IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නායකයන් තේරීමේදී බ්‍රිතාන්‍යයෙන් ආදර්ශයක්

නිදහසින් පසු  වසර 74ක් පුරා රට සංවර්ධනය කරා ගෙන යන්නට නායකයන් තෝරා ගත් ආකාරය නිවැරැදි දැයි සිතා බලන්නට දැන් කාලය පැමිණ තිබේ. මෙකී සියවස් කාලකට සමීප කාලයක් තුළ අප එකී කාලයට සාපේක්ෂව අගය කළ හැකි සංවර්ධනයක් කරා එළඹියේ නම් එම කාර්යය කළ යුතු නැත. 

එහෙත් විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් සංවර්ධනය කරා පිය මැන්නේ පසුගිය දශක කිහිපය තුළ බැවින් එම රටවල ජනයා නායකයන් තෝරා ගැනීමේදී සිතා බලා ඇති  කරුණු පිළිබඳවත් බ්‍රිතාන්‍ය ඇතුළු සංවර්ධිත රටවල් සිය නායකයන් තෝරා ගැනීමේදී ඉවහල් කරගෙන ඇති නිර්ණායක ගැන සිතා බැලීමටත් තවමත් ප්‍රමාද නැත.

නිවැරැදි නායකයන් තෝරා ගැනීමට පෙර නිවැරැදිව සිතා බලන ජනතාවක් අප පත් කරගත යුතු බව ජනතාවාදී නාට්‍යකරුවකු වූ  ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් කියා සිටියේය. එම නිසා පොදු  ජනතාව වන අප සංවර්ධිත රටවල් නායකයන් තෝරා ගැනීමේදී කුමන කරුණු බැහැර කළේද කුමන කරුණු ඉස්මතු කරගත්තේද යන්න නැවත අවධාරණයට ගත යුතුව ඇත.

මීට අදාල ඉතාමත් සමීප වූ මෑත කාලීන අත්දැකීම අපට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට උපතින්  බ්‍රිතාන්‍ය හෝ ඉංග්‍රීසි ජාතිකයකු හෝ වීම අනිවාර්ය වූවකැයි එරට ජනතාව කිසිවිට සැලකුවේ නැත. ජූලි මාසයේ ඉල්ලා අස්වන්නට සිදුවූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් උපත ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්​යොක්  නුවරය. බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු කොන්සර්වේටිව් පක්ෂයට නව නායකයකු  තෝරා ගෙන ඔහුට හෝ ඇයට නායකත්වය  හා අගමැති ධුරය පිරිනැමීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය වූයේය. ඒ අනුව පක්ෂය තුළ ක්‍රියා මාර්ග ගණනාවකින් පසු මුලින්ම අට දෙනෙක් ඊළඟ නායකත්වය සඳහා සුදුසුකම් ලබා  සිටියහ. එකී අට දෙනාගෙන් පස් දෙනකුම උපතින් බ්‍රිතාන්‍ය ජාතික හෝ ඉංග්‍රීසි ජාතිකයකු නොවීම විශේෂයකි.

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය ඉන්දියානුවෙකි. සජීඩ් ජාවිඩ් සංක්‍රමණික බස් රියැදුරකුගේ පුතෙකි. ඔහුගේ මව ඉංග්‍රීසි කතා නොකළාය. නයිමි සහාවී (Nadhim Zahawi) කුර්දිස් ඉරාකයේ සිට සංක්‍රමණය වූ අයෙකි. ඔහු බ්‍රිතාන්‍යයට ආවේ අවුරුදු 11දීය. ක්වාසි ක්වාරටෙන්ග් ඝානාවෙන්  සංක්‍රමණය වූ මධ්‍යම පන්තිකයකුගේ පුත්‍රයෙකි.   ඩොමිනික් රාබි යුදෙව් ජාතිකයකුගේ පුත්‍රයෙකි.

මේ අය පක්ෂ නායකත්වය උදෙසා නම් කිරීමේදී කුලය, ජාතිය, ජනවර්ගය, ආගම, උපත ආදී කිසිම කාරණයක් සැලකුවේ නැත. සලකා බැලූ නිර්ණායක වූයේ ඔවුන්ගේ උගත්කම, පාලන දක්ෂතා, තීරණ ගැනීමේ පරිණත භාවය ආදියයි. අවංක බව මේ සියල්ල පරයා ගිය මූලිකම සාධකයක් විය. මේ අට දෙනා අතුරින් මුලින්ම පත්වූ ලිස් ට්‍රස් නොබෝදා ඉල්ලා අස්වූ පසු ඔක්තෝබර්  25 වැනිදා අගමැති ධුරයේ වැඩ භාරගත්තේ රිෂී සුනාක්ය. ඔහුගේ දෙමාපියන් අප්‍රිකාවේ උපත ලැබූ ඉන්දියානු පන්ජාබ්වරුන්ය.

ඔවුහු  හින්දු භක්තිකයෝ වූහ. ඔහුගේ පියාගේ නම යෂ්වීර් සුනාක්ය. මව ඌෂා සුනාක්ය. පියා උපත ලැබුවේ කෙන්යාවේය. මව උපත ලැබා ඇත්තේ ටැන්සානියාවේය. රිෂී සුනාක් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දේශපාලන දර්ශනය හා ආර්ථික විද්‍යාව යන විෂයන්ගෙන් පළමු පන්තියේ (ගෞරව) උපාධිය දිනා ගත්තෙකි. හෙතෙම සාර්ථක දේශපාලන ජීවිතයකට පිවිසෙන්නේ එම උගත්කම ඔස්සේය.  

අප 1818 කැරැල්ලේදී ද නායකත්වය බාර දීමට රජ පරම්පරාවකින් පැවත එන්නකු සෙවූ බව තෙන්නකෝන් විමලානන්දගේ 1818 කැරැල්ල ආශ්‍රීත ග්‍රන්ථයෙන්  පැහැදිලි වේ. ඒ වනවිට රාජාණ්ඩුවක්ව පැවැති බ්‍රිතාන්‍යය 1932 වනවිට ප්‍රජාතන්ත්‍රවාදය කරා ප්‍ිය මැන්නේය.

අපට සමීප ඉන්දියාවේ මාස කිහිපයකට පෙර ජනාධිපති පදවිය උදෙසා තෝරා  පත් කර ගැනුණු ‘ද්‍රෞපදී මුර්මු’ සන්තාලි ගෝත්‍රයේ පවුලක උපන් තැනැත්තියකි. දැඩි ජීවන අරගලයක යෙදී තම ඉගෙනීම සාර්ථක කර ගත් ඇය රාමදේවි කාන්තා කොලිජියෙන් සිය උපාධිය දිනා ගත්තාය. ඉන්දියානු ජනරජයේ රාජ්‍ය නායක පදවියත්, විධායක බලයත්, ඉන්දියානු සන්නද්ධ හමුදා නායකත්වයත් හිමිවන්නේ ජනාධිපති පදවියටයි.

ආසියාකරයේ වඩාත් ශීඝ්‍රයෙන් සංවර්ධනයට පාත්‍ර වූ සිංගප්පූරුවේ වර්තමාන අග්‍රාමාත්‍ය ලී සෙයින් ලුන්ග්  අගෝස්තු 21 වැනිදා එරට ජාතික දින රැස්වීම අමතමින් කියා සිටියේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දෝෂයකට ඉඩ තැබීමේ අවකාශයක් සිංගප්පූරුවට නොමැති බවයි. නායකයන් පුහුණු කිරීමේ හා බිහිකිරීමේ කාර්යභාරය ලික්වාන් යූ ඉටු කළේ 1980 තරුණ නායකයන් හඳුනා ගැනීමේ පටන්ය. සිංගප්පූරුවේ නායකත්වයේ පදනම කුසලතාවයි.

අටසිය දහ අටේ කැරැල්ලෙන් සියවස් දෙකක් ඉක්ම ගිය පසුවත් නායකයන් පත් කර ගැනීමේ යල්පීනූ මත තවමත් අප කෙරන් දුරුව ගොස් නැත. අප තවමත් නායකයන්  පත් කර ගැනීමේ දී ජාති, කුලමල, ආගම, පවුල යන සීමාවලට කොටු වී සිටියදී ලෝකයා එම සීමා මනසින් බැහැරකොට දක්ෂයා නායකත්වයට පත් කරගෙන කඩිනමින් සංවර්ධනය කරා ඇදේ.

නායකයන් පත්කර ගැනීමේ යල් පීනූ ආකල්ප ඉවත ලා ලෝකය දෙස බලා අලුත් ආදර්ශ ඉවහල් කර ගැනීමේ වගකීම ඇත්තේ  ජනතාව වන අපටමය. නායකයන්ට පෙර අපි අලුතෙන් සිතන නව ජනතාවක් පත් කර ගත යුතු වෙමු යයි බ්‍රෙෂ්ට් කීවේ ඒ නිසාය.



අදහස් (12)

නායකයන් තේරීමේදී බ්‍රිතාන්‍යයෙන් ආදර්ශයක්

lanka Monday, 31 October 2022 04:11 PM

අපි තේරුවොත් පිං ජනපතිලු... එංගලන්තේ තේරුවොත් ලෝකෙටම ආදර්ශයක්ලු... මුලින්ම මේ වහල් මානසිකත්වයෙන් මිදිලා ඉන්න...

:       12       43

chandimaWednesday, 02 November 2022 02:20 AM

පින් ජනපතිගේ ගෝලයෙක් වගේ.

:       17       2

gamunuFriday, 04 November 2022 05:32 AM

බහුතර ඡන්ද දායකයා උගත්, බුද්ධිමත්, දුරදර්ශී වෙනතුරු 1948 සිට අප බල සිටියෙමු. පුරවැසියන් බහුතරයක් දේශපාලන ප්‍රතිපත්තීන් මත නොව දේශපාලකයන් ගේ පොරොන්දු මත ඔවුනට චන්දය ලබාදී තිබේ. මෙය දසක ගණනාවක සිට පැවතෙන ක්‍රියාවලියකි. රටේ පුරවැසියන් වෙනස පිලිබදව කිසිදු අවබෝදයක් නොමැත. වෙනත් බොහෝ රටවල් දසකයෙන් දසකයට ගෝලීය ප්‍රවනත්වයන් හදුනා ගනිමින් වෙනස් වෙමින් සංවර්දනය වෙමින් පවතිද්දී ලංකාව වෙනසක් පිළිබද යමක් සිදුවුයේනම් එය මැතිවරණයකින් රජය පරදා විපක්ෂ හෝ කණඩායම කිහිපයක් එක්ව රජයක් පිහිටුවීම පමණි. පවතින දේශපාලනය හමාර කර තරුණ ප්‍රජාව දේශපාලනික සමාජීය වෙනසක් ඉලාසිටි. ඔවුන්ගේ ඉල්ලීම / පණිවුඩය නිවැරදිව කියවා ගැනීමට පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයන් සමත්ව තිබේද ?

:       0       0

මහජනයා Tuesday, 01 November 2022 08:02 AM

ලංකාවේ ජරාජීරණ දේශපාලන තන්ත්‍රයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ඡන්ද දායකු වීමට එකම සුදුසුකම වයස සැපිරීම පමණක් වීමයි. බහුතර ඡන්ද දායකයා උගත්, බුද්ධිමත්, දුරදර්ශී නොවන තාක්කල් ඔවුන් පත්කරන නායකයින් ගේ උගත්, බුද්ධිමත්, දුරදර්ශී තත්වයක් බලාපොරොතු විය නොහැක.

:       1       14

chandima Wednesday, 02 November 2022 12:58 AM

ඔය ආදර්ශය අපටත් අරන් පඹයෝ එවල ඉන්දියාවේ මෝඩිට අපේ ජනාධිපතිකමත් දෙමු.

:       12       2

sujeewar Wednesday, 02 November 2022 01:08 PM

එක් අතකින් එසේ වනවා සේම බ්‍රිතාන්‍යයන් හෝ ඇමරිකානුවන් හෝ වෙනත් ජාතිකයෙකු ආදරය කරන්නේ තමාගේ ස්ථිර පදිංචියටයි. ඔවුන්ගේ මනසේ ඇත්තේ පදිංචි රටේ උරුමයන්ය. එහෙත් අපේ රටවල මිනිසුන් වැඩ කරන්නේ අපේ රටට නොවීම මෙහි ඇති විශාලම ගැටළුවයි. එබැවින් මෙම කාරණය පෙනෙන පරිදිම සරලව ගැනීම යුක්ති සහගත නොවේ. වෙනස් විය යුත්තේ ඡන්ද ක්‍රමය, ව්‍යවස්ථාව පමණක් නොවේ. නායකයින්ද නායකයන් වීමට සිටින්නන්ද අවංක විය යුතුයි. ඒ ඒ නීති ගැලපෙන්නේ ඒ සංස්කෘති වලටයි. අපේ රටේ සංස්කෘතිය තුළට වෙනත් සංස්කෘතියක් ඔබ්බවන්නේ නම් පළමුව නීතිය තුළින් රිංගා යා නොහැකි තහනම් දේශද්‍රෝහි ක්‍රියාවන්ද දඬුවම් සමගම හඳුනා දිය යුතුයි. එසේ නොවුවහොත් සිදුවන්නේ බ්‍රිතාන්‍යය දෙස බලා නායකයින් පත්කළ පසු නායකයින් අප දෙස නොබලා අන් රටවල න්‍යායපත්‍ර අනුව වැඩ කිරීම පමණකි...!

:       2       40

චුටිපුතා Saturday, 05 November 2022 12:26 AM

සංස්කෘතිය කියන දේ ඔබ දන්නවද...? සංස්කෘතිය කියන දේ නිරතුරුවම වෙනස් වෙනවා. එසේ වෙනස් නොවන සංස්කෘතින් තිබෙන්නේ ගෝත්‍රිකයින්ට පමණයි. මට හිතෙන හැටියට ඔබත් ඒ ගෝත්‍රිකයින්ගේ පුරුකක්. අලුතෙන් හිතන්න බැරිනම් කට වහගෙන ඉන්න. එය ඔබගේ සෞඛ්‍යයට හොඳයි.. මොකද දැන් දැන් අලුතෙන් හිතන පරම්පරාවක් ඇතිවෙමින් තිබෙන්නේ. ඒ බුද්ධිමත් අයට ඔබ වැනි හණමිටි කාරයින්ව දිරවන්නේ නැතිවේවි. ඔහොම ගියොත් නුදුරු දවසක ඔබට දත් නැතිව බත් කන්න වේවි.

:       27       1

sujeewarMonday, 07 November 2022 02:26 PM

ඔබ වැනි අලුතින් සිතන පරම්පරාවේ චින්තනය පටු වී ඇති තරම මාගේ කට වැසීමට උත්සාහ ගැනීමෙන්ම පැහැදිලි වේ. ඔබට මා පවසන දේ නොවැටහී ඇත. මාගේ කට වැසීමට පෙර මාගේ අදහස නැවත විමසා බලන්න. තවමත් අප රට ආගම්වාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ ඉලක්කයකි. එබැවින් එවැනි අන්තවාදයට හසු නොවීම පිණිස දැඩි නීති තිබිය යුතුය. මා සංස්කෘතිය යනුවෙන් අදහස් කලේ ඔබ දන්නා සුළු ප්‍රමාණය නොවේ. සංස්කෘතිය නම්වූ පුළුල් සංකල්පයෙන් මෙම මාතෘකාවට අදාල දේශපාලන සංස්කෘතිය පමණි. බ්‍රිතාන්‍ය දේශපාලන සංස්කෘතිය තුල පක්ෂ ගොඩ නැගී ඇත්තේ ආගම හෝ ජාතිය අනුව නොවේ. එහි විශාල පක්ෂ ගණනක්ද නැත. වෙනස ඇත්තේ ප්‍රතිපත්තිවලය. බ්‍රිතාන්‍ය නව අගමැතිතුමා ඉන්දියානු ජාතිකයකු නොවේ. ඔහු ඉන්දියානු ජාන සහිත එහෙත් ඉන්දියාවෙන් පිටත ජන්මය ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ පක්ෂ කෙතරම් තිබේද, ඒ පක්ෂ ආගම් හා ජාති මත පදනම් වී ඇත. පක්ෂ වල ප්‍රතිපත්තිය එක්කෝ ආගමය, නැත්නම් ජාතියය, එසේත් නැත්නම් බෙදුම්වාදයය. ඇතැම්හු මෙරට ජන්මය ලැබ පරගැතියන්ය මා හැඳින්වූ සංස්කෘතිය එයයි. මාගේ හෝ කිසිවකුගේ හෝ චින්තනයට තහනම් නියෝග පැනවීමට තරම් ඔබගේ චින්තනය දීනය, පටුය. මිසදිටුය..

:       0       42

බද්රානිMonday, 07 November 2022 05:11 PM

සිංහල අකුරු කියෙව්වට, ලියල තියන දේ හරිහැටි වටහා ගන්න බැරි "චුටි පුතා" ල වගේ ටිකිරි මොළ කාරයින් තමයි මේ රටේ වැඩිපුරම ඉන්නේ. අවශ්‍ය දේ "sujeewar" කියල තියනවා. චුටි පුතා ඉතින් තවම අකුරු එකතු කරලා හදන වචන එක්ක සෙල්ලම් කරනවා. මට නම් ඒ සංවාදය ඇතුලේ තේරුනේ එච්චරයි. අනේ මන්ද, අවුල අධ්‍යාපනයේද ජානවලද කියල මට නම් හිතා ගන්න බැහැ.

:       16       0

akash Wednesday, 02 November 2022 09:09 PM

ඉතින් දැන් ලංකාවේ ජනාධිපති මේ වගේනේ.. මොකක්ද එයාගේ වෙනස?

:       0       0

චින්තාමණි Saturday, 05 November 2022 12:18 AM

ශ්‍රී ලංකාවේ කවුරු කොහොම කෑගැහුවත් අපේ රටෙන් අඩකටත් වඩා තවම ජීවත්වන්නේ ගෝත්‍රික යුගයක බව ලෝකය දෙස ඇස යොමුකළාම බුද්ධිමතාට වැටහේවි. එහෙමවත් එය අවබෝධකර නොගන්නා මුලින් කී ගෝත්‍රික යුගයටත් කලින් සිටි ඩයිනසෝරයින් වැනි කුඩා මොලයක් සහිත සත්ව ගණයට වැටෙන්න ඕනෑ. අපේ රටේ ජීවත්වන ගෝත්‍රිකයින්ට පින්සිදු වන්නට තමයි ඔය පට්ට දූෂක හොර දේශපාලුවන් බලයට පත්වන්නේ... මෙය නැතිකරන්න ක්‍රම 2 යි තියෙන්නේ... එකක් සියලුම ගෝත්‍රිකයින්ව විනාශ කිරීම. 2 බුද්ධිමතුන් සහ හමුදාව විසින් දියත් කරන ලේ නොගලන විප්ලවයකින් රටේ බලය අල්ලාගෙන හමුදාවේ සහ ගරු විනිශ්චයකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ සොරුන්ගෙන්, දූෂිතයින්ගෙන් සහභාගි වීමෙන් තොර මැතිවරණයක් පවත්වා නියෝජිතයින් තෝරාගෙන රට පවත්වාගෙන යාම. ගෝත්‍රිකයින්ට නොමිලේ දුන් කෑම බිම සියල්ල අවලංගු කළ යුතුයි. රටේ පරිපාලනයට කිසිම ආගමක් සම්බන්ධ කර නොගත යුතුයි. රජයේ අනුග්‍රහය කිසිම ආගමකට නොදිය යුතුයි. අවුරුදු 70 ක් ආගම් අපේ රටට කරපු සේවයෙන් බිඳක් ඔබට මතක්කළ හැකිද..? නමුත් ආගම් රට වනසපු හැටි ඔබට අවංකව අමතක නැහැ නේද...? ආගම්, ජාති, කුල භේද,.. වැනි ගෝත්‍රික අදහස් දුරලා බුද්ධිමත්ව සිතන ජනතාවක් හදමු...!

:       15       1

SenakaTuesday, 08 November 2022 08:21 AM

හම සුදු අයගේ පස්සෙන් යන වහල් මිනිස්සුන්ට එසේ නොකරන්නවුන් පෙනුනේ වහලුන් ලෙස බව මාටින් වික්‍රමසිංහ මහතා සුද්දා ලංකාවේ හිටපු කාලේ ඉඳන්ම විස්තර කර තිබේ. ඔවුන් කන විදියට කන්න, වියදම් කරන්න ගිය වහල්ලුන්ට වූ දේ වසර 75ක් ගිහිල්ලත් නොතේරීම රටේ කරුමයකි. හම කලු වූ නිසා හුස්ම පොද යනකන් බෙල්ල පාගාගෙන, මිනීමරන, මොන්ටිසෝරි වලට මැෂින්, තුවක්කු ගෙනිහින් පුංචි පැටවුන්ට මැරෙනකන් වෙඩිතියන දියුණු මිනිසුන්ගේ දියුණුව ඇත්තටම අපිට නම් තේරෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 144 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 798 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1325 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 182 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 417 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 585 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site