IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දින අත්සන් කළ අතර, අපත් ඇතුළු තෝරා ගැණුනු රටවල් 60 ට වැඩි සංඛ්‍යාවකට “ප්‍රතිචාරක බදු” (Reciprocal Tariff) අය කිරීම් අප්‍රේල් 09 වන දින සිට විශාල වශයෙන් ඉහළ දැම්මේය. දෙදිනකට පසු ඔහු “ප්‍රතිචාරක බදු” අය කිරීම දින 90 ට තාවකාලිකව අත්හිටු වීය. එහෙත් සමහර රටවල් තනි තනිව තමන්ගේ තීරු බදු ඉහළ දැමීමට පියවර ගත්තේය.

තම තීන්දුව සාධාරණය කරමින් ජනාධිපති ට්‍රම්ප් කියුවේ, මෙම ගාස්තු ඉහළ දැමීමට හේතු වූයේ දසක ගණනාවක් ඇමෙරිකාවට එරෙහිව ක්‍රියාත්මක වූ අසාධාරණ වෙළඳ පිළිවෙත් කෙරෙහි බවය.

 

චීනයට දක්වන විශේෂය

මෙම ගාස්තු වැඩි කිරීමත් සමග ඇමෙරිකාවට ආනයනය කෙරෙන චීන භාණ්ඩ සඳහා සියයට 50 ට වැඩි ගාස්තුවක් අය කෙරෙන්නේය. චීන වාණිජ අමාත්‍යාංශය එසැණින් වොෂිංටනයෙන් ඉල්ලා සිටියේ එම ගාස්තු ඉහළ දැමීම වහා අත්හිටවන ලෙසය. එවැනි ගාස්තු ඉහළ දැමීම් ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර යැයිද, එය ඇමෙරිකානු අපේක්ෂාවලට සහ ජාත්‍යන්තර සැපයුම් දාමයට අයහපත් යැයිද ඔවුහු කීහ. වෙළෙඳ යුද්ධයක ජයග්‍රාහකයන් නොසිටින්නේ යැයිද, ආරක්ෂණවාදී වෙළෙඳාමකින් ලැබිය හැකි වාසි නැතැයිද චීන බලධාරීහු කීහ.

මෙතෙක් කල් ඇමෙරිකාවට ආනයනය කෙරුණු ඩොලර් 800 ට නොවැඩි පාර්සල් සඳහා වූ “නිදහස් ආනයන” සහනය, ජනාධිපති ට්‍රම්ප් විසින් මැයි 02 වන දින සිට අහෝසි කරනු ලැබ ඇත. ඇමෙරිකාවට එන භාණ්ඩ පාර්සල් අතුරෙන් සියයට 90 ක් පමණ එන්නේ බදු රහිත එම ආනයන පෝලිමේ ය. ඉන් සියයට 60 ක් පමණ චීන භාණ්ඩ ය. බදු රහිත මේ ආනයනයෙන් වැඩියෙන්ම වාසි ලැබූයේ චීනයේ නිෂ්පාදනය කෙරෙන විලාසිතා භාණ්ඩ ඇමෙරිකාවට ආනයනය කරන “ෂෙයින්” සහ “ටෙමු” යන සමාගම් ය. 

ඇමෙරිකාවට චීනයෙන් ආනයනය කෙරෙන තෝරා ගත් චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගේ වෙළෙඳ ගාස්තු සියයට 245 ක් දක්වා ඉහළ දැමීම සඳහා චීනයේ ප්‍රතිචාරය වූයේ, ඇමෙරිකානු ආනයන සඳහා සියයට 125 ක් දක්වා ගාස්තු වැඩි කිරීමකි. ඉන්පසු ඔවුන් ට්‍රම්ප්ගේ තීරු බදු වැඩි කිරීම හැඳින්වූයේ අර්ථයක් නැති ඉලක්කම් ක්‍රීඩාවක් ලෙසය. ඇමෙරිකාව තව දුරටත් ගාස්තු වැඩි කළහොත් එය මහා විහිළුවක් වන බවත් එවැනි වැඩි කිරීම් චීනය නොසළකා හරින බවත් ඔවුහු පැවසූහ.

ට්‍රම්ප් ගේ තීරු බදු වැඩි කිරීම් නිෂ්පාදිත භාණ්ඩවලට සීමා කෙරෙන නමුත් චීනය තෝරාගෙන ඇත්තේ වෙනත් ප්‍රතිචාරයකි. චීනය ඇමෙරිකානු සේවා සැපයුම් සීමා කිරීම සඳහා පියවර ගැනීමට යොමුවන බවක් පෙනෙන්නට ඇත. “නොමුරා” ආයතනයේ වාර්තා අනුව, ඉකුත් දසකය තුළ චීනය ලබාගත් ඇමෙරිකානු සේවා 2024 වනවිට දස ගුණයකින් වැඩි වී ඇත. ඇමෙරිකාව විශාල අතිරික්තයක් තබා ගත් සංචාරක, නීති, මූල්‍ය හා උපදේශන සේවා සඳහා චීනය සීමා කොන්දේසි පැනවීමේ නැඹුරුවක් දැන් දකින්නට ඇත. ඇමෙරිකානු චිත්‍රපට ආනයනය කිරීම සීමා කරන බව චීනය පසුගිය සතියේ ප්‍රකාශ කළේය. එවගේම, ඇමෙරිකාවේ සංචාරයට සහ අධ්‍යාපනයට නොයන මෙන් ඔවුහු චීන පුරවැසියන්ට කීහ. ඇමෙරිකානු විනෝද කර්මාන්තයට, සංචාරක ව්‍යාපාරයට හා අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් කිරීමක් ඔවුහු ඉන් අපේක්ෂා කරති. චීන විශ්ලේෂණ මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ ජිං කියාන්ට අනුව, එහි ඩොලර බලපෑම අඩු විය හැකි නමුත් ඉන් ඇමෙරිකානු ප්‍රතිරූපයට කෙරෙන හෑල්ලු‍ව සුළුපටු නොවේ.

 

සාම්ප්‍රදායික ලෝකයේ “වෙළෙඳ යුද්ධය”

ඇමෙරිකාව හා චීනය අතර කෙරෙන මේ “වෙළෙඳ යුද්ධය”, ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය සාමාජිකත්වය දරණ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සියලු‍ නීති, කොන්දේසි සහ එකඟතා “අමු අමුවේ” බිඳ දැමීමකි. එහෙත් මෙහිදී වැදගත්වන කාරණාව වන්නේ බලවත් ධනවත් රටවල් ඇතුළු 200 ට වැඩි සාමාජික රටවල් ජනාධිපති ට්‍රම්ප් මුල පිරූ ඇමෙරිකානු තීන්දුවට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානය වහා කැඳවා විසඳුම් සාකච්ඡා කිරීමට පියවර නොගත්තේ මන්ද යන්න ය.

මෙය කතා කිරීමට අප දෙවැනි ලෝක යුද්ධය අවසානයෙහි ජාත්‍යන්තර සබඳතා ආයතනගත කිරීමේ මැදිහත්වීම් දෙස නැවත බැලිය යුතුය. මේ පෘථිවියේ කොතැනකවත් නැවත යුද්ධ ඇති නොවන “ලෝක සාමය” වෙනුවෙන් 1945 දී රටවල් 52 ක් අත්සන් කළ, “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය” පදනම්ව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය ස්ථාපිත කෙරුණි. ඊට පෙර, දෙවැනි ලෝක යුද්ධය අවසාන වූ වහාම වාගේ ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බලවත් රටවල් ගණනාවක් 1943 වන විට සාකච්ඡා ආරම්භ කළහ. 1944 අත්සන් කළ “බ්‍රෙට්න්වුඩ් ගිවිසුම” සහ “මාෂල් සැලැස්ම” ඒ සාකච්ඡාවල ප්‍රතිපල ය.

ඒ කිසිවකින් ආවරණය නොවුනු ක්ෂේත්‍රයක් වූයේ ලෝක වෙළෙඳාමය. ඇමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් අතර ලෝක වෙළඳාම සම්බන්ධ සාකච්ඡා ආරම්භ වූයේ 1944 දී ය. 1945 නොවැම්බරයේ දී ඇමෙරිකාව ලෝක වෙළෙඳාම හා රැකියා සම්බන්ධ ඔවුන්ගේ සැළසුම ප්‍රකාශයට පත් කළ පසු, ඒ සම්බන්ධ සාකච්ඡා යුරෝපා නගර කිහිපයක දිග හැරුණි. ඒවායේ ප්‍රධාන අරමුණ වූයේ 1930 දී ඇතිවූ ලෝක අවපාතය හමුවේ, බොහෝ රටවල් තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කළ සම්බාධක හා ඉහළ තීරු හා රේගු බදු පැනවීම, ආනයන සීමා කිරීම් වැනි පියවර ලිහිල් කෙරෙන, ලෝක වෙළෙඳාමට ව්‍යාප්ත විය හැකි නිදහස් වටපිටාවක් හැදීම ය. අවසානයේ 1947 රටවල් 23 ක් විසින් අත්සන් කෙරුණු බහු පාර්ශවීය එකඟතා ගිවිසුම “වෙළඳ හා තීරුබදු සඳහාවන පොදු ගිවිසුම” (General Agreement on Trade & Tariff - GATT) ලෙස 1948 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වූයේ සම්මුතිවාදී බහු පාර්ශවීය කේන්ද්‍රයක් වශයෙනි.  

ගෝලීය වෙළෙඳපළෙහි යෝධ ව්‍යාපාර ඔවුන්ගේ ලාභ වෙනුවෙන් දේශ සීමා හරහා ආයෝජන හා නිෂ්පාදන කර්මාන්ත රැගෙන යෑමේ ආර්ථික නිදහස, බොහෝ දියුණු වන්නාවූ රටවල සංවර්ධනයට අහිතකර වූවත් ගෝලීය වෙළෙඳපළ වඩ වඩා නිදහස් කර ගැනීම ආර්ථික විද්‍යාඥයන්ගේ විශේෂඥ මතවාදය විය. එහෙයින් 80 දසකය වන විට ව්‍යාපාරික යෝධ මාෆියා ජාතික ආර්ථික මෙහෙය වන්නට තරම් එඩිතර විය. එවැනි පසුබිමක ලෝක ආර්ථිකය හසුරුවා ගැනීමට GATT ප්‍රමාණවත් නොවීය. එනිසා 90 දසකය ආරම්භ වූයේ ලෝක වෙළෙඳාම නියාමනය කිරීම වෙනුවෙන් අලු‍ත් ව්‍යුහයක අවශ්‍යතාව ගැන ඇතිවූ සාකච්ඡා සමගින් ය. 

එම සාකච්ඡා කෙළවර “ලෝක වෙළෙඳ සංවිධානය” (WTO) 1995 ජනවාරි 01 වන දින සිට බලාත්මක කෙරුණේ ආරම්භක සාමාජිකයන් 130 ට වැඩි සංඛ්‍යාවක් සමග ය. අපද එහි එක් ආරම්භක සාමාජික රටකි. එතැන් සිට එය අහෝසි විය. සැබෑව නම්, “ලෝක වෙළෙඳ  සංවිධානය” (WTO) දියුණු ආයතනගත සංවිධානයක් ලෙස GATT සඳහා ආදේශකයක් වූ බවය. එය 150 ට වැඩි සාමාජික පිරිසක් බැඳී සිටින්නාවූ ජාත්‍යන්තර වෙළෙඳ  නීති හා ගිවිසුම් සමූහයක් කළමනාකරණය කරන්නාවූ ආයතනයකි. එහි වැදගත්ම කාර්ය ලෙස සැළකෙන්නේ, GATT මගින් සංවේදී යැයි ආරක්ෂා කෙරුණු අංශ, නිදහස් කිරීම ය. විවිධ ගිවිසුම් මගින් සීමා පනවා තිබූ රෙදි හා ඇඟළුම් අපනයනය නැවත නිදහස් කිරීම ය.  

අවුරුදු 30 ක කාලයක් ගෝලීය ආර්ථිකයෙහි නීති රීති සම්පාදනයත්, පැමිණිලි පිරික්සීමත්, වෙළඳ ගිවිසුම් සාකච්ඡා කිරීමේ සභාවක් ලෙසත් දියුණුවන රටවලට සහාය වීමත් සිය වගකීම් ලෙස බාරගෙන තිබූ ලෝක වෙළඳ සංවිධානයද දැන් සිය ඓතිහාසික කාර්යයේ අවසානයට පැමිණ ඇති බව, ජනාධිපති ට්‍රම්ප් ගේ තීරු බදු ඉහළ දැමීමේ තීන්දුවෙන් සහ චීනය ඊට දක්වන ප්‍රතිචාර මගින් කියන්නකි. ලෝක වෙළෙඳ සංවිධානය මෙතෙක් පවත්වා ගත් තීරු බදු සම්බන්ධ සියලු‍ නීති, ප්‍රමිතීන්, එකඟතා, එක රැයින් ඇමෙරිකානු පාලනය විසින් අත හැර දමනු ලැබුවත් සාමාජික රටවල් ට්‍රම්ප් තීන්දුවට එරෙහිව තනි තනිව ප්‍රතිචාර දක්වනවා මිස, ලෝක වෙළෙඳ සංවිධානය වෙත නොයෑමට මූලික හේතුවක් ඇත. පසුගිය දසකයකට වැඩි කාලයේ චීනයද ලෝක වෙළඳ සංවිධානයේ කොන්දේසි ගිවිසුම්වලට පිටතින් ඔවුන්ගේ සේවා හා භාණ්ඩ වෙළෙඳාම් වෙනුවෙන් ආර්ථික කේන්ද්‍ර හා සැපයුම් දාම අලු‍තින් තහවුරු කර ගැනීම, ලෝක වෙළෙඳ සංවිධානය සතු වූ අධිකාරී බලය හෑල්ලු‍ කරන්නට හේතු වීමය.

එවැනි ශක්තියක් චීනයට ලැබුණේ ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ හා යෝධ රාජ්‍යයෙහි ශක්තිය මතම නොවේ. ඇමෙරිකානු විදේශ ණය පියවීම සම්බන්ධයෙන් ඔවුන් සතු පංගුව හේතුවෙනි. මේ වසරේ පෙබරවාරි අවසන් වන විට ඇමෙරිකාවේ විදේශ ණය ප්‍රමාණයේ එකතුව වූයේ ඩොලර ට්‍රිලියන 34.64 කි. ඇමෙරිකානු මහ භාණ්ඩාගාරයේ බැඳුම්කර මිලට ගත් ප්‍රධානම රටවල් 05 න් දෙවැන්නා වන්නේ චීනය ය. මේ වසර පෙබරවාරි අවසානයේ ඔවුන් සතු වූ ඇමෙරිකානු මහ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ඩොලර බිලියන 784.3 කි.

එවැනි ලෝකයක, මෙය හුදෙක් තීරු බදු ඉහළ දැමීම හා බැඳුණු අර්බුදයක්ම නොවේ. මෙය ඊට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශීය ආර්ථික ගෝලීය වෙළෙඳපළෙහි රඳවා තබා ගැනීමට, ට්‍රම්ප් පාලනය සමග සාකච්ඡා කිරීමෙන් විසඳුම් ලැබිය හැකි අර්බදුයක්ද නොවේ. අප තේරුම් ගත යුත්තේ, ගෝලීය ආර්ථිකය නැවත අර්බුදයකට හසුව ඇත්තේ අලු‍ත් ආර්ථික සමීකරණයකට හසු වීමෙන් බව ය. ගෝලීය ආර්ථිකයෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියුණු බටහිර ලෝකයෙන් ආසියාවේ නැගෙනහිරට මාරුවීමේ සංක්‍රාන්ති සමයක අප දැන් ඉන්නා බව ය. අලු‍ත් ලෝක පද්ධතියක් හදා ගැනීමේ අලු‍ත් අත්දැකීම් ලබන්නට අපි දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව තල්ලු‍ වන්නෙමු. එබැවින් පැරැණි නිදහස් ලෝක වෙළෙඳපළ යථාර්ථය වෙනුවෙන් මේ අර්බුදය සඳහා විසඳුම් සෙවීමේ අරුතක් නැතැයි මම කියමි. අප ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අලු‍ත් සමාජ-ආර්ථික ආකෘතියක් සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි යෝජනා කරමි.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

නව ලොවට නව සංවර්ධන ආකෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 165 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 31 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 59 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 144 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 849 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site