නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව රජයට තවමත් සුව කිරීමට අපොහොසත් වී ඇතැයි ප්‍රතිපක්‍ෂ විසින් එල්ල කෙරෙන චෝදනා පදනම්ව උද්ගතව ඇති කලබගෑනිය තවමත් නිමාවී නොමැත. මෙහි යුක්ති යුක්තභාවය කෙසේ වෙතත් අපගේ අවධානය ඊට වඩා බැරෑරුම් කලාපයකට යොමුවිය යුතු කාලයකි ක්‍රමයෙන් එළඹෙමින් තිබෙන්නේ.
මේ බොහෝ චෝදනාවලට පොදු සාධකය ආර්ථික ගැටලුවය. එදා මෙදා තෙක් සෑම රජයක්ම මේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට උත්සාහ කර ඇතත් එහෙත් මේ වන විටත් නිම නොවන ගැටලුවක් වී ඇත. ඊට අතිරේකව සමාජය කඩාවැටීමෙන් ඇතිවී ඇති ප්‍රශ්න අතර සදාචාර පරිහානිය, ජාතික අසමගිය, රැකියා හිඟය, අධ්‍යාපන ක්‍රමයේ අර්බුද අපරාධ ඉහළ යාම වැනි දේවල් ද සුළුපටු නොවේ. අනෙක් අතට භූ දේශපාලනික අර්බුද, නිමක් නැත. ආණ්ඩුව ද අපේක්‍ෂා කරන්නේ මේ කප්පරක් ගැටලුවලට පිළියම් සෙවීමටය. එහෙත් මේ මතුපිටින් පමණක් පෙනෙන උග්‍ර ගැටලු රාශියකටම විසඳුම් ලැබුණත් අප හමුවේ ඇති නොපෙනෙන බියකරු ගැටලුවකට අප කැමති වුණත් නැතත් කොයි මොහොතේ හෝ මුහුණ දිය යුතුම තත්වයයි වත්මනේ එළඹී ඇත්තේ. ඉහත කී නිදන්ගත ගැටලුවලට විසඳුම් සෙවීමට සාධාරණ කාලයක් අත්‍යවශ්‍ය බවට කිසිදු විවාදයක් නැතත් මේ ගැටලුවට නම් එවැනි කාලයක් අපේක්‍ෂා කිරීම අප සියල්ලන්ටම අනතුරුදායක වනු ඇත.
මේ මොහොතේ අප අබියස ඇති භයානකම අනතුරක් අප සියල්ලන්ටම අමතක වී ඇත. එනම් මේ වන විටත් ලෝකයම මවිත කරන ස්වාභාවික දේශගුණික ආපදා රැල්ලයි. මේවා ආපදාවලින් ඔබ්බට ගොස් බරපතළ අර්බුද බවට පත් වී ඇත. ඒ තරමටම ගැටලුව බැරෑරුම්ය. අපද මේ වන විටත් අඩු වැඩි වශයෙන් ආපදා කීපයකින්ම බැට කෑ නමුත් සියල්ල අමතකය. ආයෙත් ආපදාවක් පැමිණි විට යළිත් මතක් වෙන්නේය. ආපදා පැමිණි විට නින්දෙන් ඇහැරියාක් මෙන් උඩින් පල්ලෙන් මොනවා හෝ එදා වේල පැලැස්තර දමන අතර යළිත් එවැන්නක් වීමට ඉඩ නොතබන බවට දස අතේ දිවුරා පොරොන්දු වෙයි. එහෙත් මීළඟ ආපදාව පැමිණි විටත් වඳුරන් ගෙවල් හැදීම මෙන් යළිත් සිදුවන්නේ ද කලින් ටිකමය. එයින් හැඟවෙන්නේ කිසිදු ආපදාවකට තවමත් පූර්ව සූදානමක් නැති බවය. ආපදා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදා සහ ස්වාභාවික ආපදා වශයෙන් කොටස් දෙකකි. ස්වාභාවික ආපදා පාලනය කළ නොහැකි නමුත් පූර්ව සූදානමක් ඇත්නම් හානිය අවම කළ හැකිය. පසුගිය සුනාමි ඛේදවාචකය එසේ පූර්ව සූදානම් නොවීමේ ප්‍රතිඵලයකි.
ලෝකයේ මේ ආපදා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 පැරිස් සම්මුතියේදී මෙවැනි ආපදා ඇති වීමට ප්‍රධානම හේතුව ගෝලීය උණුසුම් වීම බවත් ඊට හේතුව මානව ක්‍රියාකාරකම් ලෙසත් හඳුනාගෙන ඇති නිසා එකී ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා ලෝකයම එකඟ වී ඇතත් ඒ අනුව ක්‍රියා නොකිරීම බවත් කිවැවෙයි. එම එකඟත්වයන් 2030 වන විට සාර්ථක කිරීමට පොරොන්දු වූ නමුත් ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හෙළිවූයේ එයින් ඉටුවී ඇත්තේ සියයට 15 පමණක් බවය. මානව ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම වසර 144 පසු වැඩිම අගය 2019 හා මෙම වසර වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ හේතු කොට ගෙන ගංවතුර නියඟ සුළි කුණාටු නිරන්තරයෙන්ම ඇති වන බව දැකිය හැකිය.
ඇමරිකාව. කැනඩාව ඕස්ට්‍රේලියාව වැනි රටවල මෑත දී සිදුවූ ලැව්ගිනි මෙන්ම කටාර් රාජ්‍යය, පාකිස්ථානය, බංගලිදේශය, ඉන්දියාව, ස්පාඤ්ඤය තුළ සිදු වූ බරපතළ ජලගැලීම් ද දැකිය හැකිය. වතුර කඳුළක් නැති ලිබියාවේ ද මහා පරිමාණ ජල ගැලීමකි. සහරා කාන්තාරයට හිම පතනයකි. ඉදිරි වසර 30 තුළ දී මාලදිවයින මැකීයන බව කියැවේ. අනික් දූපත්වලට ද ඒ අනතුර පොදුය. මේ තත්වය තුළ ලෝකයේ කිසිදු රටක් ආරක්‍ෂිත නැති බවක් පෙනේ. ගෝලීය උණුසුම වැඩිවීම පූර්ව කාර්මික යුගයට වඩා අංශක 1.5 මට්ටමට තබා ගැනීමට ලෝකය පොරොන්දු වුවත් ඒ මට්ටම පසුකරන බවය නූනත පරීක්ෂණවලින් හෙළිවන්නේ. එබැවින් එසේ වුවහොත් 2100 වන විට මානවයාට පොළෝ තලය අහිමිවීමක් ගැන විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. මේ තත්වය තුළ අප සිටින ලෝකය වෙනදාටත් වඩා ආපදා පිරි ලෝකයක් බවට නිර්මාණය වී ඇත. එහෙත් අප ඊට සූදානම් ද යන්න ගැටලුවක් වී ඇත්තේය.
අප තවමත් කටයුතු කරන්නේ සුපුරුදු පරිදි ආපදා සිදුවූ විට මරණ සහ අනාථ වූවන් සංඛ්‍යාව උදේ සවස කියා පෑමත් අනාථ වූවන් පන්සල් පල්ලි කෝවිල්වලට දඩි බිඩියේ ගාල් කර බත් පැකට් බෙදා දීමත්ය. කාලගුණ සම්බන්ධ ආයතන ගැන ද ජනතාවගේ විශ්වාසයක් නැත. එම ආයතනවල අදහස නම් ලංකාවේ පිහිටීම අනුව නිවැරදිව අනාවැකි කිව නොහැකි බවය. එසේනම් සාගරයෙන් වටවූ දූපතක් බැවින් අපට ඇති අනතුර වෙනත් රටවලටත් වඩා වැඩිය. අනාවැකි නිවැරදිව කීමට නොහැකි තත්වයක් තුළ කළ යුතුව ඇත්තේ ආපදාවලට මීටත් වඩා සූදානම් වීමය.
ලෝකයේ දැනට සිදුවන පාරිසරික ආපදාවලදී ඇමරිකාව වැනි දියුණු රටවලටද මුහුණ දීමට අසීරු බව පෙනේ. හේතුව ඒවායේ ව්‍යසනයේ දිග පළල මීට පෙරට වඩා බැරෑරුම් වීමය. සුනාමියක් හැරුණ විට අප රටේ තවමත් පවතින්නේ කාලීන ආපදා පමණි. එහෙත් ඒ මට්ටමේ ආපදා පදනම් කර ගනිමින් තවදුරටත් කල්මරමින් සිටින්නේ නම් එතරම් අඥාන වැඩක් තවත් නැත. හේතුව ගෝලීය උණුසුම වැඩි වීම නිසා සුළි සුළං, ගංවතුර, නියඟ ටොනාඩෝ, සුළි කුණාටු, ලැව් ගිනි, නායයෑම් අප හිතනවාට වඩා අතිශය බිහිසුණු වී ඇත. මේ නිසා විශාල ආපදාවකට වුවද මුහුණ දීමට සූදානම් විය යුතුව ඇත. මේ සඳහා විශේෂ අරමුදල්, බලකායවල්. ස්වේච්ඡා කණ්ඩායම්, උපකරණ, වාහන, සන්නිවේදන උපකරණ, දැනුවත් කිරීම් පුහුණුවීම්, පෙර පුහුණුවීම් ආදී මෙකී නොකී දහසකුත් එකක් දේවල්වලින් සන්නද්ධ වී සිටීම ගුණදායකය.
කොටින්ම ඕනෑම මට්ටමේ ආපදාවක් සඳහා ක්ෂණික ප්‍රතිකර්ම කළ හැකි යන්ත්‍රණයක් සකස් කිරීම දැන් දැන් සිටම කළ යුතුව ඇති යුගයකය අප ජීවත් වන්නේ. පසුගිය සමුළුවේදී දේශගුණය සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමේ පර් යේෂණ ආයතනයක් ලංකාවේ පිහිටුවීමට යෝජනා කර තිබීමද මේ අනුව සාධනීය කරුණක් වනු ඇත. එනම් නොවැම්බර් මාසයේ අසර්බයිජානයේ බකු නගරයේදී එක්සත් ජාතීන්ගේ COP 29 (Conterence & Parties) සමුළුව පැවැත්වූයේ මෙහි ඇති බැරෑරුම් කම නිසාය.
මෙවැනි ආපදා වලට මූලික හේතුව වායුගෝලය උණුසුම් වීම බැවින් ඊට හේතුව පොසිල ඉන්ධන දහනය වීමය. එය අවම කර ගැනීමට මුළු ලෝකයම එකඟ වෙතත් ගෝලීය උණුසුම් කිරීමේ වැඩි පංගුවක් දරන ධනවත් රටවල් මෙන්ම ධනවත් වෙමින් පවතින රටවල්ද අනුගමනය කරන්නේ කල්මරන ප්‍රතිපත්තියකි.
හොඳම උදාහරණය මෙවර පරිසර සමුළුවට දියුණු රටවල් 13 ක් පැමිණ නොසිටීමය. ඇමරිකාව, චීනය, මෙන්ම අසල්වැසි ඉන්දියාව ද ඊට ඇතුළත්ය. මෙම රටවල් නිසා බැට කෑමට සිදුවන්නේ අප වැනි කුඩා රටවලටය, දූපත් රටවලට ඒ අවදානම තවත් වැඩිය. ඒ නිසා මෙවැනි ආපදාවලදී ආධාර දීම සඳහා අරමුදල් සම්බන්ධව 2015 සමුළුව ගෙන ආ යෝජනාව වැදගත්ය. එහෙත් අවාසනාව නම් මේ දක්වා ආධාර මුදල් එකතු කිරීම ආඬි හත්දෙනාගේ කැඳ හැළියට සමානය. එනම් කිසිවකුත් ආධාර ලබාදී නැති බව අනාවරණය වී ඇත. එබැවින් මේ තත්වය නව රජය මගින් ගෝලීය අවධානයට යොමු කිරීම වැදගත් වනු ඇත. එමගින් කෙසේ හෝ ශ්‍රී ලංකාව ලෝක අවධානය දිනා ගැනීමට සමත් වෙතොත් එය අපගේ ජයග්‍රහණයක් වනු ඇත. එමෙන්ම ඉන්දියන් සාගරය එදාට වඩා දැන් දැන් වඩාත් වැදගත් මර්මස්ථානයක් ලෙස ස්ථාන ගත වීමත් පෙන්නුම් කරන බවක් පෙනේ
විශේෂයෙන්ම නූතන ආර්ථික විද්‍යාඥයන්ගේ මතය අනුව ලෝක ආර්ථික ගුරුත්වය ක්‍රමයෙන් ආසියාව දෙසට නැඹුරු වන බවකි පෙනෙන්නේ. එවිට ඉන්දියන් සාගරය වෙනදාටත් වඩා කාර්ය බහුල සාගරයක් වනු ඇත. මේ නිසා වාණිජ කටයුතු හරහා විශාල ආදායමක් ලබා ගැනීමට අතිරේකව ඉහත කී පරිසර දූෂණය සම්බන්ධ සාගර දූෂණය ප්‍රමුඛ කාරණයක් බවට සාධාරණීකරණය කර ගත හැකි වනු ඇත. අප නොදන්නා කරුණ නම් මේ වන විටත් නාවික ගමනාගමන නිසා ශ්‍රී ලංකාවට අයිති සාගරය අතිශයින්ම දූෂණය වන බවයි.
දැනටමත් සාගර දූෂණය අතින් ලෝකයේ පස්වන තැනට ලංකාව පත් වී ඇත. හේතුව අපද්‍රව්‍ය මෙන්ම ඉන්ධන අධික වශයෙන් ජලයට මිශ්‍ර වීමය. මෑතකදී නැව් දෙකක්ම දිය බත් වූවත් රටට ප්‍රයෝජනයක් වී නොමැත. ඊට අතිරේකව ආර්ථික ගුරුත්වය ආසියාකරයට ඒම තුළ නිතැතින්ම සිදුවන්නේ ගෝලීය භූ දේශපාලනය ක්‍රියාත්මකවීමය.
එමනිසා නාවික ගමනාගමනය යුද්ධ අභ්‍යාස වෙනදාටත් වඩා වැඩිවී සාගරය දූෂණය වැඩිවිය හැකිය. එමනිසා මේ සාගර දූෂණය සම්බන්ධයෙන් නැව්වලින් බද්දක් ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම කාලෝචිත මෙන්ම සාධාරණ වනු ඇත. ගෝලීය ආපදා අරමුදල් කෙසේ වෙතත් අඩුම තරමේ මේ හරහාවත් සංචිතයක් සකස් කර ගැනීමට මේ නිසා හැකි වනු ඇත.
කුණාටු, ගංවතුර, සුනාමි, ලැව්ගිනි එන්නේ සති අන්ත රාත්‍රී කාලයේ හෝ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දවස් මග හැර නොවේ. ඒවාට ඕනෑම මොහොතක දිවා රාත්‍රී භේදයක් නැත. පක්ෂ භෙදයක් ද නැත. එමනිසා ආපදා ප්‍රමුඛම කාරණය බවට ජනගත කර ජනතාව මීට වඩා දැනුවත් කළ යුතුය. බංකොලොත් රටකට මේ සඳහා විය පැහැදම් අසීරු වුවද සුළි සුළං, ගංවතුර, ලැව්ගිනි, ටොනාඩෝ යනාදියට මේ නැති බැරි කම් එකක්වත් වලංගු නැත. කුරුණෑගල පළාතේ නිකවැරටිය වැනි පිටිසර පළාත්වල වැඩිහරියක්ම ඇත්තේ කෘෂිකාර්මික කටයුතුය. එබැවින් අව්ව වැස්ස සමග නිරන්තර අරගලයක යෙදීමට සිදුවේ. එනිසා එදිනෙදා දේශගුණය පිළිබඳ වඩාත් සංවේදී වේ. ඒ අනුව තම ගොවිතැන් කල්යල් බලා කටයුතු කිරීමට ඔවුහු පෙළඹෙති. මේ නිසා ඔවුන් කෘෂිකර්මය පමණක් නොව එදිනෙදා සෑම දෙයකටම ’‘සූජානං සරීරේ’’ යනුවෙන් අර්ධ හාස්‍යමය වචනයක් නිතරම පවසන බව පොඩි කාලේ මට ඇසුණ දෙයකි. වත්මනේ ආපදා රැල්ල පමණක් නොව ගෝලීය භූ දේශපාලනය දෙස බැලූ විට ද ඒ සූජානං ශරීරේ එදාටත් වඩා අදටත් වැදගත් වන බව නම් සක් සුදක් සේ පැහැදිලිය.
(***)
ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබ
ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
දේශගුණික අර්බුදවලට අප සූදානම්ද?