(චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට මෙවර වයස අවුරුදු 10ක දරුවෙක් නර්ථනයෙන් එක්ව සිටියි. ඔහු රබ්බේගමුව හන්දෙස්සේ පදිංචි ඉසුරු උමයංගන මාරසිංහ වේ.
ඔහුගේ පියා රුවන් මාරසිංහ හා ඔහුගේ වැඩිමහල් දරුවා වන කසුන් මලින්ත මාරසිංහ යන අයද මෙවර දළදා පෙරහරේ පන්තේරු නර්ථනයට එක්ව සිටිති.
වසර 29 ක් පමණ දළදා පෙරහරට සහභාගී වන ඔහුගේ පියා වසර 16 ක් ජනාධිපති සම්මාන ලබාගෙන තිබේ.
ඔහුගේ පුතු වන කසුන් මලින්ත වසර 6 ක් දළදා පෙරහරට නර්ථනයෙන් සහභාගී වී වසර 2 ක් ජනාධීපති සම්මාන ලබාගෙන ඇත.
5 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉසුරු පවසන්නේ මෙතරම් වයසින් අඩු කාලයකදී දළදා පෙරහරට නර්ථනයෙන් සහභාගී වීමට ලැබීම තමාගේ භාග්‍යක් බවයි.
තම පියා හා සහෝදරයා දළදා පෙරහරේ නර්ථනයයෙන් දායක වන අයුරු දැකීමෙන් තමාට ද නර්ථන ශිල්පය හදාරා පෙරහරට සහභාගී වීමට ආසාවක් ඇතිවු බවයි.
පෙරහර සඳහා නර්ථන ශිල්පින් තෝරාගැනීම සිදුකළ අවස්ථාවේදී තමාට අවස්ථාවක් ලැබුණු බවත් ඒ සම්බන්ධව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.
ඉදිරියේදී තම අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කරමින් දිගින් දිගටම දළදා පෙරහරේ නර්ථන ශිල්පියකු ලෙස සහභාගී වෙමින් උඩරට නර්ථන ශිල්පය ආරක්ෂා කර ගැනීමට දායකත්වය ලබාදීම එකම අරමුණ බව ඔහු පැවසීය.
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දළදා පෙරහරේ නර්තනයට අවුරුදු 10 ක දරුවෙක්
p.d goonawardena Monday, 20 August 2018 10:19 AM
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ...
Ranjith Tuesday, 21 August 2018 04:01 AM
ඇසට කඳුලක් ආවා සතුට වැඩිකමට. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නුඹට පුතේ...
ලුම්බිණි Tuesday, 21 August 2018 04:45 AM
මෙම දරුවාගේ නැටුම් අනර්ගයි.
Hasitha Harischandra Tuesday, 21 August 2018 10:54 AM
උඩරට නර්තන සම්ප්‍රදාය රැකගැනීමට වෙර දරන අනාගත පරපුරේ දරුවන්ගේ තිබෙන දැඩි උනන්දුව පිළිබඳව ගොඩාක් සතුටුයි ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
hira Wednesday, 22 August 2018 10:57 AM
ආගම ගැන නියම කැක්කුමක් තියෙන කොල්ලෙක්. බුදු සරණයි පුතාට.
Raveendra Wednesday, 22 August 2018 03:21 PM
පුතාට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු !!
aaaasa Thursday, 23 August 2018 02:32 AM
මහා නුවර අපිට ආඩම්බරෛ පුතේ
Geetharu Thursday, 23 August 2018 08:09 AM
මේ ලක් දෙරණට පුතුනි ඔබ වාසනාවන්!