මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආවෙමි. මට කලාවට තිබුණු එකම සම්බන්ධය, සිංහල භාෂා ගුරුවරයකු වූ මගේ පියා සතු විශාල පුස්තකාලය පරිශීලනයත්, පාසල් වියේ කලා කටයුතු කිරීමත් පමණි.
පියාගේ මරණයත් සමඟ එක එක කුඩා රැකියාවන් කරමින් මධ්‍යම පාන්තිකයන් වීමට සිහින මැව්වෙමි. එක් දවසක් අහම්බෙන් ඉන්න රැකියාවෙන් එළියට වැටුණු මම රැකියාවක් ලෙස රුපියල් 250කට තුන්වැනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ටෙලිනාට්‍ය වැඩට ගියෙමි. මා සිනමාව ද ජීවිතය ද හැදෑරුවේ අත්දැකීමෙනි. සිනමාව ගැන මගේ පොත්පත් වූයේ සිනමාවේ නියුතු මිනිසුන් හා සැබෑ දර්ශන තලයන්ය. මා ජීවිතය උගත්තේ ද එසේම සැබෑ මිනිසුන්ගෙනි. අවසන මා මගේ සිනමාව සොයාගතිමි.”
මේ ‘කූඹියෝ’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් ලාංකේය ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ කාගේත් කතාබහට ලක්වූ අද දවසේදී තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය රිදී තිරයට ගෙන එන නිර්මාණශීලි අධ්‍යක්ෂවරයකු පැවැසූ කතාවයි. ඔහු නමින් ලක්මාල් ධර්මරත්න ය. කලා ක්ෂේත්‍රයේ ‘ලතා’ ලෙස ජනප්‍රිය මේ නිර්මාණශීලි අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය ‘වාලම්පුරි’ හෙවත් ‘හීන හත හමාරක්’ අද (25) සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කෙරේ. එය නිමිති කරගෙන මෙවර ඔහු සමඟ කතාබහ කළෙමු. මේ එම කතාබහේ සටහනයි.
“මම මුල ඉඳලාම චිත්‍රපට කරන්න තමයි උත්සාහ කළේ. ඒකට කවුරුවත් සල්ලි දෙන්නේ නැති හින්දා තමයි ‘කූඹියෝ’ ටෙලිනාට්‍යය කළේ. අපට ඉතින් නිෂ්පාදකවරු හිටියේ නැහැනේ. ‘කූඹියෝ’ ජනප්‍රියත්වයත් සමඟ යම් පිබිදීමක් ඇති වුණා. එතැනදී අපි තීරණය කළා චිත්‍රපටයකට යන්න. ටෙලිනාට්‍යවල නිෂ්පාදකවරුන්ට ‘රිස්ක්’ එක ගොඩක් අඩුයි. චිත්‍රපටවලට එහෙම නෙවෙයි. ‘කූඹියෝ’ ටෙලිනාට්‍යයේ කතා කළේ කොළඹ පහළ පන්තියේ ජීවත් වෙමින් ඉහළ පන්තිය වෙනුවෙන් ගේම් ගහන ගේම්කරුවකු පිළිබඳවයි.
මගේ කුළුඳුල් සිනමා නිර්මාණය ‘වාලම්පුරි’ තුළත් මා කතා කරන්නේ අගනුවරට දුර ගම්වල ඉපිද අධ්‍යාපනය මගදී අතහැරි ජීවිතය ගැට ගැසීමට අනේකවිධ ‘ෂෝට් කට්ස්’ හොයන මිනිස්සු අටදෙනකුගේ විවෘත කතාවයි. මේ අටදෙනාම වෘත්තිය ලෙස කරන්නේ මොකක්ම හෝ ටෙම්පරි පජාත රැකියාවල්. මේ සියලු දෙනාම එකතු වෙන්නේ ‘වාලම්පුරිය’ හෙවත් මුහුදු බෙල්ලන් කෙසේ හෝ කෝටි ගණනකට විකුණා තම ජීවිතයට සැප සතුට ළඟා කරගන්නයි. මට හමු වූ සැබෑ ලෝකයේ මිනිසුන් මේ වගෙයි. ඔවුන් තමන් ජීවත්වන අපායෙන් ගැලවීමට මොකක් හෝ ගේමක් ගහලා විවිධ ඛේදවාචක දිගේ ගමන් කරන අයයි. තුන්වැනි ලෝකය කියන්නේ ඒකට තමයි. එහි හැමදේම තුන්වැනි පන්තියේ තමයි.
මම අවුරුදු 19ක් තිස්සේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස පටන් අරගෙන මේ ටෙලිනාට්‍ය හා සිනමා කර්මාන්තයේ තමයි වැඩ කළේ. අදටත් දවස ගෙවෙන්නේ මේකේ අලුත් දේ බලන්න, ලෝකයේ අලුත් දේ බලන්න වගේ දේවලට තමයි. අවුරුදු 19ක් තිස්සේ ‘ෆුල් ටයිම්’ මම ඉන්නේ මේ වැඩවල. චිත්‍රපටවල ප්‍රේක්ෂකයා හා අපි අතරමැද තව කෙනෙක් ඉන්නවා. ඒ, ප්‍රදර්ශන මණ්ඩල හා සිනමා ශාලා. අපි කැමැති වුණත් නැතත් මේකට ප්‍රේක්ෂකයෝ එයි කියලා සිනමා ශාලා හා ප්‍රදර්ශන මණ්ඩල තමයි තීරණය කරන්නේ. එතැනදී ඒ අභියෝගයට අපට මුහුණ දෙන්න වෙනවා. මට විතරක් නෙවෙයි ඕනෑම සිනමාකරුවකුට ඒක පොදුයි. ලෝකයේ කොහෙත් ඒ තත්වය තමයි.
එතැනදී අපට ඔප්පු කරන්න වෙනවා තමන්ගේ චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ වැළඳගන්නා බවට. අපට ‘කූඹියෝ’ ටෙලිනාට්‍යය නැරැඹූ ප්‍රේක්ෂකාගාරයේ ලැබෙන කමෙන්ට්ස් දිගටම ලැබෙන නිසා එය යම් අස්වැසිස්ලක් වුණා. එතැනදී අපට ඔවුන්ට කියන්න පුළුවන් මෙච්චර ප්‍රේක්ෂකාගාරයක් අපේ චිත්‍රපටය බලන්න ඉන්න බව. එතැනදී අපට පෙන්නුම් කරන්න හැකි වුණා අපේ ශක්‍යතාව. ඔවුන් චිත්‍රපටයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය මත පළමු එකෙන්ම කැමැති වුණා මෙය තිරගත කරන්න. මම හිතන්නේ චිත්‍රපටකරුවන්ට මේ අභියෝගය තිබෙනවා. එය අපි හඳුනාගෙන වැඩ කළ යුතුයි. විශේෂයෙන් පළමු වැඩක් නම් එය හොඳින්ම අවබෝධ කරගත යුතු වෙනවා.
මිනිසුන්ට ඕනෑ චිත්‍රපටයක් බලන්නයි. ධාවන කාලය ප්‍රශ්නයක් නෙවෙයි. දැන් හදලා තිබෙන්නේ ටියුෂන් පන්ති කාලසටහනට අනුවයි. ඔවුන් ඒ විදිහට තමයි දර්ශන වාර හදලා තිබෙන්නේ. දැන් සිනමා ශාලාවල තිබෙන දර්ශන වාර ප්‍රමාණයට සිනමාකරුවන් ලෙස අපි සීමා විය යුතු නෑ. ඉස්සර පැය දෙක හමාරක් දක්වා සිංහල චිත්‍රපට පෙන්නුවා. දැන් වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණෙන් තමයි චිත්‍රපටවල කාලය පැය එක හමාරකට සීමා කරන්න කියා ඔවුන් ඉල්ලන්නේ. අපි ඒවාට සීමා විය යුතු නැති බවයි මගේ අදහස. දැනටමත් මගේ චිත්‍රපටයට මාර්ගගත ක්‍රමයෙන් (Online) ෂෝ ටයිම් 50ක් විතර ලැබී තිබෙනවා.
සිනමාවේ එක එක ප්‍රශ්න තිබෙනවා. හැබැයි අපි සාකච්ඡා මාර්ගයෙන් ඒ ප්‍රශ්න සුහදව විසඳාගත යුතු වෙනවා. අපේ ටාගට් එක ප්‍රේක්ෂකාගාරය මෙයට වැඩි වැඩියෙන් එකතු කරගැනීමයි. නිර්මාණය සමඟ ප්‍රේක්ෂකාගාරය පුළුල් කිරීමයි අපේ වෑයම විය යුත්තේ. මේ දිනවල අපේ සිංහල චිත්‍රපට හොඳින් තිරගත වෙනවා. පසුගිය කාලය පුරා අපට නැතුව සිටි ප්‍රේක්ෂකාගාරයක් දැන් ඇති වෙලා තිබෙනවා. ඒක යහපත් තත්වයක් ලෙසයි මා දකින්නේ. මේ වන විට අලුත් සිනමා ශාලා විවෘත වෙමින් පවතිනවා. මා හිතන්නේ සමස්තය වෙනස් වීම තමයි චිත්‍රපටවලට බලපාන්නේ කියලා. චිත්‍රපට හැදුවාට වැඩක් නෑ හෝල් නැත්නම්. හෝල් හැදුවාට වැඩක් නෑ ඒවායේ පෙන්වන්න චිත්‍රපට නැත්නම්. අලුත් ජෙනරේෂන් එකත් එක්ක අලුතින් එන්න චිත්‍රපට පෝලිමක් තිබෙනවා. ඉස්සරහට තිබෙන චිත්‍රපට බැලුවාම මා හිතන්නේ ලබන වසර දක්වා සිනමා ශාලාවලට සෙනඟ වැඩියෙන් ඒවි කියලයි. දෙපැත්ත සමබර කරලා තමයි අපි මේ තත්වය වැඩි කරගත යුත්තේ.
පොදුවේ ගත්තාම මා හිතන්නේ මෙහෙමයි. ‘කූඹියෝ’ දානකොටත් එවැනි ප්‍රශ්න ගණනාවක් ආවා. නමුත් අපිට එය ඉහළටම ගේන්න පුළුවන්කම ලැබුණා. සමාජ මාධ්‍ය හරහා විශාල ඉල්ලුමක් එයට තිබුණා, හා ඇතිකළා. මා හිතනවා චිත්‍රපටයටත් ඒ සුබවාදීම බලාපොරොත්තුව අපට උදා කර දෙයි කියලා. එහෙත් සමස්තයක් ලෙස මේ මොහොතේ චිත්‍රපට ගැන මාර කතාබහක් තිබෙනවා. ඒක සෑහෙන්න හොඳ තත්වයක්. ඒ කතාබහ දිගටම තිබුණොත් අපේ සිංහල චිත්‍රපටවලට හොඳ යහපත් තත්වයක් උදා වෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා.”
(***)
- සමන්ත යහම්පත්
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්