකවත් සඳහන් වෙලා නෑ.
අමතක කරන්න එපා අන්ත ජාතිවාදයක් නිසා ඇති වූ ත‍්‍රස්තවාදයකින් අවුරුදු තිහක් මේ රට විනාශ වුණා, ලේ හැළුණා. නැවතත් ඒ අවශ්‍යතා වෙනුවෙන් ඍජුව හෝ වක‍්‍රව දායක වෙන්න ඉඩ තැබීම ලාංකිකයන්ගේ යුතුකමක්, වගකීමක් නෙමෙයි.
මෙවැනි සංවේදී කාරණා පිළිබඳව කටයුතු කරන කොට ඉතිහාසයෙනුත් ඉගෙන ගෙන පරීක්ෂාකාරීව දුරදිග බලන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- පාසැල් දහසේ වැඩපිළිවෙළ හා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වැඩපිළිවෙළ ඔබට බාර වුවත් අධ්‍යාපනයේ සෙසු වගකීම් ඔබෙන් ඈත් කොට තැබීම මේ ගැටලූවලට යම් හේතුවක් බවට ජනතාව තුළ පවතින චිත‍්‍රය ගැන ඔබේ ප‍්‍රතිචාරය?
පිළිතුර:- සමස්ත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම වගකීම භාර වූ අවස්ථාවක මේ හැම ප‍්‍රශ්නයක්ම වඩාත් කාර්යක්ෂමව ප‍්‍රායෝගිකව විසඳාලන්නට හැකියාව තිබෙනවා කියා මගේ විශ්වාසයක් තියෙනවා. ඒ කොහොම වුණත් ලැබී තියෙන අවස්ථාව ඇතුළෙත් මගේ උපරිමය මම රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ හැකි ක‍්‍රියා, කිව හැකි හැම යෝජනාවක්ම නිර්ලෝභීව, අවංකව කරනවා. ජනතාව මාව පාර්ලිමේන්තුවට පත් කළේ මේ මනුස්සයා අධ්‍යාපනයේ යමක් කරයි කියා. ඒක කවදාවත් මම අමතක කර නැහැ.
ප‍්‍රශ්නය:- පාසල් දහසේ වැඩපිළිවෙළ හා මහින්ද වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සද්දේ තරමට ප‍්‍රමාණවත්ද?
පිළිතුර:- මේ වන කොට පාසැල් 409 කම තාක්ෂණික විද්‍යාගාර වැඩ ආරම්භ කර අවසන්. ඉතිරි පාසල් සඳහා කොන්ත‍්‍රාත්කරුවන්ට ඒ භාරදීම කරගෙන යනවා. මගේ මැදිහත්වීමෙන් මේ විද්‍යාගාරයක් මිලියන 06 කින් රත්මලාන කොතලාවලපුර විද්‍යාගාරයේ නිම කර ආදර්ශයක් දුන්නා. මේ මිලියන 06 ට 25% ක ලාභයකුත් සමග මිලියන 08 කට මේක කරන්න බැහැ කියා කොන්ත‍්‍රාත්කරුවන්ට කුමන්ත‍්‍රණකාරී පණිවුඩයක්දී මෙම වැඩපිළිවෙළ අපහසුතාව පත් කරන්න උත්සාහ කළත් නිවැරදි මූල්‍ය කළමනාකරණයකින් මේවා නිම කරන්න ඔවුන් දැන් එකඟතා ඇති කරගෙන යනවා. මාධ්‍යවලින් පෙන්වන්න උත්සාහ කරන්නේ වැරදි හා අඩුපාඩුකම් විතරයි. ඒකත් නරක නැහැ. ඒත් මේ යහපත් දේවල් ප‍්‍රගතියේ ගමනක්. ඒ හා සමානව ජනතාව අතරට ගෙන යනවා නම් ඔය කියන සුළු වැරදි චිත‍්‍ර නිවැරදි වේවි.
ප‍්‍රශ්නය:- තරුණයන්ගේ විරැකියාව, ජනතාවගේ අධික ජීවන බර දැරිය නොහැකියි. ජනතාව අන්දන කයිවාරු වලින් තොරව ආණ්ඩුවට විසඳුමක් ඇත්තේම නැද්ද?
පිළිතුර:- රටේ විවිධ ක්‍ෂේත‍්‍රවල රැකියා ඉල්ලූමක් පවතිනවා. නමුත් පාසල් පද්ධතිය තුළින් එළියට යන දරුවන් ඒ සඳහා යොමුවන්නේ නැහැ. වෘත්තීය පුහුණුව හා ශිල්පීය ඥානය නැතිකම, සිත කය වෙහෙසා දහඩිය මහන්සියෙන් රැකියා කරන්න තියෙන අකමැත්ත නිසා රැකියා වෙළෙඳ පොළ ඉල්ලූම හා සැපයුම අතර හිඩැසක් තියෙනවා. අද හැමෝම හොයන්නේ ශීත කාමරවල, සුදු කරපටි රැකියා. ඇත්ත ඒක නෙමෙයි ද? මේකට ඇත්තටම මාපියනුත් දරුවනුත් යම් තරමකට තම වගකීම් භාර නොගැනීමත් අඩුපාඩුවක්. මොකද දරුවාගේ විභවයන් හඳුනාගත යුතුයි. ඔහුගේ ශාරීරික මානසික විභවය තුළ කුඩා කල කරන ක‍්‍රියාකාරකම් තුළින් ඔහුගේ අනාගතය පෑදිය යුත්තේ.
හැමෝම ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් කරන්න බෑ. ගොවි කම්කරුවන්, විවිධ ශිල්පීන් ලෝකයේ පැවැත්මට උර දෙනවා. ඒ තුළින් නූතනයත් එක්ක බද්ධ වුණ වෘත්තීය ගෞරවය ආරක්ෂා කරන්නයි නිපුනතාවයි අනාගතය කියා අපි හඳුන්වන්නේ. යම් කිසිදෙයක් පොඩියෙන් හෝ පටන් ගන්න ඕනෑ. තරුණයෝ හොයන්නේ එක පාර විශාල පඩි, එහෙම නැත්නම් පහසුකම්, රුපියල් දහ දාහකින් රැකියාවකට යන්න. ඒක මදි කියා මම දන්නවා. හැබැයි ඒ දහ දාහෙම තරුණයන් හිටියොත් තමයි වරද. දරිද්‍රතාව ගැන, විරැකියාව ගැන තතා කර කර එකතැන හිටියොත් හැදෙන්නේ කොහොමද?
ප‍්‍රශ්නය:- රටේ ආදායමෙන් 97% ක් ණය හා වාරික ගෙවීමට වැයවෙනවා. ඒ තුළ දැන් අධික පොලියට ගත් ණය වලින් දුවන රටකට අනාගතයක් තිබිය හැකිද?
පිළිතුර:- වර්තමාන ආර්ථික ක‍්‍රමය තුළ ඕනෑම ව්‍යාපාරයක් රටක් සංවර්ධන කටයුතුවලට ණය ගැනීම ස්වභාවිකයි. ඒවා නිවැරදි ලෙස භාවිත කර ඒ මගින් කෙරෙන නිෂ්පාදනය හා නිපදවීම් හරහා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමයි වෙන්න ඕන.
ප‍්‍රශ්නය:- දැන් ඒකපුද්ගල ණය බර රු. තුන් ලක්ෂ හතළිස් නවදාහක් වීම තුළ ආශ්චර්ය මායාවක් නොවේද?
පිළිතුර:- පුද්ගලයන්ගේ ආදායමට සාපේක්ෂව අපේ රටේ බදු ගෙවන සංඛ්‍යාව හා වාර්ෂිකව එකතු වන බදු ප‍්‍රමාණය ඉතා අඩුයි. නිවැරදි ලෙස බදු ආදායම් නොලැබීම ණය වැඩිවීමට හේතුවක්. රජය වශයෙන් ඒ ණය ගෙන තිබුණත් මිනිසුන් අත තිබෙන සල්ලි හා සම්පත් සැසඳීමේදී නොගෙවූ බදු මුදල් සැසඳීම ඒක පුද්ගල ණය බර වැඩිවී පෙනීමට හේතුයි. කොහොම වුණත් මේ තත්ත්වය මඟහරවා ගන්න රජය ක‍්‍රියාත්මකයි කියා මම විශ්වාස කරනවා.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෝෂාභියෝගයේ ජය බහුතර ජන මතයයි
සංක විජේසිංහ Sunday, 27 January 2013 12:56 AM
ජනතාමතය බලාගන්න පුළුවං තවටික කාලෙකින්..!(නු)
සරත් Monday, 21 January 2013 09:10 PM
ඒක කොහොමද මහජන මතය වෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සුමනා Wednesday, 23 January 2013 12:21 PM
බලයේ ඉන්න කාලයේ හැමෝම හිතන්නෙ මෙහෙම තමයි. (නි)
සිල්වා Monday, 21 January 2013 03:16 PM
වෙන්න පුළුවන් (දී)
ලලිත් කුවේට් Monday, 21 January 2013 05:10 PM
මෙතුමා මගෙත් ගුරුවරයෙක් උපකාර පන්තිවලදි, ප්‍රශ්නය තියෙන්නේ මහජන ඡන්දේ අරගෙන පාර්ලිමේන්තුවට ගිහින් තමන්ට සිතෙන දේවල් කරන එක ගැනයි. (අ)
සේනක Wednesday, 23 January 2013 08:36 PM
මෙතුමා මගෙත් ගුරුවරයෙක්. ඒත් මම ඔහු ගැන වැඩිය දන්නෙ නැහැ (නි)
හේමන්ත Monday, 21 January 2013 10:44 AM
අපි ඡන්දෙ දුන්නේ අපි පිළිගන්න ප්‍රතිපත්ති තිබෙන පක්ෂයේ අරමුණු නියෝජනය කරවන්න. ඒත් පෞද්ගලික වාසියට අපේ මතය පාවාදීම හරි කියලා කියන්න පුළුවන්ද? (නි)
අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 10:42 PM
කොහෙද ජනමතයක් තිබුණෙ..!(නු)
අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 10:54 PM
මහජනමතයටම වැඩකරන අය කියලා කොහොමත් අපි දන්නවා..!(නු)