IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන

සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහෙත් විවිධ කුරුලූ ගීතවලින් නිරතුරුවම සවන් පිරෙයි. වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු අපි දැන් සිටින්නේ සල්ගල වන ආරණ්‍යය තුළ ය. එහෙත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුවරුවෙහි සටහන් වන්නේ වැල්තැල්ල කැටගිල්ල රක්‍ෂිතය යන වචන කිහිපයයි. මහාවංශ කතුවරයාට පවා සල්ගල වන අරණ වූ මේ කැලය වැලිතැල්ල කැටගිල්ල රක්‍ෂිතය වූයේ කෙසේ දැයි මම නොදනිමි. කෙසේ වෙතත් අපි මේ නම් දෙකටම උරුමකම් කියන පහතරට සදාහරිත වන උයනට පිවිස සිටිමු. අපේ අරමුණ මේ වනයේ තිබෙන පින්බිම වන සල්ගල ආරණ්‍ය සේනාසනය දැකබලාගැනීමත් ලෙනගල හා යාවන උමං මාර්ගය සොයා යාමත්ය. අපි පළමුවෙන් තෝරාගත්තේ සල්ගල වන සෙනසුනෙහි අතිරමණීය සිරි අසිරිය දැක බලාගැනීමය. මේ පින්බිම වැඳ පුදා ගැනීමය. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් අපි ඇවිද ගියෙමු. ඒ යද්දී අපට මුණගැසුණු විශේෂත්වය වූයේ පාර අද්දරින් තිබූ ගල්ලෙනයි. එහෙත් කුඩා ගල්ලෙනක් වූ මෙහි කවදාවත් කුටියක් තිබුණු බවක සලකුණු නොවීය. ආරණ්‍ය සේනාසනය තිබුණේ ඊට මදක් ඔබ්බෙනි. පිච්චමල් ආරුක්කුවෙන් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි. උදේ නවයට පමණ වනවිට වන අරණ පාමුල පිහිටි සල්ගල දානශාලාවට වැඩම කරන ආරණ්‍යවාසී හිමිවරු දානය පිළිගෙන වන මැද වූ පාර දිගේ නිසංසලව දානශාලාවට වැඩම කරති. තම දන් පාත්තර දානශාලාවේ දිගු මේසය මත තබන හිමිවරු පැන්පහසු වීම ඇතුළු වෙනත් කටයුතුවල නිරත වෙති. උන් වහන්සේලා දානයට වැඩම කරන්නේ පෙරවරු එකොලහයි පහලොවට පමණය. අප සල්ගල ආරණ්‍යයට යන විට ද වේලාව ඊට ආසන්න වී තිබිණි. අපි ආරණ්‍යවාසී හිමි නමක හමුවීමු. ඒ වනවිට සල්ගල ආරණ්‍යය භාරකාර හිමියෝ පැන්පහසුවෙමින් සිටියහ. අපි විහාරය දෙසට යන්නට ගියෙමු. එහෙත් එවිටම අප ඉදිරියට වැඩම කළේ භාරකාර හිමියන්ය. රතුපාට සිවුරකින් සැරසී සිටි උන්වහන්සේ කුඹුක්කඩවල සුජාත  හිමියන්ය. අපේ ආරණ්‍ය ඉංගිරියෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක්. අපේ විහාරාධිපති හාමුදුරුවො තමා අම්පිටියෙ මංගල අනුනායක හාමුදුරුවෝ. සුජාත හාමුදුරුවෝ කීහ. සල්ගල පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබුණත් අපි ඒ හිමියන්ගෙන් සමුගෙන ආරණ්‍ය සිරි බලන්නට ගියෙමු. දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට තිබුණේ ආරණ්‍ය සතු විශාලතම ලෙනය. ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබූ ඒ විසල් ලෙන පාමුල අපි මොහොතකට නතර වීමු. මෙහි ඇති නමෙන්ම වැටහෙන්නේ කිසියම් අතීත පුුරාවෘත්තයක් මෙතැන පවතින බවයි. ඒ පුරා වෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යයි. මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී අක‍්‍රමණ හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබේ. එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය. ඇතු බැඳි ලෙනට වම්පසින් ඉහලට යොමුවූ පඩිපෙළකි. අපි මේ පඩිපෙළ නැංගෙමු. එතැන තිබුණේ සිත් අලවන අන්දමේ සක්මන් මලූවකි. අඩි සියයක් පමණ දිග මේ සක්මන් මලූව වැලි අතුරා තිබුණේ ගමන් කිරීමට පහසුවන අන්දමිනි. සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි. එතැනින් නික්මුනු අප පියමැන්නේ විසල් සල්ගසක් පාමුල පිහිටි තවත් ගල් ලෙනකටය. ගිජ්ජකුඨ ලෙන නමින් හැඳින්වෙන මේ ගල්ලෙන තුළ දර්ශනීය බුදු මැදුරක් සාදවා තිබේ. අප යනවිටත් එහි චිත‍්‍ර කර්මාන්තය නිමවා තිබුණේ නැත. ඊට ඔබ්බෙන් චෛත්‍යයයි. ඉතා මෑතකදී ගොඩනංවන ලද මේ චෛත්‍යය සල්ගල වන අරණට එක්කරන්නේ අපූර්වත්වයකි. තම සැප පහසුව නොපැතූ සුජාත හාමුදුරුවෝ අප වෙත පැමිණ සිටිති. ”මේ චෛත්‍යය සල්ගල වන ආරණ්‍යයට තිබුණු ලොකුම අඩුවක් පිරිමැහීමක්. කැලේ මැදින් හැතැප්මක් විතර එන උපාසක මහත්වරුන්ට මෙතන පන්සලක් බව මතක් කරල දෙන්නෙ මෙන්න මේ චෛත්‍යයි. ඉස්සර මේ හරියට එන හුඟාක් දෙනා කෑ ගගහා ආවා මිසක් මෙතැන  භාවනා කරන හාමුදුරුවන් ඉන්න තැනක් බව හිතුවෙ නෑ. ඒත් දැන් චෛත්‍යය දකින කොට කාට වුණත් තේරෙනවා මෙතන විනීතව ඉන්න  ඕන තැනක් විත්තිය” සුජාත හාමුදුරුවෝ කියති. අපි චෛත්‍යය පසුකර යළිත් කඳුකර අඩිපාරට පිවිසුනෙමු. ඒ අඩිපාර යොමුවන්නේ බැලූම්ගලට ය. වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක‍්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනය. අද මෙතැන ආරණ්‍යයේ ඝණ්ඨාර කුලූනයි. පසෙකින් ඇත්තේ බැලූම්ගල ලෙනයි. මේ ලෙනෙත් අද භාවනානුයෝගී හිමිනමක වෙසෙති. අපි බැලූම්ගලට නැග්ගෙමු. වන අරණේ උසින්ම පිහිටි ස්ථානය වන මෙතැනට අවට බොහෝ මනරම්ව පෙනේ. ඈතින්ම පෙනෙන කඳු වළල්ලේ පෙනෙනා සිරිපා කන්ද සිත සතුටු කරන දසුනකි. සියල්ලම ඇත්තේ බැලූම්ගලට පහළිනි. පහලින් ඇති තුරු හිස් මනරම්ය. හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා. හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ. අට හමාර වෙනකොට මෙතන පුදුම විදිහට සීතල වෙනවා. අපේ හාමුදුරුවෝ කියති. උන්වහන්සේගේ වදන් ඔස්සේ අපි අපූරු පාරිසරික චිත‍්‍රයක් හිතේ ඇඳගත්තෙමු. බැලූම්ගල මත ගෙවීගිය හෝරාවකට කිට්ටු කාලයකට පසුව වන මැදින් යළිත් ගමන් ඇරඹුවෙමු. බැලූම්ගල පාමුල අඩි සියයකට පමණ යටින් තිබුණේ පිප්පිලි ලෙනයි. පිප්පිලි ලෙනට ඔබ්බෙන් තිබූ  ලෙනත් පසුකර අප ඇවිද ගියේ මහ අරණෙහි පිහිටි වැව බැලීමටය. අක්කර භාගයක් පමණ විශාලත්වයකින් යුතු මේ වැවට යන පාරේ ගල් පොකුණක්ද තිබේ. කලක් තිස්සේ කොළවලින් වැසී තිබූ ගල් පොකුණ පිරිසිදු කළේ මාස කීපයකට පෙරාතුවය. එහෙත් ඒ අවස්ථාවේ මෙහි වටේට තිබූ ගල් කිහිපයක් ගැලවී බිමට වැටී තිබේ. එතැනින් ගලායන වතුරපාර වන මැදින් ගොස් මහවැවට එකතු වේ. වතුර වැටෙන හඬකින් වනපෙත නිසල බව බිඳී ගියේය. එහෙත් ඒ දිය ඇල්ලක් නොවේ. කුඩා වැවෙන් වතුර වැටෙන සද්දයකි. කැලේට ගිය මහවැවේ නෙළුම්  ඕලූ ආදී මල් වර්ග රැසකි. කවදා හැදුවාදැයි නොදන්නා තරමට බොහෝ සේ පැරණි මේ වැව වනඅරණට එකතු කරන්නේ අලංකාරයකි. මේ ළඟ තියෙනවා ගල් ගුහාව ඇතුලෙම හදපු සක්මන් මලූවක්. වැව බලා ආපසු එද්දී අපේ හාමුදුරුවෝ පැවසූහ. අද හේමාලෝක ලෙන ලෙස නම්කර ඇති මේ ලෙනේ සක්මන් මලූව ගල්ගුහාවේම තනා ඇති අයුරු අපූරුය. අඩි හතළිහක් තරම් දිගැති ඒ සක්මන් මලූවට එළිය වැටෙන්නේ යම්තමිනි. එකකට එකක් බොහෝ දුර බැහැරින් පිහිටි මේ කුටිවල වෙසෙන හිමිවරු නිරන්තර බවුන් වඩති. එහෙත් මේ නිසල වනපෙතේ හුදෙකලාවේ ගෙවන ජීවිතය තනිකමින් පිරී පවතී. මගේ හිතට වද දෙන ප‍්‍රශ්නයක් මම සුජාත හිමි හමුවේ තැබීමි. ”මේ භාවනා කරන කුටිවල ඔබ වහන්සේලාට තනිකමක් දැනෙන්නෙ නැද්ද”? ”ජීවිතේ කියන්නෙ තනිකම තමා. අපි හිතා හිටියට අපිට අරය ඉන්නවා මෙයා ඉන්නවා කියලා අපිට ඉන්නේ අපි විතරමයි. සංසාරෙ කලකිරිලා මෙතෙන්ට ආව අපිට තනිකමක් දැනෙන්නෙ නෑ” අප කෙසේ සිතා සිටියත් ජීවිතය සැණකෙළියක් නොවේ. කළයුත්තේ වහ වහා බවුන් වඩමින් මේ අසාර සංසාරයෙන් එතෙර වීමම පමණකි. සුජාත හිමියන් පෙන්වා දුන් ඒ බුදු වදන් සිහිපත් කරමින් සල්ගල වන අරණේ ගස් කොළං අතරින් පියමං කරන්නට වීමු.

ශාන්ත කුමාර විතාන / සේයාරූ -  සේහාන් වික‍්‍රමසිංහ
බුදුමැදුර බැලූම්ගල ගල්ලෙන තුළ තැනූ  සක්මන මලූවක් ගිජ්ජකූඨ ලෙන කුඹුක්කඩවල සුජාත හිමි  



අදහස් (0)

නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන

සුරේෂ් Friday, 19 December 2014 03:47 PM

කියවා සතුටු විය හැකි ලිපියක්. බොහොම ස්තුතියි කතුවරයාට. (ර)

:       0       0

මාලා Tuesday, 08 May 2012 11:11 AM

ඇත්තටම හොද තැනක්

:       0       0

ගයාන් Friday, 03 February 2012 12:13 PM

ඇත්තෙන්ම හොද වාර්තාවක්

:       0       0

මාලිනී Monday, 16 July 2012 12:26 AM

මම මේක කියවා සතුටු වුනා. ඒ වගේම රට ගැන ආඩම්බරයි. (ස)

:       0       0

කුමුදුමලී Monday, 11 June 2012 10:36 AM

මෙම ස්ථාන බලන් ඉන්න අපේ හාමුදුරුවෝ සැබෑ විරුවන්ය . ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා .

:       0       0

වරුණ Sunday, 26 October 2014 05:10 PM

හොඳ ලිපියක්! (නි)

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 09:53 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

චම්පි Monday, 30 January 2012 08:33 PM

ගොඩාක් පින් ලැබේවා. මෙම ලිපිය ඉතා වටිනවා

:       0       0

විමලබුද්ධි හිමි Tuesday, 17 July 2012 12:29 PM

වටිනා ලිපියකි

:       0       0

තුසිත් Thursday, 18 October 2012 02:23 AM

අපේ උරුමය... අපේ ආඩම්බරය... (නි)

:       0       0

රසිකා Sunday, 12 August 2012 06:53 PM

අපේ උරුමය අපට සොයලා දෙන ලංකාදීපයට පින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 660 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 274 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 627 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 173 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site