IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දෙසිය වසරකට පෙර දිවිපිදු මද්දුම බණ්ඩාර වීරයා

ලංකා ඉතිහාසයේ හෝ සමහරවිට ලෝක ඉතිහාසයේම සඳහන් වන රජ කෙනෙකුගේ අණින් කළ කෲරතම මිනිස් ඝාතනය අදින් අවුරුදු දෙසීයකට පෙර එනම් 1814 මැයි 17 වැනි දින සෙංකඩගල නුවර නාථ දේවාල භූමිය අසල වැල් බෝධිය අබියසදී සිදු විය. කන්ද උඩරට රාජ්‍යයේ අවසාන වරට රජ වු ශ්‍රී වික‍්‍රම රාජසිංහ අණින් එදින රටේ අග‍්‍රාමාත්‍ය නොහොත් එකල ව්‍යවහාරයෙන් මහ අධිකාරම් පදවිය දැරූ ඇහැලේපොල මහ නිළමේගේ දරුවන් තිදෙනා ඇතුළු භාර්යාවද, රජුගේ බෙහෙත්ගේ මුහන්දිරම් පදවිය ඇතුළු මහ ගබඩා නිළමේ පදවිය දැරූ නායකයා වූ පුස්සැල්ලේ හා ඔහුගේ පවුලේ උදවිය ඇතුළු තවත් උඩරට ප‍්‍රධානීන් කීප දෙනෙකුගේම ගෙල සිඳ මරා දමන ලදී

 


 

ඇහැලේපොළ කුමාරිහාමි හා පුස්සැල්ලේ කුමාරිහාමි ඇතුළු තවත් කාන්තා පිරිසක් ද එකල කාන්තාවන්ට දඬුවම් ලබාදෙන සම්ප‍්‍රදායට ඉඳුරාම පටහැනිව බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීය. රජු මෙම දඬුවම පැමිණවීම මාලිගාවේ පත්තිරිප්පුවේ සිට මහත් උජාරුවෙන් බලා සිටි නමුත් කාන්තාවන්ට දඬුවම් පමුණුවන අවස්ථාව වන විට සිය අසුනෙන් නැගිට මාලිගාව තුළට ගොස් තිබුණි.

රජු සමග මේ දරුණු වධහිංසා පමුණුවනු බලා සිටියවුන් අතර ඇහැලේපොළගේ අනුප‍්‍රාප්තික වු මොල්ලිගොඩ සහ රජ මාලිගාවේ පුතකු මෙන් හැදී වැඩුණු ‘හාරිස්පත්තුවේ සුදු කොල්ලා’ හා තවත් පිරිසකි.

රජුගේ දුෂ්ඨ කෝපාග්නිය ඉන් නොසංසිඳි ගහලයන්ට අණ කළේ කොහොන්සිය පත්තුවෙන් පටන් ගෙන කන්ද උඩරට රාජ්‍යයේම තිබු ඇහැළ ගස් ද විනාශ කර දමන ලෙසය. ඇහැලේපොළ මහ අධිකාරම් නොහොත් අග‍්‍රාමාත්‍යධූරයට පත් කරනු ලැබුවේද රජුට කන්නසාමි නම අතහැර දමා දහඅට වියේදී ශ්‍රී වික‍්‍රමරාජසිංහ නමින් 1798 දී රජකමට පත් වීමට උදව් කළ පිලිමතලාව මහ අධිකාරම්ගේ හිස 1812 දී ගසා දැමු පසුවය.

ඇහැලේපොළ මහ අධිකාරම් වුයේ කෙසේද?
කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1783) ලංකාවේ රජකළ දෙවැනි වඩුග රජුය. මේ රජතුමා 1783 තෙක් රජකළ බවට ඉතිහාස පොත්වල සඳහන්ව ඇතත් ඔහු 1780 දී සෙංකඩගල නුවරදී අශ්වයකු පිටින් වැටී මිය ගිය බව සමහර ලේඛනවල සඳහන්ය. රජතුමාගේ රාජ්‍යය සමයෙහි විල්බා ගෙදර මුදියන්සේ ඇතුළු පිරිසක් සියම් රටට යවා එරටින් ගෙන්වා ගත් ස්වාමීන් වහන්සේලාගේ ආධාරයෙන් මෙරට උපසම්පදාව යළි ඇති කිරිමේ ශාසන මෙහෙවර කළේය.

මේ රජතුමාගේ මහ අධිකාරම් වුයේ රන්මලක මහ නිළමේය. ඔහු තඹලගමුව හා කොට්ටියාරම් ද (නැගෙනහිර ප‍්‍රදේශයේ) භාරව සිටියේය. මෙම ලියුම්කරු රන්මලක ගමට ගොස් විස්තර සොයා ගැනීමට උත්සාහ කළත් අද එහි පදිංචිකරුවෝ වැඩි පිරිසක් මුස්ලිම් වැසියෝය.

රජතුමාට සිය අමාත්‍යය මණ්ඩලයට භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට අවශ්‍ය විය. රජු තමාගේ බත්වඩන නිලමේ කැඳවා නියම කර සිටියේ මෙම භෝජන සංග‍්‍රහයට කුරක්කන් වලින් පමණක් පිළියෙල කරන ලද රසවත් හා ප‍්‍රණීත හා සුගන්ධීය(Savory) කුරහන් ආහාර වර්ග මෙන්ම උපඛාදයන්ද (Dessert)  ලබා දිය යුතු බවය. රජ අණ එලෙසම ඉටුවිය. නියමිත දිනයේදී සියලූම අමාත්‍යවරුන් හා ආරාධිත ප‍්‍රභූන්ද භෝජන ශාලාවේ තමාට නියමිත තැන්වල අසුන් ගත්හ.
පැමිණි සිටි සියලූ දෙනාම ආහාරය භුක්ති වින්දෝය. හිටි ගමන්ම මහා ශබ්දයක් නගමින් ආහාර වර්ග බිමට විසි විය. රජතුමා ද අන්දමන්ද වී අසුනින් නැගිට සිදුවුයේ කුමක්දැයි පිරික්සීය. කිසිවෙකුට අදහා ගත නොහැකි දසුනෙකි. රන්මලක මහ අධිකාරම්තුමා කුරහන්වලින් සෑදු ආහාර ඉවතට විසිකර ‘‘මහ රජතුමනි මම රන්මලක මිස කුරහන් මලක නොවේ. මගේ වලව්වේ බල්ලාවත් කුරහන් කන්නේ නැහැ.’’ යි. ගෝරනාඩු කරමින් බිම වැතිර උන්නේය. පසුව රන්මලක නැගී සිටියේ ඇහැලේපොළගේ පියා වු එවකට පණිවුඩකාර නිළමේ ධුරය දැරූ ඇහැලේපොළගේ පෙරැුත්ත නිසාය. රජතුමාට කළ හැකි දෙයක් නොවීය. ඔහුට රන්මලකගේ බෙල්ල ගසා දැමීමට හැකි වුවත් එසේ නොකළේ පසුව දඬුවමක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි.

රජතුමා පසු දවසක නියම කළේ හැකි තරම් සුවඳවත්  කුරහන් ආහාරයක් පිළියෙල කරන ලෙසටය. ඉන් පසුව බල්ලාද රැගෙන මහ වාසලට පැමිණෙන ලෙස රන්මලකට අණ කළේය. දුරදර්ශී ගුණයෙන් යුත් රන්මලකද සිද්ධියෙන් පසු බල්ලාට කෑමට හැම දිනකම දුන්නේ කුරහන් ආහාරය. රජ අණෙන් රැුගෙන ආ බල්ලාටද කෑමට දුන්නේද කුරහන් වලින්ම පිළියෙල කළ ආහාරය. බල්ලා ආහාර වලට ඉව අල්ලා ඉවතට දිව ගියේය. රජතුමා ප‍්‍රීතියට පත්ව උඹ නියම රන්මලක් කියා එදා සිට තම හිතෛෂීභාවය හා විස්වාසය තවත් දැඩි කර ගත්තේය.

රන්මලක දැඩිසේ ගිලන්ව සිටි දවසක රජතුමා ඔහුගේ සුවදුක් බැලීමට ගොස් අසාධ්‍යව සිටි ඔහුගෙන් පසුව මහ අධිකාරම් ධුරයට සුදුස්සෙක් කවුදැයි විමසීය. රජතුමනි මේ පදවිය භාර ගැනිමට මගේ සහෝදර අප්පුහාමි හැර වෙනත් සුදුස්සෙක් සිටීදැයි විමසීය. ඒ අනුව අප්පුහාමි පසුව පිළිමතලාව නමින් මහ අධිකාරම් ධුරයට පත් වුයේය. පිළිමතලාවගේ හිස 1812 දි ශ්‍රී වික‍්‍රම රාජසිංහ නියමයෙන් ගසා දැමු පසුව පුංචිරාල මහ අධිකාරම් නිලයට පත් වුයේ ඇහැලේපොළ නමින්ය. ශ්‍රී වික‍්‍රම රාජසිංහගේ මහ අධිකාරම් ලෙස දෙවසරක් එම නිලය හොබවා ඇහැලේපොළ 1829 අප්‍රේ‍්‍රල් මාසයේදී පනස් හය හැවිරිදිව මිය ගියේය. එදා ඇහැලේපොළ අගමැති ධූරය පල්ලේ ගම්පහ අධිකාරම් ධුරය, සෙනෙවිරත් ධුරය ආදි ධුරවලින් පිදු බව මෙම කවියෙන් කියවෙයි.


‘‘පල්ලේ ගම්පහ මහඅධිකාරම් හට සෙනෙවිරත්න නම පටබැන්දාවත්
හත්පොට මාලේ කරට දමාලා ඇතා පිට ඇරියාටත්’’

 


ඇහැලේපොළ පවුල් පසුබිම
ඇහැලේපොළ සන්නස අනුව මෙම පවුලේ ප‍්‍රභූන් දෙවැනි රාජසිංහ (1635-1684), ඔහුගේ පුත් දෙවැනි විමලධර්මසුරිය (1684-1709), මුණුබුරු නරේන්ද්‍රසිංහ (1709-1739) හා විජයරාජසිංහ (1739-1741) යුගයෙන් ඇරඹි වඩුග රජවරුන්ගේ අවසානය වු ශ්‍රී වික‍්‍රම රාජසිංහ (1798-1815) දක්වා උඩරට රාජධානියේ අවසානය තෙක් ඇහැලේපොළවරු මත මහ අධිකාරම් පදවිය ආදි උසස් පදවි දරා ඇත. එම අයගෙන් සමහරක් නම් වරදමන විජයසුන්දර මුදියන්සේ, මැදබැද්දේ ඒකනායක මුදියන්සේ, බුවනෙකබාහු තෙරුන් වහන්සේගේ පරම්පරාවට අයත් ශ්‍රී නිවාස තෙරුන් වහන්සේගේ මුණුබුරෙකු වු විජයසුන්දර මුදියන්සේ පසුව ඇහලේපොල විජයසුන්දර වික‍්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ ආදින්ය. මොවුන් කෝරලේ පදවිය, බත්වඩන නිලමේ පදවිය, දියවඩන නිලමේ පදවිය, මෙන්ම මාතලේ, තමන්කඩුවේ, හත්කෝරලේ, නුවර කලාවිය, සබරගමුව ආදියෙහි දිසා පදවි මෙන්ම රජ වාසල, බත්වඩන, සළුවඩන, පයින්ඩකාර ආදි නිලතල දරා ඇත. අප අද සිහිපත් කරන ඇහැලේපොලට රජවරුන් විසින් දී ඇති සන්නස් පත‍්‍රය මෙසේය.

‘‘විජයසුන්දර වික‍්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ නම් වු මෙම ඇහැලේපොළ මහ නිලමේගේ දරු මුණුබුරු පරම්පරාව පවත්නා තෙක් පලිමරාළ මඩිහුංගම් නැතිව ප‍්‍රවේණි සැලැස්මට භුක්ති විදිනා හැටියට ශත වර්ෂ එක්වා දහස් සසිය හැට හතට පැමිණි ක්‍රොධන නම් වු මෙම වර්ෂයෙහි නිකිනි මස අව විශේනිය නම් තිථිය ලත් සඳුදා මෙදවස සන්නස් තාඹ පත‍්‍රය දෙවා වදාළ පනතේ එසේම පණිවුඩ පනතයි.’’

මෙම සන්නස් පත‍්‍රයේ දීමනාව පිළිබඳ පවත්නා ව්‍යවහාරික වර්ෂය අනුව අර්ථ දක්වන මහනුවර ප‍්‍රදේශයේ ගණිතය පිළිබඳ විද්වතෙකු වු ආචාර්්‍ය පී.ජි. චාර්ල්ස් මෙසේ පවසයි.

‘‘සන්නස කි‍්‍ර.ව 1745.08.16 දින ප‍්‍රදානය කොට ඇත. පසළොස්වක පෝයට පසුව එළඹෙන පළමු දිනය අවපෑල තිථියද, දෙවැනි දිනය අවදියවක තිථියද, තුන්වැනි දිනය සියවක තිථියද, හතරවැනි දිනය ජලවක තිථියද, පස්වැනි දිනය අව විශේනිය තිථියද ලැබු සඳුදා දිනයක් වන බවයි. මෙහිදී සඳහන් කළ විශේෂ සිද්ධියක් වන්නේ ජනාධිපතිතුමා විසින් මෙතෙක් රිමාන්ඞ් හිරගෙදර වු මහනුවර ඇහැලේපොල වලව්ව පෙර පැවැති පරිදි වලව්ව අලූත්වැඩියා කොට පුරාවස්තු කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යාමට මෙන්ම මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කර තැබීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට දුන් නියෝගය ශත වර්ෂ දෙකකට පමණ ආසන්න කාලයක් තුළ ඇහැලේපොළවරුන් ජාතියට කළ සේවයට කෘතගුණ සැලකීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය ජාතියේම අභිමානයට ලක්විය යුතුවා පමණක් නොව අද ලංකාවේ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල තව ශත වර්ෂාධික කාලයක් ජාතියට ආරක්‍ෂා කර දීම පිළිබඳව උඩරට රාජධානියේ සෑම පුරවැසියෙකුගේම ගෞරව ප‍්‍රණාමය මෙන්ම කෘතගුණ සැලකීමද අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. මන්දයත් මෙතෙක් සිටි කිසිදු රාජ්‍යය නායකයෙක් මේ සඳහා අවධානය යොමු නොකළ බැවිනි.
 


විරසකයට හේතු
‘‘ලී’’ නම් ඉතිහාසඥයා ඔහුගේ ලංකා ඉතිහාසය පොතෙහි 1085 පිටුවෙහි සඳහන් කරන්නේ ‘‘අඩිගාර්’’ යන්න සුප‍්‍රිම් උසාවියේ විනිසුරු පදවියක් වැනි නිලයක් බවය. ඔහුට සිවිල් හා ක‍්‍රිමිනල් බලතල අසීමිතව හිමි වු අතර රටේ ඉහළම නම්බු නාමයද හිමි වු බවය. ඔහුට දඩ ගැසීමට හිර දඬුවම් දීමට මෙන්ම පදවිවලට පත් කිරීම මෙන්ම අස් කිරීමටද බලතල තිබුණි. ඔහු යන ගමන් වලදී සිය නිලයට අදාළ රිදීයෙන් හා රණින් නිමකළ මැණික් එබු යෂ්ඨියක් රැුගෙන යයි. පෙර ගමන්කරුවන් කස පුපුරවමින් බෙර, දවුල්, හොරණෑ ආදි වයමින් යන අතර ආරක්‍ෂකවරු හා හේවායෝ දෙපසින් ගමන් කරති.

මේ පහසුකම්, වරප‍්‍රසාද රජතුමා හැරෙන විට භුක්ති වින්දේ මහ අධිකාරම්ය. ඔහුට සබරගමුවේ මහ දිසාව පදවියද මහ අධිකාරම් වීමට පෙර පණිවුඩකාර නිලමේ, මහ ගබඩා නිලමේ, පල්ලේවාසල ගබඩා නිලමේ, මඩුවේ ලේකම් ආදි මාලිගාවට සම්බන්ධ නිලයන් මෙන්ම හතර කෝරළේ හා හත් කෝරළේ දිසා පදවිද හිමි විය.

රාජ සභා සමකාලිකයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීම පුදුමයක්ද? රජතුමාගේ විවාහ මංගල්‍යය උත්සවයේදී මහ අධිකාරම් විසින් ලබා දෙන ලද මංගල තෑග්ග එතරම් වටිනා තෑග්ගක් නොවුයේ යැයි රජුගේ යටි හිතෙහි තරහක් ඇති විය. මෙය තමා පළමු විරසකය. ඇහැලේපොළ කුමාරිහාමි රූප සම්පත්තියෙන් අනූන කාන්තාවකි. රජතුමාට ඇය පිළිබඳව සිතක් ඇති විය. මේ සමගම දෙවැනි අධිකාරම් වු මොල්ලිගොඩ ද ඇය කෙරෙහි උනන්දුවක් දක්වන ලදුව මීට පෙර අවස්ථාවක ඇගේ උදහසයට ලක්ව සිටියේය. ඇගේ රූප සොබාවය එංගලන්තයෙන් පැමිණි මහාචාර්යවරයෙක් මෙසේ විස්තර කර ඇත.

"Her bear arms and feet will very much serve as a model for any sculptor. Kandyan women like the Georgians have a reputation for beauty"

රජතුමා ඇයට මාලිගාවට පැමිණෙන ලෙස කීපවරක්ම ඉල්ලා සිටියත් ඇය එම ඉල්ලීම ඉවත දැම්මේ කිසිම ගරු සරුවක් නැතිවය. ඇහැලේපොළ සබරගමුවට ගොස් රජකම ගැනීම සඳහා සුදානම් වන බවටද කේලම් බස් රජුට කීවේ සමහර ඇමතිවරුය. ඇහැලේපොළ රත්නපුරේ බටුගෙදර සිට ඇස්වැද්¥ කුඹුරු යාය අදටත් දැක ගත හැකිය. ඇහැලේපොළට ආපසු සෙංකඩගලට එන ලෙස රජතුමා යැවු ලියුම්වලට ඔහු එවු පිළිතුරු කන්දේපොල අතරමග සිට වෙනත් ආකාරයට ලියා රජතුමා වෙත ලැබීමට සැලසීය.

ඇහැලේපොළ සබරගමුවට ගොස් සිටි දිනෙක රාත‍්‍රි සඳඑළිය වැටී ඇති මග දිගේ අසු පිටින් ගිය රජු ඇහැලේපොළ වලව්වේ දොරට තට්ටු කළාය. මේ මහ රාත‍්‍රියේ ඇහැලේපොළ නැති අවස්ථාවේ දොරට තට්ටු කරන ජගතා කවුද? සිය දරුවන් හා ගෘහ සේවිකාව සමග තනියෙන් සිටි ඇය දොර අඩවල් කරමින් මිදුල දෙස බැලූවාය. ඇයට අදහාගත නොහැකි අමුත්තෙකි. ශ්‍රී වික‍්‍රම රාජසිංහ අසු පිටින් බැස සිටී. ඇගේ ඉවසීමේ සීමාව ද ඉක්ම යයි.

‘‘ලැජ්ජා නැති මහ රජ ස්වාමියා නැති ගෙදරකට මේ රෑ හඳ එළියේ පැමිණීම රජ කෙනෙකුට වටිනවාද? වහා මෙතනින් පිට වෙන්න.’’ රජු මුවින් නොබැන අසු පිට නැගී හඳ එළියේම මාලිගයට පසු බැස්සේය. ඇහැලේපොළ වහාම අල්ලාගෙන ඒමට මොල්ලිගොඩ පිටත් කර යැවීය. පලිගැනීමට මොහොත එන තුරා බලාසිටි මොල්ලිගොඩට මීටත් වඩා හොඳ අවස්ථාවක් තිබේද? ඇහැලේපොළ සෙංකඩගලට එන මුවාවෙන් අසු පිටින් එන අවස්ථාවේ ගුරුබැබිලේදී අසු හරවා කොළඹ ගොස් ඉංග‍්‍රිසීන්ට එකතු විය.

 


කෲර මිනිස් ඝාතනය
මෙම ඝාතනය පිළිබඳව මෙතෙක් අප‍්‍රකට තොරතුරු පමණක් මෙහිදි ලියමි. මක්නිසාද යත් බොහෝ තොරතුරු මවිසින් සපයා ඉරිදා පුවත්පත්වලට විටින් විට ලියා ඇති බැවිනි. ඇහැලේපොළ නිලමේගේ සොයුරියක් වු කැප්පෙටිපොලගේ භාර්යාවද මේ අවස්ථාව වන විට ඇහැලේපොල වලව්වේ සිට ඇත. මේ වනවිට සිදුවීමට නියමිත කෲර මිනිස් ඝාතනය පිිළිබඳ හෝඩුවාවක් රජ මාලිගයින් රහසේම ඇහැලේපොළ වලව්වට ලැබී ඇත. එය රජ මාලිගයෙන් ලැබුණු රහස් පණිවුඩයකි.

එම රහස් පණිවඩුය ලත් සැණින්ම කැප්පෙටිපොල කුමාරිහාමි රහසින්ම පැන ගියාය. රජ මාලිගයට පැමිණෙන ලෙස ඇහැලේපොල පවුලේ අයට කරන ලද අණ ලැබුණේ එ සමගය. කුමාරිහාමි දරු තිදෙනාද සමග රජ මාලිගයට ගිය අවස්ථාවේ වලව්වේ නතර කර ගිය තවත් දැරියක් ඇහැලේපොළගේ මොහොට්ටාල :ඡුරසඩ්එැ ීැජරුඒරහ* විසින් මාතලේට රැගෙන ගොස් ඇය එහිදී ඇති දැඩි වු නමුත් ඒ පිළිබඳ තොරතුරු දන්නා අය විරලය.

රජුගේ බෙහෙත්ගේ මුහන්දිරම් හා මහගබඩා නිලමේ පදවිය දැරූ රජුට රතු අරක්කු බීමට පුරුදු කළ පුස්සැල්ලේ නිලමේ දෙතිස් වධ දී මරණ විට ඔහුගේ මරලතෝනි, මල් වත්ත පන්සලට ද ඇසී ඇත. ‘‘අයියණ්ඩිය බිය නොවන්න මැරෙන සැටි මම පෙන්වමි’’ යි කියු මද්දුම බණ්ඩාර ඇතුළු දරුවන්ගේ ගෙල සිඳ දමද්දී රජු ඒ සියල්ල නරඹා පත්තිරිප්පුවෙන් ඉවත් විය.

”මෙම දඬුවම් පත්තිරිප්පුවේ සිට ප‍්‍රකාශ කළේ මොල්ලිගොඩය. රජුගේ සළුවඩන නිලමේ ඒවා අනුමත කළේය. රජ්ජුරුවෝ ඒක හරි කියා පත්තිරිප්පුවෙන් ඉවත් වූහ. ඉන් පසුව තමා මොල්ලිගොඩ ඇහැලේපොළ කුමාරිහාමි හා කාන්තාවන් මැරීමට අණ දුන්නේ. එදා කාන්තාවන්ට දුන් දඬුවම රටින් පිටුවහල් කිරිමය. එය ඔහුට කළ මදිපුංචි කමට පලිගැනීමකි. සිද්ධිය සැල වු පසුව රජු කියා ඇත්තේ එක මොල්ලියක් තියෙන ගොනෙක් නම් ලේසියෙන් හසුරුවන්ට පුළුවන් නමුත් මේ මොල්ලිගොඩක් ඇති ගොනා කළ වැඩයට තමා ද දුක්වන බවය. හත් අවුරුදු මද්දුම බණ්ඩාර මරණය අභියස පෙන් වු නිර්භීත බව ලොව කොහේවත් එම වයසේ දරුවකුගෙන් වාර්තා වී නැත. කොළඹ යුගයේ කවියෙක් මේ අනුවේදනීය සිද්ධිය ලියා ඇති කවි පෙළක අවසාන කවියෙන් මෙම ලිපිය නිම කරමි.


නලියා සිරුර විදි ලේ කැට ඉවත     ගලා
පිළිගති මහපොළව තණ බුමුතුරුණු     එලා
දෙදහස් වසක් තිබු ජාතිය උරුම     වෙලා
නිදහස් කිරුළ මේ දරුවා සමග     මළා


(ටී.බී. පෝහත් කෙහෙල්පන්නලගේ පොතක් ආශ‍්‍රයෙන්)


 



අදහස් (0)

දෙසිය වසරකට පෙර දිවිපිදු මද්දුම බණ්ඩාර වීරයා

අජිත් Monday, 12 May 2014 12:53 AM

හර්ෂ , මෝඩ වෙන්න එපා.ඉතිහාහය ගැන නොදන්නවා නම් කට වහගෙන ඉන්න. (නි)

:       0       3

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 11:33 PM

අය්යන්ඩී,බිය නොවන්න ,මැරෙන සැටි මම පෙන්වමි. මද්දුම බණ්ඩාර පුතු ගේ නාමය ශ්‍රී ලංකාවේ නොමැකෙන ඉතිහාසයේ ලියවී අවසානය. (ස)

:       0       1

තේජා Tuesday, 20 May 2014 12:30 PM

උඩරට සමහර සිංහලයෝ එදා ලංකාව සුද්දන්ට පාවලා දුන්නේ. කුලය බලය වෙනුවෙන් රට ජාතිය ගිවිසුම් ගහලා අත්සන් කරලා දුන්නේ කව්ද කියලා ඉතිහාසය පෙන්නලා දෙනවා.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 21 May 2014 05:00 PM

පසුගිය දිනක අර ඉටි රූප හදපු අය නිකමටවත් මද්දුම බණ්ඩාරගේ මේ පිළිරුව දුටුවා නම් හොඳයි කියල හිතෙනවා. (ස)

:       0       0

සනත් Monday, 19 May 2014 05:26 PM

හර්ෂ,නොදන්න කතා දොඩවන්න එපා.උඩරට සිංහලයො නැත්නම් අද අපේ රට ගැන කියන්න වෙන්නෙ වෙන කතාවක්. (නි)

:       0       0

.ප්‍රාර්ථනා Tuesday, 27 May 2014 10:57 AM

අත්තටම මෙම ලිපිය ඉතා වැදගත්.ඔබට ස්තුතියි(දිල්)

:       0       0

ටෙරන්ස් ප්‍රනාන්දු Sunday, 11 May 2014 07:01 PM

කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්දමයි. (ස)(ස)

:       0       0

අසංක Saturday, 07 June 2014 09:02 AM

ඔයාට බොහොම ස්තුතියි. (ස)

:       0       0

තේජාන්විත Thursday, 08 May 2014 01:35 PM

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා... එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුණා... බෝගම්බර නුවර වැවේ හැම වැලි කැටයක් පවා... ආඩම්බර කදුළු වලින් අප ශෝකය නිවෙනවා... (නි)

:       0       1

දයා අලහකෝන් Saturday, 24 May 2014 06:55 PM

කවුරු මොනවා කීවත් දැන් තේරුමක් නොමැත. සියල්ල සිදුවී හමාරව ඇත.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 24 May 2014 07:36 PM

1948 නිදහස දීපු එක තමා ලංකාවේ කරුමේ. තාම සුද්දෝ එක්ක හිටියා නම් අපි ගොඩේ ගොඩ. (නදී)

:       2       2

හර්ෂ Saturday, 10 May 2014 06:06 PM

මේ වගේ ගොන් විදියට ඉතිහාසය විග්‍රහ කරන්න යන්නෙ එපා.ඔය කියන ඇහ්ලේපොල මහදිකාරම් කවුරු වෙනුවෙන්ද පෙනී හිටියෙ.ඔය කියන විදියට ප්‍රභාකරන්ගෙ පුතා ගැනත් හෙට අනිද්දට ලිපි ලියවෙයි.රාජසිංහ රජ්ජුරුවො වැරදි නම් එයාව එලවන්න ඕනි අපේ උන් මිසක් සුද්දො නෙවෙයි.ඇහැලේපොලට තිබ්බෙ බලේට කෑදරකම මිසක් රටට ආදරේ කමක් නෙවේ.එහෙව් උන්ගෙ ළමයි කොහොමද වීරයො වෙන්නෙ. (ස)

:       22       0

අශෝක Monday, 19 May 2014 06:55 PM

හරි දෙයක් කියනකොට හිත රිදෙනවනේ.(නදී)

:       0       1

මතුගම Tuesday, 10 June 2014 02:20 PM

සිල්වා උන්නැහේගේ කතාව අහලා මට දෙකොනින් හිනායනවා. වෙන කවුරුත් කීවානම් පොඩි සමාවක් තියෙනවා. ඒත් සිල්වා? (දී)

:       0       0

අසංක Friday, 23 May 2014 01:43 AM

උඩරට පවා දෙන්ට සිද්ද උනේ වඩිග රජ නිසා.එ්ක දන්නේ නැත්නම් ඉතිහාසය කියවන්න. නැතිව ඔන්න මොල්ලිගොඩට බැන්නනම් කමක් නැහැ. (ස)

:       0       0

විජේ Friday, 23 May 2014 01:46 AM

හර්ෂ , ඔයා සිංහල කෙනෙක්ද කියල නම් මට පෙන්නේ නැහැ.මොන ජාතියේ වුනත් කමක් කමක් නැහැ. දන්නේ නැති දේවල් ගැන ඉන්නවද කට වහගෙන. (ස)

:       0       6

සසින්දි Wednesday, 18 February 2015 12:58 PM

ගොඩක් ප්‍රය‍ෝජනවත් වුණා. (නි)

:       0       0

චමින්ද Tuesday, 16 September 2014 09:41 PM

ඉතිහාසයේ සිට අද දක්වාම බල ලෝභය සහ පාවාදීම් නම් ඒ ආකාරයෙන්ම නොනැසී පැවතගෙන එනවා (නි)

:       0       1

චමිනි Tuesday, 13 May 2014 09:53 PM

නුවර වැව තියන තැන තිබුනේ කුබුරක් කියල (තින්ගොල්ල කියල ) මම වෙනත් ලිපියක දැක්ක . රජ මාලිගයට බත් සපයපු. (අ)

:       0       0

සිල්වා Sunday, 11 May 2014 09:56 PM

නුවර ඉතිහාසය අපිට ආඩම්බර වන්න පුළුවන් එකක් නොවෙයි. ඔක්කෝම දඟලලා තියෙන්නේ බලයට කෑදර කමේ. (ස)

:       0       11

ගීතිකා ලියනගේ Saturday, 17 May 2014 11:28 AM

ඉතා හොඳ ලිපියක්. අවශය වේලාවකදී හමුවුණේ ස්තූතියි. (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 14 May 2014 08:52 PM

ශ්‍රි ලංකාවේ ඉතිහාසයෙන් බිඳක් මතක් කළාට ස්තූතියි (නි)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 14 May 2014 08:54 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

රන්ජිත් Thursday, 15 May 2014 02:37 PM

කෲර දඩුවමක්. නමුත් ඇහැළේපොළ කළ වැඩේ වැරදියි (නි)

:       0       0

තුෂාන් Wednesday, 07 May 2014 08:51 PM

අතීතය මතක්කර දුන්නාට ස්තූතියි! (නි)

:       0       0

වෙනුර Thursday, 15 May 2014 02:53 PM

හර්ෂ කියන කතාවත් ඇත්ත. (ස)

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5128 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site