IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නාඳුනන තුවක්කුකරුවන්ට නැගිටින්න ඉඩ නොදෙමු

මේ රට චිකාගෝ නුවර දැයි සැක සිතෙන තරමට අපරාධ බහුල වෙමින් තිබේ. නාඳුනන තුවක්කුකරුවාගේ අණසකට රටම යටත් වෙමින් තිබෙන සෙයකි. උදේ දිවා රෑ වෙනසකින් තොරව ඉලක්ක හඹා යන තුවක්කුකරුවෝ ඉලක්ක සපුරා ගෙන සැඟව යති. තුවක්කුකරුවන් මැඩලන මෙහෙයුම් තවමත් හරි පාරට වැටී ඇති බවක් නොපෙනේ. පාතාලයේ අලුත්ම බිල්ල ගාල්ලේ කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියකින් එල්ල කළ උණ්ඩ වර්ෂාවකට මැදිව මියගියේ, ගාල්ලේ කෝටිපති නිමි ඇඳුම් ව්‍යාපාරිකයකු වන ලලිත් වසන්ත නමැත්තෙකි.

ඔහු ගාලු ක්‍රිකට් සමාජයේ උප සභාපතිවරයා ද වේ. එමෙන්ම, රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය ද වේ. පාතාල කල්ලි දෙකක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සැක කරයි.

මහමග මෙසේ මිනිසුන් මරා දමන්නේ නම්, එබඳු රටක පුරවැසියන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් නොමැත. ආරක්ෂාව යනු, කෑම බීම, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් වැනිම මූලික අවශ්‍යතාවන් මෙන්ම මූලික අයිතිවාසිකමකි. ප්‍රතිවාදීන් එල්ල කර තිබුණ වෙඩි ප්‍රහාරවලින් අහිංසක සාමාන්‍ය මිනිසුන් මියගිය අවස්ථා මෙන්ම වරදවා වටහා ගැනීම නිසා අහිංසක මිනිසුන් පාතාලයේ වෙඩි උණ්ඩවලට බිලි වූ අවස්ථා ද තිබේ. මහමගට බැසීම දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමක් බවට පත්ව තිබේ නම්, ආරක්ෂාව සම්බන්ධ වගකිව යුත්තන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

දකුණු පළාතේ අපරාධ වැඩිවත්ම, අපරාධ මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදාගනු ලැබීය. විශේෂයෙන්ම ගාල්ල සහ අම්බලන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශ මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු හැම හන්දියකම, අතුරු මංමාවත්වල ද රාජකාරි කරති. එහෙත්, පාතාල ක්‍රියාකාරකම් අඩු වී ඇති බවක් නොපෙනේ.

පාතාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ, කුඩු ජාවාරමය. පාතාලයන් එකිනෙකාට එරෙහිව අවි ඔසවන්නේ කුඩු ජාවාරමේ තනි අයිතිය අතට ගැනීමටය. එසේ නම්, කළ යුතුව තිබෙන්නේ, කුඩු එන මාර්ග අහුරා තැබීමය. ශ්‍රී ලංකාව ආසියාවේ මත් කුඩු කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. එයට හේතුව, ඇෆ්ගනිස්ථානයේ, ඉරානයේ හා පාකිස්තානයේ කුඩු ප්‍රවාහනය සිදු වූ මුහුදු ගමන් මාර්ගය හෙවත්, ආසියානු මත්ද්‍රව්‍ය මාර්ගය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටා තිබීමය. මෙයින් දකුණු පළාත ඉන් විශේෂිතය. එයට හේතුව, මෝය කටවල්, කුඩා තොටුපොළවල් විශාල ප්‍රමාණයක් දකුණේ පිහිටා තිබීමය. දකුණේ ධීවර වරාය 19ක් තිබේ. ලියාපදිංචි බහුදින යාත්‍රා 2,888කි. ලියාපදිංචි ඩිංගි බෝට්ටු ගණන 1,680කි. ලියාපදිංචි නොකළ බහුදින යාත්‍රා සහ ඩිංගි බෝට්ටු ද විශාල ප්‍රමාණයකි.

පොලිස් වාර්තාවලට අනුව, රටට කුඩු එන ප්‍රධානම මාර්ගය මුහුදය. විශාල යාත්‍රාවලින් රැගෙන එන මත් කුඩු මුහුද මැදදී බහුදින යාත්‍රාවලට, ඩිංගි බෝට්ටුවලට පටවනු ලබයි. මත්ස්‍යයන්ට අමතරව කුඩු තොග ද රැගෙන මෙම යාත්‍රා මෙරටට ඇතුළු වෙයි. පාතාලයන් මෙසේ මරා ගන්නේ එම කුඩු ජාවාරම තමන් සතු කරගැනීමටය. එහෙයින්, පාතාලයන් මැඩලීමේ මෙහෙයුමේ ප්‍රධාන අංකය විය යුත්තේ, කුඩු එන මාර්ග අහුරා තැබීමය. ලෝක සිතියමේ අබැටක් තරමේ රටක් වන ලංකාවට එබඳු ආරක්ෂක වැටක් ඉදිකළ නොහැකි නම්, පාතාලයන්ට අපගේ ජීවන ඉරණම විසඳීමට බාර දෙනු විනා විකල්පයක් නැත.

(***)



අදහස් (1)

නාඳුනන තුවක්කුකරුවන්ට නැගිටින්න ඉඩ නොදෙමු

chandima Friday, 29 September 2023 05:50 PM

මීයෝ මරන්න මී කතුරු තිබ්බාට වැඩක් නෑ. මී ගුල් වහලා දාන්න ඕනෑ. ඇමැතිලා, මන්ත්‍රීලගේ ගෙවල්වල, දොරවල්වලට පිටින් මුරකාරයෝ දාලා ටෙලිෆෝන් ටැප් කරලා බැලුවා නම් මීයෝ කොටු කරගන්න පුළුවනි.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 704 1

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 148 1

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 721 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1234 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1161 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 237 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23046 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22883 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site