IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නාඩගම්කාරයන්ට ‘නාඩගම්කාරයෝ’ අභියෝගයක්ද?

 


------------------------------------------
(*** රංගන ශිල්පී  - දිමුතු චින්තක)
------------------------------------------

ටෙලිනාට්‍ය දැන් සෑම නාලිකාවකම ප්‍රධාන කටයුත්තක් බවට පරිවර්තනය වී ඇත. ඒ අතරතුර ඉන්දීය, කොරියානු, ජපන් ආදී කොටගත් විදේශ නිර්මාණද එකිනෙකා පරයමින් සිටී.  සිනමාවේ කලාත්මක සහ වාණිජ වෙනස දැන් දැන් ටෙලිනාට්‍ය කලාව තුළ ද ඇතුළු වී ඇත. ජනතා රස මනස පුබුදුවාලීමටත් ආනන්දයෙන් ප්‍රඥාව කරා යෑමට යම් ටෙලි නිර්මාණයකට හැකියාව ඇත්නම් එය ප්‍රශස්ත කටයුත්තකි.

නැවත අපිට දඬුබස්නාමානය, දූ දරුවෝ, වෙද හාමිනේ, කඬුල්ල, බැද්දෙගෙදර, ස්වයංජාත වැනි (තවත් නාට්‍ය විශාල ප්‍රමාණයක් කියන්නට ඇත) නාට්‍ය නිර්මාණ නැවත බිහිවේ ද?...
සාමාන්‍ය සරල තේමා සමඟ වර්තමාන ශ්‍රී ලාංකේය, ආර්ථික, දේශපාලන හා සාමාජීය හැඩතල උකහා ගනිමින් රූප රචන සමඟ අධ්‍යක්ෂණය පමණක් අපව ප්‍රකම්පනය කරමින් අපව සෞන්දර්යාත්මකව සුන්දර රසවින්දනයක් කරා දැහැන්ගත කරවන ටෙලි නාට්‍යයකි “නාඩගම්කාරයෝ”. එහි අධ්‍යාපනික මෙන්ම ආගමික වටිනාකමකුත් කතා කිරීම විශිෂ්ටය. නාලිකාවක ඕනෑ එපාකම්වලට වඩා නිර්මාණකරුවන්ගේ වුවමනාව සහ කැපකිරීම රටේම ජන මනස අවදි කිරීමට ගත් සැබෑම හෘදයාංගම උත්සාහයකි.

අපගේ පාරම්පරික නාට්‍ය කලාවලට පැරණි ගීත බලෙන් ඔබ්බවා නැති බව ද අපට පසක් වේ. කොමඩි නළුවෙකු වූ ගිරිරාජ් ප්‍රහසනය තබාගනිමින් හරවත් රංගනයක යෙදෙන බව කිව යුතුමය. මට හිතෙන්නේ ජැක්සන් ඇන්තනී නම් මහා රූපවේදියාට වඩා දිගු ගමනක් යා හැකි රංග ශිල්පියෙකි සජිත.

අනුරාධපුරෙන්ම තුන්දෙනක් දායකවීම ද ඔවුන් පරාස තුනක චරිතවල සිටීම සුන්දරය. සිරිසේනලා මුදලාලිලා මාස්ටර්ලා වගේම මාලන්ලා කැකුළලා ද රත්නේ කොලුවා ද මුදලාලි හාමිනේ ද ගජමෑන් ද අප අතරම සිටින බව දැන් දැන් අපට පෙනේ. ඒ විතරක් නෙවේ මේ දවස්වල රාලහාමිලා ලේකම්ලා පිනුම් ගසන හැටි අපට මතක් වෙන්නේ “නාඩගම්කාරයෝ” නැරඹූ විට.

ඕනෑම මනුස්සයෙක්ගේ සැබෑ ගති ස්වාභාවය විවිධ අවස්ථාවලදී මෙම නාට්‍ය තුළින් අපි දකින්නෙමු. සුරංග වගේම චණ්ඩි රෑන් ද දැන් හැමතැනම හතු පිපී ඇත. හෙට දවසේ මොකද වෙන්නේ ?... හිතේ තියාගෙන අපි ආලින්දයට පිවිසෙයි. මෙවැනි නිර්මාණ ගැන විචාර ලියන ඇත්තන්ගේ අත් හිරිවැටී ඇත්තේ මන්දැයි නොදනිමි. එවැනි දෙයක් ලියන්නට මෙය උත්තේජනයක් විය හැක.  කොරෝනා වසංගතයෙන් හෙම්බත් වී සංචරණ සීමාවලට මැදි වී පාර්ලිමේන්තු විහිළු ප්‍රවෘත්ති නරඹමින් අනේ අපොයි කියා හිතෙන වෙලාවක “නාඩගම්කාරයෝ” මී බිඳකි.

 



අදහස් (17)

නාඩගම්කාරයන්ට ‘නාඩගම්කාරයෝ’ අභියෝගයක්ද?

සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 August 2021 06:32 PM

ලිපියේ සඳහන් සාරගර්භ කරුණු වලට ස්තූතියි. සත්‍ය වශයෙන්ම, නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මෑත කාලයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ටෙලිනාට්‍යයක් යැයි පැවසුවහොත්, එය සත්‍යයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, මේ නාට්‍යය බැලීමේදී අප කලා නිර්මාණයකින් අවසානයේදී ලබන උපරිම රසවින්දනය ඒ අයුරින්ම ලබනා බව ස්තුති පූර්වකව කිවයුතුව ඇත. මාස්ටර්, සරා හා පාඨලී, කවඩියා ඇතුළු මිතුරන්ද, කුකුළා ලකුණ මුදලාලි ඇතුළු සෑම දෙනා ඉතා ප්‍රශස්ත ලෙස රංගනයේ යෙදේ. පිටපත් රචකයා හා අධ්‍යක්ෂකවරයාගේ අප්‍රතිහත උත්සාහය හා ප්‍රතිභාපූර්ණ කලා කෞශල්‍යය අතිශයින්ම විශ්මය ජනකයි. කලාව මිනිසාගේ යහපත උදෙසාය යන්න මෙහිදී මනාව සනාථ කරයි. හාමුදුරුවන් හා පොඩි හාමුදුරුවන්ගේ චරිත අති විශිෂ්ටයි. මෙවන් අති විශිෂ්ඨ නාට්‍ය තව තවත් බිහිවේවා...!!! යනු අප පැතුමයි...

:       4       51

පූජා. Friday, 27 August 2021 07:38 PM

"මෙවැනි නිර්මාණ ගැන විචාර ලියන ඇත්තන්ගේ අත් හිරිවැටී ඇත්තේ මන්දැයි නොදනිමි." දිමුතු චින්තක මහතාගේ කතාව සහතික ඇත්තකි. එය හරියට, ගෘහණියක් දන්න සූපශාස්ත්‍ර සියල්ලම දමා පිළියෙල කළ රසවත් ආහාරයක්.., කෙනෙක් ගිජුව ගිල දමා කිසිත් නොකියා නැගිට ගියා හා සමාන යයි විටෙක මට සිතෙයි.. රංඟනය, නර්තනය, සංගීතය, උපහාසය මුසුවූ අපූරු සංකලනයකින් හෙබි ටෙලි වෘතාන්තයකි. "නාඩගම්කාරයෝ" ටෙලි නාට්‍ය. එහි රඟන "රහල් බුළත්සිංහළගේ" ලොකු හාමුදුරුවන්ගේ චරිතයට මම බොහෝ සේ ප්‍රිය කරමි. අනෙකුත් සියලුම දෙනාගේ හැකියාවන් ඉතා අගෙයි.. පිට රටවල් වල ඉන්න අයත් ඉතා ආසාවෙන් බලන මෙවන් ටෙලි නාට්‍යයන්, මෙවන් සුපිරි කලාකරුවන් අතින් තව තවත් බිහිවේවායි යනු අපගේ නිමල පැතුමයි. දරුණු වසංගතයක් පවතින මොහොතක වුවත් බොහෝ වෙහෙස මහන්සි වී අප වෙනුවෙන් කරන උදාර සේවයට බොහෝ සේ ස්තූතිවන්ත වෙමි..

:       3       41

Ruhunu Friday, 27 August 2021 08:13 PM

මේවා හොඳයි නාඩගම් කාරයන්ට.

:       21       8

hesa Saturday, 28 August 2021 01:42 AM

ඇත්තෙන්ම. මෙම නාටකයේ ඉතාම සුන්දර තාත්විකව ඒ වැඩිහිටි චරිත වලට පන පොවන, ප්‍රවීන රංගධාරීන් නව දෙනා ( හරි ඇති නේද ගනන ) සහ ..විශේෂයෙන් සෑම නව මුහුනක්ම, ප්‍රවීනයන්ට ඔන්න මෙන්න දක්ෂ රංගනයක යෙදෙන්නේ, ආධුනිකද කියා සිතන්නවත් ඉඩ නොතබමින්..

:       4       22

Nandalal DE SILVA - France Saturday, 28 August 2021 05:11 AM

මම දිනපතා නාඩගම්කාරයෝ අසාවෙන් නරඹන ප්‍රක්ෂකයෙක් වෙමි.

:       3       9

ලුම්බිණි Saturday, 28 August 2021 05:51 AM

විනෝදය ගෙනෙන නාට්‍යයක් ලෙස මෙය වටිනා අතර එහි තිබෙන සරල තේමාව නිසා ජනප්‍රිය වී ඇත.

:       3       4

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 August 2021 08:27 AM

ලිව්ව අදහස් ටික හරිම ලස්සනයි පුජා. ස්තූතියි ඔයාට ...

:       3       18

ajith Saturday, 28 August 2021 11:49 AM

නාඩගම්කාරයොත් අනිත් හැම කතාවක වගේම අපේ ආගමට ගමට පටහැනි සමන්‍ය ටෙලිනාට්‍යක්.

:       11       2

dinesh Saturday, 28 August 2021 05:24 PM

බොරු නාඩගම් එපා හලෝ... තාම ටෙලිනාට්‍ය පටන් ගත්තා විතරයිනේ.. ඉස්සෙල්ලම ඉවර වෙනකන් බලලා ඉන්න. ඊට පස්සෙ දෙමු ළකුණු...

:       6       4

manju Saturday, 28 August 2021 06:46 PM

හුඟක් ටෙලිනාට්‍ය ලොකුවට පටන් අරගෙන හිටපුගමන් විකාශනය නතර වෙනවා. පටන් ගත්ත නලුනිලියන් එක්ක නෙවෙයි නාට්‍ය අවසන් වෙන්නේ.

:       2       1

පිටරැටියා Saturday, 28 August 2021 06:46 PM

ස්වර්ණවාහිනි නාළිකාව නොබලන අපි නාඩගම්කාරයෝ බලනවා. එහි නලු නිළියන්ගේ රඟපෑම් අති විශිෂ්ටයි

:       2       7

කපිල Saturday, 28 August 2021 10:49 PM

සුළු දේකටත් ගහ මරා ගැනීම අපේ සංස්කෘතියට නොගැලපේ.

:       6       2

iks chandrasiri Sunday, 29 August 2021 07:15 PM

කොටස් ප්‍රමාණය ඕනවට වඩා වැඩි කරොත් නාට්‍යයේ වටිනාකම නැතිව යනවා.

:       0       3

ajithMonday, 30 August 2021 01:46 PM

ඒ්ක අපේ රටේ නාට්‍යවල හැබැයි. කොහෙම පටන්ගත්තත් පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා

:       0       1

රුවන් පට්ටියගොඩගේ Monday, 30 August 2021 02:39 PM

නාඩගම්කාරයෝ ගමක සිදුවන සරළ සිදුවීම් පිළිබදව ගැඹූරු හැදෑරිමක් සහිතව කෙරුණූ නාටකයක් යැයි හැගේ. සමාජයේ අවස්ථාවන් අහිමිවූවන්ගේ ජීවිත හා ඔවුනගේ කටයුතු සෙස්සන් විසින් අවමානයට ලක්කිරීම අද දවසේ පවා අපේ රටේ හැම ගමකම වාගේ සිදුවන දෙයක්. ඒක හරි අපුර්වතම ලෙස මෙහි නිරූපණය වනවා. අනෙක දේශපාලන බලය ගම තුළ ඇතිකරන බෙදීම් /ගැටුම්/හිත්රිදවීම් මේ සියල්ල සරළවත් ආකර්ෂණීය ලෙසත් නාඩගම්කාරයෝ තුළ ඔබ්බවා තිබේ. මෙහි රංගන කාර්යය සිදුකරන සියළු දෙනාම ඉතා හොදින් තම භූමිකාව ඉටු කරන බවත් සතුටින් සදහන් කළ යුතුය.

:       6       2

ගමේ එකාලා Tuesday, 31 August 2021 05:00 AM

සමහර නාලිකාවල අද්ද අද්ද යන ගොබ්බ කතා දිහා බලනකොට නාඩගම්කාරයින් මොනතරම් අපූරුද කියලා හිතෙනවා.

:       1       0

කනිෂ්ක Tuesday, 31 August 2021 10:27 AM

නාඩගම්කාරයෝ ටෙලිය හැම අතින්ම හොඳයි. විටෙක, අතීතයේ ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ චණ්ඩි චිත්‍රපට සිහිගන්වයි.. නවකයින් ආධුනික බවක් පෙන්වන්නේම නැත.. තාත්වික බව තිබේ නම් කතාව දික් ගැස්සුණාට කම් නැත... මෙම ගමේ සෙසු ගම්මුන් සිටිය යුතුයි. ඔවුන් නොදැකීම අඩුපාඩුවකි. සෙසු බොහෝ අංග සර්ව සම්පූර්ණයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1073 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4560 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site