IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලිය

20-pg13d-tskd--pgs   

 

ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.

gu

හංවැල්ලේ සමනබැද්දේ ගුණතිලක පද්මපෙරුම මහතා ලියා එවූ කතාවකි මේ.
මේ කථාව දැනට අවුරුදු 10කට පෙර සිදුවීමකි. නමින් ඔහු ගුණපාලය. නමුත් ඔහු හඳුන්වන්නේ පාල යන කෙටි නමින්ය. ඉතාම කෑදරකමක් තිබුණේ මස්වලටය. මස් නැති දවස්වලට වඳුරෙක් මරාගැනීමට මේ පාල නොයෙක් උපක්‍රම යොදා ගනී. උගුල් ඇටවීම, බල්ලන් කුලප්පු කර වඳුරන් බය කර වැටුණු පසු අල්ලා ගැනීම ඒ අතර වෙයි. මේ සඳහා බල්ලන් උදව්වට ගනී. 


මීට අවුරුදු හතකට පෙර සිට වල් ඌරන් මේ පළාතට ඇවිත් තිබේ. හේන් පාළු කිරීම සහ සිටවන ලද භෝග විනාශ කිරීම මහා කරදරයක් වීම නිසා උගුල් අටවා අල්ලා ගැනීම හෝ හක්ක පටස් දමා හෝ අල්ලා ගැනීමෙන් පසු මස් කරගැනීම පාලට ලැබුණු රාජකාරියකි. ඒ වෙනුවෙන් පාල නොයෙකුත් උපක්‍රම යොදා ගනී. වල් ඌරා ඇල්ලීමට ඉලක්ක කර ගත්තේ සවස 6ට පමණය. උගුල් අටවා හක්ක පටස් ඌරා යන පාරේ තබන ලදී. එක්තරා වේලාවක උගුලෙන් බේරුණ ඌරා හක්කපටස් ගිලින ගමන් පත්තුවිය. වෙඩි වැදුණු ඌරා අන්නාසි අකුලක ඔළුව ගසාගෙන වේදනාවෙන් සිටිය අතර පාල එතනට පැමිණ මධුවිත පානය කිරීමත් සමග ඌරා මැරී ඇති බව සිතා ළඟට කිට්ටු වී කකුලෙන් අදින්නට විය. වේදනාවෙන් සිටිය ඌරා පැනපු ගමන් පාලගේ ශරීරය පුරාම හපන්න විය. වෙරි මත නිසා එතනම වැටුණත් නැවත නැගිටල යන්න තනන විට නැවතත් වැටුණි. එම සද්දය ඇසී පැමිණි අසල නිවසේ අය මොහු රෝහලට රැගෙන ගියහ. තුවාල පැසවීමත් ලේ පිටවීමත් නිසා දුර්වල තත්ත්වයේ පැමිණි පාල සුව කිරීමට නොහැකි බැවින් මරණයට පත්විය.


මිය යාමට පෙර ඌරකු මෙන් හඬ නගමින් පාල දුක් වින්ද බව අපට මතකය.

 

555
කුමාරකට්ටුව ඊ.එස්. කෲස් මහතා ලියා එවූ කතාවකි. 


නාග පිල්ලිය


මෙම සිදුවීම දැනට වසර දොළහකට පමණ පෙර ගම්මානයක සිදුවූ සත්‍ය සිද්ධියකි. 


මේ  විශාල පොල් වතුවලින් ගහන ගමකි. ගමේ කෙළවරක වන්නට විශාල පොල්වත්තකි. එහි එක පැත්තක් ගමට විවෘත වූ අතර එහි එක් කෙළවරක විශාල පලු ගසක් වටකර වැඩුණ නුග වැලකි. ගසේ වයස අවුරුදු දෙසීයකට වඩා පැරණි බව ගමේ වැඩිහිටියන්ගේ මතය විය. මේ ගසේ මැද කොටසේ වූ විශාල බෙනයකි. එහි විශාල නාගයකු වසන බව බොහෝ අය දැක ඇත. මේ ගස් ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ දාස මල්ලිගේ කඩය පිහිටා ඇත. ඔහු කඩයට අමතරව කුකුළන් ඇති කිරීමද කළේය. 


දිනක් කුකුළු කොටුවේ කිකිළියන් කෑගසනු ඇසී ඔහු වහා එදෙසට දුව යන විට කොටුවෙන් මෑත්වී වැට දෙසට ඇදෙන නාගයා දක්නට ලැබුණි. අසල තිබූ දිග රිටක් අතට ගත් දාස සතා ලුහු බැන්දත් ඌ අතුරුදන් විය. කුකුළු කොටුවට ගොස් බැලූ විට බිත්තර හත අටක් අතුරුදන් වී ඇති බව පෙනෙන්නට තිබුණි. අනිවාර්යෙන්ම ඒවා නාගයාගේ ගොදුරු බවට පත්වෙන්නට ඇතැයි සිතූ ඔහු නයාට පාඩමක් ඉගැන්වීමට සිතා අල්ලපු වත්තට පැන පොල්අතු එකතුකර ගස වටේට ගොඩ ගසා රාත්‍රිය එළැඹි පසු ගිනි ලෑවේය. එය වියළි කාලයක් වූයෙන් ගසේ වූ දිරාපත් අතු ඉතිද දවාගෙන මහා ගින්නක් බවට පත්විය. 


පසුදා උදේ බලන විට ගස හතරෙන් තුනක්ම පිළිස්සී තිබිණි. අළුගොඩ පරීක්ෂා කරන විට පිළිස්සී දරදඬු වුණ නාගයාගේ සිරුරද එහි විය. පිළිස්සුණ නාග සිරුර පැත්තට ඇද දමා නැවතත් පොල් අතු ටිකක් දමා සම්පූර්ණයෙන්ම පුලුස්සා දැමීය.


මේ සිදුවීමෙන් මාස තුනකට පමණ පසු දෙසැම්බර් නිවාඩුවට දාසලාගේ අයියලා දෙදෙනා සහ ඒ පවුල්වල අය සමග දාසද දාසගේ බිරියද දරු දෙදෙනාද ඇතුළු කණ්ඩායම වැඩිමල් අයියාගේ වෑන් එකෙන් දින දෙකක විනෝද චාරිකාවක යෙදුණාහ. ඔවුහු පළමු දින කිතුල්ගලට පැමිණ දහවල් ආහාරයට ප්‍රථම නෑමට පටන් ගත්හ. මත් වතුරද යහමින් තිබුණි. වැඩිහිටි අය ගඟ අයිනේ පොට් එකක සෙට් වුණ අතර, පිරිමි ගැටව් පිහිනමින් නාන්නට පටන් ගත්හ. එහෙත් ටික වේලාවකින් එක් අයෙකු ගඟ දිගේ ඈතට ගසාගෙන යන බව දුටු වයසින් වැඩි පිරිමි දරුවාද ඔහු හඹා යන්නට විය. විනාඩි කීපයකින් දෙදෙනාම ගඟ දියේ නොපෙනී ගියහ.


එදින හවස් වන විට නාවික හමුදාවේ උදව් ඇතිව මළ මිනී ගොඩ ගනු ලැබූ අතර එක් දරුවෙකු දාසගේ එකම පිරිමි දරුවාය. අනෙක් දරුවා අයියගේ වැඩිමල් පිරිමි දරුවාය. මිනී දෙකම එකම හර්ස් එකකින් ගමට ගෙන එන විට පසුදා එළිය වැටී තිබුණි. ඊට දෙදිනකට පසු මිනී පෙට්ටි දෙකම එකම වේලාවට එකම පෙරහැරකින් කනත්තට ගෙන ගියේ මුළු ගමම එකතු වීමෙනි. නාග ශාපය කොතරම් ප්‍රබල වීද?

 


ගම්පහ අස්ගිරියේ ඒ.බී.ඒ. ලෙනාඞ් මහතා ලියා එවූ කතාවකි. 


බිරිය මැරීමේ ශාපය.


මෙය කොළඹට නුදුරු ප්‍රදේශයක, නවසිය පනහ දශකයේ සිදුවීමකි. ඔහුගේ නම විල්සන් යයි කියමු. එහෙත් හිතවතුන් අතරේ ඔහු -විලී” විය. එමෙන්ම -බෙහෙත් මහත්තයා” ලෙස අන්වර්ථ නාමයක්ද ඔහුට විය. ඒ ඔහු ගම්මුන්ට වෙදකම් කිරීම හේතුවෙනි. විනෝදාංශයක් ලෙස ඔහු කළ මේ සේවයට අතරින් පතර තුටු පඬුරුද නොලැබුණා නොවේ.


මොහු නිල ඇඳුම අනිවාර්ය වූ රජයේ සේවකයෙකු වූ අතර සේවය කළේ සේවා මුර අනුවය. තවද ඔහු දක්ෂ හොකී ක්‍රීඩකයෙකුද විය. එහෙයින් තරග සඳහා රට වටේ යාමටද ඔහුට සිදුවිය.


මා -විලී” හඳුනාගත්තේ නවසිය අසූව දශකයේදීය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මාගේ වයසේම විය. එහෙත් අපි දෙදෙනා අතිශය මිත්‍රයෝ වීමු. ගොම්මන් වේලාවන්හීදි සප්පායම් වීම ඔහුගේ සිරිතක් විය. 


දිනක්, දුර බැහැර පෙදෙසක පැවැත්වීමට නියමිතව තිබූ හොකී තරඟයක් අවලංගු වීම නිසා ඔහු අපේක්ෂා කළ දිනයට පෙර දින තම නිවසට පැමිණියේය. තම බිරිඳ සමග ඇගේ ඥාති පිරිමියෙකු කාමරයේ සිටිනවා දැකීමෙන් හේ තිගැස්සුණේය. ඥාතියා බිරියගේ ඔළුව බලමින් සිටියේය. බිරිය ගැන මීට පෙර කිසිදු සැකයක් නොතිබුණු හෙයින් ඔහු එම සිද්ධිය අමතක කළේය. අමතක කිරීමට උත්සාහ කළේය.


එහෙත් එම සිද්ධිය ඔහුගේ මනස අවුල් කිරීමට හේතු සහගත විය. ඔහුගේ බාල පුත්‍රයා ඔහුගේම දැයි ඔහුට කුකුසක් පහළ විය. අවසානයේදී ඔහු තීරණයට එළැඹුණේය. 


දිනය උදාවිය.


එදා ඔහුට නියමිතව තුබූ රාත්‍රී සේවයට ලක ලැහැස්ති වී නිල නිවසින් පිටවූයේ සිරිත් පරිදි තම පාපැදියෙන්ය. 


කාර්යාලයේ ඔරලෝසුවේ දොළහේ කණිසම වැදිණි. විලී වට පිට බැලුවේය. ඔහුගේ සහෝදර නිලධරයෝ තැනින් තැන සුව නින්දේ පසුවෙති. මාරයාගේ හෝරාව පැමිණ ඇති බව විලීට පසක් විය. නිල ඇඳුම් උනා තබා සිවිල් ඇඳුමෙන් සැරසුණු විලී, පාපැදියට නැග තම නිවසට පැමිණියේය. හොර රහසේම තම නිවසට පැමිණි විලී, සාක්කුවේ තුබූ අමතර යතුරු ගෙන ඉදිරිපස දොර විවෘත කළේය. බිරිය යහනේ සුව නින්දේය. ඇය ළඟට ගිය ඔහු තම සාක්කුවෙන් තංගුස් නූලක් එළියට ගෙන තම බිරියගේ ගෙලවටා දමා දෙපැත්තෙන් ඇද්දේය. 


බිරිය මියගිය බව සැක හැර දැනගත් හෙතෙම කල් තියා සූදානම් කර තුබූ කඹයක් ගෙන එය බාල්කයේ ගැට ගසා එහි කෙළවර තොණ්ඩුවක් සෑදුවේය. අසල තිබූ පුටුවක් ගෙන තම බිරියගේ ඇඟිලි සටහන් එම පුටුවේ තැබීය. අවසානයේ ඔහු සයනේ වැතිර සිටි තම බිරිය කර තබාගෙන කඹයට ඇතුළු කර තොණ්ඩුව තද කළේය. බාල්කයේ එල්ලෙමින් තුබූ තම බිරියගේ අප්‍රාණික සිරුර දෙස අවසාන වරට බැල්මක් හෙළා, ළඟ තිබූ පුටුවද බිමට පෙරළා එතැනින් පිට වූ විලී තම කාර්යාලයට පැමිණියේ ඒ හැටි වේලාවක් ගත නොකරය. ඒ ඔහුගේ නිවසත් කාර්යාලයත් අතර දුර කි.මී. ස්වල්පයක් පමණක් වීම හේතුවෙනි. ඔහු පැමිණෙන විටත් මිතුරෝ තද නින්දේ වූහ.


කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගිය බවක් ලැව් ගින්නක් මෙන් ගමේ පැතිරිණි. පොලිසියෙන් පරීක්ෂණ පැවැත්වුවත් ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි විය. අසල්වැසියන් පොලිසියට පැවසුවේ විලී හෙවත් -බෙහෙත් මහත්තයා” සිය පවුලත් සමග සතුටෙන් ජීවත් වූ අයෙකු බවය. ඊට අමතරව විලී එදින රාත්‍රියේ රාජකාරියේ නියැළී සිටි බවද තහවුරු විය. මේ හේතූන් නිසාම විලීගේ බිරිඳ දිවි නසාගත් බවට තීරණය කෙරිණි. ඔහුට විරුද්ධව නඩුවක්වත් පැවැරුණේ නැත. බිරියගේ ඥාතීන් තුළ බලවත් සැකයක් ඇතිවී තිබුණද ඔවුන්ටද කර කියා ගත හැකි යමක් තිබුණේ නැත.
මින් දශක පහක පමණ කාලයක් තිස්සේ විලී ගත කළේ සාමාන්‍ය දිවි පෙවතකි. නැවත වරක් විවාහවූ ඔහු විනෝදයෙන් මිතුරු මිතුරියන් ආශ්‍රය කරමින් හැන්දෑවට සප්පායම් වෙමින් සතුටින් අඩ සියවසක් පමණ ජීවත් විය.


එහෙත්.........


කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ දෑසේ පෙනීම දුර්වල විය. ඒ හේතුවෙන් ගමන් බිමන් යාමද අසීරු විය. දැන් -දැන් හිටියා ඇතියි.” ඔහුට සිතුණි.
කඹයක් ගෙන බාල්කයේ එල්ලා, තොණ්ඩුවක් සාදා එතුළට තම හිස සහ ගෙල ඇතුළු කර විල්සන් හෙවත් විලී දිවි නසා ගත් වගයි. ඇසින් දුටුවාක් මෙන් මෙම -ඝාතනය” සවිස්තරව ලිවීමට මට හැකිවූයේ මිය යාමට පෙර මේ සිද්ධිය ගැන විලී මට සියල්ල පැවසූ නිසාය.


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

m23



අදහස් (0)

නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලිය

චන්දි Wednesday, 24 February 2016 11:56 AM

හැම හදිසි අනතුරක්ම පිල්ලියකින් වන දෙයක් නොවේ. එහෙත් වෛරය නිසා මෙය සිදුවන බව ආගමානුකූලව අවබෝධ කරගත යුතු දෙයක් මිස නවීන විද්‍යා දැනුමෙන් විද්‍යාගාර තුළ ඔප්පුකළ හැකි දෙයක් නොවේ (නි)

:       0       0

ජනක Wednesday, 24 February 2016 04:25 AM

වරද කළේ කවුරුවත්. වන්දි ගෙව්වේ ළමයි දෙන්නෙක්. (නි)

:       0       0

කෝසල ජේ. Sunday, 19 June 2016 04:33 PM

කර්ම විපාක අනිවාර්යයි. (නි)

:       0       0

අචිරා Wednesday, 24 February 2016 04:33 AM

මෙම සිදුවීම් අහබු සිදුවීම්ය චීනයේ කොරියාවේ වියට්නාමයේ වැනි රටවල නාගයන් ඇතුළු නයි වර්ග ඔවුන්ගේ ප්‍රදාන ආහාරය. උරන් හරකුන් එළුවන් කුකුලන් යුරෝපයේ දහස් ගණන් දිනකට මරනවා මේ මිනිසුන්ට කිසි කරදරයක් නැහැ. ඔවුන් ලෝකයේ ඉතා දියුණු තත්වයක ඉන්නවා. අපි මේ මිත්‍යාවෙන් ඉවත්විය යුතුයි. (ම)

:       0       0

සංජීව Wednesday, 24 February 2016 10:14 PM

අචිර කියන කතාව හරි. කර්මය සහ කර්ම පලය හරියටම තේරුම්කළේ බුදුරජාණන් වහන්සේය (නි)

:       0       0

කොචාහිල් Wednesday, 24 February 2016 10:53 PM

"ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇත" අයිසැක් නිවුටන්ගේ නියමයි. එය භෞතික සේම අභෞතික සියලු දෙයටම අදාළය. කවුරු මොන රටේ මොන අයුරින් මැරුවත් ගැළවීමක් නොමැතිය. මතුපිටින් බලා යම් නිගමනයකට එන්නේ නම් එය මෝඩකම මිස අන් කිසිවක් නොවේ. කවුරු කොතන නරක කළත් ඒ විපාකයන්ට මුහුණදීමට සිදුවනවා ඒකාන්තය. කොයි ලෝකේ හිටියද ප්‍රතික්‍රියාව ඔබව හඹා එනු ඇත. සදාකාලික සත්‍ය එයයි. (නි)

:       0       0

යොහාන් Thursday, 25 February 2016 02:00 AM

හොඳ කතාවක් (නි)

:       0       0

ඉන්දික Thursday, 25 February 2016 02:21 AM

වැදගත් කතාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3208 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1008 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site