ඓතිහාසික ජනපතිවරණයක් සහ ඓතිහාසික ජයග්‍රහණයක්.. එහෙත්, එය එසේ ඓතිහාසික වන්නේ ඇයි?
රටේ පැවැත්වූ අනෙකුත් ජනාධිපතිවරණ වලින් එය කැපී පෙනෙන ලෙස වෙනස් වන්නේ කාරණා කීපයක් හේතු කොට ගෙනය. පළමුවැන්න නම්, එහි දක්නට ලැබෙන ජාතික සහභාගිත්වයයි. ඇත්ත වශයෙන්ම කිවහොත්, සැබෑ ජාතික මැතිවරණයකින් ජයගත් ප්‍රථම ජනපතිවරයා වශයෙන් මෛත්‍රීට ආඩම්බර විය හැකිය.උතුර - නැගෙනහිර- බටහිර- දකුණ එකම ඡන්ද කොට්ඨාසයක් මෙන් මැතිවරණයට සහභාගිවීම එයටම අනන්‍ය වූ ලක්ෂණයක් විය. බොහෝ විට, පශ්චාත් යුදමය ශ්‍රී ලංකාවේ, ජාතික ගැටලුව නිරාකරණය පිළිබඳ පළමු ඉඟිය මෙය විය හැකිය.
“1982 න් පසු පළමුවරට උතුරේ දෙමළ ජනතාව නිදහසේ ඡන්දය භාවිත කරනවා” යි ජනමාධ්‍යවේදී පරමේස්වරන් මා හා බ්‍රහස්පතින්දා පැවසුවේ, උතුරේ ඡන්දය භාවිත වන ආකාරය පිළිබඳව මා ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ය. රට හැමතැනම ඡන්දය භාවිතාකිරීම නිදහස් හා සාධාරණ ලෙස සිදු වූ බව සත්‍යයක් නමුත් උතුර හා නැගෙනහිර මෙහිදී වඩාත් වැදගත් වන්නේ පසුගිය දශක තුන මුළුල්ලේ ම එහි සිදු වූයේ වෙනස් කතාවක් බැවිනි..
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලැබුණු ඡන්ද බෙදී ගොස් තිබූ ආකාරයේ පැහැදිලි බව පිළිබඳ විවාදයක් නැත. සිංහල බෞද්ධ ස්ථාවරයේ මහින්ද ඉදිරියෙන් සිටි අතර, මෛත්‍රී සුළුතර ජාතීන්ගේ මෙන්ම බහුතර ජාතියේ ද විශ්වාසය දිනා තිබිණි. එහෙත්, මෛත්‍රී ජයග්‍රහණය කළේ සුළුතරයේ ඡන්ද වලින් යැයි කෙනෙකුට පහසුවෙන් කිව හැකිය
එය සාධාරණ නමුත් ඉන් අදහස් වන්නේ කුමක්ද? සුළුතර ජාතීන් අති විශාල සංඛ්‍යා වලින් මහින්දට වඩා මෛත්‍රී තෝරා තිබිණි. මේ සංසිද්ධියට හේතු කවරේදැයි සෙවීමට පශ්චාත් විභාග අවශ්‍ය නොවන්නේ ඒ මොනවාදැයි යන්න උවමනාවටත් වඩා පැහැදිලි හෙයිනි. එබැවින්, ජනතාවගේ මෙම තීන්දුව මත පදනම් ව අනාගතය දෙස බලමු.
ඕනෑම ඡන්ද විමසීමක්, ජනතා අභිලාෂයන්ගේ පිළිබිඹුවක් ලෙස විග්‍රහ කළ හැකි අතර, මේ බ්‍රහස්පතින්දා සිදු වූ තෝරා ගැනීම අරභයා එය වඩාත් ප්‍රබල වේ. මේ වතාවේ ඡන්දය භාවිත වුණු විලාශය පිටුපස වූ බලාපොරොත්තු මොනවාද?
ජාති ආගම් ආදී බේද නොසළකා ගත් බහුතරයකට ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණ වලින් තොර බව ආදී බලාපොරොත්තු බොහෝ විය. එහෙත් සුළු ජාතීන් සමහරකට විශේෂ අපේක්ෂාවන් වෙතියි මම හඟිමි. පශ්චාත්-යුදමය ප්‍රදේශවල දෙමළ ජනතාවට එය ප්‍රධානකොටම නිදහස වනු ඇත. ඔවුන්ට කතා කිරීමේ නිදහස, එක් රැස් වීමේ නිදහස, සැරි සැරීමේ නිදහස මෙන්ම සමහර විට සිතීමේ නිදහස ද , අවශ්‍යව තිබිණි. ප්‍රධානකොටම, රැඩිකල්කරණය වීමේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට, මෙය තව දුරටත් අවධානය යොමු කළ යුතු කරුණක් වන නමුත්, උතුරේ ජනතාව නියත ලෙසින් ම, එල් ටී ටී ඊ ග්‍රහණයෙන් මෙන් ම හමුදාමය අධිකාරිත්වයෙන් මිදීම සඳහා දෙවියන් යදිමින් සිටින්නට ඇත. නමුත්, කුමක් සඳහාවත්, මේ දිනවල දේශපාලන වේදිකාවල නිතර ඇසුණු උතුරෙන් හමුදා ඉවත් කර ගැනීම ආදී තර්ක විතර්ක මින් කිසිසේත් අදහස් නොකෙරේ.
මුස්ලිම් ජාතිකයන්ට ඔවුන්ගේම බලාපොරොත්තු විය. ඒ අතර ප්‍රධානම වූයේ, ඔවුන්ගේ ආරක්ෂාව හා සම්බන්ධ අනන්‍යතා ගැටලුව විසඳීමයි. රාජ්‍ය අනුග්‍රහය යටතේ සිංහල බෞද්ධ අන්තවාදී කොටස් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවට තර්ජනයක් එල්ල කොට තිබේ. එබැවින්, මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ආරක්ෂාව හා ගරුත්වය, තවත් ප්‍රබල සිංහල-බෞද්ධ නායකයකු වන මෛත්‍රී යටතේ වන නව රජයකින් අපේක්ෂා කරති.
සත්‍ය වශයෙන්ම, පශ්චාත් යුදමය ශ්‍රී ලංකාව, තමාගේම වන බහුවිධතාව තවම හඳුනාගෙන නැති අතර, ඒ බව ඡන්දය පැවැත්වීමේ පරිපාටියේ දී පැහැදිලිව දක්නට ලැබිණි. මෛත්‍රී කඳවුරට මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ගේ ආගමනය මහින්ද කඳවුරේ අයට අනුව රට බෙදීමක් වූ අතර, එය රටේ සුළුජාතිකයන්ගේ රටවැසිභාවය පිළිබඳ බලවත් අවතක්සේරුවකි.
“මට පෙනෙන අයුරින්, ජාති භේදයකින් තොරව අප සියල්ලන්ටම එක් අරමුණක් ඇත- ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමත්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවන පරිදි මූලික මානව අයිතිවාසිකම් සුරැකීමත් ය” යැයි ඉමිතියාස් බාකිර් මාකර් මා හා කීවේය.
මේ සියල්ල හැර, ඉහළ අගයකින් සිදුවූ ඡන්ද ප්‍රකාශ කිරීම හඟවන්නේ ජනතාව නව රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ය. මෛත්‍රී- රනිල් කඳවුර, සිය හවුල්කාර සගයන්ගේ විවිධාකාර දේශපාලන න්‍යායපත්‍ර නිසි සේ කළමනාකරණය කරමින් ජනතාවගේ මේ දැඩි අපේක්ෂා ඉටු කළයුතු වීම ඔවුන් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය වනු ඇත. පොරොන්දු වූ පරිදි ඒවා ඉටුකළ නොහැකිනම් ඔවුන්ගේ ජනප්‍රියතාව මහින්දගේ ජනප්‍රියතාව හීන වූවාටත් වැඩි වේගයකින් හීන වී යනු ඇත. එසේ වූ විට ඔවුන්ට බලය කරා ළඟා වීමට අත හිත දුන් අයම, ඔවුන්ට විරුද්ධව ප්‍රථමයෙන් කොකා ගස්සන අය වනු ඇත. මහින්දට වූයේ එයයි; එබැවින් නාටකය රඟ දැක්වීමට පෙර ම, මෛත්‍රී-රනිල් මේ කටුක සත්‍යයේ පාඩම උගත යුතු වේ.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව රජය බලාපොරොත්තු දල්වයි?
අජිත් Tuesday, 20 January 2015 01:35 PM
අද උතුරේ සිංහල අයට පදිංචි වෙන්න දෙනවද? සිංහල අපි ගැන කතාකරන්න කිසිම දේශපාලකයෙක් ඉදිරිපත්වෙන්නේ නැහැ (නි)