IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නව ඡන්ද ක‍්‍රමය: පක්ෂ කියන කතා

25pg-16d--main-pgs

නව මැතිවරණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.


ඒ අනුව මන්ත‍්‍රීවරුන් 165 දෙනෙකු කොට්ඨාස මට්ටමින්ද, 66 දෙනකු දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය යටතේද, මන්ත‍්‍රීවරු 24 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගැනීමට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කෙරේ.


මෙම නව මැතිවරණ ක‍්‍රමය 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත ආසියාතික රටවල් අතරින් සර්වජන ඡුන්දය හිමි වූ ප‍්‍රථම රට වූයේ ශ්‍රී ලංකාවයි. ඒ 1931 වර්ෂයේදී  රාජ්‍ය මන්ත‍්‍රණ සභාව  පිහිටුවීමට මන්ත‍්‍රීවරු 58 දෙනෙක් තෝරා ගැනීම සඳහා ඉහළ අධ්‍යාපනයක් ලබා සිටි පිරිසට පමණක් ඡුන්ද බලය හිමිවූ අවස්ථාවේය.


වර්ෂ 1947දී නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට මන්ත‍්‍රීවරු 95 දෙනෙක් තෝරා ගැනීම සඳහා සියලූම ජනතාවට ඡුන්ද බලය හිමි විය. කාන්තාවන්ට හා පිරිමින්ට එකවර ඡුන්ද බලය හිමිවූ ප‍්‍රථම රට වුයේද ශ්‍රී ලංකාවයි.


වර්ෂ 1972දී ජනරජ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වීමත්, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ මනාප ඡුන්ද ක‍්‍රමය බිහිවීමත් සිදුවිය.


මේ මනාප ඡුන්ද ක‍්‍රමය දේශපාලනඥයන්ට විශාල අමනාපයක් විය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක‍්‍රියාකාරිත්වයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන ආකාරයට මනාප ඡුන්ද ක‍්‍රමය බිහිවූදා සිට මේ දක්වා පුද්ගලයන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් ඝාතනය වී ඇත. තවත් 20,000ක පමණ පිරිසක් තුවාල ලබා ඇත. දේපළ විනාශය ගණන් බැලීමක් නැත. මේ විනාශය මනාප ඡුන්ද ක‍්‍රමය මතය. එකම පක්ෂයේ අය ඇණ කොටා ගනිති.


මේ තත්ත්වය නිසා ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතී. මෙම අවශ්‍යතාව නිසා විටින් විට ඡුන්ද ක‍්‍රමය සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් විය. මහාචාර්ය රොහාන් සමරජීව වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගින්ද මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ යෝජනා ඉදිරිපත් කර තිබිණි.


මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ජනතාවට ලබාදුන් පොරොන්දුවක් වූයේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමයි.


එම පොරොන්දුව ක‍්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට යෝජනා කීපයක් ඉදිරිපත් වී ඇත. දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවට අමතරව මැතිවරණ දෙපාර්තමේන්තුව මගින්ද විකල්ප යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින්ද යෝජනා ඉදිරිපත් කර ඇත. යෝජනා ගණනාවක් ඉදිරිපත් වී ඇතත් තවමත් ක‍්‍රියාත්මකවීම පසුබාමින් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ඡුන්ද ක‍්‍රමයත් එකට සම්මත විය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් යෝජිත ක‍්‍රමවලින්  ඕනෑම එකකට කැමති බවයි. සුළු පක්ෂවල අදහස වී ඇත්තේ ගැඹුරින් සාකච්ඡුා කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.


ඉරිදා ලංකාදීපයට දැන ගන්නට ඇති පරිදි ඡුන්ද ක‍්‍රමය සංශෝධනය කිරීම සඳහා ප‍්‍රධාන කරුණු දෙකක් පිළිබඳව දේශපාලන පක්ෂ තීන්දුවකට එළඹිය යුතුව ඇත. එයින් එකක් නම් සමානුපාතික හා කේවල ක‍්‍රමයේ මිශ‍්‍රණය සිදුකළ යුතු ආකාරයයි. දෙවැන්න සීමා නිර්ණය කිරීමයි.


ඡන්ද ක‍්‍රමය සංශෝධනය කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් විමසුවෙමි.

m

 

Untitled-4

 

මේ වැඬේට බාධා කෙරුවේ ශ්‍රීලනිපයේ පිරිසයි

 

මැතිවරණයේදී ව්‍යවස්ථා ප‍්‍රතිශෝධන තුනක් ගැන කතා කළා. විධායක බලය සාමූහික වගකීම් ඇති ඇමැති මණ්ඩලයට පැවරීම, ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සහ මැතිවරණ ක‍්‍රමය එම ප‍්‍රතිශෝධන තුනයි. ඊට අමතරව ජීවන බර අඩු කිරීම පිළිබඳව දෙන ලද පොරොන්දුව, සති දෙකක් තුනක් ඇතුළත ඉටු කර දී තිබෙනවා.


විධායක බලතල පැවරීම යටතේ2 වර්තමාන ජනාධිපතිවරයාගේ අවංකභාවය සලකා බලා සුවිශේෂී බලතල පැවරීමට එකඟවී සිටිනවා. ආරක්ෂක, පරිසර හා මහවැලි අමාත්‍යාංශ ඔහුට ඇතුළත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලයට බලතල පැවරීමේදී මුළුමනින්ම එය සිදු කෙරෙන්නේ නැහැ. එයට හේතුව ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවීමයි. කොමිෂන් සභා පත් කිරීමත් 19 වැනි සංශෝධනයට ඇතූළත් කර තිබෙනවා.


මැතිවරණ ක‍්‍රමය මුල සිටම සකස් කරන ලද්දක්. දිනේෂ් ගුණවර්ධන කමිටුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් පත් කරන ලද්දක්. ඒ කමිටු යෝජනාවලට එක්සත් ජාතික පක්ෂය එකඟයි. ඊට විකල්ප ක‍්‍රමයක් සකස් කරලත් තිබෙනවා. ඒ විකල්ප ක‍්‍රමයට අනුව 125, 75, 25 වශයෙන් පත්වීම් සිදුවෙනවා. ආසන මට්ටමින් 125ක්, සමානුපාතික ක‍්‍රමයට 75ක් හා ජාතික ලැයිස්තුවෙන් 25ක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.


අවශ්‍ය නම් එම සංඛ්‍යාවල සංශෝධනයකට වුවත් අපේ එකඟතාව පළ කළා. මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවය දක්වා තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ 150, 75, 25 වශයෙනි. එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවලින් එකකට එකඟයි. කිසිම විරෝධයක් මතභේදයක් නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාව දක්වා ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ යෝජනාවටයි.
එය ආසන මට්ටමින් 150ක් සමානුපාතික ක‍්‍රමයට 65ක් හෝ 75ක්. ජාතික ලැයිස්තුවෙන් 25ක් හෝ 15ක් වශයෙනි. එක්සත් ජාතික පක්ෂයට මේ සම්බන්ධව කිසිදු ගැටළුවක් නැහැ. නමුත් අනිකුත් සියලූ සුළු පක්ෂ එකඟාතවයක් දක්වා නැහැ. ඔවුන් විරෝධතාවක් දක්වා නැතත් ගැටලූවක් ඇති නොවීමට තව අධ්‍යයනය කළ යුතු බව සඳහන් කර තිබෙනවා.


ඔවුන් කල් ඉල්ලීමක් කරන්නේ. මැතිවරණ ක‍්‍රමය හොඳින් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.


එක්සත් ජාතික පක්ෂයෙන් මේ පිළිබඳව ප‍්‍රමාදයක් නැහැ. අපේ පක්ෂය අවශ්‍ය අධ්‍යයනයන් කර අවසන්. මේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය පිළිබඳව සාකච්ඡුා වට 30කට වැඩි ප‍්‍රමාණයක් පවත්වා තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා සමගත් සාකච්ඡුා වට 20ක් පමණ පවත්වා තිබෙනවා.


මේ වනවිට ලෝකයේ ඇති සෑම ඡුන්ද ක‍්‍රමයක් ගැනම පාහේ සාකච්ඡුා කර අධ්‍යයනය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට මේ ඡුන්ද ක‍්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව කිසිම ප‍්‍රශ්නයක්, වාද භේදයක් නැහැ.


නමුත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පිරිස නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් කණ්ඩායමක් මෙම මැතිවරණ සංශෝධන ක‍්‍රමය ගෙන ඒම වැළැක්වීමේ කිසියම් වැඩපිළිවෙළක ඉන්නවා. සුළු ජාතික පක්ෂවලටත් වඩා, මෙම පිරිස මැතිවරණ ක‍්‍රමය ගෙන ඒම වැළැක්වීමට සූදානම් වන බවක් පෙන්නුම් කරනවා.


කොහොම උනත් නව මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට වසරක පමණ කාලයක් ගත වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ මැතිවරණයක් තිබ්බත් නව ක‍්‍රමයට කළ හැකිද යන්න විශ්වාසයක් තැබිය නොහැකියි. එයට හේතුව සීමා නිර්ණය කිරීමේ අවශ්‍යතාවයි. කොළඹ ඡුන්ද 40,000යි. හෝමාගම 1,78,000යි. ඒ ආකාරයට ඡුන්දයක් අලූත් ක‍්‍රමයකට පැවැත්විය නොහැකියි. සීමා නිර්ණය කිරීමකින් තොරව ක‍්‍රියාත්මක කළ නොහැකියි.


මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමෙන් පසු පත්වන මැතිවරණ නිර්ණය කොමිසම එය කරනු ලබයි. ඔවුන්ට මේ සඳහා ගතවෙන කාලය පිළිබඳව අනාවැකි පළ කළ නොහැකිය. 1973දී කරන ලද්ද සඳහාත් වසර දෙකක කාලයක් ගතවුණා. මේකයි ප‍්‍රශ්නය. මැතිවරණ ක‍්‍රමය නැති නිසා 19ට ඡුන්දය දෙන්නෙ නැහැ කියල විපක්ෂය කරන ප‍්‍රකාශය අමු බොරුවක්. මිථ්‍යාවක්. මාර්තු 15 වැනිදා සියලූ පක්ෂ මේක සම්මත කර ගන්නා බවට එකඟතාවක් ඇතිවුණා.
ඔවුන්ගේද එකඟතාවයෙන් 19 වැනි සංශෝධනය සකස් කළා. ජී.එල්. පීරිස් මහත්තයත් දැන් විවිධ දේවල් ප‍්‍රකාශ කරනවා. අවසාන කෙටුම්පත සැකසීමට ජයම්පති වික‍්‍රමරත්න, මම, ජී.එල්. පීරිස් සහ නීති කෙටුම්පත් සම්පාදක එකඟ වී හදන ලද 19 වැනි සංශෝධනය පිළිබඳව දැන් නින්දෙන් නැගිටල වගේ විවිධ අදහස් ප‍්‍රකාශ කරනවා.


එකතුවෙලා හදලා එකඟවෙලා දැන් විවිධ අදහස් දානවා. මේකෙන් පැහැදිලි වෙන්නේ කොයිතරම් ද්‍රෝහිකමක් කරනවද කියලයි.


මාස ගණනක් සාකච්ඡුා කරල හදපු මේ ක‍්‍රමය මම 2005දී පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරලත් තියෙනවා. එදා මම ආසන 160ක් පළාත් ලැයිස්තුවෙන් 65ක් හා ජාතික ලැයිස්තුවෙන් 25ක් අවශ්‍ය බව යෝජනා කළා. මේ දැන් කැරකිල එන්නෙත් මීට අවුරුදු 10කට පමණ පෙර යෝජනා කළ දෙයටමයි. මේක සියල්ල කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයක්. මේක යටින් ඉන්නේ හිටපු ජනාධිපතිගෙ ළඟින් හිටපු විවිධ චෝදනාවලට ලක්වූ ගෝලබාලයින් මේ ගොඬේ ඉන්නවා. ඒක බොහොම පැහැදිලියි. හිටපු ජනාධිපතිතුමාම කියල තියෙනවා එතුමා ළඟ හිටපු ගෝලයො හොරකම් කරපු බව දැනුයි දන්නේ කියල. අපි නම් එදා ඉඳලම දැනගෙන හිටියා.


අපි ආයතන ස්වාධීන කරල තියෙනවා. අධිකරණය ස්වාධීනයි. අල්ලස් කොමිසම, පොලිසිය ස්වාධීනයි. මහින්ද කරපු දේ අපි කරන්න යන්නේ නැහැ. අපි කියන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලයි. එපා මොනවද?  ඕනෑ මොනවද කියල අපි තෝරල දීල නැහැ. නිලධාරීන් ස්වාධීනව නීතිය ක‍්‍රියාත්මක කරනවා.


ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂය හැම ආසනයකම ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් කරල තියෙනවා. එසේ ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් කර තිබෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. අපි  ඕනෑම මැතිවරණ ක‍්‍රමයකට සූදානම්.  ඕන මොහොතක,  ඕනෑම ක‍්‍රමයකට සූදානම්. සූදානම් නැති පිරිස බයේ දඟලමින් ඡුන්ද ක‍්‍රමය සංශෝධනය කිරීම කල් අරින්න හදනවා.

 

Untitled-4

 

අපි නම් නව ක‍්‍රමයට එකඟයි

 

මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලබනවා. ඉන්පසුව එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද, යන්න සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කෙරේ. එහිදී රටේ පුරවැසියන්ට අවශ්‍ය නම් එම යෝජනාවලියට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ හැකියි. න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 7ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිගත් ක‍්‍රමවේදයයි.


මෙහිදී ශ්‍රේෂ්ඨාධික1රණයේ තීන්දුව මත මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම සිදුවේවි. ඇතැම් විට මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව නියම කළහොත් එයට අනුව ක‍්‍රියාත්මක වීමට සිදු වෙනවා.


දැනට අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද ආකාරයට මන්ත‍්‍රීවරු 165ක් කොට්ඨාස මට්ටමින් ද, 66ක් දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය යටතේද, 24ක් ජාතික ලැයිස්තුවෙන්ද පත් කළ යුතු වෙනවා. ඒ අනුව මන්ත‍්‍රී සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කෙරෙනු ඇත.


සුළු ජාතීන්ට අසාධාරණයක් නොවීමට දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය යටතේ 66ක් පත් කිරීමට යෝජනා කර තිබෙනවා. බේරුවල, මැද කොළඹ, මඩකළපුව, බදුල්ල යන ප‍්‍රදේශවල විසිරී සිටින සුළු ජාතීන්ට අසාධාරණයක් නොකිරීමට මෙම දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය යෝජනා කරන්නට ඇති.


දැනට ක‍්‍රියාත්මක වන ක‍්‍රමය ආරම්භ කරන ලද්දේ 1978 දීයි. ඒ නිසා දේශපාලනඥයන්ට අතිවිශාල මුදලක් ඡුන්දය වෙනුවෙන් වැය කිරීමට සිදුවී තිබෙනවා. ඡුන්දයට වියදම් කිරීමට දේපළ අලෙවි කිරීමට හෝ උගසට තැබීමට සිදුවෙනවා. ඡුන්දයෙන් පසු ඒවා නිදහස් කර ගැනීමට මුදල් සෙවීමට පෙළඹෙනවා. එකම පක්ෂයේ අය අතර අමනාපකම් ඇති වෙනවා. මන්ත‍්‍රීවරයා ආසනයකට වගකීමක් දරන්නේ නැහැ. මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් නිසා මේ මනාප ක‍්‍රමය වෙනස් කිරීමට දේශපාලනඥයන් වැඩිදෙනා එකඟයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම නව මැතිවරණ ක‍්‍රමයට එකඟයි. නමුත් 19 වැනි සංශෝධනය හා මැතිවරණ සංශෝධනය යන දෙකම එකට ගෙන ආ යුතුයි.
අද බොහොමයක් ප‍්‍රදේශවල ජනගහනය දෙගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. ඒ නිසා සීමා නිර්ණය කොමිසමද කඩිනමින් පත් කළ යුතු වෙනවා.උදාහරණයක් වශයෙන් කඩුවෙල ජනගහනය 170,000ක්. කලවානේ ජනගහනය 66,000ක්. උතුරේ ජනගහනය බොහොම අඩුයි. ඒ අනුව මන්ත‍්‍රී කොට්ඨාස සමානුපාතිකව තුලනය කළ යුතු වෙනවා.


පවතින මනාප ඡුන්ද ක‍්‍රමය සංශෝධනය විය යුතු බවට තර්කයක් නැහැ. දැන් පවතින සමානුපාතික මනාප ඡුන්ද ක‍්‍රමය වෙනුවට කොට්ඨාස ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම ඉතාම කාලෝචිත කරුණක්.

 

m

 

 

 



අදහස් (0)

නව ඡන්ද ක‍්‍රමය: පක්ෂ කියන කතා

දිමුත් Thursday, 30 April 2015 06:03 AM

මන්ත්‍රීවරු 255ක් වෙනවා කියන්නේ රටට බරක්. සාමාන්‍ය ජනතාවට මේකෙන් වැඩක් නැහැ.(හේ)

:       0       0

චමිල නිරෝෂන් Friday, 01 May 2015 07:07 AM

මටනම් හිතෙන්නෙ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න හැම පක්ෂයක්ම අකැමැතියි වගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1061 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4553 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site