IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නාටාමිලත් අන්දන පිටකොටුවේ ‘කාක්කෝ’

  04-Rasa-P1-03

 

සමහර නාටාමිලා මේ ”කාක්කන්” ගැන දැන හිටියත් තමන්ගේ කටයුත්ත අවසන් කරනවා මිස ”කාක්කන්” කරන වැඩ ගැන හොයන්නේ නැත. නාටාමිලා කාක්කො ගැන හොයන්න - කියවන්න ගියාම එයාලට රස්සාව කරගන්නත් නෑ. ඒ මිනිස්සු කරදර කරනවා. හුඟාක් බජාර් අවට මේ ”කාක්කො සෙට්” එකක් ඉන්නවා. අලූත් ඩ‍්‍රැයිවර්ලා හරි හරියට අන්දනවා.

 

 

පිටකොටුව කියන්නෙ රටේ සුපිරි වැඩකාරයොත් බින්දුවට බස්සන තැනක්. එහෙම තැනක පොඩි මිනිස්සුන්ට කවර කතාද කියලත් හිතෙනවා. හැමෝම හිතන්නෙ කොටුවෙ - පිටකොටුවෙ වැටෙන සේරම ”ලෙඩ” දුප්පත් අහිංසකයන්ට කියලා. ඒවා බොරු. සුපිරි වැඩකාරයන් පවා ගාණට මිම්මට හින්ඳන කතාවක් ලියන්න අපි හිතුවා. කෝකටත් පරිස්සම හොඳයිනෙ කියලා කතාව බලමු. පිටකොටුව බෝධිය කොළඹ ප‍්‍රසිද්ධ තැනකි. දුර ඈතින් එන අය - අමුත්තන් හමුවීමේ මධ්‍යස්ථානයක් කරගෙන ඇත්තේ මේ බෝධිය අසලය. එපමණක් නොව බෝධිය අසළ රහස් ගනුදෙනු, රහස් කතා අපමණ සිදුවේ. බොහෝ දිගු ඉතිහාසයක පටන් පිටකොටුව බෝධිය කාට කාටත් හුරු පුරුදු තැනෙකි. උදේ හවා පිරිත් හඬ ඇසෙන කොටුවේ ප‍්‍රසිද්ධම තැන මෙතැනයි. මෙතැන පොලිස් චෙක්පොයින්ට් එකක් තිබුණත් ඒ අයගේත් ඇස වසා සිද්ධවෙන වැඩ පුදුම උපදවන සුළු වේ. මේ සමහර දේවල් අවුරුදු ගාණක් එක දිගට සිදුවන ඒවාය. කොයිතරම් රහසේ, සූක්ෂ්මව වෙනවාද කියනවා නම් මේ මොහොතේත් මෙයම සිදුවේ. ඒ කතාවත් සොයා මමත් රංජිතුත් කොටුවේ සැරිසැරුවෙමු.

04-Rasa-P1-01
කතාව මහ දවාලේ එළිපිට වෙන්නකි. ප‍්‍රධාන ස්ථානය බෝධිරාජ මාවත අසලය. එතැන මූලික කරගෙන පිටකොටුවේ වීදි සමූහයක මෙය සිදුවේ. මම රංජිත් ජයසිංහට ඉඩ දෙමි.


බජාර් එකට බහින්නෙ වැඩකාරයො. අල, ලූනු, කඩල, පරිප්පු, කරවල, මිරිස්, මේ සේරම එහා මෙහා යන්නෙ මෙතනින්.


මේ කතාව පැහැදිලි කරගන්නට බෝධිය අසලම වීදි කීපයේ සංචාරය කළ යුතුය. වැහි දාට ඇවිදින්නට බැරි මඩ ගොහොරුවකි. ඒ පමණටම හමන දුගඳ ”නාස් පුඩු කඩාගෙන” යන තරමේය. මේ කිසිම දුඟඳක්, ජරාවක් නොතකා සෙරෙප්පුවත් නොදැමූ නාටාමිලා බඩු කරත්ත එහෙ මෙහෙ තල්ලූ කරගෙන කඩිනම් ගමනේ යෙදෙති. අතුරු පාරවල්වල හිරකරගත් සද්දන්ත ලොරි විශාල ප‍්‍රමාණයකි. මේ සියලූ ලොරි දුර ඈත කඩවලට බඩු අදින ඒවාය. කඩ 10 - 15 ක බඩු පටවා ගත්තත් ලොරියේ සිටින්නේ රියදුරා පමණි.


ලංකාව පුරාම බජාර් එකෙන් බඩු යන්නෙ මෙහෙමයි. මුදලාලිලා ඇවිත් තමන්ගෙ කඬේට  ඕන අල, පරිප්පු, කඩල, ලූනු ඇති පමණ  ඕඩර් කරලා යනවා. සමහර විශාල කඩවලින් තනි ලොරිය ”බජාර්” එකට ආවට හුඟක් ටවුන්වල සිල්ලර කඩවලට බඩු අදින්නෙ මුදලාලිලා 10 - 15 ක් කතාවෙලා එක ලොරියක් අරගෙන. එතකොට එකඑක්කෙනා වෙන වෙනම ”බජාර්” බහින්න  ඕනෙත් නෑ. බිල දාලා ගියාම  ඕඩර් කරපු බඩු කඬේටම හම්බ වෙනවා. වැඩෙත් ලේසියි. ලාබෙත් වැඩියි. ලොරියෙ වියදම මුදලාලිලා අතරෙ බෙදිලා යනවා.


මේ නිසා බොහෝ මුදලාලිලා පිටකොටුවේ වීදිවල බැස තමන්ට අවශ්‍ය ද්‍රව්‍යවලට අදාළ කුවිතාන්සිගතකොට වෙන්කර ගනිති. ලොරිය එන දවස, ලොරිය පිළිබඳ විස්තරද කියති. මේ අනුව ගෝනිවලට ”කෑලි” යන නමක් ”බජාර් එකේ” භාවිත වේ. සමහර මුදලාලිලා ලූනු කෑලි, අල කෑලි, හාල් කෑලි බරටම  ඕඩර් කරති.


ලොරිය බජාර් එකට බැස්සම  ඕඩර්වලට බඩු අදින්නේ නාටාමිලාය. ගෝනිවල (කෑලිවල) තබන සලකුණක් තබනවා. ඒකෙන් තමයි
ගමේ මුදලාලිගෙ අනන්‍යතාව තහවුරු වෙන්නෙ. උදාහරණ විදිහට, පාදුක්කෙ විල්සන් මුදලාලිගෙ නම් ”උගීග පාදුක්ක” කියලා ගහනවා. මේකට බජාර් එකේ හැමෝම කියන්නෙ ”විලාසන් එක” කියලා. ”විලාසන්” පටවන කොට හුඟක් වෙලාවට මුදලාලි ළඟ නෑ. උගීග පාදුක්කට අල කෑලි - 10, පරිප්පු කෑලි - 05, සීනි - 05, හාල් - 20 කියලා තමයි ලොරියට දාන්නෙ. මේ වෙන සිදුවීම් පෙළ බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. මේ අය කාලයක් තිස්සෙ ඔය බජාර් අස්සෙ ගැවසෙනවා.


කඹුරුපිටියෙන් එන ලොරිය කියන්නකො. ඒක බජාර් ආවම හැමදාම එකම රියදුරා නෑ. ඩ‍්‍රැයිවර්ලා වෙනස්. නාටාමි බඩු ගෙනත් ලොරියට දානවා. ඔය නාටාමිත් එක්ක බජාර් එකේ කාක්කො ලොරිය ළඟට එනවා.


”ඉක්මන් කරපන්... වරෙන්...” සයිඞ්.. සයිඞ්.. කියලා කෑ ගහගෙන නාටාමිගෙ කරත්තෙ එක්ක දුවන්නෙ හරියට මුදලාලි කෙනෙක් වගේ. හුඟක් නාටාමිලා ඇත්තටම රැවටෙනවා. මේ ඉන්නෙ මුදලාලිලා කියලා. කෑලි ගාණ පටවාගත්තම කවුරු වුණත් මොකෝ.... බජාර් එකෙන් ගාණට බඩු ටික දුන්නම නාටාමිගෙ වගකීම ලොරියට දාන එක. එතනින් කතාව ඉවරයි. කරත්තෙ පස්සෙ එන එකා කවුද? ඌ මොකටද එන්නෙ? ඒ කතා නාටාමිට වැඩක් නෑ. කැමති කෙනෙකුට සැකනම් ලොරිය ළඟ ඉඳන් චෙක් කරල බඩු දාගන්න පුළුවන්. ඒත් එහෙම වෙනවා අඩුයි.

04-Rasa-P1-02
නාටාමි  ඕඩර් කරපු බඩු සේරම ලොරියට දාලා යන්න යනවා. දැන් කතාව පළමු භාගය ඉවරයි.


ගමේ මුදලාලිලා බඩු  ඕඩර් කරති. ඒ බඩු කෑලි ගාණට පිටකොටුවේ බජාර් එකෙන් නාටාමියකු අත ලොරියට පැටවේ. නාටාමිගේ කරත්තය සමග කවුරු දිවුවද එය නාටාමිට වැඩක් නැත. බජාර් එකෙන්ද වංචා රහිතව ඉතා සාධාරණව ඒවා ලොරියට ලබාදේ.


ලොරියට බඩු පැටවූ පසු රියැදුරුට කතා කරන්නේ බජාර් එකේ ගැවසෙන කාක්කෙකි. ”මල්ලි උගීග පාදුක්ක කියලා වැරදියට මාක් වෙලා තියෙන්නෙ රඹුක්කන ලොරියෙ තුනක්. රඹුක්කන උගීග එකට යන ඒවා. මේකෙන් කඩල කෑලි 3 ක් රඹුක්කන ලොරියට දාන්න  ඕනෙ. කෑලි 3ක් ආපසු ගත් බවට ලියුම් කඩදාසියක් රියදුරු අතට දේ. පැය ගාණක් කොටුවේ එපා තිත්ත වූ අලූත් ලොරි රියදුරන්ට හා-හ්ම් කියනවාට වඩා උත්තරයක් නැත. ඊටත් වඩා මොහු සැක කරන්නට හේතුවක්ද නැත.


එකක් නාටාමි සමග කඩිමුඩියේ දුවමින් පනිමින් ලොරියට බඩු දැමූ නිසාය. නාටාමි දන්නේ ඔහු ලොරිය සමග ආ අයෙකු බවය. ලොරි රියදුරා දන්නේ නාටාමි සමග පැමිණි නිසා ඔහු බජාර් එකේ බිල් සටහන්කරුවකු බවය. නාටාමි ආපසු ගිය පසු ලොරි රියදුරාට දීමට ඇති එකම උත්තරය ඔහු කියන්නේ සත්‍යයක් බව හිතා වැඩ කිරීමටය. ඒ තරම් සූක්ෂ්මව වැඩ කරන්නට මේ කාක්කෝ දක්ෂ වෙති.


මහ දවාලේ බජාර් එකේ තියන හදිසිය අස්සේ ලොරිය දමා බජාර් යාමට අලූත් රියදුරෝ හරිහැටි නොදනිති. කඩ 10 - 15 ක  ඕඩර් නිසා බලවත් රාජකාරියකි. රියදුරාට ගණන් බලා භාරගැනීමේ ලොකු වගකීමක් ද නැත.


මේ නිසා කාක්කෝ රියදුරුට කියන පමාවෙන් කෑලි කීපයක් ලොරියෙන් බා ගනිති. පසුව ගමනට ඉඩ දෙති.


ලොරිය ගමට ගිය විට සමහර කඩවල  ඕඩර් කළ ”කඩල කෑලි”, ”පරිප්පු කෑලි”, ”අල කෑලි” තුන හතර අඩුය.


මුදලාලිලා ”බජාර්” එක ඇමතූ විට බජාර් එකෙන් බඩු නියමිත පරිදි ලොරියට පටවා ඇත. නාටාමිගෙන් විමසුවද එසේමය. නාටාමිලා සිය රාජකාරිය අකුරට කිරීමට සමත්වෙති.


එහෙත් සිදුවී ඇති දෙය බජාර් එක දන්නේ නැත.


සමහර නාටාමිලා මේ ”කාක්කන්” ගැන දැන හිටියත් තමන්ගේ කටයුත්ත අවසන් කරනවා මිස ”කාක්කන්” කරන වැඩ ගැන හොයන්නේ නැත.


නාටාමිලා කාක්කො ගැන හොයන්න - කියවන්න ගියාම එයාලට රස්සාව කරගන්නත් නෑ. ඒ මිනිස්සු කරදර කරනවා. හුඟාක් බජාර් අවට මේ ”කාක්කො සෙට්” එකක් ඉන්නවා. අලූත් ඩ‍්‍රැයිවර්ලා හරි හරියට අන්දනවා.


වියළි ආහාර විතරක් නොවෙයි එළවළු, පලතුරු පවා එහෙමයි.


දවසට ගෝනි 5 - 6 ක් හොරා ගත්තම ඒක කීයට හරි සිල්ලර විකුණලා එයාලත් ජීවිතේ දුවනවා. මේ කාක්කන්ගෙ බඩු අඩුවට ගන්න වෙනම වෙළෙන්ඳො ඉන්නවා. නැත්නම් මේ අයම හවසට පිටකොටුවෙ කොහේ හරි දාගෙන මේ බඩු විකුණනවා.


මේ වැඬේ අවුරුදු ගාණක් පරණයි. හුඟක් මුදලාලිලා තමන්ට ලක්ෂ ගණන්වල පවා ”කෑලි” අහිමි වුණා කියලා පොලිසියෙ පැමිණිලි දානවා. ඒත් කොහොම හොයන්නද? කවුද පාවලා දෙන්නෙ... වේල්ල වීදිය පොලිසියෙ අවුරුදු ගාණක පැමිණිලි පොත් මේ කතාවට සාක්ෂියක්. හැබැයි මේක පිටකොටුවෙ හැමදාම හැම බජාර් එකකම වෙන්නෙත් නෑ.


ස්තුතිය - රංජිත් ජයසිංහ මහතාට

m



අදහස් (0)

නාටාමිලත් අන්දන පිටකොටුවේ ‘කාක්කෝ’

දර්ශා Saturday, 11 July 2015 05:41 AM

දැනගන්න කියවන්න. ස්තුතියි (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 18 July 2015 04:42 PM

මොන තරම් බාල වැඩද.(නදී)

:       0       0

චතුරි Thursday, 16 July 2015 10:14 PM

මේ වගේ කපුටන්ගෙන් බේරෙන්නත් ක්‍රම තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4050 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 485 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1101 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site