නත්තල යනු ජේසුස් වහන්සේගේ මොලොව ජනිත වීම සිහිපත් කරන අසිරිමත් අවස්ථාවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මීට අවුරුදු දෙදාහස් ගණනකට පෙර බෙත්ලෙහෙම් නුවර ගවලෙනක උප්පත්තිය ලැබීම නත්තලෙන් සිහිපත් කෙරේ. ජේසුතුමන්ගේ උප්පත්තිය පිළිබඳ සලකා බලන විට එහි දකින්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් ඇත.
ඉන් එකක් නම් මනුෂ්‍යයා රාජකීය කෙනකු බිහිවීම පිළිබඳ සිතේ තිබෙන ඒ උප්පත්තිය සිදුවන්නේ ඒ ආකල්ප අනුව නොවන බවයි. කිතුනුවන්ගේ විශ්වාසය වන්නේ දෙවියන්ගේ පුත්‍රයා වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ බවය. ඒ නිසා සර්වබලධාරි උන්වහන්සේගේ පුත්‍රයා යනු රජවරුන්ගේ රජ හැටියට සැලකිය හැකි කෙනකු බවයි. එවැනි කෙනෙක් මෙවැනි ආකාරයට උපදින්නට තෝරා ගැනීම තුළ යම් ආකාරයක අභියෝගයක් අප සියලු දෙනාටම ලැබේ. එම අභියෝගය වන්නේ සමාජයේ ඉහළයි කියා සිතා ගන්නා සමාජයේ ජයග්‍රහණය කරවා යැයි සිතා ගන්නා සමාජයේ වැදගත් කමක් තිබේ යැයි සිතා ගන්නා සෑම මිනුම් දණ්ඩක්ම වෙනස්කර මෙම ජේසු උපත සිදු වූ බවයි.
ජේසු උපත සිදුවූයේ ඔවුන් සාමාන්‍යයෙන් පදිංචි වී සිටි ස්ථානයක නොවේ. එදා ජේසුතුමන්ගේ මවුපියන්ට සංගණනයක් සඳහා බෙත්ලෙහෙම් නුවරට යෑමට සිදුවිය. නිවසේ සිට බැලු විට එම ස්ථානයට මීටර් 70 ක පමණ දුරක් තිබිණි. ජේසු තුමන්ගේ මවුපියෝ බොහෝ අමාරුවෙන් එම ගමනේ යෙදුණාහ. ඒ අතරතුර දරුවා බිහිවීමේ කාලය එළැඹිණි. ඒහෙත් ඒ අවස්ථාව වනවිට ඔවුන්ට දරුවා බිහිවීම සඳහා සුදුසු ස්ථානයක් තිබුණේ නැත. එම මවුපියන්ට තානායමේ ඉඩ නොතිබුණු නිසා ගවලෙනක ජේසු උපත සිදුවූ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ. එසේ සිදුවූයේ මවුපියන් දරුවා බිහි කිරීමට සුදුසු තැනක් සොයමින් ඇවිද යන විට දරුවා බිහි කිරීමේ ආසන්නම අවස්ථාව උදා වූ නිසා බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ. එවිට යම් අයකුගේ උදව් උපකාර මෙම මවුපියන්ට ලැබිණි. කිසිවකු නැති අතහැර දමන ලද ගව මඩුවක් මේ පිරිසට ලැබෙන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව ගව මඩුවේ අසිරිමත් ජේසු උපත සිදුවිය.
බෙත්ලෙහෙම යනු ගල් තලාවන් මත පෑදුණු කන්දකි. ඒ කන්ද පහළ ගල්තලාවක් ඇතුළේ අතහැර දමන ලද ගව මඩුවේ ඉපදුණු මේ පුංචි කිරිකැටියා දෙස මවුපියෝ ආදරයෙන් බලා සිටියහ. මවුපියෝ මුළු රාත්‍රියම සීතලේ ගැහෙමින් ජේසු තුමන් සමග ගවලෙනේ ගත කළහ.
මේ ගවලෙන යනු මනුෂ්‍ය කෝණයෙන් බලන විට රජ කෙනකු බිහිවන ස්ථානයක් නොවේ. ඒ අවස්ථාවේ දී ජේසු තුමන්ගේ මවුපියන්ට ජේසුතුමන් ඔතන්නට අඩුම තරමේ රෙදි කඩක්වත් තිබී නැත. ජේසුතුමන් නළවන්නට තොටිල්ලක් හෝ ඒ මොහොතේ තිබී නැත. ඒ නිසා කුඩා ජේසුතුමන් ගව ඔරුවක සැතප වූ බව ශුද්ධ වූ බයිබලයේ ද සඳහන් කර ඇත. මේ අනුව අපට පෙනී යන්නේ සමාජය විසින් පිළි නොගන්නා තැනක මෙම අසිරිමත් ජේසු උපත සිදු වූ බවයි. ස්වභාවධර්මයට අනුව අහිංසක සරල ක්‍රමවේදයක් තුළ බලාපොරොත්තු නොවන ආකාරයට ඉතාමත් දිළිඳු පරිසරයක දිළිඳුකම වැළඳ ගනිමින් ක්‍රිස්තුන් වහන්සේ ඉපදුණු බව මෙමගින් පැහැදිලි වේ.
ඒ අනුව නත්තල යනුවෙන් අප සමරන්නේ ජේසුතුමාගේ ඉපදීම සැමරීම බව අපට පැහැදිලි වේ. ජේසුතුමන් යනු ලෝකය ගැලවීමේ මග අපට පෙන්වා දීමට පැමිණි දේව පුත්රයාණන්ය.
මෙම දේව පුත්‍රයාණන්ගේ උපත සැමරීය යුත්තේ කෙසේදැයි අප ඊළඟට විමසා බැලිය යුතුය. උන්වහන්සේගේ උපත දිළින්දන්ට දක්වන උපහාරයකි.
ලෝකයේ උසස් යැයි සිතන කිසිම දෙයක් ඒ ආකාරයෙන්ම උසස් නොවන බව මෙමගින් පැහැදිලි වේ. මෙය සම්පූර්ණයෙන්ම පෙරැළියකි. මෙය චින්තනමය යථාර්ථවාදී පෙරැළියකි. ඒ නිසා මෙම නත්තල බාහිර ආටෝපවලින් පිරුණු නත්තලක් බවට පත්කර ගැනීම සුදුසු නැත. මෙය සැබැවින්ම ආධ්‍යාත්මික මංගල්‍යයකි. අප මෙය වැඩියෙන් සැමරිය යුත්තේ අධ්යාත්මිකවය. අපගේ වැඩි අවධානය තිබිය යුත්තේ එයටයි. බාහිර වශයෙන් ප්‍රීතියෙන් නත්තලේ සතුට විඳදරා ගැනීමට එය බාධාවක් නොවේ. එහෙත් එය කළ යුත්තේ නිහතමානි ආකාරයෙනි.
නත්තල සැමරීමට නම් ජේසුස්වහන්සේ ඉපදුණු දිළිඳු පරිසරය ගැන සිතා මෙය දිළිඳුකමේ මංගල්‍යයක් ලෙස සැමරිය යුතුය. නත්තල යනු ලෝකයට පම්පෝරි ගසන ඒ ආකාරයටම කටයුතු කරන මංගල්‍යයක් නොවන බව ජනතාව අවබෝධ කර ගත යුතුය.
නත්තල යනු තමන්ට තිබෙන බලය ධනය හැකියාව ලෝකයට පෙන්නුම් කරන මංගල්‍යයක් නොවේ. විශේෂයෙන්ම දිළින්දන් වෙත දැක්විය යුතු සමාජයේ කොන් වී සිටින අය වෙත දැක්විය යුතු තෝරා ගැනීමක් පිළිබඳ නත්තලෙන් හෙළිදරව් වේ. අප නත්තලේ ප්‍රීතිය භුක්ති විඳිය යුත්තේ ඒ ආකාරයටය.
එසේම නත්තල පවුලේ මංගල්‍යයක් ලෙස සලකා කටයුතු කළ යුතුය. අම්මා, තාත්තා, දරුවන්, නෑදැයන් එකට එකතු වී සහෝදරත්වයෙන් යුතුව බෙදාගැනීමේ මංගල්‍යයක් බවට නත්තල පත්කර ගත යුතුය. පරණ කෝන්තර අමතක කර සහෝදරත්වය, සාමය සතුට, අහිංසක විදියට භුක්ති විඳිය යුතුය.
76 වසරක් තිස්සේ අප රටේ සිදුවිය යුතු වෙනස්කම් ගණනාවක් තිබිණි. මේ නත්තලෙන් පසුව හෝ ඒවා ඉටුවනවා නම් ජනතාවට සතුටකි. පසුගිය කාලයේ රට ගමන් කළ මාර්ගය සුබවාදි වූයේ නැත. සමාජයේ සැබෑ ප්‍රගතියක් ඇති වූයේ ද නැත. එක පැත්තකින් අපි ජාතීන් හා ආගමිකයන් ලෙස බෙදී වෙන්වී සිටින්නෙමු. ඒ කාලවකවානුවේ යුද්ධයකට පවා මුහුණ දීමට අපට සිදුවිය. තවත් පැත්තකින් බලන විට දිළින්දන් හා පොහොසතුන් අතර ඇති පරතරය විශාල විය. පසුගිය කාලයේ දිළින්දෝ බොහෝ දෙනෙක් හා පොහොසත්තු ටික දෙනෙක් සිටියහ. රටේ සම්පූර්ණ ධනය පොහොසතුන් ටික දෙනකු අතර බෙදී යන්නට විය. සෙස්සෝ ඉතාම අසරණ තත්වයට ඇද වැටුණාහ.
සමාජය තුළ ආත්මාර්ථකාමීත්වය වර්ධනය විය. දූෂණය වර්ධනය විය. සෑම තැනකම දූෂිත පරිසරයක් නිර්මාණය විය. අවංකකම සමාජයෙන් තුරන් විය. රටේ නීතිය අවනීතිය බවට පත්විය. බලගතු අය පමණක් නීතිය කුමක්ද යන්න පිළිබඳ අර්ථකථනය කිරීමට පුරුදු වූහ. නීතිය සාධාරණ ලෙස සමාජය තුළ ක්‍රියාත්මක වූයේ නැත. මේ ප්‍රශ්නවලින් ගොඩ ඒමට පසුගිය කාලයේ පැවැත් වූ මැතිවරණවලින් අපේ රටේ ජනතාව නව තෝරා ගැනීමක් කළ බව දක්නට ලැබිණි. එම ෙතා්රාගැනීම වූයේ නව ආරම්භයකට යනවා කියා ජනතාව තීන්දු කිරීමයි. නව ආරම්භයකට යාමට තිබූ එකම මාර්ගය ඔවුහු තෝරා ගත්හ. එසේ තෝරා ගත් අයට දැන් ජනතාව රට බාරදී තිබේ. දැන් උදාවී තිබෙන්නේ සියලුම ජනතාවට බලාපොරොත්තුවෙන් පිරි කාල වකවානුවකි. සමාජයේ නැති වී තිබූ දේ නැවත ඇති කර ගැනීමට ජනතාවට අවස්ථාවක් දැන් උදාවී ඇත. නත්තල තුළ අප දකින්නේ ජනතාවගේ එම ආශාවයි. රටේ වෙනසක් ඇති කිරීමට ගත් තීරණය ඒ වෙනස ඇති කිරීමට දරන උත්සාහය දෙස අප බලා සිටිය යුතුය. නව පාලකයන් ගමන් කරන්නේ කොයි පාරේද යන්න පිළිබඳව දැනගැනීමට කාලයක් බලා සිටිය යුතුය. එහි හරි වැරැද්ද ජනතාව ඉදිරියේ දී තීරණය කරනු ඇත. රටේ වෙනසක් ඇතිවීම සියලුම ජනතාවගේ බලාපොරොත්තුව වී ඇත.
පාස්කු ප්‍රහාරයේ දී වැඩියෙන්ම පීඩාවට පත් වුණේ කිතුනුවන්ය. ප්‍රහාරය එල්ල වූයේ දේවස්ථානවලටය. පාස්කුදා ප්‍රහාරය පිළිබඳ දැනටමත් නව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපට ආරංචිවී ඇත. විමර්ශන නිලධාරයෝ නිරන්තරයෙන් අප සමග සංවාදයේ යෙදෙති.
දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුහු අපව දැනුවත් කරමින් සිටිති. අපට සතුටුවිය හැකි මට්ටමේ පියවර කීපයක් රජය දැනටම ගෙන ඇත. එමගින් පාස්කුදා ප්‍රහාරයේ සත්‍යය කුමක්දැයි සොයා ගැනීමට අපට හැකිවනු ඇත. අපට යුක්තිය ඉටුකර ගත හැකිවනු ඇත. රජය මේ පියවර තවත් ශක්තිමත් කරමින් මේ මහා මිනීමැරුමට සම්බන්ධ වූ සියලු දෙනා හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතුය.
නත්තල හොඳින් සමරන සැබෑ කිතුනුවා යනු ධර්මයට අනුව ජීවත් වන්නාය. එනම් ක්‍රිස්තු ධර්මයට අනුව ජීවත් වීමයි. ක්‍රිස්තුන් වහන්සේ සඳහන් කළේ යමෙක් මා වෙත එනු කැමැත්තේ ද හෙතෙම තම ත්‍යාග කර කුරුසයේ ඉඳගෙන මා වෙත එන්න යනුවෙනි. ක්‍රිස්තු ශ්රාවකත්වය තිබෙන්නේ තමන්ට ලැබෙන කුරුසියේය. ජීවිතයේ ලැබෙන කරදර අමාරුකම්, දුක් වේදනා කර ගහගෙන ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කිරීම ඔහුට ලැබෙන වගකීමයි. සැබෑ කිතුනුවා යනු ඒ ආකාරයට ජීවත් වන්නාය. අනුන්ට කරදර කරන්නා සැබෑ කිතුනුවකු නොවේ. මේ එළැඹි තිබෙන නත්තල් දිනයේ අප එය මතක තබා ගත යුතුය. ජීවිතය තුළ තිබෙන නොයෙක් දුක් කරදර ප්‍රශ්න ඇතිවන දේවල් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසය දෙස බලාගෙන සමනය කර ගැනීමට අපට හැකිවිය යුතුය. උන්වහන්සේ කුරුසය මත ජීවිතය පූජා කළ ආකාරයෙන්ම උන්වහනසේ අනුගමනය කරමින් වැරැදි නිවැරැදි කරගෙන උන්වහන්සේගේ නියෝගවලට කීකරු වෙමින් ඒ නීති නියෝග අනුව අවංකව ජීවත්වීමට කිතුනුවා උත්සාහ කළ යුතුය.
කිතුනු ජීවිතය යනු එයයි. කුරුසයේ මාර්ගයේ ගමන් කිරීමයි. කුරුසයේ මාර්ගය යනු අත් හැරීමේ මාර්ගයයි. බුදුන් වහන්සේ දේශනා කළෙත් එයයි. තන්හාව අතහැරීමයි. කිස්තුන් වහන්සේ දේශනා කළෙත් එයයි. දුක, වේදනාව වැළඳ ගන්න කුරුසයේ මාර්ගයේ ගමන් කරන්න ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළේ එයයි. දුක් කරදර වලින් පැන නොගොස් ජීවිතයට දුක් කරදර වැළඳගෙන ඒ තුළින් ජීවිතය පෝෂණය කර ගන්නා ලෙස උන්වහන්සේ දේශනා කළහ. තමන් යමක් අත්පත් කර ගැනීමට නම් වැඩියෙන් අත් හැරීමට පුරුදු විය යුතුය. උන්වහන්සේ දේශනා කළේ සේවය ලබනවාට වඩා සේවය කරන්න යනුවෙනි. තමන්ගේ ජීවිතයට ආදරය කරනවාට වඩා අනුන්ගේ ජීවිතයට ආදරය කරන්න යනුවෙන් උන්වහන්සේ දේශනා කළහ. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න යනුවෙන් උන්වහන්සේ දේශනා කළහ. ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළේ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න යනුවෙනි. උන්වහන්සේ අපට ප්‍රේම කළේ කුරුසය මත අප වෙනුවෙන් ජීවිතය පූජා කිරීමෙනි. අප සෑම කිතුනුවකුටම දේශනා කරන්නේ ඒ මාර්ගයේ ගමන් කරන්න යනුවෙනි. අපේ සැප අපේ සතුට නොව අනුන්ගේ සැප අනුන්ගේ සතුට පිළිබඳ සංවේදි විය යුතු බව උන්වහන්සේ දේශනා කළහ. අනුන් පිළිබඳ නිතරම සංවේදී වන ලෙස උන්වහන්සේ ඉගැන්නූහ.
අප සැබවින්ම ප්‍රේමයේ ජීවත් වන්නේ එවිටය. අපට වුවමනා දේවල් ලබා ගැනීම තුළ නොව අනුන් ගැන සිතීම ක්‍රිස්තු ධර්මයයි. එසේම අනුන් ගැන සිතීමට මෙහෙයවන ධර්මයක් ලෙස ක්‍රිස්තු ධර්මය හැඳින්විය හැකිය. අනුන් ගැන සිතීම අපේ වගකීමකි. යුතුකමකි.
මෙවර නත්තලේ තේමාව ලෙස අප තෝරා ගන්නේ අල්පේච්චකම යන ගුණාංගයයි. එය යථාර්ථයක් කරමින් හැකි තරම් දිළින්දන් සමගින් නත්තල ගත කරන ලෙස අපි ජනතාවට ආරාධනා කරන්නෙමු. අපගේ මීසම්වල සියලුම පියතුමන්ලාට අප පවසා ඇත්තේ නත්තල් දිනයේ දහවල් දිළින්දන්ට කෑම වේලක් ලබා දෙන ලෙසයි. තමන්ගේ අවට පරිසරයේ ජීවත්වන දිළිඳු පවුල්වලට උදව් කරන ලෙස අපි දැනුම් දී ඇත්තෙමු.
දරුවන්ට පාසල් උපකරණ සපත්තු අරන් දෙන ලෙස අපි කියා ඇත්තෙමු. විශේෂයෙන්ම කතෝලික ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ අවට ජීවත්වන ඕනෑම අසරණ දුප්පත් පවුලකට අවශ්‍ය උදව් උපකාර කරන ලෙසයි. එම අසරණයන් සමග සතුටින් නත්තලේ ප්‍රීතිය බෙදා ගන්නා ලෙසයි. මේ වසරේ නත්තල් තේමාව ලෙස අප බලාපොරොත්තු වන්නේ එයයි.
(*** සටහන - අමිල චින්තක ගමගේ)
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් හා මුඩීස් යන ආයතන ශ්‍රී ලංකාව තරමක් ඉහළ මට්ටමකට පසුගිය 20 වැනිදා හා 23 වැනිදා ශ්‍රේණිගත කළේය.
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට වසර 160 ක් සපිරෙයි. කොළඹ සිට අඹේපුස්ස තෙක් පළමු දුම්රිය ධාවනය වූයේ 1864 දෙසැම්බර් 27 වැනි දා ය. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ දුම්රිය සේ
සහල් ප්රශ්නය තාම විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමෙන් කියා පාන්නේ තමන්ට කොතරම් විසිල් පුළුවන් වුවද බල්ටි නම් බැරි බවයි. පසුගිය දා පෞද්ගලික රූපවාහිනි ව
නත්තල යනු ජේසුස් වහන්සේගේ මොලොව ජනිත වීම සිහිපත් කරන අසිරිමත් අවස්ථාවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මීට අවුරුදු දෙදාහස් ගණනකට පෙර බෙත්ලෙහෙම් නුවර ගවල
ආර්ථික බංකොලොත්භාවයකට පත්ව සිටි ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට පැමිණ ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් අනුව දියුණුවකට හරවාගත හ
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නත්තල් පණිවිඩයේ ශ්‍රේෂ්ඨත්වය
Nishan Saturday, 28 December 2024 09:33 AM
මේ සැරේ පාස්කු වින්දිතයන් මතක් වී කඳුලු නොසැලීම නම් ලෝක පුදුමයක්...