IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ධවල මන්දිරේ පදිංචියට යන පුංචි අම්මයි-දුවයි

  26-Rasa-P4--(3)    

ඩොනල්ඞ්, මෙලනියා සහ පුතා බැරන්

 

 

2017  ජනවාරි 20 වැනිදාට ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපති බැරැක් ඔබාමා 45 වැනි  නව ජනාධිපතිවරයාට ධවල මන්දිරය බාරදී සිය පවුල සමඟ නික්ම යාමට නියමිතය. 70 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප් සිය තෙවැනි බිරිය වන 46 හැවිරිදි මෙලනියා ට්‍රම්ප් හා 10 හැවිරිදි පුත්‍රයා වන බැරන් ට්‍රම්ප් සමඟ එහි පදිංචියට යනු ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිය වන මෙලනියාගේ ධවල මන්දිර ආගමනය සුවිශේෂී වන්නේ විදේශයක උපත ලද කාන්තාවක ඇමෙරිකාවේ ප්‍රථම කාන්තාව බවට පත් වන්නේ සියවස් දෙකකට පසු වන බැවිනි. මින් ඉහත විදේශයක උපන් කාන්තාවක ඇමෙරිකාවේ ප්‍රථම කාන්තාව බවට පත්ව සිටියේ 1825 සිට 1829 දක්වා ජනාධිපති පදවිය දරන ලද ඇමෙරිකාවේ සයවැනි ජනාධිපතිවරයා වූ ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ බිරිය වූ ලුවිසා ඇඩම්ස් පමණි. ලුවිසා ඉංග්‍රීසි මවකට හා ඇමෙරිකානු පියෙකුට දාව ලන්ඩනයේ උපන් කාන්තාවක වූවාය.


ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තුන්වැනි බිරිය වන මෙලනියා ක්නව්ස් එවක මාෂල් ටිටෝගේ පාලනයේ පැවැති කොමියුනිස්ට් රාජ්‍යයක් වූ යුගෝස්ලාවියාවට අයත්ව තිබූ ස්ලෝවෙනියාහි නොවො මෙස්ටො නගරයේදී 1970 අප්‍රේල් 26 වැනි දින උපත ලැබුවාය. ඒ අනුව කොමියුනිස්ට් රාජ්‍යයක උපත ලබා ධවල මන්දිරයේ ප්‍රථම කාන්තාව බවට පත් පළමු කාන්තාව වන්නේ ඇයයි.

 

26-Rasa-P4--(1)

මෙලනියා

 


මෙලනියාගේ පියා වික්ටර් ක්නව්ස් වාහන අලෙවිකරුවකු වූ අතර මව අමේලියා ළමා ඇඳුම් නිෂ්පාදන සමාගමක මෝස්තර සැලසුම් ශිල්පිනියක වූවාය. ලුබ්ලින්හි උසස් පාසලක අධ්‍යාපනය ලද මෙලනියා මෝස්තර නිරූපන හා ගෘහ නිර්මාන ශිල්පයද ඡායාරූපකරණයද හැදෑරුවාය. පසුව ලුබ්ලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද උපාධිය ලැබීමට වසරකට පෙර  එය හැර ගියාය.


26-Rasa-P4--(4)ඇය නිරූපිකාවක ලෙස කටයුතු කිරීම ඇරඹුවේ 16 හැවිරිදි කාලයේ සිටය. 1992දී ‘යානා’ සඟරාව මගින් පැවැත්වූ ‘ලුක් ඔෆ් ද ඉයර්’ තරගයේ දෙවැනි ස්ථානය හිමි වූයේ ඇයටය. එම තරගයෙන් පළමු ස්ථාන තුනට තේරෙන යුවතියන්හට විදේශයන්හි මෝස්තර නිරූපිකාවන් වශයෙන් අවස්ථාව ලබාදීමට සංවිධායකයෝ තීරණය කොට තිබිණි. ඇයට වෘත්තීමය නිරූපිකාවක වශයෙන් කටයුතු කිරීමට අවකාශ සැලසුණේ ඒ අනුවය.


18 වැනි වියේදී වෘත්තීමය නිරූපිකාවක ලෙස ජීවිතය ඇරඹූ ඇය ඉතාලියානු මෝස්තර නිර්මාණ සමාගමක නිරූපිකාවක ලෙස කටයුතු කළාය. කාන්තා නාන ඇඳුම් ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනී සිටි ඇයට පසු කාලයේ ‘වෝග්’ ‘ඉන් ස්ටයිල්’ සහ ‘නිව්යෝක්’ යන  ලොව ප්‍රකට සඟරාවන්හි පිටකවර සඳහා පෙනී සිටින්නට මඟ සැලසිණි.


1996දී ව්‍යාපාරික වීසා බලපත්‍රයකින් ඇමෙරිකාවට පැමිණි ඇය වරින්වර ස්ලෝවේනියාවට ගොස් නැවත පැමිණියේ ස්ලෝවේනියානුවන්ට ඇමෙරිකානු වීසා ලබා දෙනු ලැබුවේ වසරක කාලසීමාවකට පමණක් වූ බැවිනි. ඇමෙරිකාවේ මෝස්තර නිරූපණයේ නිරත වූ ඇයට ‘හාපර්ස් බසාර්’ ‘ඕෂන් ඩ්‍රයිව්’ ‘ඉන් ස්ටයිල්ස් වෙඩිංස්’, ‘නිව්යෝක් මැගසින්’, ‘ඇවනියු’, ‘ඇලෝරෙ’, වැනිටි ෆෙයා’ ‘වෝග්’, ‘ජී කියු’ වැනි සඟරාවල මුල් කවර සඳහා පෙනී සිටීමට අවස්ථාව ලැබිණි. මෙලනියා ‘ස්පෝට්ස් ඉලස්ටේ්‍රටඞ්’ වැනි සඟරාවල පෙනී සිටියේ බිකිනියකින් සැරැසීගෙනය.


2000 වසරේ ඇය ප්‍රංශ සඟරාවක් සඳහා නිරුවත් ඡායාරූපවලටද පෙනී සිටියාය. ‘නිරුවත් ඡායාරූපවලට පෙනී සිටි ඔබේ බිරිය ඇමෙරිකාවේ ප්‍රථම කාන්තාව වීමට සුදුසුදැ’ යි ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී එක් මාධ්‍යවේදියකු ඔහුගෙන් ප්‍රශ්න කළේය. එවිට ට්‍රම්ප්ගේ පිළිතුර වූයේ ඒවා විලාසිතා ඡායාරූප පමණක් බවත් එවැනි ඡායාරූප යුරෝපයේ සාමාන්‍ය දෙයක් පමණක් බවත්ය. කෙසේ වුවද නිරුවත් ඡායාරූපවලට පෙනී සිටි කාන්තාවක ඇමෙරිකාවේ ප්‍රථම කාන්තාව ලෙස පත්වූ පළමු අවස්ථාව මෙය වේ. 


මෙලනියාට ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රථමවරට හමුවූයේ 1998 සැප්තැම්බරයේ විලාසිතා ප්‍රදර්ශන සාදයකදීය. තම දෙවැනි බිරිය වූ මාරියා මේපල්ස්ගෙන් නීත්‍යානුකූලව දික්කසාදය ලබා නොසිටියද ඇයගෙන් වෙන් වී සිටි ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ සබඳතාවක් ගොඩ නඟා ගැනීමට ඇයට හැකි විය. 2002දී ට්‍රම්ප් සමඟ විවාහ ගිවිස ගත් ඇය 2005 ජනවාරි 22 ඔහු හා විවාහ වූවාය. එම විවාහ මංගල උත්සවයට ඇමෙරිකානු නළු නිළියන් හා ගායක ගායිකාවෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙලනියාගේ මංගල ඇඳුම සකස් කර තිබුණේ ක්‍රිස්ටියන් ඩියෝ ආයතනයේ ජෝන් ගැලියානෝ විසිනි. එහි වටිනාකම ඩොලර් 200,000ක් විය. එහි දියමන්ති 1500ක් අල්ලා තිබූ අතර ඇය පැලැඳ සිටි වේලය අඩි 16ක් දිගු විය. ඩොනල්ඞ් ඇයට පැලදූ මඟුල් මුදුවේ වටිනාකම ඩොලර් මිලියන 1.5කි. මනාලියගේ යෙහෙළිය ලෙස මෙලනියාගේ සොහොයුරිය වූ ඉනෙස් සහභාගී වූ අතර මනාලයාගේ යහළුවන් වූයේ ඔහුගේ පුතුන් දෙදෙනා වූ ඩොනල්ඞ් (කනිෂ්ඨ) සහ එරික්ය.

26-Rasa-P4--(2)
2006 දී මෙලනියා ඇමෙරිකානු පුරවැසිභාවය හිමිකර ගත්තාය. එම වසරේම ඔවුන්ගේ පුත්‍රයා වන බැරන් විලියම් ට්‍රම්ප් උපත ලැබීය. ඔවුන් වාසය කරනුයේ මැන්හැට්න්හි පිහිටි ‘ට්‍රම්ප් ටවර්’ ගොඩනැඟිල්ලේ පිහිටි සුවිශාල නිවෙසකය.


මෙලනියා ට්‍රම්ප්හට ස්ලොවේනියන්, ඉංග්‍රීසි, ප්‍රංශ, සර්බියන් සහ ජර්මන් යන භාෂා 5ක් චතුර ලෙස කථා කිරීමට හැකිය. 2010දී ඇය ‘මෙලනියා ටයිම්පීසස් ඇන්ඞ් ෆැෂන් ජුවලරි’ නමින් ස්වර්ණාභරණ සහ රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන සමාගමක් ආරම්භ කළාය. 2005 සිට 2009 දක්වා ඇමෙරිකානු රතු කුරුස සංගමයේ කීර්තිනාම තානාපතිනියක වශයෙන් සේවය කළ ඇය පොලිස් ක්‍රීඩා සංගමයේද, නිව්යෝක් තරුණ ක්‍රීඩා සංගමයේ සහ ලව් අවර් චිල්ඞ්රන් ආයතනයේ විවිධ ක්‍රියාකාරකම් සඳහා තම දායකත්වය ලබා දෙන්නීය. 


2016 නොවැම්බරයේ ඇසෝසියේටඞ් පුවත්පත මගින් ඇයට චෝදනා කරනු ලැබුවේ ඇමෙරිකාවේ රැකියාවක නිරතවීම සඳහා නීත්‍යානුකූල අවසරයක් නොමැතිව ඇය 1996 දී විලාසිතා නිරූපණ අවස්ථා 10කට සහභාගී වී ඩොලර් 20,056 මුදලක් නීති විරෝධී ලෙස උපයා ගෙන ඇති බවටය. එහෙත් මෙලනියා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර තමා ඇමෙරිකාවට පැමිණියේ නීත්‍යානුකූලව බවත් ඒ අනුව වරදක් කර නොමැති බවත් පැවසුවාය.
ලන්ඩනයේ පළ කෙරෙන ටැබ්ලොයිඞ් පුවත්පතක් වන ඬේලි මේල් පුවත්පත 1990 කාලයේ මෙලනියා පිරිමින්ගේ සමාජ ශාලාවක පරිවාර කාන්තාවක වශයෙන් කටයුතු කර ඇතැයි යනුවෙන් පුවතක් පසුගිය සැප්තැම්බරයේ පළ කරන ලද අතර මෙලනියා එම පුවත්පතට එරෙහිව නීති මගින් පියවර ගැනීමට කටයුතු කළාය. ඬේලි මේල් පුවත්පත එම චෝදනාව ඉල්ලා අස් කර ගත් අතර මෙලනියාගෙන් සමාව ඉල්ලා සිටියේය.


2015 ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති පදවියට තරග කිරීමට තීරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඇයගෙන් විමසූ විට ‘තමා ඔහු ඒ සඳහා දිරිමත් කළ බවත් ඔහුගේ හැකියාව සහ ඔහු ඇමෙරිකාව වෙනුවෙන් කිරීමට අපේක්ෂා කරන්නේ කුමක්දැයි යන්න තමා දන්නා බවත්’ ඇය පැවසුවාය.  ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාවට ආදරය කරන බවත්, ඔහුට අවශ්‍ය එම ජනතාවට සේවය කිරීම බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

26-Rasa-P4--(5)

ඉවන්කා ට්‍රම්ප්

 


අඩි 5 අඟල් 11 උසැති මෙලනියා ධවල මන්දිරයේ ප්‍රථම කාන්තාව බවට පත් උසින් වැඩි කාන්තාවන් අතළොස්ස අතරට එක් වී සිටි. මිෂෙල් ඔබාමා සහ එලිනෝර් රූස්වෙල්ට් මින් ඉහත ධවල මන්දිරයට පැමිණි උසින් වැඩි ජනාධිපති ආර්යාවෝ වූහ. 


‘ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති වුවහොත් ඔබේ භූමිකාව කෙබඳු වේදැ’ යි වරක් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙලනියාගෙන් විමසූ විට ඇය පැවසුවේ ‘ මා බෙටී ෆෝඞ්, ජැකී කෙනඩි වැනි  සාම්ප්‍රදායික කාන්තාවක වේවි.’ යනුවෙනි. තමා ප්‍රථම කාන්තාව වීමෙන් පසු කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් කැපවෙන බව මෙලනියා පවසන්නීය. විශේෂයෙන්ම දරුවනට සිදුවන අන්තර්ජාල හිරිහැරවලින් ගලවා ගැනීම සඳහා කටයුතු කරන බවද ඇය පවසා තිබේ.

 


ඉවන්කා මාරි ට්‍රම්ප්
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඔහුගේ පළමු විවාහයේ දියණිය වන ඉවන්කා මාරි ට්‍රම්ප් පිළිබඳව ද කථාබහක් මතුව තිබේ. අරාබි කවියකු ඇයට පෙම් කවි දෙකක් ලියා තිබුණේද මින් දින කිහිපයකට ඉහතදීය. කලකට ඉහත නිරූපිකාවක වශයෙන් කටයුතු කර ඇති ඉවන්කා  වර්තමානයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර මෙහෙයවන්නීය වශයෙන්ද කැපී පෙනෙන්නියකි. ඇය ට්‍රම්ප්ගේ දේපළ හා ඉදිකිරීම් සමාගමේ උප සභාපතිනියයි.


1981 ඔක්තෝබර් 30 වැනි දින උපත ලද ඉවන්කා පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය හිමිකර ගත්තාය. ඇය මෝස්තර නිරූපිකාවක වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ 1997 ‘සෙවන්ටීන්’ සඟරාවේ මුල් කවරය සඳහා පෙනී සිටීමෙන් පසුවය. විවිධ ඇඳුම් ආයිත්තම් පිළිබද වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි ඇයට ෆෝබ්ස්, ස්ටෆ්, ගොල්ෆ්, ඇවනියු, එලෙ මෙක්සිකෝ, ටොප් චොයිස් වැනි සඟරාවල මුල් පිටු සරසන්නට අවකාශ සැලසිණි. 2012දී පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය ඇයට ජෝසෆ් වර්ටෝන් තරුණ නායකත්ව සම්මානය පිරිනැමුවේ විශ්වවිද්‍යාල සමයේ ඇයගේ දක්ෂතා අගය කිරීමක් ලෙසිනි.

 

26-Rasa-P4--(6)

ඩොනල්ඞ් සහ මෙලනියා

 


ඉංග්‍රීසි, ප්‍රංශ සහ තම මවගේ බස වූ චෙක් යන භාෂා ඇය දනී. තම පියාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වීමට පෙර ඇය දියමන්ති ව්‍යාපාරයට සම්බන්ධ ආයතනයක සේවය කළාය. ඇය තමන්ගේම ස්වර්ණාභරණ ව්‍යාපාරයක් ආරම්භ කළේ ඉන් අනතුරුවය. ‘ඉවන්කා ට්‍රම්ප් ජුවලරි’ නමැති එම සමාගමේ දියමන්ති හා රන් ආභරණවලට විශාල ඉල්ලුමක් තිබේ. ඇයගේ රන් හා දියමන්ති ආභරණ වෙළෙඳ ආයතන ඇමෙරිකාව, කැනඩාව, බහරේනය, කුවේට්, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පවතී.  ඇය ‘හන්ඞ්රඞ් විමෙන්’ නම් සංවිධානයේ අධ්‍යක්ෂවරියක වන අතර එමගින් වෘත්තික කාන්තාවන්ට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසනු ලබයි. ස්වර්ණාභරණ ව්‍යාපාරයට අමතරව කාන්තා ඇඳුම්, විලාසිතා නිෂ්පාදන, අත්බෑග්, සපත්තු වැනි නිෂ්පාදන ව්‍යාපාරද ඇය සතුය. 


තම පියා රිපබ්ලිකන්වාදියකු වුවද ඉවන්කා කිසිදු දේශපාලන පක්ෂයකට සෘජුව සහය නොදෙන්නියකි. 2007 ජනාධිපතිවරණයේදී ඇය හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට මුදල් ලබා දුන්නාය. 2012දී ඇය මුදල් ලබා දුන්නේ මිට් රූනිටය. ඉවන්කාගේ සැමියා යුදෙවු ජාතිකයකු වන ජාරෙඞ් කුෂ්නර්ය. ඔවුනට දරුවන් තිදෙනෙකි. ඇයගේ හොඳම මිතුරියක වන්නේ බිල් හා හිලරි ක්ලින්ටන්ගේ දියණිය වන චෙල්සියා ය. ඉවන්කා යුදෙවු ජාතිකයකු හා විවාහවීම හේතුවෙන් යුදෙවු නමක් භාවිත කිරීමට ඇයට සිදුවිය. ඇය භාවිත කරන යුදෙවු නාමය ‘යඑල්’ ය. එහි අරුත විස්මයජනක හා සුන්දර චාරිකාව ය. ඇගේ ජීවිතය ද විස්මයජනක හා සුන්දර චාරිකාවකි.

m



අදහස් (0)

ධවල මන්දිරේ පදිංචියට යන පුංචි අම්මයි-දුවයි

ජීවා Monday, 05 December 2016 02:03 PM

ලංකාවේ ඉන්නේ උපාසක බලල්ලුනේ , ලංකාවේ එක්කෙනාට වැඩ ට්‍රම්ප් සිය දහස් වාරයක් හොදා (බ)

:       0       0

ධම්ම Wednesday, 30 November 2016 03:35 PM

ශ්‍රී ලාංකික ඇසින් බලන්නේ නම් මෙය කිසිම වැදගත්කමක් නැති පවුලකි. (බ)

:       0       0

ධම්ම Friday, 02 December 2016 04:11 PM

ඒ මෝඩකමට මම ආසයි පේදුරු. ඒකයි මා පේදුරු නොවී ධම්ම වුණේ.

:       0       0

කුමාර හේවගේ Tuesday, 06 December 2016 11:11 AM

ලංකාවේ මේ තත්ත්වෙට එන්න තව අවුරුදු 100වත් යයි. (හේ)

:       0       0

පේදුරු Thursday, 01 December 2016 02:25 AM

ධම්ම, ඔයාගේ ශ්‍රී ලාංකික මෝඩකම ඉතාම පැහැදිලියි. ඕක කාටවත් පෙන්නන්න එපා (නි)

:       0       0

මහින්ද Friday, 02 December 2016 10:04 PM

වැදගත් බව ඇමෙරිකානු ජනතාව තීරණය කර ඉවරයි (නි)

:       0       0

කෝනාර Saturday, 03 December 2016 12:30 AM

මේ පවුල ලෝකෙම දිනලා ඉන්නේ. කසාද කීයක් වුණත් දරුවෝ එකමුතුයි. මරාගන්නෙ නැහැ. හැමෝම සතුටින්. අපේ අයට ඒක මදිකමක්ලු. අනේ මන්දා? (නි)

:       0       0

නෝමන් Saturday, 03 December 2016 12:30 AM

කොච්චර හොඳද? ආර්ථික අතින් ඉහළම තැනක. දේශපාලනය අතින්ද ඉහළම තැනට. කොච්චර හොඳද? (නි)

:       0       0

නිහාල් Saturday, 03 December 2016 12:57 AM

ධම්ම, එසේම ට්‍රම්ප්ගේ ඇසින් බැලුවොත් ලංකාවේ තියෙන්නේ කිසිම උගත්කමක් නැති වැදගත්කමක් නැති මැති ඇමතිවරු ඉන්නා අජූත ආණ්ඩුවක් (නි)

:       0       0

ධම්ම Saturday, 03 December 2016 01:39 PM

එහෙමද නිහාල්? එහෙනම් මා ට්‍රම්ප් එක්ක එකඟයි. (ර)

:       0       0

රමණී Tuesday, 06 December 2016 04:21 AM

ට්‍රම්ප් මහත්තයා නම් දික්කසාද කරලයි වෙන අයව බැඳගෙන තියෙන්නේ. ඒ දරුවන්ටත් උපරිමය කරනවා. අපේ අය කරන්නේ කසාදෙ තියාගෙන වෙන ඒවා හොරට කරන එක. කසාද පවුලට බලන්නෙත් නැහැ අනියම් එකට බලන්නෙත් නැහැ. එහෙම තමයි අපේ අයියලාට හොඳ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 572 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 101 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1029 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 130 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 225 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 444 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 720 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 504 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site