IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නැංවූ බදුවල නොපෙනෙන පැත්තක්

රටේ දැනට ක්‍රියාත්මක දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරමින් නව බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මෙරට බදු ක්‍රමය වරින් වර සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවරගත් බව මේ වසරේදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණකි. එකතු කළ අගය මත බදු (වැට්) පසුගියදා සැප්තැම්බර් 01 වැනිදා සිට සියයට 15 දක්වා ඉහළ නැංවූවේය.

සමාජ ආරක්‍ෂණ දායක බද්ද නමින් නව බද්දක් ද පැනෙව්වේය. එහි බදු ප්‍රතිශතය සියයට 2.5 කි. ඒ සමඟ විදුලිබල, ජල ගාස්තු, ඉන්ධන මිල ගණන්ද ඉහළ ප්‍රතිශතයකින් වැඩි කළේය. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ ජනතාවට දරාගත නොහැකි තරමට ජීවන වියදම ඉහළ යාමය. රටේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු බොහෝ කර්මාන්තකරුවන්ට තම ව්‍යාපාර කරගෙන යාමට නොහැකි පසුබිමක් මේ හරහා නිර්මාණය වූවේය. ආණ්ඩුව ඍජු බදු පැනවීමක් සහ ඉහළ නැංවීමක් කර තිබෙන්නේ එවැනි වාතාවරණයකය. 

මෙම බදු සංශෝධනය දෙස බලනවිට පැහැදිලිවන කාරණා කීපයකි. සාමාන්‍යයෙන් රටක බදු වර්ෂය ආරම්භ වන්නේ එකී වර්ෂයේ අප්‍රේල් 01 වැනිදා සිටය. යෝජිත බදු සංශෝධනයද මේ වසරේ අප්‍රේල් 01 වැනිදා සිට බලපවත්වන ආකාරයට යෝජනා වී තිබේ. මේ දක්වා ආදායම් බදු අය කිරීමේදී රුපියල් ලක්‍ෂ තිහක් දක්වා බදුවලින් නිදහස් කර තිබුණි. රුපියල් ලක්‍ෂ 30ත් ලක්‍ෂ 60ත් අතර ආදායම් ලබන අයට සියයට 6 ක බද්දකුත් ලක්‍ෂ 60ත් ලක්‍ෂ 90ත් අතර ආදායම් ලබන්නන්ගෙන් සියයට 12 ක බද්දකුත් මෙතෙක් අය කළේය. රුපියල් ලක්‍ෂ 90ට වැඩි වාර්ෂික ආදායමක් ලබන අයට සියයට 18 ක බද්දක්ද අය කළේය. 

එහෙත් ආණ්ඩුවේ යෝජිත බදු සංශෝධනවලින් මේ තත්ත්වය වෙනස් කර තිබේ. ඒ අනුව බදුවලින් නිදහස් ආදායම් සීමාව වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 30 සිට රුපියල් ලක්‍ෂ 12 දක්වා අඩුකර තිබේ. මෙතෙක් පැවතියේ මාසිකව රුපියල් දෙලක්‍ෂ පනස් දහසට වඩා වැඩි ආදායම් ලබන අය මත බදු පැනවීමකි. එහෙත් මෙවර මාසික ආදායම රුපියල් ලක්‍ෂය ඉක්මවා ආදායම් ලබන අයගෙන් බදු අයකර ගැනීමට යෝජනා කර තිබේ. පවත්නා උද්ධමනකාරී තත්ත්වය හමුවේ භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මුදලේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ද බරපතළ ලෙස පිරිහී ගොසිනි. පසුගිය මාස අටක පමණ කාලයේදී මුදලේ ක්‍රය ශක්තිය සියයට 56කින් පමණ පිරිහී තිබේ. මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 44,000 ක් වැයකර මිලදී ගත් භාණ්ඩ දැන් මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් වැයවන බව එහි අර්ථයයි. මේ වසරේ ජනවාරි පැවැති මිල ගණන් හා සසඳා බලන විට ආණ්ඩුව සත්‍ය වශයෙන් බදු පනවා ඇත්තේ රුපියල් 44000 ක මාසික වියදමක් කිරීමට හැකියාව ඇති පවුල් කාණ්ඩවලින් ඉහළ පවුල් කාණ්ඩ මතය. ආණ්ඩුවේ මෑත කාලීන බදු සංශෝධනවලින් වැඩි බරක් පැටවී ඇත්තේ කාටද යන්න ඒ අනුව වටහා ගන්නට පුළුවන. 

මාසිකව රුපියල් ලක්‍ෂය ඉක්මවා ආදායම් ලබන අයගෙන් බදු අය කිරීම කාණ්ඩ හයකට බෙදා තිබේ. වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 12 ත් ලක්‍ෂ 17 ත් අතර නැතිනම් මාස හයක ආදායම රුපියල් ලක්‍ෂ 6ත් ලක්‍ෂ අටහමාරත් අතර ආදායම් ලබන අයට සියයට 6 ක බද්දක් පනවා තිබේ. වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 17ත් ලක්‍ෂ 22 ත් අතර ආදායම් ලබන අයට පනවා ඇති බද්ද සියයට 12 කි. වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 22 ත් ලක්‍ෂ 27 ත් අතර ආදායම් කාණ්ඩයට සියයට 18 ක බද්දක් පනවා තිබේ. වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 27 ත් ලක්‍ෂ 32 ත් අතර ආදායම් ලබන අයට පනවා ඇති බද්ද සියයට 24 කි. වාර්ෂික ආදායම රුපියල් ලක්‍ෂ 32 ත් ලක්‍ෂ 37 ත් අතර ආදායම් කාණ්ඩයට  පනවා ඇති බද්ද සියයට 30 කි. මුල් ලක්‍ෂ 12 හැර වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 37 කට වැඩි ආදායම් ලබන අයගෙන් සියයට 36 ක බද්දක් අයකර ගැනීමටද ආණ්ඩුව කටයුතු සම්පාදනය කර තිබේ. මේ සියල්ල පුද්ගලයන් මත පනවා ඇති ආදායම් බදුය. 

මෙයට අමතරව රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කරගනිමින් ඉහළ බදු අනුපාත පැනවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතනවල ලාබය මත පනවා ඇති බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සුවිශේෂී තත්ත්වයකි. ඒ වගේම නිෂ්පාදන ව්‍යාපාර උපයන ලාබය මත අයකළ සියයට 18 ක බද්ද සියයට 30 දක්වාද වැඩිකර තිබේ. අපනයන ව්‍යාපාර ලාබය මත පනවා තිබූ සියයට 14 බද්ද සියයට 30 දක්වා ඉහළ ප්‍රතිශතයකින් වැඩිකිරීමද විශේෂයෙන් අවධානයට ලක්වන්නකි. මත්පැන්, දුම්කොළ, ඔට්ටු, සූදු වැනි ව්‍යාපාර මත සියයට 40 ක බද්දක් අය කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රාග්ධන ලාබ මත පනවනු ලබන බද්ද සියයට10 සිට සියයට 30 දක්වා වැඩි කිරීමක්ද දැකගත හැකිය. ඒ වගේම තොරතුරු තාක්‍ෂණ සේවා සපයන ආයතනවලට ලබාදී ඇති බදු නිදහස 2023 අප්‍රේල් 01 වැනිදා සිට ඉවත් කිරීමටද ආණ්ඩුව යෝජනා කර තිබේ.

යම් ආයතනයක ස්ථීර සේවකයන් නොවන අයෙක් එම ආයතනයේ ඉගැන්වීම, දේශන පැවැත්වීම, විභාග අධීක්‍ෂණය යනාදියට සහභාගී වී මාසයකට රුපියල් ලක්‍ෂයක ආදායමක් උපයන්නේ නම් එයින් සියයට 5ක රඳවා තබා ගැනීමේ බද්දක් යෝජනා වී තිබේ. වෛද්‍යවරු, නීතිඥයන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරු, මෘදුකාංග සංවර්ධන නිලාධාරීන්, පර් යේෂකයන් යනාදී අය යම් ආයතනයකට සේවා සැපයීමේදී උපයන මාසික ආදායම රුපියල් ලක්‍ෂයකට වැඩි නම් එයින්ද සියයට පහක් රඳවා තබා ගැනීමේ බද්දක් හැටියට අයකර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

මේ සමස්ත ක්‍රියාවලිය දෙස බලන විට පැහැදිලිවන කාරණා කීපයකි. මේ බදු සංශෝධනයෙන් බලපෑම් එල්ලකරන ප්‍රධාන අංශ දෙකකි. පාරිභෝගික අංශය නැතිනම් රටේ සාමාන්‍ය ජනතාව එයින් එකකි. ව්‍යාපාරික ප්‍රජාව අනෙක් අංශයයි. රටක බදු ක්‍රමය සංශෝධනයේදී ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකළ යුතුය. එසේ නොමැතිව විවිධ බදු ප්‍රතිශත තීරණය කිරීමට දෛවඥයකුට කළ නොහැකිය.

නිසි විශ්ලේෂණයකින් පසු බදු සංශෝධනයක් විය යුතුය. එහෙත් මේ අවස්ථාව්දී ආණ්ඩුව එවන් ක්‍රියාවලියක නිරතවූ බවක් පෙනෙන්නට නැත. ලංකාවේ බදු ව්‍යුහයේ ලොකු වෙනසක් කළ යුතු බව 2017 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටි බව අපි දනිමු. එම කාලය වන විට ලංකාවේ ඍජු බදුවල දායකත්වය සියයට 20 ක් සහ වක්‍ර බදුවල දායකත්වය සියයට 80 ක්ව තිබුණි. ඍජු බදු සියයට 40 දක්වා වැඩිකර වක්‍ර බදු සියයට 60 දක්වා අඩුකළ යුතු බව මූල්‍ය අරමුදල එදා යෝජනා කළේය.

2022 වසරට රජයේ අයවැය ඇස්තමේන්තු අනුව ඍජු බදු දායකත්වය සියයට 30 කි. වක්‍ර බදු දායකත්වය සියයට 70 දක්වා සාපේක්‍ෂ පහළ යාමක් දැකගත හැකිය. මෙවැනි පසුබිමක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව මෙම බදු සංශෝධන හුදෙක් එකී අරමුදලේ අවශ්‍යතා මතම සිදුවූවක්දැයි පැහැදිලි නැත. රටක බදු ක්‍රමය සංශෝධනය විධිමත් අධ්‍යයනයකින් තොරව සිදුවූවොත් ඇතිවිය හැකි අතුරු ප්‍රතිවිපාක රාශියක් තිබෙන බවද අමතක නොකළ යුතුය. 

රටක් දියුණුවන විට සිදුවන්නේ එරට ජනතාවගේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යාමය. ඍජු බදු වශයෙන් අයකර ගැනීම සිදුවන්නේ එසේ ඉහළ යන ආදායමෙන් කොටසකි. එයින් අපේක්‍ෂා කරනු ලබන්නේ ඉහළ යන ආදායමෙන් කොටසක් රජයට ලබාගෙන එය පහළ ආදායම් ලාභී පවුල්වල සුබසාධනයට යෙදවීමය. ඒ වගේම බදු ගෙවන ඉහළ ආදායම් ලාභීන් වෙනුවෙන් සේවා සැපයීමටද රජය වගබලා ගනී. ලෝකයේ සිදුවන ක්‍රියාවලිය එයයි.

රටක ප්‍රවාහන පද්ධතිය විධිමත්ව කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වේ නම්, සාධාරණ මිල ගණන් පවතී නම් ඉහළ බදු අනුපාතයක් අය කිරීමේ කිසිඳු වැරැද්දක් නැත. ඉහළ බදු ගෙවීමකින් තමන්ට ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන බවට ජනතාවට විශ්වාසයක් තිබේනම් බදු ගෙවීමට ජනතාව පැකිලෙන්නේ නැත. එහෙත් ප්‍රධාන යටිතල පහසුකම්වලින් කිසිවක් විධිමත්ව කාර්යක්‍ෂමව ලංකාවේ අපට ලැබෙන්නෙන් නැත. විදුලිය කප්පාදුව තවමත් දිනකට පැය දෙක ඉක්මවා යමින් තිබේ. දුරකතන පාවිච්චි කරන්නේ ඉහළ මිල ගණන් යටතේය.

රජයේ ප්‍රවාහන සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා විධිමත්ව ක්‍රියාත්මක නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. පෞද්ගලික අධ්‍යාපනයට, ටියුෂන්වලට දරුවන් යොමුව සිටින්නේ රජයෙන් ලබාදෙන අධ්‍යාපනය නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසාය. සෞඛ්‍ය සේවාව පිළිබඳ චෝදනා නිරතුරුවම අසන්නට තිබේ. මෙයින් පෙනෙන්නේ ජනතාවට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සැපයීමට රජය අපො​ෙහාසත් බවය. එවැනි අවධියක ඉහළ බදු ප්‍රතිශයක් ගෙවීමට නියම කිරීම සාධාරණ යැයි තර්ක කළ නොහැකිය. 

බදු පැහැර හරින විශාල පිරිසක් මේ රටේ සිටිති. මෙසේ බදු පැහැර හරින්නෝ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ දේශපාලනඥයෝය. මෙසේ ගෙවීම පැහැර හරින බදු නැවත රාජ්‍ය ආදායමට එකතු කර ගැනීමට ආණ්ඩු කිසිදු පියවරක් ගන්නේ නැත. මහා පරිමාණ ව්‍යපාරිකයන්ගේ ණය කපා හැරීම, විවිධ බදු සහන දීම් යනාදිය කෙරෙන වාතාවරණයක සාමාන්‍ය ජනයාගෙන් පමණක් බදු අයකර ගැනීමට යොමුවීම රටකට යෝග්‍ය නැත. 

රටක බදු ගෙවීම ජනතාවගේ වගකීමකි. බදු අය නොකර රටක් පවත්වාගෙන යාමට නොහැක. ජනතාව ගෙවන බදු ලබාගන්නා රජය එහි වාසිය ප්‍රතිලාභ ජනතාවට ලබාදිය යුතුමය. එහෙත් මේවන විට සිදුවන්නේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් බව අපි දනිමු. අවිධිමත් සහ අනවශ්‍ය ලෙස රාජ්‍ය මුදල් භාවිත වන බවට චෝදනා බොහෝය. ඒ ආකාරයට රාජ්‍ය මුදල් භාවිත වන පරිසරයක ජනතාව බදු ගෙවිය යුතුද යන ප්‍රශ්නය පවා මතුවිය හැකිය. මෙවන් අවභාවිතා පිටුදැකීමට ක්‍රියාමාර්ග නොගෙන බදු අනුපාත ඉහළ නැංවීම සාධාරණ යැයි තර්ක කිරීමේ හැකියාවක් නැත. 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, අපයනය කර්මාන්තකරුවන්ට මෙම බදු අයහපත් ආකාරයෙන් බලපෑමට ඇති ඉඩකඩ වැඩිය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ලක්‍ෂ දහයක් පමණ මෙරට සිටිති. මෙයින් 9,35,000 ක් පමණ ඉතා සුළු කර්මාන්තකරුවෝය. කුඩා ව්‍යාපාර 71,000 ක් පමණ මෙරට තිබේ. මේ කාණ්ඩ දෙකේ සේවා නියුක්ත පිරිස ලක්‍ෂ තිහක් පමණය. මෙම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ලාබය මත අයකළ සියයට 14 බද්ද සියයට 30 දක්වා සියයට සීයට වැඩි ප්‍රතිශතයකින් නැංවීමෙන් එම කර්මාන්ත වැසීයාමේ, අඩපණවීමේ අවදානමකට ලක්විය හැකිය. ඒ වගේම මේ ව්‍යාපාරික කටයුතු අවිධිමත් ආකාරයෙන් කිරීමට යොමුවන්නටද පුළුළුන.

අප සිටින්නේ ඩොලර් අවශ්‍ය යුගකය. එනිසා හැකිතරම් විය යුත්තේ අපනයන දිරිමත් කිරීමය. ආනයන මත බදු පනවා යම් යම් දේ කිරීමේ වරදක් නැත. එහෙත් අපනයන මත අය කෙරෙන බදු අනුපාත හැකි තරම් පහත හෙළිය යුතුය. එවැන්නක අරමුණ වන්නේ අපනයන හරහා හැකිතරම් රටට ඩොලර් ගෙන ඒමය. එහෙත් මේ බදු සංශෝධනයේදී අපනයන මත තිබූ බදු සියයට 30 දක්වා ඉහළ නංවා තිබේ. මෙවන් බදු අනුපාත හරහා අපනයන අධෛර්යවත් විය හැකිය. ඒවගේම උන්ඩියල්, හවාලා ආදී අවිධිමත් ක්‍රම හරහා අපනයන ගනුදෙනු සිදුවන වාතාවරණයක් වුව ඇති වන්නට පුළුවන. එනිසා මේ බදු සංශෝධන මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවක්ද රටේ අවශ්‍යතාවක්ද යන්න සම්බන්ධව ඇත්තේ ගැටලුවකි.

මෙරට බදු ක්‍රමය සංශෝධනය විය යුතු බව සැබෑවකි. වක්‍ර බදු අඩුකර ඍජු බදු ක්‍රමයෙන් වැඩි කළ යුතුය. එහෙත් ජනතාවගේ ආදායම් කඩා වැටෙන පසුබිමක වක්‍ර බදුත් ඍජු බදුත් වැඩිකර තිබේ. මේ වනවිටත් ලංකාවේ සාමාන්‍ය පවුලක් රුපියල් 28000 ක පමණ වක්‍ර බදු මුදලක් ගෙවමින් සිටි. එවන් යුගයක ඉහළ ඍජු බදු පැනවීමකින් ජනතාව දෙපැත්තෙන්ම මිරිකෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඍජු බදු වැඩිකරන්නේ නම් සාපේක්‍ෂව වක්‍ර බදු යම් ආකාරයකට අඩුකර භාණ්ඩ හා සේවා මිල ගණන් පහත හෙළීමෙන් ජනතාවට සහනයක් ලැබේ. එය මේ වෙලාවේ සිතා බැලිය යුතුව තිබූ කරුණකි. මෙරට ක්‍රියාත්මක බොහෝ ප්‍රතිසංස්කරණ මෙරට වුවමනාව අනුව කෙරෙන ඒවා නොවේ. විදෙස් ආයතන කියන නිසා ඒවායෙන් ගැලවීමට කෙරෙන ඒවාය. ඒ ආකාරයට සහ විවිධ පුද්ගලයන්ගේ හිතුමනාපයට කෙරෙන ප්‍රතිසංස්කරණවලින් රටට අවාසියක් විය හැකිය.

දරිද්‍රතාව ඉහළ යමින් තිබේ. එම පිරිසට පමණක් නොව මැදි ආදායම් ලබන පිරිසට පවා මේ බදු දරා ගැනීම අපහසුය. උගත් බුද්ධිමත්, දක්‍ෂතා සපිරි පිරිස මෙවන් පද්ධතියක් ඇතිවිට රට හැරයාම පවා සිදුවිය හැකිය. බදු අයකර ඒ හරහා ජනතාවට සේවා සපයන්නේ නම් ප්‍රශ්නයක් නැත. එසේ නොවන තැනක ඉහළ බදු අයකිරීමෙන් ජනතාවට වන්නේ අවාසියකි. මේ බදු සංශෝධන සිදුවූයේ රටේ අවශ්‍යතාව සහ සුදුසු වෙලාවක නොවන බවද කිව යුතුය.

සටහන - චමින්ද මුණසිංහ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල



අදහස් (4)

නැංවූ බදුවල නොපෙනෙන පැත්තක්

මහජනයා Monday, 17 October 2022 12:22 PM

දැනටමත් දක්ෂ බුද්ධිමත් වුර්තීයවෙදීන් රට හැර යාම ආරම්භ කර ඇත. තවද මෙම ස්තර වලට ඇතුලත්වීමට අපේක්ෂිත උපාධිදාරීන්ද , උසස්පෙළ ඉහලින් සමත් සිසුන්ද රට හැර යාම පළමු අභිලාශය කරගෙන ඇත. මේ බව නොදැක්කා, නොදැනුනා ලෙස බලධාරීන් තවදුරටත් අනුවණ තීරණ ගෙන ප්‍රශ්නය අවුල් කිරීම කණගාටුවට කරුණකි. මෙම ආර්ථික අර්බුධය විසදීමට වුර්තීයවෙදීන් හා ස්තර වලට ඇතුලත්වන සිසුන් රටේ රදවා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ බව වැටහේවා !!!

:       0       6

wicky Monday, 17 October 2022 03:36 PM

රටක් පවත්වාගෙන යාමට බදු අවශ්‍යත්, බදු මුදල් වලින් 225ක් නඩත්තු කරන අතර, ඔවුන් සුර සැප විඳිමින් කිසිම බද්දකට යටත් නොවි සැප ලබයි. ඒ අතරම, පුද්ගලික ආයතන වල, බහුතරයක් කැප වීම, මහන්සිය මත යම් වැටුපක් ලබන අතට, ඔවුන්ට කිසිම සහනයක් නැත. අර බදු, මේ බදු, අඩුම වශයෙන් බැංකුවකින් ණයක් ගැනීමෙදී වුවද කිසිම සරණක් නැත.. නමුත් රජයේ සියලු පාඩු, මොවුන් හරහා අයකර ගැනීමට මෙලෙස බදු අසීමිත ලෙස වැඩිකර ඇත. අවම වශයෙන්, මනුස්සයෙකුට වෙලාවට සේවා ස්ථානයට යාමට පොදු ප්‍රවාහන සේවයක් වත් නැත.. එනිසා මිලදී ගන්න වාහනයෙන්ද ඉතා අධික බද්දක් අය කර්නා අතර, ඒ මනුස්සයා තෙල් වලටද අධික බදු මුදලක් ගෙවනු ලැබේ. මීට අමතරව, එකී ආයතන වල සේවය අගය කිරීම ආදී වශයෙන් ගෙවනු ලබන ගෙවීමද බදුවලට යටත් කිරීම නිසා, මහන්සියට ලැබෙන යම් ප්‍රතිලාභයක්ද වැඩක් නැති වෙමින් පවතියි. නිකමට කල්පනා කරන්න... ඇමැතිලාට ලැබෙන සියලු ප්‍රතිලාභ මහන්සි වී වැඩ කරන මිනිස්සු විසින් ගෙවනු ලබන අතර, බදු වැඩි කිරීම ඔවුන්ට හොඳයි. නමුත් සිදු වන්නේ, රටේ සිටින, යමක් කමක් කිරීමට හැකි බුද්ධිමත් පිරිසක් රටින් පිටයෑමත් මේ තොරතුරු තාක්ෂණික ආයතනවලට ඩොලර් ගෙනඒමට ලොකු බලපැමක්....

:       0       8

Latha Tuesday, 18 October 2022 01:51 PM

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව ඉහළ බදුවලින් වහන්නයි හදන්නේ. මෙය සිදු නොවනු ඇත. ඔවුන් කළ යුත්තේ රජයේ වියදම් අඩු කිරීමයි. සමස්ත රාජ්‍ය වියදම්වලින් 50%ක් අනවශ්‍ය වියදම් වන අතර ඉතිරි කර ගත හැක. එහිදී අයවැය හිඟය අඩු කළ හැකි අතර සෘජු හා වක්‍ර බදු ද අඩු කළ හැකිය. මෙම ඉහළ මට්ටමේ පුද්ගල සහ ආයතනික බදු හේතුවෙන් රටට හොඳ සේවාවක් දිය හැකි උගත් තරුණ තරුණියන් අත්හැර දමා අපනයන ව්‍යාපාර ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ල වැසී යාමේ ප්‍රතිඵලයක් වනු ඇත. මේවායින් පවතින ප්‍රශ්න උග්‍ර වන අතර රට සියලු ආකාරයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනු ඇත.

:       0       2

malaka Friday, 21 October 2022 08:57 AM

ඉතාම අවිදිමත් ක්‍රමවේදයක්. කරුණාකර ජනතාව මේ අවස්ථාවේ පීඩාවට පත් නොකර සිටීම ඉතා වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1481 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 9346 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 486 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 864 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 904 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 466 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site