IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නගරයට ගිය ඇමැති අතුරුදන්!

3

හැම දෙයක්ම තාත්තා කළේ හරිම පිළිවෙළකට. හැමදාම උදේ පාන්දර 5.00ට නැගිටින්න  ඕනෑ. නොවරදවාම අප හැම දෙනාම බුදුන් වඳින්න  ඕනෑ. තාත්තා පුරුදු පුහුණු කරපු ඒ පුරුදු තවමත් අපට තිබෙනවා. දේශපාලනය කරන්නේ කොහොමද කියන එක තාත්තාගෙන් අප ඉගෙන ගත්තේ. නිකවැරටියේ ජනතාව තාත්තාට අදත් ගෞරව කරනවා. නිකවැරටියේ අයියනායක 4දේවාලය අපේ තාත්තා බොහොම කැප වීමෙන් හැදුව එකක්.

 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය ලෙස 1960 වසරේ තේරී පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ කලක් මුදල් උප ඇමැති සහ කෘෂිකර්ම, වාරිමාර්ග හා විදුලිබල උප ඇමැති ධුරය දරා ඇති මුදියන්සේ තෙන්නකෝන් මහතා අතුරුදන්වී මේ වන විට වසර 23ක පමණ කාලයක් ගතවී ඇතත් ඔහුට සිදු වූයේ කුමක් ද කියා දැන ගැනීමට නැත.

 

හිටපු උප ඇමැතිවරයාගේ අතුරුදන් වීම අදටත් අභිරහසකි.
දේශපාලනඥයෙක් මෙසේ අභිරහස් ලෙස අතුරුදන් වීම ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
අතුරුදන් වන විට උප ඇමැතිවරයාගේ වයස අවුරුදු 55ක් පමණ වන අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 78ක් පමණ වෙයි.
අවුරුදු 55ක තරම් වයසේ පසු වෙද්දී අතුරුදන්වූ උප ඇමැතිවරයාට මොකද වුණේ කියා කීමට ඔහුගේ දරුවන් ඥාති මිත‍්‍රාදීන්ටවත් නොහැකිවී ඇත.
ජනතාවාදී දේශපාලනඥයෙක්ව සිටි මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ ඒ අභිරහස් අතුරුදන් වීම ගැන තොරතුරු සොයා දැන ගැනීමට පසුගිය දිනක අපි නිකවැරටිය කුඹුක්ගොල්ල ගම්මානයේ පිහිටි ඔහුගේ මහ ගෙදර සොයා ගියෙමු.


8මුදියන්සේ තෙන්නකෝන් මහතා දරුවන් 11 දෙනෙකුගේ දයාබර පියකු විය.
දරුවන් 11 දෙනා අතරින් එක් දියණියක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් වන අභාවප‍්‍රාප්ත සෝමාකුමාරි තෙන්නකෝන් මහත්මිය වන්නීය.
පවුලේ බාල දරුවා වන ටී.එම්. එච්.බී. තෙන්නකෝන් මහතා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වෙයි.
අතුරුදන්ව සිටින මුදියන්සේ තෙන්නකෝන් හිටපු උප ඇමැතිවරයාගේ මහ ගෙදර පදිංචිව සිටින්නේ ඔහුය.


උප ඇමැතිවරයාගේ දස වැනි පුතා උපාලි තෙන්නකෝන් මහතා ද මහ ගෙදරට පැමිණ සිටියේ අප කල් තියා ඔහුට කරන ලද ඇරයුමක් මතය.
‘‘හලාවත පදිංචි වෙලා ඉන්න නිශ්ශංක මහත්තයා තාත්තාගේ හොඳම යහළුවෙක්. තාත්තා උදේම නැගිටලා නෑවා, බුදුන් වැන්දා. අම්මාට කිව්වා මම අද හලාවත නිශ්ශංක මහත්තයලාගේ ගෙදර ගිහින් එන්න යනවා කියා. එහෙම කියපු තාත්තා හලාවත යන්න ගියා. 1991 වසරේ දෙසැම්බර් මාසයේ 10 වැනිදා තමා තාත්තා හලාවත යන්න ගියේ’’ යැයි අප හා කතාබහට මුල පුරමින් උපාලි තෙන්නකෝන් මහතා පැවැසුවේය.


මම තමා තාත්තාව මෝටර් බයිසිකල් එකේ නංවාගෙන මහ ගෙදර ඉඳලා නිකවැරටිය ටවුන් එකට එක්ක ගෙන ගියේ. තාත්තා හලාවතට යන්න බස් එකට නගින කම් ඉඳලා තමා මම ආපහු ආවේ යැයි මීට  වසර 23කට ඉහත දී සිදුවූ අතීත සිදු වීම ගැන මෙනෙහි කරමින් උපාලි තෙන්නකෝන් මහතා කීය.
නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තෙන්නකෝන් මහතා තාත්තාගේ අතුරුදන් වීම ගැන තොරතුරු හෙළි කරමින් මෙසේ ද කීය.


‘‘හලාවත ඉඳලා තාත්තා කෝල් එකක් දීලා අම්මාට කියා තිබෙනවා නිශ්ශංක මහත්තයලාගේ ගෙදර වහලා කිසිම කෙනෙක් නැහැ. ඒ හින්දා මම හලාවත ඉන්න සුසන්තලාගේ ගෙදර යනවා කියා. තාත්තා ඊට පස්සේ සුසන්තලාගේ ගෙදර ගිහින් එදා ? එහේ නැවතිලා ඉඳලා තිබෙනවා. ඒ ගෙදර අයත් එක්ක තාත්තා ? වෙන කම් කතාබහ කරමින් සතුටින් ඉඳලා තිබෙනවා. පහුවදා උදේ තාත්තා හලාවත ගෙදර යන්න  ඕනෑ කියා තිබෙන නිසා සුසන්ත මහත්තයා තාත්තාව හලාවත බස් හෝල්ට් එකට ගෙනත් ඇරලා. තාත්තා නිකවැරටියට එන්න කුරුණෑගල බස් එකටත් නැගලා තිබෙනවා. ගෙදර එන්න කියා හලාවතින් බස් එකට නැග්ග තාත්තා අදටත් ගෙදර ආවේ නැහැ.


තාත්තාට කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. තාත්තා මේ විදිහට අතුරුදන් වුණේ කොහොමද කියන්න අදටත් අප දන්නේ නැහැ. ඒ කාලයේ රට පුරාම ගිහින් තාත්තාව හෙව්වා. එක එක්කෙනා කිව්වා තාත්තා ඔන්න අතන හිටියා මෙතන හිටියා කියා. අපේ ගෙදර අය ඒ කිව්ව හැම තැනකම ගිහින් සොයා බැලූවා. නමුත් ඒ කියාපු කිසිම පළාතකින් තාත්තා හමු වුනේ නැහැ, යැයි ටී.එච්.එම්.බී. තෙන්නකෝන් මහතා පවසයි.


මීට අවුරුදු 3කට විතර කලින් ආරංචියක් ආවා තාත්තා අනුරාධපුරය පැත්තේ ඉන්නවා කියා. තාත්තාගේ හැඩරුවට සමාන කෙනෙක් ඉන්නවා දැකපු කෙනෙක් මේ බව අපට දැනුම් දුන්නා. අනුරාධපුරයට ගිහින් සොයා බැලූවා, නමුත් තාත්තා සොයා ගැනීමට නොහැකි වුණා, උපාලි තෙන්නකෝන් මහතා කීය.

SLD_20141012_B004


තාත්තාට ගෙදර නෑවිත් ඉන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. අපට අදටත් හිතා ගන්න බැහැ තාත්තාට මොකද වුණේ කියා, උපාලි මහතා පවසයි.
1934 වසරේ ජුනි මස 16 වැනිදා මෙළොව එළිය ලබා ඇති මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ පියා හා මව වී ඇත්තේ කුඹුක්ගොල්ලේ හේරත් බණ්ඩා තෙන්නකෝන් මහතා සහ අබේසිංහ මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේය.

1
නිකවැරටිය රජයේ පාසල, කුරුණෑගල රජයේ පාසල, කුරුණෑගල මලියදේව විදුහලෙන් අධ්‍යාපනය ලබා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් දෙටු පෙළ සමත්ව මුදියන්සේ තෙන්නකෝන් මහතා දේශපාලනයට පිවිස පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්වන විට ඔහුගේ වයස අවුරුදු 21ක් පමණ වෙයි.
අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ඔහු වතු පාලකවරයෙක් ලෙස සේවය කරමින් සිටිය දී දේශපාලනයට පිවිස ඇත.


1956 මැතිවරණයෙන් නිකවැරටිය ආසනය ඔහු දිනාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ කේ. හේරත් මහතා පරදවා ඡුන්ද 15,914ක් ලබා ගනිමිනි.


ඔහු එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලම මන්තී‍්‍රවරයාය.
එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්තයා අපේ තාත්තාට හරිම ආදරෙයි. බණ්ඩාරනායක මහත්තයා තමා අපේ තාත්තාට මුලින්ම පොඩි පුතා කියා කියන්නට පටන් අරන් තියෙන්නේ. බණ්ඩාරනායක අගමැතිතුමා දැම්ම ඒ නමින් තමා අපේ තාත්තාව ගොඩක් දෙනෙක් දන්නේ, යැයි දෙසොහොයුරෝ පවසති.


රජයේ දැන්වීම් පෞද්ගලික පුවත්පත්වලට ලබා දීම සම්බන්ධයෙන් එවකට අග‍්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග හටගත් ආරවුලකින් පසු ඔහු එතෙක් දැරූ උප ඇමැතිකම්වලින් ඉල්ලා අස්වී දෙවරක්ම මහ මැතිවරණවලට ස්වාධීනව තරග කර ජයග‍්‍රහණයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්තී‍්‍රවරයෙකි.


උප ඇමැතිකමකින් පමණක් නොව පාර්ලිමේන්තු මන්තී‍්‍රකමෙන් ද ඉල්ලා අස්වී ගෙදර පැමිණි මුදියන්සේ තෙන්නකෝන් මහතා පසුව මැතිවරණ දෙකකදීම ස්වාධීනව තරග කර නිකවැරටිය ආසනය දිනා ගෙන පාර්ලිමේන්තුවට ගියේය.


ස්වාධීනව පවා තරග කර ජයග‍්‍රහණය කරනු ලැබුවේ ඔහු සැබෑ ජනතාවාදී දේශපාලනඥයෙක් වූ නිසාය.
1956 වසරෙන් ඔහු ආරම්භ කළ පාර්ලිමේන්තු ගමන අවසන් කරනු ලැබුවේ 1977 වසරේදීය.


ඒ 1977 වසරේ පැවැති මැතිවරණයට නිකවැරටිය ආසනයට ස්වාධීනව තරග කර ජයග‍්‍රහණය කිරීමට නොහැකි වූ නිසාය.
පාර්ලිමේන්තු යාමට නොහැකි වූවා යැයි කියා ඔහු ජනතාවගෙන් කිසි විටකවත් ඈත් වූයේ නැත. ජනතාවගේ ප‍්‍රශ්න හමුවේ ඔහු දිගටම පෙනී සිටියේය.
වන්නියේ පොඩි පුතා යන විරුදාවලිය ලත් මුදියන්සේ තෙන්නකෝන් මහතා අවංකකමේ ප‍්‍රතිමූර්තියක් බඳු විය.


මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ දේශපාලන ගමන් මග ගැන පිරිසඳරක යෙදෙමින් නිකවැරටිය එජාප ආසන සංවිධායක තෙන්නකෝන් මහතා පැවැසුවේ මෙවැනි කතාවකි.


අපේ තාත්තා බොහොම සරල ගති පැවතුම් තිබුණ කෙනෙක්. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් වශයෙන් සිටිය දී පවා අමුඩය ගහගෙන ඇළේ දොළේ බැස නෑවා. කුඹුරු වැඩ කළා.  ඕනෑම වේලාවක  ඕනෑම කෙනෙකු ඇවිත් හම්බ වෙලා ඔවුන්ගේ ප‍්‍රශ්න දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට පුළුවනි. ඇළේ දොළේ බැස නාන්න ගියාමත් තාත්තා හම්බ වෙලා එක එක වැඩ කරගෙන ගිය අය  ඕනෑ තරම් ඉන්නවා.


හැම දෙයක්ම තාත්තා කළේ හරිම පිළිවෙළකට. හැමදාම උදේ පාන්දර 5.00ට නැගිටින්න  ඕනෑ. නොවරදවාම අප හැම දෙනාම බුදුන් වඳින්න  ඕනෑ. තාත්තා පුරුදු පුහුණු කරපු ඒ පුරුදු තවමත් අපට තිබෙනවා. දේශපාලනය කරන්නේ කොහොමද කියන එක තාත්තාගෙන් අප ඉගෙන ගත්තේ. නිකවැරටියේ ජනතාව තාත්තාට අදත් ගෞරව කරනවා. නිකවැරටියේ අයියනායක දේවාලය අපේ තාත්තා බොහොම කැප වීමෙන් හැදුව එකක්.


අපේ තාත්තා මේ මහ ගෙදර පැත්තක වෙනම මඩුවක් හදාගෙන ඒකෙ ඉඳගෙන තමා ජනතාව හමු වෙලා ඔවුන්ට පිහිට වුණේ. නිදා ගත්තෙත් ඔය මඩුවෙම බූරු ඇඳක. රැයක් දවාලක් කියා තිබිලා නැහැ.  ඕනෑම වේලාවක තාත්තා හමු වෙන්න පුළුවනි. ඡුන්දය දුන්නා ද නැත් ද පක්ෂය පාට බැලූවේ නැහැ. පුළුවන්  ඕනෑම උදව්වක් කළා.


තාත්තා මැතිවරණ කාලයට එයාගේ ආධාරකාරයෝ එක්ක ලෑන්ඞ් මාස්ටරයක නැගලා ගිහින් තමා ඡුන්ද වැඩ කළේ. ආධාරකාරයන්ට අරක්කු සිගරට් දුන්නේ නැහැ. ඒ අය තාත්තා එක්ක ඡුන්ද වැඩට ආවේ තේ එකක්වත් බලාපොරොත්තුවෙන් නෙවේ. තාත්තගේ අවංක දේශපාලනය නිකවැරටියේ ජනතාව මහ ඉහළින් පිළිගත්තා.


වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් ගමන් බිමන් යන්නේ ප‍්‍රාඩෝ, ඉන්ටර්කූලර් වැනි ඉතා සුඛෝපභෝගී වාහනවලිනි.
ආරක්ෂක රථ ඔවුන්ගේ ඉදිරියෙන් හා පිටුපසින් ගමන් කරන්නේ පාරේ යන අනෙක් වාහන පමණක් නොව පාරේ යන අය ගැන ද කිසිම සැලකිල්ලක් නොදක්වමිනි.


සමහර දේශපාලනඥයන් ආරක්ෂක රථ පෙළ සමග ගමන් කරන අවස්ථාවල පාරේ ගමන් කිරීම ද එහි ජීවිත අවදානමකි.
එවැනි වටපිටාවක් වර්තමානයේ පවතිද්දී එදා උප ඇමැතිවරයෙක්ව සිටි මුදියන්සේ තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු ගිය හැටි නම් හරිම අපූරුය.
ඔහු වැඩ බලන ඇමැතිකම පවා දරා ඇත.


වර්තමාන පරපුර ඒ කතාව එක් වරම විශ්වාස කරාවි දැයි සිතිය නොහැකිය.
ඒ ගැන අප සමග තොරතුරු කියන්න ඉදිරිපත් වුණේ උපාලි තෙන්නකෝන් මහතාය.


අපේ තාත්තා පාර්ලිමේන්තු ගියේ බස් එකෙන්. එහෙමත් නැත්නම් කෝච්චියෙන්. කුඹුක්ගොල්ලේ මහ ගෙදර ඉඳලා නිකවැරටිය ටවුන් එකට කිලෝමීටර් 3ක් විතර තියෙනවා. පාර්ලිමේන්තු යන්න සූදානම් වෙලා උදේ පාන්දරට ගෙදරින් පිටත් වෙනවා. ලන්තෑරුමත් අතේ අරගෙන බෑග් එකත් කිහිලි ගහගෙන නිකවැරටිය ටවුමට පයින්ම යනවා. නිකවැරටිය ටවුන් එකට ගිහින් මහවට යන කම් බස් එකේ යනවා. බස් එකේ බැට්රි පෙට්ටිය උඩ වාඩි වෙලා යන්න තාත්තා හරිම ආසයි. බැට්රි පෙට්ටිය උඩ වාඩි වෙලා පොතක් කියව කියවා යනවා. මහවෙන් බැහැලා එතැන ඉඳන් කෝච්චියේ නැගලා කොළඹට යනවා. පාර්ලිමේන්තු ඉවර වෙලා ගෙදර එන්නෙත් ඔය විදිහටමයි.


පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හා උප ඇමැතිකම් දැරුවත් මුදියන්සේ තෙන්නකෝන් මහතා ඒවායින් උඩඟුව සිටියේ නැත. බලයෙන් ඉදිමී සිටියේ නැත. ඔහු ගත කළේ බොහොම සරල චාම් දිවි පෙවෙතකි. මෙතුමාගේ ඇවතුම් පැවතුම් වර්තමාන දේශපාලනඥයින්ට මහඟු ආදර්ශයකි.


උප ඇමැති හා වැඩ බලන ඇමැතිකම් දරද්දි පවා ඔහු කාගේ හෝ පාපැදියක වාඩිවී ගොස් ඇත.
මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කෑවේ නැත. කෑවේ බත් හා එළවළු පමණකි. මිනිස්සුන්ට මෙන්ම සතා සීපාවට ගහට කොළට පවා ඔහු බෙහෙවින් ආදරය කළේය.


තාත්තා හොඳ කවියෙක් කලාකාරයෙක් බව අපට මතක් කර දුන්නේ හිටපු උප ඇමැතිවරයාගේ මේ පුතුන් දෙදෙනාය.
යාපනය-කයිට්ස් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් 1984 වර්ෂයේ අතුරු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කර තිබිණි.
කයිට්ස් අතුරු මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර දීමට ගිය අවස්ථාවේ හිටපු උප ඇමැතිවරයා කොටි ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පවා පත්වී ඇත. තාත්තා කොටින්ගේ අත්අඩංගුවට පත්වූ සිද්ධිය ගැන නිකවැරටිය එජාප ආසන සංවිධායකවරයා කීවේ මෙවැනි කතාවකි.


තාත්තා කයිට්ස් අතුරු මැතිවරණයට තරග කරන්න ඇප මුදල් තැන්පත් කරන්න ගිහින් තියෙන්නේ ගෙදර කට්ටියට තියා එයාගේ යහළුවන්ටත් නොකියා එහෙම ගිය වේලාවෙදි තාත්තා කොටි ත‍්‍රස්තවාදීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ දවස් 40කට වැඩි කාලයක් රඳවාගෙන ඉඳලා තමා නිදහස් කර තිබෙන්නේ.
මස් මාළු කන්නේ නැහැ කිව්වාට තාත්තාට කොටි බතුයි එළවළුයි විතරක් කෑමට දී තිබෙනවා. තාත්තා කොටි අත්අඩංගුවේ ඉන්න කාලයේ ඔවුන් තාත්තාට හොඳට සලකා තිබෙනවා. කොටින් තාත්තාව ඉන්දියන් හමුදාවට බාර දී තිබෙනවා. කොටින්ගෙන් නිදහස් වෙලා ආවාට පස්සේ තමා තාත්තා අතුරු මැතිවරණයට ඉදිරිපත් වෙන්න ගිහින් තියෙන්නේ කියා. කොටි අල්ලාගෙන සිටි බව ගෙදර අය දැනගෙන තියෙන්නෙත් තාත්තා ගෙදර ඇවිත් විස්තරේ කිව්වාම තමා.


මැතිවරණයෙන් පරාජයට පත්වී සිටියත් මුදියන්සේ තෙන්නකෝන් මහතා නිකවැරටියේ පීඩිත ජනතාව වෙනුවෙන් හැම විටම පෙනී සිටීමට අමතක කළේ නැත.


පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු දැවැන්ත පෙළපාලි ගියේය. නිකවැරටියේ දී මාරාන්තික උපවාසයක් පවා කළේය.
මේ සෑම දෙයක්ම ඔහු කළේ පීඩිත ජනතාවට කිසියම් හෝ සහනයක් ලබා දීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගෙනය. ඔහු ජනතාවාදී මානව හිතවාදී දේශපාලනඥයෙක් වන්නේ ඒ නිසාය. හිටපු උප ඇමැතිවරයාගේ බාල පුතා විවාහවී සිටින්නේ වෛද්‍ය එරන්දි නිරූපමා තෙන්නකෝන් මහත්මිය සමගය.
ඇය නිකවැරටිය රෝහලේ සේවය කරන්නීය.


මාමණ්ඩිය පරිහරණය කළ බොහෝ දේවල් ඇය සුරක්ෂිතව තබාගෙන සිටින්නීය.
වෛද්‍ය නිරූපමා මහත්මිය අපට ඒවා ගෙනවිත් පෙන්නුවාය.


හිටපු උප ඇමැතිවරයා පරිහරණය කළ පෑන්, පාර්ලිමේන්තු හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත සහ පනාව ඒ බඩු බාහිරාදිය අතර විය.
මුදියන්සේ තෙන්නකෝන් මහතා පරිහරණය කළ මේසය හා පුටුව ද තවමත් ඔහුගේ මහ ගෙදර සුරක්ෂිතව තබාගෙන ඇත. ඔහු දවසේ වැඩි හරියක් කාලය ගෙවූ ජනතාව හමුවූ පොල් අතු සෙවිළි කරන ලද මඩුව ද තවමත් මහ ගෙදර දක්නට තිබේ.


හිටපු උප ඇමැතිවරයාගේ ජාතික හැඳුනුම්පතේ රැකියාව වශයෙන් සඳහන් කර ඇත්තේ ගොවිතැන යනුවෙනි.
කාලයක් ඔහු වතු පාලකයෙක් ලෙස රැුකියාව කර ඇතත් රැුකියාව වශයෙන් එය සඳහන් නොකරන්නට ඇත්තේ ගොවිතැනට ඔහු ඇළුම් කළ නිසා විය යුතුය.


මැතිවරණ කාලයට පමණක් ජනතාව සමග සිනාසෙන දිනුවාට පස්සේ සිනාසෙන්නට දන්නේ නැති දේශපාලනඥයෝ වර්තමානයේ  ඕනෑ තරම් සිටිති.
මුදියන්සේ තෙන්නකෝන් මහතා මැතිවරණ කාලයට පමණක් සිනා සුනු දේශපාලනඥයෙක් නොවෙයි. ඔහු බලය තිබුණ දාත් නොතිබුණ දාත් එක විදිහටම ජීවත්වූ කා සමගත් සුහදව සිටි ජනතාවාදී දේශපාලනඥයෙකු විය. ඒ නිසා මිනිස්සු ඔහුට ආදරය කළහ.


හිටපු උප ඇමැතිවරයා අතුරුදන් වීමේ කතාව මුලින්ම අප සමග කිව්වේ කොබෙයිගනේ ලංකාදීප ප‍්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් පේ‍්‍රමචන්ද්‍ර මහතාය.
තොරතුරු සොයා යාමේ දී අපට මග පෙන්වූ නිකවැරටිය මීවැල්ලාව ස්ටෝර්ස් අධිපති එච්.එම්. හේරත් මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පිරිනමමු.


m



අදහස් (0)

නගරයට ගිය ඇමැති අතුරුදන්!

අතුකෝරල Thursday, 16 October 2014 08:51 AM

කුමක්ද සිදු වී ඇත්තේ.(හේ)

:       0       3

ලියොන් ගුණවර්දන Friday, 21 November 2014 05:37 AM

මේ අතුරුදන්වීම ගැන වහාම සෙවිය යුතුයි (දිල්)

:       0       0

තාරක Thursday, 16 October 2014 03:41 AM

නියම මහත්මයෙක්. හැබෑටම මෙතුමාට මොකද වුණේ? වර්තමානයේ නම් මේ වගේ දේශපාලඥයෝ විරලයි (නි)

:       0       9

සෙනරත් Tuesday, 21 October 2014 08:33 AM

එතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා. කොහේ හෝ නිදහසේ ඉන්නවා ඇති කියා සිතනවා. (හේ)

:       0       3

සංජීව Friday, 17 October 2014 04:09 AM

1982 ජනාධිපති ඡන්දෙටත් ඉල්ලුවා. (ස)

:       0       0

රූපවතී Thursday, 16 October 2014 06:03 AM

ඒ පියාණන්ගේ නාමය කොතෙක්ද යත් ඒ පළාතේ සෑම මිනිසෙක්ම එම පරපුරෙහි ඉතිරි පුරුක්වලටද ඉතාම ලැදිව ගරුකරනවා. ඒ එම පියාණන්ගේ මිනිස්කමට. ඔවුන්ට තම පියාණන් වෙනුවෙන් සැනසීම ලැබේවා! මගේ පියාණන් සහ මව ඉතා ළඟින් ඇසුරු කළ අපුරු මිනිසෙකුගේ ඉරණම් කතාව මෙය වීම ඉතාමත් ශෝචනීයයි! (නි)

:       0       0

සතිෂ් Sunday, 19 October 2014 08:20 PM

අවංක දේශපාලකයෙක්. (නි)

:       0       0

ශාන්ත Thursday, 16 October 2014 06:46 AM

රටට ජාතියට ආදරය කළ උතුම් මිනිසෙක්. නැවත මේ රටේම ඉපදේවා! (නි)

:       0       0

සඳුනි Wednesday, 15 October 2014 04:52 PM

ගුණසම්පන්න සැබෑ මහජන නියෝජිතෙක් මෙවැන්නෝ අද කොහෙන් හොයන්නද?මේ විස්තර පළ කළ ලංකාදීපයට තුති.හැබැයි කාල වකවානුවල නම් පොඩි අවුලක් තියෙනවා කියලා හිතෙනවා. (අ)

:       0       0

බණ්ඩාර Friday, 17 October 2014 08:03 AM

මේ නිසා තමයි අපට උඩරටින් ජනපති කෙනෙකු අවශ්‍ය වන්නේ. (ස)

:       1       0

ලියොන් ගුනවර්දන Monday, 24 November 2014 04:00 AM

මෙම පිටුවේ පළවූ වතුපිටිවල රෝහලට ඉඩම් දුන් දාන පතියගේ පිළිරුව අතුරුදහන්වී ඇත්තේ මේ සමයේම බැවින් එ් ගැන මා අදහස් දැක්වූ පරිදි නිසා එයත් ඉන්ටර්පෝල් එකට භාර දිය යුතුය (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 24 November 2014 04:00 AM

මෙම පිටුවේ පළවූ වතුපිටිවල රෝහලට ඉඩම් දුන් දාන පතියගේ පිළිරුව අත්රුදහන්වී ඇත්තේ මේ සමයේ බැවින් එ් ගැන මා අදහස් දැක්වූ පරිදි මෙයත් ඉන්ටෙර්පෝල් එකට භාර දිය යුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5026 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 695 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site