IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය

සැකසුම - මුදිතා දයානන්ද

අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත‍්‍රස්ත කණ්ඩායම් විසිනි. එහෙත් අද එවැනි වටපිටාවක් නැත. එසේ වුවද වත්මන් ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් හෝ ඝාතනය කළ යුතු යැයි සැලැස්මක් සකස් කෙරෙමින් තිබූ බවට පසුගිය කාලවකාවනුවේදී සාකච්ඡාවට ලක්විය.

ඒ නාමල් කුමාර නමැති පොලිස් ඔත්තුකරුවෙකු විසින් කරන ලද හෙළිදරව්වක් නිසාය. මිට පෙර මෙවැනි සැලසුමක් සකස් කරනු ලැබුවේ නම් ඒ රජයට එරෙහිව සටන් කළ යම් කිසි සංවිධානයක් විසිනි. එහෙත් නාමල් පවසා ඇති පරිදි මෙවර එය සැලසුම් කර තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරිමට බැඳී සිටින ආයතනයක උසස් නිලධාරියෙකු විසිනි. ඔහුට ඒ සඳහා සහය ලබාදෙන්නේ පාතාල නායක මාකදුරේ මධූෂ් බවද කියවේ.

නාමල් මීට පෙර පවසා ඇති පරිදි මේ සැලැස්ම සකස් කෙරෙන්නේ එක්තරා දේශපාලන නායකයෙකුගේ උවමනාව අනුව හිටපු නිජෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසිනි. නාමල්වද එයට සහභාගි කර ගෙන තිබෙන්නේ නාලක වෙනුවෙන් යම් යම් සංවිධාන කටයුතු කර ගැනීමටය.

නාමල් පවසා ඇති පරිදි නාලක 2017 සැප්තැම්බර් මාසයේ දිනක පොලිස්පති හමුවීමට ගොස් තිබෙන්නේ විදේශගතව සිටින ශ‍්‍රී ලාංකිකයෙකුගේ ත‍්‍රස්තවාදි ක‍්‍රියාවක් සම්බන්ධයෙන් දැනුම්දීමටය. මේ ශ‍්‍රී ලාංකිකයා නම් ප‍්‍රභාකරන් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක මෙන්ම දෙමළ ඩයස් පෝරාව හා සම්බන්ධකම් පවත්වන බව කියන තුෂාර පිරීස් නමැත්තෙකි.

ඔහු සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමට නාමල්ගේ සහය ඉල්ලා ඇත. ඒ සඳහා ඔහුගේ සහයට පුෂ්පරාජ් නමැත්තෙක් සම්බන්ධ කර දීමට හැකි බවද පවසා ඇත. පුෂ්පරාජ් යනු එල්ටීටීඊය සමග කටයුතු කර ඇති බව කියන පසුව පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් වූ අයෙකි. පොලිස්පති හමුවි මේ තොරතුරු පැවසූ පසු නාලක සිල්වා මහතා හමුවන්නැයි පවසා තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ මගපෙන්වීම යටතේ නාලක සිල්වා මහතා හමුවූ නාමල්ට පොලිස් ඔත්තුකරුවෙකු ලෙස සම්බන්ධ කරගනිමින් වෙනම රාජකාරියක් පවරා තිබේ. ඒ පෙර කී ආකාරයට වත්මන් ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් 2020ට පෙර ඝාතනය කිරිමටය. එසේ ඝාතනය කෙරෙන තෙක් වත්මන් අගමැති ඉස්මතුවන ආකාරයටත් ජනාධිපතිට අප‍්‍රසාදය ඇතිවන ආකාරයටත් මුහුණු පොත භාවිතා කරමින් විවිධ ප‍්‍රචාරක කටයුතු කළයුතු බවටද ඔහුට රාජකාරියක් පවරා තිබේ.

නාලක ද සිල්වා නාමල්ට පවසා තිබෙන්නේ 2020 වන විට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂය නැත්නම් මහින්ද රාජපක්ෂ ඇතුලූ කණ්ඩායම එකට එකතු වීමට ඉඩ ඇති බවය. එසේ එකතුවී බොහෝ විට මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති අපේක්ෂකයා කිරිමට ඉඩ ඇති බවය. එසේ නොමැති වුවහොත් ඒ දෙගොල්ලොම එකතුවී ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා කරනු ඇති බවය. ඒ නිසා ඔවුන් දෙදෙනාම එකට එකතුවීම වළක්වා මේ ආකාරයට දෙන්නාගෙන් එක්කෙනක් ඝාතනය කළ යුතු බවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට පැවසුයේ යැයි නාමල් හෙළිදරව් කරනු ලැබුවේය.

නාමල් මේ දේවල් හෙළි කරන කාලයේ එනම් 2018 අගෝස්තු, සැප්තැම්බර් කාලයේදි මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂය අතර පිටතට පේන ගනුදෙනුවක් සිදුව තිබුණේ නැත. ඔහුට නාලක සිල්වා පැවසුයේ යැයි කියන දේ ඒ එකතුවීම සම්බන්ධයෙන් සමාජය දැනෙන සිදුවීමක් වූයේ 2018 ඔක්තෝබර් 26 වැනිදායින් පසුවය. නාලක සිල්වා මහතා නාමල්ට පෙන්වා දුන් දේ දේශපාලන හැසිරිම සැබවින්ම නාලක සිල්වා මහතාගේම දැක්මක්ද? නැත්නම් වෙනත් දේශපාලඥයෙකු නාලක සිල්වාට පෙන්වා දුන් ආකාරයද? සිතා බැලිය යුතු කාරණාවක් එහි තිබේ.

තුෂාර පීරිස් මගින් හඳුනාගත් පුෂ්පරාජ් සමඟ සබඳකම් පවත්වා ඔහු හිටපු එල්ටීටීඊ ක‍්‍රියාකාරිකයෙක් නිසා ඔහුගේ පිටට වරද එන පරිදි මේ ඝාතනය අම්පාර හෝ මඩකලපුව ප‍්‍රදේශයට ඉහත කී ප‍්‍රභූන් දෙදෙනාගෙන් කෙනෙක් යන අවස්ථාවක සිදුකළ යුතු බවටද නාලක ද සිල්වා උපදෙස් දී තිබිණ. ඒ සඳහා මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් ලබාදිය හැකි බවද නාලක සිල්වා තමන්ට පැවසු බව නාමල් පවසා තිබේ. තුෂාර පීරිස්ගෙන් මුදල්ද ගෙන්වා ගත් බවත් නාමල් පවසා තිබූ අතර ඒවායේ රිසිට්පත්ද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණයටද ඉදිරිපත් කර තිබේ.

නාලක සිල්වා ප‍්‍රභූ ඝාතනයට සම්බන්ධ කරදෙන බව කියූ මධූෂ්ගේ ගෝලයින් දෙන්නා ගැනද යම් යම් ඉගි පළවෙමින් තිබේ. ඉන් එක් අයෙක් මධුෂාන්ය. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලබන්නේ 2018 ජුලි මාසයේදිය. ප‍්‍රභූ ඝාතනයක් පිළිබඳ තොරතුරු මුලින්ම එළියට එන්නේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගය.

මධුෂාන් යනු මාකඳුරේ මධූෂ්ගේ කල්ලියේ දැනට ලංකාවේ සිටින හොඳම වෙඩික්කරුය. ඔහු පසුගිය කාලයේ මෝදර මට්ටක්කුලිය සෙල්විගේ වත්ත ප‍්‍රදේශවල සිදුකළ ඝාතන රැුසකට සම්බන්ධ වී තිබේ. මෙම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරිමේදී ලද තොරතුරු අනුව ප‍්‍රභූ ඝාතනයකට යොදා ගැනීම සඳහා මඩකළපුව ප‍්‍රදේශයෙන් නිවසක් බදු ගෙන තිබේ. එම නිවස ගැනීමට මුදල් ලබාදි තිබෙන්නේ මාකඳුරේ මධූෂ්ය. මධූෂ් වෙනුවෙන් ගෙය මිලදි ගෙන තිබෙන්නේ ඩුබායිවලදී පසුගියදා අත්අඩංගුවට පත්වූ බුද්ධිම නොහොත් අහුංගල්ලේ බුද්ධිය.

බුද්ධි යනු මධුෂ්ගේ මුදල් ගනුදෙනු, අවි ආයුධ ගනුදෙනු පවත්වාගෙන යනු පාතාල සාමාජිකයාය. ඔහු සම්බන්ධ වී පසුගිය වසරේ මැයි ජුනි ආසන්න කාලයේදි මඩකලපුව ප‍්‍රදේශයේ ගිනි අවි අසූවක් ගාල්ල අහුංගල්ලට ගෙනවිත් තිබේ. එම ගිනි අවි වලින් දහයක් කංචිපාන් ඉම්රාන්ගේ ගෝලයින්ට ලබාදි ඇති අතර අනෙක් හැත්තෑව අහුංගල්ලේ හා අලූත්ගම ප‍්‍රදේශවල වළ දමා තිබේ. අහුංගල්ල බුද්ධිගෙත්, මධුෂාන්ගේ ගම් ප‍්‍රදේශය වන අතර අලූත්ගම යනු ලොකු පැටී නමැති රංගජීව මහතාට වෙඩි තැබිමේ සිදුවීමටද සම්බන්ධ පාතාල සාමාජිකයාගේ අය්යා සංජීව පදිංචිව සිටින ප‍්‍රදේශයයි. සංජීවද මධූස් වෙනුවෙන් වැඩ කරනඅයෙකි. ඔහු හිටපු යුධ හමුදා සෙබළෙකි.

එහෙත් මේ වළදමා තිබූ අවි ආයුද ගොඩගන්නට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකිවූයේ නැත. මන්ද මධුෂාන් අත්අඩංගුවට පත්විමත් සමගම මධූෂ් ඒවා වෙනත් තැනකට ගෙනගොස් තිබූ බැවිනි. එසේම මධුෂාන් දැන සිටි කිසිදු රහසක් පොලිසියට අල්ලා ගත නොහැකි වන පරිදි මධූෂ් සියල්ල වෙනස් කර තිබුණා පමණක් නොව බුද්ධිවද ඩුබායිවලට ගෙන්වා ගත්තේය. ඒ නිසා මේ අවි ආයුධ තොගය රටේ කොතැනක හෝ තවමත් ආරක්ෂිතව පවතිනු ඇත.

මධූෂ්  හා පොලිසිය අතර පවතින සබඳතාවය කොතෙක්ද යත් මධුෂ්ලාගේ කල්ලිය වෙනුවෙන් වැඩ කළ රිවෝෂන් පලවි නමැති කුඩු සෙල්විගේ පුතා අත්අඩංගුවට පත්වූ පසු හෙළිකර ගත් තොරතුරු අනුව මධුෂාන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට රට පුරා තැනින් තැනට මසකට අධික කාලයක් සැරි සරන්නට සිදුවිය. මදුෂාන් සිටින බවට තහවුරු කරගෙන එම ස්ථානය වැටලීමට පොලිසිය යාමට මත්තෙන් ඩුබායිවල සිටින මධූෂ්ට ඒ බව දැනගන්නට ලැබීම මෙලෙෂ රට පුරා තැනින් තැනට යාමට හේතුව විය. ඒ තොරතුරු මධූෂ්ට යා යුත්තේ පොලිසිය තුළම සිටිනා අයෙකුගෙන් මිස වෙනත් අයෙකුගෙන් විය නොහැකිය.  පසුගිය කාලයේ මත්කුඩු වැටලීම්, පාතාල කල්ලි සාමාජිකයන් සොයා වැටලීම් සිදුකරන පොලිසියේ ප‍්‍රධාන ඒකක කීපයක උසස් පොලිස් නිලධාරින්ගේ සිට කොස්තාපල් දක්වා වන කීප දෙනෙකුගේ වැඩ තහනමට ලක්වු අතර ඇතැමෙක්ට ස්ථාන මාරු ලබාදීමට කටයුතු කර තිබේ. ඒ මධූෂ්ලා සමග පැවැත්වු සබඳතා හා ඔවුන්ගෙන් ප‍්‍රතිලාභ ලබාගැනීම් පිළිබඳව තහවුරු වීම නිසාය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පොලිස් අවි ගබඩාවෙන් එල්එම්ජී ගිනි අවි දෙකක් ලබාගෙන තිබේ. එම ගිනි අවි දෙක ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයෙන් අවස්ථා දෙකකදී පිටතට ගෙනගොස් ඇති බවටද තොරතුරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එසේම ස්නයිපර් ගිනඅවියක්ද පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබු බවත් එය දැන් අතුරුදන්ව ඇති බවටත් පසුගිය කාලයේ තොරතුරු වාර්තා විය. එම ගිනි අවිය පොලිස් අවිගබඩාවෙන් ලබාගත්තක් නොව මීට වසර දෙකකට පමණ පෙර කිලිනොච්චිය ප‍්‍රදේශයෙන් හමුවු එල්ටීටීඊයට අයත් යැයි සැකකරනු ලැබූ අවි ගබඩාව වැටලීමේදි සොයාගත් අවි වලින් එකක් බවටද පැවසේ.

කෙසේ වෙතත් මේ අවි වර්ග දෙකම පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවශ්‍ය අයුධ නොවේ. ඒවා අවශ්‍ය වන්නේ යුද්ධයක් පවතින අවස්ථාවක එයට සම්බන්ධ වන හමුදාවට හා විශේෂ පොලිස් කණ්ඩායම් වලටය. එල්එම්ජී පුහුණුව තිබෙන්නේ දැනට පොලිස් විශේෂ කාර්ය බලකායට පමණි. මෙම ගිනි අවියෙන් තත්පර කීපයක් ඇතුළත උණ්ඩ දාහක් පමණ මුදාහැරේ. එවැනි අවියක් සාමාන්‍ය වැටලීම්වලට කිසිසේත්ම අදාල නොවේ.යුද්ධයක් පවතින වකවානුවක් නොවන නිසා පොලිසියට එහි කිසිම අවශ්‍යතාවයක්ද නැත.ත‍්‍රස්තවිමර්ශණ කොට්ඨාසයෙන් කෙරෙන්න ත‍්‍රස්තවාදි කටයුතු මර්දනය කිරිම සඳහා වන විමර්ශන සිදුකිරිමය. එයට මෙවැනි අවි අවශ්‍ය නොවේ. සන්යිපර් අවියක් කිසිසේත්ම අවශ්‍ය නැත. එවැනි අවියක් භාවිතා කළ හැක්කේ යුධ හමුදාව මාස හයක පුහුණුවක් තිබෙන නිලධාරියෙකුට පමණි. එසේ නම් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සන්යිපර් ගිනි අවියක් කුමකටද? එයට සිදුවුයේ කුමක්ද?

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස්පතිගෙන් අමුතුු ඉල්ලීමක්ද කර ලිපියක් යොමු කර තිබේ. ඒ එල්එම්ජී පුහුණුව සහිත විශේෂ කණ්ඩායමක් සකස් කළ යුතු බවටය. පොලිස්පතිද කිසිම වගවිභාගයකින් තොරව එයට අත්සන් කර ඇති බවටද දැනගන්නට තිබේ. පොලිස්පති කිසිදු වගවිභාගයක් නැතිව එය අත්සන් කළාද නැත්නම් එය ඔහුගේද උවමනාව වූවාද යන්න ගැන නොදනිමු. කෙසේ වෙතත් එවැනි බරපතල ඉල්ලීමකට අනුමැතිව දී අත්සන් තබා එම පුහුණුව ලබාදෙන්නැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්’ එල්. ලතීෆ් මහතාටද දැනුම් දී තිබේ.

එහෙත් ලතීෆ් මහතා එම ඉල්ලීම සැළකිල්ලෙන් කියවා බලා එල්එම්ජී භාවිතා කිරිමේ අවශ්‍යතාවයක් යම් අවස්ථාව ඇති වුවහොත් ඒ සහය විශේෂ කාර්ය බලකායෙන් හෝ යුද හමුදාවෙන් ලබාගත හැකි බැවින් මෙවැනි පුහුණුවක් ලබාදීසමේ අවශ්‍යතාවයක් නැතැයි සටහනක් යොදා නැවත පොලිස්පතිට ලිපිය යොමුකර ඇති බවටද තොරතුරු වාර්තා වේ. මෙවැනි විශේෂ කණ්ඩායමක් හදන්න නාලක ද සිල්වා මහතාද අවශ්‍ය වූයේ ඇයි? පොලිස්පති තුමාට එදා හිතන්න බැරි වුණා නම් දැන්වත් ඒ ගැන සිතා බැලීම වටී. එසේම එදා සිටිය නීතියහ  සාමය භාර ඇමතිවරයාට ඒක හිතන්න අපහසු වුණා නම් අමතක වුණා නම් හෝ දැන් එම අමාත්‍යංශය භාර ඇමතිවරයා වන ජනාධිපතිතුමාට ඒ ගැන සොයා බැලීම සිතා බැලීම වටිනු ඇත.

එසේම මෙම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඩ්‍රෝනර් කැමරාවක්ද පරිහරණය කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි උපකරණයක් අනෙකුත් නියෝජ්‍ය පොලිස්පතිවරු භාවිතා කරන්නේ නැත. එසේ කරන්නේ නම් ඒ විශේෂ අවශ්‍යතාවයක් පරිදි යම් අවසරයක් ඇතිවය. එනිසා මෙම කැමරාව භාවිතා කළේ කුමන අවශ්‍යතාවයකටදැයි අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇත. ඔහු පවසා තිබෙන්නේ මහනුවර දිගන ප‍්‍රදේශයේ ඇති වූ සිංහල මුස්ලිම් ගැටුමේ සැකකරුවන් සොයාගනිමට යනුවෙනි. එහෙත් එම කැමරාවේ ඊට අදාල දර්ශන කිසිවක් සටහන්ව නැති අතර එහි වෙනත් විවිධ රැුස්වීම් කීපයක් හා කැලෑබද ප‍්‍රදේශවල දර්ශන කීපයක් පමණක් සටහන්ව තිබූ බව දැනගන්නට තිබේ. සැබවින්ම නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙවැනි උපකරණයක් භාවිතා කළේ කුමන අරමුණක් ඇතිවද යන්න සොයා බැලිය යුතුව ඇත.

ප‍්‍රභූ ඝාතන මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරිම හා ඇතැම් නිලධාරින්ට අපහාස වන අයුරින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද නාලක ද සිල්වා මහතා තමන්ට උපදෙස් දුන් බවට නාමල් කුමාර පවසා සිටින කතාවේ සත්‍ය අසත්‍යතාවය පෙන්වීමට ඔහු ලබාදී ඇති දුරකථන සංවාදවල හඬපට රස පරික්ෂකට යොමු කර ඊට අදාල දෙදෙනාගේම කටහඬයන්ද පරික්ෂා කිරීමට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එම හඬපට 124න් 123ක්ම ගැලපෙන බවද ඔවුන් අධිකරණයට දන්වා ඇත. එසේම නාමල් කුමාරගේ දුරකථනයේ මකාදමා තිබූ සංවාද ප‍්‍රතිඋත්පාදනයට හොංකොං හි ඬේටා එක්ස්පර්ඞ් ආයතනයට යැවීමටද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව එහි පිටු හැටක වාර්තාවක්ද ලැබී ඇත. එම දත්තයන්හි දුරකථණ සංවාද 427ක් ප‍්‍රතිඋත්පාදනය කර ඇති අතර ක‍්‍රියාත්මක නොවු සංවාද 31ද තිබෙන බවටද අධිකරනය වාර්තා කර ඇත. වීඩියේ දර්ශන 26ක් හා ක‍්‍රියාත්මක නොවු වීඩියේ දර්ශන 656ක් ගැනද වාර්තා ලැබී ඇත.

නාමල් කුමාර ප‍්‍රභූ ඝාතනයක් ගැන මුලින්ම සඳහන් කරන විට ඒ ගැන බොහෝ දෙනා තුළ සැක සංකා මතුවිය. එයට නාමල් කුමාර කවුදැයි කාටවත් අදහසක් නොවීමද එක හේතුවක්විය. ඔහු කියා සිටියේ තමන් ¥ෂන විරෝධි බලකායේ විධායක අධ්‍යක්ෂක බවය. එහෙත් ඒ බලකායේ සිටින වෙනත් කෙනෙක් ගැන කිසිවෙක් දැන සිටියේද නැත. මේ හෙළිදරව්වෙන් මසක් ඉක්ම යද්දී ජනාධිපතිතුමා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ¥රයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළේය. ඒ නිසා මෙය ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ගෙන් සැලැස්මක්ද යන සැකයත් සමාජයේ ඇතැමුන් තුළ ඇති විය. ඔහු මත්උවදුර පිටදැකීමේ ජනාධිපති කාර්යසාධන බලකායටද සම්බන්ධ වී කටයුතු කර ඇති බවටද තොරතරු වාර්තා විය. එසේම ඔහු දිගන ඇති වු සිංහල මුස්ලිම් ගැටුමේදි එම ගැටුම නිර්මාණය කළ ඇතැම් පාර්ශ්ව සමග ගනුදෙනු කර ඔවුන් පාවා දුන් බවටද තොරතුරු වාර්තා විය. එය ඔහුද හෙළිදරව්වක් කරමින් කියා සිටියේ එය නාලකද සිල්වා මහතාගේ උවමනාවට සිදුකළ ගනුදෙනු වක් බවය. ඒ වෙනුවෙන් ඔහුට ලක්ෂ දෙකහමාරක තෑගි මුදලක්ද ලැබී තිබිණ.

එසේම ඔහු වරක්2009 වසරේදී ගුවන් හමුදාවට බැදී පුහුනුව අතරේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගෙන නැවත පුහුණුවට නොගිය අයෙකි. නැවත 2011 වසරේ යුද හමුදාවටද බැදෙන ඔහු එහි පුහුණුව අතරේද නැවතුණ අයෙකි. එසේම පුජිත් ජයසුන්දර මහතා මහනුවර සේවය කරන කාලයේ ඔහුට යම් යම් අපරාධ සම්බන්ධයෙන් ඔත්තු සපයා ඇති බවද පැවසේ. නාවුක හමුදාවට බැඳෙන විට ඔහු ඉදිරිපත් කර තිබෙන්නේ ව්‍යාජ අධ්‍යාපන සහතිකයකි. එනම් එයට බැඳෙන්න තරමට වත් ඔහුට අධ්‍යාපන සුදුසුකම් නැති බවක්ද කියවේ. පසුව කලක් විදේශ ගතව සිටින නාමල් එහිදි ඩයස් පෝරාව හා සම්බන්ධ තුෂාර පිරිස් මුණ ගැසී හිතවත්කමක් ගොඩ නගාගනී. ඇත්තටම ඔහු මේ ආකාරයට සෑම ක්ෂේත‍්‍රයකටම රිංගා කෙටි කලක් හෝ ගත කර ඇති ඔහුගේ සැබෑ අරමුණ කුමක්ද? එයද සොයා බැලීම වටිනු ඇත.

මන්ද ඔහු මේ හෙළිදරව්ව කරන්නේද සිතාමතා කලින් සැලසුම් කරගෙන සිටි පරිදි යැයි සිතිය නොහැකි කාරණාද තිබෙන බැවිනි. එකක් ඔහුගේ හෙළිදරව්වට පෙර මධූෂාන් අත්අඩංගුවට පත්ව මේ කාරණා හෙළිකර තිබීමය. එසේම ඔහු 2018 අගෝස්තු මාසයේ දිනක පිටකොටුවේ පැවති උද්ඝෝෂනයකදී ඩෑන් පි‍්‍රයසාද් නමැති අයට තමන්ගේ ජංගම දුරකථනයේ පැවති ඇතැම් සංවාද පෙන්වා තිබේ. එය පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුද දැක ඇති අතර ඔහු ඒ බව නාලකද සිල්වා මහතාද දැනුම් දී තිබේ. ඒ අනුව නාලක මහතා නාමල්ට අමතා වහාම එම සංවාද මකා දමන්නැයි පවසා තිබේ. ඔහු ඩෑන් ප‍්‍රියසාද්වද ගෙන්වා ප‍්‍රශ්න කර එහි ඇත්ත නැත්ත දැන ගෙන ඇත. එතැනින් පසු නාලක නාමල් ගනුදෙනුව හමාර වී තිබේ. නාලක ද සිල්වා යනු කවුදැයි දන්නා නාමල්කුමාර තම ජීවිතය බේරා ගැනිමේ අරමුණ ඇතිව එළියට බැස මේ හෙළිදරව්ව කළා වන්නටද හැකිය.

අරමුණ කුමක් වුවද එහි ෂත්‍ය අසත්‍යතාව විමසා බැලීම වකිව යුත්තන්ගේ වගකීම වේ. එහෙත් අරමුණ ගැනද විමසා බැලිය යුත්තේ එහි සැගවුන තවත් බයානක කතාවක්ද තිබිය හැකි බැවිනි. ඇගිල්ල දිගුකර හඳ පෙන්වන විට හඳ දෙස නොබලා ඇගිල්ල බැලීමේ අවශ්‍යතාවයක් නැතැයිද කෙනෙකුට කිව හැකිය. අප දැන් හඳ බලමින් සිටිමු. ඔහු හෙළි කරන ලද බොහෝ දේ අද සත්‍ය බවට වන අනාවරණයන් හතර වටින් මතුවෙමින් තිබේ. එහෙත් තවමත් ඔහුගේ දුරකථණ සංවාද ඇසුරෙන් ප‍්‍රභූ ඝාතනයට අදාල සංවාද හමුවී නැති බවට වාර්තාවේ. ඒ නිසා ඔහු කියන දේවල් සියල්ල ඒ විදිහටම පිළිගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයක්ද මතුුවේ. ඇයි ඔහු කියන අනෙක් සියල්ල මේ සංවාදවල තිබියදී ප‍්‍රධානම ප‍්‍රශ්නයට අදාල දුරකථණ සංවාද මේ ප‍්‍රතිඋත්පාදිත සංවාද සටහන්වල වත් නැත්තේ? තවත් ප‍්‍රතිඋත්පාදනය කිරිමට සංවාද තිබේද යන්න අපි නොදනිමු. කෙසේ වුවද තවම ඔහු කියන නාලක ද සිල්වාගේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ප‍්‍රභූ ඝාතන සැලැස්ම සංවාදවලින් හමුවි නැතිකම ගැටලූවකි.

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ගැන හෙළි කරමින් යම් යම් කරුණු පැවසූ දැනට අත්අඅඩංගුවේ පසුවන ඉන්දියන් ජාතිකයා යම් මානසික ආබාධයික් පෙලෙන අයකු වන අතර ඔහු කියන දේවල්වල පදනමක් නැති බව මේ වන විට තහවුරු වෙමින් පවති. ඒ නිසා මේ ප‍්‍රශ්නයෙන් ඔහු ඉවත් කිරිමට අපට හැකිවනු ඇත.

මේ අතර ඩුබායිහිදී මධූෂ්ලා සමග අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා නිතර නිතර ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයට පැමිණ නාලකද සිල්වා මහතා හමුවි ඇති බවටද තොරතුරු වාර්තාවෙමින් තිබේ. ඔහු පළමුවරට ත‍්‍රස්ත විමර්ශන කොට්්‍යාසයට පැමිණ තිබෙන්නේ 2016 සැප්තැම්බර් මාසයේ දිනයකදීය. එහිදි ඔහු එහි පැමිණියේ කුමන හේතුවක් මතදැයි පැමිණෙන අමුත්තන් සම්බන්ධයෙන් වන පොත නඩත්තු කළ පොලිස් කොස්තාපල් ප‍්‍රියන්ත ප‍්‍රශ්න කර තිබේ. එසේ ප‍්‍රශ්න කළේ යැයි එම නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇති බවද ඉන්පසු කිසිදු ප‍්‍රශ්න කිරිමකින් තොරව අමල් පෙරේරා ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයට ආව ගිය බවද දැනගන්නට තිබේ.

ප‍්‍රභූ ඝාතන සැලැස්ම සමග අමල් පෙරේරා මහතාගේ කිසිදු සබඳතාවයක් ඇතැයි පැවසිය නොහැකිය. එහෙත් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඔහු නිතර ආවේ කුමන හේතුවකටද යන ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතුව ඇත.

එසේම මධූෂ් සමග සබඳකම් පැවැත්වු දේශපාලනඥයින් පිළිබඳවද දැන් දැන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඒ අතර ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයෙක්ද සිටී. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට උපදෙස් ලැබුණේ හෝ ම¥ෂ්ගේ සහය ලබාගැනීමට මගපෙන්වීම කළේ එම දේශපාලනඥයාද යන්න සොයාබැලිම නීතිය හා සාමය භාර වත්මත් ඇමතිගේ වගකීමකි.

මෙවැනි අපරාධයක් ගැන විමර්ශන අනවශ්‍ය පරිදි කල් අදිමින් පවත්වාගෙන යා නොහැකිය. ඒ නිසා ඒ ගැන විමර්ශන කඩිනම් කර රටට සත්‍යය අනාවරණය කිරිමේ වගකීම පවතින්නේද නීතිය හා සාමය භාර ඇමතිවරයාටය.

 

 



අදහස් (2)

නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය

Pramodh liyanage Saturday, 16 February 2019 05:46 AM

ඔබට මෙතුමන් සමග පුද්ගලික තරහක් ඇති බව පැහැදිලියි.

:       123       62

සුරයා Monday, 18 February 2019 05:18 AM

මිනිස්සු හීන දකින එක මනෝරූප මවා ගැනීම වරදක් නෙමෙයි. .

:       39       27

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 85 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 115 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 118 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 113 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1648 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 750 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site