IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නියමිත කාලයට පසුත් මත්පැන්හල ඇරලා

අවසරලත් මත්පැන් හලක් නියමිත කාලයට පසුව ඇර තැබීම 1891 අංක 12 දරන ආඥා පනතේ 39 වන වගන්තිය යටතේ වරදක් වන්නේ කෙසේද? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමා නීත්‍යානුකූලව එය පහදා දුන් ආකාරය.

  Eda-Nadu-PothenP
මේ නඩුව 1911 ඔක්තෝම්බර් මස පානදුර පොලිස් උසාවියේ මූලික වශයෙන් විභාග වූ නඩුවකි. චෝදනාව වූයේ චූදිතයා පවත්වාගෙන යන බලපත්‍රයේ සඳහන් කාලය ඉක්මවා තැබෑරුමක් විවෘතව තබා ගැනීමෙන් 1891 අංක 12 දරන ආඥා පනතේ විධි විධාන උල්ලංඝනය කොට දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීමය. නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව තහනම් කාලය තුළ තැබෑරුම විවෘතව තිබුණි. එසේ වුවද එකී තැබෑරුම විවෘතව තබන ලද්දේ යම් කිසි විශේෂ අවස්ථාවක් යටතේ බව පැහැදිලිව පෙනුණි. එකී අවශ්‍යතාව නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙසේ විය.


තැබෑරුම භාරකරු රාත්‍රී කාලයේ නිදා ගත්තේ තැබෑරුම තුළය. ඔහු එය පුරුද්දක් වශයෙන් දිගටම කළේය. තවද, ඔහු රාත්‍රි භෝජනය ලබා ගත්තේද පිටස්තර නිවසකිනි. එයද ඔහු දිගටම පුරුද්දක් ලෙසින් කළේය. එසේම රාත්‍රී භෝජනය ගැනීම පිණිස ඔහු තැබෑරුමෙන් පිටව ගියේය. රාත්‍රී භෝජනය ලබා ගැනීමෙන් පසුව ඔහු නැවත තැබෑරුමට පැමිණෙයි. මෙය දිනපතාම ඔහු සිරිතක් වශයෙන් කළේය. රාත්‍රී භෝජනය ලබා ගැනීමෙන් පසුව ඔහු නැවත තැබෑරුමට පැමිණිවිට ඔහුට ඇතුළුවීම සඳහා තැබෑරුමේ දොර විවෘත කරන ලදී. ඒ අවස්ථාවේ ඔහු හමුවීමට පැමිණ සිටි කෙනෙක් දොර අසල රැඳී සිටියේය. ඒ අවස්ථාවේ තැබෑරුමේ මිදුලේ දොර අසල සිටිමින් භාරකරු ඔහු සමග කතාවට වැටුණි. ඔහු තැබෑරුම් අයිතිකරුගේ අශ්වයා බලා ගන්නා පුද්ගලයායි. මේ සිද්ධිය වූ වේලාව රාත්‍රි 8.00 පසු වී තිබුණි. තැබෑරුම පවත්වාගෙන යාම උදය 05 සිට රාත්‍රී 08 දක්වා විය. තැබෑරුමට වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට අවසර දී ඇත්තේ උදේ 05 සිට රාත්‍රී 08 දක්වාය. මෙය තැබෑරුම පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූලව අවසර දෙනු ලැබ ඇති කාල පරාසය වේ. තැබෑරුම් බාරකරු තැබෑරුම් වසා කෑම සඳහා ගියේ රාත්‍රී 08 ට පසුවය. රාත්‍රී 08න් පසුව ඔහු නීත්‍යනුකූලව තැබෑරුම වසා යතුරු දමා රාත්‍රී කෑම සඳහා ගියේ ඉන් පසුව වන බැවින් එතෙක් කටයුතු සිදුව ඇත්තේ නීත්‍යානුකූලවය. රාත්‍රී 08න් පසුව තැබෑරුම වසා තැබිය යුතු වුවත් එය නැවත වෙළඳ කටයුතු සඳහා විවෘත වන්නේ පසුදා උදය 05ට වේ. එනමුදු තැබෑරුම් භාරකරු සිරිතක් වශයෙන් රාත්‍රී කෑම සඳහා තැබෑරුමෙන් පිටව ගිය විට නැවත තැබෑරුමේ දොර අරින්නේ තැබෑරුමට ඇතුළු වී එහි තුළ නිදා ගැනීම පිණිසය. මේ දේ සිදු කරන්නේ දිනපතා සිරිතක් ලෙසින් මිස නීතියෙන් ලබාගත් අවසරයක් මත නොවේ. එදින එසේ දොර විවෘත කරන විට ඔහු හමුවීමට කෙනෙකු පැමිණ සිටියේය.

18-eda-nadu
මෙසේ විවෘත කරන ලද තැබෑරුම දොර එසේ විවෘතව තිබියදී තැබෑරුම් භාරකරු පැමිණ සිටි පුද්ගලයා සමඟ කතාවේ යෙදී සිටි අතර තුර එතැනට ස්ථාන නිවාස නිලධාරි (අදාළ පෙදෙසේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා) පැමිණියේය. තැබෑරුමේ දොර විවෘතව තිබෙනු දුටු ඔහු අවේලාවේ දොර විවෘත කොට තබා ඇත්තේ මන්දැයි වහා තැබෑරුම් භාරකරුගෙන් විමසුවේය. රාත්‍රි අටෙන් පසුව මෙසේ තැබෑරුමේ දොර ඇර තැබීමට හේතු වූ විශේෂ කරුණු ඉහත සඳහන් පරිදි විස්තර කළේය. සිරිතක් ලෙසින් තමා තැබෑරුම තුළ නිදා ගන්නා බවත්. රාත්‍රි කෑම අසල නිවසකට ගොස් බුක්ති විඳින බවත් රාත්‍රි භෝජනය ගැනීමෙන් පසුව තමා නිදා ගැනීම පිණිස තැබෑරුමට පැමිණෙන බවත් එසේ ආපසු පැමිණි විට තැබෑරුමේ දොර ඇර තැබෑරුමට ඇතුළුවන බවත් ඔහු පැවසුවේය.


නඩුවේ සාක්ෂි දෙමින් මේ කරුණු තහවුරු කිරීම පිණිස එනම් තමා පිටස්තර නිවසකින් රාත්‍රි කෑම කා පැමිණි බව සනාථ කිරීම පිණිස තමාගේ ඉඳුල් අත ඉඹ බලන ලෙසට නිලධාරි මහතාට යෝජනා කළ බවත් එසේ වුවද, එකි ඉල්ලීමට නිලධාරි මහතා එකඟ නොවූ බව තැබෑරුම් පාලක තවදුරටත් පැවසුවේය. එකි යෝජනාවට ස්ථාන නිවාස නිලධාරි මහතා මෙසේ සටහන් කොට තිබුණි. තැබෑරුම් භාරකරු එවන් යෝජනාවක් තමාට කළ බවත් එයට තමා එකඟ නොවූ බවත් සටහන් කොට තබා තිබුණි. මේ නඩුවේ ඉහත කී වැදගත් කරුණු නඩුවට බලපාන ආකාරය පිළිබඳව නිඟමනයක් කරන ලෙසට පොලිස් මහේස්ත්‍රාත් තුමාගෙන් චූදිතයාගේ පෙරකදෝරු මහතා ඉල්ලීමක් කරනු ලැබුවා වුවත්, පොලිස් මහේස්ත්‍රාත් තුමා එකී ඉල්ලීම පැහැර හැරියේය. නඩුවේඉදිරිපත් වූ මේ කරුණු සියල්ල පොලිස් මහේස්ත්‍රාත් තුමා සලකා බලා නඩුවේ නිඟමනයක් පැහැරහැරීම සඳහන්ව තිබුණි.


තහනම් කාලයෙන් පසු කුමන හෝ කරුණකට තැබෑරුම විවෘත කිරීම තහනම් බව 1891 අංක 12 දරණ තැබෑරුම් ආඥා පනතේ 39 (1) වන වගන්තියේ දක්වා ඇති බවත් එකී තහනම් ස්ථිර තහනමක් බව පොලිස් මහේස්ත්‍රාත්තුමා පැහැදිලි කොට දැක්වීය. එබැවින් චූදිතයා එකී වගන්තිය යටතේ වරදක් සිදු කොට ඇති බව පවසමින් ඔහු වරදකරු කොට ඔහුට රුපියල් විසි පහක දඩ මුදලක් ගෙවීමට නියෝග කළේය. එකී නඩු තීන්දුවෙන් අතෘප්තියට හා නොසෑහීමට පත් චූදිතයා එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේය. එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වුඞ්රන්ටන් මැති තුමා ඉදිරියේ 1911 ඔක්තෝම්බර් මස විභාගයට ගන්නා ලදී.

5
අභිආයාචක වෙනුවෙන් පෙනී සිටි බාවා මහතා ආරම්භයේදී පවසා සිටියේ මේ නඩුවේ පෙන්වා සිටි අවස්ථා යටතේ තැබෑරුමේ දොර ඇරීම වරදක් නොවන බවය. මේ ආකාරයට අවේලාවේ තැබෑරුම්වල විවිධ හේතු සහ අවස්ථා යටතේ දොරවල් ඇරීම වරදක් නොවන බව ඔහු වෙනත් නඩු තීන්දු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් රාජ නීතීඥ වෝල්ටර් පෙරෙයිරා මහතා පවසා සිටියේ නීතියේ දක්වා ඇති පරිදි පනවා ඇති තහනම එනම් තැබෑරුම් දොර අවේලාවේ ඇර තැබීම තහනම් බවත් එය සම්පූර්ණ වශයෙන් තහනමක් බවය. විවිධ හේතු අවස්ථා හා කරුණු මත එය වෙනස් කළ නොහැකි බවත් වෙනත් නඩු තීන්දු පෙන්වා දෙමින් ඔහු පවසා සිටියේය. පොලිස් මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව විග්‍රහ කරමින් ගරු අභිආයාචනා විනිසුරු තුමා පවසා සිටියේ මේ නඩුවේ චූදිතයා විසින් දෙන ලද සාක්ෂි අවිශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැති බවය. එකී සාක්ෂියේ චූදිතයා දෙනු ලැබ ඇත්තේ එදින රාත්‍රියේ සිදුවී ඇති සිදුවීම් පිළිබඳ පැහැදිලි සහ විශ්වාස කළ හැකි විස්තරයකි. එය අවිශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැති බව අභිආයාචනා විනිසුරු තුමා පැහැදිලි කළේය. තමා රාත්‍රී භෝජනය සඳහා තැබෑරුමෙන් පිටව ගොස් රාත්‍රි භෝජනය අතින් කා ඇති බවට ඔප්පු කිරීමට අත ඉඹින ලෙස කළ ඉල්ලීම නිලධාරිතුමා ප්‍රතික්ෂේප කොට ඇති බවත් ඔහු එසේ කළ බව සටහන් කොට ඇති බවත් පොලිස් විනිශ්චයකාර තුමාද සටහන් කොට ඇති බැවින් චූදිතයා තැබෑරුමෙන් පිටව ගිය අවස්ථාව හෙවත් හේතුව අධිකරණය ඉදිරියේ පැහැදිලිව විස්තරව ඇති බව පෙන්වා දුන්නේය. ගරු පොලිස් මහේස්ත්‍රාත් තුමා ඉහත කී කරුණු කිසිවක් සැලිකිල්ලට ගත්තේ නැත. ඔහු සලකා බැලුවේ 1891 අංක 12 දරන ආඥා පනතේ 39 (1) වන වගන්තියේ සඳහන් වන්නේ අවේලාවේ තැබෑරුමේ දොර ඇර නොතිබිය යුතු බවත් එය ස්ථිර තහනමක් බවත් කුමන හේතුවක් මතවත් එය වෙනස් නොවිය යුතු බවත්ය. තහනම් කාලය තුළ තැබෑරුම ඇර තැබියයුතු නැති බවය. එබැවින් පොලිස් මහේස්ත්‍රාත් තුමා තැබෑරුම් භාරකරු වරදට වරදකරු කළේය. ඒ අනුව රුපියල් 25/- ක දඩයක් ගෙවීමට ඔහුට නියම කළේය.


පොලිස් මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව පදනම් වී ඇත්තේ 1891 අංක 12 දරන ආඥා පනතේ ප්‍රතිපාදන මත බව පැහැදිලි වන කරුණකි. එහි දක්වා ඇත්තේ කුමන හේතුවක් මත හෝ බලපත්‍රයේ සඳහන් කාල සීමාවට පිටස්තරව තැබෑරුමේ දොරවල් විවෘත කොට තැබීම කළ නොහැකි බවය. බලපත්‍රයේ අවසර දී ඇත්තේ තැබෑරුමේ වෙළඳ කටයුතු පවත්වාගෙන යා හැක්කේ උදේ 05 සිට රාත්‍රි 08 දක්වාය. රාත්‍රි 08 සිට පසුදා උදේ 05 වන තෙක් තැබෑරුමේ දොරවල් වසා තිබිය යුතුය. එකී කාල පරාසය ඇතුළත කුමන හේතුවක් මත හෝ දොරවල් ඇරීම නොකළ යුතුය. එකී තහනම ස්ථිර තහනමක් බවත් එය කිසි ලෙසකින්වත් වෙනස් කළ නොහැකි බවත් ඉහත කී වගන්තියේ මෙන්ම බලපත්‍රයේ පැහැදිලි කොට දක්වා ඇත. නඩුවකදී මෙවන් තීන්දුවක් දෙනු ලබන විට වරද සිදු කිරීමට පාදක වූ අවස්ථා පිළිබඳව සලකා බැලීමද සිදුවිය යුතු කරුණක් බවද වුඞ්රන්ටන් විනිසුරු තුමා අවධාරණය කළේය. නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව රාත්‍රි කෑම සඳහා චූදිතයාට පිටත යාමට අවශ්‍ය වන කරුණකි. ඒ සඳහා තැබෑරුම් හලේ දොර විවෘත කළ යුතුවේ. කෑම කා අවසන් වූ පසු තැබෑරුමට ඇතුළුවීමට නැවත දොර ඇරිය යුතුය. මෙසේ කරනු ලබන්නේ වෙළෙඳ කටයුතු සඳහා නොවේ. අවශ්‍යතා මතය. නීතිය සලකා බැලීමේදී කුමන කරුණකට හෝ දොර ඇරීම කළ නොහැකිය. එය සමහර අවස්ථාවලදී සම්පූර්ණ අසාධාරණයක් සිදු කරයි. වුඞ්රන්ටන් විනිසුරු තුමා තවත් නඩු තීන්දුවක් ඉදිරිපත් කරමින් රාත්‍රී කාලයේ තැබෑරුම තුළ කෑම ගැනීම පිණිස පිටතින් අත සෝදා ගැනීමට යාම පිණිස දොර ඇරීම මත චෝදනාවක් ඉදිරිපත් කෙරුණි. වෙනත් නඩුවකදී වෙනස් ස්ථානය කටයුතු කළ සේවිකාවන් තිදෙනෙකු පිටව යාමට තහනම් කාලයේ දොර හැරීම වරදක් ලෙස සලකා නඩු පවරන ලදී. මේවා වංචාවක් හෝ අසාධාරණයක් සිදු කිරීම පිණිස කළ ඒවා නොවේ. සාක්ෂි කියවා බැලීමේදී ඒ සද්භාවයෙන් කළ ක්‍රියාවක් කිරීම පිණිස කළ ඒවා වේ. එබැවින් එවන් අවස්ථාවක ඉහත දැක්වූ සෑම අවස්ථාවකදිම තහනම් කාල පරාසය තුළ තැබෑරුම් දොර ඇර ඇත්තේ සද් කරුණක් මතය.


මීට ඉහත මා විසින් ලියන ලද ලිපියක මෝදර තැබෑරුමේ පිටුපස දොර ඇර තහනම් කාලයේ වීදුරුවකට මත් පැන් වත් කොට දොර අස්සෙන් වීදුරුව යවා මත් පැන් විකුණූ අවස්ථාවන් පිළිබඳ මම විස්තරාත්මක ලිපියක් ලිව්වෙමි. එවන් අවස්ථාවක වංචාව පැහැදිලිවම එළිවන බැවින් චූදිතයා වරදක් සිදුකොට ඇත. එවිට ඔහුට දඬුවම් ලබාදිය යුතුවේ. මේ අනුව දඩබ්බර නීති වෙනස් විය යුතු බවට විනිශ්චයකාර තුමා අවධාරණය කළේය.


මේ කරුණු සියල්ල සලකා බැලූ අභිආයාචනා විනිසුරුතුමා චූදිත අභිආයාචක විසින් තහනම් කාලයේ තැබෑරුම් දොර විවෘත කිරීම වරදක් නොවන බවට නිගමනය කළේය. එබැවින් චූදිතයා නිදහස් කරන ලෙසත් එසේම දඩය පැන වීමද ඉවත් කොට චූදිත අභියාචක නිදහස් කරන ලෙස නියෝග කළේය.

m



අදහස් (0)

නියමිත කාලයට පසුත් මත්පැන්හල ඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 106 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 27 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 866 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 109 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 153 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 394 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 344 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site