සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මෙවර සිය 89 වැනි උපන් දිනයට සූදානම් වූයේ කිලෝ අසූ නමයක් බරැති උපන් දින කේක් ගෙඩියක් ද සමඟිනි. ඊට ඔහුගේ හතළිස් හැවිරිදි වත්මන් බිරිඳගෙන් ද නිබඳ සහායක් ලැබුණි. සිය උපන් දින සාදය වෙනුවෙන් මහජන මුදල් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6 ක් පමණ වැය කළ මුගාබේ උපන් දින කේක් ගෙඩිය කපන විටද බි‍්‍රතාන්‍ය හා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට බැණ වැදුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණි.
සිම්බාබ්වේ දේශය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමේ සටනට නායකත්‍වය දීමේ ගෞරවය හිමිවන්නේ රොබට් මුගාබේටය. ඒ අනුහසින් ඔහුට නිදහස් සිම්බාබ්වේ ප‍්‍රථම ජනාධිපතිවරයා වීමේ අවස්ථාව උදා වීය. එදා මෙදාතුර සිම්බාබ්වේ පාලනය කරන්නේ මුගාබේය. එසේම වත්මන් සිම්බාබ්වේ දේශය එදා අධිරාජ්‍යවාදීන් පාලනය කළ යටත්විජිත යුගයටත් වඩා පහළට ඇද දමමින් කාලකන්නි රටක් බවට පත්කර තිබෙන්නේ ද එම මුගාබේමය. මුගාබේ දිගින් දිගටම මැතිවරණ ජයගනු ලැබුවද රට දිනෙන් දින ප‍්‍රපාතයට ඇද වැටීම එම ජයග‍්‍රහණවලින් වැළැක්විය නොහැක. දැන ගැනීමට තිබෙන්නේ එම ජයග‍්‍රහණය ද යුක්ති සහගත එ්වා නොවන බවය. මේ වනවිට සිම්බාබ්වේ, සංවර්ධනය, ආර්ථික සමෘද්ධිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, හා අධිකරණයේ ස්වාධීනත්‍වය යන ක්ෂේත‍්‍රවල කිසිදු ගතයුත්තක් නැත.
මුගාබේට අනුව සිම්බාබ්වේ අද පවතින සියලූම අසූමහ දෝෂවලට හේතුව අධිරාජ්‍යවාදයයි. නැතිනම් ඇමෙරිකාවයි. මුගාබේ පවසන්නේ එහෙමය. ඇමෙරිකාවට හා මහා බි‍්‍රතාන්‍යයට බැණ වැදීම නිසා සමහරුන්ට රොබට් මුගාබේ ද සමාජවාදියෙකි. අධිරාජ්‍ය විරෝධී විප්ලවවාදියෙකි. මෙසේ ඇමෙරිකාවට හා බටහිරට බැණවැඳීම සමාජවාදියකු, විප්ලවකාරයකු වීමට සුදුසුකමක් සේ සලකන ප‍්‍රජාවක් ලෝකයේ කොතැනකත් සිටිති. ඔවුහු තුන්වැනි ලෝකයේ රටවල ඇමෙරිකාවට හා බටහිරට බැණවදින ඕනෑම දුෂිත පාලකයකුට සමාජවාදී, කොමියුනිස්ට්වාදී ලේබලය අලවති. මේ නිසා සමහර තැනක නූතන සමාජවාදය වනාහී ඇමෙරිකන් විරෝධී තානාන්තරයක් වාගේය.
සමහරුන් රුසියාවේ ජනාධිපති පූටින් ගැනද සිතාගෙන සිටින්නේ කොමියුනිස්ට්කාරයකු විධියටය. එහෙත් රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයක් තිබෙන බවත්, ඒ අය පුටින්ට විරුද්ධ බවත්, මාධ්‍ය ආයතනවලට සීල් තබමින්, වෙබ් අඩවි තහනම් කරමින් පුටීන් එරට කොමියුනිස්ට්වාදීන් නිකරුණේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා බවත් මේ අය දන්නේ නැත. ඊට හේතුව තවමත් ඔවුන්ගේ නාඩි වැඩ කරන්නේ ගරා වැටුණු සෝවියට් ආකෘතිය පදනම් කරගෙන වීම නිසාය. පුටින් වැදගත් වන්නේ ලෝක බල තුලනය අප වැනි රටවලට වාසිදායක ලෙස හැසිරවීමට රුසියානු ජාත්‍යන්තර දේශපාලනය මෙහෙයවන නිසාය.
හියුගෝ චාවේස් නමැති ප‍්‍රායෝගික ප‍්‍රගතිශීලි දේශපාලනඥයා අපට හමුවන්නේ මේ අතරතුරය. සමහරුන්ට චාවේස් සමාජවාදියෙකි. අධිරාජ්‍ය විරෝධියෙකි. එසේත් නැත්නම් සමාජවාදය අදට ගැළපෙන ලෙස සකස්කර ගත් ප‍්‍රායෝගික නායකයෙකි. එසේම අප දන්නා ඉතිහාසය තුළ පිදෙල් කස්ත්‍රෝ හා චේගුවෙරා හැරුණු විට ලතින් ඇමෙරිකානු කලාපය බිහිකළ දැවැන්ත අධිරාජ්‍ය විරෝධී ප‍්‍රතිරූපය හිමිකර ගෙන සිටින්නේ පසුගියදා ලොවින් සමුගත් වෙනිසියුලානු නායක හියුගෝ චාවේස්ය.
චාවේස් ඇමෙරිකාව සමඟ ඇති වෙනිසියුලානු පෙකෙනිවැල කපා අධිරාජ්‍යවාදයෙන් සිය රට නිදහස් කරගනු ලැබුවද රොබට් මුගාබේ කෙනෙක් වූයේ නැත. නැතිනම් දවල්ට ඇමෙරිකාවට බැණ වදිමින් රෑට එරට තානාපති කාර්යාලවලට රිංගා හොඳට සප්පායම් වන බොරු සමාජවාදියකු හෝ අධිරාජ්‍ය විරෝධියකු වූයේ ද නැත. එසේම සිය දරු මල්ලන්ට සවාරි යෑමට හෝ ඉගෙනීමට ඇමෙරිකාව තෝරා දුන්නේ ද නැත. ලිබියාවේ ගඩාෆිලා මෙන් ජනතාවගෙන් සූරාගත් මුදල් ඇමෙරිකානු බැංකුවල තැන්පත් කර දරුවන්ට පිස්සු නැටීමට ඇමෙරිකාව තෝරා දුන්නේ ද නැත. තම රටවල ඇමෙරිකන් විරෝධයේ හෝ අධිරාජ්‍ය විරෝධයේ නාමයෙන් පරම්පරා 7 කට හම්බකරගත්තේ ද නැත. චාවේස් රටට කී දේ තම පෞද්ගලික ජීවිතයේ දී ප‍්‍රායෝගිකව ඉටු කිරීමටද වගබලා ගත්තේය. ඔහු සිය රෝගයට ප‍්‍රතිකාර සඳහා තෝරාගනු ලැබුවේද තම ළඟම හිතවතාගේ රාජ්‍යය වන කියුබාවය. ඇමෙරිකාවට බැණ වදිමින් හෙම්බිරිස්සාවටත් ප‍්‍රතිකාර ගැනීමට වොෂිංටන් යන තුන්වැනි ලෝකයේ සමහර නායකයනට චාවේස් ආදර්ශයක් වන්නේ සිය පෞද්ගලික ජීවිතය පැත්තෙන් පමණක් නොවේ. එරට සම්පත් හා සංවර්ධනය සාමාන්‍ය ජනතාවට සමීප කරවීමේ පැත්තෙන්ද ඔහුගේ වැදගත්කමක් තිබේ.
ඇමෙරිකානු රූකඩ පාලනයක් සේ පැවැති ජනාධිපති කාර්ලෝස් ඇන්ඩ්‍රෝස් පෙරොස්ගේ බලය පෙරළා දමා 1998 වෙනිසියුලාවේ පාලන බලය ලබාගැනීමට චාවේස්ට හැකිවිය. ඒ සමඟම ඔහු කළේ කිසිදු පැකිලීමකින් තොරව ඇමෙරිකානු සමාගම් සතු වූ වෙනිසියුලානු තෙල් සම්පත ජනසතු කිරීමයි. ලෝකයේ තෙල් බෙදා හැරීම අතින් පස් වැනි තැන හිමිකර ගෙන තිබෙන්නේ වෙනිසියුලාවය. තෙල් ජනසතුවත් සමඟම ඛනිජ තෙල් හරහා ඇමෙරිකාවට ඇදී ගිය ලාභාංශ වෙනිසියුලාවේ නතර විය. චාවේස් බලයට පත් වනවිට එරට උද්ධමනය සියයට 35 කි. විරැකියාව සියයට 25 කි. මේ නිසා දිළිඳු භාවයේ පැතිරීමට ක්ෂණික පිළියමක් ලෙස දැවැන්ත සහනාධාර වැඩ සටහනක් ඇවැසිව තිබුණි. එසේම අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා වරප‍්‍රසාද ලත් කොටස්වලට බොහෝ දුරට සීමාවිය. -දෙවියන් වහන්සේ හැරුණාම අප බලාගත්තේ චාවේස් විතරයි.” චාවේස්ගේ වියෝව දරා ගැනීමට නොහැකි සේ කම්පාවට පත් වූ මවක එ්.එෆ්.පී. ප‍්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ එහෙමය.
චාවේස් සිය තෙල් සල්ලි පොම්පය වෙනිසියුලාවේ අඩු දියුණු ප‍්‍රදේශවලට හැරවීමත් සමඟම එරට ජන කොටස්වලට එය එකවර දරා ගැනීමට පවා නොහැකි වූ බව කියැවේ. අඩු දියුණු ප‍්‍රදේශවල සිට පාසල්වලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව එකවර ලක්ෂ ගණනින් වැඩිවිය. මේ නිසා ඇති වූ ගුරු හිඟය මඟහරවා ගැනීම විශ‍්‍රාමික ගුරුවරුන් පමණක් නොව හමුදා සොල්දාදුවන් ද යෙදවීමට සිදු වූ බව කියැවේ. සපත්තු නොමැතිව පාසල්වලට පැමිණෙන නවක සිසුන්ට සමහර පාසල්වලින්ම විරෝධයක් මතුවිය. එහිදී චාවේස් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සපත්තු නොමැතිව පමණක් නොව තමන් සතු ඕනෑම ඇඳුමක් පැළඳගෙන පාසලට පැමිණීමට ඉඩ සලසා දෙන ලෙසය.
”සපත්තු ඒ තරම් වැදගත් නැහැ. මම පාසල් යන අවදියේ සපත්තු නැතුව පාසල් එන්න එපා යැයි නියෝග කළා නම් අඩුතරමෙ මට 6 වැනි පන්තියටවත් යන්න ලැබෙන්නේ නැහැ. කාලයක් මමත් ඉස්කෝලෙ ගියේ සෙරෙප්පු නැතුව” චාවේස් අධ්‍යාපන බලධාරීන්ට පැවසුවේ එහෙමය.
බංගලි දේශයේ -”ග‍්‍රමීන් ණය” වැඩසටහන ආදර්ශයට ගනිමින් ඔහු වෙනිසියුලාවේ ආරම්භ කළ ”-දිළිඳු සහන ණය” වැඩසටහන පහළ සමාජ ස්ථරවල ජීවත්වන අඩු ආදායම්ලාභීන්ට දිළිඳු බවින් මිදීමට රුකුලක් වූ බව පැවසේ. තෙල් සල්ලි වැය කරමින් අඩු ආදායම්ලාභීන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් සහිත දැඩි සුබසාධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ නමුත් වෙනිසියුලාවේ මධ්‍යම පන්තිය චාවේස්ට එතරම් කැමැත්තක් දක්වන පාටක් නොපෙනේ. පසුගිය ජනාධිපතිවරණයේ දී එරට විපක්‍ෂ නායක හෙන්රිකේ කැප්රිලේ වැඩි වශයෙන් මධ්‍යම පන්තියේ ආකර්ෂණය දිනාගැනීමට පමණක් නොව වෙනිසියුලාවේ බටහිර පළාත් ජය ගැනීමටද සමත් වුණි. මේ සියලූ තත්ත්වයන් යටතේ වුවද වත්මන්් වෙනිසියුලාවේ උද්ධමනය වැඩි වෙමින් ආර්ථික වර්ධන වේගය අඩු වී, විරැුකියාව ඉහළයමින් තිබේ. ජනාධිපති හියුගෝ චාවේස්ට සිය ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා සමඟ ළඟ ළඟ තරගයක් දීමට සිදු වී තිබුණේ එ් නිසාදැයි කියන්න දන්නේ නැත.
කෙසේ නමුත් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් පවා සඳහන් කර තිබුණේ මතවාද සම්බන්ධයෙන් අප අතර වෙනස්කම් තිබුණද වෙනිසියුලානු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට නංවාලීම පිණිස චාවේස්ගෙන් සිදු වූ සේවය අවිවාදයෙන් ම පිළිගත යුතු බවය. එහෙත් චාවේස් යටතේ වුවද මානව හිමිකම් බිඳවැටීම්, මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් යම් තර්ජන ඇතිවීම රහසක් නොවේ.
චාවේස් බ‍්‍රසීලයේ ලූලා ද සිල්වා, බොලිවියානු ජනාධිපති ඊ වෝ මොරාලීස් තරම් උපක‍්‍රමීය පාලකයෙක් නොවීය. ඒ වෙනුවට ඔහු ප‍්‍රදර්ශනය කළේ සංදර්ශනීය නායකත්‍වයකි. ඔහු නටන තැන නටන, සින්දු කියන තැන සින්දු කියන ආකර්ෂණීය කථිකත්‍වයකින් හෙබි ඇමෙරිකාවට ඇට්ටි හැලෙන්න බැටදෙන නායකයෙකි. මේ සියල්ල සඳහා ඔහුට නොසෑහෙන්න තෙල් සල්ලි තිබුණි. ඔහු එ්වා නිර්ලෝභීව යටි මඩි ගසා ගැනීමෙන් තොරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වියදම් කළේය. මේ අතර තෙල් නිසා චාවේස්ට අත තැබීමෙන් පලක් නොවන බව බටහිර ද දැන සිටියේය.
අපට ද නැතිනම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ද චාවේස් මෙන් කටයුතු කිරීමට නොහැකි මන් දැයි ප‍්‍රශ්න කරන්නෝ සිටිති. චාවේස් ට මෙන් අප සතුව දැවැන්ත තෙල් සම්පතක් හෝ වෙනයම් හෝ ස්වාභාවික සම්පතක් නොමැත. එහෙත් අප අද ජනතාවට සහන මිලට තෙල් හා විදුලිය සපයන රටකි. එ් නිසා මේ වනවිට රාජ්‍ය බැංකු දෙකත් කඩාවැටෙන මට්ටමට පත්ව ඇත. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සමහරුන්ට නම් මේවායේ වගේ වගක් නැත. ඔවුන්ට අනුව මේවා ආර්ථික අතින් යහපත් ලක්ෂණය. තෙල් හා විදුලිය රාජ්‍ය ආයතන දෙකේ සමස්ත පාඩුව රු. කෝටි 25000 කි. ශී‍්‍ර ලංකාව තමන්ට ඔරොත්තු නොදෙන මට්ටමේ දැවැන්ත සහනාධාර පැකේජයක් පසුගිය සමයේ කි‍්‍රයාත්මක කර ඇත. නොමිලේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අමතරව අපේ වාර්ෂික සහනාධාර වැඩපිළිවෙළ රු. බිලියන 135 ක් (ද.ල. 135000) පමණ වේ. චාවේස් අපට ගළපා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ද තෙල් නිධි නොමැති ශී‍්‍ර ලංකාව විකල්ප සොයා ගැනීමෙන් තොරව චාවේස් තාලේ වැඩ කි‍්‍රයාත්මක කිරීමට ගිහින් යම් තරමකට ඇනගෙන සිටින්නේ ද මේ නිසාය.
එසේම අපේ ප‍්‍රධානතම විදේශ වෙළෙඳාමෙන් දැනට නිකුත් වී ඇති. සියයට 40 ක් ඇමෙරිකාව සමඟය. සමස්ත අපනයන ආදායමෙන් සියයට 65 ක් ලැබෙන්නේ ඇමෙරිකාව හා බටහිර රටවලිනි. අපේ ණය භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 70 ක් ආයෝජනය කර තිබෙන්නේ ඇමෙරිකාවය. මේ නිසා චාවේස් මෙන් ඇමෙරිකන් විරෝධයකට අපට ඉඩක් නැත. දැන් අපට ඉතිරි වී තිබෙන්නේ බටහිර සමඟ ගැටෙන දේශපාලනයක් නොව සහයෝගයෙන් යන දේශපාලනයකි.
කොමියුනිස්ට් වියට්නාමයත්, අසල්වැසි ඉන්දියාවත්, ලූලා ද සිල්වාගේ බ‍්‍රසීලයත් අනුගමනය කරන්නේ එම සහයෝගීතා දේශපාලනය බව පෙනේ. යන්තම් වෙනස් වූ මියන්මාරයට පසුගිය වසරේ ඇ.ඩො. බිලියන 2.5 ක ඍජු විදේශ ආයෝජන ලැබෙන විට, වියට්නාමයට වසරකට බිලියන 4.5 ක පමණ ආයෝජන ලැබෙන විට අප ඇ.ඩොලර් බිලියනයකටවත් ළඟා වී නැත. මේ නිසා බොරුවට කෑ ගසන අධිරාජ්‍ය විරෝධයකින් පලක් නොවේ. එ් සඳහා අප යා යුත්තේ උපක‍්‍රමීය අධිරාජ්‍ය විරෝධයක් සහිත සහයෝගිතා දේශපාලනයකටය. පිහිය නිම කර තිබෙන්නේ රනින් වුවද ඇනගත්තොත් තුවාල සිදුවන්නා සේම චාවේස් කොතරම් හොඳ වුවද අපට ගළපා ගැනීමට නොහැකි වී තිබෙන්නේ එ් නිසාය. එය අප සතු අධිරාජ්‍ය ගැති බව නොව අධිරාජ්‍ය විරෝධී දැනමුතුකමය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නොදැන ගියොත් අතරමඟ
සුගන්ධී Friday, 15 March 2013 04:28 PM
ඡනපතිතුමනි, ඔබට උණුසුම් සුභ පැතුම්. බුදු සරණයි. (නි)
සුමිත් Saturday, 16 March 2013 08:30 PM
කතර ගම යන්න ඕනේ නම් දැන ගෙන හරි පාරේ යන්න ඕනේ (දී)
අචිනි Saturday, 16 March 2013 05:14 PM
අනේ මන්දා (දී)