වේලාව සවස හතරයි තිහයි. ත‍්‍රිකුණාමලය පුල්මුඬේ පාරේ ගමන් කළ අපි නිලාවැලි වෙරළ යනුවෙන් සටහන් වූ පුවරුව අබියස මොහොතකට නතර වීමු. දකුණු අත පැත්තට යොමුවූ ගුරුපාරට හැරුණු අපේ වාහනය සරුසාරව වැවී තිබූ රතුලූනු පාත්ති පසුකරමින් ඉදිරියටම ගියේය. දුර කිලෝමීටරයකට වඩා මදක් වැඩිය. ටයර් හතරක් දමා වාහන මාර්ගය අසුරා තිබිණි. පාර අයිනේ පෙට්ටි කඩ ගණනාවකි. එකක කරවලය, තවෙකෙක රසකැවිලිය. තවත් එකක විවිධ සුකුරුත්තම් බඩුය. බෙලිමල් එකක් බීලා යන්න යැයි තවත් කඩයකින් ඇරයුමකි. ඊළඟ කඩයෙන් කතා කරන්නේ දෙමළ භාෂාවෙනි. වම් පස පුවරු කිහිපයකි. නෑමට රුපියල් විස්සයි වැසිකිළි යාමට රුපියල් දහයයි. මේ තවත් වෙළෙඳාමකි. මේ සියලූ වෙළෙඳහල් පසුකළ අපි නවාතැන්පොලක් සෙවීමු. සීවීව් හොටෙල් යන ඉංග‍්‍රීසි අකුරු කිහිපය දැක එහි ගොඩවුනු අපි එදා රාත‍්‍රිය සඳහා....... කාමරයක් වෙන් කරගත්තෙමු. ”ඔයාලට මුහුද පැත්තෙන් කාමරයක් දෙන්නම්.” දෙමළ හුරුවට සිංහලෙන් කී කළමනාකරුට ස්තුති කර අපි ඒ කාමරයට ගියෙමු. නිලාවැලියේ සුන්දර මුහුද අපේ ඉදිරියෙනි. එකක් පසුපස එකක් බැගින් පිම්මේ දිව එන රළ වෙරළෙහි හැපී බිඳී යන්නේ පෙණ පිඩු අතුරා වෙරළ සුදුපාට කරමිනි. යුවතියකගේ කිරි සිනාවකට උපමා කළ හැකි මේ පෙණ පිඩු දෙස මොහොතක් බලා සිටි මට සිතුනේ ඒ මුහුදු දියේ සිරුර සතපාගන්නමය ගත රැුඳී දාහයත් වෙහෙසත් ඒ කරදියට දියවී යනු ඇත. මම වෙරළට ගියෙමි. ඒ වන විට විදෙස් සංචාරක යුවළක් වෙරළ මත එලූ ඇතිරිල්ලක් මත වැතිර සිටියහ. කළු කලිසමකින් සැරසුනු තරුණයාට අවුරුදු විසිපහකට වඩා නොමැත. ඔහු සමග සිටි තරුණියට අවුරුදු විස්සකට විසිඑකකට වඩා නැතැයි අපේ ඇබා කීවේය. රතු පාට බිකිනියකින් සැරසී සිටි ඇය සිත්සේ අව්ව තපිමින් සිටියාය. මොන රටෙන්ද? මම ඉංග‍්‍රීසියෙන් ඇසුවෙමි. ”රසා” අර තරුණයා කීවේය. ”රසියා” මම විමසුවෙමි. ඔහු හිස වැනුවේය. භාෂා ප‍්‍රශ්නය ඉස්මතු වූයෙන් අපේ කතා බහ එසැනින් අවසන් විය. තරුණයාත් තරුණියත් නැගිට මුහුදු දියට පිවිසුනෝය. අපිද මුහුදට බැස්සෙමු. අපේ ඉදිරියෙන් වම් පැත්තට බර වෙන්නට පරෙවි දූපත පිහිටා තිබුණේය. ඊට මදක් ඔබ්බෙන් කුඩා ගල්පරයකි. සුන්දර කොරල් පරයකින් වටව ඇති පරෙවි පත මේ වන විට අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ. අතිශය අලංකාර දසුනක් මවන පරෙවි දූපත දෙස ටික වේලාවක් බලාගෙන සිට, මුහුද රළ සමග පොරබදා ආපසු වෙරළට ගොඩවුනෙමු. සර්ලා පරෙවි දූපතට යමුද සරමකින් කමිසයකින් සැරසුනු එක්තරා පුද්ගලයෙක් අපෙන් විමසුවේය. ඔයාට බෝට්ටුවක් තියෙනවද? අපේ ඇබා ඇසුවේය. මගේ පුතාට තියෙනවා සර් පරෙවි දූපතට එක්ක ගිහින් ආපසු එක්ක එන්න රුපියල් 1700 යි. ගන්නෙ හත් දෙනකුට යන්න පුළුවන්. යමු සර් දවසම නිදහසේ ඉඳල එන්න පුළුවන්. ඔහු කීවේය. දැන් හවස් වෙලානෙ අපි හෙට බලමු එසේ කියා ඔහු සමග කතාවට වැටුනෙමු. නමින් කුමාර් වූ ඔහු කියන්නේ මේ දවස්වල කිසිම ආදායමක් නොමැති බවය. මේ දවස්වල නිලාවැලි වෙරළ පාළුයි සර්. ටුවරිස්ට්ල එන්නෙ නැති තරම් ඔය ඇවිත් ඉන්න කීපදෙනා රුසියාවෙ කට්ටිය. ඒත් ඉතින් ඒ අය පරෙවි දූපතට යන්න එච්චර කැමති නෑ. හේතුව ගණන වැඩිකම. දැන් වනජීවියෙන් ටිකට් කඩනව පොරිනර් කෙනෙක්ගෙන් ඩොලර් දහයක්. අපේ කෙනෙක්ගෙන් රුපියල් හතළියක් පොරිනර්ල කියන්නෙ නම් ඩොලර් දහය හොඳටම වැඩි බවයි. තවත් බස් රියක් වෙරළට පැමිණ තිබේ. ඉන් බැසගත් සංචාරක පිරිසවත් පරෙවි දූපතට රැගෙන යාහැකි දැයි බලන්නට කුමාර් ඔවුන් වෙත ගියේය. මම යළිත් මුහුදට බැස්සෙමි. තරුණයෝ කිහිපදෙනෙක් ඈතින් ඈතට ගොස් මුහුදේ පිහිනමින් සිටිති. ජීවිතාරක්ෂාව වෙනුවෙන් කැපවුණු කුච්චවේලි පොලිසියේ දෙදෙනෙක් අඩි දහයකට තරම් උසින් වූ නිරීක්ෂණ කුටියේ සිට මුහුද දෙස බලා සිටිති. නාවික හමුදාවේ සෙබලෙක්ද වෙරළ දිගේ සක්මනකය. අර කී රුසියානු තරුණ යුවල ඔවුන්ගේ ඇතිරිලිද අකුලාගෙන වෙරළින් නික්මුණහ. පැමිණ සිටි සංචාරක නඩයේ පිරිමි සරම් වලින්ද ගැහැණු දියරෙදි වලින්ද සැරසී වෙරළ බහින්නට සැරසෙති. දියරෙදි ඇඳගෙන මූදෙ නාන්නෙ කොහොමද බං. දියරෙදි කැඩිල යයිනෙ. අපේ ඇබා කැමරාව අරන් එන්නට කුටියට යන්නට හැරුනේය. ඔයා කියන්නෙ උපාසක අම්මලටත් බිකිනි අඳින්න කියලද? මම ඇසුවෙමි. මුහුදින් ගොඩවූ මට ඊළඟට හමුවූයේ වෙරළෙන් ජීවත්වන තවත් මිනිසෙකි. ඔහු නමින් යෝගේෂ්වරම්ය. මම ඉන්දියාවෙ ඉඳල නිලාවැලියට ඇවිත් තාම මාස තුනයි. ඔහු මේ කියන්නේ නිලා වැලිය ගැන කිසිවක් නොදන්නා බවකි. එහෙත් නාවික හමුදා සෙබළෙක් මොහොතකට පෙර කීවේ ඔහු වෙරළ ගැන මෙන්ම භාෂා ගණනාවක්ද දන්නා බවකි. ඉතින් අපි ඔහුට ගැලවී යන්නට ඉඩ නොදීමට වගබලා ගත්තෙමු. ”වෙරළෙ මොනවද කරන්නෙ?” අපෙන් ප‍්‍රශ්නයකි. පොඩි පොඩි දේවල් තමා ඉතින් ටුවරිස්ට්ලට උදව් පදව් තමා. ඒ කියන්නෙ? පරෙවි දූපතට යන්න බෝට්ටුවක් අල්ලල දෙනවා. ඒ අය භාෂා දන්නෙ නැති නිසා ඕනෙ එපාකම් ගැන කියලා දෙනවා. මේ අයට චාරිකා යන්න වාහනයක් හොයලා දෙනවා. එහෙම නැත්නම් ටුවර් එකක් එක්කගෙන යනවා. ඔය විදිහට ඉතින් කීයක් හරි හොයාගන්නවා. දවසකට කීයක් විතර? මේ කාලෙනම් බොහොම චුට්ටයි සීසන් එකට නම් දවසකට දෙදහත් හම්බකරනවා. අනිත් එක සර් දැන් හුඟක් එන්නෙ බෑග් පැකේජ්ලනෙ. ඒ අය වියදම් කරන්නෙ හරිම අඩුවෙන්. ලංකාවට ආවට ඒ අය මහලොකු සල්ලිකාරයො නෙමේ. ඉතින් බස්වල, කෝච්චිවල ඇවිත් අඩුගානකට හෝටල්වල නැවතිලා ඉඳලා ආපහු යනවා. ඒ අයගෙන් අපිට වුණත් ආදායමක් ලැබෙන්නෙ නෑ. දුම් වැටියක්ද ඉරූ යෝගේෂ්වරම් යන්නට ගියේය. වෙරළේ පසෙකින් ඇසෙන්නට වූයේ බෙරහඬ කි. ඒ ඔස්සේ ඇවිද ගිය අපට පෙනුණේ කුඩා කෝවිලකි. වහා කෝවිලට ඇතුල් වූ අපි එහි මිදුලෙහි ඉදෙන මුරුතැන් බත දෙස බලා සිටියෙමු. වියපත් ගැහැනුන් කිහිපදෙනෙක් හා සිඟිත්තකු වඩාගත් තරුණ මාතාවකද දැකගත හැකිවිය. සිංහල දන්නවද? අපේ ඇබා සිංහලෙන් ඇසුවේය. එක් කාන්තාවක සිංහල දන්නා බව සිංහලෙන්ම කීවෙන් අපි ඇය හා කතාවට වැටුනෙමු. දැන් යුද්දෙ ඉවර නිසා අපි හරි සන්තෝසෙන් ඉන්නවා. මම කෝවිල් වලට ගිහින් පූජා පවත්වනවා. සෝදිමනී නම් වූ ඇය කීවේ සතුටිනි. මේ කෝවිල මොකක්ද? මේ කන්නැහැ දෙවියන්ගෙ කෝවිල මූදෙන් මතුවුණු දෙවියෙක් හවස හයට පැවැත්වෙන පූජාවට වෙලාව හරි බව කී ඇය අපෙන් සමුගත්තේ පූජාවෙන් පසුව යළිත් කතා කරන්නට එන බව කියමිනි. එහෙත් අපි ආපසු අපේ නැවාතැන දෙසට ආවෙමු. අඳුර ඒ වන විට වෙරළ වසාගෙන සිටි අතර හෝටලයේ විදුලි බුබුලූ වලින් වත් ඒ අඳුර දුරුව තිබුණේ නැත. නිලාවැලි වෙරළට එන මාවත මුළුමනින්ම අඳුරේ ගිලී තිබූ අතර මාවත අද්දර වූ පෙට්ටිකඩ ඉටිරෙදි වලින් ආවරණය වෙමින් තිබිණි. වහල යන්නද හදන්නෙ අපි එක් වෙළෙන්ඳකුගෙන් ඇසුවෙමු. ”වැහුවට යන්නෙ නෑ මහත්තයො. අපි මේ කඬේම නිදාගන්නවා.” ඔහුගේ භාෂාව පැහැදිලි ද නිරවුල්ද විය. ඔයාලා සිංහලද? අපි ඇසුවෙමු. ඔව් මහත්තයො අපි සිංහල වෙළෙන්ඳෝ පස්දෙනෙක් මෙතන ඉන්නවා. ඒ කීවේ අර වෙළෙන්දාගේ බිරිඳ වූ ධනවතීය. අපේ ඒ කඬේකට දවසකට රුපියල් පනහක බද්දක් ගන්නවා. සමහරු මාසෙකට රුපියල් පන්සීයක බද්දක් ගෙවනවා. ඒත් ප‍්‍රාදේශීය සභාවෙන් පාරට ලයිට් එකක්වත් දාලා දෙන්නෙ නෑ. බලන්න දැන් මුළු පාරම කළුවරයි. මේ ළඟදී රුසියන් ගෑනු ළමයෙක්ව කවුද කෙනෙක් කළුවරේ බදාගත්තනෙ ඕවගෙ ප‍්‍රශ්න ඔක්කෝටම මුල මේ කළුවර අනික මේ පාරේ හැටි බලන්න. තවම තාර ටිකක් දාලා නැහැ. මේ ප‍්‍රශ්න දෙක විසඳල දුන්නනම් ?ට වුණත් සංචාරකයන්ට බයක් නැතුව නිලාවැලි වෙරළට එන්න පුළුවන්. ධනවතීත් අප දැක එතැනට පැමිණි තවත් උදවියත් අඩුපාඩු එකින් එක කියන්නට වූහ. ඔවුන්ගේ දුක් ගැනවිලිත් ලියාගෙන අපි ආපසු අපේ කුටියට යනවිට පෙර කී රුසියන් යුවල අපේ කාමරයට යාබද කාමරය ඉදිරිපිට මේසයක් අද්දර වාඩිවී සිටියහ. ඔවුන්ගේ මේසය මත අඩක් හිස්කළ ගල් අරක්කු බෝතලයක් විය. බීඩි මිටි තුනක්ද පැණිබීම බෝතලයක්ද පසෙක තිබිණි. අපි අඳුරේ ගිලෙන වෙරළ දෙස බලාසිටියෙමු. මුහුදේ රළ ගෙඩි වල සුදුපාට පෙණ ටික තවමත් පෙනෙයි. අඩ සඳ පලූවකුත් තරු දෙක තුනකුත් අහසෙහි මුදුන් වී තිබිණි. එහෙත් ඉන් නික්මෙන ආලෝකයත් නැතැයි මට සිතිනි. බීර බෝතලයක් ගත් තරුණයෙක් හෝටල් බිමේ වූ බංකුවක් මත ඉඳගෙන හුදෙකලාවේම එය හිස් කරන්නට විය. අර රුසියන් තරුණයා මෙන්ම තරණියත් හරිහරියට මත්පැන් බොමින් බීඩි උරමින් සිටින්නෝය. මුහුදු හුළඟ වේගයෙන් වෙරළට හමා එන්නේ කිසියම් හීතලක්ද ඉතිරි කරමිනි. මීට ටිකකලකට පෙරාතුව ආරුගම් බොක්කෙහිද දුටු හිරු උදාවේ කිසිම දැකුම්කලූ බවක් නොවීය. පෙරඹර අහසේ වූ වළාකුලූ සමූහය කියන්නේ නිලාවැලියේ හිරු උදාවද සැණකෙළියක් නොවන බවය. තවත් හෝරාවක් පුරා නිලාවැලි වෙරළේ ඔබ මොබ ඇවිද ගිය අපට පෙනුනේ වෙරළ පාළුවට ගොස් ඇති අයුරුයි. ”සීසන් එක එන්නෙ මාර්තු අන්තිමට” සීවීටී හෝටලයේ කළමණාකාර ගෝඞ්ප‍්‍රි කීවේය. ළඟ එන සංචාරක සමයට නිලාවැලි එන සංචාරකයන්ට ඉඩ පහසුකම් ඇත්දැයි මම ගොඞ්ප‍්‍රිගෙන් ඇසුවෙමි. මේ වෙනකොට හෝටල් ගණනාවක් නිලාවැලි වෙරළෙ තියෙනවා. මං හිතනවා කාමර 400 ක් විතර ඇති කියලා. මේවගෙන් හුඟකට ඒසී පහසුකම් තියෙනවා. සමහරක් තරු තුනේ හෝටල තව සමහරක් අඩු මිල ගණන් හෝටල ඔහු කීවේය. ඒ වන විට නිලාවැලියේ වාරකන් අවසන්ය. මුහුද රළ නොනැගෙන තරමට සංසුන්ය. ඒ නිසා වෙරළ බිකිනි ඇඳ ගත් සුදු යුවතියන්ගෙන් පිරීඉතිරී යනු ඇත්තේ වෙරළට සුන්දරත්වය ඉතිරි කරමිනි.
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
නිලාවැලියට වාරකන්