IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නීති පොත අලූත් කළ ‘රෝයල් පාක් ඝාතනය’

 

 

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද මරණ දඬුවම පැනවිය හැකි බවට පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාස ගත තීන්දුවක් ලබා දුන්නේය.

නීති පොත දිනෙන් දින අලූත් වේ යන්න මෙම තීන්දුවත් සමග සැමට යළි සිහිපත් විය.

අපරාධකරුවකුට මරණීය දඬුවම ලබාදිය හැකි එකම ස්ථානය වශයෙන් මහාධිකරණයට ඇති සුවිශේෂි බලතල ඉක්මවා යමින් එම බලතල අභියාචනාධිකරණයද සතු බවට සපථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම තීන්දුවේ රස්නය තවම ඉක්ම ගොස් නැත.

නීති පොත මෙන්ම නීති ඉතිහාසයද අලූත් කරමින් මෙම තීන්දුව ලබාදීමට නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා දැක්වූ ප‍්‍රකට කළ දක්ෂතාවය ප‍්‍රශංසනීයයි.

ධනපතීන් හා ඉහළ මධ්‍යම පාන්තිකයින්ගෙන් සැදුම්ලත් ඉහළ සමාජයේ හා විනය බිංදුවටම බැස ඇති සමහර ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන නොහික්මුණ දුවා දරුවන්ගේ සැණකෙළි වෙස් ගත් කි‍්‍රයාකාරකම් හේතුවෙනි. වසර සීයකට අධික ඉතිහාසයක් ඇති අපේ නීති පොත අලූත් විය.

නිවි නිවී දැල්වෙන නියෝන් බල්බවලින් ඒකාලෝක වූ ඩිස්කෝ පුරයක සුවිසල් මන්දිරයක මීට වසර අටකට ඉහතදී සිදුවූ ”රෝයල් පාර්ක් ඝාතනය” ලෙස ප‍්‍රකට වූ අමානුෂික ඝාතනයක් මෙලෙස නීති පොත අලූත් කළේය.

2005 ජුලි මස පළමුවැනිදා වනවිට හිරු දෙවියන් ලංකා ධරණිතලය සිපගත් ආලෝකයෙන් රාජගිරිය ප‍්‍රදේශයද ඒකාලෝක වුණේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය බබලවමිනි.

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය හිරු කිරණින් ඒකාලෝක වුවත් එහි 24 වැනි තට්ටුවේ ඇති ජොන්සන් මහතාගේ නිවසින් මරළතෝනි නැගුනේ මූසල රාති‍්‍රයේ කිසිවකු නුදුටු දර්ශනවල ශේෂයන් දුටුවන් භීතියට පත්කිරීම නිසාය.

ස්වීඩන් ජාතික රොජර් ජොන්සන් මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ලෝකය පුරා විවිධ අන්දමේ කර්මාන්ත ශාලාවලින් කෝටි ගණන් ධනය උපදන ඔහු ලංකාවට පැමිණියේ තවත් කම්හලක් ඇරැඹීමටය. ඔහු සිය ඉලක්කය සපුරා ගන්නා අතර ඔහුගේ ජීවිතයටද මල් සරා හී විද්දේ චමල්කා දුටු විටදීය. මේ හී පාරින් යුවතිපතීන් වූ රොජර්xචමල්කා කැදැල්ල ඉවෝන් - කැරලයින් කිරිලි පැටික්කියන් විසින් චමත්කාරයක් ගෙන දෙන ලදී.

යස ඉසුරින් සපිරි මේ පැටික්කියන් කොළඹ ජාත්‍යන්තර පාසල්වලින් සිප් සතර හදාරමින් දිනෙන් දින ලොකු මහත් වුණේ සියලූ සිත් සොම්නසින් පුරවාලමිනි.
පිපුණු රෝස කුසුම් දෙකක් බඳු වූ ඉවෝන් -  කැරලයින් දුවරුන් කොළඹ ඉහළම පෙළේ ජාත්‍යන්තර පාසල් දෙකක සිප්සතර හැදෑරුවාය.

ශ්‍රී ලංකාවේ ජීවත් වුවත් ඔවුන් හැදී වැඩුණේ බටහිර පන්නයටය. කොට ගවුම්, රාතී‍්‍ර සමාජ ශාලා, පෙම්වතුන් ඔවුන්ට අරුමය දනවන දේවල් නොවේ. ලංකාවේ තරුණ කෙල්ලන් සවස 6.00 වනවිට ගෙට ඇදෙනවා වෙනුවෙන් බටහිර පන්නයේ මේ තරුණ කෙල්ලන් දෙදෙනා එළියට බහින්නේ ඒ වෙලාවටය. ඔවුන් යළි ගෙට ඇතුළු වෙන්නේ යක්කු ගස් නැග්ගාටත් පසුවය.

ලංකාවේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ඉවෝන්ට රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් තෝරා ගත්තාය. ඒ සඳහා ඇය 2004 වසරේදී පමණ ඇමරිකාවට ගියාය.

ඉවෝන් හොඳම යෙහෙළිය ලෙස ආශ‍්‍රය කළ ඇගේ නැගණිය වූ කැරලයින් ඉන් තනි වූවාය. නමුත් අක්කාගේ සුභසිද්ධිය අපේක්ෂා කළ කැරෝ අක්කාට සමු දුන්නාය. ඒත් ඇයට අක්කා නොමැති පාලූව දැඩි ලෙස දැනුනි. ඒ පාලූව නිසාම කැරෝ හැකි හැම වෙලාවකම රාතී‍්‍ර සමාජ ශාලා, උපන් දින සාද, මිතුරු මිතුරියන් එක්වී පවත්වන සාද ආදී සියළු දේටම සහභාගි වූවාය.

ධනපති පන්තියේ දිවි ගෙවූ ඇයට සාදවලින් කිසිදු අඩුවක් නොවූවාය. එහිදී ඇය දැන හඳුනාගත් තරුණ කොල්ලෙකු වූ පවිත‍්‍ර ඇගේ හිත ගත්තේය. ඔවුන් පෙම්වතුන් බවට පත් වූහ. ඒත් ඒ පෙම පැවැතියේ ටික කාලෙකටය.

කිසිවක් නොවුණා සේ ඇය වෙනදා මෙන්ම රාතී‍්‍ර සමාජ ශාලා සාද ආදියට සහභාගි වූවාය. ඇය සමග ඇගේ යෙහෙළියෝද යහළුවෝද වූහ. ඔවුන් සියලූ දෙනා ඇය වටකරගෙන සිටියහ.

2005 පෙබරවාරි මාසයේ දිනෙක සමාජ ශාලාවක අඳුරු මුල්ලක කැරෝ සමග දොඩමලූ වූ ශ‍්‍රමන්ත ඇයට යෝජනාවක් ගෙනාවේය. ”මං ඔයාට ආදරෙයි...” කැරෝ ඔයා මොනවද? කියන්නේ. මේ ප‍්‍රශ්නය බලාපොරොත්තුවෙන් හිටියා සේ මුව කමල සිනහවෙන් විකසිත වූ කැරෝ ”යූ... ලව්... මී..? අයි  ඕල්සෝ ලව් යූ. කීවාය.

මරා දැමූ සුරූපිනිය

”ප්‍රොමිස්?..” යැයි කියමින් ශ‍්‍රමන්ත දිගු කළ අත මත අත තබමින් ”ඉයස් ගෝඞ් ප්‍රොමිස්” යනුවෙන් කැරෝ කීවාය.

එදා එසේ ආරම්භ වූ ශ‍්‍රමන්තxකැරලයින් පෙම අන් අයට අමුතු දෙයක් වූයේ නැත. මොකද ඒ වන විටත් ඔවුන් ඉතාම හොඳ කුළුපග මිතුරන් වූ නිසාය.
ඉවෝන් නැති අඩුව කැරලයින්ගෙන් තුරන් විය. ඇයට ශ‍්‍රමන්ත නැතුව බැරි විය. ශ‍්‍රමන්තටද ඇය නැතුවම බැරි විය.

සෙල් ෆෝන් එක නැතුවම බැරිවා සේම ශ‍්‍රමන්තට කැරෝවත් අවශ්‍ය විය.

උදේ පාන්දරින්ම කැරෝගේ ෆෝන් එකට ලැබෙන ”ගුඞ් මෝර්නින් ..” කෝල් එකෙන් ඇරැුඹෙන ඔවුන්ගේ පේ‍්‍රම ලෝකයේ කෝල්, එස්.එම්.එස්. අවසන් වන්නේ මධ්‍යම රාති‍්‍රයේ ලැබෙන ”ගුඞ් නයිට්” කෝල් එකෙනි. සමහර විට මේ කෝල් එක ලැබෙන්නේ පසුවදා ඉර උදාවීමට පැය දෙක තුනකට කලිනි.
මේ පෙමට ශ‍්‍රමන්තගේ ගෙදරින් හෝ කැරලයින්ගේ නිවසින් තහංචි වැටුණේ නැත. ඔවුන්ගේ ගමන් බිමන් සීමා වූයේ නැත.

දවල් කාලය පුරා කැරෝගේ ගෙදරට වී ඇය සමග කතාබහ කරමින් කල් ගෙවන ශ‍්‍රමන්ත සමහර දිනවල යළි තමන්ගේ ගෙදර යන්නේ මධ්‍යම රාති‍්‍රයේදීය. ඔවුන් ඔවුන්ට ලැබුණු නිදහසින් උපරිම ප‍්‍රයෝජන ගත්හ.

ඉඩ ලද විටෙක ඔවුන් තුන්වැනි සිල් පදය බිඳ දමමින් තහනම් ගහේ රහස් ඵල රස බැලූහ. නමුත් එයට කිසිවකුගෙන් තහනමක් නොවීය.

සිරිත් විරිත් සම්ප‍්‍රදායන් ගරු කරන ලංකාව වැනි රටක ඔවුන් ජීවත් වුවත් බටහිර පන්නයට හැදී වැඞීම නිසා ගැටවර වියේ පසු වූ ඔවුන්ගේ ලිංගික ඇසුර එම පන්තියට අරුමය දනවන එකක් වූයේ නැත.

දින සති මාස ගත වෙද්දී දිනෙක ගෙදරට කතා කළ ඉවෝන් මට නිවාඩු ලැබෙනවයි කීවාය. අවුරුද්දක් ගෙවී නිවාඩු ලැබ එන සිය ලොකු දුව පිළිගැනීමට සැදී පැහැදුණු ජොන්සන් මහතා ”හරි ඔයා එහෙනම් එංගලන්තයට එන්න, අපිත් එංගලන්තයට එන්නම්. අපි එහේ නිවාඩුව ගත කරලා පස්සේ ලංකාවඑ ට එමු...” යැයි කීය.

පියාගේ මේ යෝජනාවට හිත පිරී ගිය කැරෝ ”තෑන්ක්ස් ඩැඞී...” කියමින් ජොන්සන් මහතාගේ බෙල්ල බදාගෙන හාද්දක් දුන්නාය.

ශ‍්‍රමන්තට ඇමතුමක් ගත් කැරෝ මේ ගැන ඔහුට කියාගෙන ගියේ දැඩි පී‍්‍රතියකින් යුතුවය. ඇල් මැරුණු ස්වරූපයෙන් ඊට පිළිතුරු දුන් ශ‍්‍රමන්ත ”අනේ ඇත්තද? එතකොට ඔයා මං ගැන දක්වන ආදරේ තමයි අඩුවෙන්නේ...” යැයි කියාගෙන ගියේය.

නමුත් කතා කරගත් පරිදි සියල්ල සිදුවිය. ජොන්සන් මහතා චමල්කා හා කැරෝ එක්කරගෙන එංගලන්තයට ගොස් ඉවෝන් එක්කර ගත්තේය. එහි නිවාඩුව ගත කළ ඔවුන් 2005 ජුනි මස 26 වැනිදා ලංකාවට ආවේ දැඩි සතුටකින් යුතුවය. එම සතුට දින කිහිපයක්ම ජොන්සන් මහතාගේ පවුල වෙලා ගෙන සිටියේය.

2006 ජුනි මස 30 වැනිදා වෙනදා වෙලාවටම හිරු උදා වූයේ කිසිදු සැකයක දොම්නසක සේයාවක් ඉතිරි නොකරමිනි. එදින දහවල් සාලයට පැමිණ ඉවෝන් එහි සැටි පුටුවේ වාඩිගෙන සිටි කැරොලයින් අමතමින් ”කැරෝ ග්ලෝ පාටියට යන්න මාත් ආසයි. මටත් යන්න පුළුවන්ද කියලා ශ‍්‍රමන්තගෙන් අහන්න...” යැයි කීවාය.

”පොඞ්ඩක් ඉන්න මං දැන්ම අහන්නම්...” කියමින් තම අත තිබූ සෙල් ෆෝන් එකෙන් ශ‍්‍රමන්තට ඇමතුමක් ගත් කැරෝ ”ශ‍්‍රමන්ත අද ”ග්ලෝ” එකේ තියෙන පාටියට යන්න අක්කත් ආසයි. එයා ලංකාවට ආවට පස්සේ එළියට ගියේත් නැහැනේ. ඔයාගේ ඉන්විටේෂන් එකෙන් එයාටත් පාටියට යන්න පුළුවන්ද? ...” ඇසුවාය. ”ඇයි බැරි, අපි එයාවත් එක්කරගෙන යමු ...”

”හරි ශ‍්‍රමන්ත එහෙනම් මායි අක්කයි රෑ අට හමාර වෙද්දී ඔය ගොල්ලන්ගේ ගෙදරට එනවා. ඔයා ලැහැස්ති වෙලා ඉන්න.

” ඕ කේ. ඩාලිං .. ටේක් කෙයාර්...” යනුවෙන් කියමින් ශ‍්‍රමන්ත තම පෙම්බරිය වූ කැරෝට සමු දුන්නේය.

කොටි පුල්ලි වැටුණ කලිසමකින් හා අළු පැහැති බ්ලවුසයක් ඇඳ දුඹුරු පාට සපත්තු දමාගත් ඉවෝන් තැඹිලි පාට සිප්පු කටු කරාබු ජෝඩුවක්ද දමා ගත්තාය. කැරෝද එකකට එකක් ගැළපෙන ඇඳුම්වලින් හැඩ වී නයිට් ක්ලබ් යෑමට නිවසින් එළියට පියනැගීමට සැරසුනා පමණි. නිවසේ කුස්සිය පැත්තේ දොරෙන් ජොන්සන් මහතා ගෙට ඇතුළු වුණේය.

ඩැඞී කොහොමද මං ලස්සනයිද? ඉවෝන් ජොන්සන් මහතා ඉදිරියේ තම ඇඳුම් විලාසිතා පෙන්වමින් ඇසුවාය.
කට කොනකට සිනහා නගාගත් ඔහු ”ඔව් .. ඒත්  ඕවා ගැළපෙන්නේ නැහැ ...” කියා සිය ලොකු දුවගේ හිස සිප ගත්තේය. ”දෙන්නා පරිස්සමින් ගිහිං එකටම එන්න...” ඇය පොඩි දුවගේ හිස අතගාමින් කීය.

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ 25 වැනි මහලින් පිටවූ ඉවෝන්-කැරෝ දෙදෙනා ඔවුන්ගේ සුසුකි විටාරා වර්ගයේ ජීප් රථයෙන් ඩුප්ලිකේෂන් පාරේන් බගතලේ පාරට ගොස් එහි වූ ශ‍්‍රමන්තගේ නිවසින් ඔහුද රථයට නංවා ගත්තාය.

පසුව ඔවුන් කෙළින්ම ”වයිට් හවුස් පබ්” එකට ගියේ ග්ලෝ සාදයට එක්වීමට පෙරාතුවය. රථ ගාලේ විටාරා රථය නවත්වා හෝටලයට ඇතුළු වන විට එහි පිරී සිටි ඔවුන්ගේ මිතුරු මිතුරියන් ඉතා සාදරයෙන් ඔවුහු පිළිගත්හ.

සියළු දෙනාගේ කතා මැද ඉඩ තිබූ මේසයක අසුන් ගත් ඉවෝන් - කැරෝ හා ශ‍්‍රමන්ත වේටර් ලවා ගෙන්වා ගත් දේ අතුරින් ඉවෝන් කොරෝනා වර්ගයේ බියර් එකක් අතට ගත්තාය. ශ‍්‍රමන්ත ”ටිකිලා” වර්ගයේ මත්පැන් වීදුරු තුනක්ම ගත් අතර කැරෝ අතට ගත් ”ලෝන්ග් අයිලනඞ් අයිස් ටී” එක පානය කළාය. රාතී‍්‍ර 10.00 පමණ වනතුරු එහි රැඳී සිටියදී ඉදිරිපත් වූ යෝජනාව අනුව ඔවුන් තිදෙනා වයිට් හවුස් පබ් එකෙන් නික්මී රාතී‍්‍ර 10.00ට පමණ ”ග්ලෝ” සාදයට ගියහ.
ග්ලෝ සාදය සඳහා ඔවුන් එක්වී සිටියදී ශ‍්‍රමන්ත එහි සිටි වේටර්වරයකු කැඳවා තමා නමින් හෝටලයේ ලොකැට්ටුවක තබා ඇති වොඞ්කා බෝතලයක් ගෙන්වා ගත්තේය. ශ‍්‍රමන්ත මෙන්ම ඉවෝන් හා කැරෝද වීදුරුවලට දමාගත් වොඞ්කා එක හුස්මට හිස් කළහ.

වීදුරුවෙන් වීදුරුව වොඞ්කා හිස් කරමින් රාතී‍්‍ර 11.30 දක්වා එහි සිටි ඔවුන් ඉන් පසු හිල්ටන් හෝටලයේ ”බ්ලූ එලිෆන්ට්” රාතී‍්‍ර සමාජ ශාලාවට ගියහ. ”ග්ලෝ” හිදී මෙන්ම මෙහිදීද ශ‍්‍රමන්ත එහි ලොකැට්ටුවක තමාගේ නමින් තිබූ බකාඩි වර්ගයේ රම් බෝතලයක් ගෙන්වාගෙන යළිත් තිදෙනාම එක්වී පානය කළහ.
මධ්‍යම රාති‍්‍රය වනවිට ග්ලෝ එකට විශාල සෙනඟක් එන නිසා අපි එහේට යමු ඉවෝන්ගේ යෝජනාවට සියල්ලෝම කැමැති වූහ. බ්ලූ එළිෆන්ට් වලින් ඔවුන් යළි ග්ලෝ වෙත ගියහ.

ග්ලෝ සාදයට යනවිට එහි ඉදිරියේ පවිත‍්‍ර සිටිනු කැරෝ දුටුවාය. ඇය ඔහුට ”හායි” කීවාය. මෙය දුටු ශ‍්‍රමන්තට යකා ආරූඪ විය. ”මට තවත් මෙහේ ඉන්න බැහැ අපි යමු...” ශ‍්‍රමන්තගේ යෝජනාවට හරස්වීමට කිසිවෙකුට නොහැකි විය. තිදෙනාම යළි බ්ලූ එලිෆන්ට් වෙත ගියහ. එහිදී ශ‍්‍රමන්ත කැරෝ සමග නොසෑහෙන ලෙස රණ්ඩු කර ගත්තේය. මින් ඉවෝන්ගේ සිත තදින් පෑරිණි. ඇය ශ‍්‍රමන්තට කතා කොට ”නංගි සමග රණ්ඩු වෙන්න එපා...” යැයි කීවාය.
ඔවුන්ගේ සිත් තුළ තිබූ සතුට පහව ගියේය. ශ‍්‍රමන්ත හා කැරෝ ගෙදර යෑමට තීරණය කළහ. ඉවෝන්ට යළි ග්ලෝ සාදයට යෑමට අවශ්‍ය වූවාය. ”කොන්” නමැති කොරියානු ජාතික යෙහෙළිය සමග ඔවුන් ග්ලෝ වෙත ගිය අතර ශ‍්‍රමන්ත කැරෝ සමඟ ටැක්සියකින් යළි රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට පැමිණියහ.

කැරෝගේ කාමරයට වී සිදුවූ දේ ගැන දෙදෙනාම කතා බහ කළහ. ඒ අතර ශ‍්‍රමන්තට සිගරට්ටුවක් ඉරීමට සිත් විය. ඒ අනුව ඔහු කැරෝ සමග නිවසින් එළියට පැමිණ සඳළු තලයට වී සිගරට්ටුවක් ඉරුවේය.

ටික වේලාවක් එහි සිටි ශ‍්‍රමන්ත අලූයම දෙකහමාරට පමණ සිය නිවසට යෑම සඳහා ඉන් පිටතට ආවේය.

”පැමිණි විගස මට ඇහැරවන්න” යනුවෙන් කොළ කැබැල්ලක ලියූ කැරෝ එය අක්කාට පෙනෙන ලෙස කුස්සියේ දොරේ ඇලවූවාය. පසුව ගොස් ඇය යහනේ සැතපුණාය.

සිගරට්ටුවක් දල්වා ගත් ශ‍්‍රමන්ත එය උරමින් රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ පඩි පෙළෙන් 23 වැනි තට්ටුව දක්වා පහළට බැස්ස අතර ඉතිරි තට්ටු එහි විදුලි සෝපානයෙන් බැසීමට සිත් වූ ඔහු 23 වැනි තට්ටුවේ විදුලි සෝපාන දොරටුව වෙත පැමිණ ඇය පැමිණෙන තුරු එහි රැඳී සිටියේය.

විදුලි සෝපානය එහි පැමිණ නතර වනවිට එකවරම ඒ තුළින් ඉවෝන් එළියට ඇදුනාය.

”උඹ මගේ නංගිගේ ජීවිතය විනාශ කළා එතැනින් ඉවත් වෙයන්.

”ඉවෝන් දැඩි තරහෙන් යුතුව ශ‍්‍රමන්තට කීවාය. මින් කෝපයට පත් ඔහු ඇයට කම්මුල් පහරක් ගැසුවත් ඉන් ඔහුගේ කෝපය සංසිඳුනේ නැත. ඊළඟට තමාට යළිත් පහර වදීවි යන සැකය මතුවූ ඉවෝන් පඩිපෙළ දිගේ පහළට දිව්වාය.

ශ‍්‍රමන්තගේ ග‍්‍රහණයෙන් මිදීමට ඉවෝන් 20 වැනි තට්ටුව දක්වා දිව ගියාය. මාරයා ආරූඪ වී සිටි ශ‍්‍රමන්ත ඇයට ගැලවීමට ඉඩ නුදුන්නේය. දිගටම ඇය පසුපස එළෙව්වේය. 20 වැනි තට්ටුවේදී ඇය අල්ලා ගත් ඔහු ඇගේ හිස බිත්තියේ ඇන්නේය.

ඉන්පසු බිම වැටුණු ඉවෝන්ගේ කෙස් වැටියෙන් අල්ලාගත් ශ‍්‍රමන්ත පඩිපෙළේ තැන් කිහිපයකම ඇගේ හිස ඇන්නේය. ඉතා තදබල ලෙස හිස පඩි පෙළේ ඇනීම නිසා ඉවෝන්ගේ හිස් කබල තැන් තැන්වලින් කැඞී ගියේය.

පඩි පෙළේ පෙරළී පහළට වැටුණු ඇය 19 වැනි තට්ටුවේ පඩි පෙළ මත නතර විය. ශ‍්‍රමන්තගේ කේන්තිය අවසන් වී තිබුණේ නැත.

ඉවෝන් ඇඳ සිටි කොටි පුල්ලි වැටුණු දිග කලිසම බාගෙට ගැලවූ ඔහු එහි කකුල් දෙක මන්දක් ලෙස භාවිතා කරමින් ඇගේ ගෙළ සිරකොට ඇය වෙත මාරයා කැඳවාගෙන ආවේය.

තමා කළ අපරාධයේ බරපතළකම ශ‍්‍රමන්තට වැටහුණේ එවිටය. ඔහු වහාම රිල්වාන් නමැති ඔහුගේ මිතුරාට ඇමතුමක් ගත්තේය. ”මචං මං රෝයල් පාර්ක් එකේ ඉන්නේ ඉක්මනට ඇවිත් මාව අරගෙන පළයං...” රිල්වානිට තම මිතුරාගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි විය. අලූයම තුනට ලැබුණු ඇමතුමට අනුව අලූයම 3.45 වනවිට ඔහු රෝයල් පාර්ක් එක වෙත පැමිණියේය.

දිග කළිසම ගලවා බොක්සර් වර්ගයේ කොට කලිසමකින් සැරසුණු ශ‍්‍රමන්ත, පැමිණි රිල්වාන්ගේ කාර් එකේ නැගී ගෙදර ගියේය.
මේ අවාසනාවන්ත මූසල රාති‍්‍රයේ සිදුවූ දේ රටක් තිගැස්මට පත් කළේය. එහි වූ සිදුවීම අසුරු සැණින් ලංකාව පුරා පැතිර ගියේය. තිගැස්මට පත්වූ කැරෝ පිහිටක් සෙවීමට ශ‍්‍රමන්තට ඇමතුම් ගත්තද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

පරීක්ෂණ කටයුතු භාර වුණු රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක (වර්තමානයේ සහකාර පොලිස් අධිකාරි) ශානි අබේසේකර මහතා සැකමුසු සියලූ දේ පරීක්ෂාවට ලක් කළේය. ඇඟිලි සළකුණු දෙපාර්තමේන්තුවෙන් පැමිණි මර්වින් සමරවික‍්‍රම මහතා සියලූ තැන් පිරික්සුවේය.සෑම අපරාධකරුවකුම නිහඬ සාක්කියක් තබා යති යන කියමන සනාථ කරමින් ඉවෝන්ගේ මෘත ශරීරය ඉහළින් පඩි පෙළේ අත්වාරුව මත තිබූ අත්ල සලකුණ මර්වින් සමරවික‍්‍රම මහතා මතුකර ගත්තේය.

වැඩිදුර පරීක්ෂණවලදී මෙය ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ නමැති විත්තිකරුගේ දකුණු අතේ අත්ල සටහන බව ඇඟිලි සලකුණු බව ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවෙන් සනාථ කරද්දී එම අත්ල සලකුණු සැකසී ඇත්තේ මියගිය ඉවෝන් ජොනතන්ගේ රුධිරයෙන්ම බව ඒ පිළිබඳ ඞී.එන්.ඒ. පරීක්ෂණය සිදුකළ ජීන් ටෙක් ආයතනයේ මහාචාර්ය මායා ගුණසේකර මහත්මිය සනාථ කළාය.

මේ පිළිබඳව කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු අයි.එම්. අබේරත්න මහතා හමුවේ වසරකට අධික කාලයක් තුළ දින 55ක් පුරා විභාග කෙරුණු නඩුවේදී විත්තිකරු මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරදකරු බව තීරණය කරමින් ඔහුට වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම කළේය.

නඩු විභාගයේදී පුද්ගලයින් 48 දෙනෙකුගේ සාක්කි මෙහෙයවමින් ලේඛන 51ක් ලකුණු කොට ඉමහත් මෙහෙයක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා මෙන්ම විත්ති පාර්ශ්වය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ දයා පෙරේරා මහතාද සෑහීමකට පත්වූයේ නැත.

විත්තිකරුට දඬුවම වැඩි කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා වෙනුවෙන් ජයන්ත ජයසූරිය මහතාද විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් විත්ති පාර්ශ්වය විසින්ද අභියාචනාධිකරණයට අභියාචන දෙකක් ඉදිරිපත් කළහ.

එම අභියාචන සලකා බැලූ අභියාචනය විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත දමමින් නීතිපතිවරයාගේ අභියාචනය පිළිගත්තේ නීති පොතද අලූත් කරමිනි.

පුද්ගලයකුට මරණ දඬුවම පැනවිය හැකි අධිකරණය ලෙස ස්ථාපිත වී තිබූ මහාධිකරණය වෙනුවට අභියාචනාධිකරණය විසින් ලංකා ඉතිහාසයේ පළමු වරට මරණ දඬුවම පැනවීය.

වසර 12ක සිර දඬුවම නියමව සිටි ජූඞ් ශ‍්‍රමන්තට එම දඬුවම වෙනුවට මරණ දඬුවම හිමිවිය.

මින් දැඩි හිත් වේදනාවට පත් ශ‍්‍රමන්තගේ දෙමාපියන් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

එහිදී ඉදිරිපත් කෙරුණ කරුණු කාරණා ඉතා සුක්ෂ්ම ලෙස සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයේ තීන්දුව සනාථ කළේ අධිකරණ ඉතිහාසයේ නීතිපති දෙපාර්තමේන්තුව ලැබූ සුවිශේෂි ජයග‍්‍රහණයක් සනිටුහන් කරමිනි.

 

 

 



අදහස් (19)

නීති පොත අලූත් කළ ‘රෝයල් පාක් ඝාතනය’

අමිල Saturday, 02 November 2013 11:23 PM

මෙම සිදුවීමට වෙනස් විදියකට හුවා දැක් වීමට හදපු ජනප්‍රිය සිංදුවකුත් තියනව , ඒකෙ වීඩියෝව තහනම් කළ යුතුයි. (ස)

:       0       2

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 27 October 2013 09:21 PM

ඇත්ත වාසල, අලුත් තිර පිටපතක් මේ දවස්වල නිර්මාණය කරමින් පවතිනවා (නි)

:       0       0

අලිමුදීන්-දෝහා Friday, 01 November 2013 07:56 AM

කතාකරලා ඔය වැඩේ කරගන්න තිබුනා. පස්සේ උදවු කරන්න ඕනෑ තමයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 01 November 2013 07:58 AM

ලංකාවේ ඒවට ක්‍රම සහ විධි තියෙනවා.ඒවා අනුගමනය කරන්න. (නි)

:       0       0

නීල් Sunday, 27 October 2013 10:24 PM

හොදම පාඩම (අ)

:       0       0

විදුර Wednesday, 30 October 2013 10:57 AM

මම නීති සිසුවෙක් විදියට මේ විදියට තීන්දු ලබාදීම අගය කරනවා. හිටපු අග විනිසුරුවරියටත් මේ විදියට සාධාරණ තීන්දුවක් දුන්නනම් ඇය තවමත් අපේ රටේ අගවිනිසුරුවරියි. (ස)

:       0       0

ඇම්ඩා Wednesday, 30 October 2013 11:22 AM

මේ සිද්ධීන් මිනියක් මරන්න තරම් දරුණු ඒවාද? කෙනෙක් මරණ එක කොයි තරම් බරපතල දෙයක්ද? කෙනෙක්ව මරන්න තව කෙනෙකුට තියෙන අයිතිය කුමක්ද ? මේවා සලකන කොට මේ වගේ මිනීමරුවන් තවදුරටත් මේ ලෝකයේ තබා නොගෙන මර දැමිය යුතුයි. අවාසනාවකට අපේ රටේ මෙය ක්‍රියාත්මක වන්නේ නැති එකයි දුක. (ස)

:       0       0

මහේෂ් Sunday, 27 October 2013 03:26 PM

මේ සිදුවීමේ කවුරුත් නොදැකපු පැත්තක් තිබෙනවා (නි)

:       0       1

සනත් Monday, 28 October 2013 05:34 PM

කොපමණ උසස් යැයි කිවුවත් මිනිසා හරිම මෝඩයෙක්. පව්, ආගම ධර්මය හරිහැටි අවබෝධ කරගත්තේ නැති වුණහම ඔහොම තමයි. (නි)

:       0       0

ගුණදාස Thursday, 31 October 2013 03:32 AM

අපෝ ශ්‍රිමන්තලගේ අය දන්නේ නැහැ ලංකාවේ ඔය වගේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා. ඕවට ඇපැල් දාල හරියන්නේ නැහැ, කතාකරල ඔය වැඩේ කරගන්න තිබුනා. පස්සේ උදවු කරන්න ඕනේ තමයි, දැනටමත් කී දෙනෙකුට සමාව දීල තියෙනවද. (නදී)

:       0       0

ආරියසේන Monday, 28 October 2013 05:00 AM

මුදල් බලයට, මැරබලයට යට නොවී කොන්ද කෙලින් තියාගෙන අධිකරණය දුන් ඵෙතිහාසික තීන්දුවට අපි ආචාර කරමු. (නි)

:       0       0

අසංක Wednesday, 30 October 2013 06:44 PM

මේක දරුවන් සිටින හැම දෙමපියකුටම හොද පාඩමක්. තමන්ගේ දරුවන් යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා හොයලා බලලා ඒ දරුවන් යහපත් තැන් වලට යොමු කළා නම් අද ඒ දරුවෝ දෙන්නාගේම දෙමාපියන්ට මෙහෙම දුක් වෙන්න සිදු වෙන්නේ නැහැ නේද ? (නි)

:       0       0

නිලන්ත පැතුම් Monday, 21 April 2014 12:36 PM

නීතියේ උත්තරීතර බව මනව ඔප්පුකර සාදකයක් ..නීති විශාරදයන්ට නව මඟක් පෙන්වා දීමක් .............!! (අ)

:       0       0

වාසල Sunday, 27 October 2013 06:34 PM

හරිම ලස්සනයි.හරියට කෙට් කථාවක් වගේ.කැසිනෝ පනත සම්මත වෙලා ටික කාලයක් යනකොට " මෙගා නාට්‍යයක්" වගේ ගෙදර ඉදලම බලන්න පුලුවන් වේවි. අනේ වාසනාවන්! (නි)

:       0       0

නිර්මාල් තංගල්ල Thursday, 31 October 2013 11:46 PM

ඕවට ඇපැල් දාල හරියන්නේ නැහැ, කතාකරල ඔය වැඩේ කරගන්න තිබුනා. පස්සේ උදවු කරන්න ඕනේ තමයි, දැනටමත් කී දෙනෙකුට සමාව දීල තියෙනවද. (නදී)

:       3       3

සංජු Tuesday, 29 October 2013 09:36 AM

ඔබ නිසි ආදර්ශයක් ළමයින්ට දුන්නා නම් අද වේදනා විදින්න ඕනෑ නැහැනේ (නි)

:       0       4

දුමින්ද Monday, 28 October 2013 09:55 AM

දෙමාපිය, ගුරුවරු, පාප මිත්‍රාදීන්ගේ වැරදී, තාරුණ්‍යය කෙතරම් යහපත් ලෙස ප්‍රයෝජනයට ගත හැකිද..නියම තීන්දුව ..එහෙත් උසස් සමාජයේ චර්යාව නම් තවම එහෙමයි. (ස)

:       0       0

තෙෂාන් Monday, 28 October 2013 10:25 AM

මම නම් කියන්නේ ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් රජය මීට වඩා තදින් කටයුතු කරන්න ඕන. මේ පාසල් වලට එන ළමයින් දිහා දැක්කම හිතෙනවා පාසලට එනවා නෙමෙයි වෙන කොහාට හරි එන්නේ කියලා. (ස)

:       0       0

යුක්තිය සැමට Thursday, 06 June 2024 12:54 PM

අද ඒ මියගිය දරුවාගේ ගෙදර හැමෝටම සාධාරණත්වය ඉටු වුණා.. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට රටවැසි අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකරන්නෙමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5398 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1330 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site